Monday, March 14, 2016

කාන්තාවන් ජයගතයුතු සැබෑ අභියෝගය

කාන්තාවන්ගේ දිනයක් ගෙවී ගොස් තිබියදී ඒ ගැන ප්‍රමාද වී හෝ සුපුරුදු ලෙස යම් විග්‍රහයක් කිරීමට අප කැමැත්තෙමු. කාන්තාවන්ගේ දිනයේදී විවිධ උත්සව සැමරීම් විවිධාකාරයෙන් විවිධ කණ්ඩායම් විසින් පැවැත්වෙද්දී බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදීන් සහ ඔවුන්ගේ අනුගාමික පිරිස් ලොව සෑම තැනකදීම ඔවුන්ගේ මතවාද ඉදිරියට ගෙනයෑමය න්‍යායාත්මක වැඩපිළිවෙලවල් ක්‍රියාවට නගති. ඔවුන්ගේ මතවාද හා න්‍යායන් මෙන්ම ආකල්ප මනෝගති කුහකකම් ආදිය ගැන මේ බ්ලොග් අඩවිය ආරම්භයේ සිටම අප කියා ඇත.
                    ලිපියට අදාලව මේ කරුණු කෙටියෙන් කියා සිටීම වැදගත් වේ. යුදෙවු චින්තනය තුල සොබාදහම සමග එකට ජීවත් වීමට වඩා මිනිස් අවශ්‍යතා මත සොබාදහමේ අංගයන් වෙනස් කිරීම හෝ මුළුමනින් කනපිට හැරවීම සඳහා වැඩි ඉඩක් ඇත. ඒ සඳහා වෙහෙස මහන්සි වීමද සොබාදහමේ අංග ලක්ෂණයන් කලමනාකරනය කොට මිනිස් වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගෙනයෑමේ ක්‍රියාවට වඩා පූජනීය දෙයක් කොට සැලකීම යුදෙවු චින්තනයේ එක් ලක්ෂණයකි. ලිංගිකත්වය යන දෙයද සැලකූ විට එයද සොබාදහමට අනුව විවිධ පරිනාමනයන්ට ලක් වෙමින් ඉදිරියට යන ක්‍රමයක් තිබේ. මුළු මහත් ජෛව ලෝකය තුල මෙන්ම මිනිසුන්ගේද ලිංගිකත්වය සැලකූ විට අතීතයේ සිට වර්තමානය දක්වා ඉදිරි ගමනක් පැමිණ තිබෙන්නේ සොබාදහමට එකඟ හා ඒ සමග ගැලපෙන්නා වූ ලක්ෂණයන් වැඩි දියුණු වෙමින් හා ඊට පටහැනි දේ ප්‍රතික්ෂේප වෙමිනි. යුදෙවු චින්තනය මගින් අන් සියළු දේ සම්බන්ධයෙන් සොබාදහමේ නියමයන්ට පටහැනිව ක්‍රියාකිරීමට අනුබල දෙන පරිද්දෙන්ම ලිංගිකත්වය සම්බන්ධයෙන්ද සොබාදහමේ න්‍යායන්ට පටහැනිව ක්‍රියා කිරීමට අනුබල දෙයි.  පෙර කී ලෙස මිනිස් අවශ්‍යතාවයන් මත ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කර හැරීමේ යුදෙවු චින්තන ක්‍රියාදාමයේදී මිනිස් කුහකත්වයන්ද ඊට අනගි සහයක් ලබා දෙයි.
                          
කාන්තා විමුක්තිය යනු මෙලෙස මිනිස් කුහකත්වයන් මත පදනම්වන කුහක අවශ්‍යතා අනුව ලිංගිකත්වයේ නියම ස්වරූපය විකුර්ති කර හැරීමේ හා විකුර්තිතාවයන්හි  කුනු රසය විඳීමේ ක්‍රියාවලියේම එක් ඉදිරි විකාශනයකි. කාන්තා විමුක්තිවාදය ගොඩනගා පෝෂණය කර තිබෙන්නේම බටහිර කුහක පිරිමින් කණ්ඩායමකි. ඊට එක්වන කාන්තාවන් බොහෝදුරට අනෙකුත් ජීවවිද්‍යාත්මක සාධක අතින් මෙන්ම මනෝවිද්‍යාත්මකවද ස්වභාවික ස්ත්‍රීත්වයක් නැති තිබුණත් පිරිමින් හා පිරිමියාගේ ලිංගිකත්වය ගැන ද්වේශයකින් පෙලෙන පිරිස් වේ. කාන්තා විමුක්තිය මතවාදීව හසුරුවන කුහක පිරිමින්ගෙන් බොහොමයක් තම ලිංගික ආශ්වාදය සඳහාම රූමත් ස්ත්‍රීත්වයෙන් හෙබි කාන්තාවන් සොයන අතරේ ලිංගික කර්තව්‍ය අහවර වී නැවත එය අවශ්‍ය වන අතරවාරයේ කාන්තාවන්ගේ හපන්කම් ගැන පාරම්බාන, තමන් වැනිම අනෙක් පිරිමි පුද්ගලයන්ගේ ලිංගික රුචි අරුචිකම් කාන්තාවන්ගේ ප්‍රගතියට හා ආරක්ෂාවට අහිතකර බවක් අඟවමින් බොරු ප්‍රබුද්ධකමක් මවාපාන අමන රැලකි. මේ අතරින්ද සමහරු ගැහැනු ළමුන් සිටින තාත්තලාය. ඔවුන් සිය දියණියන් පිරිමින්ටත් වඩා ශක්තිමත් කිරීමට මානසිකවද ස්ත්‍රීත්වය කප්පාදු කරමින් පිරිමි ආරයට හැදීමටත් අවසානයේ සමාජය තුල පිරිමි ජනගහනයේම ලිංගික ස්වභාවයන් තම ප්‍රගතියට හා ආරක්ෂාවට බාධාවක් ලෙස සිතීමට ඔවුන්ට හුරු කිරීමටත් කටයුතු කරති. තවත් සමහර පිරිමින් සමලිංගිකයින් හෝ දෙබිඩි ලිංගික හැසිරීම් ඇති අය වෙති. ඔවුන් විෂමලිංගික පිරිමින් තම විරුද්ධ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරයට හා ස්ත්‍රී ලිංගික විශේෂණයන්ට ආකර්ශනය දක්වන ස්වභාවයට එරෙහි වෙමින් සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් මානසික අනුවර්තන ලිංගික ගැලපීම් ආදිය ගැන මැසිවිලි නගන්නේ ඒ තුලින් කාන්තාවන්ට යම් යම් අසාධාරනයන් සිදුවන බව අඟවමිනි.
                             
කාන්තා විමුක්තිවාදයේ විකාරරූපී ආකල්ප වෙනුවෙන් පෙනී හිටින අනෙක් පිරිමි කොට්ඨාශය වන්නේ අත පය හතර හොල්ලා මහන්සි වීමටවත් කිසිදු සමාජ වගකීමක් දැරීමටවත් කැමති නැති මල මූසල හැතිකරයකි. ඔවුන් කාන්තාවන් ලවා පිරිමින් කළයුතු සියළු අපහසු වැඩකටයුතු කරවාගනිමින් සියළු වගකීම්ද කාන්තාවන් පිට පටවා ඇඟ බේරා ගැනීමට කැමතිය. මේ අතර කාන්තාවන්ගෙන් ගුටි කෑම හිරිහැරයට ලක් වීම ආදියෙන් පිම්පි ආශ්වාදයක් ලබන "BDSM" ගොබ්බ රැලක්ද සිටිති. මේ කුහක පිරිමින්ගේ ව්‍යාධිජනක මතවාද වලට සහය දෙන ව්‍යාධිජනක කාන්තා විමුක්තිවාදිනියන්ගේ ස්වරූපයද අප දැනගත යුතුය. මේ කාන්තාවිමුක්තිවාදී ගෑනුන් බොහොමයක් තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වයටද වෛර කරති. ඔවුන්ට මාතෘත්වය අරහංය. ඔවුන් ලෝකයටත් සෙසු කාන්තා සමාජයටත් පෙන්වන්නේ සමාජයේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම්  හා ලිංගිකත්වයේ ගැලපීම් තුලින් කාන්තාවන් පිරිමින්ගේ කාමුක භාණ්ඩයක් වන බව හා පවුල තුල දරුවන් හැදීම හා අනෙකුත් ගෘහ කටයුතු කිරීමට හුරු වීමෙන් පුරුෂයාගේ වහලියක් වන බවයි. එහෙත් මොවුන් සමලිංගික පිරිමින්ගේ විකුර්ති කාමුකත්වය පූජනීය දෙයක් ලෙස සලකා ඊට සහය දෙති. එලෙසම බලන කළ මේ කාන්තාවිමුක්තිවාදිනියන් බොහොමයක් සමලිංගික හෝ දෙබිඩි හැසිරීමක් ඇති  කාන්තාවන් බවද පැහැදිලිය. මොවුන්ගෙන් සමහරෙක් පිරිමි ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කරන පිරිමි හැසිරීමක් ඇති ( බෝහෝදුරට මේ හැසිරීම් වර්ධනය කිරීමට ඔවුන්ට පිටුබලය ලැබෙන්නේම ඔවුන්ගේ කුහක පියවරුන්ගෙන් හා පිරිමි හැසිරීමක් ඇති ගෑනුන් වීරත්වයට නගන අනෙකුත් කුහක පිරිමින්ගෙනි ) අය වෙති.
                               
මේ කාන්තාවිමුක්තිවාදී දුෂ්ඨ කුහක ව්‍යාධිජනක ගැහැනු පිරිමි දෙපාර්ශවයම ස්ත්‍රීත්වය මත කායිකවත් මානසිකවත් හැඩගැසීමක් ඇති කාන්තා සමාජයට ඒත්තු ගැන්වීමට උත්සහ කරන්නේ කාන්තාවන් තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය මත පිහිටා කටයුතු කරනු වෙනුවට එය මානසිකව අත් හරිමින් පෞරුෂත්වය ආදේශ කර ගත යුතු බවයි. ඔවුන්ට අනුව ඒ තුලින් කාන්තාවන්ට පුරුෂයාගේ ආධිපත්‍යයෙන් ගැලවී විමුක්තිය උදා කර ගත හැක. ඔවුන්ගේ ආකල්ප අනුව සමලිංගිකත්වයද වරදක් නොවේ. එය කාන්තා විමුක්තිවාදී සියල්ලන්ට නැතිවම බැරි දෙයකි. මේ කුහකයන්ට අනුව කාන්තාවන් දුක් විඳින්නේ ඔවුන්ගේ ස්ත්‍රී ස්වභාවය හා ස්ත්‍රී ලිංගික විශේෂනයන් හේතුවෙනි. ඒ විෂමලිංගික පිරිමින් අධිපතිවාදීන් වීම හා ඔවුන් කාන්තාවන්ගේ ස්වභාවික ස්ත්‍රීත්වයට දක්වන ලිංගික ආකර්ශනය නිසාය. අවසානයේ මේ කාන්තා විමුක්තිවාදී ව්‍යාධිජනක කාලකන්නින් ඔවුන්ගේ බේගල් මතවාද හරහා ලෝකයට පෙන්වන්නේ කාන්තාවන් පිරිමියාට සමාන බව හා ස්ත්‍රී පුරුෂභාවයේ මනෝවිද්‍යාත්මක සාධකය නොසැලකිය යුතු බවකි. ඔවුන්ට අනුව හැකිනම් අනෙකුත් ජීව විද්‍යාත්මක සාධකද විකුර්ති කර ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ පැහැදිලිව කායිකවත් මානසිකවත් අනුවර්තිත වූ අන්ත දෙකක් හඳුනාගත නොහැකි තත්වයට ලිංගිකත්වය ව්‍යාකූල කළ යුතුය. ඇතැම් කුහක පණ්ඩිතයන්ට අනුව ජීව විද්‍යා දැනුම තිබෙන්නේද එවැනි දේ කිරීමටය. මේ සියළුම කුහක කාන්තා විමුක්තිවාදී මතවාද අවසාන වශයෙන් එරෙහි වන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වයට හා ඒ මත පදනම් වන මාතෘත්වයටයි. ඒ වෙනත් කිසිවක් නිසා නොව. විෂමලිංගික පීතෘමූලිකත්වයට විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය දක්වන සමරූපී බව හා එකිනෙකට ඇති අනුකූලතාවය මත තිබෙන බැඳීම නිසාය.
                             
අද දවසේ කාන්තාවන් බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදී බේගල් වලින් මුලා නොවී පළමුව කළ යුත්තේ තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය කරදරයක් ලෙස නොසලකා එය තමන්ට වැදගත් දෙයක් ලෙස සැලකීමයි. ඒ අනුව ඔවුන් තමන්ගේ ස්වභාවික ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍ර කොටගෙන එහි විශේෂණයන් වැඩි දියුණු කරගනිමින් ඒ මත පිහිටා ක්‍රියා කළ යුතුය. මේ වන විට කුහක කාන්තා විමුක්ති මතවාද වලින් දැඩිව බැටකා පීඩාවට පත්ව තිබෙන්නේ පුරුෂාධිපත්‍යක් නොව විෂමලිංගික ස්ත්‍රීත්වය හා ඒ මත පදනම් වන මාතෘත්වයයි. කාන්තාවිමුක්තිවාදී බේගල් වලට අනුව පුරුෂාධිපත්‍යයෙන් ගැලවීම යනු ලිංගිකත්වය ගැන පැහැදිලි විවුර්ත අදහස් ඇති ලිංගිකත්වයේ ස්වභාවය සමග එකට ජීවත් වීමට පිටකොන්දක් ඇති පිරිමියාට එරෙහිව කාන්තාවන් පුරුෂකරනය කිරීමට වෙර දරන කුහක පිරිමියාගේ පැත්ත ගෙන කුහකත්වය දිනවීමයි. පුරුෂාධිපත්‍යට එරෙහිව යැයි කියමින් සටන් මෙහෙයවන්නේත් කුහකයන් නොවන පිරිමින්ට එරෙහිව ලිංගිකත්වයේ ස්වභාවයටවත් ගරු නොකරන කුහක පිරිමි නඩය වේ.  වර්තමානයේ කාන්තාවන් සිහිබුද්ධිය ඇතිව තේරුම්ගතයුතු වැදගත්ම සිද්ධියත් මෙයයි. වඩා විමසිල්ලෙන් බලන කල පෙනෙන්නට තිබෙන පැහැදිලි කාරනාව නම් කාන්තාවන් ලොව කොහේදීත් වැඩිම ප්‍රතිශතයක් වඩා සුරක්ෂිත වන්නේත් කාන්තාවන්ට ස්ත්‍රීත්වය මත පිහිටා වඩා ස්වාධීනව මෙන්ම කාන්තාවන්ට ආවේනික ක්‍රියාකාරකම් වලට ඉහල ඇගයීමක් ලැබෙන්නේත් විෂමලිංගික පීතෘමූලික සමාජ ආකෘතිය තුල මිස මනෝව්‍යාකූල විකාරරූපී කාන්තා විමුක්තිවාදය තුල නොවන බවයි. කුනුහරප කාන්තා විමුක්තිවාදය තුල ස්ත්‍රීත්වයම ව්‍යාකූලත්වයට පත්ව එයටම නිසි වටිනාකම නොලැබෙන තත්වයක් උද්ගතව ඇත. හිතන්නට මොළයක් ඇති සියළුම කාන්තාවන් මෙය තේරුම් ගත යුතුය. අද දවසේ කාන්තාවන් මුලින්ම තේරුම් ගත යුත්තේ තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රී ලිංගිකත්වයට සමරූපී වන පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවය කුමක්ද යන්නයි. ඒ මත නිවැරදිව පිහිටා ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් හරි හැටි හඳුනාගත හැකි විෂමලිංගික පුරුෂයා අධිපතිවාදියෙකු වුවත් කාන්තාවන් ඔහු හරි හැටි පිළිගත යුතුය. ඒ වෙනත් කිසිවක් නිසා නොව කාන්තාවන්ගේ හරි වටිනාකමක් ඇත්තේ ඔහුට බැවිනි.
                             
වර්තමානය වන විට කාන්තාවන් විසින් ජය ගත යුතුව ඇති හැබෑම අභියෝගය බවට පත් වී තිබෙන්නේ කුහක ව්‍යාධිජනකයන්ගේ විකුර්ති කාන්තා විමුක්තිවාදයෙන් ගැලවීමයි. ඒ කාන්තා විමුක්තිවාදය කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටින බවට ව්‍යාජ ඇඟවීමක් කළද එය සත්‍ය වශයෙන් ස්ත්‍රීත්වය මත පදනම් නොවීමත් ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවයටම එරෙහි වීමත් නිසාය. මේ සියල්ල ඒ ආකාරයෙන් සිදුවන්නේ තවත් එක විශේෂ හේතුවක් නිසයි. ඒ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය යනු විෂමලිංගික පුරුෂයාගේ හා පීතෘමූලික සමාජයේ සමරූපී අනෙක් අන්තය ලෙස මිනිස් ජන සමූහය තුල ලිංගිකත්වයට අදාලව පැවතිය යුතු සමබරතාවය රැකගන්නා නිසාය. මේ සමබරතාවය නැතිකර ව්‍යාකූල සමාජයක් හැදීමද කුහක කාන්තා විමුක්තිවාදීන්ගේ එක් අභිප්‍රායකි. අද කාන්තාවන්ට සැබෑවටම අභියෝගයක් වී තිබෙන්නේ ස්ත්‍රීත්වය හා එහි ස්වභාවය අනුව ක්‍රියා කිරීමට කුහක කාන්තාවිමුක්තිවාදීන් එල්ල කරන බාධාවයි. මේ අභියෝගය ජයගැනීමටනම් කාන්තා විමුක්තිවාදී බේගල් මතවාද සියල්ල කාන්තා සමාජය තුලින් දැඩිව බැහැර කළ යුතුය. කාන්තා විමුක්තිය යන පිළුනු සංකල්පය අද දවසේ වැඩිම හානියක් කරන්නේ කාන්තාවන්ටමය. බුද්ධිමත් කාන්තාවන් මේ සැබෑ අභියෝගය ජයගැනීමේදී කුහක පිරිමින්ගෙන් තම ජීවිත වලට වැරදි උපදෙස් ලබාගැනීම පළමුව නවතා දැමිය යුතුය. ඒ වෙනුවට කළයුත්තේ ස්ත්‍රීත්වය හඳුනන එහි වටිනාකම හරි හැටි පිළිගන්නා කුහකයන් නොවන විෂමලිංගික පිරිමින් සියළුදෙනා හරි හැටි පිළිගෙන ඔවුන්ට නිසි ගෞරවය දැක්වීමයි. කුහකත්වය බැහැර කරමින් ස්ත්‍රීත්වය හා මාතෘත්වය මත නිවැරදිව පිහිටා මුළු මිනිස් සංහතියේම යහපැවැත්මට බලපාන ලිංගිකත්වයේ සියළුම සාධක වල සමතුලිතතා හා සමබරතාවයන් රැකෙන පරිදි කටයුතු කිරීමයි. එවිට ස්ත්‍රීත්වයේ වටිනාකම හරියට පිළිගෙන කාන්තාවන් ඇගයීමට ඉහමොළයක් ඇති සංවේදී හැඟීම් දැනීම සහිත සියළු දෙනා පෙළඹෙන එක ස්වභාවයෙන්ම සිදු වනු ඇත. කාන්තාවන් කාන්තාවන් හැටියට සැබවින් සුරක්ෂිත වන්නේද එවිටය. 

2 comments:

  1. මේ බටහිර මගුල් වලින් අපේ රට විනාස වෙලා. එදා සිංහල කාන්තාව ගෙදරින් එළියට බැස්සෙ අත්‍ය අවශ්‍ය කාරණයකට විතරයි. අද කාලෙ කෙල්ලො ඉගන ගන්න කියල ලෝකෙ වටේ යනව. කෙල්ලෙක් කැම්පස් එහෙම ගියොත් ඉවරයි. ගෙදර අම්මට නොකිය එළියට ගියේ නැති කෙල්ලො කැම්පස් කොල්ලො එක්ක ට්‍රිප් යනව. අපේ සංස්කෘතිය එහෙම් පිටිම්ම ඉවරයි. කාන්තාවට ගෙදර නිදහසේ ඉන්න තිබ්බ ක්‍රමය මුන් දැන් නැති කරනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට හරි කතාව

      Delete