ඉතාලියේ මිලානෝ නුවර පැවති දේශනය
ප්රංශයේ පැරිස් නුවර පැවති දේශනය
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති දේශනය
සුද්දන්ගේ උසාවි හා ජාතියේ අවනඩුව නමින් විමල් වීරවංශ මහතා විදෙස්ගත ශ්රී ලාංකික ජනතාව අමතා කළ දේශන මාලාවේ වැදගත් දේශන කීපයකි මේ. අප රටක් ජාතියක් ලෙස මුහුනපා සිටින අසීරු හා තීරනාත්මක අවස්ථාව ගැන ඒ මහතා විදෙස් රටවලට ගෙන ගිය පනිවිඩය ඉතාම වැදගත් එකකි. එමෙන්ම එය කාලෝචිත හා විය යුතුවම තිබූ දෙයකි. ලංකාවේ මහා ලොකු යහපාලන ගොන් ප්රජාතන්ත්රවාදයෙන් ඒ මහතා නිශ්ශබ්ද කරන්නට වෙර දරද්දී විදේශ රටවල අපේ ජාතික ගැටළුව ගැන ඇත්ත කතා කරන්නට ඒ රටවල සිංහලයන් දැනුවත් කරන්නට වීරවංශ මහතා ගත් උත්සහය අතිශය ප්රශංසනීය වේ.