Wednesday, June 9, 2021

කොවිඩ්මර්ධනයේ මුල් අවධිය, දැන් තත්වය හා ඉදිරිය.


මෙරට කොරෝනා වසංගතය, ඊට පාදක වන කොවිඩ් 19 වෛරසය ආදිය ගැන කතාබහක් ඇතිවන්නේත් මුල් ආසාදිතයන් හමු වන්නේත් පසුගිය වසරේ එනම් 2020 මුල් කාලයේ. වන විට පැවති ජනාධිපතිවරණයෙන් බලය තිබූ පාර්ශවයේ අපේක්ෂකයා පරාජය වී ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපතිවරයා ලෙස පත් වී තිබීමත් විශේෂත්වයක්.  අනෙක් විශේෂ කාරනය වන්නේ ව්න විට පාර්ලිමෙන්තු මහ මැතිවරණයද නොපවත්වා තිබීමයි. කෙසේ නමුත් කොවිඩ් ආක්රමණය හඳුනා ගැනීමත් සමග ජනාධිපතිවරයා ප්රශ්නය හඳුනාගෙන නිසි කලට සිදු වියයුතු සියල්ල කිරීමට පියවර ගනු ලැබුවේ ප්රශ්නය විසඳා ගැනීම සඳහා හොඳ සූදානමක් ඇතිව ඊට අවතීර්න වීමෙන්. සෞඛ් අංශයට පමණක් සියළු වගකීම පවරා නොසිට යුධ හමුදාව ප්රමුඛ සියළු ආරක්ෂක අංශ වලටත් පොලීසියටත්  වැඩපිළිවෙලවල් වල සංවිධාන කටයුතු පැවරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඉතා හොඳ තීන්දුවක්. හැකි ඉක්මනින් නිරෝධායන මධ්යස්ථාන ඉදිවීම හා සෞඛ් අංශ විසින් තහවරු කරන ලද ආසාදිත පුද්ගලයන් ඉක්මනින් නිරෝධායන මධ්යස්ථාන වලට යොමු කිරීම වසංගත රෝග ව්යාප්තිය ඉතා හොඳින් පාලනය කර ගැනීමේ ප්රධානම සාධකය විය. එකල කොවිඩ් ආසාදිතයින් හමු වූ සැනින් අදාල ප්රදේශ විෂබීජ හරනයට ලක් කිරීම කැපී පෙනුනි. ඊට අමතරව දක්නට තිබුණු වැදගත්ම දෙය නම් මුල් අවධියේ බටහිර වෛද් ප්රතිකාර වලට අමතරව පාරම්පරික සිංහල වෙදකමේ ප්රතිශක්තිකරනය වැඩි කරන ක්රමවේදයන් මෙන්ම දුම් හට්ටිය ඇල්ලීම වැනි විෂබීජ හරන ක්රමද තැනට සුදුසු ලෙස යොදා ගැනීමයි. මේ සියළු කාර්යන් සඳහා සෞඛ් අංශ හා ආරක්ෂක අංශ වලට මහජන සහයද උපරිම ලෙස ලැබී තිබුණි.

                


මුල් අවධියේ සෞඛ් ඇමතිනිය විසින් කළ කාර්යභාරයද ප්රශංසනීය මෙන්ම අමතක කළ නොහැක්කක්. පර්ලිමෙන්තු මැතිවරණය පවත්වා නව රජය නිල වශයෙන්ම ස්ථාපිත වූ පසුත් පෙර පරිදිම කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ අතර මුල් අවස්ථාවේ කොවිඩ් රැල්ල ඉතා සාර්ථකව මුලුමනින්ම වාගේ සෞඛ් අංශ වල පාලනයට නතුව තිබුණි. ඉන් අනතුරුව කොවිඩ් මාරයා නැවත රටටම තර්ජනයක් ලෙස හිස ඔසවන්නේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා පෑලියගොඩ ධීවර වෙළඳ මධ්යස්ථානය ආශ්රිතව මතුවූ පොකුරු වලින්.  එතැන් පසුවට සිදු වුනේ කුමක්ද? ප්රශ්නය නගන්නට සිදුවන්නේ කොවිඩ් මර්ධනයේ දැන් තත්වය තරමක් භයානක අතට හැරී ඇති නිසා. දැන් ආසාදිතයන් රට පුරා ඉහල අගයකින් දිනපතා හමු වන අතර මරණ සංඛ්යාවද වැඩි වී ඇත. අතර කොවිඩ් වෛරසයේ ඉන්දියාව ආක්රමණය කර තිබෙන භයානක ප්රභේදය ලංකාව තුලත් හමු වී ඇති බව කියැවුනි. ඉන් පෙර කියවුනේ එංගලන්තය තුල ව්යාප්ත වුනු විකුර්ති ප්රභේදයක්ද මෙරටින් වාර්තා වී තිබුනු බවයි. කෙසේ වෙතත් කොවිඩ් තත්වය තරමක් බැරෑරුම් වී ඇති මේ මොහොතේ එන්නත් ගෙන්වාගැනීම හා එන්නත්කරණය යුහුසුලුව සිදු වෙමින් පවතී. පිළිබඳව සෞඛ් අංශ වලටත් විශේෂයෙන් චන්න ජයසුමන මහතාටත් අප ස්තූතිවන්ත විය යුතුයි. කටයුතු එසේ සිදු වුවත් අප අවධානයට ලක් විය යුතු තවත් කරුණු කීපයක් තිබේ. කොවිඩ් මර්ධනය මුල් අවධියේ තිබූ කිරියාකාරී හා කාර්යක්ෂම බවත් කොවිඩ් මර්ධනයේදී දක්නට ලැබූ ඇතැම් අංගත් එකළ තරම් දැන් දක්නට නොලැබීම හා ජනතාව අතර වගකීමෙන් තොරව ක්රියා කිරීම තරමක් වැඩි වීමයි. තත්වය වඩා උග් අතට හැරුනේ මෙවර සිංහල අළුත් අවුරුද්දෙන් පසුවයි.

                         


දැන්නම් කොවිඩ් ආසාදිතයිත් දිනකට 2500 - 3500 අතර ගනන් වලින් හමුවෙන තත්වයකුයි තිබෙන්නේ. එතැනට අප ඇද වැටී ඇත්තේ රජයේ වරදක්ට වඩා ජනයාගේම නොසැලකිල්ලෙන්. අවුරුදු කාලය තුල සංචරන සීමා පැනවීමට උනන්දු නොවීම රජය පැත්තෙන් අතපසු වීමක් වුවත් හේතුවෙන් වගකීමක් නැතිව හැසිරීම මහජනතාවගේ දුර්වල කමක්. කෙසේ නමුත් මේ වන විට ආසාදිතයින් මහා පරිමාණයෙන් හමු වෙද්දී මීට පෙර මුල් කාලයේ ඉතා සුළුවෙන් ආසාදිතයින් හමු වන විට සෞඛ් ආරක්ෂාව වෙනුවෙන් කළ කී බොහෝ දේ අයුරින් සිදු නොවීමත් කතා කළ යුතු දෙයක්. එක් පැත්තකින් මේ වන විට එන්නත් ලබා දීම යුහුසුලුව සිදු වෙමින් පවතියි. එහෙත් එය එසේ වූ පමණින් අනෙ ක්රියාමාර්ග අකාර්යක්ෂම නොවිය යුතුයි. මුල් කාලයේ නම් ආසාදිතයින් හඳුනාගත් වහාම අදාල ප්රදේශ විෂබීජ හරනය කිරීම ඉක්මනින් මෙන්ම දැඩි උනන්දුවකින් සිදු වූවක්. එහෙත් මේ වන විට රට පුරා බොහෝ ප්රදේශ වල ආසාදිතයින් බහුලව හමුවන තත්වයක් තිබියදී එම ප්රදේශ වල විෂබීජ හරනය එතරම් සාර්ථකව සිදුවන බවක් පෙනෙන්නට නැත. ඇතැම් ප්රදේශ වල එය සිදු වන්නේම නැත. මේ කටයුත්ත වසංගත රෝග පාලනයේදී කිසිසේත් නොවැදගත් කටයුත්තක් නොවේ. මීට පෙර නම් පාරම්පරික සිංහල වෙදකම ආශ්රිත ක්රියාකාරකම් වලටද කොවිඩ් මර්ධන ක්රියාවලියේ යම් තැනක් තුබුණි. විශේෂයෙන් දුම් හට්ටිය ඇල්ලීම වැනි දේ සිදු විය. ඉඟුරු කොත්තමල්ලි වැනි ප්රතිශක්තිකරනය වර්ධනය කරන පාරම්පරික අත් බෙහෙත් ප්රතිකාර කෙරෙහිද ජනතා උනන්දුව වැඩි වී තිබුණි. දුම් හට්ටිය ගැන නම් දැන් අහන්නත් නැහැ. සිංහල වෙදකමේ ප්රතිකර්ම ගැන මින් පෙර ගොඩනැගී තිබුනු උනන්දුවත් දැන් දියාරු වී ගොස් ඇති බවක් පෙනේ. මුලදී දැඩි සත්කාර ඒකක වලට අවශ් ඇඳන් ඇතුළු වෙනත් වෛද් උපකරණ රට තුල නිපදවා ගැනීම ගැන උනන්දුවක් ඇති වී තිබුණත් සියල්ල දැන් දියාරු වී ඇති සෙයක්ද පෙනේ.

                    


මේ කාරනා සසඳා බැලිය යුත්තේ මූලිකව මෙරට දේශපාලන වටපිටාව සමගයි හැරුනු විට සමාජ තත්වයන් ගැන යම් තාක් සැලකිය යුතුය. සියළු වැඩ කටයුතු පාර්ලිමෙන්තු මැතිවරණයට කලින් ඉතා සාර්ථකව සිදු වීමත් මැතිවරණයෙන් පසුව කෙටි කලක් මුල් වැඩපිළිවෙලවල් සාර්ථකව ඉදිරියට ගොස් පසුව ටිකෙන් ටික කඩා වැටීම විමසිලිමත්ව බැලුවොත් කාටත් දැකගන්නට පුළුවන්. මුල් කාලයේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විෂබීජ නාශක ද්රව් නිෂ්පාදනය කර දීමට හැකි බවක්ද කියවුනා, නමුත් දැන් එවැන්නක් ක්රියාත්මක වන බවක් නොපෙනේ. විෂබීජ නාශක දියර වෙළඳාම නම් ඊට වඩා වේගයෙන් සිදුවන බවක් දැකිය හැක. දැඩි සත්කාර ඒකක වලට අවශ් ඇඳන් රට තුල හදා ගැනීමට එදා තිබූ උනන්දුව අද ඇති බවක් පෙනෙන්නට නැත. ඇඳන් ඇතුළුව මෙරට නිෂ්පාදනය කර ගත හැකිව තිබූ උපකරණ නැවතත් පිට රටින් ගෙන්වන අදහසක් වත් දේශපාලකයින්ට පහල වූවාදැයි සැක සිතේ. දුම් හට්ටිය ඇල්ලීම වැනි පාරම්පරික දැනුම මත් පදනම් වන විෂබීජ නසන ක්රමත් සෙම් රෝග සඳහා ප්රතිකර්ම ලෙස යොදාගත් පාරම්පරික ඖෂධ හා ප්රතිකාර ක්රමත් යට ගියේ ප්රතිකාර වලට ඉඩ දීම බටහිර වෛධ් විද්යාවට මදිකමක් නිසාවත් ? මේවා සාධාරන ලෙස අප කාටත් නැගෙන ප්රශ්න වෙයි. කොවිඩ් ආසාධිත මළ සිරුරු සුරක්ෂිතව ආදාහනය කිරීමේ පිළිවෙල වෙනස් වී භූමදානයට ඉඩ ලබා දුන්නේත් දේශපාලන හේතු මත බව බොහෝ දෙනාගේ වැටහීමයි. භූමදානය ගැටළුවක් නොවේ කියා ලෝක සෞඛ් සංවිධානය කීවත් මේ රට තුල රෝග ව්යාප්තිය පාලනය කිරීම අරභයා ගත යුතු වඩා හොඳම කටයුත්ත කුමක්දැයි තීරනය කළ යුත්තේ සෞඛ් බලධාරීන්. එහෙත් මෙරට මුස්ලිම් ආන්තවාදී දේශපාලකයින් අවුස්සාගෙන මහා පටලැවිල්ලක් ඇති කරගත් පසු ඔවුන්ගේ අවශ්යතාවය මත භූමධානයට අවසර ලබා ද්දෙන්නට සෞඛ් බලධාරීන්ට දේශපාලන හේතු බලපාන්නට ඇතිය යන්න කාගේත් සැකයයි. මුල්කාලයේ වසංගතය හමුවේ මහ ජනයා පරිස්සම් වූ ආකාරය ජනයා තුලින්ම ගිලිහී යන්නට පටන්ගත්තේ ආර්ථික යුද්ධයත් සමගය.

                               


කොවිඩ් තත්වය ඉදිරියේදී තවත් භයානක නොවීමටනම් රජයට සෞඛ් අංශ වලට හා ආරක්ෂක අංශ වලට පමණක් නොව මහජනයාටත් සිහිකල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්නට සිදුවන බව ඉතා පැහැදිලියි. සියළු දෙනාට කොවිඩ් මාරයා සමග පොර බදන්නට සිදු වී තිබෙන්නේ තවත් ස්වභාවික ආපදා සමග මෙන්ම නැවු ගිනිගන්නා වාටපිටාවකයි. පළමුව අපට විචාරයක් තිබිය යුත්තේ ජාතිකත්ව ප්රවාහයෙන් පිට සිටින විජාතික ගැති දේශපාලන කණ්ඩායම් අවස්ථාවාදීව මේ තත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට කරන සටකපටකම් හා මහජනයා නොමග යවන අසත් ප්රචාර නිවැරදිව හඳුනා ගැනීමටය. නිරෝධායනය, එන්නත්කරනය ඇතුලු සෞඛ් සේව සියල මේ මොහොතේ නිරවුල්ව මෙන්ම කාර්යක්ෂමව කරගෙන යෑමට රජය උපරිම ලෙස කටයුතු කළයුතුයි. සංචරන සීමා පනවන කාලය තුල අත්යවශ් සේවා හා භාණ්ඩ ජනතාව වෙත ලබා දීම කාර්යක්ෂම කිරීම මෙන්ම එදිනෙදා දවසේ වියදම් සොයාගන්නා පිරිසත් සුළු ව්යාපාරිකයිනුත් වෙනුවෙන් යම් සහනයක් ලබා දීම ගැනද රජය සිතා බැලිය යුතුයි. එහිදී අකාර්යක්ෂම වැඩ බැරි රජයේ නිලධාරීන් මහත් කරදරයක් විය හැක. එමෙන්ම අවස්ථාවාදී කපටි ව්යාපාරිකයින්ගේ කූඨ වැඩ කටයුතු එලි බහින්නටද ඉඩ තිබේ. මේ සියල්ලෙන් වාසිය අත් වන්නේ විජාතික ගැති විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලටයි. එබැවින් තීරනාත්මක අවස්ථා වල ජනාධිපති තුමා මැදිහත් වී හෝ අත්යවශ් වැඩ කටයුතු අයුරින් කරගෙන යෑම සඳහා මුලදී මෙන් ආරක්ෂක අංශ වල සහය ලබා ගත යුතුය. අතරතුර කොවිඩ් වසංගත පාලනයට මෙරට පාරම්පරික සිංහල වෙදකමෙන් උපරිම ප්රයෝජනයක් ලබා ගැනීමටද කටයුතු කළ යුතුය. එහිදී බටහිර වෛද්යවරුන් ඊට සහය ලබා දීම විනා කඹ ඇදීම නොකළ යුතුයි. අමාත් සිසිර ජයකොඩි මහතා බාධක මැද හෝ මේ ගැන කරන කැප කිරීම ප්රශංසනීය එකක්. කොවිඩ් වසංගතය මධ්යයේ වුවත් ජාතික හා විජාතික ගැටුම අමතක කර වැඩ නොකළ යුතුයි. එසේ කර විජාතික බලවේග වලට වාසි සැපයීම නොකර වසංගතය පාලනය කරගන්නා අතරතුරම අනෙක් පසින් ශක්තිමත් ජාතික ආර්ථිකයක් ඇති කරගැනීමේ ඉලක්කයද සපුරා ගත යුතුය. කටයුත්ත පමණක් නොව සෑම අතින්ම ජාතික මතවාද ශක්තිමත් කිරීමටද දැන් මහඟු අවස්ථාවක් උදා වී ඇත.

No comments:

Post a Comment