Monday, December 10, 2018

ජනාධිපතිවරයාගේ සමනල් කතාවෙන් රටට හෙලි වුන ඛේදවාචකය

අපේ ලිපි වලින් කලක් තිස්සේ අවධාරණය කරනු ලැබුවේ වසර 2015 ජනවාරි 8 වන දින මෙරට රාජ්‍ය බලය ජාතිකත්ව කඳවුරෙන් විජාතික කඳවුරට මාරු වූ බවයි. එදා ඒ වරද කිරීමට ඉත්තකු ලෙස දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කළේ වත්මන් ජනාධිපතිවරයාම වේ. එතුමා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කළ පසු රනිල් රටේ ජතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව ඇතුළු සියළු සමාජ සංස්කෘතික හර පද්ධතීන් වනසමින් ජාතික හතුරු  බලවේග වල උවමනා එපාකම් ඉටු කරමින් සිටියේ එම බලවේග වල මෙරට නියෝජිතයා වෙමින් පමණක් නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද තම ග්‍රහනයට නතු කර ගනිමිනි. කෙටියෙන් කියතොත් ජනාධිපතිවරයා අගමැති රනිල්ගේ සිරකරුවෙකු බවට පත් වී සිටියේය.  රනිල් ප්‍රමුඛ විජාතික ගැති දේශපාලන බලවේගය රටට ජාතියට හා පොදුවේ මුළු සමාජයටම කරන දැවැන්ත විනාශය වලක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරනු ලැබුවේත් ඉතාම කාලෝචිත ලෙස හා බොහෝ දුර දක්නා නුවනකින් යුතුවයි. පසුගිය මාසයේ අග සිදු වූ බල පෙරලිය සමග පරාජයට පත් වූයේ ප්‍රධාන වශයෙන් බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථා මගඩිය, ජාතික සම්පත් විකුණා ආර්ථිකය විජාතිකකරණය කිරීම, ආගම් විරෝධී නිරාගමිකකරණය හා සමලිංගිකත්වය පිළිගන්වන බටහිර කාන්තා විමුක්තිවාදී වැඩ පිළිවෙලවල් වෙයි. එයිනුත් මෙම ලිපියෙන් උදක්ම බලාපොරොත්තු වන්නේ කෝට්ටේ ජන මහිමය රැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී සමනල් කතාවෙන් හෙළිවන කරුණු කාරනා කීපයක් ගැන වැඩි දුර අවධානය යොමු කිරීමයි. එය පැහැදිලිව බැඳී ඇත්තේ පෙර සඳහන් කළ කාරනා හතරෙන් අවසන් කාරනාව සම්බන්ධවය.
                               
 පසුගිය ඔක්තෝබර් මස සිදු වූ බල පෙරලියත් සමග රාජ්‍ය බලය නැවතත් විජාතික හතුරු කඳවුරෙන් ජාතිකත්ව කඳවුර වෙත මාරු වී තිබේ. දැන් විජාතික කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලවල් පසුබැස තිබේ. රනිල් වික්‍රමසිංහ බලගැන්වූ හොර යහපාලන රජය යටතේ මහබැංකු මංකොල්ලය සමගින් ජාතික ආර්ථිකයට හෙන පහරක් වැදුනේත්, හිටි අඩියේ සාලාව අවි ගබඩාව පුපුරා යමින් ආර්ක්ෂක අංශ වල අවි බලය දුර්වල වුනේත්, බුදු දහම රැකගෙන පෝෂණය කිරීම වෙනුවට සියළු ආගම් වලට එරෙහි නිරාගමික සංකල්ප එලියට පැන්නේත්, ෆෙඩරල් ව්‍යවස්ථාව හොර රහසේ ඉදිරියට ඇදුනේත්, බටහිර කාන්තාවාදය බලගැන්වෙන අතරම සමලිංගිකත්වය පෝෂණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු වුනේත් අහම්බයකින් නොවේ. ඒ විජාතික සතුරු කඳවුරේ සැලසුම් වලට අනුවය. මෙය අපේ එක අතකින් අපේ රටට පමණක් තිබේන තර්ජනයක් නොවේ. විවිධ රටවල අභ්‍යන්තර ප්‍රජාවන් අතර සාමූහිකත්වය බිඳ වැට්ටවීම, පුද්ගල ආත්මාර්ථකාමීත්වය වර්ධනය කිරීම, රට රටවල ජාතිකත්වයන්ට එරෙහිව එම රටවල සුළුතර ජනකොටස් මෙහෙයවීම ස්වයංපාලන උමතුවක් ඇති කරවීම, බෙදුම්වාදය පෝෂණය කිරීම, සදාචාරපද්ධතීන් බිඳවැට්ටවීම, නිරාගමිකකරණය, කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම යන දේවල් ජාතිකත්වයන්ට එරෙහි ඊනියා ජාත්‍යන්තර එකමුතුවේ නවතම බලහත්කාරී වැඩපිළිවෙලවල් වල එකතුවයි. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලවත් වූ පසුගිය රජය දියත් කර තිබුණේ මේ විජාතික සැලසුම් විය. ඒ රනිල් යනු මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට  විජාතික බලවේග වෙනුවෙන් මෙරට සිටින නියෝජිතයා වන බැවිනි.
                         
 බල පෙරලියෙන් පසුව කෝට්ටේ පැවති ජන මහිමය රැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළ කතාවෙන්ද රටට අනාවරනය වුනේ එතුමා රටේ නායකය හැටියට විජාතික ගැති රනිල් සමග කොපමණ මානසික පීඩනයකින් කටයුතු කරන්නට ඇත්ද යන වගයි. මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් විසින් රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව, සමාජ සංස්කෘතික හර පද්ධතිය වනසන අයුරු කෙටියෙන් නමුත් පැහැදිලිව රට හමුවේ ගෙන හැර පෑවේය. දැන් යොමු විය යුත්තේ ලිපියේ මාතෘකාවට තුඩුදුන් කතාව හා ඒ වටා ඇති කරුණු කාරනා ගැනයි. ජනාධිපතිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සමනල් ජීවිතයකට ඇතුල් වී සිටි බවත් ඔහු අගමැතිව සිටි සමයේ රට ගැන සියළු තීන්දු තීරණ ගනු ලැබුවේ ඔහු සහ ඔහු වටා සිටි සමනල් රැල විසින් බවත් යන කාරනායි. මෙහි ඇති හාස්‍යජනක බව ඉක්මවා යන වෙනත් කාරනා තිබේ. ඊනියා ජාත්‍යන්තරයෙන් බලගැන්වෙන විජාතික බලවේග විසින් රට රටවල ජාතිකත්වයන් දුර්වල කිරීමට යොදා ගන්නා එක් ප්‍රභලම අවියක් වන්නේ කාන්තාවිමුක්තිය හා සමලිංගිකත්වයයි. ලංකාව වැනි රටවල සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීම සඳහා මුල් පියවර වශයෙන් රටේ ජන සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමට විවිධ උප්පරවැට්ටි යෙදෙන්නේ සැලසුම්සහගතවය. බටහිර කාන්තා විමුක්තිවාදී ව්‍යාජනයන් මීට මැනවින් පිටු බලයක් ලබා දේ. එසේනම් ජනාධිපතිවරයාගේ කතාව තුල ඇති බිහිසුනු සත්‍ය තේරුම් ගැනීමට තවත් ප්‍රමාද වියයුතු නොවේ. රනිල් ප්‍රමුඛ සමනල් රැල විජාතික කඳවුරේ ප්‍රමුඛ පෙලේ නියෝජිතයන් ලෙස මෙරට ජන සමාජය ලිංගිකව ව්‍යාකූල කර සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබා දීම දක්වා සැලසුම් සහගත ගමනක් යමින් සිටියෝය. ජනාධිපතිවරයාගේ කතාවෙන් තහවරු වුනේ එයයි.
                                  
සමනල් රැලේ සාමාජිකයන් නම් වශයෙන් නොකීවද ඔවුන් කවුරුන්දැයි රටම හඳුනති. පැහැදිලි කරුන නම් රැලේ ප්‍රධාන බල කනුව රනිල් වික්‍රමසිංහ යන්නයි. ලිපියෙන් අප උදක්ම අවධාරනය කරන්නේ මේ සමනල් රැලේ ක්‍රියාකාරකම් හා ඒ පසුපස තිබූ විජාතික සැලසුම් ගැනයි. එක් පැත්තකින් ජනාධිපති තුමා පැවසූ පරිදිම රනිල් ප්‍රමුඛ සමනල් රැලට වඩා වැදගත් ව තිබී ඇත්තේ ඔවුන්ගේ විකුර්ති සමනල් ක්‍රියාකාරකම් මිස රටේ ජනතාවට බලපාන සැබෑ ප්‍රශ්න විසඳීම නොවේ. රටේ අනෙකුත් ගැටළු සියල්ල පසෙකින් තිබියදී මොවුන් සමාජය ලිංගිකව ව්‍යාකූල කිරීම හා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු නම් ලහි ලහියේ කරගෙන ගොස් ඇත. ඔවුන් විසින් බෙදුම්වාදය පිනවීමට සැකසූ නව ව්‍යවස්ථාවටද සමලිංගිකත්වය නීත්‍යානුකූල කිරීමේ වගන්ති ඇතුලත්ව තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි. වරක් එවකට අධිකරණ ඇමතිව සිටි විජේදාස රාජපක්ෂ මහතාට සමනල් රැල විසින් සමලිංගිකත්වය නීත්‍යානුකූල කිරීමට අවස්ථා ගනනාවකදී  බලපෑම් කළ ආකාරය ඒ මහතා විසින්ම හෙළි කර තිබුණි. ඒ කිසිත් නොකරමින් සමනල් උත්සහයන් සියල්ල පරාජය කිරීම ගැන අප විජේදාස රාජපක්ෂ මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුය. වඩා භයානක වැඩ කටයුත්තක් ලෙස කල එළි බැස තිබුණේ සමලිංගිකත්වය සාධාරණීකරනය කිරීමට සැකසූ වැඩසටහන් පාසල් අධ්‍යාපනය තුලට රිංගවීමට පරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීමයි. සමනල් සාමාජිකයෙකුට අධ්‍යාපන ඇමති කම ලබා දී තිබුණේ හේතුවක් නැතිව නොවේ. ඒ හේතුව කුමක්දැයි දැන් තහවරු වී ඇත. 
                                   
 සමලිංගිකත්වයට යම් පිළිගැනීමක් ලබා දීමට නම් ඊට අවශ්‍ය පරිදි ජන මනස හැදීමට සමනල් රැලටත් ඔවුන් වටා සිටින විජාතික සතුරු කණ්ඩායමටත් සිදු වේ. එය පාසල් අධ්‍යාපනය හරහා සූක්ෂමව සිදු කිරීම විජාතික සැලැස්මකට අනුව සිදු වූවකි. රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව සමලිංගික විකුර්ති කාමුකයන්ට කල්ලි ගැසීමට රනිල් ප්‍රමුඛ පහුගිය සමනල් රජය සියළු පහසුකම් සලසා තිබුණි. සම අවස්ථාව, එක සමාන ලෙස සිතීම ආදී රැවටිලිකාර වචන සමගින් පරීක්ෂණ මෙහෙයුම් පාසලත් අධ්‍යාපනයත් තුලින් සිදු කිරීම විජාතික ක්‍රියාකාරකම් වල උච්ච අවස්ථාවක් විය. ඉදිරි පරම්පරාව ලිංගික වශයෙන් ව්‍යාකූල කිරීමටනම් ගැසිය යුතු මනෝවිද්‍යාත්මක ගේම් එක විජාතික හතුරු කණ්ඩායම මෙන්ම මෙරට සමනල් දේශපාලන රැලද හොඳින්ම දනිති. ඔවුන් පාසල් අධ්‍යාපනයට අත ගැසුවේ ඒ සෙල්ලමටය. පාසල් මට්ටමින් ස්ත්‍රී පුරුෂ ලෙස දරුවන්ගේ හැඩගැසීම් ව්‍යාකූල කිරීමේ මෙහෙයුම් දියත් කිරීමට වැඩ කටයුතු යෙදෙමින් තිබුණි. සමනල් අධ්‍යාපන ඇමතිවරයා ඩෙංගු මදුරුවාට මුවා වී පාසල් නිල ඇඳුම වෙනස් කරමින් බාලිකාවන්ට කලිසම් ඇන්දවීමට ගත් මෝඩ උත්සහය ගත් තැනම අසාර්ථක වුනේ රටේම වාසනාවකටය. මීට පෙර ච්න්ද්‍රිකා කුමාරතුංග ජනපතිව සිටි සමයේත් පිරිමි ළමුන්ට සීමා වී තිබූ ක්‍රීඩා ඇතුළු ක්‍රියාකාරකම් බාලිකාවන්ට විවුර්ත කරමින් පුරුෂයින් හා පිරිමි ලිංගිකත්වය අනුකරනය කරන බාලිකාවන් පෙරට ගැනීමටත් එම අභිරුචිය ළමා කල සිට වර්ධනයට් කුහක පිරිමින් ලවා කටයුතු යෙදවීමටත් ක්‍රියා කර තිබුණි. ඒ වැඩකටයුතුද නොනැවතී ඉදිරියට යමින් තිබුනු අතර රනිල් ප්‍රමුඛ පැවති රජය ඊට සමගාමීව සමනල් පිරිමි ක්‍රියාකාරකම් ඉදිරියට ගැනීමට කටයුතු කළේය. එයින්ද නොනැවතී තායිලන්තයෙන් ස්ත්‍රී නැඹුරුවක් ඇති කොල්ලන් (Lady Boys) ගෙන්වීමටද සැලසුම් කර තිබුණි. මේ දෙක එකම කාසියේ දෙපැත්තයි. දෙකෙන් කොයිකත් ව්‍යාදීයක් මිස සමාජයේ ප්‍රගතිශීලී දෙයක් නොවෙයි. අපේ රටට වින කටින පිටස්තර බලවේග ලිංගිකත්වය පදනමට ගනිමින් සමාජය ව්‍යාකූල කිරීමට මනෝවිද්‍යාත්මක ගේම් එක ගහන්නේ මේ සියල්ල ගැන ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම අපේ රටේත් සමාජයේත් දුර්වලකම් ගැනද අනුදැනුමක් සහිතවයි.
                       
 2018 ඔක්තෝබර් මස ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කර නව රජයක් පිහිටුවීමත් සමග විජාතික සමනල් සැලසුම් සියල්ල කනපිට හැරවිනි. එබැවින් කාලෝචිත ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් රටට ආදරයක් ඇති සියළු දෙනා එතුමාට ස්තූතිවන්ත විය යුතුය. බ්ටහිර යුදෙවු නිරාගමික නූතනත්වයේ ඊනියා ජාත්‍යන්තර කල්ලියට ලංකාව වැනි ආසියාතික රටවල ජනගහනය ක්සේ හෝ පාලනය කිරීමේ තදබල අවශ්‍යතාවය මෙන්ම ලිංගිකත්වය සම්බන්ධව ඔවුන්ගෙ මතවාද ලෝකයටම බලෙන් පැටවීමේ උවමනාවද වෙයි. ඒ සඳහා ආසියාතික රටවල මෙන්ම බටහිර නොවන වෙනත් රටවලද සමාජයන් ලිංගිකව ව්‍යාකූල කර ප්‍රජනනය සීමා කිරීම මේ ජාත්‍යන්තර බලවේගයේ එක් සැලැස්මකි.  අපේ රට තුලත් බෙදුම්වාදයට සමගාමීව හිස ඔසවන අනෙක් පිල්ලි අතරින් ප්‍රධානම තැනක් ගන්නේ කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වයයි. විවිධ ගැටළු වලට මුහුණපාන ලොව වෙනත් තැන් වලද මේ තත්වයේ වෙනසක් නැත. අද බෙදුම්වාදී උත්සහයන් අප රට තුල නැවත පල්ලම් බැස ඇත. බල පෙරලිය සමග නිරාගමික සංකල්ප හා වෙනත් සදාචාර විරෝධී ක්‍රියා මෙන්ම අප මෙතෙක් සඳහන් කළ සමලිංගික කාන්තා විමුක්ති වැඩ පිළිවෙලවල්ද ඇනහිටියේය. එබැවින් ජනාධිපතිවරයා රටත් ජාතියත් බේඅරා ගත්තේ විජාතික මකර කටින් බව අමුතුවෙන් කිව යුතු නැත. රනිල්ගේ ආණ්ඩුවෙන් සැලසුම් කර තිබූ තවත් පිල්ලියක් මේ අවස්ථාවේ මතක් කළ යුතුය. ඒ පිරිමින්ට පමණක් සීමා වන විවිධ රැකියා වලට කාන්තාවන් ඇතුලත් කර බටහිර කාන්තාවාදය බල ගැන්වීමට තිබූ සැලැස්මයි. ඊට අනුග්‍රහය දැක්වීමට ප්ලෑන් ඉන්ටර්නැෂනල් ඕස්ට්‍රේලියා නම් NGO කල්ලියක් සූදාමින් සිට ඇත. දිගුකාලීනව සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූලත්වයකට පත් කිරීමේ හා සමලිංගිකත්වයට ඉදිරි පරම්පරාවල් නැඹුරු කිරීමේ රැවටිලිකාර හා රහසිගත කුමන්ත්‍රණ වලට බටහිර කාන්තාවාදයද නැතුවම බැරි දෙයකි. එබැවින් ජාතික අනතුරු කල් තියා හඳුනා ගත හැකි රටට ආවේනික ලෙස හිතන පතන බුද්ධිමත් පිරිසකගේ මගපෙන්වීම යටතේ මෙවැනි පිල්ලිද සහමුලින් අතුගා දැමීමට දේශීය චින්තනයක් ඇති ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය පියවර ගන්නේනම් ඉතා යහපත් වේ. අවසන් වශයෙන් තව දෙයක් කිව යුතුයි. ඒ ජනාධිපතිවරයාගේ සමනල් කතාවෙන් කෝපයට පත් පැවති රජයේ අනුග්‍රහයෙන් අටවාගෙන තිබූ සමලිංගික සංවිධාන වල හා ඔවුන්ගේ අනෙකුත් සහචරයන්ගේ මැසිවිලි නොතකා මේ කල්ලි තහනම් කර දමා ඊට අනුබල දුන් සියල්ලන්ට එරෙහිව කටයුතු කිරීමද අනිවාර්ය දෙයක් බවයි.
ජනාධිපතිතුමා UNP සමනල් වැඩ පිළිවෙල රටට හෙලි කළ වීඩියෝ දර්ශනය 

විශේෂ ලියුම්කරු

No comments:

Post a Comment