Saturday, November 23, 2019

ජනපති ගෝඨාභය නොකළයුතු දේ

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි ජයක් අත් කරගෙන තිබේ. ඒ ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකයාට වඩා ජාතිකත්වයේ අපේක්ෂකයා ලෙස චන්ද දායකයන්ටත් දේශපාලකයන්ටත් පාඩම් ගනනාවක් කියා දෙමින්. ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකයා වශයෙන් පත් කිරීමට අවශ්‍ය වුනේ මේ රටේ මහා සංගරත්නය ඇතුළු ජාතික බලවේග ප්‍රමුඛ ජාතිකත්වය පැත්තේ සිටින බහුතර ජනයාටයි. එබැවින් ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වන්නේ, රටේ ජාතික අවශ්‍යතා සහ ජාතික අරමුණු මිස විසංවිධානය වූ පුද්ගල ආත්මාර්ථකාමී අරමුණු නොවේ. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපති ලෙස ඉදිරි වැඩකටයුතු කිරීමේදී ජාතික මතවාද වල පිහිටා රටට ආවේනික ලෙස සිතන පතන ජනයාගේ සිතුම් පැතුම් වලට මුල් තැනක් දී කටයුතු කිරීම වැදගත් වෙයි. එතුමා පොහොට්ටුවෙන් තරග කළත් පොදුජන පෙරමුණේ දේශපාලන අරමුණු වලට පමණක් මුල් තැන නොදිය යුතුයි. පොහොට්ටුවේ දේශපාලනය සමග වුවත් එකට සිටිය යුත්තේ ඒ දේශපාලනය රටේ සිංහල බෞද්ධ ජාතිකත්වයට අනුකූලනම් පමණි. අප එසේ කියන්නේ පොහොට්ටුවටත් වැඩිපුරම දායක්ත්වය ලැබෙන්නේ ජාතික මතවාද වල පිහිටා කටයුතු කරන අතිමහත් බහුතර සිංහල බෞද්ධ ජනයාගෙන් වන නිසා.
                            
ගෝඨාභය රාජ්පක්ෂ මහතා නොකළයුතු දේවල් මොනවාදැයි කීමට වන්නේ රටේ බහුතරයකට අදාල ජාතික අරමුණු වලට පටහැනි ජාත්‍යන්තර ප්‍රවණතා සමග සංසන්දනාත්මකවයි. බටහිර යුදෙවු නිරාගමික නූතනවාදයේ ජාත්‍යන්තර එකතුවකින් ලොව හතර දිග් භාගයකම කෘතීමව ඇතිකරන මූලික ප්‍රවණතා වන්නේ  විසංවිධානය හා පුද්ගල ආත්මාර්ථකාමීකම් වර්ධනය කිරීම, රට රටවල ජාතිකත්ව විරෝධී ස්වයංපාලන කණ්ඩායම් පෝෂණය හා බෙදුම්වාදයට අනුබල දීම, ලිංගික ව්‍යාකූලත්වයකට සමාජය ගෙන යන බටහිර කාන්තාවාදය හා ඒ ඔස්සේ සමලිංගිකත්වය ඇතුළු විකුර්ති කාමුක හැසිරීම් වර්ධනය කිරීම, නිරාගමිකකරනය හා විවිධ සදාචාර විරෝධී ක්‍රියා සාධාරණීකරණය යන දේවල් වේ. මිනිස් අවශ්‍යතා මත ලෝක ස්වභාවයන් බලෙන් වෙනස් කරන්නට වලිකමින් මිනිස් සංහතියේත් මුළු මහත් ජෛව ලෝකයේත් පැවැත්ම කෙටි කරගන්නා යුදෙවු චින්තනය කේන්ද්‍ර කරගත් බටහිර ගමන් මාර්ගය මේ ප්‍රවණතා වල පසුබිමයි. මෙ ප්‍රවණතා ඉදිරියට ගෙන යමින් මුළු මිනිස් සංහතියේත් ලෝකයේත් යහ පැවැත්ම කෙටි කරවන තුන්කොන් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වන තවත් සාධක තුනක් තිබේ. එනම් අධික පරිභෝජනවාදී කාබාසිනියා පරිහරන රටාව, බටහිර නූතනත්වයේ ආටෝපය, හා බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තනෝමතික කම යන කාරනා වේ. මූලිකවම ගෝටාභය රාජපක්ෂ මහතා නොකළයුතු වන්නේ රටේ බහුතරයකගේ හා රටට ආවේනික ලෙස සිතන පතන ජනයාගේ සිතුම් පැතුම් වලට පටහැනිව ගොස් අර ජාත්‍යන්තර ප්‍රවණතා වලට අනුග්‍රහය දැක්වීමයි.
                             
ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයේදී දෙමළ සංධානයේ ඉල්ලීම් සැලකිල්ලට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ. එලෙසම ගෝඨාභය මහතා සුන්නි මුස්ලිම් අන්තවාදයට ඉඩ නොදෙන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදයට සහය දුන් බවට චෝදනා ලද කිසිවෙක් තමා අසලකට වැද්දා නොගනිමින්. මෙය පැහැදිලිව රටේ ජාතිකත්වයට ලැදි බහුතරයගේ ජාතික අරමුණු වලට එකඟය.  මේ ස්ථාවරය ගෝඨාභය මහතා ඉදිරියටත් ඒ අයුරින් තබා ගත යුත්තේ කුමන හේතුවක් නිසාවත් බලය බෙදීමට පක්ෂ නොවෙමින්. එමෙන්ම ඔහු තම දේශපාලනයේදී සිංහල නොවන , බෞද්ධ නොවන සුළු ජන කොටස් අතරට කෙලින්ම ගොස් ප්‍රායෝගික නොවන බොරු පොරොන්දු නොදී බහුතරය සමග එක්ව කළ හැකි දේ කෙලින් කතා කළයුතු වනවා විනා දෙමළ මුස්ලිම් අන්තවාදී බෙදුම්වාදී දේශපාලකයින් සමග මොනම ගනුදෙනුවක්වත් නොකළයුතුයි.
                           
ගෝඨාභය මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් විය යුත්තේ බටහිර කාබාසිනියා පරිහරනයත් සමග සමගාමී සංවර්ධන නිර්නායන් අනුව නොව, මෙරට බහුතර ජනයාගේ සිතුම් පැතුම් පිළිගැනීම් හා අපේ සම්පත් පරිභෝජන සංකල්ප අනුවයි. ඒ සියල්ල අපේ සමාජයේ ඒකාබද්ධතාවය සංවිධානාත්මක බව හා අපේ පරිසර සමතුලිතතා බිළිබඳ අවබෝධයෙන් යුතු දේශීය සම්පත් පරිභෝජන රටාව කේන්ද්‍රගත වන අපට ගැලපෙන සංකල්ප අනුව සකස් විය යුතුය. වැදගත් වන්නේ ලෝක බැංකු සංවර්ධන ඉලක්ක හෝ සංවර්ධන වේගය නොව අපට ගැලපෙන සංවර්ධන මාවතක ගමන් කිරීමයි. පුද්ගල ආත්මාර්ථකාමී කම් වර්ධනය කරන සමාජය විසංවිධානය කරමින් ඒකාබද්ධතාවය නැති කරන ව්‍යාධිජනක මතවාද වලට අනුකූලත්වයක් දැක්වීම, මින් පෙර මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දුන් පුහු උගතුන්ගේ මගපෙන්වීම් අනුව හෝ නොකළ යුතුයි. රටට ගැලපෙන අදහස් ඇති රටට ආවේනික ලෙස සිතන පතන ස්වදේශීය විද්වත් පිරිස හා මහා සංඝ රත්නය නොසලකා කිසිවිට කටයුතු නොකළ යුතු අතර, සංවර්ධන ආකෘතිය අනුව රට කොරියාව සිංගප්පූරුව හෝ මැලේසියාව ලෙස ගොඩනැගීමට ආයාසයක් නොගත යුතුයි. ගෝඨාභය මහතා ඒ වෙනුවට කළයුත්තේ අපේ රටේ ජනයාගේ සිතුම් පැතුම් හා රටට ආවේනික චින්තනය අනුව රටේ ඉදිරිගමන තීරනය කිරීමයි.
                                 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා නොකළයුතු තවත් එක් ප්‍රධානම දෙයක් වන්නේ සමලිංගිකත්වයට පක්ෂපාතී බටහිර කාන්තාවාදය විශ්වාස කිරීමයි. බටහිර කාන්තාවාදය අවසන් වශයෙන් ලොව ඕනෑම රටක සිදු කරන්නේ සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කර ලිංගික බහුරූපිකත්වයක් ඇති කිරීමයි. එහි මතවාදී ඉලක්ක අතර සමලිංගිකත්වය ඇතුළු සියළු විකුර්ති ලිංගික ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම ප්‍රධානම තැනක් ගනී. එබැවින් බටහිර කාන්තාවාදයේ මතවාදී ඉලක්කවලට අනුබල දෙන දේ ප්‍රගතිශීලී වෙස් ගෙන කවර ආටෝපයකින් කුමන රැවටිලිකාර ස්වරූපයක් ගෙන පැමිණියද ඊට අනුග්‍රහය නොදැක්විය යුතුය. එපමණකින් නොනැවතී බෙදුම්වාදය ආදී ව්‍යාධිජනක මතවාද ප්‍රතික්ෂේප කරන ලෙස මේ මතවාදයද ප්‍රතික්ෂේප කරමින් මෙරට සමාජය රෝගාතුරු වීම වැලැක්විය යුතුයි. බටහිරට විනකළ ලිංගිකත්වයේ සමාජීය කුහකකම් මත පදනම් වන වංචනික ගුණධර්ම ගොඩනගා ලිංගිකත්වයේ ස්වභාවයට අනුකූල ලෙස ගොඩනැගෙන සැබෑ වටිනාකම් යටපත් කිරීමට රට නොමග යවන පුහු උගතුන් සමග කටයුතු නොකළ යුතුය. බටහිර මෙන් කාන්තාවන්ගේ ආරක්ෂාවට කියා පිරිමින් හා පුරුෂ ලිංගිකත්වය කෙරෙහි ලිංගික ද්වේශසහගතබවත් වෛරයත් මුල් කරගන්නා නීති සම්පාදනය කිරීමටද රටතුල මෙන්ම පිටස්තර විජාතික බලවේග වල උවමනාවට කිසි සේත් කිරීමට ඉඩ නොදිය යුතු වේ. ස්ත්‍රී පුරුෂ භාවයේ ස්වභාවිකව තිබෙන එකිනෙක සමරූපී බව අනුව මෙරට සමාජය ගොඩනැගී තිබෙන ආකාරයත් මාතෘත්වය, පීතෘත්වය හා පවුල ශක්තිමත් කරමින් ස්ත්‍රී පුරුෂ ලිංගික විශේෂනයන් වලට අනුකූල නිවැරදි වටිනාකම් වැඩි දියුණු කිරීමත් විනා ගෝඨාභය රාජපක්ෂ මහතා රටට නොගැලපෙන මතවාද හිස් මුදුනින් පිළිගන්න පුහු උගතුන්ගේ වැරදි උපදෙස් අනුව සියළු ක්‍රියාකාරකම් වලට කාන්තා නියෝජන ලබාදීමේ මනෝව්‍යාධිය තුලට නොයා යුතුමයි. අප එසේ කියන්නේ එවැනි දේ කළ මුල්ම රට ලංකාව නොවන බවත් එසේ කළ රටවල් වල සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල වී තිබෙන තරම ගැනත් පැහැදිලි අනුදැනුමක් සමගින්. එබැවින් බටහිර කාන්තාවාදයේ කුහක න්‍යායන් රටක සංවර්ධනයේ අනිවාර්ය අංග ලෙස සැලකීමට තරම් පුහු උගත්තුන්ගේ දිරච්ච ලනු කෑම විචාරයක් ඇති නායකයෙකු ලෙස ගෝඨාභය මහතා කිසිසේත් නොකළයුතුයි
                         
 රට තුල හා රටෙන් පිටත විජාතික බලවේග වල ජාත්‍යන්තර ගේම් වල එක් ප්‍රධාන අංගයක් වන්නේ නිරාගමිකකරණය හා විවිධ සදාචාර විරෝධී ක්‍රියා සාධාරණීකරණය කිරීමයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ විජාතික අරමුණ සමගද එකට නොසිටිය යුතුයි. නිරාගමිකයන් බොහෝ විට පිටට පෙන්වන්නේ තමන් මහා බුද්ධිමතුන් මෙන්ම විද්‍යාත්මක මතවාද අනුව ක්‍රියා කරන්නන් බවය. ඔවුන් ලොව සියළු ආගම් වලට ගරහන්නේ මිත්‍යාවන් ලෙස හුවාදක්වමින්. එලෙසම මිනිස් සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය වැදගත් මිනිස් ගුණාංග මත ගොඩනැගෙන සදාචාරාත්මක වටිනාකම් මේ නිරාගමිකයන්ට අනුව නොවටිනා දේවල් විය හැකියි. ඔවුන්ට අනුව සියල්ල වානිජකරනය විය යුතුය. එමෙන්ම සියල්ල බටහිර දැනුමට යටය. මෙලෙස සිතන ඇතැම් උගතුන් සිතන්නේ බටහිර විද්‍යා දැනුම මත ලොව සියල්ල තීන්දු විය යුතුය යන්නයි. එලෙසම මේ පිරිසට ඇති අනෙක් වැරදි අවබෝධය වන්නේ අධ්‍යාත්මික දේවල් වලට කිසිදු විද්‍යාත්මක පදනමක් නැත යන්නයි. අධ්‍යාත්මික දෙයක පදනම භෞතික විද්‍යාවෙන් සෙවිය නොහැකි බව මොවුන්ට නොතේරීමත් ඔවුන් බාහිර ලෝකයට පෙන්වන තම ඊනියා ප්‍රබුද්ධත්වයේ සංකේතයක් කරගෙන තිබේ. එහෙයින් මෙවැනි පුද්ගලයන්ගේ නූතනවාදී පුහු රංගනයන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත් නොරැවටිය යුතුය.
                 
 ගෝඨාභය රාජපක්ෂ මහතා නොකළයුතු දේවල් අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සිදුවූ යම් යම් වැරදි අඩුපාඩුද තිබේ. සමහරක් දේ ඉහතින් විස්තර කළ කාරනා බොහොමයක් සමගද සම්බන්ධයක් ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එතුමා සිය පවුලේ සාමාජිකයන් පාලනය කර නොගැනීමත් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය වනසන තම කණ්ඩායමේම මෝඩ දේශපාළුවන් පාලනය කර නොගැනීමත් ගැන අදටත් ජනතාව අප්‍රසාදයෙන් කතා කරනු පෙනේ. ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමන් ඒ වරද නොකරනු ඇති බවට ජනතාව අතර ලොකු බලාපොරොත්තුවක් ඇත්තා සේම ගෝඨාභය මහතාද ඒ බලාපොරොත්තු ඉටුවන අයුරින් කටයුතු කළ යුතුය. දැනටත් එය ඵල දරන බව පෙනෙන්නට තිබීම සතුටට කරුනක්. 
                                       
මෙරට දේශපාලනයේ වංචාව දූෂණය සියළු දේශපාලන කණ්ඩායම් වලට පොදු බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා තම කණ්ඩායමේම සාමාජිකයන්ට වුවත් වංචා දූෂණ නිදහසේ කරගෙන යන්නට ඉඩ නොදී ඒ සියල්ල මැඩ පැවැත්විය යුතුමයි. අනික මේ රටට බොරු සෝබන සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය නොවේ, කළ යුත්තේ රටේ බහුතරයකගේ සිතුම් පැතුම් තේරුම් ගෙන රටට ගැලපෙන සංවර්ධන ක්‍රියා පිළිවෙලක් රටේ අවශ්‍යතාවය අනුව නිසි ප්‍රමිතියකින් කිරීමයි. එහිදී රටේ පාරිසරික සාධක, ස්වභාවික සම්පත් හා ජනතා සිතුම් පැතුම් සැලකිල්ලට ගත යුතු වේ. විශේෂයෙන් කිව යුතු දෙයක් වන්නේ අධ්‍යාපන මට්ටමින් ඉහල උගතුන් කී පමණින් 8%, 7% යනාදී සංවර්ධන ඉලක්ක පිස්සුවෙන් හඹා යෑම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නොවිය යුතුය යන්නයි. මේ සංවර්ධන නිර්නායන් සියල්ල අපේ රටට ඒ ආකාරයෙන් ගලපන්නට නොහැක. එලෙසම අපේ චින්තන ආකෘතිය තුල පෙල ගැසී ඇති අපේ සමස්ථ ක්‍රියාකාරකම් පද්ධතිය හා පිළිගැනීම හැම අතින්ම නොදියුණු හෝ ප්‍රගතිශීලී නොවේ යැයි කිසිවෙකුට කිව නොහැකියි. අපේ රට ආර්ථික අතින්, තාක්ෂණයෙන් ඉදිරියට ගියත් එය හුදු අනුකාරක මට්ටමින්ම නොවී අපේ සමාජයේ යහ පැවැත්ම සඳහා අපට තිබේන ගුණාංගද රැකෙන පරිදි ඒ ගමන අප යා යුතුය. අවසන් වශයෙන් කිව යුත්තේ මෙතෙක් ලිපියෙන් විස්තර කළ කරුණු අනුව අපගේ නව ජනපති ගෝඨාභය මහතා අප්‍රසාදයට පත්වන ආකාරයෙන් නොකළයුතු දේවල් තෝරා බේරා දීම මහා සංඝ රත්නය ප්‍රමුඛ ජාතික බලවේග වලද ප්‍රභල වගකීමක් වන බවයි. ගෝඨාභය මහතාද නිරතුරුව අවවාද අනුශාසනා ලබා ගත යුත්තේ හුදු අධ්‍යාපන මට්ටමින් පමණක් ඉහල උගතුන්ටත් වඩා මහා සංඝ රත්නය ප්‍රමුඛ රටට ගැලපෙන අදහස් ඇති ස්වදේශික බුද්ධිමතුන්ගෙනි. එය එතුමාගේ දේශපාලන ගමනට මෙන්ම රටේත් ජාතියේත් යහපතටද ඉතා වැදගත්.



Sunday, November 10, 2019

දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයාගේ සැබෑ අපේක්ෂාව.

මේ මෑතක සිට ජනාධිපතිවරණ උනුසුම රට පුරා විවිධ පුවත් නිර්මාණය කරමින් පවතියි. ඒ එක් එක් පක්ෂ වල ජනාධිපතිධූර අපේක්ෂකයින් ගැන පුවත් වේ. නාගරික ප්‍රදේශ වල බිත්ති පෝස්ටර් වලින් වැසීයමින් ඇත. මෙලෙස අප කාටත් දකින්නට ලැබුනු වෛවර්ණ පෝස්ටර් අතරේ එක් විශේෂ පෝස්ටරයක් උනේ " අපේක්ෂාවේ අපේක්ෂකයා " යනුවෙන් සඳහන් වූ එක්තරා චන්ද ප්‍රචාරක දැන්වීමක්. ඒ ගැන අදහස් දැක්වීමට පෙර නොකියාම බැරි තවත් එක් කරුනක් කිව යුතුයි. ඒ අනිකක් නොව මේ අපේක්ෂකයා දුටු කල මෙරට දේශපාලනයේ හැටි දන්නා කාටත් සිනා පහල වීමය.  මේ කියන්නට යන්නේ කවුරුවත් ගැන නොවෙයි, ඒ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ යනු මාක්ස්වාදය අනුගමනය කරන වාමාංශික දේශපාලන ව්‍යාපාරයකි. එය ආරම්භයේ සිට මේ වන තෙක් මාක්ස්වාදය රටේ බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් සමග ගලපාගන්නට එහි නායකයින් අපොහොසත් වීමත්, වත්මන් පක්ෂ නායක අනුර කුමාර එම පක්ෂයේ දේශපාලන ගමන ගෙන ගොස් ඇති දිශාවත් ගැන බලන විට, දැන් මීලඟ ජනාධිපති වීමට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවේ අපේක්ෂයකයා දුටු විට සිනා පහල වීම වඩා තීව්‍ර කරයි.
                                                         
19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති බලතල වල යම් වෙනසක් ඇතිව තිබුණත් විධායක ජනාධිපති ධූරය අහෝසි වී නැත. එසේ නොවේනම් එය අහෝසි කිරීමට රනිල්ට මෙතරම් කැහිල්ලක් තිබෙන්නටද අවශ්‍ය නොවේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයායි ඔහු ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයාද වේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධාණියා ජනාධිපති වනවා මෙන්ම විධායකය මුළුමනින්ම වාගේ නියෝජනය කරන්නේ ඔහුයි. එසේනම් විධායක ජනාධිපතිවරයෙකුට රාජ්‍ය නායකයෙකු ලෙස පැවරෙන රාජ්‍ය හා ජාතික වගකීම් එතරම් සරල සුමට ඒවා නොවන බව ඉතා පැහැදිලියි. පක්ෂ පාට කුමක් වුවත් කුමන ස්වාධීන අපේක්ෂකයෙකු වුවත් ජනාධිපති ධූරය වෙනුවෙන් තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට රටේ ආර්ථික ප්‍රශ්න හා දූෂණ වංචා ගැන පමණක් කතා කරමින් චන්ද සටන මෙහෙයවිය නොහැක.
                        
ජනාධිපතිවරයා යනු ව්‍යවස්ථාව අනුව මෙරට රාජ්‍ය නායකයායි. රාජ්‍ය නායකයාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරෙන්නේ සෘජු වගකීමකි. ඔහුට රටේ ජාතිකත්වය, ජාතික අනන්‍යතාවය මේ රට රටක් ලෙස ලොවට බිහිකළ සිංහල බෞද්ධ ජන ඉතිහාසය ඇතුළු සම්ප්‍රදායන් හා පිළිගැනීම් ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ අයුරින්ම රටට ආවේනික ලෙස සිතන පතන බහුතර ජනයාගේ සිතුම් පැතුම් ගැනත් රටට ආවේනික චින්තන ආකෘතියට අනුව බහුතර ජනයාගේ ජීවන රටාව ඇතුළු අනෙකුත් සියළු අංග වල පෙලගැස්ම ගැනත් අවබෝධයක් තිබීම අනිවාර්ය වේ. ආර්ථිකය හා සම්පත් පරිභෝජනය ගැන ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වන කොයි කෙනාටත් කතා කරන්නට සිදුවන්නේ ඉහත කාරනා ගැන අවබෝධයක් ඇතිව මිස ඒ නොසලකා නොවේ. සරල උදාහරනයක් කිවහොත් රටේ ජාතික ආරක්ෂාව තහවරු කරන ආකාරය ගැන පැහැදිලි ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැතිව රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙලවල් වලට ප්‍රායෝගිකත්වයක්ද නොමැති වීම පෙන්විය හැක. ජාතික ආරක්ෂාව ජරාජීර්ණ තත්වයකට පත් වීමට වර්තමානයේ බලපා තිබෙන ප්‍රධානතම හේතුව රාජ්‍ය පාලනය තුල ජාතිකත්වය ඉතා දුර්වල මට්ටමක පැවතීමයි. රටට හිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජාතිකත්වය ශක්තිමත් වූ ජාතික ආරක්ෂාව විශ්වාසනීය මට්ටමක තිබෙන, පැහැදිලි ප්‍රභල රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන රටක් අපට තිබිය යුතුය. එසේනම් අපේක්ෂාවේ අපේක්ෂකයාටද අන් සියළු අපේක්ෂකයන්ට මෙන්ම එම කාරනා මත පිහිටා තම චන්ද ව්‍යාපාරය කිරීමට සිදුවේ. ඔහුට මැතිවරණයෙන් ජය ගැනීම අවශ්‍යද නැද්ද යන්න වෙනමම කාරනාවක්.
                       
දැක්කොත් හිනා පහලවන අපේක්ෂාවේ අපේක්ෂකයාට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුල කියන්නට ඇති දේ මොනවාද? ඔහු දැනටත් වැඩි ප්‍රමුඛත්වයක් දී කතා කරන දේ අතර නොකියවෙන එහෙත් රටේ බහුතරයකට අවශ්‍ය දේ මොනවාද? හොඳ විශ්වාසයෙන් එකක් කියන්නට පුළුවන්. ඒ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකේ දූෂණ හා වංචා ගැන කතා කිරීමට දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයා වැඩි කාලයක් වැය කරන බවයි. එයිනුත් රනිල්ගේ විජාතික කඳවුරේ වැරදි ගැන කතා කිරීමේදී කට පරිස්සම් කරගෙන සීමාවකට එය කිරීමට ඔහුට සිදු වෙයි. ඒ රනිල්ගේ විජාතික කඳවුරට මෙන්ම ජාතිකත්වයක් නැති දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයාගේ කඳවුරටත් සිටින පොදු හතුරා ජාතික බලවේග වල සහය ලැබෙන කණ්ඩායම වන බැවින්.
                             
සම්පත් පරිභෝජනය , ජාතික ධනය අයතා පරිහරනය, බඩු මිල , දේශපාලනයේ හොරකම් වංචා දූෂණ, ආර්ථික විශ්ලේෂණ ඇතුළු කාරනා රැසක් ගැන මේ වන විටත් ජාතික ජන බලවේගය යැයි කියා ගන්නා කණ්ඩායමේ දැක්කොත් හිනා පහල වන අපේක්ෂකයා මහත් උද්‍යෝගයකින් කතා කරනු දැකගත හැකියි. බැලූ බැල්මට මේ සියල්ල සාධාරනය. එහෙත් මේ වාමාංශික අපේක්ෂකයාගේ වැඩපිලිවෙලවල් වලට වඩා හොඳින් රටේ බහුතරයට ගැලපෙන මාක්ස්වාදී නොවන ආර්ථික වැඩපිළිවෙලක් මෙවර ජාතිකත්ව කඳවුරටත් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. එහෙයින් අර අපේක්ෂකයාගේ පරණ මාක්ස්වාදී සුරංගනා කතා වලට පෙර තිබූ වටිනාකමක්නම් නොලැබෙන එක ස්ථිරයි. ඒ හැරුනු විට මෙවර රටේ අතිමහත් බහුතරයක් වන ජාතිකත්වයට සමීප ජනයා වැඩි අවධානයක් යොමු කරන කාරනා කීපයක් වෙයි. ඉන් ප්‍රධානම කාරනය ජාතික ආරක්ෂාවයි. විශේෂයෙන් ජනාධිපතිධූර ආපේක්ෂකයෙකුට එය මගහැර යන්නට කිසිසේත් නොහැක. ඊට අමතරව ඊලාම් බෙදුම්වාදය හා උතුරේ දෙමළ ජාතිවාදය ඉදිරියේ තමන් කටයුතු කරන්නේ කෙසේද යන්නත් සුන්නි ආගමික අන්තවාදය ඉදිරියේ කටයුතු කරන්නේ කෙසේද යන්නත් අනුර කුමාර දිසානායක වන අපේක්ෂාවේ අපේක්ෂකයා රටට පැහැදිලි කළ යුතුය. සහරාන්ගේ කල්ලියේ ඊබ්‍රහීම් උන්නැහේ ජාතික ලැස්තුවට දමාගෙන සුමන්තිරන්ලා එක්ක හුරතල් උන මේ අපේක්ෂකයා වැඩි උනන්දුවකින් මේ කිසිවක් ගැන කතා නොකිරීම පුදුමයක් නොවෙයි. රටේ සිංහල බෞද්ධයන්ට ඓතිහාසිකව හා සංස්කෘතික වශයෙන් තිබෙන සුවිශේෂත්වය, ආගමික සදාචාරාත්මක කරුණු හා ලිංගිකත්වය සම්බන්ධ කාරණා ගැනත් දැක්කොත් හිනා පහල වන අපේක්ෂකයා තම ස්ථාවරය පැහැදිලි කළ යුතුය. ඒ කෙසේ වෙතත් නිරාගමික හා සමලිංගිකත්වයට පක්ෂ කාන්තා විමුක්තිවාදී පුහු උගත්තුන්ගෙන් මේ අපේක්ෂකයා උපදෙස් ලබා ගන්නා බව නම් ඔහු කරන කියන කටයුතු වලින් පැහැදිලියි. 
                           

 අපේක්ෂාවේ අපේක්ෂකයා දකින විට හිනා පහල වන්නේ හුදු ජාතිකත්ව විරෝධය මත මාක්ස්වාදී වමේ වෙස්මූනත් එක්කම සිරිකොතෙයි අරලියගහ මන්දිරෙයි රනිල් එක්ක ලගින්නට ගිය ආකාරය අපේ මතකයට නැගෙන විටයි. අනුර කුමාර දිසානායක නොහොත් අපේක්ෂාවේ අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මාර්ගය වෙනස් කර තිබෙන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට පෙනෙන්නේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ විජාතික NGO කල්ලියක ස්වරූපකින් එතරම් වෙනස් නොවන බවකි. මේ තත්වය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් වත්මන් එක්සත් ජාතික පක්ෂය තුලත් මීට ටික කලකට ඉහතදී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් තිබූ පොදුජන එක්සත් පෙරමුණ තුලත් දකින්නට හැකියි. 
                                 
යුදෙවු නිරාගමික නූතනවාදයේ ජාත්‍යන්තර එකතුව විසින් ඇතිකර තිබෙන වත්මන් ලෝක ප්‍රවනතා සමග මේ තත්වය ගැන කරුනු කීම වැදගත්. මේ ප්‍රවණතාවල නවතම ස්වරූපය වන්නේ බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරණය හා වෙනත් සදාචාර විරෝධී දේ සාධාරණීකරණය යන සිද්ධි හරහා ලොව පුරාම දැකගත හැක. ඉතින් මේ දැක්කොත් හිනා පහලවන අපේක්ෂාවේ අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ ගමන්මග වෙනස් කර තිබෙන්නේ පෙර කී ප්‍රවණතා අනුව බව තේරුම් ගැනීම අපහසු නොවෙයි. චන්ද්‍රිකාගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ගෙනගියේත්, රනිල්ගේ නායකත්වයෙන් වත්මන් එක්සත් ජාතික පක්ෂය ගෙන යන්නේත් මේ ගමන් මාර්ගයේමයි. රනිල් චන්ද්‍රිකා අනුර පක්ෂ වලින් බෙදී හිටියත් එකම විජාතික කඳවුරක මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි පොදු මතවාදයක සිටින්නේත් දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයාගේ හා විජාතික පොදු අපේක්ෂා එක සමාන බැවින් අපේක්ෂකයා සිරිකොතට පස්ස දොරින් රිංගා රනිල් සමග ලගින්නේත් රටේ ජාතිකත්වයට එරෙහි විජාතික කඳවුරේම අපේක්ෂාව එකක් බව තව දුරටත් තහවරු කරමින්. ජනාධිපතිවරණය දෙස බැලීමේදී විජාතික කඳවුරේ සියළු අපේක්ෂකයන්ගේ අරමුණ වන්නේ තමන් දිනන එක කෙසේ වෙතත් ජාතිකත්වයේ අපේක්ෂක ගෝටාභය මහතා පරාජය කරවීමයි. අර අපේක්ෂකයාටත් ඒ අරමුණ තම ජයග්‍රහණයට වඩා උඩින් තිබේ. යම් විදිහකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා රනිල් වුනානම් අර අපේක්ෂකයා රනිල්ගේ ජය පතා වේලාසන සටනින් ඉවත් වන්නටද බොහෝ ඉඩකඩ තිබුණු බවත් අප සිහි තබා ගත යුතුය. දැනටත් තොරතුරු අනුව දැනගන්නට ඇත්තේ අර අපේක්ෂකයාගේ කඳවුරේ නායකයි මැතිවරණයේදී පළමු මනාපය අපේක්ෂකයාටත් දෙවන මනාපය ගෝටාභයට විරුද්ධ අයෙකුටත් දීමට උපදෙස් දී ඇති බවයි. ඉතින් ජාතිකත්වයට ලැදි ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දෙන බහුතරය මෙවර ගෝඨාභය මහතා ඉහල ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරවිය යුත්තේ ඇයි කියන එකට තවත් හේතු  අවශ්‍යද?