Wednesday, September 9, 2020

මෙරට ලිඛිත ඉතිහාසයට පෙර යටගියාව ගැන විධිමත් විමර්ශණයක් අවශ්‍ය ඇයි


ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මහාවංශය, දීප වංශය ආදී වංශ කතා මත පදනම් වන අතර අවශ්‍ය තරමට පුරාවිද්‍යාත්මක සාධකද තිබේ. නමුත් ඒ ලියවුනු ඉතිහාසයේ මූලාරම්භයට පෙර මෙරට ජනාවාස නොතිබුණා යැයි කිසි සේත් කිව නොහැක. උතුරු ඉන්දියානු ආර්යයන්ගේ සංක්‍රමණයට පෙර මෙරට යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස ගෝත්‍ර කිහිපයකට අයත් ජනයා රට පුරා විසිරී සිටි බවට පුරාවුර්ත වල කියැවෙයි. මේ ජන සමූහයන්ගේ යටගියාව කෙබඳුද යන්න ගැන මේ කාලයේ බොහෝ මාධ්‍ය වලින් මෙන්ම අන්තර්ජාල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් විවිධ මත පළ වෙමින් තිබේ. ඒ සියල්ල ක්‍රමවත් ලෙස පර්යේශනාත්මකව සොයාගත්  තොරතුරුම නොවන බව පැහැදිලියි. විශේෂයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල තොරතුරු දෙස බලන කළ මේ බව හැඟී යයි. පෙර කී යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර ස්වදේශික හෙළයන් බවත් උතුරු ඉන්දියානු ආර්ය සහ ස්වදේශික අනාර්ය සම්මිශ්‍රණයක් ලෙස සිංහල ජාතිය බිහි වී ඇති බව දැනට පවතින ඉතිහාස කරුණු අනුව පිළිගත හැකි ප්‍රධාන සාධකයයි. සිංහල ඉතිහාසය වංශ කතාවල ලියවී ඇතත් හෙළ යුගයේ පුරාවුර්ත ඉතිහාසය ජනප්‍රවාද වලට සීමා වී තිබේ. මේ ජනප්‍රවාද මත පදනම් වන පුරාවෘත ඉතිහාසය ගැන විධිමත් පර්යේශණ මෙහෙයවමින් නිවැරදි හා පිළිගත හැකි සත්‍ය තොරතුරු අනාවරනය කරගත යුත්තේ කරුණු කිහිපයක් නිසා.

                                  

මේ කටයුත්ත කළ යුතුම දෙයක් වීමට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් විසින් බොරු ඉතිහාස කරුනු සමාජගත කරමින් සිංහල ජාතිය ඉන්දියාවේ විජය පරපුරෙන් පමණක් පැවතෙන බවත්, විජයගේ ආගමනයට පෙර මෙරට විසූ අනාර්ය ස්වදේශිකයන් දෙමළ බවත් කීමට මෑතක සිට දැඩ් උත්සහයක් ගනු ලැබීම නිසා. නව පාර්ලිමෙන්තු මංගල සැසියේදීත් උතුරේ ප්‍රභලතම දෙමළ ජාතිවාදී බෙදුම්වාදියෙකු වූ විග්නේශ්වරන් කටින් එලියට පැන්න වචන ටිකේත් මේ අදහස් ගැබ්ව තිබේ. මේ දෙමළ ජාතිවාදීන් බයක් නැතිව බොරු බේගල් සහ බෙදුම්වාදී මිත්‍යාවල් සමාජගත කරන්නේ අදාල බලධාරීන් විසින් පිළිගත හැකි ආකාරයක ක්‍රමවත් වැඩපිළිවෙලක් අනුව මෙරට ලිඛිත ඉතිහාසයට එපිට ඉතිහාස කරුනු පිළිබඳ විමර්ශනයක් නොකිරීම නිසා. එය ඒ ආකාරයෙන් සිදු වන්නේනම් ලිඛිත ඉතිහාසය සමගද සැසඳෙන ඉන් ඔබ්බට ගිය අපේ යටගියාව ගැන බොහෝ කරුණු සොයා ගැනීමට හැකි වනු ඇත. විග්නේශ්වරන්ලාට උත්තර දීමට ඒ තරම් මහන්සි වන්නට උවමනා නොවෙයි. මෙරට රජවරු පෘතුගීසින් පන්නා ගැනීමට ලන්දේසින්ගේ සහය ලබා ගැනීමත්, ලන්දේසින් විසින් උතුරේ දුම්කොල වගාව පටන්ගෙන දකුණු ඉන්දියානුවන් සේවකයන් ලෙස යාපනයට ගෙන්වාගත් ආකාරයත් ගැන මුල සිට අගට කරුනු ගෙනහැර පෑම හොඳටම ප්‍රමාණවත්. ඒය එසේ තිබියදී ලියවී නැති පුරාවෘත පිළිබඳ ගවේශනයන් මගින් වැද්ගත් නිවැරදි කරුණු සොයාගැනීමක් කිරීමෙන් ලිඛිත ඉතිහාසය සමග සංගත වන බොහොමයක් දේත් ඇතුළුව මෙතෙක් අනාවරනය වී නැති එහෙත් අප සියල්ලන් දැනගත යුතුම වන බොහෝ දේ පිළිබඳ රටම දැනුවත් වීම තුලින් ඉතිහාස කරුණු පිළිබඳ නිරවුල් බවක්ද ඇති වේ. ඒ හරහා සිංහලයා සතු මෙරට ජාතික උරුමයන් තහවරු වීමක් වනු මිස දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට කිසිදු වාසියක් අත් නොවීම නොඅනුමානයි. සිදු වන්නේ දෙමළ ඊලාම් බෙදුම්වාදී මිත්‍යාවන් අසත්‍ය බව තව දුරටත් තහවරු වීම පමණි.
                               

 දෙමළ ඊලම්වාදී ප්‍රශ්නය මෙන්ම සැලකිල්ලට භාජනය විය යුතු අනෙක් ගැටළුව වන්නේ ඉතිහාස කතා ඇසුරෙන් තම පෞද්ගලික මතවාද අනුව විවිධ නිර්මාණකරුවන් රූපවාහිනී කතා නිර්මාණය කිරීමයි. පෞද්ගලික රූපවාහිනී නාලිකා මගින් විකාශනය වන මේ ඉතිහාස කතා වලට නිර්මාණකරුවන් විසින් එම කතා දීර්ඝ කර ගැනීමට ඔවුන්ගේ කල්පිත අනුව ඇතැම් සිද්ධි එක් කරන්නේ ඔවුන්ගේම පෞද්ගලික මතවාද වලටත් අනුව බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාධාරන ලෙස ගත්තත් එවැනි සිද්ධි කතාවට අදාල වීම හා කතාවට ගැලපීම වැදගත්. නමුත් එවැනි කතා නිර්මාණ වල ඇතැම් සිද්ධි දෙස බැලීමේදී පෙනී යන්නේ බොහොමයක් ඒවා කතාවට අදාල නොවීම මෙන්ම නොගැලපීම හා ප්‍රායෝගික නොවන අසත්‍ය දේ බව ප්‍රේක්ෂකයාට හැඟී යෑමයි. ලිඛිත හෝ පුරාවෘත ඉතිහාස කතා යන කුමක් හෝ ඇසුරෙන් රූපවාහිනී කතා නිර්මාණය කිරීමේදී ඒ නිර්මාණ කරුවන් හැකි උපරිම ලෙස පෞරාණිකත්වය නිරූපනය කළ යුතුය. ඒ පාරිසරික , සමාජමය සංස්කෘතික යනාදී විවිධ පැති වලින්. එලෙසින්ම කතා ඉදිරියට ගලා යෑමේදී ඇතුල් කරන අමතර සිද්ධි කතා වලට අදාලව ඊට සංගත වන ලෙසින් ප්‍රායෝගිකත්වය ගැන ප්‍රේක්ෂකයාට සැක ඇති නොවන ආකාරයට ඇතුල් කිරීමද විය යුතුයි. නමුත් මෑතක සිට රූපවාහිනී නාලිකා වලින් විකාශනය වන එවැනි නිර්මාණ වලින් පෙර කී දෑ දක්නට නොලැබෙයි. ඒ වෙනුවට බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ බටහිර නූතනත්වයෙන් මොඩ් වුන ඉතිහාස චරිත රැගත් මොඩ් ඉතිහාස කතාය.
                               

 මේ වන විටත් පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක විකාශනය වන රාවණ හා මහවිරු පණ්ඩු යන කතා නරඹන විට ඉහත කී කාරනා ටික පැහැදිලිව පෙනේ. එයිනුත් අපේ මාතෘකාවට අදාලව රාවණ කතාව ගැන වැඩිදුර කරුණු කීම වැදගත්. ඒ මෙම ටෙලි නිර්මාණය ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට ගිය පුරාවෘත අනුව සැකසී තිබෙන්නක් වීම නිසා. රාවණ පුරාවෘත ගැන මෑත කාලයේ අන්තර්ජාලයද ඇතුළුව විවිධ මාධ්‍ය වලින් විවිධාකාර මත පල වීම විශේෂයෙන් දකින්නට තිබෙන දෙයක්. ඒ සියළු මතිමතන්තාර දෙස බැලීමේදීත් ඉන් බොහොමයක් පිළිගත හැකි මූලාශ්‍ර අනුව ඉදිරිපත් නොවන බව පැහැදිලියි. ඇත්තෙන්ම පුරාවෘත වල එන සියල්ලෙහි මූලාශ්‍ර සෙවීම අපහසු වුවත් රාවණ රජ සහ පරපුර ගැන සඳහන් දේ ඇසුරෙන් එකිනෙක ගැලපෙන යම් තොරතුරු ප්‍රමාණයක් සොයා ගත හැක. රූපවාහිනී කතාවටද ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ මෙවැනි තොරතුරු බව රහසක් නොවේ. රාවණ පුරාණය පිළිබඳ විවිධ පාර්ශවයන් වෙතින් ඉදිරිපත් වන එක් එක් මතවාද වලද යම් යම් පරස්පරතාවයන් තිබෙන බැවින් රූපවාහිනී කතාවට පසුබිම් කරගත් මූලාශ්‍රද ඒ ආකාරයෙන්ම සත්‍යමයි කියා සැලකිය නොහැක. රාවණ රජු සහ රජ පරපුර ගැන කියැවෙන බොහෝ දේ පුරාවෘත මූලාශ්‍රයන් අනුව බලන කල ගැටළුසහගත නොවුවත් කතාව ඉදිරියට යෑමේදී ඊට නිර්මාණකරුවන් විසින් එක්කර තිබෙන අතරමැදි සිද්ධි බොහොමයක් ගැටළුකාරීය. එමෙන්ම කතාවේදී සිදුවීම් වලට අදාල කාල වකවානු අනුව පෞරාණිකත්වය විවිධ පැති වලින් හරි හැටි නිරූපණය නොවේ. 
                  

පැරණි හෙළ යුගයේ යක්ෂ ගෝත්‍රිකයින් සතු වූ විවිධ හැකියාවන් නිරූපනය කතාවේ හැටියට සාර්ථකව පෙන්වා ඇත. එසේම අධිමානසික හැකියාවන් තුලින් අතීන්ද්‍රිය ලෝකයත් සමග මනසින් ගනුදෙනු කිරීම සාර්ථකව පෙන්වා තිබේ. ඒ කිසිවක් එකල නොතිබූ දේ හෝ  අසත්‍යමයි කියා අප නොකියමු. නමුත් කතාව ගලා යෑමේදී රාවණ අවධානම් ලෙස අනාරක්ෂිත වන අවස්ථා බොහොමයක් එසේ විය හැකිදැයි ප්‍රශ්නකාරී වන්නේ රාවණ යනු හෙළයේ ගැලවුම්කරුවා වෙද්දී ඔහු එතරම් අනාරක්ෂිත වීමට යක්ෂ ගෝත්‍රිකයන් ඉඩ තබන්නට ඇත්ද යන ගැටළුව ඇති වන විටයි. කුවේරගේ කුඩා සෙබල කණ්ඩායම් සමග යක්ෂ සෙබළුන් කැලෑ තුල සටන් වැදීම කතාවට අදාල වුවත් බොහෝ සටන් ජවනිකා දුර්වලය. ඒ බොහොමයක් වාණිජ චිත්‍රපට වල ජවනිකා වලින් එතරම් වෙනස් නොවේ. විශේෂයෙන්ම කිවයුත්තක් වන්නේ කතාවේ නිර්මාණ කරුවන් ඇතුළු අධ්‍යක්ෂකයින් එකළ යක්ෂ ගෝත්‍රික ස්ත්‍රීන් අතිෂය සටන්කාමී බව පෙන්වීමට අසාර්ථක උත්සහයක් දරා තිබීමයි. එය එක් පසකින් හාස්‍යජනකය. සොබාදහමේ සියළු අංග මනා ලෙස කලමනාකරණය කිරීමට දැන සිටි යක්ෂ ගෝත්‍රිකයන්ට ලිංගිකත්වයට අදාල කාරනා වලදී ස්ත්‍රී පුරුෂ විශේෂනයන් නොතිබුනා හෝ සමාජ හැඩගැස්මක් ඒ මත නොතිබෙන්නට පුළුවන්කමක් නැත. රාවණගේ මව යක්ෂ සේනාධිපතිනියක් කීමටත් තවත් එවැනි සෙන්පතිනියන් සිටි බව පෙන්වීමටත් කතා කරුවන් හිතාමතා බොරු හිතළු ඇතුල් කරන්නට ලොකු උත්සහයක් දරා තිබේ. ඒ සඳහා කුවේරගේ සෙබළුන් හා යක්ෂ ස්ත්‍රීන් අතර සටන් ජවනිකා එක් කර තිබෙන්නේ ප්‍රායෝගික නොවන බව පැහැදිලිව පෙනෙන ලෙස වගේම හාස්‍යජනක ලෙසයි. කුවේරගේ සෙබළුන් 7ක් 8ක් සමග තනිව සටන් කරන යක්ෂ ස්ත්‍රීන් වානිජ චිත්‍රපටවල මෙන්ම මෝඩ සටන් ජවනිකා රඟපෑම කැපී පෙනේ. යක්ෂ ස්ත්‍රින්ගෙන් පහර කන කුවේරගේ සෙබළුන්ට බිම ඇද වැටුනු පසු නැගිටින්නටත්  නොහැක. එවැනි පිරිමින් රජෙකුගේ සෙබළුන් විය හැකිද? අනෙක් අතට යක්ෂ ස්ත්‍රීන් එලෙස ජවසම්පන්න සටන්කාමිනියන් නම් හෙළය සුරක්ෂිත කිරීමට රාවණ කෙනෙකු මොකටද? කතාවේ පුලස්ති ඝෘෂි, විශ්‍රවමුණි ප්‍රමුඛ යක්ෂ පාර්ශවයේ ධූමරක්ඛ සෙන්පතිටත් වඩා රාවණගේ ආරක්ෂාව යක්ෂ ස්ත්‍රීන්ට භාර කිරීමට මේ නූතනවාදී මොඩ් කතාකරුවන් උත්සහ කර ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව බටහිර නූතනත්වයෙන් මොඩ් වී ඔවුන් මොළ කුරුවල් කරගෙන තිබීම නිසා. එවැන්නන්ගේ නිර්මාණ වලට බටහිර කාන්තාවාදයේ කැටයම් ඇතුලත් වන්නේ ඒ තුලින් කතාවට ජනප්‍රියත්වයක් ලැබෙනු ඇති බවට ඔවුන් කරන උපකල්පන තුලින්. එසේ නොමැතිව සත්‍ය ලෙස කතාවේ මෙන් සටන්කාමී යක්ෂ ස්ත්‍රීන් සිටි නිසා නොවේ.
                               

 පෞද්ගලික රූපවාහිනී නාලිකා වලට හා බටහිර නූතනත්වයේ මතවාදී ග්‍රහනයට හසුව ඉන් ගොඩ එන්නට බැරිව සිටින ටෙලි නිර්මාණකරුවන්ටත් සිය අභිමතය පරිදි ඉතිහාස කතා වලට ඕනෑම හිතළුවක් එක් කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා එවැනි ටෙලි නිර්මාණ නියාමනයට වැඩ පිළිවෙලක්ද ඇතිකර හැකිනම් වඩත් හොඳයි. දැනටත් රාවණ කතාව බලන විට එය අපේ යටගියාවට අයත් ඉතිහාස කතාවක් ලෙස කිසිවෙකුටත් නොහැඟෙයි. ඒ වෙනුවට එය නරඹන කෙනෙකුට හැඟෙන්නේ නවීන වීඩියෝ ගේම් එකක් හෝ වන්ඩර් වුමන් වැනි කතාවක් බලන සෙයකි. පුරාවෘත කතා ගැන එකිනෙක සැසඳෙන තොරතුරු මූලාශ්‍රයන් වැඩි ගනනක් ඔස්සේ සාර්ථක පර්යේශන මෙහෙයවීමේ හැකියාවක් නැති විය නොහැක. ඒ සඳහා ප්‍රවේශයක් දැන්වත් ලබා ගත යුතුයි. රාවණ කතාවම උදාහරන ලෙස ගත්තත් ඒ හා බැඳුනු ඉතිහාසගත ස්ථාන විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ හා රටේ බොහෝ ප්‍රදේශ වල ඇත. එම ස්ථාන හා සිද්ධි මූලාශ්‍ර, භූවිද්‍යාත්මක සාධක ආදී විවිධ පැති වලින් පර්යේෂණ මෙහෙයවීමේ කැකියාව පැහැදිලිව ඇත. පුරාවෘත ඉතිහාස කතා ගැන කරුණු විමර්ශණය කිරීමේදී සිංහල වෙදකම, පාරම්පරික සටන් කලාව, නර්තන අංග, බලි තොවිල් ගුරුකම් ආදියට කොපමණ දිගු ඉතිහාසයක් ඇත්ද යන්න ක්‍රමවත් විශ්ලේෂණයකට භාජනය වන්නේනම් මේ කතා වල යටගියාව සම්බන්ධයෙන් කරුණු සොයා ගැනීමටද එය වක්‍රාකාරයෙන් බොහෝ වැදගත් වනු ඇත. මේ සියල්ල කිරීමේදී මතවාදීව බටහිර නූතනත්වයේ මානසික වහල් බවෙන් ඔබ්බට ක්‍රියා කිරීම අතිශය වැදගත්. අපේ යටගියාව ගැන අනාගත පරපුරටත් හරි හැටි කියා දිය හැකි නිරවුල් කරුණු සොයාගත හැක්කේ එවිටයි. එවැනි විමර්ශනයකින් ලිඛිත නොවන ඉතිහාසය ගැන තොරතුරු සොයාගත හැකිනම් ඒ තොරතුරු මහාවංශය වැනි ලිඛිත ඉතිහාස මූලාශ්‍ර සමග සංගත නොවනු ඇතැයි කිසි විට චකිතයක් ඇති කර ගත යුතු නැත. පරස්පරයන් තිබිය හැකි වුවත් සැසඳෙන තොරතුරු බොහොමයක් හමු වනු ඇත. පැරණි හෙළ ඉතිහාසය ගැන තොරතුරු සෙවුවත් මහාවංශය ගැන කතා කරත් සනාථ වන්නේ මෙරට සිංහලයාගේ උරුමය මිස අන් කිසිවක් නොවේ. එය එසේ වන විට විග්නේශ්වරන්ලාගේ හා ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ කටවල් වැසී යනු ඇත. එලෙසම බටහිර නූතනත්වයෙන් මොඩ් කළ පුරාවෘත කතා හරහා විජාතික මතවාදී ආක්‍රමණිකයාට මෙරට අනාගත පරපුරේ මොළ හේදීමටද නොහැකි වනු ඇත.

Wednesday, August 26, 2020

වමේ සමාජවාදයට වඩා පොදු හතුරා සමග සටන වැදගත් වීම.

 


මහ මැතිවරණය අවසන් වී ඇත. ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ජාතිකත්ව කඳවුර ජයගෙන තිබේ. මෙහිදී විජාතික හතුරු පාර්ශවය දැවැන්ත පරාජයක් ලැබුවේ ඔවුන්ගේ මෙරට ක්‍රියාකාරී දේශපාලන කඳවුර මෙන්ම සුපුරුදු නවාතැන්පල වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය යන්තම් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් පමණක් ලබා ගනිමින් අන්ත පරාජයක් ලබමින්. ඒ එසේ වුවත් සජිත්ගේ සමගි ජන බලවේගයද ජාතිකත්වය නියෝජනය නොකරන අතර ආසන 54ක් ලබාගත් ඔවුන් විජාතික බලවේග වලට මීලඟ ලැගුම්පොල වීමට බොහෝ ඉඩකඩ තිබේ. මේ කරුණු වැඩිපුර කීමට අවශ්‍ය නොවන්නේ කාටත් තත්වය පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා. කරුනු එසේ තිබියදී අපි මාතෘකාවට අදාල ප්‍රධාන කාරනයට එමු. ඒ මෙරට වාමාංශික මාක්ස්වාදී සමාජවාදයේ එක් ප්‍රබල චරිතයක් වූ වික්‍රමබාහු කරුනාරත්න රනිල්ගේ ලිබරල් ධනවාදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වී කළුතර දිස්ත්‍රික්කයට තරග කර රනිල්ගේ පක්ෂයත් එක්කම අන්ත පරාජයට ලක්වී සුපුරුදු ලෙස පල්ලම් බැසීමයි. අප සාකච්ඡාවට ගත යුතු කාරනය වන්නේ වාමාංශික මාක්ස්වාදයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ලිබරල් ධනවාදී රනිල්ගේ කඳවුර සමග වික්‍රමබාහුගේ එක්වීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද යන්නය.
                            

මේ ප්‍රශ්නය පිළිතුර සොයා ගැනීමේදී අපට පෙනෙන්නට තිබෙන වැදගත්ම කාරනාව රනිල් සහ වික්‍රමබාහු දෙදෙනාම පක්ෂ වලිනුත් ප්‍රතිපත්ති වලිනුත් එකිනෙකාට විරුද්ධ කඳවුරු දෙකක සිටියත් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව මේ දෙදෙනාම එකම කඳවුරක සිටීම යන්නයි. දෙදෙනාම සිටින මේ විජාතික කඳවුරේ චින්තන ආකෘතිය බටහිර යුදෙවු නූතනවාදී චින්තනයයි. මේ චින්තන ආකෘතියට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන ජාලයක එකතුවක් මුළු ලොව පුරාවටම තම මතවාදී ආක්‍රමණය කලක සිට ක්‍රියාත්මක කරමින් ඇත. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ලිබරල් ධනවාදයත් වික්‍රමබාහුගේ මාක්ස්වාදී සමාජවාදයත් යන දෙකම බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතිය තුලින් ව්‍යුත්පන්න වූ දේවල් වන බව මෙහිදී අප තේරුම් ගත යුතු සිද්ධියයි. මේ සියළු මතවාදී ධාරාවන් අර ජාත්‍යන්තර ආක්‍රමණික ජාලය විසින් යොදා ගනු ලබන්නේ ලොව සෑම ප්‍රදේශයකම සෑම රටකම හොඳින් ස්ථාපිත වූ ජාතිකත්වයන්ට එරෙහිවයි. ඒ විජාතික මතවාදී ආක්‍රමණිකයාට සිය ආක්‍රමණය කිරීමට ඇති ප්‍රධාන බාධාවන් වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වයන් හා රටවල් වලට විශේෂිත වූ චින්තන රටාවන් වන බැවින්. අපේ රටේදීත් මේකාරනයට අදාලව තත්වය එයම වේ. රනිල් සහ වික්‍රමබාහු දෙපලම එකිනෙකට වෙනස් කඳවුරු දෙකක සිට එකම චින්තන ආකෘතියක මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයට සේවය කරති. මොවුන් දෙදෙනාගේම දේශපාලන කඳවුරු වල පොදු හතුරා සිංහල බෞද්ධ ජාතිකත්වය හා චින්තන ආකෘතියයි. එය එසේ වන කල දෙදෙනාටම අවශ්‍ය මොහොතක තම පොදු හතුරාට එරෙහිව එක් කඳවුරකට පැමිණීම එතරම් අපහසු කාරනයක් නොවන වග අප තේරුම් ගත යුතු වැදගත්ම කාරනයයි.
                              

බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආදිපත්‍ය ප්‍රධාන සංකල්ප තුනක් සමග තුන්කොන් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වන බව මින් පෙරත් අප කියා ඇත. සංවර්ධන නිර්නායන්, බටහිර නූතනත්වයේ ආටෝපය හා අත්තනෝමතික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු මේ තුන්කොන් යාන්ත්‍රණයේ බල කනු වේ. එමෙන්ම මේ ජාත්‍යන්තර මතවාදී ආක්‍රමණය අප මින් පෙරත් කියා ඇති පරිදි ප්‍රධාන සංරචක 4ක් ඔස්සේ ලොව සියළු ප්‍රදේශ වල මිනිස් ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් පෙලගැස්වීම හරහා නිරූපනය වෙයි. ඒ පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරනය හා සදාචාර විරෝධය යන ඒවායි. මේ සිද්ධි ඒ ආකාරයෙන් රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය හරහා ක්‍රියාත්මක වේ. වික්‍රමබාහුගේ වාමාංශික මාක්ස්වාදී සමාජවාදය තුල නම් ඉහත පළමු සංරචකය පමණක් වෙනස් වන අතර ඒ වෙනුවට අනෙක් සියළු සංරචක බලගැන්වීමට මාක්ස්වාදීන් ඒකාබද්ධව හා සංවිධානාත්මකව ක්‍රියාකිරීම දැකිය හැක. තුන්කොන්යාන්ත්‍රණයේත් ලිබරල් සංකල්ප මාක්ස්වාදීන් ඒ අයුරින්ම නොගත්තත් ප්‍රජාතන්ත්‍රවාදීව අධික පරිභෝජනය තුල ධනපති පංතිය බුක්ති විඳින සැප සම්පත් අත්කරගැනීමට ඒකාබද්ධව සටන් කිරීම සඳහා මොවුන් නිර්ධන පංතිය පොළඹවති. මේ වෙනස්කම් පෙර කී තුන්කොන් යාන්ත්‍රණය හා එහි ක්‍රියාකාරකම් විහිදෙන ප්‍රධාන සංරචක සියල්ල එක්ක බලන කළ ඒ තරම් විශාල පරස්පරයන් නොවේ. ලොව විවිධ රටවල ජාතිකත්වයන් මතවාදීව දියාරු කරන බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතියට ක්‍රියාත්මක වන්නා වූ ලිබරල් ධනවාදීන්ටත් මාක්ස්වාදී සමාජවාදීන්ටත් අවශ්‍ය විටක පොදු හතුරාට එරෙහිව එක් කඳවුරකට පැමිණ ක්‍රියා කිරීමට ඇති බාදාවන්ට වඩා වැඩි පරාසයක පොදු එකඟතා තිබෙන බව දැන්වත්  අප තේරුම් ගන්නේනම්, වික්‍රමබාහූ රනිල් සමග එලිපිට රඟදැක්වූ නාටකය පමණක් නොව වමේ අනුර කුමාර රනිල් සමග හොරෙන් අල්ලපු අඩවුවත් පුදුමසහගත දේ නොවනු ඇත.

Monday, August 3, 2020

චන්දය, දේශපාලනය හා තැනට සුදුසු නුවණ

තවත් පර්ලිමෙන්තු මැතිවරණයක් අභිමුව අප සිටිමු. මීට පෙර ජනාධිපතිවරණය පැවැත්වුනි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් අත් කර ගත් අතරම මෙරට බහුතරයක් චන්ද දායකයා ගත් තීන්දුව නිවැරදි බව නව ජනාධිපති ගෝඨාභය මහතා දැනටමත් පෙන්වා දී ඇත. මේ චන්ද ප්‍රතිඵලය තුලින් ජාතික හා විජාතික බලවේග අතර ගැටුමෙන් ජාතික බලවේග වල ජයග්‍රහනයද නිරූපනය වේ. එය එසේ වූයේ විජාතික බලවේග විසින් මෙහෙයවූ පහුගිය රජයේ ක්‍රියාකාරකම් වලින් බැට කෑ මෙරට බහුතර ජනයාට ඉන් ගැලවීමට තිබූ දැඩි වුවමනාවයි. ඒ වෙනස කිරීමට බහුතරය ජාතිකත්වය දෙසට නැඹුරු වූවා පමණක් නොව අනෙක් සියළු ප්‍රශ්න පසෙක තබා ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වයක් දීමටද කටයුතු කළහ. දැන් පැමිණ ඇත්තේ ජාතිකත්වය දිනවීමේ දෙවන අදියරයි. ඒ සඳහා අප සූදානම් විය යුත්තේ කෙසේද? චන්දය භාවිතා කිරීමේදී සැලකිය යුතු නිර්නායන් හා ඒ එකිනෙකට දිය යුතු ප්‍රමුඛතා අනුපිළිවෙල කුමක්ද? අපේක්ෂකයන් තේරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල කුමක්ද? මේ කාරණා සැලකිල්ලට නොගෙන ඕනාවට එපාවට ක්‍රියා කිරීමට හැකියාවක් නැත. ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහනය තව දුරටත් ජාතිකත්වයේ ජයග්‍රහනයක් ලෙස තහවරු කිරීම මෙවර මහ මැතිවරණයේදි රටට හිතැති බහුතර ජනයාට පැවරෙන ප්‍රධානතම වගකීමයි.
                                 
 චන්දය භාවිතා කිරීමේදී සැලකිය යුතු මූලික නිර්නාය වන්නේ චන්දය දෙන දේශපාලන කණ්ඩායම රටේ ජාතිකත්වයට ලැදිද නැද්ද යන්නයි. මහා සංඝ රත්නය ප්‍රමුඛ ජාතික බලවේගවල ආශිර්වාදය ඇති පාර්ශවය වෙන් කර හඳුනාගැනීමට අපට හැකි විය යුතුයි. එය දැන් තිබෙන තත්වය අනුව අපහසු නොවේ. ජාතිකත්වයට ලැදි කණ්ඩායමෙන්ද රටට ගැලපෙන අදහස් ඇති ජාතික මතවාද අනුව කටයුතු කළ හැකි අපේක්ෂකයන් උපරිම ලෙස තෝරා ගත යුතුව ඇත. ඊට ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ රටට ආවේනික චින්තන ආකෘතිය තුල අපද සක්‍රීයව සිටිමින්. ආර්ථික හා සම්පත් පරිභෝජනයට අදාල කරුනු, පාරිසරික ප්‍රතිපත්ති මෙන්ම සමාජ  සංස්කෘතික කාරනා මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. ඇතැම් විට මේ නිර්නාය හා ප්‍රමුඛත්වයන් සැලකීමේදී ඊට 100%ක් අනුගත වන පිරිසක් සෙවීම අපහසු වුවත් වඩාත්ම ඊට අසමීප කණ්ඩායමට අපගේ සහය ලබා දිය යුතුව තිබේ. මේ වන විට සමස්ථ සිංහල බෞද්ධ ජන ගහනයෙන් 70%ක් පමණ පැහැදිලිව විජාතිකත්වයට එරෙහිව සන්ධානගතව සිටීම ඉතා යහපත් තත්වයක්. මේ තත්වය ඉදිරියටත් පවත්වා ගැනීම හා තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය දේයක් වේ.
                           
 රටේම මැතිවරණ සූදානම හා උනුසුම අස්සේ රටට ජාතිකත්වයට හතුරු විජාතික කඳවුරේ හැසිරීම කෙබඳුද?. මේ වන විටනම් විජාතික දේශපාලන කඳවුරේ ප්‍රධානම ධාරාව වන එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ඇත. විජාතික අරමුණු වෙනුවෙන් රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වැඩ පිළිවෙල සැලකිල්ලට ගත යුතු තරමට වැදගත් නැතත් විජාතික කඳවුරේ සිටින ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුය. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයත්, සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයත් තරගෙට රටේ ආර්ථිකය හදන ආකාරයත් ජනතාවට සහන දෙන ආකාරයත් ගැන කියමින් නන් දොඩවනු දක්නට ලැබේ. අපට මොවුන්ගෙන් අසන්නට ඇති සරලම ප්‍රශ්නය වන්නේ ඔවුන් එක්ව ආන්ඩු කළ ඔවුන්ට බලය තිබුණු කාලයේ ජනතාවට සහන දීමට ඔය ආර්ථික දැනුම නොතිබුණේත් එකළ ජනයාට බලපෑ ආර්ථික ගැටළු විසඳන්නට නොහැකි උනේත් ඇයිද යන්නයි. එවන් ආර්ථික විඥ්ඥානයක් තිබුණේනම් මහ බැංකුවට බැඳුම්කර අලාභය සිදු නොවන්නට ඉඩ තිබුණු බව මන්දබුද්ධික නොවන කාටත් තේරුම් ගත හැකි බවද මොවුන්ට නොදැනෙයි. මේ විජාතික ගැති දේශපාලන තක්කඩින්ට නොදැනෙන අනෙක් කාරනය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල කල්ලි කප්පම් ගැනීම, කූඨ ව්‍යාපාරිකයින් හා අතරමැදි තැරැවුකාර වෙළඳාම ආදිය මහජනයාගේ ආර්ථික තත්වයට කරන බලපෑමයි. ඕන දේත් එපා දේත් සියල්ල පිටරටින් ආනයනය කිරීමට විවුර්ත කර දීම හා වැඩකට නැති දේශපාළුවන් රොතු පිටින් මහජන මුදලින් නඩත්තු කරන්නට සිදුවන ආකාරයට රටේ දේශපාලනික ආකෘතියම සකස් කර තිබෙන්නේත් කාගේ අනුග්‍රහයෙන්ද යන්නනම් මොවුන් කිසිවිට නොකියනු ඇත. මේ විජාතික ගැති අමනයන්ට හා ඔවුන්ගේ අනුගාමික සුළුතර ගොන් රැලට මතක් කර දිය යුත්තේ රට තුල නිෂ්පාදනය කර ගත හැකි රටට අවශ්‍ය සියල්ල එලෙස නිපදවා ගැනීම රටේ ආර්ථිකයේ අරටුව බවයි.
             
අප මින් පෙර අවස්ථා වල පෙන්වා දී ඇති පරිදි මෙරට විජාතික ගැති දේශපාලනයේ ගමන්මග හැසිරවෙන්නේත් බටහිර යුදෙවු නූතනවාදී චින්තන ආකෘතිය අනුව එහි ජාත්‍යන්තර නියමු ජාලය විසින්. සංවර්ධන ආකෘතියට යන කාබාසිනියා පරිභෝජනය, බටහිර නූතනත්වයේ බොරු ආටෝපය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී  අත්තනෝමතිකකම අනුව පැති කිහිපයකට ලෝකයේම මිනිස් ක්‍රියාකාරකම් බලෙන් පෙලගස්වන්නට මේ ජාලය නොයෙක් ජාත්‍යන්තර බලවේග මගින් ගෙනයන වැඩපිළිවෙල ලොව විවිධ රටවල මෙන්ම අපේ රටේදීත්  විජාතික දේශපාලන බලවේග තුලින් එලි බසියි. පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරනය හා සදාචාර පද්ධති බිඳ වැට්ටීම යන පැති වලින් ක්‍රියාත්මක වැඩපිළිවෙලවල් සූක්ෂම ලෙස මේ විජාතික ගැති දේශපාලනය තුලින් අපට බලාගන්නට හැකි වනවා මිස ඔය කියන ආර්ථික වැඩපිළිවෙලවල් හෝ ජනතාවට මුදල් ලැබෙන කිසිදු කර්තව්‍යක් බලාපොරොත්තු විය නොහැක.  සිදුවන නිසැක දෙය නම් ජනතාවට තුට්ටු දෙකක් ලැබී මේ දේශපාළුවන්ගේ අතමීට සරුවන රැවටිල්ලද සිදුවන විට හොර රහසේ පෙර කී විජාතික වැඩ පිලිවෙලද නිරායාසයෙන් ඉදිරියට ඇදීමයි. රනිල්ගේ නායකත්වයෙන් පහුගිය එක්සත් ජාතික පක්ෂ රජය මේ ආකාරයට ක්‍රියා කළ අයුරු කාටත් අමතක වන්නට විදිහක් තිබිය නොහැක.
                      
පෙර කී නිර්නායන් හා ප්‍රමුඛතා අනුව අපේක්ෂකයන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට යන විට සැලකීමට සිදුවන එක් විශේෂිත කාරනයක් තිබේ. ඒ මෙරට දේශපාලනය තුල තම පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට මුල් තැන දෙන දූෂිත දේශපාළුවන් පර්ලිමෙන්තුවට අරක්ගෙන සිටීම තුල පක්ෂ භේදයකින් තොරව බැලීමේදීත් සමස්ථයක් ලෙස දේශපාලනය අන්ත දූෂිත වීමයි. කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී මේ ක්‍රමයෙන් ගැලවීමේ අවශ්‍යතාවයත් ඉස්මතු වී ඇත. ඒ තුලින් අළුත් දේශපාලන චරිත මැතිසබයට යැවීමටත් අවස්ථාවක් ලැබේ. මෙහිදීත් ජාතිකත්වයට ලැදි අය තේරීමට අප උනන්දු විය යුතුයි. අති විශාල වශයෙන් විවිධ මට්ටමේ අයහපත් ක්‍රියා වලට සම්බන්ධ පැරණි දේශපාලකයින්ද සියළු පක්ෂ වල ලැයිස්තු තුල සිටින බැවින් අප තැනට සුදුසු නුවනින් කළ යුතු හොඳම කර්ය වන්නේ ජාතිකත්වයට වඩාත්ම ලැදි දේශපාලන කණ්ඩායමෙන් සාපේක්ෂව නරකින් අඩුම පුද්ගලයන් පිරිසක් තෝරා ගැනීමයි. එම කර්තව්‍යට යොමු විය යුත්තේ පවතින තත්වය තුල හොඳම දේශපාලකයන් තේරීම තරමක් අපහසු නිසයි. විජාතික බලවේග විසින් මෙහෙයවන කණ්ඩායම් වල චාටු බස් වලටද නොරැවටිය යුතුය. වර්තමාණයේ ආණ්ඩුවක් පිහිටුවීමට හැකි ජාතික බලවේග වලට හිතවත් දේශපාලන කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගෙන සන්ධානයයි. ඒ තුලින්ද පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා ජාතික අරමුණු වෙනුවෙන් වැඩ කළ හැකි දේශපාලකයින් වැඩිපුර තේරීමටනම්  කළයුතු හොඳම දේ පොදුජන පෙරමුණට දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ වලින් එක්ව සිටින අපේක්ෂකයන් තෝරාගෙන මනාප ලබා දීමයි. ඊට අවස්ථාව  අඩු තත්වයකදී ඉන්නා අයගෙන් සාපේක්ෂව නරකින්  අඩුම පිරිස තෝරා ගත යුතුයි. ජාතිකත්වයට ලැදි සියල්ලෝම තම චන්දය ප්‍රකාශ කිරීමද අනිවාර්යෙන් කළයුතුය. මේ ටික සිහි කල්පනාවෙන් හා තැනට සුදුසු නුවනින් කළහොත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධා අවම කරගනිමින් ජාතික අරමුණු මුල් කරගෙන ශක්තිමත්ව රට ඉදිරියට ගෙන යෑමට මහත් පිටුබලයක් ලැබෙනු නිසැකයි.

Friday, July 31, 2020

ලිංගිකත්වය විහිළුවට ගැනීම සහ අශීලාචාර ජනමාධ්‍ය කෙරුවාව

ලිංගිකත්වය විහිළුවටත් සෙල්ලමටත් ගන්නට පුරුදුව සිටි ව්‍යාජ පෙම්වතෙකුගේ රැවටිල්ලට හසු වී ඔහු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීමෙන් පසුව හදිසියේ රෝගාතුරුව මියගිය පෙම්වතියක් ගැන කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ පසුගිය දිනක බලංගොඩ ප්‍රදේශයෙන්. මරණයට හේතුව අධික රුධිර වහනය බවත් අසන්නට ලැබුණි. කෙසේ වෙතත් ජනමාධ්‍ය වලින් මේ සිද්ධිය මුලින්ම අසන්නට ලැබුණේ ඇඳුමක් මසා ගැනීමට නගරයට ගිය 17 හැවිරිදි තරුණියක් කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික අපයෝජනයකට ලක්කිරීමෙන් අනතුරුව ඇය හදිසි මරනයකට පත් වී තිබුණු බවක්. මේ ප්‍රවුර්තිය මාධ්‍යවලින් මෙලෙස පළ කර තිබුණේ අදාල පුද්ගලයා අර තරුණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවරයකට ලක්කර මරණයට පත් වීමට ඉඩ හැර ඇති බව ඒත්තු ගැන්වෙන අයුරින්. සිද්ධිය පිළිබඳ පොලීසිය විසින් පවත්වන ලද වැඩි දුර විමර්ශණ පිළිබඳ කරුණු හෙලිදරවු වන විට ජනමාධ්‍ය වලින් මුලින් කී පුවත අනුව කෙනෙකුට ඒත්තු ගිය සිද්ධිය එසේ නොවන බව ටිකෙන් ටික පැහැදිලි විය. ඒ අනුව පෙර කී තරුණිය අදාල පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, මේ පුද්ගලයා එම තරුණියට සිය නිවස පෙන්වීමට අවශ්‍ය බව පවසා රවටාගෙන ගොස් රැවටිලිකාර ලෙසම ලිංගික සබඳතාවයද පවත්වා ඇති බව අනාවරණය වී ඇත. එසේම සිද්ධියට අදාල ව්‍යාජ පෙම්වතා මින් පෙරත් මෙලෙසම මේ කටයුත්ත තවත් තරුණියන්ට කර තිබෙන බවත් දැනගන්නට ලැබී තිබේ.
                                අදාල සිදුවීම සම්බන්ධ සිද්ධිමය කරුණු එසේ වෙද්දී මේ සම්බන්ධයෙන් මතවාදී පදනමක පිහිටා කෙරිය යුතුම විචාරයක් තිබේ. එම කටයුත්තට මුල පිරීමේදී මුලින්ම ප්‍රශ්නයට නැගිය යුත්තක් ඇත, ඒ තම දරුවන් බාහිර සමජයට විවුර්ත වීමේදී ඔවුන් කරන කියන දේ ගැන දෙමවුපියන් හා වැඩිහිටියන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත්ද යන්නයි. විශේෂයෙන්ම ගැහැනු දරුවන් සිටින දෙමවුපියන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය නැගිය යුතුම වන්නකි. ලිංගිකව පරිනත වයස් කාණ්ඩ වල පසුවන ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ජීවිත වල තම ලිංගික අවශ්‍යතාවයන් හා බැඳුනු රුචි අරුචිකම් හා සමාජ ක්‍රියාකාරකම් ප්‍රධාන වේ. දරුවන් ලිංගිකව පරිනත වන වයසට පත්වන විට චර්යා රටාවන් වෙනස් වන්නේ ළමා විය පසු කරමින් මේ අවධියටයි. එසේ වන්නේ ලෝ ස්වභාවයටද අනුකූලවය. ළමා කාලය පසු කරමින් පරිනත යොවුන් වියට පැමිණෙන කාගේත් ජීවිතයේ මීලඟ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන්නේ සුදුසු සහකරුවන් සහකාරියන් සොයා ගනිමින් විවාහයට එළඹ පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගත වීමයි.  පෙර මෙන්ම අදත් තරුණ දූ පුතුන් ඇති මවුපියන් බහුතරයක්ම නොවුවත් සැලකිය යුතු වැඩි පිරිසක්  ඔවුන්ගේ විවාහ කටයුතු සිදු කිරීම තමන්ගේ ප්‍රභලතම වගකීමක් ලෙස සලකති.
                                 විචාරයට බඳුන් විය යුතුම කටසට දැන් පිවිසෙමු. සුදුසු වයසේදී පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගතව විවාහ ජීවිත වලට එළඹීම, පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයට මෙන්ම මවුපියන්ට විශේෂ වන සමාජ වගකීම් ඉටු කිරීම යන කාරනා වර්තමානයේ ඒ ආකාරයට සිදු වේද? වර්තමාන සමාජ ව්‍යාකූලත්වයන් අනුව පෙර කී දේවල් කිසිවක් ඒ අයුරින්ම  හැම විට සිදු නොවීම ඉතා පැහැදිලියි. එයටද හේතුවක් ඇත, ඒ කලක් තිස්සේ මේ රටම පුහු පණ්ඩිත අනුකාරකයන්ගේද අනුග්‍රහයෙන් බටහිර නූතනත්වයේ ආටෝපය පසුපස පිස්සුවෙන් දිව යෑමයි. බටහිර නූතනත්වයේ බොරු ආටෝපය තවරාගෙන, නොහික්මුනු පුද්ගල ආත්මාර්ථකාමීත්වය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාධාරන ලෙස සලකමින්, සංවර්ධන ආකෘතියට රටම ගමන් කර ඇත්තේ මෝඩ දේශපාලනයද රුකුල් කර ගනිමින්. එහි ප්‍රතිඵල ලෙස රටට නුහුරු ආර්ථික හා පාරිසරික ගැටළු පමණක් නොව සමාජමය කොඩිවිනයක් ලෙස අපගේ මාතෘකාවට අදාල කාරනාවද කල එළි බැස ඇත. ඒ බටහිර මෙන්ම අපේ රට තුලත් ආත්මාර්ථකාමී සල්ලාල පිරිමි කොටසක් හා තමන්ගේ තරමත් ජීවත්වන සැබෑ වටපිටාවත් ගැන හරි අවබෝධයක් නැති මෝඩ ගෑනු කොටසකුත් බිහි වීමයි. ආතක් පාතක් නැති සල්ලාල ව්‍යාජ ප්‍රේමවන්තයින් හා ඔවුන්ට රැවටී නොසැලකිලිමත් අනාරක්ෂිත ලිංගික සබඳතා වලට යොමු වන පෙම්වතියන් ගැන කතා කිරීමට සිදුවන්නේ ඒ කරුන  මත වේ.
                                 
 ලිංගිකත්වය වටා බැඳුනු විවිධ දෑ ඉස්මතු කිරීම ජනප්‍රියත්වය කරා යෑමේ අරුම පුදුම මෙවලමක් කරගත් ජනමාධ්‍ය ආයතන වලට වර්තමානයේ මේ සමාජ ව්‍යාකූලත්වයන් හරහා එන ලිංගිකත්වය ආශ්‍රිත සමාජ ගැටළු ප්‍රධාන ප්‍රවෘති වීම අරුමයක් නොවේ. බොහෝ ජනමාධ්‍ය වලට ලිංගික අතවර පිළිබඳ පුවත් ධන නිධානයන් මෙනි. ගැටළුකාරීම දෙය නම් මේ ජනමාධ්‍ය ලිංගික අතවර සම්බන්ධ පුවත් රටේ මහජනතාව අතරට ගෙනයන්නේ බොහෝ අශීලාචාර ආකාරයකට මෙන්ම අන්ත අවිචාරවත්ව වීමයි. අපේ මාතෘකාවට අදාල සිද්ධියේ ව්‍යාජ පෙම්වතාගේ රංගනයට රැවටී ඔහුගේ නිවස බැලීමට ගොස් ඔවුන් අතර ඇති වූ ලිංගික ඇසුරකින් පසුව අධික රුධිර වහනය නිසා අවාසනාවන්ත ලෙස මියගිය 17 හැවිරිදි පෙම්වතිය ගැන විස්තරය, අර පුද්ගලයා ආදාල තරුණිය නගරයට ගොස් පැමිණෙන අතර බලහත්කාරයෙන් රැගෙන ගොස් සාපරාධී ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර මියයන්නට සලස්වා තිබූ බව ඇඟවෙන ලෙස ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ පෙර කී කරුණු වලට අනුවයි.
අප අවධානය යොමු කළ යුතුම තවත් දෙයක් වන්නේ, මෙවැනි සිද්ධි  අපේ සමාජය සූක්ෂම ලෙස ලිංගික ව්‍යාකූලත්වයකට ගෙන යෑමට  සැදී පැහැදී සිටින බටහිර කාන්තාවාදී NGO කල්ලි වලට පහසුවෙන් අවභාවිතා කිරිමට තිබෙන හැකියාව හා ලැබෙන ඉඩකඩයි. කාන්තාවන්ට වන ලිංගික අතවර ගැන ව්‍යාජ තොරතුරු සහිත බොරු සමීක්ෂණ කිරීමට මේ NGO කල්ලි ඉතා දක්ෂය. වයස අවුරුදු 90ක පමණ මහළු ස්ත්‍රියක් වයස්ගත වීම හේතුවෙන් මිය යන සිදුවීමකදී වුවත් කවරෙකු හෝ ඇයට මිය යෑමට පෙර ලිංගික අතවරයක් කර ඇතැයි කීමට පුළුවන්කමක් ලැබෙන්නේනම් මේ NGO කාන්තා සංවිධාන වලට හා අශීලාචාර ජනමාධ්‍ය වලට එය මහත් ආශ්වාදජනක වනු ඇත. ඒ එම පිරිස් වල මානසිකත්වය වෙයි. කාන්තාවන් හා ගැහැනු දරුවන් හදිසියේ අතුරුදහන්ව අභිරහස් ලෙස මරණයට පත්වන සිද්ධි වලදීත් ඒ අය මරණයට පත් වීමට පෙර යම් විදිහකින් ලිංගික අතවරයකට ලක්ව තිබුණේනම් මේ දෙපිරිසට රජ මගුල්ය. ඇත්තෙන්ම එවැනි අවාසනාවන්ත සිදුවීම සමාජයෙන් තුරන් වනු දැකීමට මේ පිරිස් කැමැත්තක් දක්වන්නේද නැත. ඇත්ත තත්වය එයයි. 
                            
අශීලාචාර ජනමාධ්‍ය වල නොමග යවන සුළු තොරතුරු අසාගෙන අවිචාරයෙන් ගිනිකන වැටීමත්, NGO සමීක්ෂණ වල ව්‍යාජ වාර්තා ගැන තිබෙන අන්ධ විශ්වාසයත් පසෙක තබා, අප යමක් සිදිධියක් ලෙස තේරුම් ගැනීම පමණක් නොකර ඉන් ඔබ්බට ගොස් මේ සියල්ල මතවාදීව තේරුම් ගැනීමද කළ යුතුයි. ලිංගිකත්වය පිළිබඳ අපේ මතවාද මොනවාද? එමෙන්ම අපේ රටේ පිළිගත් ලිංගික ජීවන රටාව කෙබඳුද? මේ කරුණු වලට සාපේක්ෂව අප පෙර කී දෑ සංසන්දනාත්මකව දැකිය යුතුය. පොදුවේ ගත් කළ අප සමාජයේ පුද්ගලයන් ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සියළු ආකාරයේ විශේෂිත හැඩගැසීම්, ලිංගික ගැලපීම්, විෂම ලිංගික දිශානතිය හා ප්‍රජනන ක්‍රියාවලිය ප්‍රමුඛත්වයේ ලා සැලකේ. විවාහය හා පවුල තුලින් පිළිගත් ලිංගික ජීවන රටාව නිරූපනය වෙයි. අපේ පිළිගත් ලිංගික ජීවන රටාව තුල පිරිමි ගැහැනු දෙපාර්ශවයම නිසි කලට විවාහ වීම වැදගත්ම දෙයක් ලෙස සැලකේ. පවුලක පිරිමි දරුවන් පියාට අනුවත් ගැහැනු දරුවන් මවට අනුවත් ලිංගිකත්වය අනුව විශේෂිත ලෙස හැඩගැස්වීම, විෂම ලිංගික දිශානතිය හා ලිංගික ගැලපීම් ප්‍රමුඛත්වයේ ලා සැලකීම තුල අනෙකුත් ක්‍රියාකාරකම් පෙල ගැසෙන්නේ ඊට අනුකූල පරිදි මිස අනෙක් සියළු ක්‍රියාකාරකම් අනුව ලිංගිකත්වය ව්‍යාකූලත්වයට ලක් කිරීම අපේ ක්‍රමයක් නොවන නිසා. ඒ තුල ලිංගිකත්වයේ ස්වභාවය හා ඊට අදාල මිනිස් ස්වභාවයන් කලමනාකරනය වීම ඉතා හොඳින් සිදු වනවා පමණක් නොව ලිංගික කාරනා පිළිබඳව මනා අවබෝධයක් හා නිරවුල් බවක්ද ඇති වේ. පිළිගත් ලිංගික ජීවන රටාවකට අනුගත වෙමින් නිසි කලට විවාහ වීම තුල ලිංගිකත්වය හා බැඳුනු ව්‍යාකූලත්වයෙන් පිරි සමාජ ගැටළුද ඇති නොවේ. මේ කරුණු අදටත් වලංගු වනවා පමණක් නොව ලෝක ස්වභාවය සමගද එකඟය. ඒ දේවල් වඩා සක්‍රීය වීමටනම් අපේ චින්තන ආකෘතියට අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතිය සකස් විය යුතුය. ඊට පරිසර කලමනාකරනය, සම්පත් පරිභෝජනය ආර්ථික කරුනු ආදියද ඇතුලත් වේ. එසේ වන විට ආතක් පාතක් නැති පිරිමි කොට්ඨාශයක් බිහි වී බොළඳ පෙම්වතියන් රවටාගෙන ලිංගිකත්වයත් විහිළුවට හා සෙල්ලමට ගන්නා ව්‍යාජ පෙම්වතුන් බිහි වීමද සිදු නොවනු ඇත.
            
තොරතුරු විමසන ජනයා යමක් ගැන වැරදි නිගමන වලට එළඹෙන ලෙස නොමග යවනසුළු ආකාරයෙන් ලිංගික දුරාචාරයන් සම්බන්ධ පුවත් ඉදිරිපත් කරන අශීලාචාර ජනමාධ්‍ය ඉන් උද්ධාමයට පත්ව තම මාධ්‍ය වල ජනප්‍රියත්වය අපේක්ෂා කළත් ඉන් නියම ප්‍රයෝජනය ලබන්නේ බටහිර කාන්තාවාදය අනුගමනය කරන NGO කල්ලි වේ. ඇතැම් අශීලාචාර මාධ්‍ය පැහැදිලිවම බටහිර කාන්තාවාදයට පක්ෂව ක්‍රියා කරයි. මේ සියළු බලවේග වල අවසන් ඉලක්කය විෂමලිංගික වැඩිහිටි පුරුෂයා කෙරෙහි ලිංගික ද්වේශසහගත බව අනියම් ආකාරයට වර්ධනය කිරීමයි. කුහකයන් බොහොමයක් එය වීරකමක් ලෙස සලකන්නට පුරුදුව ඇත. මේ සියළු සිද්ධි අස්සේ සිදුවන භයානකම කටයුත්ත වන්නේ බටහිර කාන්තාවාදය මත පිහිටා සමස්ථ පුරුෂ සමාජය කෙරෙහිම ද්වේශසහගත නීති රීති බටහිර රටවල ආකාරයට මෙහි ස්ථාපිත කිරීමට NGO කල්ලි විසින් මෙරට බලධාරීන්ට නිර්දේශ කිරීම හා ඒ සඳහා බලපෑම් කිරීමයි. කුහකත්වයෙන් අන්ධ නොවී විචාරශීලීව මේ බටහිර මතවාදී ආක්‍රමණයෙන් ගැලවිය යුතුය. ඒ සඳහා ලිංගිකත්වය සම්බන්ධ කාරනා වලදී අපේ මතවාද මත පිහිටා ගැටළු නිරාකරනය කර ගැනීම අනිවාර්ය වේ. බටහිර කාන්තාවාදය කරපින්නාගෙන එන මතවාදී ආක්‍රමණිකයා කාන්තාවන් හා ගැහැනු ළමුන් සම්බන්ධ ලිංගික අපචාර වැලැක්වීමට නිර්දේශ කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව ස්ථාපනය වන ස්ත්‍රී පුරුෂ ලිංගික විශේෂණයන් හා ගැලපීම් වලට බාධක ඇති කර සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමය. ලිපියට අදාල සිද්ධිය ගැන NGO කල්ලි සද්ද නැතත් සමහර විට ලබන වසරේ කාන්තා දිනයට ප්‍රශ්නය අතට ගෙන වෙනත් පිම්මක් පනින්නට උත්සහ කරන්නට ඉඩ තිබේ. ලිංගිකත්වය සම්බන්ධ අපේ මතවාද මත පිහිටා කටයුතු කර අපේ නිවැරදි වටිනාකම් සමගින් පිළිගත් ලිංගික ජීවන රටාව ශක්තිමත් කිරීම තුල ලිංගික අපචාර වැලැක්වීම පමණක් නොව බටහිර මතවාදී ත්‍රස්තවාදයද පැරදවිය හැක. අපට ආවේනික චින්තන ආකෘතිය අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතියම සකස් කර ගත හැකිනම් ලිංගික අපචාර යන වචනයෙන්ද ගැලවිය හැක. එපමණක් නොව අපට නොගැලපෙන ක්‍රියාකාරකම් හරහා රටට බරක් වන ආර්ථික පරිභෝජන හා පාරිසරික ගැටළුද නිරාකරනය වීම නිසැකය.



Tuesday, March 31, 2020

කොරෝනා අභියෝගය ජයගන්නා ගමන් අපේ චින්තනයද බලගන්වමු

 
කොරෝනා වෛරසය ලෝකයටම බැට දෙන්නේ මර බිය ඇති කරවමින් පමණක් නොවෙයි, තවත් පාඩම් ගනනාවක් කියා දෙමින්. මේ වසංගතය දැන් තදින්ම බැට දී තිබෙන්නේ බටහිර ලෝකයටයි. වසංගතය මුලින්ම කල එලි බැස්ස චීනය දැන් සාර්ථකව රෝගය මැඩ පවත්වා පාලනය කරගෙන තිබේ. ජපානය හා කොරියාව ඇතුළු ආසියාතික රටවල්ද මේ උවදුරට සාර්ථකව මුහුණ දෙයි. රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම මාරාන්තික වසංගතයට මුහුණ දෙන ආකාරය සෞඛ්‍ය විදි විධාන ඉතා ඉහල මට්ටමක තිබෙයි. මේ සියල්ල ඒ අයුරින් සිදු වෙද්දී ලෝකයේ දියුණු හා සංවර්ධිත යැයි කියන බටහිර රටවල් බොහොමයක් කොරෝනාවෙන් බැට කන්නේ ලංකාව වැනි ආසියාතික රටවලට අන්ත ලෙසය. ඉතාලියේ තත්වය ඉතා බරපතල මෙන්ම අතිශය කනගාටුදායකයි.
                         ලෝකය පුරාවට මේ මාරාන්තික කොරෝනා වසංගත තත්වය තර්ජනයක් වෙද්දී එම වසංගත තත්වය පාලනය කිරීම හා රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධයක් කැපී පෙනෙයි. ඒ අන් කිසිවක් නොව සාමූහිකත්වය හා ඒකාබද්ධතාවයයි. වසංගත තත්වය පාලනය කිරීමේදී ප්‍රධාන කර්තව්‍යක් වී තිබෙන්නේ සාමූහික වගකීම් ඉටු කිරීම හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීමයි. එකිනෙකා තම පෞද්ගලිකත්වය හා පුද්ගල නිදහසට වැඩි වැදගත් කමක් දී මෙවැනි අභියෝග ජයගත නොහැක. බටහිර රටවලට මේ වසංගත අභියෝගයට මුහුණ දීමට අපහසු වී තිබෙන්නේ මේ ගුණාංග වල අඩුවැඩිය අනුවයි. වර්තමාන බටහිර ලෝකයේ සෑම රටකම වාගේ ජන සමාජය සැලකූ විට සාමූහිකත්වය, ඒකාබද්ධතාවය ආදී ගුණාංග වලට වඩා පෞද්ගලිකත්වය හා පුද්ගල නිදහස වැදගත් කොට සැලකීම කැපී පෙනෙයි. මේ බොහොමයක් රටවල් දේශපාලනිකව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගුරු කොට සැලකීම හා පුද්ගල නිදහස මත පදනම් වන මානව හිමිකම් ඉස් මුදුනින් ගැනීම කැපී පෙනෙයි. ආසියාතික රටවල් වල ජනයා සාමූහික වගකීම් වලට මුල් තැනක් දී කටයුතු කරද්දී එයට සම්ප්‍රදායික කම කියමින් බටහිර නූතනත්වයේ ආටෝපය ලොවට ප්‍රදර්ශනය කිරීමත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන ලෝකයට උපදෙස් දීමත් අද කොරෝනාවෙන් බැට කන බොහෝ බටහිර රටවල බල්ධාරීන් පුරුද්දක් කොට ගෙන තිබුණි. මෙතරම් ව්‍යසනයක අනතුර පෙනි පෙනී මේ වසංගත තත්වය මුල්ම අවධියේදී එතරම් සැලකිල්ලක් නොදැක්වීම හා විහිළුවකට ගැනීම හරහා විනාශය උග්‍ර අතට හැරීමට බටහිර ලෝකයේ මේ සමාජ දේශපාලනික තත්වයත් හේතු වූවාට සැක නැත. අපේ රට තවමත් බටහිර නූතනත්වයේ ආටෝපය හා බටහිර මතවාද හරහා සමාජමය වශයෙන් එතරම් දුර්වල වී නොමැති වීම හා අපට ආවේනික සාමූහිකත්වයත් ඒකාබද්ධතාවයත් නොනැසී පැවතීම අද අපට ආශිර්වාදයක් වී තිබේ. ඒ මෙම වසංගත තත්වය මැඩපැවැත්වීමේදී සාමූහික වගකීමක් ඇතිව කටයුතු කිරීමට මෙරට අති විශාල බහුතරයට හැකියාව තිබීම තුලයි.
                                                                            සමස්ථයක් ලෙස අපේ රට රටක් ලෙස මේ ව්‍යසනය හමුවේ ඊට මුහුණ දෙන ආකාරය සතුටුදායකය. අපගේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් ගෙන යන වැඩ පිළිවෙල හා ක්‍රියාකලාපය ඉතා ප්‍රශංසනීයයි. ලෝකයේ දියුණු යැයි කියාගන්නා බටහිර රටවලට වඩා අපේ රට මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙන බව දැන් පැහැදිලියි. බටහිරට ආවඩමින් අපේ රට හැම අතින්ම නොදියුණු මට්ටමක තිබෙන බවට අනුකාරක පුහු උගතුන් ගොඩනගා තිබෙන මතයෙන් ඔබ්බට හිතන්නට ශක්තියක් අප අතරින්ම ගොඩනගා ගැනීමත් වැදගත්. මේ වසංගත තත්වයට මුහුණදීමේ සාර්ථකත්වයට පහුගිය ජනාධිපතිවරණයත් සමග දේශපාලනයේ සිදු වූ වෙනසත් අනිවාර්ය ලෙස වැදගත් වූ බව රහසක් නොවේ. ජනාධිපතිවරයාගේ කැප වීම හා එතුමා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මෙහෙයවන ආකාරයත් නිසි කලට නිවැරදි තීන්දු ගැනීමත් අති විශිෂ්ඨයි. කෙසේ වෙතත් මේ සියළු වැඩසටහන් අතර ඊට ශක්තියක් සපයන තවත් වැදගත් දේ ගැනත් අප සිතිය යුතුයි. මේ අභියෝගය ජයගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රටට ආවේනික ලෙස සිතන පතන වියත් බුද්ධිමතුන්ගේ අදහස්ද ලබා ගැනීම අතිශය වැදගත්. දැනටත් අපේ සාමූහිකත්වය ඒකාබද්ධතාවය හරහා සාමූහික වගකීම් ඉටුකරමින් රෝග ව්‍යාප්තිය පාලනයට ගෙනයන රජයේ වැඩපිළිවෙලට බහුතර ජනයා උනන්දුවකින් තම සහය ලබා දීම සැබවින් යහපත්. නමුත් ඉතා සුළුතරයක් නොසැලකිලිමත් බවත් කිව යුතුයි. ඉතාලිය, ස්පාඥ්ඥය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි කොරෝනා උවදුර දරුණු අතට හැරී ඇති යුරෝපීය රටවලත් මුල් අවස්ථාවේ රෝගීන් වාර්ථා වී ඇත්තේ අපේ රටේ ආකාරයට මෙන්ම ඇතැම් විට ඊටත් අඩු මට්ටමකින් බවත් අප සිහිතබා ගත යුතුය.  අප අපේ පාරම්පරික සිංහල වෙදකමේ දැනුමෙන්ද නිසි ප්‍රයෝජනය ගත යුතුයි. විශේෂයෙන්  මේ වෛරස් වසංගතය හමුවේ සිරුරේ ප්‍රතිශක්තිකර්ණය වැඩි කරන ක්‍රම සිංහල වෙදකමට අනුවද සොයා බලා නිසි ප්‍රයෝජනය ගත යුතුයි. ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන් ඔබ්බට ඇති දේ ගැන සිතා ගැනීමට නොහැකි අනුකාරක විද්‍යාත්මක උගතුන් කුමක් කීවත් පිරිත් කීම හා පිරිතේ ආශිර්වාදය ලබා ගැනීම ජාතියක් ලෙස අපටත් සියළු ශ්‍රී ලාංකික ජනයාටත් සෙතක් සලසන බව මිත්‍යාවක් නොවන බවද අප වටහා ගත යුතුයි. මේ සියල්ලට ජාතියක් ලෙස අප එකතු කරන චින්තනයද බලගැන්වීම වැදගත්.
                                 යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ලියවී ඇති ලෝක ඉතිහාසය දෙස බැලුවද, බටහිර ලෝකයේ සිදු වූ වෙනස්කම් විප්ලව ආදිය හැම විට ලෝකයට යහපත උදා කර නොමැති බවත් විනාශකාරී ක්‍රියාකාරකම් පද්ධතියක් ලෝකය පුරා සංවර්ධනය යන සංකල්පය හරහා සියළු රටවලට ආදේශ වී තිබීමත්  ගැන අප නැවත කල්පනා කර බැලිය යුතුය. මේ වසංගත තත්වය තුල පරිසරය වනසන මිනිස් ක්‍රියාකාරකම් අවම වීම තුලින් ලොව වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය අවමයකට පැමිණ ඇති බවටද තොරතුරු අනාවර්ණය වී ඇත. එයින් පෙන්නුම් කරන්නේ මෙතුවක් කල් අධික පරිභෝජනය මත පදනම් වන ප්‍රමිතියක් නැති මිනිස් ක්‍රියාකාරකම් ලෝකයටත් සොබාදහමටත් කොපමණ වදයක් දී ඇතිද යන්නයි. බටහිර මතවාදී ආක්‍රමණයට හසු වී බැට කන අපට බටහිර ලෝකය අද කොරෝනා වසංගතයෙන් බැට කන ආකාරය දෙස බලා හෝ මේ මතවාදී ආක්‍රමණයෙන් ගැලවීමේ උනන්දුවද ඇති වන්නේනම් එය ඉතා යහපත්. රටක් ජාතියක් ලෙස අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන අතරතුරම අනාගතයේ අපට ආවේනික චින්තන ආකෘතියකට අනුව අපේ ක්‍රියාකාරකම් පද්ධතියක් රටට හිතකර අයුරින් ගොඩනගා ගැනීමටද අප අධිෂ්ඨාන කරගත යුතුය. ඊට අවශ්‍ය පදනම දැන් සකස් වෙමින් පවතින බව ත් ඉතා පැහැදිලියි.

Sunday, March 8, 2020

ස්ත්‍රිය තුලින් තවත් පුරුෂයෙකු දැකීමේ කුහක මානසික රෝගය

තවත් කාන්තා දිනයක් ඇවිත්. ලෝකේ කොහේ සැමරුවත් මොන ක්‍රියාකාරකම් වලින් සමන්විත උනත් මේ ජාත්‍යන්තර කාන්තා දිනය තුලින් නියෝජනය වෙන්නේ බටහිර කාන්තාවාදය හෙවත් Feminism . මේ බටහිර කාන්තාවාදය නියෝජනය කරන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය නොවෙයි. නමුත් අවස්ථාවාදීව එහි යටි අරමුණු හා ඉලක්ක වලට යන්න විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය බටහිර කාන්තාවාදය විසින් අවභාවිතා කරනු ලබනවා. කාන්තා දින වලට ස්ත්‍රීත්වය හා බැඳුනු කාන්තාවන්ට ලාක්ෂණික ක්‍රියාකාරකම් කොපමණ සිදු වුවත් බොහෝ විට මේ සියල්ල සිදුවන්නේ බටහිර කාන්තාවාදයේ ලෝක ස්වභාවයට එරෙහි බිහිසුනු යටි අරමුණු වසන් කිරීමට මිස වෙනත් දෙයකට නොවේ. වෙනත් විදිහකින් කීවොත් ලිංගිකත්වයේ ස්වභාවය හා ලෝක ස්වභාවය පිළිපැදීමට අකමැති බටහිර කාන්තාවාදයේ කුහක බිහිසුනු අංග වසන් කිරීමට විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෲත්වය කඩතුරාවක් ලෙස භාවිතා කිරීම.
                                    
මෙලෙස සැබෑ ස්ත්‍රීත්වය අවභාවිතා කරන බටහිර කාන්තාවාදය විසින් කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න සිය මතවාදී ග්‍රහනයට නතු කරගනිමින් සියල්ලට විසඳුම ලෙස අවසානයට කරන්නේ ස්ත්‍රීත්වයේ ස්වභාවය, විෂමලිංගිකත්වය හා මාතෲත්වය කරදරයක් ලෙස සිතන්නටත් ඊට විසඳුම ලෙස මිනිස් ලිංගිකත්වය ව්‍යාකූල කර ලිංගික බහුරූපිකත්වයක් දැඩි ආයාසයකින් බලහත්කාරී ලෙස නිර්මාණය කිරීම විසඳුමක් ලෙස සිතීමටත් පෙළඹවීමයි. ඒ සඳහා ලිංගිකත්වය මත පදනම් වූ සමාජීය කුහකත්වයන්, ලිංගික ඊර්ෂ්‍යාව, ලිංගික ද්වේශය හා වෛරය ආදිය ප්‍රයෝජනයට ගනිමින් එම අංග තම වාසිය සඳහා මෙහෙයවීමටද බටහිර කාන්තාවාදයේ අනුගාමිකයන් ඉතා දක්ෂ වීමද කැපී පෙනෙයි. මිනිසුන්ගේ පමණක් නොව ඒක ලිංගික සත්ව කොට්ඨාශ සියල්ලේම ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් ස්වභාවිකව පිහිටන්නේ එකිනෙකට අනුරූප ලෙස මිස සමාන ලෙස නොවේ. කාන්තාවන් යනු පිරිමින් විසින් බලහත්කාරයෙන් හීලෑ කළ වෙනත් අමුතු ජීවීන් කොට්ඨාශයක් නොවේ. එහෙත් බටහිර කාන්තාවාදී උන්මත්තක අන්තගාමීන් කාන්තාවන්ට සිතන්නට අනුබල දෙන්නේ ඒ ආකාරයෙන්.
                         
බටහිර කාන්තාවාදය විසින් මතුපිටට පෙන්නන කාන්තා ක්‍රියාකාරකම් මොනවා උනත් මේ මතවාදය කාන්තාවන් දකින්නේ තවත් පුරුෂයන් ලෙස හෝ විෂමලිංගික ස්ත්‍රීත්වයෙන් පරිභාහිර වෙනත් රූපිකයන් ලෙසයි. මේ මතවාදය තුල ගැබ්ව ඇති කුහකත්වයන් හා ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි වූ ද්වේශය ආදිය කාන්තාවන් තුලින් ස්ත්‍රියට ආවේනික ස්ත්‍රීත්වයත් විෂමලිංගික ස්වභාවයත් දැකීමට දැඩි අකමැත්තක් පුද්ගලයන් තුල ඇති කරවයි. බටහිර කාන්තාවාදයේ මතවාදී ස්වභාවය කෙබඳුද? එහි මතවාදී නියමුවන් බහුතරයක් කාන්තාවන් නොව පිරිමින් වන්නේ ඇයි? ඒ තුල මතවාදී ලෙස දැඩිව සිටින කාන්තාවන් අතිමහත් බහුතරය විෂමලිංගික ස්ත්‍රීත්වය නියෝජනය කිරීමට වඩා ලිංගික බහුරූපිකත්වය වෙනුවෙන් පෙනී සිටීමට කැමති ඇයි? මේ සම්බන්ධ බොහෝ කරුණු අප මින් පෙරත් අවස්ථා ගනනාවකදී කියා ඇත. එබැවින් නැවත නැවතත් එම කරුණු කීම අනවශ්‍යයි. මේ මතවාදයේ විකාශනය බටහිර ඉතිහාස කරුණු සමගම අප මින් පෙර සඳහන් කර ඇත. ඉතා කෙටියෙන් ලිපියට අවශ්‍යම දේ කිවහොත් බටහිර කාන්තාවාදයේ සැබෑ පසුබිම වන්නේ යුදෙවු චින්තන ආකෘතිය හා පුරුෂයන්ගේ ලිංගික කුහකත්වයන් යන්නයි.
                                           
පුරුෂයන්ගේ කුහකත්වයන් ගැන බටහිර කාන්තාවාදීන්ද අවස්ථාවාදීව කතා කළත් කුහක අතවර අර්ථගැන්වීම් ආදිය උවමනාවෙන් මගහැරීමට ඔවුන් සූක්ෂම වෙති. එමෙන්ම අතීතයේ එතරම් පිළිගැඇනීමක් නොතිබුණත් බටහිර යුදෙවු චින්තනය ප්‍රමුඛත්වයට පත් වීම සමග නිල මට්ටමින් පිළිගැනීමක් සමග වැඩි දියුණු වී ඇති පිරිමින්ගේ මහා කුහකකම බටහිර කාන්තාවාදය විසින් ප්‍රශ්න නොකරන්නේ එම මතවාදයට මේ මහා කුහකත්වයේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබීම හේතුවෙන්. පුරුෂයන්ගේ මේ මහා කුහකකමෙන්ම බටහිර කාන්තාවාදයේ බොහෝ පැතිකඩවල් එලිබහින ආකාරය තේරුම්ගැනීමට තරම් විචාරයක් ඇති ඕනෑම කෙනෙකුට මේ කිසිත් පුදුමසහගත දේ නොවෙයි. මේ මහා කුහකත්වයේ ස්වරූපයනම් ලිංගික ආශ්වාදය සඳහාම තම ලිංගය ප්‍රාණවත් කර ගැනීමට ලස්සන ගැහැනුන් අවශ්‍ය වන පිරිමින්ට තම ලිංගික කටයුත්ත අහවර වීමෙන් පසුව ගැහැනියට ආවේනික ස්ත්‍රීත්වයේ ස්වභාවය නොවටිනා අංගයක් වීම හා නැවත වතාවක් ලිංගික ආශ්වාදය ලැබීමට අවශ්‍ය වන තෙක් ගැහැනිය තුලින් ඇයට ආවේනික සැබෑ ස්ත්‍රීත්වය නොදැක ඒ වෙනුවට ඇය තුලින් තවත් පුරුෂයෙකු හෝ පුරුෂ ස්වභාවය දැකීමට උත්සහ කිරීමයි.
           
බටහිර කාන්තාවාදයට කුහක පිරිමින්ගේ මේ ගතිය ගැටළුවක් නොවනවා පමණක්ම නොවෙයි. බටහිර කාන්තාවාදයේ අනුගාමික ගෑනුන්ද පිරිමින්ගේ මේ කුහක ගතියට වන්දනාමාන කරති. ඒ ඇයි? සැබවින්ම ස්ත්‍රීත්වයක් නැති බටහිර කාන්තාවාදයේ අන්ධ අනුගාමික මෝඩ ගෑනුන් තමන්ගේම ස්වභාවික ස්ත්‍රීත්වය කරදරයක් ලෙස සිතන්නට හුරු පුරුදු වී තිබීමයි. ඒ කාන්තාවාදයේ මතවාදී ආදිපත්‍ය හසුරුවන කුහක පිරිමින් ඔවුන්ට සිතන්නට පුරුදු කර තිබෙන ආකාරය වේ. ඊට අනුවනම් කාන්තාවන් තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයෙන් පමණක් නොව හැකිනම් සියළු ජීව විද්‍යාත්මක සාධක වලින් ගැලවීම කාන්තාවන්ගේ ජයග්‍රහණයක් වෙයි. එපමණක් නොව පිරිමින්ගේ පෞරුෂත්වයට අනුරූප ලෙස ගෑනුන්ට පිහිටන ස්ත්‍රීත්වය වෙනුවට ගෑනුන්ද කායිකව හා මානසිකව පෞරුෂත්වය ආරූඪ කර ගැනීම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙයි. ස්වභාවයෙන් එකකට එකක් අනුරූප ලෙස පිහිටන ස්ත්‍රී පුරුෂ භාවය හා විෂමලිංගිකත්වය බටහිර කාන්තාවාදයට අනුව කාන්තාවන්ගේ ප්‍රගතියට ඇති මහා බාධකයන්ය. මේ මතවාදයේ කුහක නිර්මාතෲවරුන් හා එහි ආදිපත්‍ය හසුරවන කුහක පිරිමින්ට අනුවනම් පිරිමින්ද කාන්තාවන්ට මේ බාධක ජය ගෙන හැකි හෑම ආකරයකින්ම පුරුෂකරණය වීමට උදවු උපකාර කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගනු වස් සමලිංගිකත්වය ඇතුළු සියළු ව්‍යාකූලත්වයන් පිළිගෙන ලිංගික බහුරූපිකත්වයක් ස්ථාපනය කළ යුතු වේ. ඇතැම් කුහක පිරිමින්ටනම් තමන්ට ලිංගික ආශ්වාදය ලැබීම සඳහා ඔවුන් විසින් සම්ප්‍රදායික යැයි කියන ස්ත්‍රීත්වය අනුව හැඩගැසීමක් ඇති ඔවුන්ගේ අර්ථයෙන් නොවටිනා ගෑනුන් ටිකක් වෙනම සිටියදී ඒ පිරිස හැර අනික් කාන්තාවන් ප්‍රගතිය කරා ගෙන යා යුතුයි. බටහිර කාන්තාවාදයේ සාඩම්බර අනුගාමික කාන්තාවන්ට අනුව අර පිරිමින් අනුකරනය කිරීමේ දක්ෂතාවයක් නැති නොවටිනා ගෑනුන්ගේ ස්ත්‍රීත්වය අනුකරනය කිරීමට පිරිමින්ට අයිතියක් වගේම හැකියාවක් තිබිය යුතුය. මේ කාන්තාවාදයට ඇති ලොකුම ප්‍රශ්නය ලෝක ස්වභාවය හා ඊට  අනුව ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්හි ඇති එකිනෙක අනුරූප බවත්, විෂමලිංගිකත්වයත්  වේ.
                          
බටහිර කාන්තාවාදයෙන් වර්තමානයේ වැඩිපුරම බැට කන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා ඒ මත පදනම් වන මාතෘත්වයයි. ඒ වෙනුවෙන් පෙනී හිටින්නට බටහිර කාන්තාවාදයට උවමනාවක් නැතුවා පමණක් නොව එම අංග හැකි උපරිමයෙන් හින්සනයට හා පීඩනයට ලක් වීම බටහිර කාන්තාවාදී කුහකයන්ගේද බලාපොරොත්තුවයි. කාන්තාවන් බහුතරයකට වර්තමානයේ විචාරයක් තිබිය යුත්තේ මේ කරුණ තේරුම් ගැනීමටය.  කාන්තාවාදීන්  මතුපිටින් කුමන දේ එලිදැක්වුවත්, තම ලිංගික ආශ්වාදය සඳහා ලස්සන ප්‍රියමනාප කාන්තාවන් අවශ්‍ය වෙද්දී ලිංගික කටයුත්ත හමාර වූ පසු නැවතත් එම අවශ්‍යතාවය ඇතිවෙන තෙක් ගැහැනිය තුලින් ස්ත්‍රීත්වය දැකීමට අකමැතිව ඇය තුල පෞරුෂත්වය සොයන කුහක ව්‍යාධිජනක පිරිමින් කාන්තාවාදය මෙහෙයවන බව කාන්තාවන් පමණක් නොව ඉහ මොළයක් ඇති සියල්ලන් තේරුම් ගත යුතු වේ. බටහිර කාන්තාවාදය කාන්තාවන් ගැන කුමක් කීවද ඒ තුලින් නියෝජනය වන්නේ කාන්තාවන් හා ස්ත්‍රීත්වය නොව ලිංගික බහුරූපිකත්වයයි. කාන්තාවාදී කුහකයන් ස්ත්‍රිය තුලින් පෞරුෂත්වයත් පුරුෂයා තුලින් ස්ත්‍රීත්වයත් සමලිංගිකත්වය හා විෂමලිංගික නොවන අනෙකුත් ලිංගික නැඹුරුතාත් දැකීමට වැඩි කැමැත්තක් දක්වති. එසේ නොමැතිනම් මේ කුහකයන් LGBT ව්‍යාකූලත්වයන් වෙනුවෙන් සියල්ලට වඩා කෑමොර දෙන්නේ ඇයි? කාන්තාවන් බහුතරයක් පීඩාවට පත් වන්නේ පුරුෂයාගේ ආධිපත්‍යක් නිසා නොව කුහක බටහිර කාන්තාවාදීන් ගොඩනගන වංචනික ගුණධර්මයන්ගෙන්. සරල නිදසුනක් කීවොත් පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කරමින් පිරිමි ලිංගිකත්වය පවා උමතුවෙන් අනුකරනය කරන කාන්තා චරිත කෘතීමව පිම්බීමටත් ඒ චරිත වලට දණ්ඩනමස්කාර කිරීමටත් අවශ්‍ය කුහක ගතිය කාන්තාවාදීන් විසින් වැඩි දුර වර්ධනය කිරීම පෙන්විය හැක. බුද්ධිමත් කාන්තාවන් පළමුව පිටු දැකිය යුත්තේ ලිංගිකත්වය හා බැඳුනු මේ සමාජ කුහකත්වයන්ගෙන් පැන නගින ව්‍යාජනයන්ය. තම ලිංගය ප්‍රාණවත් කරගෙන ආශ්වාදය ලැබීමේ අවස්ථාවට පමණක් කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය මතක් වන ලිංගික කටයුත්තෙන් පසු ස්ත්‍රිය තුල පෞරුෂත්වය හොයන කුහකයන්ගෙන් තම ජීවිත වලට වැරදි උපදෙස් ගැනීම නවතා දැමූ කළ කාන්තාවන්ට බොහෝ පීඩාවන්ගෙන් ගැලවී තම ජීවිත වලට බලපාන සැබෑ ප්‍රශ්න ගනනාවකට නිවැරදි පිළිතුරුද සොයා ගැනීමට හැකි වනු ඇත. තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය පදනමට ගෙන සිතීමට හා ස්ත්‍රීත්වයේ විශේෂණයන් නියෝජනය කිරීමට කාන්තාවන්ට තිබිය යුතු සැබෑ දක්ෂතාවය ඒ තුලින් වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව ඉන් සැලසෙයි.