Monday, May 23, 2016

ආණ්ඩුවට සැලසුම් නැත්තේ ඇයි.


මේ දින වල ඇති ස්වභාවික විපත් සහිත අයහපත් කාලගුණ තත්වය යටතේ අති විශාල පිරිසක් පීඩා විඳිද්දී ඔවුන් වෙනුවෙන් සහන සලසන වැඩ පිළිවෙලවල් රජය පැත්තෙන් වන්නේ දැඩි අකාර්යක්ෂම අයුරකින් බව ආපදා සහිත ප්‍රදේශ වලින් අසන්නට ලැබේ. මේ ගැනද තමන්ට පුරුදු විචාර ගෙන එන බොහෝ අය පවසන්නේ ආණ්ඩුවට කිසිම දෙයක් ගැන සැලසුම් නැති බවයි. රටේ ආර්ථික තත්වය දිගින් දිගට පිරිහෙමින් බදු බර ජනතාව වෙත පැටවෙද්දීද මේ බොහෝ අය රජයට දොස් පවරමින් කියා සිටින්නේ රජයට රට ඉදිරියට ගෙන යෑමේ නිවැරදි වැඩපිළිවෙලක් හා සැලසුම් නැති බවයි. ඒත් මේ බොහෝ දෙනා අද වනවිටත් තේරුම් නොගෙන ඇති කරුනු කීපයක් වෙයි. ඒ එකක්නම් 2015 ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති උනේත් එම වසරේම ජනමතය කොල්ල කමින් විරුද්ධවාදීන්ගේ මතය බලෙන් යටපත් කර  අගෝස්තු 17 මහ මැතිවරනයෙන්ද ඊනියා හවුල් ආණ්ඩුවක් කඩිමුඩියේ අටවාගන්නා ලද්දේම රට හදන සැලැසුම් නැතිව යන්නයි. අනෙක් කාරනය නම් ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම බිඳ වැටීම ආදිය තනිකර එම රටවල ජනයාගේ අවශ්‍යතාවය මතම සිදුවන බවයි. වැදගත්ම කාරනේනම් ආණ්ඩුවට හා සිරිසේන ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය හෝ ආපදා වැලක්වීම ආදිය ගැන සැලසුම් නොතිබුණත් ඉන් එහා ගිය ඇත්තෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් බලාපොරොත්තු නොවූ වෙනත් සැලසුම් තිබුණු බවයි.
                      ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම් බිඳවැට්ටවීම් සම්බන්ධ තීන්දු ගන්නේ බොහෝ විට එම රටවල ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් ලංකාවේ ආණ්ඩු පිහිටවීමේදී අපේ රටේ ජනයාගේ කැමැත්ත අකමැත්ත මොකක් උනත් ඊට බටහිර රටවල් ඉන්දියාව හා ඔවුන්ගේ සහය ලබන මෙරට දෙමළ ජාතිවාදයත් මෑතක සිට සුන්නි මුස්ලිම් අන්තවාදයත් දැඩි බලපෑමක් ඇති කරයි. රටේ ආණ්ඩු පිහිටුවීම හා බිඳ වැටීම ඔවුන්ගේ උවමනා එපාකම් මත බොහෝදුරට මේ වන විට සිදුවේ. රට හැදීමේ කිසිම සැලැස්මක් නැතිව රනිල් වික්‍රමසිංහට වඩා සිංහල ජනතාව රැවටිය හැකි ඊනියා පොදු අපේක්ෂකයකු වටා දෙමළ ජාතිවාදය ප්‍රමුඛ සියළු විජාතික බලවේග එක්ව පැවති රජයේ සියළු ජරා දේශපාළුවන්ගේ පවු මහින්ද රාජපක්ෂ මහතාගේ ගිනුමට බැර කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව පෙලන දූෂිත නායකයෙක් බවට සියළු හොර මැර ජඩකම් වලට අත් පොත් තැබූ ඊටත් වඩා දූෂිත එක්සත් ජාතික පක්ෂය ලවා චෝදනා කරවමින් පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවූයේ විජාතික අවශ්‍යතා ගොන්නක් පෙරදැරීවයි. ඒ තුල තිබුණේ රට හැදීමේ සැලසුම් නොවේ. ඒ වෙනුවට යහපාලනය යන වචනයෙන් රට ගොනාට ඇන්දූ රජයට විජාතික බලවේග වල අරමුණු ඉටු කරවීමේ සියුම් සැලසුම් තිබුණි. ඊනියා යහපාලන රෙදි කඩමල්ලෙන් හෙළුව වසාගෙන 2015 අගෝස්තු මසද ජනමතය කොල්ලකා සිරිසේන ජනාධිපතිවරයාගේ උපරිම බලහත්කාරය යොදවමින් නැවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවිය. මේ යහපාලනය වෙනුවෙන් දිගටම චන්දය දුන්නේ උපන් මෝඩ තකතීරු එක්සත් ජාතික පාක්ෂිකයින්, රටේ ඉතිහාසය හෝ අඩුම තරමින් ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම ගැන අල්ප සංවේදී බවක් හෝ නැති නාගරික පොෂ් මෝඩ තරුණයන්, දේශපාළුවන්ගේ ආටෝප කතා වලට රැවටෙන ඔවුන්ගේ හැටි නොදත් මුල් වරට චන්ද බලය ලැබූ කෝඩුකාර ලාමක පාවෙන චන්ද දායකයන් හා අති විෂාල පිරිසක් උතුරු හා නැගෙනහිර මෙන්ම සෙසු පලාත් වල දෙමළ හා මුස්ලිම් වර්ගවාදී බෙදුම්වාදී කණ්ඩායම්ය. මේ සියළු දෙනාගෙන් අවසන් වශයෙන් සඳහන් කළ වර්ගවාදී බෙදුම්වාදීන්ට හා ඊනියා යහපාලන රජයට එකිනෙකා අතර අවබෝධය හා ඔවුන්ගේ විජාතික සැලසුම් තිබුණි. සුළු ජන වර්ගවාදීන් හැරුනු විට යහ පාලනයට චන්දය දුන් අනෙක් පිරිස් වල අරමුණ වූයේ මහින්ද දැන් යුද්ධයද දිනා ඉවර බැවින් මහින්දගේ පීඩාව නිසා තමන්ට දැනෙන්නේ යැයි සිතා සිටින සාගතයෙන් ගැලවීමට රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාලනයට චන්දය දී මහින්දට පාඩමක් උගන්නා අළුත් ආණ්ඩුව සමග කැවුම් කෑමටය.
                        යහපාලන රජය පිහිටවූ මුල් කාලයේ ඩීසල් පෙට්‍රල් කොත්තමල්ලි ආදිය ආදිය මිල අඩුකරමින් යම් රංගනයක නිරත වුවත් පසුව බෙදුම්වාදී වර්ගවාදීන්ගේ අරමුණු සැලසුම්සහගතව ඉටු වෙද්දී ආණ්ඩුව සමග කැවුම් කන්නට බලා සිටි අනෙක් පල් මෝඩයන්ගේ අරමුනු නම් හරියාකාරව ඉටු වන බවක් පෙන්නුම් කෙරුනේ නැත. ඒ බටහිර හා ඉන්දියාව ප්‍රමුඛ දෙමළ වර්ගවාදී ඊලාම් වාදීන් සමග සුන්නි මුස්ලිම් ආක්‍රමණිකයාගේද සහයෙන් අපිලිවෙලට අටවාගත් යහපාලන රජයට විජාතික අරමුණු ඉටු කිරීම හැරුණු කොට වෙනත් සැලසුම් නොතිබීම නිසයි. යහපාලන ජනපතිගේ බලහත්කාරය මත අගමැති වූ රනිල් වික්‍රමසිංහ මුලින්ම මහබැංකුවට වාර්තාගත බැඳුම්කර පාඩුවක් අත්කර දුන්නේ රටේ පුරවැසියෙකුත් නොවූ සිංගප්පූරු ජාතිකයෙකු මහබැංකු අධිපති ලෙස පත් කර ගනිමිනි. ඉන් පසුවටත් දිගින් දිගට රටේ ආර්ථිකය බිඳ වැටෙද්දී ජනතාවට බදු බරත් පටවමින් පොරොන්දු කඩ කරමින් රජය තම නොහැකියාව හා විජාතික ගැතිකම වසා ගැනීමට කියා සිටියේ මහින්ද හා ඔහුගේ රජය හොරකම් කළ නිසා කිසිවක් කරගත නොහැකි බවයි. මේ දක්වා රජය අසාර්ථක වන හැම විටකම කියන එකම ජනප්‍රිය බොරුව එයයි. යහපාලන කැවුම් කොයි වෙලේ හෝ කන්නට සිතා සිටින අමනයන් දැනුත් මේ බොරුව අසා මහින්ද විරෝධී මනසට යම් වින්දනයක් අත් කර දෙති. ඒත් විල්පත්තු කැලේ කපා කිසිම පහසුකමක් නැතිව ඒ තුල රිංගාගෙන වද විඳිමින් හෝ තම ආක්‍රමණය සාර්ථකව කරගෙන යන සුන්නි ආක්‍රමණිකයාවත් උතුරේ ජීවන පහසුකම් අතින් රටේ අනෙක් පලාත් වලට වඩා අඩු මට්ටමකින් දිවි ගෙවන දෙමළ සන්ධානයේ අනුගාමිකයින්වත්  බදු බර ගැන මැසිවිලි නොනගති. ඔවුන් රජයට ආර්ථික සැලසුම් නැති බවක් හෝ වෙනත් සැලසුම් නැති බවක් නොකියති. ඒ ඔවුන් ප්‍රමුඛත්වය දෙන වෙනත් කාරනා ඊට වඩා තිබෙන බැවිනි. එපමණක් නොව සුළු ජන අන්තවාදී කණ්ඩායම් රජය මොක නැතත් තමන්ගේ වර්ගවාදී සැලසුම් අනුව ක්‍රියා කරන බවද මේ අය දනිති.
                              බඩගෝස්තරය මුල් කරගෙන ජනප්‍රිය බොරු වලට රැවටී පත් කරගන්නා විජාතික ගැති ආණ්ඩු වලින් රටේ ආර්ථිකය හැදීමවත් අඩු තරමින් ස්වභාවික ව්‍යසනයකදී විදිමත් සහන සැලසීමේ වැඩ පිළිවෙලක්වත් බලාපොරොත්තු විය නොහැක. විජාතික උවමනා එපාකම් මත අටවාගත් යහපාලන තක්කඩින්ගේ රජය සමග කෑ හැකි කැවුමක්ද නැත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන එක්තරා මුස්ලිම් අයෙකු ගංවතුර ආධාර ලබා දීමේදීත් තම වර්ගයේ අයට පමණක් ඒවා ලබා දී ඇත. තවත් දැනගන්නට ලැබෙන ආරංචි අනුව රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාලන නඩය ගංවතුර අස්සේ ජනතාවට කොලේ වසා ඉන්දියාව සමග හොර එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යටිකූට්ටු සැලසුම් ක්‍රියාත්මක කරමින් ඇත. අප දැන්වත් තේරුම් ගත යුත්තේ මේ රටේ මේ වන විට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ජාතික හා විජාතික බලවේග වල ගැටුම හා විජාතිකත්වය බලවත් වී තිබීම මිස වෙනත් කිසිවක් නොවන බවයි. මේ ගැන කිසිදු සංවේදී බවක් නොදැක්වූ අමන රැලට ප්‍රධාන ප්‍රශ්නය උනේ බඩගෝස්තරයට වැඩිපුර යමක් ගිල්ලවා ගැනීමට නොහැකි වීමයි. ඔවුන් සිතා සිටියේත් ඔවුන්ට එසේ වන්නේ මහින්ද හොරකම් කරන නිසා කියායි. එහෙත් ඔවුන්ට එම ලනුව දුන් විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයේ දූෂිත ඉතිහාසයත් අමතක විය. මෙතැන සිදු වූයේ වෙන කිසිවක් නොව ජාතිකත්වයට හිතවත් මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට බඩගෝස්තරවාදයට මුල් තැනක් නොදෙන දෙමළ මුස්ලිම් වර්ගවාදීන් සමග එක්වී සියළු විජාතික බලවේග විසින් වැඩි පිරිසක් නොවූ සිංහල බඩගෝස්තරවාදීගේ අහේනි මානසිකත්වය ඇමට පාවිච්චි කිරීම පමණය. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය පෙරලීමේදී රනිල් මෛත්‍රී ප්‍රමුඛ විජාතික නඩයද ජාතික විජාතික ගැටුම මත පිහිටා විජාතික බලවේග ජයග්‍රහනය කරවීමට මුල් තැනක් දුන්නා මිස අහේනි කාරයන්ට කන්න දෙන ප්‍රශ්නය ඔවුන්ටද ප්‍රධාන ප්‍රශ්නය නොවීය. ජාතික හා විජාතික ගැටුම තේරුම් ගැනීමට සංවේදී නොවී තම අහේනි ප්‍රශ්නය ඊනියා යහපාලන රජයේද ප්‍රධාන ගැටළුව යැයි උපකල්පනය කරමින් රජයට කිසිම දෙයක් ගැන සැලසුම් නැතැයි කියා තම බඩගෝස්තරය සැනසීමට රජයෙන් දායකත්වයක් දැන් නොලැබීම ගැන මැසිවිලි නගා පලක් නැත. විජාතික අරමුනු ඉටු කිරීමට අවශ්‍ය සැලසුම් මත පමණක් ක්‍රියාත්මක වූ අවස්ථාවාදී දේශපාළුවන්ට අද ස්වභාවික ආපදාවකට මුහුන දුන් ජනතාවට සහන සැලසීම පිළිබඳවවත් නිවැරදි සැලසුම් නැත. අප රටක් ලෙස කටුක අත්දැකීම් වලට මුහුන දෙමින් සිටින මේ මොහොතේ හැකි ඉක්මනින් කළයුත්තේ සාමූහිකව මේ ව්‍යසනයන්ගෙන් ගොඩ එන අතරම ජාතික හා විජාතික බලවේග අතර ගැටීම නිවැරදිව තේරුම් ගෙන නැවතත් ජාතික බලවේග ජයග්‍රහනය කරවා රටේ ජාතිකත්වය මත පිහිටමින් ආර්ථික ප්‍රශ්න ඇතුළු අනෙකුත් සියළු ප්‍රශ්න වලට දිගුකාලීන විසඳුම් සොයා ගැනීමයි. ඊට වශ්‍ය ගැම්ම මේ හදිසි ආපදා තත්වය තුලින් මතුවූ අපේකමත් සාමූහිකත්වයත් හරහා ලබා ගැනීමටද අප උනන්දු විය යුතුය.


විශේෂ ලියුම්කරු

Wednesday, May 18, 2016

විජයග්‍රහනයේ සැමරුම හා සැබෑ අරුත


මැයි 18 මෙරට ඉතිහාසයේ එක් වැදගත් දිනයක් බවට පත් වී තිබෙන්නේ විශාල ජාතික වැදගත්කමක්ද සමගින් වේ. මීට වසර 7කට පෙර එනම් 2009 වසරේ මැයි 18 වන දින රටේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය යන මිථ්‍යාව තුල එල්බගනිමින් බටහිර හා ඉන්දියාවේ ආශිර්වාදය මැද රටේ ජාතිකත්වයටත් රජයටත් එරෙහිව ත්‍රස්තවාදය වපුරමින් දෙමළ රාජ්‍යක් සඳහා සටන් වැදුනු කොටි සංවිධානය අපගේ වීරෝධාර රනවිරුවන් අතින් සහමුලින් පරාජයට පත් විය. ඒ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී අවසන් ගමන් යවමිනි. මේ ජාතික විජයග්‍රගනය පසුපස තවත් සාධක බොහොමයක් විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ මේ සටනට එවකට ජනාධිපතිව සිටි සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වයයි. අප එසේ කියන්නේ කොටි ත්‍රස්තවාදය පසුපස සිටි දැවැන්ත විදෙස් විජාතික බලවේග සමූහය කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් සිදුවන හැම අවස්ථාවකම ඒ කඩාකප්පල් කිරීමට ඉතිහාසය පුරා කටයුතු කර තිබෙන ආකාරය ගැන දැනුවත්වයි. මේ විජාතික බලය අභිබවා කොන්ද කෙලින් තියාගෙන සටන ඉදිරියට ගෙන යෑමටනම් නිවැරදි දැක්මක් මත පිහිටා ඊට දේශපාලන නායකත්වයක් ලබාදීම අනිවාර්ය වූ දෙයකි. එදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ කටයුත්ත අකුරටම කළේය. ඒ හේතුවෙන්ම සියළු බාධක මැද සටන ජයග්‍රාහීවම අවසන් කිරීමට ජනපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හැකි විය.
                         මේ ජයග්‍රහනය තවත් එක් ජයග්‍රහනයක් පමණක්ම නොවේ. මාවිල් ආරු සොරොව්ව වසා දැමූ කොටින් එදා පටන්ගත්තේ ඔවුන්ගේ දෙමළ රාජ්‍ය වෙනුවෙන් කරන සටනේ තවත් අධියරකි. ඒ රටේ ජාතිකත්වයටම එරෙහිවයි. එදා ඊට එරෙහිව කෙරුනු සටන වන්නි මානුෂීය මෙහෙයුම යන දියාරු නමකින් හඳුන්වා එය කොටින්ගෙන් උතුරේ දෙමළ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් ලෙස බොලඳ මාධ්‍යවේදීන් කීවද සැබවින්ම එය රටේ ජාතිකත්වය පැත්තෙන් සැබවින්ම තවත් එක නිදහස් සටනක් විය. ලන්දේසින් විසින් සිය දුම්කොළ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා පදිංචි කළ දෙමළ වහල් සේවකයින්ට විවිධ වරප්‍රසාධ ලබාදී පසුව ඉංග්‍රීසින් විසින් තවත් පෝෂණය කර ගොඩනැගූ දෙමළ ජාතිවාදය ඇත්තෙන්ම ක්‍රියාත්මක උනේ රටේ ජාතිකත්වයට එරෙහිව අධිරාජ්‍යවාදියාගේ පැත්තේ ඉඳගෙනය. තමන් මෙරට බලය අත්හැර යන විටද හැකි තාක් තමන් වරප්‍රසාධ ලබාදී ඇති දැඩි කළ දෙමළ වහල් සේවකයාට බලය ලබාදීමට අධිරාජ්‍යවාදියාද කටයුතු කර ඇති බව පෙනේ. එහෙත් ඒ උත්සහයන් අසාර්ථක විය. ඒ අසාර්ථක වූ තැන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියාගේ සේවකයින්  උතුරු නැගෙනහිර ප්‍රදේශ හෝ තම බුක්තියට සවි කරගැනීමට උත්සුක විය. දෙමළ නිජභූමි සංකල්පය සමග බැඳුනු බොරු ඉතිහාස කතා හා ඒ මත පදනම් වූ දෙමළ ජාතිවාදී අරගලය මෙහි ප්‍රතිඵලයකි. 1948 රටට නිදහස ලැබුණද එතැන් සිටද බොහෝ කළක් මෙරට පාලකයින් කටයුතු කර තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ  සේවකයා සමග සහයෝගයෙන් රටේ ජාතිකත්වයට තැනක් නොදී බොහෝ විට ජාතිකත්වයට කෙනහිලිකම් කරමිනි. ඒ එසේ කළහොත් අධිරාජ්‍යවාදීන්ගේ දෙමළ සේවක පැලැන්තියෙන් පැවත ආ මාන්නක්කාර දෙමළ ජාතිවාදීන් අමනාප වේ යන බියට හා ඊට තිබූ අකමැත්තටය.
                              ලංකාව තමන්ගේ රටේ ප්‍රාන්තයක් කරගැනීමට බැරිනම් ලංකාව පුරා තම බලහත්කාරය ක්‍රියවට නැගීමට කැසකවමින් සිටි ඉන්දියාවද මෙරට දෙම්ළ ජාතිවාදියා තම අතකොලුවක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළේය. පසු කලෙක බටහිර තම ස්වාමිවරුන්ගේ හා ඉන්දියාවේ සහයෙන් කොටි ත්‍රස්තවාදය දක්වා වර්ධනය වූ මේ දෙමළ ජාතිවාදී ඊලාම් අරගලය සැමවිට සටන් කළේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. කොටි ත්‍රස්තවාදියා මේ අරගලයට උතුරේ දෙමළ ජනයා පලිහක් ලෙස භාවිතා කළත් සාමාන්‍ය දෙමළ වැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ සහය කොටින්ට ලැබුණේ ඔවුන්ද අධිරාජ්‍යවාදී යුගයේ ලැබූ වරප්‍රසාධ වල රසය ගැන දැන සිටි නිසාය. නිදහසින් පසුව උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනයාගෙන් සැලකියයුතු පිරිසක් රටේ ජාතිකත්වය පිළිගනිමින් ඒ සමග එක් ගමනක් යෑමට සූදානම්ව සිටියත් ඊලාම්වාදී සිහින නොදැක්ක මේ පිරිසද කොටි සංවිධානයේ පරම හතුරු කන්ඩායමක් විය. කිසි දිනක මේ රටට ආවේනික රට ගොඩනැගූ ජාතිය වන සිංහලයාට නැවත රාජ්‍යත්වයට උරුමකම් කියමින් ජාතිකත්වය නැවත ගොඩනගා ගැනීමට ඉඩ නොදීමේ අවශ්‍යතාවය මත ක්‍රියා කළ බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සැමවිට සහය දැක්වූයේ තම වහල් සේවකයින් වූ දෙමළ ජාතිවාදීන්ටයි. කාරනා සියල්ල එසේ වෙද්දී සියළු බාධක මැද 2009 මැයි 18 කොටි නායකයා සමග කොටි ත්‍රස්තවාදී සංවිධානයම පරදවමින් ලැබූ විජයග්‍රහනය සැබෑ ලෙස නව නිදහස් අරගලයකින් ජය ලැබීමක්ම විය. අවාසනාවකට ඉන් පසු රජය ජාතිකත්වයේ ජාතික අරමුනු මත පිහිටා ක්‍රියාකරනු වෙනුවට අදූරදර්ශී ලෙස ජාතික අරමුනු අමතක කර දමා ක්‍රියා කර නැවතත් විජාතික බලවේග වලට යම් ජයක් අත්කරගැනීමට ඉඩ හැරීම බෙහෙවින් කනගාටුදායකය. ජාතික සටනේ විජයග්‍රහනය සමරන අතරතුර විජාතික රජයේ අනුග්‍රහයෙන් නැවත හිස ඔසවන්නට යන දෙමළ ජාතිවාදයද නැවතත් න්‍යායාත්මකව පරාජය කළ යුතුය. ජාතියේ ඇසට වැලි ගසා ගෙන එන්නට යන හොර ෆෙඩරල් ව්‍යවස්ථා උගුලද පරාජය කිරීමට අදිටන් කරගතයුතුය. රනවිරුවන්ට සැබෑ ලෙස ගෞරවය දැක්විය හැක්කේ එලෙසපමණි.

Monday, May 2, 2016

අවංක හදවත් එකට යා කළ යුගයේ මැයි රැලිය


ඊයේ එනම් 2016 මැය් මස පළමු වැනිදා සුපුරුදු ලෙස දේශපාලන පක්ෂ රැසක් මැයි රැලි සංවිධානය කර තිබුනි. මැයි දිනය යනු ලෝක කම්කරු දිනයයි. ඇත්තෙන්ම මේ ජාත්‍යන්තර දින අපට අදාල නැතත් ඒ ගැන විස්තර කීමට වඩා මෙවර මැයි රැලියේ විශේෂත්වය ගැන කීම වැදගත් වේ. වර්තමාන දේශපාලන තත්වය සැලකිල්ලට ගත් විට මෙවර මැයි දිනය තවත් එක මැයි දිනයක් නොවුණි. ඒ පහුගිය වසරේ ජනවාරි 8 වන දින විජාතික බලවේග විසින් රටේ බලය නැවත වරක් සිරිසේන රනිල් දෙපල ආධාරයෙන් ඩැහැගැනීමත් සමග ජාතික බලවේග වලට මෙන්ම බහුතරයක් රටට ජාතියට හිතැති ජනයාට උග්‍ර පීඩාවකට මුහුනදීමට සිදුවීමත් ඉන් පසුව නුගේගොඩ රැලිය හරහා නැවත ඊට ප්‍රතික්‍රියාව දැක්වීමට පටන්ගත් ජාතික බලවේග වල සටන නොනැවතී ඉදිරියට යෑමත් තුලින්, මෙවර මැයි දිනය හරහාද ජාතික විජාතික ගැටුම අන් සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබීමයි.
                 මේ තවත් එක් මැයි දිනයක මැයි පෙලපාලි පැවැත්වීම බොරු සටන්පාඨ කීම ආදියට සීමා නොවී විජාතික බල කඳවුර සිරිසේන හා රනිල් දෙදෙනාම යටතේ දෙපසක රැලි පැවැත් වෙද්දී ජාතික කඳවුරේ මැයි රැලිය තවත් පැත්තක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එක්සත් ජාතික පක්ෂය හා සිරිසේනගේ පාණ්ඩු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  රාජ්ය බලය උපරිම ලෙස යොදා ජාතික බලවේගයේ මැයි රැලියට සියළු තර්ජන කර උගුල් අටවා, ඔවුන්ගේ බලපෑම් මත යම් ජනකායක් ඔවුන්ගේ මැයි රැලි වලට ගෙන්වාගැනීමට සමත් විය. අපට දැනගන්නට ලැබුනු ආකාරයට රජයේ සේවකයන් බොහොමයකට එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහබාගී වීම අනිවාර්ය කරමින් බලපෑම සිදු වී ඇත. එපමණක් නොව ඒ වෙනුවෙන් පගා දීමද සිදුවී තිබේ. සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ මැයි රැලියට සෙනග ගෙන්වා ඇත්තේ පහුගිය රජය සමයේ විවිධ වැරදි වලට නම ගිය පසුව තම වැරදි වසා ගැනීමට සිරිසේන සමග එක් වූ අපතයන් රැලකි. ඔවුන්ගේ අරමුනුද අවංක නැත. එමෙන්ම ඔවුන්සමග එක්වූ පුද්ගලයන් ගැනද කියන්නට දෙයක් නැත.
       සියළු කෙනහිලිකම් මැද අවංකව රටට ජාතියට ආදරය කරන රටත් ජාතියත් පාවා නොදෙන පුද්ගලික ලාබ ප්‍රයෝජනය සඳහා ඕනෑම ජඩකමක් කිරීමට සූදානම් නොවන පිරිස එක්ව මහින්ද හා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහබාගී වූහ. ගාල්ලටත් කැම්බල් පිටියටත් බැරි මරගාතේ මිනිසුන්ට පගා දෙමින් තර්ජනය කරමින් සෙනග ගෙන්වා ගනිද්දී ප්‍රවාහන පහසුකම්ද නොතකා අවංක හදවත් ඇති දෑහිතකාමීන් තම පුද්ගලික වියදමින් දුර බැහැර සිටම කිරුලපන මැයි රැලියට පැමිණියෝය අපට දැනගන්නට ලැබුණේ බෝහෝ පිරිස් එකව මුදල් එක්කරගෙන බස් රථ කුලියට ගෙන මීට සහබාගී වී ඇති බවයි. ඒ විජාතික හතුරන්ගේ බෙදුම්වාදී මාවතක යන රැලි වලට නොමිලේ සියළු පහසුකම් දී තිබියදීය. මේ විජාතික බෙදුම්වාදීන්ට කප්පම් දෙන ආණ්ඩුවේ රනිල් පාර්ශවයටනම් උතුරේ හා නැගෙනහිර දෙමළ මුස්ලිම් අන්තවාදීන්ගේ සහයද ලැබෙන්නට ඇත. එහෙත් මේ කිසිවක් නැතිව මෙරට ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්වීමට මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත් විය. ඒ තවත් එක මැයි රැලියක් ලෙස නොව ජාතික අරගලයේ එක් දැවැන්ත පියවරක් ලෙසය. ඊට එක් වූ අවංක හදවත් ඇති සියළු පාර්ශවයන්ට අපගේ නොමද ගෞරවය පුද කර සිටින්නෙමු.