Friday, May 19, 2017

විජග්‍රහනයේ දිනය සැබෑ නිදහස් දිනයයි.


මේ ලිපිය මැයි 18 ට යෙදුනු දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමේ විජයග්‍රහනය වෙනුවෙනි. එකලද හමුදා මෙහෙයුම් සියල්ල මානුෂීය මෙහෙයුම් ලෙස හැඳින්වුවත් ඒ තුල මානුෂීය මෙහෙයුම් වලින් එහා ගිය ජාතික අරමුණු ඇති බව මාධ්‍ය කෙසේ වෙතත් ජාතික මතවාද වලට සංවේදී කවුරුත් දැන සිටියාට සැක නැත. අධිරාජ්‍යවාදීන්ගේ අත්තිවාරම මත පැන නැග ආ දෙමළ ජාතිවාදය පසු කලක ජාත්‍යන්තරව ඒකාබද්ධ වූ යුදෙවු නිරාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණකාරී නව යටත් විජිතවාදය සමග ඒකාබද්ධ විය. එයින් මතවාදී පන්නරය ලබා බිහි වූ කොටි ත්‍රස්තවාදය සටන් කළේ මෙරටට ආවේනික ජනයා වූ සිංහල බෞද්ධයන් වසර දහස් ගනනක් තිස්සේ රටට ලබා දුන් ජාතික අනන්‍යතාවයට එරෙහිවය. ඒ සුද්දන්ගේ පරිපාලන බෙදීම් අනුව අපේ රටේ උතුරු හා නැගෙනහිර පලාත් වලට හොර අයිතිවාශිකමක් කියමින් බොරු නිජභූමි සංකල්පයක්ද ඉදිරියට දමා ගනිමිනුයි. මේ සියළු කොටි නැටුම් හා ඊට උදවු දුන් මෙරට පිටරට විජාතික හස්තයන්හි අභිප්‍රාය වුනේ රටට ආවේනික මෙන්ම රට බිහිකළ  සිංහල බෞද්ධයන්ට නැවතත් රටේ රාජ්‍යත්වයට හා පාලනයට උරුමකම් කීමට ඉඩ නොදීමයි. මේ සියල්ල සැලකිල්ලට ගත් කළ වර්ෂ 2009 මැයි 18 වන දින ප්‍රභාකරන් සමග කොටි ත්‍රස්තවාදය මුලිනුදුරා දමා ආරක්ෂක අංශ මෙන්ම මෙරට බහුතර ජනතාව ලබා ගත්තේ ජාතිකත්වයේ ජයග්‍රහණයකි. වෙනත් ආකාරයකට කිවහොත් ජාත්‍යන්තර නව යටත් විජිතවාදයේ කෙවිට අතට ගෙන ජාතියට තලමින් සිටි පැරනි අධිරාජ්‍යවාදී වහල් සේවකයාගේ ගමන සදහටම නවතමින් අප සැබෑ ජාතික නිදහස අත් කරගත්තෙමු.
                                                අප මින් පෙර විවිධ අවස්ථා වල කියා ඇති පරිදි කලක සිට ජාතික අරමුණු කරා යන ගමනේ අප විසි පැන ගතයුතු මූලික කඩයිම් 3ක් තිබුණි. ඉන් පළමුවැන්න ප්‍රභාකරන් සමග කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමයි. ඒ තීරනාත්මක කඩයිම අප ජය ගත්තෙමු. දෙවැනි හා තුන් වැනි කඩයිම් පැනීමට අපට තවමත් නොහැකි වී තිබෙන්නේ එක් අතකින් රාජ්‍ය බලය ජාතිකත්වය පැත්තෙන් විජාතිකත්වය පැත්තට නැවත මාරු වී ඇති හෙයිනි. ඒ කඩයිම් ජය ගැනීමද සිංහලයාට ජාතියක් ලෙස ඉදිරි පැවැත්මක් අපේක්ෂා කිරීමටනම් අනිවාර්ය ලෙස සිදු කළ යුතු වේ. අප මීට පෙරද කී පරිදි මෙහි දෙවැනි කඩයිම දෙමළ නිජභූමි මිථ්‍යාව සමග ඊලාම්වාදී බෙදුම්වාදය මතවාදීවත් දේශපාලනිකවත් පරාජය කිරීමයි. තුන්වැන්න රටට ආවේනික ලෙස සිතන පතන ජනයා රටේ තීරක බලවේගය බවට පත් කර ගනිමින් සිදුසු දේශපාලන නායකත්වයක් සමගින් රටට අනන්‍ය වූ ඉදිරි ගමනක් යෑමයි. මේ සියළු අභියෝග ජය ගැනීමට මේ රටට ආවේනික චින්තනය පන ගැන්වීම කළ යුතුමය. මැයි 18 ලැබූ විජයග්‍රහණය සැබෑ ජාතික නිදහස ලැබූ දිනයක් බව සිහි කර ගැනීම මීට හොඳ අඩිතාලමක් වේ. එහෙත් ඒ සියල්ල හොඳින් දන්නා විජාතික රජය ප්‍රමුඛ පිසාචයන් මේ ජයග්‍රහණය දියාරු කිරීමට කටයුතු කර ඇත. සියළු අභියෝග ජයගැනීමට නැවතත් රාජ්‍ය බලය විජාතික පැත්තේ සිට ජාතිකත්වය පැත්තට මාරු කරගැනීම අනිවාර්ය වේ. එහෙයින් දිනූ නිදහස විජාතික පිසාච රැල විසින් කාබාසිනියා කිරීමට පෙර එම කර්තව්‍ය කිරීමට ජාතියක් ලෙස පෙළ ගැසෙමු.

No comments:

Post a Comment