Monday, March 7, 2016

යුරෝපයේ අරාබි ආක්‍රමණය හා පාප්තුමාගේ සිහිනය


මේ වන විට යුරෝපය තුල සිදුවන අරාබි ආක්‍රමණය බොහෝ දුරදිග ගොස් ඇති සෙයක් පෙනේ. ඒ බව පාප්තුමාද මෑතක ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි. එහෙත් පාප්තුමා එය එතරම් බැරෑරුම් කාරනයක් ලෙස නොසලකමින් කියා ඇත්තේ යුරෝපය ඉතිහාසය පුරාවට මෙවැනි ආක්‍රමණ වලට මුහුණදී ඇති බවත් ඒතුලින් යුරෝපයේ සංස්කෘතියද පෝෂණය වී ඇති බවකි. එය ඇත්තක් ලෙස පිළිගත හැක. යුරෝපයට පෙරදිග දැනුම ගලා ගියේද මෙවැනිම ආක්‍රමණ හා කුරුස යුද්ධ හරහායි. එහෙත් එකළ යුරෝපීය සමාජය මේ ආක්‍රමණ වලට මුහුණ දීමට තරම් ශක්තිමත් උනා පමණක් නොව පිටත වෙනත් ශිෂ්ඨාචාරයන්හි දැනුම තම සංස්කෘතිය තුලට ගෙන සිය ජන සමාජය හා සංස්කෘතික පරිසරය පෝෂණය කරන අතරේම නව දැනුම බිහිකිරීමට තරම් ශක්තිමත් විය. ඒ එකළ යුරෝපීය ජනයා තම සමාජ සංස්කෘතික සාධකයන් රැකීමේ හා පෝෂණය කිරීමේ ක්‍රම වේදය තුල සවිඥ්ඥානිකවම සිටි නිසාත් ඔවුන් ඔවුන්ට ආවේනික චින්තනය තුල වැඩකටයුතු කළ නිසාත් මෙන්ම පුහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා බොරු සමාජවාදය ලිබරල්වාදය කාන්තා විමුක්තිය ආදී ව්‍යාධිජනක විෂබීජ වලින් යුරෝපය ලෙඩ වී නොතිබීමත් නිසාය. ඒ හේතු කාරනා සලකා බලන විට එකළ යුරෝපය මැදපෙරදිග අරාබි මුස්ලිම් ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දෙමින් සිය සංස්කෘතිය පෝෂණය කර ගනුලැබුවේ කෙසේද යන්න සිතා ගත හැක. එහෙත් වර්තමානයේ තිබෙන තත්වය ඊට හාත්පසින් වෙනස්ය.
                              එකළ අරාබි මුස්ලිම් ආක්‍රමණ ඔස්සේ යුරෝපයට සංක්‍රමණය වූ මුස්ලිම් ආක්‍රමණිකයන්ට ඔවුන්ගේ ආක්‍රමණකාරී අරමුණු ඉටු කරගන්නට නොදීමටත් මැදපෙරදිග දැනුම ඔවුන්ගෙන් ලබාගෙන යුරෝපයේ සංස්කෘතිය පෝෂණය කිරීමටත් යුරෝපයේ ජනයාට තිබූ ශක්තිය අද නැත. ඒ වෙනුවට ආක්‍රමණිකයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන ලිබරල් ප්‍රජාතන්තරයක් නාස්තිකාර පරිහරනය පමණක් දන්නා වත්මන් යුරෝපයේ පාලක පන්තිය තුලින් දැකගත හැක. අරාබි ආක්‍රමණයන්ට යුරෝපය ගොදුරු වූ අතීතයේ  ආක්‍රමණිකයා පලවා හැරීමටත් යුරෝපයේ ඉතිරි වූ සෙසු ආක්‍රමණිකයන් ඔවුන් සතු දැනුමද සමග තම සංස්කෘතිය තුලට ඇතුල් කරගැනීමටත් එකළ ජනයාට හැකියාව තිබුණද වත්මන් යුරෝපයේ ඔඩුදුවා තිබෙන නාස්තිකාර පරිහරනය ඉලක්ක කරගත් මෝඩයාගේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජයට එය කිරීමට හයියක් නැත. බටහිර සමාජය පුද්ගල ආත්මාර්ථකාමීත්වයෙන් හා ධනය එක් රැස් කිරීමේ මසුරු කමින්ද සමාජ වගකීම් පැහැර හරින අයිතිවාසිකම් උමතුවෙන්ද අන්ධ වී හමාරය. කොටින්ම කිවහොත් යුරෝපයේ වත්මන් පරපුරට ආක්‍රමණිකයා හඳුනා ගැනීමටත් බැරිය. අද බටහිර ආත්මාර්ථකාමී ජනයාට තම සංස්කෘතිය පෝෂණය කිරීමට වඩා අරාබි ආක්‍රමණිකයාගේ සහය ගෙන හෝ ඔවුන් හුරු වී සිටින අනර්ථකාරී ජීවන රටාව ඉදිරියට ගෙනයෑම වැදගත් වේ.
                           අද බටහිර සමාජයේ සාමූහිකත්වය බීඳවැටී ඇත. ඒ වෙනුවට ආත්මාර්ථකාමීත්වය වැඩී තිබේ. සමාජ වගකීම් දැරීම වෙනුවට බටහිර ජනයා ඒ වගකීම් අත්හැරීමට වැඩි කැමැත්තක් දක්වයි. යුරෝපයේ සංස්කෘතිය පෝෂණය කිරිමක් ගැන කතා කිරීමට පෙර පාප්තුමා යුරෝපීය සංස්කෘතිය තුල අතීතයේ ශක්තිමත්ව පැවති එහෙත් දැන් අභාවයට යන සැබෑ වටිනාකම් මොනවාද යන්න මතක් කරගන්නේනම් හොඳය. අතීතයේ රෝමානු කතෝලික චින්තනය ප්‍රමුඛ වූ යුගයේ මිනිසුන් අතර එකිනෙකාට ගරු කරන මිනිස් බැඳීම් ශක්තිමත්ව පැවතී ඇත. කෘෂිකර්මාන්තය හා එඬේර කර්මාන්තය ප්‍රමුඛව පැවති යුගයේ පාරිසරික වටිනාකම් ගැන මිනිසුන්ට යම් අවබෝධයක් තිබුණි. කෙනෙකුට තවත් කෙනෙකුගේ වටිනාකම තේරුන සමාජ පසුබිමක තමන් සතු සමාජ වගකීම් මොනවාද යන්න සෑම කෙනෙක් තුලම සවිඥ්ඥානික බවක් එකළ බටහිර සමාජයේ තිබී ඇත. පිරිමින් ගැහැනුන් ලෙස මානසිකව පවා මනා හැඩගැස්මක් මෙන්ම ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ නිසි සමබරතාවයක්ද යුරෝපය තුල පැවතුනි. මේ වටිනාකම් අද යුරෝපය තුල තිබේද? තිබුණත් ශක්තිමත්ව ඇත්ද? එය සැබෑම ප්‍රශ්නයකි. අරාබි ආක්‍රමණිකයන්ට මුහුණ දීමටත් ඔවුන් සිය සංස්කෘතිය තුලට අනුගත කර ගනිමින් බටහිර සංස්කෘතිය පෝශණය කිරීමටත් පළමුව ඒ සංස්කෘතියේ නියමාකාර පැවැත්මට අවශ්‍ය මේ සාධක සජීවීව හා ශක්තිමත්ව තිබිය යුතුය. අද බටහිර නැත්තේත් තිබුණත් දියාරු මට්ටමක පවතින්නේත් ඒ දේවල්ම වේ.
                           රෝමානු කතෝලික චින්තනය බිඳ වැටී යුදෙවු චින්තනය බලවත් වීම විශේෂයෙන් කාර්මික විප්ලවය හා දෙවන ලෝක යුද්ධයට පසුව සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස සොබාදහමට ගරු කරන මිනිස් ස්වභාවයන් හඳුනාගනිමින් ඒ සමග එකට ජීවත් වූ සාමූහික වගකීම් හා මිනිස් බැඳීම් වලින් පරිපූර්ණ මිනිසුන් ඔවුන් එකට එක්කර තිබූ සියළු සාධක වලින් වෙන් වී සී සීකඩව ගියෝය. කාර්මික විප්ලවය සමග කාර්මීකරනය වූ යුරෝපයේ පුද්ගලවාදය හා ඒ මත පදනම් වූ ධනය ඉපයීමේ සංකල්ප වර්ධනය විය. මිනිසුන් ආත්මාර්ථකාමී වූවා පමණක් නොව යුදෙවු චින්තනය හරහා සොබාදහමට ලැදි නොවූ සංවර්ධන න්‍යායන්ද කරලියට ආවේය. බොරු සමාජවාදී මතවාද එක් පසෙකින් රාජ්‍ය ධනය පුද්ගලයන් අතට බෙදාගැනීමට වලිකෑවේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හරහා කපටි කුහක ආත්මාර්ථකාමීන්ගේ සියළු දහ ජරා ගතිපැවතුම් සාධාරණීකරනය විය. කාන්තා විමුක්තිය නම් ව්‍යාධිජනක විෂබීජය ලිංගිකත්වයේ නියම ස්වරූපය හා ස්වභාවය හෙලාදකිමින් නිරතුරුව වෛරී ආකල්ප වර්ධනය කළේය. ඒ තුලින් විශේෂයෙන් පිරිමියාගේ ලිංගිකත්වය හා එහි සවභාවය කෙරෙහි කාන්තාවන් තුල වෛරය ජනනය කරවන ලදි. බටහිර පවුල් සංස්ථාවද විනාශ විය. මාතෘත්වය හෝ පීතෘත්වය වටිනා දේ ලෙස නොසලකන කුහකත්වයක් ඇතිවුනා පමණක් නොව විරුද්ධලිංගික සබඳතා අඩපන කරමින් සමලිංගික විකුර්ති කාමය වර්ධනය කරන ජඩකමක්ද නිර්මාණය වුනේ ඊට නෛතික රැකවරනයද ලැබෙන පරිද්දෙනි. මේ සියල්ල ඔස්සේ බටහිර සමාජයේ ලිංගිකත්වය විකාරයක් වී ව්‍යාකූලත්වයට පත් වීම යුරෝපයේ බොහෝ පැති වලින් අසාර්ථක හා ආතක් පාතක් නැති පරපුරක් බිහි වී තිබේ. පාප්තුමා අනුවට මැදපෙරදිග අරාබි ආක්‍රමණය නැවත ආපිට පෙරලා එය තම සංස්කෘතිය පෝෂණය කරන සංසිද්ධියක් බවට පරිවර්තනය කර ගැනීමටනම් මේ දුර්වලකම් මගහැර බටහිර අතීතයේ පැවති සමාජයේ සැබෑ වටිනා ගුණාංගයන් නැවත පනගැන්විය යුතුය.එසේ නොකර අරාබි ආක්‍රමණය යුරෝපයට සංස්කෘතික වශයෙන් ආශිර්වාදයක් වනු දැකීම හීනයක් පමණි. ඒ වෙනුවට විය හැක්කේ යුරෝපය ශුද්ධ ලෙස මුස්ලිම්කරණයකට ලක් වීම බවනම් පැහැදිලිය. 

තොරතුරු පහතින්

http://lankacnews.com/sinhala/foreign-news/141250/

4 comments:

  1. ලින්ක් එකෙන් සී නිවුස් එකේ ලිපියත් කියෙවුවා. පාප් වහන්සේගේ කතාව අප සිනහ ගන්වන එකක්. මුස්ලිම් ආක්‍රමණයට මුහුන දෙන්න ක්‍රම බටහිර රටවල් හැම එකක්ම මේ වන විට සැලසුම් කරන්න පටන් අරගෙන. ඒ මුස්ලිම් ආක්‍රමණයේ භයානකකම හැම යුරෝපීය රටකටම තේරිලා තියෙන නිසා. මුස්ලිම් ව්‍යාප්තවාදී ආක්‍රමණිකයින්ට යුරෝපයේ සංස්කෘතිය පෝෂණය කරන්න උවමනාවක් තියෙයිද?

    ReplyDelete
    Replies
    1. මෙතන යුරෝපයත් ශුද්ධ මුස්ලිම්කරණයකට ගොදුරු වන බව නම් පැහැදිලියි

      Delete
  2. ආගම් සංස්කෘතීන් කොයිකත් එකයි. කාන්තාවට යහපත්ක් නෑ. මේ බ්ලොග් එක තනිකරම සම්ප්‍රදායික ජාතිවාදී පුරුෂාධිපත්‍යවාදී එකක්. මේ වගේ බ්ලොග් පලකරන අය එක්ක කොච්චර වාද කරත් වැඩක් නෑ. මෙහෙම මිනිස්සු ඉන්න රටකට හරියන්නේ නෑ කවදාවත්.

    ReplyDelete
    Replies
    1. සටන්කාමී වාග් ප්‍රහාර නෙවෙයි ඕන හරි තර්කයක්. කරුනාකර මගේ ලිපිය හරියට කියවලා කරුනු එක්ක තර්කයක් ඉදිරිපත් කරන්න. බැරිනම් මෝඩ කමෙන්ට් දාන්නේ නැතුව ඉන්න. සම්ප්‍රදායිකකම පුරුෂාධිපත්‍ය වගේ දේවල් අපට කරුනු ඇතිව විස්තර කරන්න පුළුවන්නම්. එතකොට කාන්තාවිමුක්ති කුහකයන්ගේ සම්ප්‍රදායන් මොනවද කියල අපටත් කියන්න පුළුවන්.

      Delete