බටහිර මතවාදී ආධිපත්‍යයේ රාමුවක් තුල පිහිටා ඇති අපේ අධ්‍යාපනය තුලින් බිහිවෙන බටහිර පරමාදර්ශය කොට ගත් උගතුන්ට මෙරට දෙමළ ඉතිහාසය හා දෙමළ ජාතිවාදයේ විකාශනය පිළිබඳ සත්‍ය වටහා ගැනීමේ හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ එය තේරුම් ගැනීමට අවශ්‍ය මානසික සංවේදීබව අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන මතවාද තුලින් මොට කර තිබීමයි. ඔවුන්ට අනුව අපේ රටේ දෙමළ ජාතිවාදයක් හෝ වෙනත් සුළු ජන වර්ගවාදයක් නැත. මේ අයගේ දැක්මට අනුව ඇත්තේ සිංහල ජාතිවාදයකි. මොවුන් සිංහල ජාතිවාදය ලෙස හඳුනාගන්නේ මෙරට ජාතිකත්වය හා ජාතිකත්ව රාමුව තුල ඇති ජාතික මතවාද අනුව සිංහල බෞද්ධ බහුතරයක් ක්‍රියා කිරීමයි. මේ උගතුන්ට අනුව අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් වූ පසු මේ රටට ආවේනික හා රට රටක් ලෙස ගොඩනැගුවා වූ සිංහල බෞද්ධ බහුතරයගේ ජාතික නායකත්වය රටේ රාජ්‍යත්වයට හා පාලනයට නැවත උරුමකම් කීම, ලෝකය ඉදිරියේ සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය විදහා පෑම අනෙකුත් ජනකොටස් වලට කරන අසාධාරනයකි. එමෙන්ම ඔවුන්ට අනුව එය වැරදිය. ඒ අයුරින් ගත් කළ අධිරාජ්‍යවාදියා රට අත්හැර ගිය පසු ඔහුගේ වහල් සේවකයන්ට අවශ්‍ය ආකාරයට අධිරාජ්‍ය වරප්‍රසාධ තුල සිටිමින් රටේ ජාතික අනන්‍යතාවය යටපත් කිරීමට ඉඩ නොදීම හා රටෙන් පැත්තකට උරුමකම් කියමින් බෙදුම්වාදී මාර්ගයක ගොස් වෙනම රටක් හැදීමට ඉඩ නොදීමත් අධිරාජ්‍යවාදීන්ගේ සේවකයන් විසින් ගොතන ලද ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පයට එරෙහි වීමත් සිංහල ජාතිවාදයයි. මේ ඔවුන් ලද අධ්‍යාපනය හා ඔවුන් අනුගමනය කරන බටහිර ගොන් මතවාද වලින් ඔවුන්ගේ මොළ කුරුවල් කර ඇති ආකාරය මිස වෙනත් දෙයක් නොවේ. ලංකාව තුල ඇත්තේ මේ අනුකාරක උගතුන් කියන ආකාරයේ සිංහල ජාතිවාදයක් නොවේ. ඇත්තෙන්ම තිබෙන්නේ සිංහලයාගේ නිවටකමකි. රටක් ලෙස ලොව ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්රතිපත්තිවත් හරියට ක්‍රියාත්මක කරගත නොහැකිව වසර දහස් ගනනක් තිස්සේ තමන් හා තම ආදි පරම්පරා ගනනාවක් විසින් ගොඩනැගූ රට තුල තමන්ම අසරන වී සිටීම වත්මන් සිංහල බෞද්ධයාට අත් වී තිබෙන සැබෑ ඛේදවාචකයයි.
මෙකී දෙවන හා තුන්වන කඩයිම් පැන ගැනීමට නොහැකි වීම තුල දේශපාලන දූරදර්ශී බව හා විජාතික කුමන්ත්රන සාර්ථක වීමත් සමග අපගේ ජාතික හතුරු කඳවුරට පක්ෂ රජයක් බිහි වීමෙන් දැන් නැවත්ත් රටම විඳවන තත්වයක් උද්ගතව ඇත.මේ තත්වය තුල නැවතත් රාජ්‍ය නොවන තක්කඩි සංවිධානත් බෙදුම්වාදීන්ට පක්ෂ බටහිර රටවල තානාපතිවරුනුත් නැවතත් අපේ රට ගැන තීරන ගන්නා තත්වයක් ඇතිවී තිබේ. එදා කොටි ත්‍රස්තවාදය පරාජය වීමත් සමග යටගිය ඊලාම් බෙදුම්වාදය අළු යට ගිනි පුපුරු මෙන් දැන් නැවතත් එලියට පැමිණ ගිනි ජාලාවක් වීමට තැත් කරයි. එක් පසෙකින් ජාත්‍යන්තරය ලවා අපගේ රනවිරුවන්ට දඬුවම් කරන්නට සැලසුම් කරන අතරම අනෙක් පසින් බෙදුම්වාදී දෙමළ ජාතිවාදී හොරබල්ලා ෆෙඩරලයට ඉව අල්ලමින් ඇත. සටන් කර ලබා ගැනීමට නොහැකි වූ ඊලම ෆෙඩරල් විසඳුමක් හරහා හොර පාරෙන් ලබා ගැනීමට සියළු සැලසුම් දියත් වෙමින් ඇත. අද වනවිට හොරුන් ලෙස ලේබල් ගසා දේශපාලනිකව පලි ගන්නේ එදා කොටි ඊලාම් සිහිනය බොඳ කළ සටනට නිවැරදි නායකත්වය දුන් ජන නායකයන්ගෙන් හා ඔවුන්ට සහය වූ සෙසු දෑහිතකාමීන්ගෙන් පමණි. නැවත වරක් රාජ්‍ය නොවන සංවිධාන වල හොර තක්කඩින්, ඔවුන්ගේ මාධ්‍ය කරුවන් ව්‍යාජ උගතුන් බුද්ධිමතුන් ඇතුළු අවස්ථාවාදී දේශපාළුවන් බෙදුම්වාදී ඊලාම් හොර බල්ලාට ෆෙඩරල් දොල පිදේනිය ලබා දිය යුතු බවට මතයක් ගොඩනගමින් එය රටට ගිල්ලවීමට උත්සහ කරමින් සිටිති.
රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒවායේ ආවතේව කරුවන් ඇතුළු විජාතික බලවේග සමග කෙලින්ම සම්බන්ධ පුද්ගලයන්ගේ මානසිකත්වය අමුතුවෙන් තේරුම් ගන්නට අවශ්‍ය නොවේ. ඒ ඔවුන්ගේ අරමුණු පැහැදිලි බැවිනි. එහෙත් විජාතික අධ්‍යාපනය ඔස්සේ විජාතික මතවාද ගිලගත් මෙරට සිටින සිතන්නට බැරි අනුකාරක උගතුන්ගේ මානසිකත්වය ගැනනම් අප සොයා බැලිය යුතුය. මොවුන්ට අනුව රට බෙදෙන්නට යන්නේත් බෙදුම්වාදී අරගල සිදුවන්නේත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රට පුරා බලෙන් ස්ථාපිත කිරීම නිසාය. මේ අය සිතන ආකාරයට උතුරේ හා නැගෙනහිර වසර 30ක් තිස්සේ ක්‍රියාත්මක වූ සටන සාධාරනය. ඔවුන්ගෙන් සමහරෙක් කොටි ත්රස්තවාදයට එරෙහි වුවත් වැඩිදුරට කියන්නේ කොටියා යුධමය වශයෙන් පරාජය කළද දෙමළ ජනයාට සිංහල ජාතිකත්වය පිළිගැනීමට සිදුවීම අසාධාරන දෙයක් බැවින් ඒ සලකා ඔවුන්ගේ අනන්‍යතාවය අනුව රටෙන් කොටසකට බලය බෙදෙන දේශපාලන විසඳුමකින් බෙදුම්වාදය අවසන් කළ යුතුය. මේ උගතුන් කියන්නේ ඉන් පසුවට ඔවුන් සමග සම්මුති වලට එළඹ රටේ පාලනය ගෙනයා යුතු බවයි. ඔවුන්ට අනුව එවිට සියළු ප්‍රශ්න විසඳේ. මේ ඔවුන්ගේ මොළ කුරුවල් කළ බටහිර මතවාද තුලින් ඇති කර තිබෙන බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයේ තරමයි. මේ ජාතික සමගි මානසික අධි ශික්ෂණය තුලින් ඔවුන්ට හුරු කර තිබෙන්නේ මෙරටට ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය සුළු ජන කොටස් වලට ඉවසිය නොහැකි කරදරයක් යන්න හා ඊට එරෙහිව කෙරෙන අරගල ඔවුන්ගේ සාධාරන අයිතීන් වෙනුවෙන් යන්නත්, සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව සුළු ජන අන්තගාමී කණ්ඩායම් කවර දෙයක් කළත් එයට පක්ෂ වී එහි සාධාරනය දැකීම ජාතික සමගිය යන්නත් ලෙස සැලකීමටය.
මේ පුහු උගතුන්ගේ මනස්ගාත වලට අප තවත් කන් දිය යුතු නොවේ. මොවුන් චන්ද්‍රිකාගේ කාලයේ සිටම ඔය මනස්ගාත දෙඩෙවුවා අපට මතකය. ඔවුන්ට අනුව ඊලාම් බෙදුම්වාදී හොරබල්ලාට ෆෙඩරල් පොල්බෑයෙන් දමා ගැසුවේනම් ප්රශ්නය විසඳෙන්නේ ෆෙඩරලය ඔස්සේ ඊලමට පාර කපා දීමෙනි. එවිටද මේ හිතන්නට බැරි මෝඩ උගත් රැල කියනු ඇත්තේ රටක් බෙදීම වරදක් නොවන බව හා දෙමළ ජනයාගේ සාධාරන අරගලය අනුව එය සිදු වුනා කියායි. මේ උගතුන් කියන ආකාරයට සිංහල භාශාව රාජ්‍ය භාෂාව වීම හෝ මේ සිංහල රටේ ජාතික කොඩිය උතුරේ ලෙළදීම වත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය රටපුරා ස්ථාපිත වීම නිසාවත් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වී නැත. ඇත්තේ අධිරාජ්‍යවාදී වහල් සේවකයා තම ස්වාමියාගේ හයිය ගෙන ලොව අනෙකුත් ඕනෑම රටක් අනුගමනය කරන මූලික රාජ්‍ය ප්රතිපත්තිවත් සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අනුව මෙරට කිසිදු රජයකට ගෙන යෑමට ඉඩ නොදීමේ මහන්තත්ත කමකි. අදටත් මෙයට එකම විසඳුම ඊලාම්වාදියාට දොලපිදේනි දීම නොව දෙමළ නිජභූමි මිථ්‍යාව සමගින් දෙමළ ජාතිවාදය දේශපාලනය තුලත් මතවාදීවම පරදවා කුණු කූඩයට යැවීමයි. ඒ සඳහා කළ හැකි හෑම වැඩ කොටසක්ම කිරීමට බොරු ජාතික සමගි මානසික අධි ශික්ෂණයෙන් මිදීම අත්‍යවශ්‍ය වේ. සිංහල බෞද්ධ ජාතිකත්වය රට පුරා ස්ථාපිත වීම වරදක් නොව වෙනත් රටවල් සමග බැලුවද විය යුත්තකි. එයින් සුළු ජන කොටස් වලට අසාධාරනයක් වන්නේ නැත. මෙරට ජාතිකත්වය හරියට පිළිගෙන ඒ සමග එක්ව එකට ඉදිරි ගමනක් යෑමට
සුළු ජනවර්ග වල යම් පිරිසක් අනිවාර්ය ලෙසම කැමතිය. ඒ කාරනය අමතක කරමින් බෙදුම්වාදීන්ට දොලපිදේනි දීම ප්‍රශ්න විසඳීමක් නොව නැති ප්‍රශ්න ඇති කිරීමකි. මේ රටේ උතුරු හා නැගෙනහිර හැර සෙසු පලාත් වල දෙමළ ජනයාට මෙරට ජාතික අනන්‍යතාවය ගැටළුවක් වී නැත. කළ යුතුව ඇත්තේ රටේ අනෙකුත් ප්‍රදේශ වල සිටින දෙමළ ජනයා ජීවත් වන පිළිවෙලට උතුරේත් නැගෙනහිරත් දෙමළ ජනයාට ජීවත් වීමට හැකි බව පෙන්වීමය. ඊලාම්වාදියාට දොලපිදේනි දීම පැත්තක තබා 13 වන ව්‍යවස්ථා සංශෝධනයද සමගින් පලාත්සභාද අහෝසි කළ යුතුවේ. ඉන්දියාව හෝ බටහිර කියන කියන දේ කිරීමට අප බැඳී සිටිය යුතු නොවේ. බෙදුම්වාදය පරදවා රටේ ජාතිකත්වය සමග එකට සිටින සියළු ජනකොටස් ඒකරාශී කර ගනිමින් අප රටක් ලෙස අළුත් ගමනක් යා යුතුය. එය අපට කළ හැකිය.
විශේෂ ලියුම්කරු