Sunday, March 7, 2021

මෙවර කාන්තා දිනය හා බටහිර ස්ත්‍රීවාදී අපේක්ෂා


සෑම වසරකම කාන්තා දිනය කවර ආකාරයකින් සැමරුවද ඒ සියළු සැමරුම් වල මතවාදී පසුබිම බටහිර කාන්තාවාදයයි. එකී මතවාදය ගැන විග්‍රහයක් අප මේ අවස්ථාවේ කිරීමට බලාපොරොත්තු නොවන අතර කෙටියෙන් කීමට උත්සහ කරන්නේ බටහිර ස්ත්‍රීවාදී අරමුණු කරා යෑමට සෑම වසරකම විවිධ සමාජ ගැටළු අවභාවිතා කරමින් කෙරෙන කාන්තාවාදී ක්‍රියාකාරකම් මෙවර තරමක් උත්සන්න වීමට යම් ඉඩකඩක් තිබීම ගැන කරුණු ස්වල්පයක්. මෙවර තවත් එක් විශේෂත්වයක් වන්නේ පත් වූ නව රජය යටතේ හමුවන ප්‍රථම කාන්තා 08/03/2021 දිනට එළඹීමයි. සාමන්‍ය වශයෙන් කාන්තා දිනයක් ආසන්නයේ බටහිර ස්ත්‍රීවාදීන්ට මෙන්ම ඔවුන්ගේ NGO කල්ලි වලට තලු මරමින් කන්නට කුණු ගඳ ගසන සමාජ ගැටළු තැනින් තැන මතු වෙයි, ආණ්ඩු පෙරළියකින් පසුවනම් මෙය තවත් හොඳින් දැකගන්නට ලැබෙනු ඇත. මෙවරත් අහඹු සිදුවීම් යැයි සිතිය හැකි සිද්ධි එකක් දෙකක් හැර තවත් සැක උපදවන සිද්ධි බොහොමයක් මේ වන විටත් වාර්තා වී තිබේ. ඒ සිද්ධි ගැන විපරමක් කර බලා විය හැකි දේ ගැන කරුණු ටිකක් මතක් කිරීම වැදගත්.  

                                                               

   කාන්තා දිනයට අහින්සක ප්‍රගතිශීලීන් ලෙස පෙනී ඉන්න බටහිර ස්ත්‍රීවාදී ඒජන්තයන්ට උද්වේගකර ලෙස තලු ගසමින් බෙරිහන් දෙන්නට ඉඩකඩක් සලසන මෑත සිදුවූ ප්‍රකට සිදුවීම වුයේ, නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා ප්‍රථම වරට කාන්තාවක් පත් කිරීම හා එම පත් කිරීමට එරෙහිව මේ වන විට පොලීසිය තුලින්ම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32ක් නීතිමය ක්‍රියා මාර්ගයකට අවතීර්න වී සිටීමයි. මෙය අහම්බයක්ද නැත්නම් ස්ත්‍රීවාදීන්ගේම සැලසුම් කළ නාටකයක්ද යන්න ගැන දැන්ම නුමාන කළ නොහැකියි. කෙසේ වෙතත් කාන්තා දිනයට මේ ගැන විශේෂ යමක් සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවක් පෙනෙයි. සිඩුවන්නේ කුමක්ද යන්න ගැන සිතීමට වන්නේ ඒ අනුවයි. කොරෝනා වසංගතය රට ආක්‍රමණය කළ මුල් කාලයේත් කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව සිදුවූයේ යැයි කියන වෛද්‍ය පස්චාත් උපාධි අපේක්ෂකයෙකු මුදල් කොල්ලකා පලා ගිය සිද්ධියේදීත් මාතර ප්‍රදේශයේ පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ නිලධාරිනියක් අදාල සැකකරු අල්ලාගත් ආදුනික බුද්ධි අංශ නිලධාරීන්ට සහයට පැමිණීම අහම්බයක්මද කියා සැක සහිත බවක් තිබේ. කාන්තා දිනයට මේ සිද්ධි අල්ලා කුමන ක්‍රියාකාරකම් එලිබහීද? ඒ ගැන විචාර බුද්ධිය ඇතිව අවධියෙන් සිටිමු. වත්මන් රජය බලයට පත් වූ පසු මුල් කල මාධ්‍ය වලින් ළමා අපචාර සිද්ධි බොහොමයක් පසුපස හදිස්සියේ හඹා යන ආකාරයක්ද අපට දකින්නට ලැබුණි. නමුත් ආන්දෝලනාත්මක සිද්ධි එතරම්ම සිදු වූ බවක් නොපෙනේ. වත්මන් රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දීම හා පාතාලය මර්ධනය කිරීම තුල එවැනි දේ සැලසුම්සහගතව කරන්නට තිබෙන ඉඩකඩද අඩු වී ඇති බවක් පෙනෙයි.
                  

පිටකොටුව වේල්ල වීදියේ විශාල ගමන් මල්ලක තිබී සොයාගත් හිස නැති කාන්තා මළ සිරුර හා ඊට පසුබිම් වූ බුත්තල උප පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් පෙම් හබය ස්ත්‍රීවාදීන්ට තවත් සිද්ධියක් නිර්මාණය කර දී තිබුණත් එය අහඹු සිද්ධියක් වීමට ඉතා වැඩි ඉඩකඩක් ඇත. කෙසේ නමුත් මිය ගිය කාන්තාවට ලිංගික කටයුත්තක් සිදු වී නැති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වීම හා ඒ ගැන තොරතුරු සමාජයට ගොස් තිබීම හරහා ස්ත්‍රීවාදීන්ගේත් ලිංගික අතවර පුවත් පිපාසයෙන් පෙළෙන දූෂිත ජනමාධ්‍යවලත් බලාපොරොත්තු සුන් වන්නට ඇති බවනම් පැහැදිලියි. මේ වන වීට බේරුවල ප්‍රදේශයෙන් හා නිලාවැලි ප්‍රදේශයෙන් බාල වයස්කාරියන් ලිංගික අපයෝජන වලට ලක් වූ පුවත් වාර්තා වී ඇත. මේ සිද්ධි මීට බොහෝ කලට පෙර සිට සිදු වී ඇත්නම් එකල එම සිදුවීම් අනාවරනය නොවී හිටි අඩියේ නව වසරක මුල හෝ මාර්තු මාසය කිට්ටුව හදිසියේ පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් ගැටළුවක්. දකුණු පලාතෙන් පහුගිය කාලයේ අසන්නට ලැබුණු බාල වයස්කාරියන්  යොදවාගෙන කෙරී තිබුණු ගණිකා ව්‍යාපාර ගැන කියන්නට ඇත්තේත් මේ ටිකමයි. මීට ටික කලකට පෙර වත්මන් රජය බලයට පත් වී තිබියදීම බලංගොඩ ප්‍රදේශයේ හා පොල්ගොල්ල ප්‍රදේශයේ සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධි ද මෙහි දී නොසලකා හරින්නට බැරිය.
                                                     

කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයේදී පර්ලිමෙන්තුව නියෝජනය කාන්තාවන් එකතුව හැසිරුන ආකාරය ගැනද යමක් කිව යුතුයි. ඔවුන් අදාල සිද්ධිය මුල් කරගෙන කථානායකවරයාද ඊට ඈඳා ගනිමින් පාර්ලිමෙන්තු ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙන බවක් පෙනී යයි. එය සාධාරනය කෙසේ වෙතත් බටහිර ස්ත්‍රීවාදයේ ප්‍රධානම අත්තනෝමතික සංකල්පයක් වන පිරිමින් කරන සියල්ල කාන්තාවන්ද කෙසේ හෝ කළ යුතුය හා එය කාන්තාවන්ගේ ජයග්‍රහනයක්ය යන කාරනයටත් එම අත්තනෝමතික මනෝගතියටත් සාපේක්ෂ බව නම් පෙනේ. රජය ජාතිකත්වය පැත්තේ සිටින බව පෙනෙන්නට තිබුණත්, බටහිර කාන්තාවාදය ජාතික මතවාදයක් නොවන බව නම් ඉතා පැහැදිලියි. එහෙත් ඊනියා උගත් බුද්ධිමත් යැයි සම්මත පිරිස හා දූෂිත දේශපාලකයින් මේ මතවාදයේ මතුපිටින් පෙනෙන කාරනා දෙස බලා එය බටහිරටත් වඩා අපේ කරගන්නට යන අමනකමක්ද පෙන්නුම් කෙරෙයි. පොහොට්ටු පක්ෂයේ ජාතික මතවාද ගැනද මේ කාරනය ඉදිරියේ එහි ක්‍රියාකාරීන් හැසිරෙන විදිහෙන් යම් අදහසක් ලබගත හැකි වනු ඇත. කාන්තා මන්ත්‍රීවරියන් අනෙකුත් කුහක දූෂිත දේශපාලකයින්ගේත් සහයෙන් ගන්නා පාර්ලිමෙන්තු ක්‍රියාමාර්ගයක් අවසන් වන්නට ඉඩ තිබෙන්නේ බටහිර මෙන් සමස්ථ පිරිමි ජනගහනයටම බලපාන අත්තනෝමතික අනපනත් ගෙන ඒමෙන් හා අත්තනෝමතික බටහිර කාන්තාවාදය අනුව රාජ්‍ය යාන්ත්‍රණයටම බලපෑම් කිරීමෙන් බව පෙනෙන්නට තිබේ. 
                              

ශ්‍රී ලංකාව රටක් ලෙස එළඹ තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් ආදිය ගැන මෙරට සාමාන්‍ය ජනයා දැනුවත් බවක් කිසිසේත් සිතන්නට නොහැකියි. බටහිර කාන්තාවාදය ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම හා ඊට බාධක ඉවත් කිරීමත් ඩොලර් බිලියන ගනන් වල NGO ව්‍යාපෘති හරහා සිදුවන බව දැන්වත් තේරුම් නොගත්තොත් ඉන්දියාවට සිදුවෙමින් පවතින හා දැනට බටහිර රටවලට සිදු වී ඇති දේ අපේ රටටත් ඒ අයුරින් සිදු වීම වැලැක්විය නොහැක. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගනු ලැබුවේම වෙනත් කිසිවක් නිසා නොව ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර රටේ අනෙකුත් ගැටළු රටට ගැලපෙන ලෙස නිරාකරනය කර ගැනීමටය. එය පොහොට්ටු පක්ෂයේ පමණක් ජයග්‍රහනයක් නොවෙයි. එබැවින් පොහොට්ටු පක්ෂයට ජාතිකත්වය පැත්තේ සිටින බව අඟවමින් රටට නොගැලපෙන බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී චින්තන ආකෘතිය හරහා කඩා පාත් වන බටහිර ස්ත්‍රීවාදය වැනි විජාතික මතවාද අනුව කටයුතු කිරීමට ඉඩක් නොතැබීම වත්මන් රජය බලයට ගෙන ඒමට කටයුතු කළ සියළු ජාතික බලවේග වල සුවිශේෂී වගකීමක් වේ. පොහොට්ටු පක්ෂයේ දේශපාලකයින් වමේ වීරයන් වීමටත් ලිබරල් අච්චාරු මතවාද තම දේශපාලනයට ඈඳා ගැනීමටත් උත්සහ කරන්නේනම් ජාතිකත්වය අනුව යන ජාතික දේශපාලනයක් වෙනුවෙන් අළුත් දක්ෂිණාංශික දේශපාලන බලවේගයක් ගැන නැවත සිතන්නට අප කාටත් සිදු වීම වැලැක්විය නොහැකියි.