Wednesday, May 18, 2016

විජයග්‍රහනයේ සැමරුම හා සැබෑ අරුත


මැයි 18 මෙරට ඉතිහාසයේ එක් වැදගත් දිනයක් බවට පත් වී තිබෙන්නේ විශාල ජාතික වැදගත්කමක්ද සමගින් වේ. මීට වසර 7කට පෙර එනම් 2009 වසරේ මැයි 18 වන දින රටේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය යන මිථ්‍යාව තුල එල්බගනිමින් බටහිර හා ඉන්දියාවේ ආශිර්වාදය මැද රටේ ජාතිකත්වයටත් රජයටත් එරෙහිව ත්‍රස්තවාදය වපුරමින් දෙමළ රාජ්‍යක් සඳහා සටන් වැදුනු කොටි සංවිධානය අපගේ වීරෝධාර රනවිරුවන් අතින් සහමුලින් පරාජයට පත් විය. ඒ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී අවසන් ගමන් යවමිනි. මේ ජාතික විජයග්‍රගනය පසුපස තවත් සාධක බොහොමයක් විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ මේ සටනට එවකට ජනාධිපතිව සිටි සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වයයි. අප එසේ කියන්නේ කොටි ත්‍රස්තවාදය පසුපස සිටි දැවැන්ත විදෙස් විජාතික බලවේග සමූහය කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් සිදුවන හැම අවස්ථාවකම ඒ කඩාකප්පල් කිරීමට ඉතිහාසය පුරා කටයුතු කර තිබෙන ආකාරය ගැන දැනුවත්වයි. මේ විජාතික බලය අභිබවා කොන්ද කෙලින් තියාගෙන සටන ඉදිරියට ගෙන යෑමටනම් නිවැරදි දැක්මක් මත පිහිටා ඊට දේශපාලන නායකත්වයක් ලබාදීම අනිවාර්ය වූ දෙයකි. එදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ කටයුත්ත අකුරටම කළේය. ඒ හේතුවෙන්ම සියළු බාධක මැද සටන ජයග්‍රාහීවම අවසන් කිරීමට ජනපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හැකි විය.
                         මේ ජයග්‍රහනය තවත් එක් ජයග්‍රහනයක් පමණක්ම නොවේ. මාවිල් ආරු සොරොව්ව වසා දැමූ කොටින් එදා පටන්ගත්තේ ඔවුන්ගේ දෙමළ රාජ්‍ය වෙනුවෙන් කරන සටනේ තවත් අධියරකි. ඒ රටේ ජාතිකත්වයටම එරෙහිවයි. එදා ඊට එරෙහිව කෙරුනු සටන වන්නි මානුෂීය මෙහෙයුම යන දියාරු නමකින් හඳුන්වා එය කොටින්ගෙන් උතුරේ දෙමළ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් ලෙස බොලඳ මාධ්‍යවේදීන් කීවද සැබවින්ම එය රටේ ජාතිකත්වය පැත්තෙන් සැබවින්ම තවත් එක නිදහස් සටනක් විය. ලන්දේසින් විසින් සිය දුම්කොළ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා පදිංචි කළ දෙමළ වහල් සේවකයින්ට විවිධ වරප්‍රසාධ ලබාදී පසුව ඉංග්‍රීසින් විසින් තවත් පෝෂණය කර ගොඩනැගූ දෙමළ ජාතිවාදය ඇත්තෙන්ම ක්‍රියාත්මක උනේ රටේ ජාතිකත්වයට එරෙහිව අධිරාජ්‍යවාදියාගේ පැත්තේ ඉඳගෙනය. තමන් මෙරට බලය අත්හැර යන විටද හැකි තාක් තමන් වරප්‍රසාධ ලබාදී ඇති දැඩි කළ දෙමළ වහල් සේවකයාට බලය ලබාදීමට අධිරාජ්‍යවාදියාද කටයුතු කර ඇති බව පෙනේ. එහෙත් ඒ උත්සහයන් අසාර්ථක විය. ඒ අසාර්ථක වූ තැන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියාගේ සේවකයින්  උතුරු නැගෙනහිර ප්‍රදේශ හෝ තම බුක්තියට සවි කරගැනීමට උත්සුක විය. දෙමළ නිජභූමි සංකල්පය සමග බැඳුනු බොරු ඉතිහාස කතා හා ඒ මත පදනම් වූ දෙමළ ජාතිවාදී අරගලය මෙහි ප්‍රතිඵලයකි. 1948 රටට නිදහස ලැබුණද එතැන් සිටද බොහෝ කළක් මෙරට පාලකයින් කටයුතු කර තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ  සේවකයා සමග සහයෝගයෙන් රටේ ජාතිකත්වයට තැනක් නොදී බොහෝ විට ජාතිකත්වයට කෙනහිලිකම් කරමිනි. ඒ එසේ කළහොත් අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ සේවක පැලැන්තියෙන් පැවත ආ මාන්නක්කාර දෙමළ ජාතිවාදීන් අමනාප වේ යන බියට හා ඊට තිබූ අකමැත්තටය.
                              ලංකාව තමන්ගේ රටේ ප්‍රාන්තයක් කරගැනීමට බැරිනම් ලංකාව පුරා තම බලහත්කාරය ක්‍රියවට නැගීමට කැසකවමින් සිටි ඉන්දියාවද මෙරට දෙම්ළ ජාතිවාදියා තම අතකොලුවක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළේය. පසු කලෙක බටහිර තම ස්වාමිවරුන්ගේ හා ඉන්දියාවේ සහයෙන් කොටි ත්‍රස්තවාදය දක්වා වර්ධනය වූ මේ දෙමළ ජාතිවාදී ඊලාම් අරගලය සැමවිට සටන් කළේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. කොටි ත්‍රස්තවාදියා මේ අරගලයට උතුරේ දෙමළ ජනයා පලිහක් ලෙස භාවිතා කළත් සාමාන්‍ය දෙමළ වැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ සහය කොටින්ට ලැබුණේ ඔවුන්ද අධිරාජ්‍යවාදී යුගයේ ලැබූ වරප්‍රසාධ වල රසය ගැන දැන සිටි නිසාය. නිදහසින් පසුව උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනයාගෙන් සැලකියයුතු පිරිසක් රටේ ජාතිකත්වය පිළිගනිමින් ඒ සමග එක් ගමනක් යෑමට සූදානම්ව සිටියත් ඊලාම්වාදී සිහින නොදැක්ක මේ පිරිසද කොටි සංවිධානයේ පරම හතුරු කන්ඩායමක් විය. කිසි දිනක මේ රටට ආවේනික රට ගොඩනැගූ ජාතිය වන සිංහලයාට නැවත රාජ්‍යත්වයට උරුමකම් කියමින් ජාතිකත්වය නැවත ගොඩනගා ගැනීමට ඉඩ නොදීමේ අවශ්‍යතාවය මත ක්‍රියා කළ බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සැමවිට සහය දැක්වූයේ තම වහල් සේවකයින් වූ දෙමළ ජාතිවාදීන්ටයි. කාරනා සියල්ල එසේ වෙද්දී සියළු බාධක මැද 2009 මැයි 18 කොටි නායකයා සමග කොටි ත්‍රස්තවාදී සංවිධානයම පරදවමින් ලැබූ විජයග්‍රහනය සැබෑ ලෙස නව නිදහස් අරගලයකින් ජය ලැබීමක්ම විය. අවාසනාවකට ඉන් පසු රජය ජාතිකත්වයේ ජාතික අරමුනු මත පිහිටා ක්‍රියාකරනු වෙනුවට අදූරදර්ශී ලෙස ජාතික අරමුනු අමතක කර දමා ක්‍රියා කර නැවතත් විජාතික බලවේග වලට යම් ජයක් අත්කරගැනීමට ඉඩ හැරීම බෙහෙවින් කනගාටුදායකය. ජාතික සටනේ විජයග්‍රහනය සමරන අතරතුර විජාතික රජයේ අනුග්‍රහයෙන් නැවත හිස ඔසවන්නට යන දෙමළ ජාතිවාදයද නැවතත් න්‍යායාත්මකව පරාජය කළ යුතුය. ජාතියේ ඇසට වැලි ගසා ගෙන එන්නට යන හොර ෆෙඩරල් ව්‍යවස්ථා උගුලද පරාජය කිරීමට අදිටන් කරගතයුතුය. රනවිරුවන්ට සැබෑ ලෙස ගෞරවය දැක්විය හැක්කේ එලෙසපමණි.

2 comments:

  1. වැදගත් ලිපියක්. අපේ රටේ ගොන්නු බහුතරයකට මේක තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු නිරන්ජන් රටේ ගොන්නු සමහරක් හිතුවේ මහින්ද යුද්දේ දින්න දැන් ඉතින් සාගතේට උත්තරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලනේ කියලා. දැන් කන්න ලැබෙන රෙද්දකුත් නෑ හොඳට තිබ්බ රටත් ඉවරයි.

      Delete