Monday, June 28, 2021

පියවරුන්ගේ දිනය හා පීතෲත්වය


තවත් පියවරුන්ගේ දිනයකට පසු තබන සටහනක්.  අන්තර්ජාතික දින වල අපටනම් ඒ හැටි ගතයුත්තක් නැත්තේ ඒ සියල්ල් යුදෙවු චින්තන ආකෘතිය තුල කලක් තිස්සේ ඉදිරියට ඇදෙන සොබාදහමේ යහ ගුණයන්ට හා දියුණු මිනිස් ලක්ෂණ වලට පිටින් යන ක්‍රියාකාරක්ම් පද්ධතියක් තුල සිටිමින් වසරක්ට එක් දිනක් ඒ යහගුනයන් හා ලක්ෂණ සිහිපත් කර පසුදින අමතක කිරීමේ අනර්ථකාරී බව නිසා. පියවරුන්ගේ දිනය ගැන වර්තමානයේ ඒ ටික වත් කීමට හැකි දැයි ප්‍රශ්නයක් මතු වන්නේ එදිනටවත් පීතෲත්වය නිසි ලෙස ඇගයීමට ලක් වෙනවාද යන්න සැක සහිත බැවින්. පීතෲත්වය යනු සොබාදහමට අනුකූල ලෙස වැඩි දියුණු වී ඉදිරියට පැමිණ තිබෙන දියුණු මිනිස් ලක්ෂණයක්. එය එසේ වන්නේ ඇයි? සත්ව ලෝකය තුලත් පීතෲත්වය යන්න සමහර තැන් වල දැකගත හැකි වුවත් මනුස්සයන් තරමට සංකීර්ණ සාධක සත්ව ලෝකය තුල දකින්නට නැත. 

                       

 පීතෲත්වය කවර අවශ්‍යතාවයක් අනුව වැඩිදියුණු වී ඇත්ද යන්න සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මනුස්සයාගේ ලිංගිකත්වය, ප්‍රජනනය හා ඒ වටා බැඳුනු මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජීය සාධක් පදනමට ගෙනය. සත්ව ලෝකය පොදුවේ ගත් කළ බොහොමයක් සතුන්ට ප්‍රජනන කාලයක් තිබෙන අතර ඊට අදාල ලිංගික ක්‍රියාවලිය පාලනය කරන හෝමෝන වෙනස් වීම් හඳුනාගැනීමට සතුන්ට ඉව ප්‍රයෝජනවත් වෙයි. සත්ව ලෝකය තුල බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්‍රජනන ක්‍රියාවලියේදී ගැහැනු සත්වයා පැටවුන් බිහි කර ඔවුන් පරිසරයට ඔරොත්තු දෙන මට්ටමට වැඩෙන තෙක් පෝෂණය කිරීමයි. මනුස්සයන්ගේ ලිංගිකත්වය හා ප්‍රජනන ක්‍රියාවලිය එවැනි සරල එකක් නොවන්නේ ඇයි?
                                       

මිනිසුන්ට නිශ්චිත ප්‍රජනන කාල නැති අතර සත්ව ලෝකය තුල සතුන්ට මෙන් ප්‍රභල ඉන්ද්‍රිය සංවේදනයන් හා ප්‍රභල ඉවක් ද නැත. ඊට සමාන්තර ලෙස මනුස්සයන්ගේ අනෙකුත් සියළු ක්‍රියා සම්බන්ධව මෙන්ම ලිංගිකත්වය සම්බන්ධයෙන්ද මනෝවිද්‍යාත්මක සාධක වඩා සංකීර්ණ වී ඇත. ප්‍රජනන ක්‍රියාවලියකදී මනුස්සයන්ද ඇතුළුව ඒකලිංගික සත්ව කොට්ඨාශ වල ප්‍රජනන බීජ එකතු වීමේ යාන්ත්‍රණය එක් පසෙකින් ක්‍රියාත්මක විය යුතුය. ප්‍රභල ඉවක් නොමැති පසුබිමක මනුස්ස වර්ගයා තුල ඊට අදාල ලිංගික අන්තර් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ස්ත්‍රී පුරුෂ වශයෙන් අනෙකුත් කායික විද්‍යාත්මක සාධක මෙන්ම මනෝවිද්‍යාත්මක සාධකද එකිනෙක ගැලපීම සිදු විය යුතුයි.
                        

මනුස්සයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රවේණි විද්‍යාත්මක කායික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක යන තුන් ආකරයටම විභේදනය වන අතර සුවිශේෂි මිනිස් ලක්ෂණයක් ලෙස මනෝවිද්‍යාත්මක විභේදයනය කැපී පෙනෙයි. මනුස්සයන් සම්බන්ධයෙන් වරක් ප්‍රජනන ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසු ස්ත්‍රිය විසින් බිහි කරන දරුවන් හැදී වැඩීමේදීද මිනිස් ලිංගිකත්වය සම්බන්ධ මනෝවිද්‍යාත්මක සාධකය ඉතා වැදගත්. එහිදී සත්ව ලෝකයේ අනෙකුත් සාමාන්‍ය සංසිද්ධි මෙන් ස්ත්‍රිය විසින් පුරුෂයාගේ සහයක් නැතිව දරුවන් පරිසරයට ඔරොත්තු දෙන මට්ටමට හදා වඩා පරිසරයට මුදා හැරීම මිනිසුන්ගේ පැවැත්මට බලපාන විවිධ පැතිවල සමබරතා සමතුලිතතා අනුව බැලීමේදී සාර්ථක ලක්ෂණයක් නොවෙයි. විශේෂයෙන් මිනිස් ලිංගිකත්වයට අදාල මනෝවිද්‍යාත්මක සාධකයට අනුව එය ඉතා පැහැදිලියි. සත්ව ලෝකය තුල නම් පැටවුන් පරිසරයට මුදාහැරීමේ සරල ක්‍රියාවලිය ප්‍රමාණවත් වුවද මනුස්සයන් සම්බන්ධයෙන් සැලකීමේදී දරුවන් පරිසරයට විවුර්ත කිරීම මෙන්ම සමාජගත කිරීමද වැදගත් වන්නේ මිනිසුන් විසින් ස්වභාවික පරිසරයෙන් තම පැවැත්මට අවශ්‍ය දේ සපුරාගැනීමට අමතරව සංස්කෘතික පරිසරයක්ද නිර්මාණය කරන බැවින්.  ගැහැනු දරුවන් මවගේ අධීක්ෂණය යටතේ පමණක් හැදී වැඩීම යම් මට්ටමකින් සාර්ථක වුවත් ( ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයද සැලකිල්ලට ගත් විට ) පිරිමි දරුවන් එලෙස මවගේ අධීක්ෂණය යටතේ පමණක් හැදී වැඩීම මිනිසුන් සම්බන්ධයෙන් කොහෙත්ම සාර්ථක දෙයක් නොවෙයි. 
                                                 

 මනුස්සයන්ගේ ප්‍රජනනය හා ලිංගිකත්වය සැලකීමේදී ප්‍රජනන බීජ එකතු කිරීමේ ක්‍රියාවලියට සත්ව ලෝකයේ වෙනත් තැන් වල දක්නට ලැබෙන ආකාරයට ප්‍රජනන කාල හඳුනා ගැනීම හා ඒ සඳහා ඉව දායක වීම ආදිය සිදු නොවන අතර ඒ වෙනුවට මිනිසුන්ගේ ස්ත්‍රී පුරුෂ වශයෙන් විභේදනය වන සංකීර්ණ මනෝවිද්‍යාත්මක සාධකය තුල විරුද්ධ ලිංගික ආකර්ශනය හා ප්‍රජනනයට අවශ්‍ය ලිංගික ක්‍රියාවලිය සිදු වේ. පුරුෂ මනෝවිද්‍යාත්මක විහේදනය සම්පූර්ණ වීමටත් විරුද්ධ ලිංගිකත්වය හඳුනාගැනීමේ ස්ංවේදීතා නිවැරදිව පිහිටීමටත් මනුස්සයන් සම්බන්ධයෙන් පිරිමි දරුවන් පවුල තුල පියාගේ අධීක්ෂණය යටතේ හැදී වැඩී සමබර පුරුෂයන් ලෙස පරිසරයට විවෘතව සමාජගත වීම අත්‍යවශ්‍ය සාධකයක්. පුරුෂ ලිංගිකත්වයෙහි ස්වභාවය මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සැලකිල්ලට ගත් කල කිසිදු පුරුෂයෙකු ස්වකීය පියවරුන්ගෙන් පූර්ණ ස්වායක්ත නොවෙයි. එලෙසම කිසිදු පුරුෂයෙකු කවර හෝ සංස්කෘතික පරිසරයක මිනිස් සමාජය තුලදී අනෙකුත් පුරුෂයන්ගෙන් පූර්ණ ස්වායක්ත නැත. මනෝවිද්‍යාත්මක වශයෙන් ගත් කළ පිරිමි දරුවන්ද පවුල තුල පියවරුන් අනුගමනය කිරීමටත් සමාජය තුල ප්‍රභල පෞරුෂයක් හා ප්‍රතිරූපයක් ඇති පිරිමි චරිත අනුගමනය කිරීමටත් වැඩි නැඹුරුවක් ඇති බව ඉතා පැහැදිලියි. ලෝක ස්වභාවය අනුවද එය තහවරු වී ඇත. සමබර පුරුෂයෙකු මිනිස් සමාජයට දායක වීමට මේ ක්‍රියාවලිය අනිවාර්ය දෙයක්. ඒ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ පීතෲත්වය යනු මිනිස් වර්ගයාට අවශ්‍ය පිරිමි මිනිස් ජීවියා අකණ්ඩව  බිහි කිරීමට සොබාදහමෙන් වැඩිදියුණු වී ඉදිරියට පැමිණ තිබෙන දියුණු මිනිස් ලක්ෂණයක් බවයි.
                             

 මේ පෙනෙන්නට තිබෙන කරුනු ටික කීමට කිසිදු උපාධියක් හෝ විශේෂඥ්ඥ දැනුමක් අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ සංවේදනයන් සහිත ඉන්ද්‍රිය පද්ධතියක් හා සිතීමට හැකි මොළයක් පමණි. කාටත් පැහැදිලි මේ කරුණු ටික විශේෂයෙන් කීමට සිදුවන හේතුවක්ද තිබේ. එයනම් යුදෙවු චින්තන ධාරාවත් බටහිර නූතනත්වයත් තුල වර්තමානයේ ලොව පුරාවට ඔඩු දුවා ඇති මිනිස් කුහකත්වයන් හා ඒ තුල ගොඩනැගී ඇති වංචනික ගුණධර්ම පෙර කී දේකෙනෙකුගේ මනසට ගෝචර වීමට  බාධා පැමිණවීමයි. ඒ කරුනු කාරනා කොපමණ සත්‍ය වුවත් පිළිගැනීමට වර්තමානයේ බොහෝ දෙනා මැලිකමක් දක්වන්නේ මේ හේතුවෙන්. මේ වන විට බටහිරනම් එම කරුනු නොපිළිගැනීමෙන්ද ඔබ්බට ගොස් සමාජීය කුහකත්වයන් ඔස්සේ උවමනාවෙන්ම මිනිස් ලිංගිකත්වය ව්‍යාකූල කරගනිමින් ඇත. ස්ත්‍රීත්වයට වඩා ලිංගික බහුරූපිකත්වයක් අවශ්‍ය බටහිර කාන්තාවාදය කුහක පිරිමින් විසින්ම ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ සමලිංගිකත්වය හා ඒවටා ඇති අනෙකුත් සියළු ව්‍යාකූල චර්යාවන් අනුමත කර පෝෂණය කරන අතරමයි. අවසන් වශයෙන් කිව යුත්තක් තිබේ. ඒ පියවරුන්ගේ දිනය වසරකට වරක් සමරා නිහඬව සිටීමට වඩා මෙකී කරුණු ටික තේරුම් ගැනීමට අවශ්‍ය විචාරය අප තුලින්ම ඇති කරගත යුතුව තිබෙන බවයි. ඒ සඳහා සමාජීය කුහකත්වයන් මෙන්ම ඒ තුලින් ගොඩනැගෙන වංචනික ගුණධර්ම ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය චිත්ත ධෛර්ය ඇති කර ගත යුතු වේ. එසේ නොවන තාක් පියවරුන්ගේ දිනයද තවත් එක් දිනයක් පමණක් වනු ඇත.

No comments:

Post a Comment