Monday, May 2, 2016

අවංක හදවත් එකට යා කළ යුගයේ මැයි රැලිය


ඊයේ එනම් 2016 මැය් මස පළමු වැනිදා සුපුරුදු ලෙස දේශපාලන පක්ෂ රැසක් මැයි රැලි සංවිධානය කර තිබුනි. මැයි දිනය යනු ලෝක කම්කරු දිනයයි. ඇත්තෙන්ම මේ ජාත්‍යන්තර දින අපට අදාල නැතත් ඒ ගැන විස්තර කීමට වඩා මෙවර මැයි රැලියේ විශේෂත්වය ගැන කීම වැදගත් වේ. වර්තමාන දේශපාලන තත්වය සැලකිල්ලට ගත් විට මෙවර මැයි දිනය තවත් එක මැයි දිනයක් නොවුණි. ඒ පහුගිය වසරේ ජනවාරි 8 වන දින විජාතික බලවේග විසින් රටේ බලය නැවත වරක් සිරිසේන රනිල් දෙපල ආධාරයෙන් ඩැහැගැනීමත් සමග ජාතික බලවේග වලට මෙන්ම බහුතරයක් රටට ජාතියට හිතැති ජනයාට උග්‍ර පීඩාවකට මුහුනදීමට සිදුවීමත් ඉන් පසුව නුගේගොඩ රැලිය හරහා නැවත ඊට ප්‍රතික්‍රියාව දැක්වීමට පටන්ගත් ජාතික බලවේග වල සටන නොනැවතී ඉදිරියට යෑමත් තුලින්, මෙවර මැයි දිනය හරහාද ජාතික විජාතික ගැටුම අන් සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබීමයි.
                 මේ තවත් එක් මැයි දිනයක මැයි පෙලපාලි පැවැත්වීම බොරු සටන්පාඨ කීම ආදියට සීමා නොවී විජාතික බල කඳවුර සිරිසේන හා රනිල් දෙදෙනාම යටතේ දෙපසක රැලි පැවැත් වෙද්දී ජාතික කඳවුරේ මැයි රැලිය තවත් පැත්තක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එක්සත් ජාතික පක්ෂය හා සිරිසේනගේ පාණ්ඩු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  රාජ්ය බලය උපරිම ලෙස යොදා ජාතික බලවේගයේ මැයි රැලියට සියළු තර්ජන කර උගුල් අටවා, ඔවුන්ගේ බලපෑම් මත යම් ජනකායක් ඔවුන්ගේ මැයි රැලි වලට ගෙන්වාගැනීමට සමත් විය. අපට දැනගන්නට ලැබුනු ආකාරයට රජයේ සේවකයන් බොහොමයකට එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහබාගී වීම අනිවාර්ය කරමින් බලපෑම සිදු වී ඇත. එපමණක් නොව ඒ වෙනුවෙන් පගා දීමද සිදුවී තිබේ. සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ මැයි රැලියට සෙනග ගෙන්වා ඇත්තේ පහුගිය රජය සමයේ විවිධ වැරදි වලට නම ගිය පසුව තම වැරදි වසා ගැනීමට සිරිසේන සමග එක් වූ අපතයන් රැලකි. ඔවුන්ගේ අරමුනුද අවංක නැත. එමෙන්ම ඔවුන්සමග එක්වූ පුද්ගලයන් ගැනද කියන්නට දෙයක් නැත.
       සියළු කෙනහිලිකම් මැද අවංකව රටට ජාතියට ආදරය කරන රටත් ජාතියත් පාවා නොදෙන පුද්ගලික ලාබ ප්‍රයෝජනය සඳහා ඕනෑම ජඩකමක් කිරීමට සූදානම් නොවන පිරිස එක්ව මහින්ද හා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහබාගී වූහ. ගාල්ලටත් කැම්බල් පිටියටත් බැරි මරගාතේ මිනිසුන්ට පගා දෙමින් තර්ජනය කරමින් සෙනග ගෙන්වා ගනිද්දී ප්‍රවාහන පහසුකම්ද නොතකා අවංක හදවත් ඇති දෑහිතකාමීන් තම පුද්ගලික වියදමින් දුර බැහැර සිටම කිරුලපන මැයි රැලියට පැමිණියෝය අපට දැනගන්නට ලැබුණේ බෝහෝ පිරිස් එකව මුදල් එක්කරගෙන බස් රථ කුලියට ගෙන මීට සහබාගී වී ඇති බවයි. ඒ විජාතික හතුරන්ගේ බෙදුම්වාදී මාවතක යන රැලි වලට නොමිලේ සියළු පහසුකම් දී තිබියදීය. මේ විජාතික බෙදුම්වාදීන්ට කප්පම් දෙන ආණ්ඩුවේ රනිල් පාර්ශවයටනම් උතුරේ හා නැගෙනහිර දෙමළ මුස්ලිම් අන්තවාදීන්ගේ සහයද ලැබෙන්නට ඇත. එහෙත් මේ කිසිවක් නැතිව මෙරට ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්වීමට මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත් විය. ඒ තවත් එක මැයි රැලියක් ලෙස නොව ජාතික අරගලයේ එක් දැවැන්ත පියවරක් ලෙසය. ඊට එක් වූ අවංක හදවත් ඇති සියළු පාර්ශවයන්ට අපගේ නොමද ගෞරවය පුද කර සිටින්නෙමු.
 

4 comments:

  1. අපි නම් සාබාගී වුනෙමු!

    http://mallepol.blogspot.com/2016/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳයි. සුබපැතුම්....

      Delete
  2. අවංක මිනිසුන් එක්ව රොද බැඳගත්තේ ජාතියේ අපේක්ෂාවක් වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔවු කිසිම ලාබ අපේක්ෂාවක් නැතිව.

      Delete