කරුනා අම්මාන් වැඩි දුරටත් කියා තිබෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සියළු යහපත් අංග පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවයි.13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ඉන්දියාව විසින් මෙරට බෙදුම්වාදීන් සැනසීම සඳහා ලක් රජයට බලහත්කාරයෙන් පැටවූ එකක් මිස එහි වෙන අර්ථයක් නැත. එබැවින් එහි කුමන අංගයක් වුවත් යහපත් වන්නේ ලක් රජයේ ජාතිකත්වයට නොව බෙදුම්වාදයටය. අද කරුනා අම්මාන් මේ බෙදුම්වාදයට හිතවත් 13 වන සංශෝධනයේ යහපත් අංග ලෙස බෙදුම්වාදයට හිතවත් යෝජනා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව කියයි.කරුනා අම්මාන් යනු පැරනි එල්ටීටීඊ ක්‍රියාකාරී සමාජිකයෙකි. එනම් ඔහු කලක් ඊලම වෙනුවෙන් ප්රභාකරන්ගේ පිලේ සිට සටන් මෙහෙයවූ අයෙකි. ඔහු 2000 -2001 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් කොටි සංවිධානය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම බල පැවැත්වුනු කාලයේ ප්රභාකරන්ගේ පිලෙන් වෙන් විය. ඔහු වෙන් වූයේ ඔහු වටා සිටි කොටි සාමාජිකයන් කන්ඩායමක්ද සමගයි. කරුනාගේ වෙන් වීමට ඔහු ප්‍රභාකරන්ගෙන් ඈත් වී රනිල් වික්‍රමසිංහ වෙත ලං වී තිබීම හේතුවක් වුවත් රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානයේ අරමුණු වලට පූර්ණ වශයෙන් පිටුපෑ බව හෝ ඔහු අප රටේ සිංහල බෞද්ධ ජාතිකත්වයට පක්ෂපාතී කෙනෙක් බවත් එයින් ගම්‍ය නොවේ. කෙසේ නමුත් කරුනා අම්මාන් ප්‍රභාකරන්ගෙන් වෙන් වී යෑම කොටි සංවිධානය ලද එක්තරා පරාජයක් විය.
2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපතිවරයා ලෙස පත් විය. ඒ වන විටත් කරුනා අම්මාන් ඇතුළු පිරිස ප්රභාකරන් කණ්ඩායමට එරෙහි වූවා මිස බෙදුම්වාදය අත්හැර නොතිබිණි. මාවිලාරු සොරොවුව වසන්නට ගොස් තම අවසානය සනිටුහන් කරගත් කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ මෙහෙයුමේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට නිවැරදි නායකත්වය දෙමින් ජාත්‍යන්තරය තුලද කොන්ද කෙලින් තබාගෙන සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සටන ජයග්‍රාහී මාවතක ගෙනයද්දී ඊලාම්වාදය පුස් වෙඩිල්ලක් පමණක් විය. බොහෝ ඊලාම්වාදීන් තම බෙදුම්වාදී අරමුණු අතහැර පලා ගියෝය. කරුනා අම්මාන් පිල්ලෙයාන් වැනි ප්රභාකරන්ගේ කල්ලියෙන් වෙන් වූවන් තම පිරිසද සමග බෙදුම්වාදය අත හැර රජයේ හමුදා වලට ත්‍රස්තවාදය තීරනාත්මක ලෙස පරාජය කිරීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට උදවු විය. සටනේදී අත්ඩංගුවට පත් කොටි නායකයන්ටද ඊලම සිහිනයක් පමණක් බව පසක් වී තිබුණි. කේපීලාට සැඟවී සිටින්නට නොහැකි විය. සටන පරාජය වී ඊලම අත්හැරි ඔහුටද කරන්නට තිබූ එකම දෙය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයට හා ආරක්ෂක අංශ වලට යටත්ව ඊලාම් සිහිනය අත්හැරදමා පන බේරා ගැනීම පමණි. කරුනා අම්මාන් මුලදීම ඊලම අත්හැරීය. ඔහු සටන් පැවති කල්හිදී ත්‍රිවිධ හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කර පසු කලෙක රටේ ජාතිකත්වයට ලැදි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද ලබා දෙමළ දේශපාලන ප්රවාහයේ බෙදුම්වාදී සලකුණට තිබූ ප්‍රභලත්වය නිශේධනය කළේය. පිල්ලෙයාන්ද පසුකාලීනව බෙදුම්වාදයට එරෙහි ගමන් මගක ගියේය. කරුනා අම්මාන්ගේ ඊලාම් බෙදුම්වාදය අත්හැරීම පසුපස වූ ප්‍රභලම සාධකය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය මුළුමනින් පරාජය වීම හා ජාතික බලවේග වල නැගී සිටීම හමුවේ ඊලම හා දෙමළ නිජභූමි මිථ්‍යාව පුස්සක් වීමයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව හා සුරක්ෂිතව තිබූ ස්වදේශීයත්වය හා ජාතිකත්වය දුර්වල වී දැන් නැවත විජාතික බලවේග සියල්ල ශක්තිමත් වී ඇත. කොටින්ම කීවොත් දැන් මේ රට නැවතත් චන්ද්‍රිකා රනිල් යුගයේ මෙන් පාලනය කරන්නේ ඊලාම්වාදීන්, බටහිර රටවල තානාපතිවරු, බටහිර රටවල් හා ඉන්දියාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන එක්වයි. රට ගැන තීරන ගන්නේ ඔවුන්ය. දැන් ඔවුන් විසින් රටේ ජාතිකත්වයටම එරෙහිව ජාත්‍යන්තර නීති කතා කරති. ඊලාම්වාදී බෙදුම්වාදීන් නව පනක් ලබා ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ හැම අතින්ම පරාජය වී සිය ස්වයංපාලන බලාපොරොත්තුව සුන් කරගත් ඊලාම් බෙදුම්වාදීන්ට දැන් රජ මගුල්ය. ජාත්‍යන්තර දෙමළ කොටි ඩයස්පෝරාව නැවතත් අපේ රටට එරෙහිව පල් බොරු ගොතමින් ජාත්‍යන්තරය තුල යකා නටමින් රටබේරාගත් නායකයන්ටද තර්ජනය කරති. එහෙන් දෙමුහුම් යුධ අධිකරණ පිහිටුවීමට කැසකවමින් එය වසන් කිරීමට කප්පරක් බොරු මාධ්‍ය හරහා උදේ හවා ප්‍රචාරය වෙමින් තිබේ. මේ ජාතික බලවේග වල තාවකාලික පසුබෑමක් වුවත් මෙසේ පසුබසින සුළු කාලයට විජාතික බලවේග විසින් අටවන මර උගුල් බොහෝය. දැන් විජාතික බලවේග වල හා ඊලාම්වාදීන්ගේ නැවත ශක්තිමත් වීම තුල මුලින් කී ලෙසට බෙදුම්වාදය අත්හල කොටින්ට සහය වූ පිරිස් හා කරුනා අම්මාන් වැනි ජාතිකත්වය පිළිගෙන මහින්දගේ නායකත්වය යටතේ බෙදුම්වාදයෙන් තොර ගමනක් යෑමට සිටියවුන්ද විජාතික යහපාලනයේ ආශිර්වාදයෙන් නැවතත් බෙදුම්වාදය දෙසටම තල්ලු වෙමින් ඇත.
ඒ විජාතික ගැති යහපාලන ආණ්ඩුව විසින් රටේ ජාතිකත්වය දියකර හරිමින් විජාතික බලවේග හා ඊලාම්වාදීන් ශක්තිමත් කිරීමේ ද්‍රෝහී නිවට ප්‍රතිපත්තිය හමුවේ නැවතත් කරුනා අම්මාන් වැනි බෙදුම්වාදය අත්හල පුද්ගලයන්ට පවා ඊලාම්වාදයේ ප්‍රලාප ගැන නැවත විශ්වාසයක් ඇති වීම නිසාය. ඔවුන්ට රටේ ජාතිකත්වය තුල තමනට ඇති යහපත් පැවැත්ම ගැන තිබූ විශ්වාසය නැතිකර තිබෙන්නේත් සිංහල ජාතියේම අවාසනාවට සිංහල මෝඩ ජනයාගේ ආශිර්වාදය ඇතිව බලයට පත් වූ යහපාලන පෙරේත කුම්භාණ්ඩ රැලය. එක් පසෙකින් දැවැන්ත ජාතික බලවේගයක් නැවතත් ගොඩනැගෙමින් ඇත්තේ දිනෙන් දින විජාතික යහපාලනය ජනතා අප්රසාධයේ අන්ත කෙලවර කරා වේගයෙන් ඇදෙන අතරතුරයි. ජාතික බලවේග වටා කොපමණ ජන බලවේගයක් ඒකරාශී වුවත් මෙවර බටහිර හා ඉන්දියාව ප්රමුඛ විජාතික බලවේග මෙරට දෙමළ ජාතිවාදීන් හා ඉස්ලාමික අන්තවාදීන්ද සමග ජාතික බලවේගයට එල්ල කරන පීඩනය කිසිසේත් සුළුපටු එකක් නොවනු ඇත. අභියෝගයේ තරම කුමක් වුවත් කුමන කැප කිරීමක් කර හෝ මේ පීඩනයෙන් ගැලවී ජාතිකත්වය නගා සිටුවා වසර දහස් ගනනක් තිස්සේ රැකගෙන ආ රට ඉදිරියටද සුරක්ෂිත කිරීමට රටට සැබෑ ලෙස ආදරය කරන සියළු දේශප්‍රේමී ජනතාව බලවත්ව අධිෂ්ඨාන කරගත යුතුය.
විශේෂ ලියුම්කරු