Thursday, December 19, 2019

සමූහ දූෂණය හා කැලේ නීතිය

ලිංගිකත්වය මත පදනම් වන සමාජීය කුහකත්වයන්ට අලංකාර සළුපිලි ඇඳ නැවතත් අප ඉදිරියේ රංගනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇත. ඒ ඉන්දියාවේ පශුවෛද්‍යවරියක් සමූහ දූෂණයකට ලක් වී අවාසනාවන්ත ලෙස අතවර කරුවන් අතින්ම මරණයට පත් වීමේ සිද්ධියත් සමගයි. සියළු පවු පිරිමියාගේ ලිංගික ස්වභාවයට ගැටගසා ඊට බැට දීමට කුහක මෝඩයන්ට එක් පැත්තකින් අවස්ථාව උදා වී තිබේ. මේ ගැන පරීක්ෂණ පැවැත්වූ ඉන්දීය පොලීසිය විසින් ඊට සැකපිට අතඩංගුවට ගත් පුද්ගලයන් හතරදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ ඔවුන් පොලීසිය සමග යම් ගැටුමක් ඇති කරගත් බව සඳහන් කරමින්. ඉන්දීය පොලීසියේ මේ ක්‍රියාවද එකපයින් අනුමත කරමින් ඊට පක්ෂව පලවන තොරතුරු වලින් සමාජ ජාල වෙබ් අඩවිද පිරී ගොස් ඇත. මේ සිද්ධිය ගැනත් ඉන්දීය පොලීසියේ ක්‍රියා පිළිවෙල ගැනත් විචාරශීලී ලෙස යම් කරුණු දැක්වීමක් අවශ්‍ය වන්නේ මේ සිද්ධිය හරහා ඉඩකඩ විවර වන තවත් අනතුරුදායක පැතිකඩක් ගැන අනාවරනය කිරීමටය. කුහකත්වයෙන් අන්ධ වූවන්ට එය එතරම් වැදගත් නොවිය හැකිමුත් ඒ තුලින් මුළු මිනිස් සංහතියම බැට කෑමට තිබෙන ඉඩකඩ දෙස බුද්ධිමත්ව බැලීමේදී මේ සටහන තැබීම  අනිවාර්ය ලෙස කළ යුතුයි.
                                                                           
කාන්තාවක් සමූහ ලෙස දූෂණය කර මරා දැමීම  අපරාධමය වරදක්  බව කිසිදු විවාදයකින් තොරව පිළිගතයුත්තක්. නමුත් එවැනි සිද්ධියකදී වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම හා වරද තහවරු කර දඬුවම් කිරීම හදිසි කෝපය මත ඇතිවන මහජන කැලඹීම් වලට සාපේක්ෂව සිදු වුවහොත් එය නවතින්නේ තවත් අනවශ්‍ය සමාජමය ගැටළුවකට ඉඩකඩ විවර කරමින්. අදාල සිද්ධියේදී ඉන්දීය පොලීසිය ක්‍රියාකර ඇත්තේ නිසි ක්‍රමවේදයකට අපරාධ කරුවන් කොටු කර ගැනීමේ න්‍යායකට අනුව නොවන බව ඉතා පැහැදිලිය. සැකපිට හතරදෙනෙක් අතඩංගුවට ගත් පසු කුමක් සිදු වුනිද? ඒ වන විටත් සිද්ධිය සැල වී ඇතිව තිබූ මහජන කැළඹීමත් ජනයාගේ හදිසි කෝපයත් පොලිස් නිලධාරීන් අර සැකකරුවන්ට වෙඩිතබා ඝාතනය කරන තැනට තල්ලු කර ඇති බවනම් පැහැදිලියි. එහිදී සැකකරුවන් සම්බන්ධ පරීක්ෂණ කෙරුනු බවක් පෙනෙන්නට නැත. පොලීසියද තමන්ගේ ගැලවීමට කියා සිටින්නේ සැකකරුවන් තමන් සමග ගැටුමක් ඇතිකරගත් බවකි. එහෙත් පුවත් වල පලවූ ඡායාරූප වල සිටින සැකකරුවන්ට අයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිකරගන්නට තරම් ශක්තියක් තිබූ බවක් නොපෙනේ.
                                                         
යම්කිසි අපරාධමය වරදකදී නියම අපරාධකරුවා නිදැල්ලේ සිටියදී ඊට සම්බන්ධ නැති වෙනත් කෙනෙකුට නීතියෙන් හෝ අවනීතියෙන් දන්ඩුවම් කළ පමණින් අපරාධයෙන් වින්දිත පාර්ශවයට සාධාරණයක් ඉටු වේද? කිසිසේත්ම නැත. ඒ තුලින් එක් අපරාධයක් අපරාධ දෙකක් බවට පත්වීමනම් සිදු වෙයි. ඒ වරද කළ සැබෑ අපරාධකරුවාට ඉන් ගැලවී නිදැල්ලේ සිටීමට ඉඩ සැලසීම හා වරදක් නොකළ කෙනෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කර අදාල පුද්ගලයාගේ ප්‍රතිරූපයට හානියක්ද කරමින් දඬුවමකට ලක් කිරීමයි. නිදසුනක් ලෙස A, B,C ලෙස පුද්ගලයන් තිදෙනෙක් සලකමු, A විසින් B ඝාතනය කරනු ලබයි, පොලීසිය ඊට සැක පිට C අතඩංගුවට ගෙන සිටියදී ජනයාගේ හදිසි කෝපය සලකා කල් වේලා ගෙන පරීක්ෂණ කරනු වෙනුවට C ට බලෙන් වරද පටවා ඔහුට වෙඩි තබයි, දැන් මේ සිද්ධියේ වින්දිත පාර්ශවය වන B ට සාධාරනයක් ඉටු වී තිබේද? අර ඉන්දියාවේ පශු වෛද්‍යවරියගේ සිද්ධිය ගැනත් කියන්නට ඇත්තේ ඒ ටිකමයි. ඇයට කළ අපරාධයට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් වෙඩිතබා ඝාතනය කළ පසු ඔවුන් සැබෑ වග උත්තර කරුවන් නොවී, ඇත්ත අපරාධකරුවන් නිදැල්ලේ සිටීනම් අර තැනැත්තියට ඉටුවන යුක්තිය කුමක්ද? අපේ රටේ කොටදෙනියාව ප්‍රදේශයේ සිදුවූ සේයා නම් කුඩා දැරිය සම්බන්ධ සිද්ධිය කාටත් මතක ඇති. ඒ සිද්ධියේදීත් මෙරට පොලීසිය ක්‍රියා කරේ අතිශය අපරික්ෂාකාරීව මහජන කැළඹීම හා කටකතා මුල් කරගෙනයි. වාසනාවට DNA පරික්ෂාවක් සිදු වුනා ( එම DNA වාර්තාවත් එකම පවුලේ එක් සහෝදරයෙකුට නොගැලපී අනෙක් සහෝදරයාට ගැලපීම ගැන වෙනම ප්‍රශ්නයක්ද ඇත, එය මීට පෙර අප කතා කළ බැවින් මෙහි සඳහන් කිරීම අනවශ්‍යයි ). කෙසේ නමුත් DNA පරික්ෂාව නොවන්නට වරදට දඬුවම් ලබන්නට තිබුනේ එක්කෝ අර කොණ්ඩයා යැයි කියූ කෙනා, නැත්නම අර පාසැල් සිසුවා හෝ බාස් වෙන්න තිබුනා. හොඳ වෙලාවට එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ, ඉන්දියාවේ පොලීසිය මෙන් මෙරට පොලීසියත් එම සිද්ධියේදීත් සැකකරුවන්ට වෙඩි තැබුවේනම් කුමක් සිදුවෙන්නට තිබුණිද?
               
 මේ සිද්ධියත් සමගම ඉන්දීය පොලීසියේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කරමින් මෙරටද සමාජ ජාලා ඔස්සේ පෝස්ට් විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතිනවා. ඊට පක්ෂව අදහස් දක්වන සියළු දෙනා කියන්නේ ඉන්දීය පොලීසිය සැකපිට අතඩංගුවට ගෙන ඇත්තේ නිස්චිතවම වරදකරුවන් විය යුතු බව හා ඔවුන්ට වෙඩි තැබීම සාධාරණ බවයි. මෙවැනි අදහස් දක්වන බොහෝ පිරිස් එලෙස ඉන්දීය පොලීසිය සාධාරණිකරනය කිරීම තුලින් තමන්ට මහා ලොකු ප්‍රබුද්ධ කමක් ආරූඪ කරගන්නට හැකි බව විශ්වාස කරනු පෙනෙයි. කෙටියෙන් කිවුවොත් තමන් මහ ලොකු පොරවල් යැයි ඔවුන්ම සිතන බවක් පෙනෙන්නට ඇත. කුහකත්වය,ඉරිසියාව වෛරය, ද්වේශසහගත බව ආදිය ලිංගිකත්වය මතද ක්‍රියාත්මක වන බව මෙවන් සිද්ධි සම්බන්ධ කරුනු දැක්වීමකදී විශේෂයෙන් මතක් කර දියයුතුය.  විචාර බුද්ධියෙන් හා චින්තන හැකියාවෙන් උසස් සමාජ ස්ථර වල මෙවැනි අගතිගාමී ගුණාංග වලට එතරම් ඉඩක් නැති අතර, එවැනි සමාජ තත්වයක වැඩි ප්‍රමුඛත්වයන් ලැබෙන්නේ මනුස්ස ස්වභාවයන් නිවැරදි ආචාරධර්මයන් තුලින් කලමනාකරනය කිරීමට හා එම ස්වභාවයන් ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන අතර ඒ සමග එකට ජීවත් වීමටයි. මහා පරිමාණයෙන් දක්නට නොලැබුණත් විචාර බුද්ධියෙන් හා චින්තන හැකියාවෙන් හීන සමාජ ස්ථර වල, පුරුෂ සමාජයේ එකිනෙකා අතර තිබෙන ලිංගික කුහකත්වයන්ට හා ලිංගික ඊර්ෂ්‍යාවටත්, ස්ත්‍රී සමාජයතුල ඇති පිරිමියාගේ ලිංගික ස්වභාවය කෙරෙහි වෛරී හා ද්වේශසහගත බවටත් වැඩි ඉඩප්‍රස්ථාවක් ඇත. මේ ලක්ෂණතුලින් ගොඩනැගෙන වංචනික ගුණධර්ම වලට එම සමාජ ස්ථරවල ඉහල පිළිගැනීමක්ද ලැබෙයි. ස්ත්‍රී දූෂණ වැනි සිද්ධි එක්ක මේ වංචනික ගුණධර්ම අනිසි වටිනාකමක්ද සමගින් ඉස්මතු වනු පෙනේ. අනෙක් අතට ස්ත්‍රී දූෂණ වැනි සිද්ධි සියල්ලම වාගේ දක්නට ලැබෙන්නේත් මේ වංචනික ගුණධර්ම ගොඩනැගෙන සමාජ ස්ථර වලම මිස පෙර කී විචාර බුද්ධියෙනුත් චින්තන හැකියාවෙනුත් උසස් සමාජ ස්ථර වල නොවීමද විශේෂයි. 
                             
  ස්ත්‍රී දූෂණ ඇතුළු කාන්තාවන්ට වන ලිංගික අතවර අර්ථගැන්වීම් හා ඒවාගේ පසුබිම ගැන සොයා බැලීමේදී පෙනෙන පැහැදිලි කරුනක් නම්, ඒ කිසිවක් ලොව කොතැනකවත් මිනිස් ඉතිහාසයේ කෙදිනකදී හෝ කාන්තාවන් විසින් අර්ථගන්වනලද ඒවා නොවන බවයි. පිරිමින් විසින් කාන්තාවන්ට වන ලිංගික අතවර අර්ථගන්වන්නේ ඇයි? ස්ත්‍රී දූෂණ අර්ථගැන්වීම් නම් බොහෝ ඈත අතීතයකට යන බව පැහැදිලිය. මේ අර්ථකථනයට පසුබිම් වන්නේ විවාහයකදී පුරුෂ පාර්ශවය විසින් ස්ත්‍රී පාර්ශවයේ කන්‍යාභාවය සෙවීම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කාන්තාවන් විවාහයට පෙර වෙනත් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වා නැති බව තහවරු කරන සංකේතය බවට පත් වී තිබෙන්නේ කන්‍යාභාවයයි. එකිනෙකා ඒ තුල එල්බගෙන සිටින තරම අනුව ස්ත්‍රී දූෂණය යන්නෙහි වරදකාරී බවත් ඊට දෙන දඬුවමත් නීර්නය වන ආකාරය වෙනස් වුවත් ලොව සෑම රටකම එක් පිළිගත්  සම්මුතියකට අනුව නිස්චිත් දඬුවමක් තිබේ. පිරිමියෙකුගේ බලහත්කාරී ලිංගික අතවරයකට ලක් වූ පමණින් තමන් දූෂිත බව සිතීමට හෝ සමාජය විසින් තමන් දූෂිත  ලෙස හඳුන්වනවාට කාන්තාවන් ඇත්තෙන්ම කැමැත්තක් දක්වනවාද? ඒ කිසි සේත්ම එසේ නොවේ. තවත් පැත්තකින් බලහත්කාරයෙන් නොවුනත් කන්‍යාවියන් සමග ඔවුන්ගේ කැමැත්තද ඇතිව කන්‍යාභාවයට හානි වන ලෙස විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමට බොහෝ පිරිමින් යටි හිතෙන් කැමැත්තක් දක්වති. එලෙසම එසේ කළ පසු ඔවුන්ට විවාහයේදී කන්‍යාවියක්ම අවශ්‍ය බවද ඔවුන්ම කල්පනා කරති. මේ තුල කුහකත්වය ගැබ් වී නොතිබේද? විශේෂයෙන්ම කිව යුත්තක් වන්නේ මෙලෙස කල්පනා කරන ඇතමුන් තමන් නොවන වෙනත් පිරිමියෙකු එලෙස සිතනවාට හෝ එසේ කරනවාට කැමැත්තක් නොදැක්වීමයි. තමන් නොවන වෙනත් පිරිමි අයෙකු එවැන්නක් සත්‍ය ලෙස සිදු කළහොත් ඔහු අතවර කරුවෙකු ලෙස දැකූමට තරම් මේ අය කුහක වන අවස්ථා නැත්තේම නැත.
                           
 ඒක ලිංගිකත්වය ( ස්ත්‍රී / පුරුෂ ලෙස වෙන් වෙන්ව ජීවීන් දෙදෙනෙකු සිටින ) තුල ස්ත්‍රී පුරුෂ භාවය ලෝක ස්වභාවයට අනුව එකිනෙක සමරූපී වෙයි. ස්වභාවයෙන් පුරුෂ ලිංගිකත්වය මත පදනම් වන පුරුෂ ලිංගික අවශ්‍යතාවය හා ප්‍රජනන අවශ්‍යතාවයට සමරූපී ලෙස ස්ත්‍රීන්ටද ස්ත්‍රී ලිංගික අවශ්‍යතාවය හා ප්‍රජනන අවශ්‍යතාවය පිහිටයි ( එය එසේ නොවේ යැයි කිව හැක්කේ අමුම අමු කුහක ආත්ම වංචනිකයෙකුට පමණි ).පුරුෂයා පුරුෂ ලිංගිකත්වය පාදක කොටගෙන කරන භූමිකාවට සමරූපී ලෙස ස්ත්‍රියටද කිරීමට ස්ත්‍රී ලිංගිකත්වය පාදක කොට ගන්නා වූ විශේෂ භූමිකාවක් තිබේ. සත්‍ය ලෙසම කාන්තාවන් බලහත්කාරී ලිංගික අතවර වලින් ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ මේ සුවිශේෂී භූමිකාවට සාපේක්ෂවය. නමුත් එම සුවිශේෂී කන්ඩායමට වඩා ස්ත්‍රී දූෂණය යන වචන දෙක අල්ලාගෙන ප්‍රකෝපකාරී ලෙස අදහස් ප්‍රකාශ කරන තවත් පිරිස් ඇත. ඒ එක කොටසක් වන්නේ ස්ත්‍රීත්වය අනුව සුවිශේෂී භූමිකාවක් කිරීමට තබා ස්ත්‍රීත්වය නියෝජනය කිරීමටවත් පිරිමින් විසින් තමන් සිය විරුද්ධ ලිංගිකයන් ලෙස හඳුනාගැනීමටවත් අකමැති පිරිසයි. තවත් සුළු පිරිසක් ලිංගික අතවර සිදුවීම් අල්ලාගෙන තම යටි හිතේ පැලපදියම් ව ඇති පුරුෂයා හා පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි තිබෙන වෛරී හා ද්වේශසහගත බව පිටතට පෙන්වීමට උත්සහ කරති. තවත් දෙයක් මතක් කළ යුතුයි, ඒ අර ඉන්දියාවේ පශුවෛද්‍යවරියගේ සිද්ධියේදීත් වරදකරුවන් විසින් කර තිබෙන බරපතලම වරද අදාල තැනැත්තියට කළ ලිංගික අතවරයටත් වඩා ඇය අමානුශික ලෙස ඝාතනය කිරීම බවයි. මින් අදහස් වන්නේ ලිංගික අතවරය වරදක් නොවන බවක් නොව, මනුස්ස ඝාතනය ඊට වඩා බරපතල දෙයක් බවයි. 
                                               
 මීට පෙර සඳහන් කළ සමාජ ස්ථර වල විචාරයේ හා චින්තන හැකියාවේ පරතරය මත ලිංගික අතවර සිද්ධි හා අර්ථගැන්වීම් දෙස පුද්ගලයන් බලන ආකාරයත් හැසිරීමත් ගැන නැවත මතක් කිරීමක් අවශ්‍යයි. විචාර බුද්ධියෙන් හා චින්තන හැකියාවෙන් වැඩි සමාජ ස්ථර වල පිරිමි සමාජයේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නේ පුරුෂ ලිංගිකත්වය පාදක කොට ගෙන සිතීමට සමාජ වගකීම් ඉටු කිරීමට මෙන්ම, එකිනෙකාට ගරු කිරීමට හා තමන්ගේ ලිංගිකත්වයට සමරූපී ස්ත්‍රී ලිංගිකත්වය හරි හැටි පිළිගැනීමටත් ස්ත්‍රීත්වය අනුව කාන්තාවන්ගේ සුවිශේෂි හැඩගැස්මට ගරු කිරීමටත් මිස කුහකත්වයන් මත අතවර අර්ථගැන්වීමට නොවේ. අතවර අර්ථගැන්වීම වලින් සමස්ථයක් ලෙස කාන්තාවන් අපහසුතාවයට හා පීඩාවට ලක් නොවේද? අනෙක් අතට විචාර බුද්ධිය හා චින්තනය උසස් සමාජ ස්ථර වල කාන්තා සමාජයේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නේ පුරුෂ ලිංගිකත්වයට සමරූපීව ස්ත්‍රී ලිංගිකත්වය පාදක කරගෙන සිතීමට, ස්ත්‍රීත්වය සමාජයේ නොයෝජනය කිරීමට නිසි කලට විවාහ වීමට හා දරුවන් හදා ගැනීමට මිස කුහක ලිංගික මිත්‍යාවන් මත එල්බගෙන අතවර භීතිකාවෙන් තමන්ගේ ස්ත්‍රී ලිංගික ස්වභාවයම පසුබෑමට ලක්කරගෙන පීඩා විඳීමට නොවේ. එහෙත් විචාර බුද්ධිය හා චින්තන හැකියාව හීන සමාජ ස්ථර වල පිරිමින් වැඩිදෙනෙක් එකිනෙකාට ගරු කිරීමට වඩා එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් පවා ප්‍රශ්න කිරීමට කැමැත්තක් දක්වති. ඒ අයුරින්ම තමන්ගේ ලිංගිකත්වයට සමරූපී ස්ත්‍රී ලිංගිකත්වය තේරුම් ගැනීමට හා ඒ නිසි ලෙස පිළිගැනීමට වඩා කුහක මිත්‍යාවන් මත කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අර්ථගැන්වීම හා ඒතුල දැඩිව එල්බගනිමින් කාන්තාවන් අතවරයෙන් බේරා ගැනීමට අතවර කරුවාට පමණක් නොව පුරුෂයාගේ සමස්ථ ලිංගික ස්වභාවයට ඕනෑම විනාසයක් කිරීම සාධාරණීකරනය කිරීමට උත්සහ කරති. සමාජ ජාලා වෙබ් අඩවි තුල ඉන්දියානු පශුවෛද්‍යවරියගේ සිද්ධිය මුල් කරගෙන ප්‍රකෝපකාරී ලෙස අදහස් දක්වමින් ඉන්දීයානු පොලීසියේ මෝඩ ක්‍රියා කලාපය හරි යැයි කීමට උත්සහ කළේ මේ විචාර බුද්ධියෙනුත් චින්තන හැකියාවෙනුත් හීන සමාජ ස්ථර වල පුද්ගලයන් බව ඉතා පැහැදිලිය. ඔවුන් නොදන්නා කාරනය නම් කාන්තාවන් බහුලවම අතවරයට ලක්වන්නේත් අතවර අර්ථගැන්වීම් තුලින් කාන්තාවන් වැඩිපුර පීඩාවට ලක්වන්නේත් ඔවුන්ගේම සමාජ ස්ථරයේ යන කාරනයයි. 
                         
 ස්ත්‍රී දූෂණ අර්ථගැන්වීමේ හා එහි පසුබිම යම් මට්ටමකට ගැටළුසහගත බවක් තිබේ. ඒ පමණක් නොව කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන අනෙකුත් ලිංගික අතවර අර්ථගැන්වීම් වල ඊටත් වඩා අවිනිස්චිත හා ගැටළුසහගත තැන් ඕනෑ තරම් තිබේ. ඒ සියල්ල මතක තබාගෙන අප කවුරුත් විචාර බුද්ධියක් ඇතිව පළමුව කළ යුත්තේ කාන්තාවන්ට වන ලිංගික අතවර සමාජයෙන් පිළිගත් ලිංගික ජීවන රටාව සමග සංසන්දනයක් ඇතිව දැකීමයි. එසේ නොකිරීම ලිංගිකත්වයේම සමාජ කුහකකම් ශක්තිමත් වී කුහක මිත්‍යාවන් තවත් ඉදිරියට යෑමට රුකුලක් වෙයි. චින්තන හැකියාවෙන් හා විචාර බුද්ධියෙන් ඉහල සියළු දෙනා ඊට මුල් වීමත් අත්‍යවශ්‍යය. චින්තන හැකියාව අතින් දුර්වල පිරිසක් අවිචාරයෙන් අන්ධ වූ විට තිබෙන තත්වය අමුතුවෙන් විස්තර කළ යුත්තක් නොවේ. ඊටම ලිංගිකත්වයේ සමාජීය කුහකත්වයන්, ඊර්ෂ්‍යාව, ලිංගික ද්වේශය හා වෛරය එක් වූ කළ ඇති බිහිසුනු බව කොතෙක්දැයි හිතාගත හැකියි. ලිංගික අතවර සම්බන්ධ පුවත් සමාජ ජාලා වල ව්‍යාප්ත වන්නේ අතිශය වගකීමෙන් තොර ආකාරයටයි. ඉන්දියානු පශුවෛද්‍යවරියගේ සිද්ධිය ගැන හුවමාරු වූ තොරතුරු වල පසු කලක සඳහන් වූයේ ඉන්දියානු වෛද්යවරිය ලෙසයි, පශුවෛද්‍යවරිය වෛද්‍යවරිය වුන ආකාරයට තව කොපමන සාවද්‍ය තොරතුරු වෙනත් සිදුවීම්ද සලකන විට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා ඇත්ද? ලංකාවේ සිද්ධියක්ද උදාහරන ලෙස දැක්විය හැකියි. ඒ අකුරැස්ස ප්‍රදේශයේ සරුවා සුනිල් නමැත්තාගේ සිද්ධියයි. එහි සත්‍ය සිදුවීම නම් සරුවා සුනිල් යන පුද්ගලයා කාන්තාවන් සිය ගනනක් සමග යහන්ගත වුනා යැයි පවසමින් ඒ සැමරීමට උත්සවයක් සංවිධානය කිරීමයි. ටික කලක් යනවිට මේ පුවත සමාජ ජාලාවල පැතිරුනේ සරුවා සුනිල් කාන්තාවන් සිය ගනනක් දූෂණය කර බවක් කියවෙන ආකාරයටයි. බලහත්කාරයෙන් කාන්තාවන් සමග යහන්ගත විය නොහැක. අනෙක් අතට එතරම් පිරිසක් බලහත්කාරීව අතවරයකට ලක් වූවානම් ඊට අදාල පොලිස් පැමිණිලි සිය ගනනක් තිබිය යුතුයි. මේ අනුව ස්ත්‍රී දූෂණ සම්බන්ධ සත්‍ය සිදුවීම් ගැන තොරතුරු වලට අමතරව අවිචාරය තුලින් ව්‍යාප්ත වන සාවද්‍ය තොරතුරුද තිබෙන බව පැහැදිලිව පෙනේ. එක් සත්‍ය සිදු වීමකින් අවිචාරශීලී ලෙස සමාජය ප්‍රකෝපකාරී වන විට කුහක ව්‍යාධිජනක පුද්ගලයන්ට තවත් බොරු සිද්ධි නිර්මාණය කිරීමටත් ඉඩක් ලැබෙන බවත් අප තරයේ සිහි තබා ගතයුතක්.
                   
 මීට ශතවර්ෂ ගනනාවකට පෙර තිබූ තත්වයන්ට සාපේක්ෂව නොව වර්තමානයේ ලිංගිකත්වය සම්බන්ධ කාරනා වලදී ඊට වඩා ලොකු පරාසයකට සිතීමේ හැකියාව අනිවාර්යෙන් අප සතු විය යුතුයි. ඒ අද ලෝකය පුරාම බටහිර යුදෙවු නූතනවාදී ජාත්‍යන්තර එකතුව විසින් දියත් කරන ජාත්‍යන්තර ගේම් අන් සියළු අංශයන්ගෙන් මෙන් ලිංගික කාරනා සම්බන්ධවද ක්‍රියාත්මක වන බැවින්. බටහිර නූතනත්වයේ ආටෝපයටත්, අන්ත ආත්මාර්තකාමී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයටත්, සංවර්ධන කාබාසිනියා පරිහරන රටාවටත් ලෝකයේ මිනිස් ජන ගහනය උපරිමයෙන් පාලනය කිරීමට අවශ්‍යයි. අධික ජනගහන වර්ධනය ගැටළුවක් නොවේ යැයි අප නොකියමු. ජනගහන පාලනයටද සාධාරන ක්‍රමවේදයන් ඕනෑ තරම් තිබේ. නමුත් බටහිර යුදෙවු නූතනවාදී ජාත්‍යන්තර එකතුවට එය කිරීමට ඇත්තේ සීමාන්තික උවමනාවක් මෙන්ම, මේ ජාත්‍යන්තර බලවේග ඊට යොදාගන්නේත් අන්ත අශිෂ්ඨ ක්‍රමවේදයන්. බටහිර නූතනත්වය ගැන කවුරු කෙසේ පාරම්බෑවත්, ඒ තුලද  ලිංගිකත්වය හා බැඳුනු සමාජ කුහකත්වයන් මහා පරිමාණයෙන් තිබේ. එපමණක් නොව මේ කුහකත්වයන් වල ඉදිරි වර්ධනයක්ද දැකිය හැක. ඒ යුදෙවු චින්තන ආකෘතියද පසුබිම් කරගනිමින්. වර්තමානයේ බටහිර යුදෙවු නූතනවාදී ජාත්‍යන්තර එකතුවට ආසියාතික රටවල ජනගහනය මහත් හිසරදයක්. මේ ජාත්‍යන්තර බලවේග වලට අද ආසියාතික රටවල ජනගහනය පාලනය කිරීම කෙසේ හෝ කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ කෝටි 130ක් පමණ අධික ජනගහනයක් සිටින ඉන්දියානු සමාජයේ ප්‍රජනනය සීමා කිරීමටයි. ඒ සඳහා ඉන්දියාව තුල බටහිර කාන්තාවාදය මතවාදී අවියක් කරගනිමින් ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකා කෙරෙහි වෛරය ඇති කිරීම ප්‍රධාන කටයුත්තක් ලෙස මේ බලවේග ක්‍රියාවට නගයි. ඊට හොඳම ක්‍රමවේදය වන්නේ ඉන්දීය සමාජයේ කාන්තාවන් හට සිදුවන ලිංගික අතවර ඇතුළු විවිධ අකටයුතුකම් උපක්‍රමිකව කලමනාකරනය කිරීමයි.
                                                                   
ඉන්දියානු සමාජ පරිසරය තුල කාන්තාවන්ට අකටයුතුකම් කිසි විටකත් සිදු නොවේ යැයි කිව නොහැක. එසේ කීමට අපටද අවශ්‍ය නොවේ. නමුත් ඇත්තට සිදුවන යම් යම් දේ මුල් කරගෙන ඒ වටා අතිශයෝක්තියකින් තවත් බොරු මවාපෑම් කිරීමටද කුහකයන් ක්‍රියා කිරීමේ යම් ඉඩකඩක් විශේෂයෙන් ඉන්දියාව තුල තිබේ. ඒ පමණක් නොව බටහිර යුදෙවු නූතනවාදී ජාත්‍යන්තර එකතුවට සැලසුම් සහගතව ඉන්දියාව තුල කාන්තාවන්ට ආන්දෝලනාත්මක ලෙස ලිංගික අතවර සිදු කර ඒ තුලින් මහජනයා කෝප ගැන්වීමට හා එයින් පසුවට තව බොරු සිද්ධි, ව්‍යාජ පුවත් ආදිය නිර්මාණය කිරීමටද ඉඩ ප්‍රස්ථාව නැතැයි සිතිය නොහැක. අවිචාරයෙන් අන්ද වූ මනසට ලිංගිකත්වය වටා ඇති කුහකකම්, ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේශසහගත බව ආදිය එක් වන තත්වයක ඉහත අප කී කාරනා හුදෙක් හිතළු නොවන බව කාටත් වැටහේ. ඒ උසස් සිතීමේ හැකියාවක් හා ඉහල විචාර බුද්ධියකින් තොරව මෙවැනි දේ තේරුම් ගැනීමට නොහැකි තත්වයක මෙන්ම, සමාජයේද අවිචාරය විචාරයට උඩින් පිහිටන විටකයි. අනෙක් අතට ඉන්දීය සමාජයේ කාන්තාවන් හා ස්ත්‍රී ලිංගිකත්වය ගැන ඇති විවිධ මිත්‍යාවන් හා ඒ ඔස්සේ කාන්තාවන්ට ඇතිවන නොයෙකුත් පීඩාකාරී තත්වයන් ද පිටස්තර කුහක බලවේග වලට ඉන්දියාව තුල කෘතීමව ආන්දෝලනාත්මක සිද්ධි නිර්මාණය කිරීමට ඉඩකඩ සපයා දේ. මේ ආකාරයෙන් කටයුතු සිද්ධ වීමට ඉන්දියාව තුල ක්‍රියාත්මක වන බටහිර මුදල් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන වලින් සහයක් නොලැබේ යැයි කාට කිව හැකිද? මේ සියළු කාරනා දෙස විමසිල්ලෙන් බලන කළ  බටහිර ආධාර ලබන NGO කල්ලියක් කුලී මැරයන් ලවා අර පශු වෛද්‍යවරිය දූෂණය කර (හෝ නොකර ) කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි ලෙස ඇය පුළුස්සා මරා දමා එසැනින් පලා ගියා වන්නට නොහැකිදැයි වැඩිදුර අනුමාන කරන්නට සාධාරන හේතු තිබේ. මෙවැනි දේ සඳහා වියදම් කිරීමට මුදල් ඕනෑවටත් වඩා NGO කල්ලි සතුව ඇත. අප විසින් මතක තබා ගත යුත්තක් වන්නේ NGO සල්ලි වලට ඉන්දීය පොලීසිය මෙන්ම ජනමාධ්‍යද තමන්ට අවශ්‍ය ලෙස මෙහෙයවීමට බැරිකමක් නැති බවයි. පිලිස්සුන කාන්තා මළ සිරුරක් නිසි පස්චාත් මරන පරීෂණයකට ලක් කිරීමටද යම් කිසි කාලයක් ගත වේ. එවැන්නක් තුලින්ද අදාල තැනැත්තිය ලිංගික අතවරයකට ලක් වී ඇති බව තහවරු කර ගැනීම තරමක් අපහසු විය හැකියි. අපහසුවෙන් හෝ අතවරය තහවරු කර ගත්තත් ඊට වග කිව යුත්තන් සොයා ගැනීම කොහෙත්ම පහසු නොවේ. සාර්ථක පරීක්ෂණයක් කිරීමටනම් යම්කිසි කාලයක් ගත වෙයි, ඒ සඳහාද DNA පරික්ෂාවක් වැනි දෙයක් කිරීමට සිදු වේ.
                                                                                                 
 ස්ත්‍රී දූෂණය කරන අතවර කරුවන්ගෙන් වනවාටත් වඩා ස්ත්‍රී දූෂණය යන වචන අර්ථගැන්වීම තුලින් කාන්තාවන් දූෂණයට හා පීඩාවට පත්වන ආකාරය දෙස බැලීමේදී නම් පෙනෙන්නේ මේ අතවර අර්ථගැන්වීම් වල ඕනාවට වඩා එල්බගෙන  නොසිටින එක වඩා යහපත් බවයි. ඒ වෙනුවට අප කවුරුත් කළ යුත්තේ චින්තන හැකියාවේ හා විචාර බුද්ධියේ නිම් වලලු පුළුල් කිරීමයි. සොබාදහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව ඒ සමග නිවැරදි ලෙස ගනුදෙනු කිරීම ඔය ලිංගික අතවර වලින් තොර සැබෑ සදාචාර සම්පන්න සමාජ පරිසරයක් පවත්වා ගැනීමේ අත්‍යවශ්‍යම සාධකයයි. එය ඒ ආකාරයෙන් සිදු වන විට කුහකත්වයේ වංචනික ගුණධර්ම ගොඩනැගීමටත් ඕනාවට වඩා ලිංගික අතවර අර්ථගන්වමින් ඒ තුල එල්බගැනීමටත් අවශ්‍ය නොවේ. මනුස්සයන්ගේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව කාන්තාවකට පිරිමියෙකු බලහත්කාරී ලෙස කරන ලිංගික ක්‍රියාවකින් කවරෙකුටවත් නිසි ආශ්වාදය නොලැබෙන අතර එවැනි ක්‍රියා ලිංගික ආශ්වාදය සඳහාම කරන බවටද විශ්වාස කළ නොහැකියි. එසේනම් මෙවැනි හැසිරීම් ගැන වෙනම අධ්‍යනයක් කිරීමද එක් පසෙකින් වැදගත් වන්නේ තමන් නොවන වෙනත් පුරුෂයෙකු ලබන ලිංගික ආශ්වාදය කෙරෙහි ඊර්ෂ්‍යා සහගතව බල ඇතැම් කුහකයන්ගේ හැසිරීම දෙස බලන විටයි. ඉහල චින්තන හැකියාවක් නැති අවිචාරයේ පතුලටම ගිය කුහක වංචනික ගුණධර්ම පිරුනු සමාජ පරිසරයන් තුලම ස්ත්‍රී දූෂණ හා අනෙකුත් ලිංගික අතවර වැඩිපුර දක්නට ලැබීම තුලින්ම පෙනෙන්නේ ඒ සමාජ ස්ථර වලින්ම ඊට එරෙහිව මතුවන ප්‍රකෝපකාරී  ප්‍රතික්‍රියාවන් අතවර නැති කිරීමට හේතු නොවන බවයි. විචාරය හා චින්තන හැකියාවත්, මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය ගැන අවබෝධය ඇතිව ඊට අනුකූල ලෙස ගොඩනැගෙන නිවැරදි වටිනාකමුත් වැඩි දියුණු කළ යුත්තේ එහෙයිනි. අතවර අර්ථකතන හා කාන්තාවන් අතවරයෙන් රැකීම වැදගත් වන්නේ ලෝක ස්වභාවයට එකඟ යම් සීමාවක් තුලය, ඒ සීමාව ඉක්ම ගියහොත් මිනිස් සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය අනෙකුත් ගුනාංග නැති වීමද සිදු වේ. වාහනයක ඇංජිමට වඩා වැඩි වටිනාකමක් හෑන්ඩ් බ්‍රේක් එකට තියෙන්නට බැරිය. හෑන්ඩ් බ්‍රේක් අවශ්‍ය වාහනය ආරක්ෂාකාරීව නවතා තැබීමට මිස එය ගමන් කරන විට ඇදගෙන යෑමට නොවේ. අතවර අර්ථගැන්වීම් හා ඒ වටා ඇති සම්මුතීන් ගැනද කිව යුත්තේ ඒ හා සමානම දෙයකි. අතවර අර්ථකථන ලිංගිකත්වයේ ස්වභාවය ඉක්මවා නොයා යුතුමයි.
                               
 ලිංගිකත්වය කියා දෙයක් ලෝක ස්වභාවධර්මයෙන් නිර්මාණය වී තිබෙන්නේ ඇයිද යන සත්‍ය හේතුව අමතක වෙන තරමටම අතවර අර්ථදැක්වීම් හා වංචනික ගුණධර්ම වල මානසික වහලුන් වීම බුද්ධිමත් දෙයක් නොවේ. මීට කලිනුත් කී පරිදි අර ඉන්දියානු පශුවෛද්‍යවරිය දූෂණය කිරීමට වඩා බරපතල කාරනය වන්නේ ඇය පුළුස්සා ඝාතනය කිරීමයි. ස්ත්‍රී දූෂණ අර්ථකතනය හා අවිචාරයත් දුර්වල සිතීමේ හැකියාවත් කොපමණ බිහිසුනුදැයි දන්නා අතවර කාරයන් බොහෝ විට තමන් අතින් දූෂණයට ( අර්ථගැන්වීමට අනුව ) ලක්වන තැනැත්තිය පන පිටින් ඉතිරි නොකරන්නට වග බලා ගන්නේ ඒ ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමේ ඉඩකඩ නැති කිරීමටය. ටිකක් කල්පනා කර බලන්න, බිහිසුණු ස්ත්‍රී දූෂණ අර්ථගැන්වීම් හා ඒ තුල දැඩිව එල්බගන්නා දුර්වල හිතීමේ හැකියාවක් ඇති අවිචාරවත් මෝඩ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නොතිබුණානම් අර පශුවෛද්‍යවරිය පමණක් නොව එලෙස අතවරයට පත් ව අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ සියළු කාන්තාවන් ජීවත්ව සිටින්නට තිබුණි. අතවර අර්ථකතන වල එල්ලී සිටිමින් අවිචාරයෙන්ද අන්ද වීම මෙකල තවත් භයානක වන්නේ පිළිගත් ලිංගික ජීවනරටාව අවුල් කරමින්, රට රටවල සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කරවන බටහිර කාන්තාවාදය මතවාදී අවියක් කරගන්නා, යුදෙවු නූතනවාදී ජාත්‍යන්තර එකතුවේ ජාත්‍යන්තර ගේම් වලට ඒ තුලින් ඉඩ ප්‍රස්ථාව  ලැබීමයි. බුද්ධිමත්ව මේ සියල්ල දෙස බලන විට අප කවුරුත් කළ යුතු වැදගත් කාර්යන් වන්නේ කුහකත්වයේ සීමාවන් ඉක්මවා ගොස් සමාජය විනිවිද දකින්නටත් විචාරයක් ඇතිව යමක් දෙස බලන්නටත්, නිරවුල්ව සිතන්නටත් පුරුදු වීමයි. කුහකත්වයේ වංචනික ගුණධර්ම තවත් වර්ධනය නොකර නිවැරදි චර්යා ධර්මයන් ප්‍රගුණ කිරීමද වැදගත්. මිනිස් සමාජයක පිරිමි ජන ගහනය පිරිමියාගේ ලිංගික ස්වභාවය කේන්ද්‍රගත වන සමාජ වගකීම් වලින් සන්නද්ධ කිරීමත්, කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයට අනුව ස්ත්‍රීත්වය හරියට නියෝජනය කරමින් ස්ත්‍රීත්වයේ භූමිකාව නිවැරදිව කිරීමත් කුහක අතවර අර්ථකතනවලට හා කාන්තාවන්ගේ අතවර භීතිකාවට වඩා අතිශයින් වැදගත් වෙයි. ගෑනු පිරිමි දෙපිරිසම නිසි කලට විවාහ වීම දරුවන් හැදීම හා දරුවන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් වෙන්ව සුවිශේෂී ලෙස හැඩගැස්වීම ආදී වැදගත් දේට අතවර අර්ථගැන්වීම් වලට වඩා අප කවුරුත් ප්‍රමුඛත්වයන් දිය යුතුයි. අතවරකාරයන් හා අතවර සිද්ධි සියල්ල පසුබෑමට ලක්කර හැක්කේත්, ආසියාතික රටවල සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමට බටහිර යුදෙවු නූතනවාදී ජාත්‍යන්තරය විසින් යොදන උපක්‍රම පරාජය කළ හැක්කේත් එවිටයි

No comments:

Post a Comment