Monday, May 27, 2019

ත්‍රස්ත ප්‍රහාරයට නොදෙවෙනි අවිචාරයේ කාල බෝම්බය.

නොයෙක් දුෂ්කරතා අපහසුකම් මැද්දේ සිංහල අවුරුද්ද සැමරූ අපට ඉන් පසුවට මුහුණ දීමට සිදු වුනේ අතිශය දුර්භාග්‍යසම්පන්න සිදුවීම් මාලාවකටයි. ඒ මෙම වසරේ අප්‍රේල් 21 වන ඉරු දින කතෝලික පල්ලි ඉලක්ක කරමින් එල්ල වුනු මුස්ලිම් අන්තගාමී ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. බෝම්බ ප්‍රහාරයට සමගාමී ත්‍රස්ත කටයුතු වල ඉවරයක් ඇතැයි සිතිය නොහැක්කේ මේ වන විටත් රටේ හතර දිග් භාගයේ මුස්ලිම් දේවස්ථාන හා මුස්ලිමුන්ට අයත් වෙනත් ස්ථාන වලින් කඩු කිනිසි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආදිය ආරක්ෂක අංශ වලට හමු වීම නිසයි. මේ සිද්ධියත් සමග රටේ සමස්ථ මුස්ලිම් ප්‍රජාව කෙරෙහිම යම් නොරිස්සුම් සහගත බවක් අනෙකුත් සියළු ජන කොටස් අතර වර්ධනය වෙමින් පවතින්නේ නිරායාසයෙන්. එය හුදු අසාධාරන දෙයක්ම නොවුවත් අන්තගාමී නොවන සාමාන්‍ය මුස්ලිම් ජනයාටද තමන් ආගමික අන්තවාදීන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න හා තම ආගමික විශ්වාසයන් අන්තගාමීන්ගේ මිත්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය රට හමුවේ පැහැදිලි කර දීමේ වගකීමක් තිබේ. මේ වන විට මෙරට මුස්ලිම් ප්‍රජාව තුල සුළු පිරිසක් හෝ එම කටයුත්ත වගකීමක් ඇතිව කිරීමට ඉදිරිපත් වීම යහපත් දෙයක් වුවත් අන්තවාදී ක්‍රියාකාරකම් තවමත් ඇත්තේ ඊට ඉහල මට්ටමකයි. මේ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දිනයේම ඒ පසුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේග ඇත්ද යන සැකය මතු වන බව කාදිනල් තුමා කෙලින්ම ප්‍රකාශ කර ගැටුම්කාරී තත්වයක් ඇති වීම වලක්වාගැනීම යහපත් මෙන්ම නුවණට හුරු දෙයක් බව දැන් මේ පිළිබඳව හෙලි වන තොරතුරු දෙස බැලීමේදී පැහැදිලි වේ.
                          
මීට පෙර කොටි ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ සමයේ මෙන්ම මෙරට බොහෝ දෙනා මේ සිදුවීමේදීත් මෙය හුදෙක් සිද්ධියක් ලෙස පමණක් මතුපිටින් තේරුම් ගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත. කලකට ඉහත කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේදීද මෙරට රටේ බොහෝ දෙනා එය හුදු සිද්ධියක් ලෙස පමණක් තේරුම් ගෙන කෙටි කලකින් අමතක කර දැමුවෝය. ඇත්තෙන්ම මේ සිදුවීම් වල මතුපිටින් පෙනෙන දේ මතවාදීව තේරුම් ගැනීම හා ඒ තුලින් විචාරය ඇතිකිරීම වඩා වැදගත් වේ. එදා කොටි ත්‍රස්තයන් කැබිතිගොල්ලෑවට පමණක් නොව උතුරු ප්‍රදේශයේ සිංහලයන් ජීවත් වූ සියළු ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කළේ උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනයාට පමණක් අයිති විය යුතු හා ඒ දෙමළ නිජ භූමිය යන මිත්‍යාව පදනම් කරගත්  ඊලාම් බෙදුම්වාදී මතවාද අනුව යමිනි. එහිදීද යටත්විජිතවාදය තුලින් දෙමළ ජාතිවාදය හා ඊලාම් බෙදුම්වාදය මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව ස්ථාපිත කළේ ලන්දේසි හා පසුව ඉංග්‍රීසින්ය. දෙමළ ජාතිවාදය බටහිර සහයෙන් දිගු කලක් තිස්සේ වැඩුනු එකකි. වර්තමාන සිද්ධියේදී මුස්ලිම් අන්තවාදය පෙරමුණ ගෙන ඇති බවක් පෙනේ. එය හුදෙක් දින ගනනකින් ඇති වූවක් නොවන බව පැහැදිලිය. එයද වසර ගනනක් තිස්සේ වැඩී ඇත්තේ විශේෂයෙන්ම සිංහල දේශපාලුවන්ගේ අවස්ථාවාදී පටු දේශපාලනයේත් සහය ලබමිනි. ලොව පුරාම සිදුවන පරිදි අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තිවාදය රට තුල සූක්ෂම ලෙස වැඩුනත් මීට බොහෝ කළකට පෙර බහුතරයක් මුස්ලිම් ජනයා රටේ ජාතික අනන්‍යතාවයට ගරු කරමින් තම අනන්‍යතාවය පවත්වාගෙන තිබෙන්නේ හලාල් භාණ්ඩවත් බුර්කාවල්වත් ඇතුව නොවේ. එලෙස ජීවත් වූ මුස්ලිමුන් අන්තවාදය තුලට ඇදී යන්නේ මුස්ලිම් දේශපාලනය හරහා බව පැහැදිලියි. නිල මට්ටමින් මුස්ලිම් අන්තවාදය කරලියට එන්නේ අශ්‍රොෆ්ගේ මුස්ලිම් කොන්ග්‍රසය හරහායි. 1994, 1995 කාලයේ චන්ද්‍රිකා කුමාරතුංගගේ රජයේ නාවික ඇමති ධූරය අශ්‍රොෆ්ට ලැබීමත් සමග නැගෙනහිර අන්තවාදී කටයුතු තවත් ඉදිරියට ඇදී ගිය ආකාරය අපට අමතක නැත.
                               
2019 අප්‍රේල් මස 21 ඉරු දින මුස්ලිම් අන්තවාදී බෝම්බ කරුවන්ගේ ප්‍රහාරයට ලක් වුනේ මෙරට ක්‍රිස්තියානි පල්ලි ගනනාවකි. එහිදීද බැලූ බැල්මට මෙය ජාත්‍යන්තර මට්ටමේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම් වල තවත් එක් අවස්ථාවක් ලෙස පෙනී ගියත් මේ තුල ඉන් එහා ගිය බොහෝ දේ අන්තර්ගතව ඇත. පළමුව කිවයුතු දෙයක් තිබේ, එනම් ලංකාව මුස්ලිම් රටක්වත් ක්‍රිස්තියානි රටක්වත් නොවන බැවින් ජාත්‍යන්තර වහන්ගත වල ගොදුරක් බවට අපේ රට පත් නොවිය යුතු බවයි. වැදගත්ම කාරනය වන්නේ ඊනියා ජාත්‍යන්තරය ලෙස පෙනී සිටින බටහිර යුදෙවු නිරාගමික නූතනවාදයේ ගෝලීය එකතුව අවස්ථාවාදී ලෙස මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමයි. මේ ඊනියා ජාත්‍යන්තර බලවේග ලොව පුරා මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්  මෙන්ම මුස්ලිමුන් හා මුස්ලිම් නොවන වෙනත් ජන කොටස් අතර ගැටුම්ද අවස්ථාවාදීවත් කුමන්ත්‍රණකාරීවත් ඇතිකරයි. අප මෙහිදී සිහි තබා ගත යුතු වැදගත්ම කාරනය වන්නේ යුදෙවු නිරාගමික නූතනවාදය ලොව පුරාම කරන මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයද තවත් එක් මතවාදී ත්‍රස්තවාදයක් බවයි. මේ ත්‍රස්ත මතවාදී ආක්‍රමණිකරන්ගේ ගෝලීය එකතුව කතෝලික ආගමට හෝ සංස්කෘතියටද පක්ෂ නොවේ. මේ ඊනියා ජාත්‍යන්තර බලවේග වලට තම මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය රිසි පරිදි සිදු කිරීමට ඇති බාධක කුමක් වුවත් කවර ආකරයකින් කෙසේ හෝ ඉවත් කර ගැනීමට නොකරනා දෙයක් නොමැත. එහිදී ඉස්ලාමය පමණක් නොව කතෝලික ආගමික සංස්කෘතික පසුබිමද ඔවුන්ට බාධාවකි වේ. ලොව පුරාම  අනෙකුත් ආගම් හා සංස්කෘතික හර පද්ධතීන්ද මේ ජාත්‍යන්තරයට දීරවන්නේ නැත. එක් පසෙකින් දැනුම හා තාක්ෂණයද ඇතුළුව සියල්ල වානිජකරනය වී ඇති පසුබිමක අවි ආයුධ, වෛද්‍ය උපකරණ ඇතුළු ඖෂධ වෙළඳාමද ලාභදායී බව අනක් ගුනක් නැති බටහිර යුදෙවු නිරාගමික නූතනත්වයේ අනුගාමිකයින්ට නොතේරෙනවාද නොවේ.
                             
සියල්ලට උඩින් සිටින බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී ගෝලීය එකතුවේ හැසිරීම ගැන අපට වැටහීමක් තිබිය යුතුමයි. බටහිර කතෝලික චින්තනය බිඳ වැටී යුදෙවු චින්තනය පෙරමුණ ගැනීමත් සමගින් ඉදිරියට ඇදී යන මතවාදී හා ක්‍රියාකාරකම් පද්ධතිය මේ වන විට ලෝකයේත් මිනිස් සංහතියේත් යහ පැවැත්ම කෙටි කරමින් ඇත්තේ තුන්කොන් යාන්ත්‍රණයකටයි. කාබාසිනියා පරිහරන රටාවක් තහවරු කරන සංවර්ධන සංකල්පය, උද්දච්ච බටහිර නූතනත්වයේ බොරු ආටෝපය, විචාර බුද්ධිය යට කරන අත්තනෝමතික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යන දේ හරහා මේ තුන්කොන් යාන්ත්‍රණය ඉදිරියට ඇදෙයි. අද මුලු ලෝකයේ සෑම රටක්ම තමන්ට ආවේනික සම්පත් පරිභෝජන රටා වලිනි බැහැරට ඇදෙමින් සැබෑවට බලන කල බෝහෝ දුරට අනවශ්‍ය ක්‍රියාකාරකම් තොගයකට ගැටගැසී තිබෙන්නේ ඊනියා සංවර්ධනය ( Development) හරහායි. සැබෑ ලෙස බුද්ධියට ගෝචර නොවන දේ පවා බටහිර නූතනත්වයේ බොරු ආටෝපය තුලින් පටවන්නේ දැනුම, තාක්ෂණය ඇතුළුව නොයෙක් මතවාද හරහා විචාරයට පිටින් අධි ශික්ෂාකාමීත්වයක් අප තුල ඇති කරමින් බලහත්කාරයද යොදා ගනිමිනි. අනෙක් අතට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් අවිචාරයේ අත්තනෝමතික බව විචාර බුද්ධියෙන් පරාජය කිරීමට ඇති ඉඩකඩ අහුරයි.  මේ තුන්කොන් යාන්ත්‍රණයත් සමග බටහිර යුදෙවු නිරාගමික  මතවාදී ත්‍රස්තවාදය විසින් ලොව පුරා ගෙන යන, හඳුනාගත හැකි එහෙත් රැවටිලිකාර ලෙස පෙරට ගන්නා ක්‍රියාකාරකම් කිහිපයක් තිබේ. ඒ නම් පුද්ගල ආත්මාර්ථකාමීත්වය වර්ධනය කිරීම හා සමාජය විසංවිධානය කිරීම, රට රටවල ජාතීන්ට අමතරව සිටින සුළු ජන කොටස් අතර ස්වයංපාලන උමතුව ඇති කිරීම හා බෙදුම්වාදය වැපිරීම, කාන්තාවාදය හා සමලිංගිකත්වය පිළිගැනීමට ලක්කර මිනිස් සමාජය ලිංගිකව ව්‍යාකූල කිරීම, අවසන් වශයෙන් නිරාගමිකකරණය හා විවිධ සදාචාර විරෝධී ක්‍රියා නූතනත්වයේ නමින් වර්ධනය කිරීම වෙයි.
                             
මේ අනුව අපේ රටට තිබෙන ජාතික අනතුරු වල පෙලගැස්ම ගැන විමසා බැලීමක් කිරීම වැදගත් වෙයි. බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී ආක්‍රමණය දෙමළ ඊලාම් බෙදුම්වාදය හරහා කලක් තිස්සේම ක්‍රියාත්මක වේ. වර්තමානයේ රනිල් අගමැතිව සිටින රජයද මෙහි තවත් පාර්ශව කරුවෙකි. ඊලාම් බෙදුම්වාදය, විවිධ ප්‍රෝඩාකාරී සංවර්ධන ව්‍යාපෘති හා විජාතික ගැති දේශපාලනය හරහා පෙර සඳහන් කළ යුදෙවු නිරාගමික නූතනත්වයේ ප්‍රධාන පිල්ලි ආකාර 4ම සක්‍රියව ඇත. මේ සියල්ලට අමතරව දැන් රටටත් ජාතියටත් ඇතිව තිබෙන බරපතල තර්ජනය මුස්ලිම් ආගමික අන්තවාදී ත්‍රස්තවාදයයි. මෙය කලක් තිස්සේ රට තුල පෝෂණය වූ ආකාරය ගැන සොයා බැලීමේදීනම් මුස්ලිම් වර්ගවාදී දේශපාලනය මෙන්ම ඊට පහසුකම් සැපයූ අවස්ථාවාදී සිංහල දේශපාළුවන්ද එක ලෙස වග කිව යුතුයි. අශ්‍රොෆ්ගේ මුස්ලිම් කොන්ග්‍රසයද දෙමළ බෙදුම්වාදී දේශපාලනය ආදර්ශයට ගනිමින් එය අනුගමනය කර තිබෙන බව රහසක් නොවේ.  චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපති ධූරය දැරූ කාලයේ අශ්‍රොෆ්ට නාවික ඇමති තනතුර ලැබී තිබුණි. අශ්‍රොෆ් මුස්ලිම් අන්තවාදී කටයුතු වඩා උද්‍යෝගයකින් කරගෙන යනු ලැබුවේ මේ කාල වකවානුව තුලයි. දීගවාපිය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි අශ්‍රොෆ් යටින් කරගෙන ගිය වැඩ පිළිවෙල එකල මතු පිටට ආ හැටියි. අශ්‍රොෆ්ගෙන් පසුවට හකීම් එම වැඩපිළිවෙල සූක්ෂමව ඉදිරියට ගෙන ගියේය. මේ වන විට රිෂාඩ් බදුඩීන්ද අශ්‍රොෆ් සහ හකීම් අනුගමනය කරමින් වයඹදිග ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදී කටයුතු පෝෂණය කරමින් සිටියි. සියල්ල සිද්ධි වශයෙන් මෙසේ සිදු වෙද්දී ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්ත කල්ලි අවස්ථාවාදීව පෝෂණය කරන බටහිර බලවේග සියල්ලට උඩින් සිටින බව අප තරයේ සිහි තබා ගත යුතුයි.  යුදෙවු නිරාගමික නූතනත්ව මතවාදී ආක්‍රමණිකයාගේ බොහෝ සැලසුම් මෙරට තුලදී පරාජයට පත් වුනේ කොටි ත්‍රස්තවාදය පරාජය වීමත් සමගයි. ඉන් පසුවට මේ ජාත්‍යන්තර විජාතික බලවේග දෙමළ ඊලාම් බෙදුම්වාදය නැවත කරලියට ගෙන ඒමට උත්සහ දැරුවද එයද අසාර්ථක විය. අවසානයේ ඔවුන්ගේ  අනෙක් පාර්ශව කරුවා වන රනිල්ට රටේ බලය ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා යොදාගෙන මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමුවත්, සිරිසේන මහතා රනිල්ගේ විජාතික වැඩ පිළිවෙල ප්‍රතික්ෂේප කරමින් නැවත ජාතිකත්ව කඳවුර වෙත ගමන් කිරීමෙන් ඊනියා ජාත්‍යන්තරයේ සැලසුම් නැවතත් ව්‍යර්ථ විය. සියළු ගැට අසාර්ථක වූ පසු රනිල් ලවා තම සැලසුම් රට තුල ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ගේම් එකක් ගැසීමටනම් ඊට ප්‍රතිවාදියෙකුද ජාත්‍යන්තර බලවේග වලට අවශ්‍යවේ. රට තුල සූක්ෂමව වැඩුනු මුස්ලිම් අන්තවාදය හරහා දැන් කරග්න්නේ ඒ කටයුත්තයි.
                            
මේ ප්‍රශ්න සියල්ල අස්සේ ජාත්‍යන්තර තක්කඩි බලවේග වල ගැට වලට හසු නොවී ප්‍රශ්න නිරාකරනය කර ගැනීමටනම් අවිචරයෙන් මිදී විචාර බුද්ධියකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. බෝම්බ ප්‍රහාරය සිදු වූ දිනයේම කාදිනල් තුමා දුර දක්නා නුවනින් මේ පසුපස පිටස්තර බලවේග සිටිය හැකි බව පෙන්වා දී සංයමයෙන් ක්‍රියා කිරීමට කිතුනු ජනයාට ඇතුළු සියළු දෙනාට උපදෙස් ලබා දීම ඉතාමත්ම වැදගත් කටයුත්තක් වුනාට කිසිම සැකයක් නෑ. අදටත් මේ ප්‍රහාරය තුලින් ජන වර්ග අතර නොසන්සුන්තාවයක් හා ගැටුම්කාරී තත්වයක් ඇතිවීම බලපොරොත්තු වන්නේ මේ රට තුල සිටින ජන බලයක් නැති හොර දේශපාළුවන් හා රටට එරෙහි ජාත්‍යන්තර තක්කඩින්ගේ එකතුවයි. අප හැකි පමණ කළ යුත්තේ ත්‍රස්ත ක්‍රියා වලට අනුබල දෙන මුස්ලිම් අන්තවාදයට වැඩෙන්නට ඉඩ නොද්දෙන අතරම හැකි උපරිමයෙන් ආරක්ෂක අංශ වලට ත්‍රස්ත කටයුතු මැඩ පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දීමයි. ජනකොටස් අතර ගැටුම් ඇතිකිරීම යනු රටේ ජාතික අවශ්‍යතා වලට පිටින් කටයුතු කරන කුප්‍රකඨ විජාතික ගැති දෙශපාළුවන්ට හා ඔවුන් බලගන්වන ජාත්‍යන්තර තක්කඩින්ට විජාතික අරමුණු කරා යන්න දෙන සහයෝගයක් පමණි. එබැවින් මේ ප්‍රහාර සිද්ධි වශයෙන් පමණක් තේරුම් ගෙන කෙටි කලකින් අමතක කරනවා වෙනුවට මතවාදීව මෙහි පසුබිම තේරුම් ගනිමින් ආරක්ෂක අංශ සමග සහයෝගීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මෙහිදී මුස්ලිම් ආගමික අන්තවාදීන් හා එය අනුගමනය නොකරන මෙරට මුස්ලිම් ජනයා අතර වෙනස රටට පැහැදිලි කර දෙමින් ත්‍රස්තවාදයට අනුබල දෙන ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිම් ජනයාටද පැහැදිලි වගකීමක් තිබේ. ඔවුන් ත්‍රස්තවාදයට හා ආගමික අන්තවාදයට සහය දෙන මුස්ලිම් දේශපාලකයින් සමග තිබෙන සියළු ගනුදෙනු නවතා දැමීමද තම නිදොස් බව රටට පෙන්වීමේදී ඉතා වැදගත්ය. එලෙසින්ම ත්‍රස්ත කටයුතු හා ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමටද ආගමික අන්තවාදය පසුපස නොයන සාමාන්‍ය මුස්ලිම් ජනයා උනන්දු විය යුතුය.
                         
ඉහත සඳහන් ආකාරයට කෙටි කලීනව ඉතා ඉක්මනින් තැනට සුදුසු ලෙස ක්‍රියා කිරීමේ වැඩ පිළිවෙලකදී, රටේ වර්තමාන දේශපාලන තත්වය ගැන හොඳ අවබෝධයක් ඇතිව දැනට තිබෙන දේශපාලන තත්වයට අනුව එය රටේ ජාතිකත්වයට හිතවත් අයුරින් කලමනාකරණය කර ගැනීමට ජාතික බලවේග මෙන්ම රටට හිතැති සියල්ලන් බුද්ධිමත් විය යුතුයි. වර්තමාන දේශපාලන තත්වය තුල සියළු දේශපාලන බලවේග රටේ ජාතිකත්වයට හැම අතින්ම හිතවත් නොවුවත් ජාතිකත්වයට වඩා කිට්ටු මෙන්ම බලය තිබෙන පාර්ශවය වට ජාතික මතවාද සමගින් ජන බලයක් ගොඩනැගීමද වැදගත් වේ. ජාතිකත්වය පැත්තේ සිටින මහින්ද ප්‍රමුඛ විපක්ෂයට දේශපාලන වශයෙන් බලය නොතිබීම ගැටළුවක්. වර්තමානයේ ඉතා පැහැදිලි කරුන නම් ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන දෙකම ජාතිකත්වයට සමීප නොවන බවයි. රනිල්ගේ එ.ජා.ප ආණ්ඩුව පැහැදිලිව ජාතිකත්ව විරෝධී එකකි. මේ තිබෙන තත්වය යටතේ ජාතිකත්වයට හා රටට හිතවත් බහුතර ජනයාට හිතවත් මෙන්ම බලය ඇති එකම සාධකය විධායකය පමණි. එනම් විධායක ජනාධිපතිවරයායි. සිරිසේන මහතාගේ දේශපාලනයේද යම් ගැටළු තිබුණත් අප ජාතිකත්වයේ මහා ජන බලවේගයක් ඔහු වටා ගොඩනැගිය යුත්තේ ජාතිකත්වයට හිතැති අයුරින් ඔහුට කටයුතු කිරීම සඳහා ධෛර්ය හා ශක්තිය සැපයීමටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ත්‍රිවිධ හමුදාවේද ප්‍රධාණියායි, එමෙන්ම රාජ්‍ය න්නායකයාද වෙයි. අප කල්පනා කළ යුත්තේ රනිල් ප්‍රමුඛ විජාතික රජයේ  දේශපාලන කෙනහිලිකම් වලින් ඔහු අධෛර්යමත් වී රටට අවශ්‍ය තීන්දු තීරන නිසි කලට ගැනීම පසු පසට තල්ලු වන ආකාරය බලාගැනීමට නොව, හැකි ඉක්මනින් විධායක බලය හිමි සිරිසේන මහතා සහ ආරක්ෂක අංශ වටා එක් රොක් වෙමින් ජාතික ආරක්ෂාව තහවරු කිරීම ඇතුළු සෙසු ජාතික අරමුණු ජයග්‍රහණය කරවීමට එතුමාට අවශ්‍ය ජනතා සහය නොඅඩුව ලබා දීමයි. පළමුව ජාතිකත්වයේ ජන බලය සිරිසේන මහතා වටා ගොඩනගමින් අසාද් සාලි හිස්බුල්ලා වැන්නන්ගෙන් එතුමා ගලවා ගත යුතුය. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය සමග හැකි ඉක්මනින් සන්ධානගත වී ජාතිකත්වයට හිතැති අයුරින් ඉදිරි දේශපාලන කටයුතු කිරීමට එතුමා පොළඹවා ගතයුතුයි. එලෙසම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයටද එලෙස සන්ධානගත වී රටේත් ජාතියේත් පොදු සතුරු බලවේග වලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ගැම්ම ජාතිකත්වයේ මහා ජන පවුර විසින් ලබා දිය යුතුව ඇත.
                                      
  ජාත්‍යන්තර ගැට වලින් රටත් ජාතියත් රටවැසි හැම දෙනාත් ගැලවී සුරක්ෂිත රටක් හැදීමටනම් දිගුකාලීන වැඩපිළිවෙලක්ද ඒ සඳහා අනිවාර්ය වේ. ඒ සඳහා පෙර කී රටට ජාතියට එරෙහි හතුරු බලවේග වල පෙලගැස්ම ගැන හොඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මේ පෙළගැස්මේ අළුත්ම අංගය වන මුස්ලිම් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මැඩලීමේදීද තර්ස්ත කටයුතු මැඩලීමට ආරක්ෂක අංශ වලට  සහය දෙන අතරතුර මුස්ලිම් ව්‍යාප්තිවාදය මැඩලීමට සිහිබුද්ධියෙන් ක්‍රියා කිරීමද වැදගත් වේ. අප එක් පැත්තකින් සංහිඳියාව යන කාරනයේදී සැබෑ සංහිඳියාව යනු සුළුතර ජනකොටස් රටේ ජාතිකත්වයට එරෙහිව කරන ඕනෑම අත්තනෝමතික කටයුත්තක් බහුතරය විසින් ඉවසා සිටීම නොවන බව සුළුතර ජන කොටස් වලට කියා දිය යුතුයි. විශේෂයෙන් මුස්ලිම් ජනයාට ආගමික අන්තවාදීන් විසින් දෙන ඉලක්ක සපුරාලීමට ගොස් සැබෑ සංහිඳියාව නැති කර නොගන්නා ලෙස බල කළ යුතුයි. මුස්ලිම් අන්තවාදී උමතුවෙන් කටයුතු කරන දේශපාළුවන් සමග ගනුදෙනු නතරකිරීමට ඔවුන් පොළඹවාගත යුතු අතර එසේ නොකරන්නේනම් ඔවුන් සමග ඇති ගනුදෙනු නතර කිරීමට සෙසු ජනයාට සිදු වන බවද ඒත්තු ගැන්විය යුතුය. මුස්ලිම් ජනයාට වෙළඳාමක් කරගෙන බහුතරය සමග සාධාරන ලෙස එකිනෙකාට සහයෝගයෙන් ජීවත් වීමට හැකි වූ පමණින් අන්තවාදී උන්මත්තකයන්ට සැලසුම් සහගතව අනෙකුත් ජනකොටස් සතු දේපළ ඉඩකඩම් මිලට ගනිමින් තවත් ඔවුන්ගේ සහචරයන් පදිංචි කරගෙන කල්ලි ගැසී ව්‍යාප්ත වීමෙන් පසුව අන්තවාදී ආක්‍රමණය කරගෙන යන්නට අප ඉඩ නොතබන බවත් ඔවුන්ට මතක් කර දීම වැදගත්. රටටත් ජාතියටත් හිතැති සියළු දෙනා නොපමාව කළ යුතු අනෙක් දෙය නම් තම දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් දේශපාලකයින් සමග ඩීල් දමා ගන්නා සියළු සිංහල දේශපාළුවන් ප්‍රතික්ෂේප කිරීමයි. සිංහලයන් දේශපාලනික වශයෙන් පක්ෂ වලට තව දුරටත් නොබෙදී ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමත් අත්‍යවශ්‍යම දෙයකි. අප තදින්ම සිහි තබා ගත යුත්තේ ත්‍රස්තවාදය හමුවේ ආරක්ෂක අංශ වලට සිය මෙහෙයුම් කටයුතු කිරීමට සහය දෙනවා විනා අප කිසිවෙක් මුස්ලිම් ජනයා සමග කිසිදු ගැටුමක් ඇති කර නොගැනීමටයි. ඒ එසේ කරහොත් ඊනියා ජාත්‍යන්තරයේ බටහිර තක්කඩින් එය හේතු කරගෙන අපේ රට ඔවුන්ගේ ග්‍රහනයට ගැනීමට ක්‍රියා කරන නිසයි. 
                  
දිගුකාලීනව රට සුරක්ෂිත කිරීමටනම් එය ජාතික මතවාද මත නිවැරදිව පිහිටා කළ යුතුමය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියළු සාධක පසුපස ඇති දේ මතවාදීව තේරුම් ගැනීමත් මෙහිදී වැදගත්. මින් ඉහත කී ලෙස ලංකාව යනු මුස්ලිම් රටක්වත් ක්‍රිස්තියානි රටක්වත් නොවන බැවින් අප ජාත්‍යන්තර මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම් රටට රිංගවා ගත යුතු නොවේ. මේ රට රටක් ලෙස ගොඩනැගූ සිංහල බෞද්ධයන්ට අද නිසි රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් තමන්ගේ රට රටක් ලෙස තියා ගන්නට ඇති නොහැකියාව මෙන්ම උවමනාවක් නැතිකමද මේ ගැටළු වලට මහත් රුකුලකි. ඒ උවමනාව අප දැන්වත් ඇති කරගත යුතුය. ඊට අවශ්‍ය මතවාදී ශක්තියත් අප සතුව තිබේ.රට තුල පමණක් නොව ජාත්‍යන්තර මට්ටමෙන්වත් මුස්ලිම් ක්‍රිස්තියානි තියා වෙනත් කිසිදු ආගමික හෝ වාර්ගික මට්ටමේ ගැටුම්වත් තිබිය යුතු යැයි අප බලාපොරොත්තු නොවිය යුතුය. මන්ද බටහිර යුදෙවු නිරාගමික නූතනත්වයේ ගෝලීය එකතුව මේ සියළු ගැටුම් නිර්මාණය කිරීම පසුපස සිටින බැවින්. මේ යුදෙවු නිරාගමික නූතනවාදී බලවේග විසින් මෙහෙයවන මතවාදී ත්‍රස්තවාදය හා සංස්කෘතික ආක්‍රමණය ගැන අපට නිවැරදි වැටහීමක් ඇත්නම් අපේ රට තුල ප්‍රහාර දියත් කළ සහරාන්ලා පමණක් නොව ජාත්‍යන්තර ප්‍රහාර දුන් බින් ලාඩන්ලාත් අවස්ථාවාදීව බටහිර බලවේග විසින් මෙහෙයවීම ගැන සිතාගැනීමට අපහසු නොවේ. බටහිර යුදෙවු නිරාගමික නූතනත්වයේ ගෝලීය එකතුවට  ලොව වෙනත් රට්වල ජාතිකත්වයන් දුර්වල කිරීමට අවශ්‍යවේ. ඒ මුළු ලෝකයම ඔවුන්ගේ මතවාදී ආකෘතිය තුලට ගැනීමටයි. මේ බලවේග මුලින්ම දුර්වල කළේ බටහිර රටවල ජාතිකත්වයන් වේ. යුදෙවු නිරාගමික නූතනවාදී බලවේග බටහිරදීත් කතෝලික චින්තන ආකෘතියට අනුකූල නැත. නිරාගමික නූතනවාදී චින්තනය පෙරට ගැනීමට බටහිරදී කතෝලික චින්තනය  නැති කර දැමීමද මේ බලවේග වල අවශ්‍යතාවයකි.
                        
යුදෙවු නිරාගමික නූතනවාදයේ  ගෝලීය එකතුවට දැනුමද වානිජකරණය වූ කාබාසිනියා පරිහරන රටාවට හා බටහිර නූතනත්වයේ මතවාද තුලට මුළු ලෝකයම නතු කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇත. ගෝලීය සංස්කෘතික ආක්‍රමණය හා මතවාදී ත්‍රස්තවාදය පෙන්නුම් කරන්නේ එයයි. බටහිර නූතනත්වයේ ගෝලීය එකතුවට අවශ්‍ය වන්නේ ඔවුන් විසින් නිර්දේශිත මිනිස් ක්‍රියාකාරම් පද්ධතියකට මුළු ලෝකයම ගැටගසා තබා ගැනීමටය. අවි ආයුධ නිශ්පාදනය කරන වානිජ බලවේග වලට ලොව පුරා ගැටුම් අවශ්‍ය වේ. තවත් පැත්තකින් බටහිර නූතනත්වයේ මතවාදී ආක්‍රමණයට නිරාගමිකකරණය, පුද්ගල ආත්මාර්ථකාමීකම, විසංවිධානය,බෙදුම්වාදය, කාන්තාවාදය හා සමලිංගිකත්වය ආදිය අවශ්‍ය වේ.  මේ සියල්ල සඳහා විවිධාකාර ජාත්‍යන්තර ගේම් ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර ගේම් සියල්ලේම එකතුව අවසානයේ බටහිර යුදෙවු නිරාගමික නූතනත්වයේ ආක්‍රමණයයි. මේ ආක්‍රමණිකයාට ගේම් ගැසීමට ප්‍රතිවාදීන් හදා ගැනීමද ඔවුන්ගේ සැලසුම් වලම ප්‍රධාන අංගයකි. තමන්ට ගේම් එක ගැසීමට ප්‍රතිමල්ලවයා නිර්මාණය කර ගැනීමේ කූඨ සැලසුම් ගැන අවබෝධයක් ඇත්නම් මෙරට බෝම්බ පිපිරවූ සහරාන් පමණක් නොව ඒ සහරාන් මෙහෙයවූ රටෙන් පිටත මුස්ලිම් අන්තවාදී සහරාන්ලා මෙන්ම මුස්ලිම් අන්තවාදී සහරාන්ලා මෙහෙයවන බටහිර සහරාන්ලා කවුදැයි තේරුම් ගැනීමද අපහසු නොවේ. අප සිහි තබා ගත යුත්තේ මුස්ලිම් අන්තවාදය පමණක් නොව ඒ අන්තවාදයත් අවස්ථාවාදීව මෙහෙයවන බටහිර ගේම් කාරයන්ගේ සියළු සැලසුම් අප විසින් පරාජයට පත් කළ යුතු බවයි. එක් ව්‍යසනයකින් බේරීමට වෙනත් බටහිර පිල්ලි ගේම් වල ක්‍රීඩකයන් වන්නටද අප නොසිතිය යුතුයි. මන්ද ඒසියළු ගේම් අවසානයේ අපේ ජාතිකත්වයට එරෙහිව යන බැවින්. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කිරීමට වඩා ජාතියක් හැටියට එකමුතු වී ජාතික වගකීම් කොටසක් ඉටු කිරීම ගැන අප සිතා බැලිය යුතුය. බේද බින්න වීමට වඩා කෙනෙකුට අනෙකාගේ වටිනාකමක් තේරෙන සංවිධානාත්මක බව සමාජයට වැදගත් වෙයි. ආගමික ඉගැන්වීම් වල පරස්පරයන් මුල් කරගෙන අනවශ්‍ය මත බේදයන් ඇතිකරගැනීමද නුසුදුසුය. සුළු ජන කොටස් වල ස්වයංපාලන බෙදුම්වාදී මානසිකත්වයට ඉඩ නොතැබීම වගේම සුළුතර අන්තවාදී ත්‍රස්ත ක්‍රියා හමුවේ ආරක්ෂක අංශ වලට නිල මට්ටමෙන් ඒවා මැඩපැවැත්වීමට සහය දිය යුතුයි.
                            
මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය හේතුවක් කරගෙන ඊට මුහුණ දීමට යැයි කියමින් කාන්තාවන්ද ප්‍රචන්ඩකාරී ක්‍රියා වලට යොමුකිරීම හෝ සටන්කාමී මානසිකත්වයක් ඇති කාන්තාවන් පෙරට ගනිමින් බටහිර කාන්තාවාදයේ ගේම් එකට වටපිටාව සකසා දීමද කිසි සේත් නොකළ යුතුවේ. රටේත් ජාතියේත් යහපත වෙනුවෙන් සිංහල බෞද්ධ කාන්තාවන්ට ස්ත්‍රීත්වය හා මාතෲත්වය මත පදනම් වන සුවිශේෂී ජාතික වගකීම් කොටසක් පැවරිය යුතු අතර ආරක්ෂක කටයුතු වලදී පෙරමුණ ගත යුත්තේ පිරිමි කාණ්ඩයයි.සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැස්ම විනාස කර ලිංගික ව්‍යාකූලත්වය කරා ගෙනයන මතවාද වලට ඉඩ නොදීමට වගබලා ගත යුතු වේ. සිංහල පවුල් වල ගැහැනු ළමුන් ස්ත්‍රීත්වය අනුව හැඩගැස්වීම මවුවරුන්ට බාරදී  පිරිමි ළමුන් පියාට අනුව හැඩගැස්වීම දැන්වත් පෙර පරිදි කිරීමට වග බලා ගත යුතුය. ලිංගික අවශ්‍යතා හා ප්‍රජනන අවශ්‍යතා ව්‍යාකූලත්වයකට පත් වුනු සමාජ තත්වයක් තුල මුස්ලිම් අන්තවාදී දොස්තරලා සිංහල කාන්තාවන්ට කළ වඳ සැත්කම් ගැනවත් අන්තවාදීන් ගෙනා වඳ පෙති ගැනවත් කතා කරන්නට දෙයක් නැති වන්නේ එය තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම විකුර්ති මතවාද තුල දියාරු වී ගොස් හමාර වූ විටයි.  අප එක් වහන්ගතයකින් ගැලවීමට තවත් වහන්ගත කන්දරාවක් බෝ කරගත නොවේ. මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිහි බුද්ධියෙන් කටයුතු කිරීමේදී වැදගත්වන්නේ නිවැරදි ජාතික මතවාද තුල පිහිටා එම කටයුත්ත කිරීමයි. එහිදී අපේ දුර්වලකම් තේරුම් ගැනීමද අනිවාර්ය වේ. අපගේ ප්‍රධාන ජාතික අරමුණ විය යුත්තේ කෙසේ හෝ සිංහල බෞද්ධ ජාතිකත්වය මත පිහිටා නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් බවට මේ රට නැවත පත් කිරීමයි. එසේ කිරීම යනු සිංහල නොවන, බෞද්ධ නොවන ජන කොටස් වලට කරන අසාධාරනයක්ද නොවේ. ඒබව කාදිනල්තුමා වැනි අය පවා දනිති. සිදු විය යුත්තේ පක්ෂ දේශපාලනය වැනි දෑ පසෙක තබා ඒ කටයුත්ත කිරීමට සිංහලයන් ජාතියක් ලෙස මහා ජවයකින් යුතුව ඒකාබද්ධ වීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ජාතික මතවාද මත පිහිටා කටයුතු කිරීම මිස සහරාන්ලාගේ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට වෙනත් ජාත්‍යන්තර පිල්ලි වල පිහිට පැතීම නොවේ.


No comments:

Post a Comment