Sunday, November 29, 2015

බෙදුම්වාදය අත්හැරියවුන් බෙදුම්වාදයට යලි තල්ලු කළ යහපාලනය

මීට සති කීපයකට උඩින් අපට අසන්නට ලැබුනු විශේෂ ප්‍රවුර්තියක් වෙත නැවත අවධානය යොමු වියයුතු යැයි සිතුවේ එය තරමක් ජාතික වැදගත්කමකින් යුතු වූ ප්‍රවුර්තියක් වීම නිසාමයි. ජාතික වැදගත්කමක් මෙන්ම සංවාදයට තුඩුදෙන ස්වභාවයක්ද ඒ පුවතෙහි වේ. කරුනා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක් වුනු බව අසන්නට ලැබුණි. ඔහු එම පක්ෂය සමග එක්වෙමින් දක්වා තිබූ අදහස් සිහි බුද්ධියෙන් විමසිය යුතු වන්නේ ජාතික වැදගත් කමකින් යුතු කරුණ සැඟවී ඇත්තේ ඒ තුල වීමෙනි. කරුනා අම්මාන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හෙවත් ටීයූඑලෙෆ් පක්ෂය සමග එක් වෙමින් කියා සිට ඇත්තේ ඔහු වැඩිදුරටත් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් හා අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින බව හා දෙමළ ජනයාට සාධාරනය ඉටු කිරීම වෙනුවෙන් ක්‍රියා කරන බවයි. දෙමළ ජනයාට සිදුවූවායැයි කියන ඊනියා අසාධාරනයන් මොනවාද? දෙමළ ජනයාගේ අහිලාශයන් මොනවාද? මේ වෙනත් කිසිවක් නොවේ, අධිරාජ්‍යවාදීන්ගේ වරප්‍රසාධ අත් හැරීමට අකමැති වූ උතුරේ දෙමළ ප්‍රභූන් මුළු රටේම පාලනය බැරිනම් කොටසක හෝ පාලනය අත්පත් කරගැනීමේ බෙදුම්වාදී මෙහෙයුමේ නිරතවන්නන්ගේ පැරනි රසාංගයකි. මීට පූර්ණ ආශිර්වාදය මුලින් බ්‍රිතාන්‍යයේද වර්තමානයේ බ්‍රිතාන්‍යට හිතවත් සියළු  බටහිර රටවලද ලැබේ. එහි පුදුමයක්ද නැත. ඒ දකුණු ඉන්දීය දෙමළ ජනයා බ්‍රිතාන්‍ය වහල් සේවකයන් ලෙස මෙහි ගෙනවිත් පදිංචි කරවූවන් වන බැවිනි.
                        

කරුනා අම්මාන් වැඩි දුරටත් කියා තිබෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සියළු යහපත් අංග පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවයි.13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ඉන්දියාව විසින් මෙරට බෙදුම්වාදීන් සැනසීම සඳහා ලක් රජයට බලහත්කාරයෙන් පැටවූ එකක් මිස එහි වෙන අර්ථයක් නැත. එබැවින් එහි  කුමන අංගයක් වුවත් යහපත් වන්නේ ලක් රජයේ ජාතිකත්වයට නොව බෙදුම්වාදයටය. අද කරුනා අම්මාන් මේ බෙදුම්වාදයට හිතවත් 13 වන සංශෝධනයේ යහපත් අංග ලෙස බෙදුම්වාදයට හිතවත් යෝජනා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව කියයි.කරුනා අම්මාන් යනු පැරනි එල්ටීටීඊ ක්‍රියාකාරී සමාජිකයෙකි. එනම් ඔහු කලක් ඊලම වෙනුවෙන් ප්‍රභාකරන්ගේ පිලේ සිට සටන් මෙහෙයවූ අයෙකි. ඔහු 2000 -2001 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් කොටි සංවිධානය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම බල පැවැත්වුනු කාලයේ ප්‍රභාකරන්ගේ පිලෙන් වෙන් විය. ඔහු වෙන් වූයේ ඔහු වටා සිටි කොටි සාමාජිකයන් කන්ඩායමක්ද සමගයි. කරුනාගේ වෙන් වීමට ඔහු ප්‍රභාකරන්ගෙන් ඈත් වී රනිල් වික්‍රමසිංහ වෙත ලං වී තිබීම හේතුවක් වුවත් රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානයේ අරමුණු වලට පූර්ණ වශයෙන් පිටුපෑ බව හෝ ඔහු අප රටේ සිංහල බෞද්ධ ජාතිකත්වයට පක්ෂපාතී කෙනෙක් බවත් එයින් ගම්‍ය නොවේ. කෙසේ නමුත් කරුනා අම්මාන් ප්‍රභාකරන්ගෙන් වෙන් වී යෑම කොටි සංවිධානය ලද එක්තරා පරාජයක් විය.
                           

  2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපතිවරයා ලෙස පත් විය. ඒ වන විටත් කරුනා අම්මාන් ඇතුළු පිරිස ප්‍රභාකරන් කණ්ඩායමට එරෙහි වූවා මිස බෙදුම්වාදය අත්හැර නොතිබිණි. මාවිලාරු සොරොවුව වසන්නට ගොස් තම අවසානය සනිටුහන් කරගත් කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ මෙහෙයුමේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට නිවැරදි නායකත්වය දෙමින් ජාත්‍යන්තරය තුලද කොන්ද කෙලින් තබාගෙන සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සටන ජයග්‍රාහී මාවතක ගෙනයද්දී ඊලාම්වාදය පුස් වෙඩිල්ලක් පමණක් විය. බොහෝ ඊලාම්වාදීන් තම බෙදුම්වාදී අරමුණු අතහැර පලා ගියෝය. කරුනා අම්මාන් පිල්ලෙයාන් වැනි ප්‍රභාකරන්ගේ කල්ලියෙන් වෙන් වූවන් තම පිරිසද සමග බෙදුම්වාදය අත හැර රජයේ හමුදා වලට ත්‍රස්තවාදය තීරනාත්මක ලෙස පරාජය කිරීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට උදවු විය. සටනේදී අත්ඩංගුවට පත් කොටි නායකයන්ටද ඊලම සිහිනයක් පමණක් බව පසක් වී තිබුණි. කේපීලාට සැඟවී සිටින්නට නොහැකි විය. සටන පරාජය වී ඊලම අත්හැරි ඔහුටද කරන්නට තිබූ එකම දෙය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයට හා ආරක්ෂක අංශ වලට යටත්ව ඊලාම් සිහිනය අත්හැරදමා පන බේරා ගැනීම පමණි. කරුනා අම්මාන් මුලදීම ඊලම අත්හැරීය. ඔහු සටන් පැවති කල්හිදී ත්‍රිවිධ හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කර පසු කලෙක රටේ ජාතිකත්වයට ලැදි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද ලබා දෙමළ දේශපාලන ප්‍රවාහයේ බෙදුම්වාදී සලකුණට තිබූ ප්‍රභලත්වය නිශේධනය කළේය. පිල්ලෙයාන්ද පසුකාලීනව බෙදුම්වාදයට එරෙහි ගමන් මගක ගියේය. කරුනා අම්මාන්ගේ ඊලාම් බෙදුම්වාදය අත්හැරීම පසුපස වූ ප්‍රභලම සාධකය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය මුළුමනින් පරාජය වීම හා ජාතික බලවේග වල නැගී සිටීම හමුවේ ඊලම හා දෙමළ නිජභූමි මිථ්‍යාව පුස්සක් වීමයි.
                                
දැන් සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මේ වසරේ ජනවාරි මස 8 වනදා සිට සිදුවූයේ යුධමය වශයෙන් පරාජය වී මතවාදීවද නන්නත්තාර වූ ඊලාම්වාදී බෙදුම්වාදීන් නැවත ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වීම හා නැගී සිටීමයි. පලිගැනීමේ චේතනාව පමණක් පෙරදැරීව කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පලිගැනීමට කල්පනා කළේ රටේම ජාතිකත්වය දුර්වල කිරීමෙනි. ඔහු මුලින්ම කළේ රටේ ජාතිකත්වයටත් ජාතික බලවේග වලට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහි විජාතික බලවේග වල ස්ථිර නියෝජිතයා වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමයි. ඉන් අනතුරුව ඔහු සියළු කටයුතු කළේ බෙදුම්වාදී සුළුතර අන්තවාදීන්ට සහය දෙන ජාතික මතවාද කියා නාමයක් නැති එක්සත් ජාතික පක්ෂයේත් චන්ද්‍රිකා රාජිත වැන්නන්ගේත් උපදෙස් මතයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද තමන් වෙත ලබා ගත්තේ පක්ෂයට ඇති ලැදිකමක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කාතික පක්ෂයට හා රනිල් ප්‍රමුඛ විජාතික බල කඳවුරට අවශ්‍ය ලෙස නම්මා තබා ගැනීමටය. සිරිසේන මහතා උතුරේ අධි ආරක්ෂක කලාප එකින් එක ඉවත් කළේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවයි. ඉන් නොනැවතුනු ඔහු උතුරේ බෙදුම්වාදී දෙමළ සන්ධානයට ඔවුන්ගේ අන්තවාදය වැපිරීමට ඉඩ ලබා දුන්නේය. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මතක් කර දුන්නේ කළයුතු දේ සිරිසේනට කියා දෙමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තයේ සංචාරය කර එරට බල්ධාරීන්ගෙන්ද උපදෙස් ගෙන පැමිණියේය. සිරිසේන රනිල් ආණ්ඩුව ජාත්‍යන්තරයේද නොකඩවා පොරොන්දු දී තිබෙන්නේ උතුරු නැගෙනහිරට බලය බෙදා දෙන බව හා යුධ අපරාධ සොයා බැලීමට ජාත්‍යන්තර බලපෑම් මත දේශීය යාන්ත්‍රණය නම් උගුල අටවා රනවිරුවන්ටත් ඊට නායකත්වය දුන් අයටත් දඬුවම් කරන බවටයි.

          
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව හා සුරක්ෂිතව තිබූ ස්වදේශීයත්වය හා ජාතිකත්වය දුර්වල වී දැන් නැවත විජාතික බලවේග සියල්ල ශක්තිමත් වී ඇත. කොටින්ම කීවොත් දැන් මේ රට නැවතත් චන්ද්‍රිකා රනිල් යුගයේ මෙන් පාලනය කරන්නේ ඊලාම්වාදීන්, බටහිර රටවල තානාපතිවරු, බටහිර රටවල් හා ඉන්දියාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන එක්වයි. රට ගැන තීරන ගන්නේ ඔවුන්ය. දැන් ඔවුන් විසින් රටේ ජාතිකත්වයටම එරෙහිව ජාත්‍යන්තර නීති කතා කරති. ඊලාම්වාදී බෙදුම්වාදීන් නව පනක් ලබා ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ හැම අතින්ම පරාජය වී සිය ස්ව‍යංපාලන බලාපොරොත්තුව සුන් කරගත් ඊලාම් බෙදුම්වාදීන්ට දැන් රජ මගුල්ය. ජාත්‍යන්තර දෙමළ කොටි ඩයස්පෝරාව නැවතත් අපේ රටට එරෙහිව පල් බොරු ගොතමින් ජාත්‍යන්තරය තුල යකා නටමින් රටබේරාගත් නායකයන්ටද තර්ජනය කරති. එහෙන් දෙමුහුම් යුධ අධිකරණ පිහිටුවීමට කැසකවමින් එය වසන් කිරීමට කප්පරක් බොරු මාධ්‍ය හරහා උදේ හවා ප්‍රචාරය වෙමින් තිබේ. මේ ජාතික බලවේග වල තාවකාලික පසුබෑමක් වුවත් මෙසේ පසුබසින සුළු කාලයට විජාතික බලවේග විසින් අටවන මර උගුල් බොහෝය. දැන් විජාතික බලවේග වල හා ඊලාම්වාදීන්ගේ නැවත ශක්තිමත් වීම තුල මුලින් කී ලෙසට බෙදුම්වාදය අත්හල කොටින්ට සහය වූ පිරිස් හා කරුනා අම්මාන් වැනි ජාතිකත්වය පිළිගෙන මහින්දගේ නායකත්වය යටතේ බෙදුම්වාදයෙන් තොර ගමනක් යෑමට සිටියවුන්ද විජාතික යහපාලනයේ ආශිර්වාදයෙන් නැවතත් බෙදුම්වාදය දෙසටම තල්ලු වෙමින් ඇත. 

                             
ඒ විජාතික ගැති යහපාලන ආණ්ඩුව විසින් රටේ ජාතිකත්වය දියකර හරිමින් විජාතික බලවේග හා ඊලාම්වාදීන් ශක්තිමත් කිරීමේ ද්‍රෝහී නිවට ප්‍රතිපත්තිය හමුවේ නැවතත් කරුනා අම්මාන් වැනි බෙදුම්වාදය අත්හල පුද්ගලයන්ට පවා ඊලාම්වාදයේ ප්‍රලාප ගැන නැවත විශ්වාසයක් ඇති වීම නිසාය. ඔවුන්ට රටේ ජාතිකත්වය තුල තමනට ඇති යහපත් පැවැත්ම ගැන තිබූ විශ්වාසය නැතිකර තිබෙන්නේත් සිංහල ජාතියේම අවාසනාවට සිංහල මෝඩ ජනයාගේ ආශිර්වාදය ඇතිව බලයට පත් වූ යහපාලන පෙරේත කුම්භාණ්ඩ රැලය. එක් පසෙකින් දැවැන්ත ජාතික බලවේගයක් නැවතත් ගොඩනැගෙමින් ඇත්තේ දිනෙන් දින විජාතික යහපාලනය ජනතා අප්‍රසාධයේ අන්ත කෙලවර කරා වේගයෙන් ඇදෙන අතරතුරයි. ජාතික බලවේග වටා කොපමණ ජන බලවේගයක් ඒකරාශී වුවත් මෙවර බටහිර හා ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේග මෙරට දෙමළ ජාතිවාදීන් හා ඉස්ලාමික අන්තවාදීන්ද සමග ජාතික බලවේගයට එල්ල කරන පීඩනය කිසිසේත් සුළුපටු එකක් නොවනු ඇත. අභියෝගයේ තරම කුමක් වුවත් කුමන කැප කිරීමක් කර හෝ මේ පීඩනයෙන් ගැලවී ජාතිකත්වය නගා සිටුවා වසර දහස් ගනනක් තිස්සේ රැකගෙන ආ රට ඉදිරියටද සුරක්ෂිත කිරීමට රටට සැබෑ ලෙස ආදරය කරන සියළු දේශප්‍රේමී ජනතාව බලවත්ව අධිෂ්ඨාන කරගත යුතුය.


විශේෂ ලියුම්කරු

Friday, November 20, 2015

සැබෑ නායකයාට දීර්ඝායුශ පතමු

පසුගිය නොවැම්බර් 18 වනදා මහින්ද රාජපක්ෂ මහතාට සුවිශේෂී දිනයක් වූයේ එදින ඒ මහතා සිය 70 වන ජන්ම දිනය සැමරීම හේතුවෙන්. මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය මෙරට දේශපාලනයේ මහා පතාක යෝධයෙකි. ඒ අධිරාජ්‍යවාදීන් රට අත්හැරදමා ගොස් බොහෝ කලක් වෙද්දීත් යටත් විජිතවාදීන්ගේ වරප්‍රසාද ලත් දකූණු ඉන්දියානු දෙමළ වහල් සේවකායා තම ස්වාමිවරුන්ගේ හයිය ගතට ගෙන, රටේ ජාතිකත්වයටත් සරදම් කරමින් දිගු කලක් තිස්සේ ගොඩනැගූ දෙමළ ඊලාම් වර්ගවාදී බෙදුම්වාදය හා කොටි ත්‍රස්තවාදය මුලිනිපුටා දමා අධිරාජ්‍යවාදීන්ගේ වහල්ලුන්ගෙන්ද දෙවන වරට රට නිදහස් කරගත් යුගයේ ජාතික වීරයා ඔහු වන බැවින්ය. එතැන් පටන් අඩුපාඩුකම් ඇතිව වුවද අප රටක් ලෙස විජාතික බලවේග වලට හිස නොනමා ජාතිකත්වයේ ගමනක් යමින් සිටියෙමු. අවාසනාවකට මේ වසරේ ජනවාරි 8 නැවතත් විජාතික බලවේග රැවටිලිකාර ලෙස යම් තාවකාලික ජයක් ලැබුවේ විජාතික බලවේග එකතුවේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විජාතික බලවේග වල මෙරට නායකයා ලෙස පත් කරගැනීමට කටයුතු කිරීමෙනි. එහෙත් රටේත් ජාතිකත්වයේත් සැබෑ නායකයා අදටත් මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිකම්ම නොවේ. රටේ ජාතිකත්වය වටා එක් රොක් වී සිටින (ජනවාරි 8 විජාතික පරයාට රැවටී අනාථ වූ පසු දැන් සත්‍ය වටහා ගත්තවුන්ද සමග )අතිමහත් බහුතරයකට සැබෑ නායකත්වය දෙමිනි. යුගයේ සැබෑ වීරයා මෙන්ම රටේත් ජාතියේත් සැබෑ නායකයාද වන එතුමාට නැවත වරක් රට විජාතික බලවේගවලින් බේරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන අතරම එතුමාට දීර්ඝායුශ ලැබේවායි ද පතමු.

Thursday, November 12, 2015

කොහේ හරි වැරදුනා වගේ අපේ හාමුදුරුවනේ

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව දස දෙසින් ශෝක පණිවිඩ ගලා එන මොහොතක අකමැත්තෙන් උනත් හිතට එකඟව යම් කරුනු ටිකක් කීමට අප කැමැත්තෙමු. අප කියන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස බලා අපි සතුටු විය යුතු බව නොවේ. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියන් රටට ජාතියට කළකී දෑ සමග උන්වහන්සේ පසුකාලීනව ජාතික මතවාද වලින් ඈත් වූ ආකාරය ගැන විචාරාත්මකව අදහස් ටිකක් ගෙන හැර පෑමට අපට අවශ්‍ය වේ. මාදුළුවාවේ සෝභිත හිමි යනු මෙරට ඉතිහාසය තුල රට ජාතිය වෙනුවෙන් නිතර හඬක් නැගූ ශ්‍රේෂ්ඨ හිමි නමක් බව අමිතුවෙන් කිව යුතු නොවේ. උන් වහන්සේගේ අපවත් වීමෙන් කම්පාවන බොහෝ දෙනා එසේ කම්පා වන්නේ එම කාරනය ගැන දැනුවත්ව මෙන්ම උන්වහන්සේ එකළ රටට ජාතියට ආගමට කළ සේවාව ගැන පැහැදිලි තක්සේරුවක්ද ඇතිවයි. එහෙත් අපට තවත් පැනයක් මතු වේ. ඒ උන්වහන්සේ අතීතයේ කළ ජාතික ආගමික යුග මෙහෙවර සමග සංසන්දනය කරන විට උන් වහන්සේගේ වියෝව වෙනුවෙන් ශෝක වන පිරිස වර්තමානයේ අප කවුරුත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු වීමයි. ඊට අමතරව තවත් පැනයක් ඇත. එනම් සෝභිත හිමියන් රට ජාතිය පැත්තේ සිටිමින් අතීතයේ කළ කී දෑ අද උන්වහන්සේ වෙනුවෙන් ශෝක වන රටේ ජාතිකත්ව විරෝධීන් වන එක්සත් ජාතික පක්ෂ නායකයා චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්දන් වැන්නන්ට අමතක උනාද නැත්නම් සෝභිත හිමියන් අපවත් වන විට ජාතිකත්වය අත් හැර සිටියාද යන්නයි.
                           

මාදුළුවාවේ සෝභිත හිමියන් අතීතයේ ජාතිකත්වය පැත්තේ සිටිමින් රටට ජාතියට ඉමහත් සේවයක් කළ හැටි නොදන්නා කෙනෙක් ලංකාවේ සිටී යැයි හිතන්නට බැරි තරම්ය. එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ බලහත්කාරය මත ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට සෝභිත හිමියන් ඊට විරුද්ධ වීමට නොපසුබට විය. එපමණක් නොවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වන හානිය උන්වහන්සේ මනාව තේරුම්  ගෙන තිබුණි. ඊටද එරෙහි වූ සෝභිත හිමියන් පලාත් සභා වලටද විරුද්ධ විය. එවකට පලාත් සභා හරහා බෙදුම්වාදය ශක්තිමත් වී කොටි ත්‍රස්තවාදය හිස ඔසවා තිබුණු අවස්ථාවේ කොටින්ට එරෙහිව කෙරුනු හමුදා මෙහෙයුම් වලට උන් වහන්සේගේ නොමද ආශිර්වාදයද හිමි වූයේ සෝභිත හිමියන්ගේ දෑහිතකාමී බව මෙන්ම ජාතික වගකීම් ඉටුකිරීමේ උනන්දුවද රටට පිළිබිඹු වන ආකාරයටය. එවකට සෝභිත හිමියන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව තම්බයියලා බුදු දහම පාවාදීම නමින් පොත් ලියා බෞද්ධයන්ට යුද්ධය අකැප බව කියමින් උන් වහන්සේට අපහාස කළ ආකාරය අතීතය දන්නා කිසිවෙකුට අමතක කරන්නට බැරිය. සෝභිත හිමියන් චන්ද්‍රිකාගේ පැකේජයට එරෙහිව එදා ප්‍රභල හඬක් නැගීය.ඒ ෆෙඩරල් යෝජනාවලියට එරෙහිව රටේ ඒකීය භාවය රැකීම වෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපත් වෙමිනි. 
                      

සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිටස්තර බලවේග වලින් ඇති කෙරෙන අහිතකර බලපෑම් ගැනද සෝභිත හිමියන් දැක්වූයේ මනා සවේදී බවකි. සෝභිත හිමියෝ අමධ්‍යප ව්‍යාපාරය හරහා තරුණයන් මත් ද්‍රව්‍යෙන් ඈත් කිරීමට කැප වී ක්‍රියා කළහ. වරක් උන්වහන්සේ පස්යාල කජුගම ප්‍රදේශයේ ධර්ම දේශනයකට සහභාගී වෙමින් චීත්තය හැට්ටය අඳින කාන්තාවන් මහත් සේ අගය කළේ නාගරික මෝඩ තරුණියන් කොන්ඩය කපා කලිසම් වලට බැස පොෂ් වෙන්නට තනන යුගයක අපට රටක් හැටියට තිබියයුතු මතවාද මොනවාද යන්නත් සිහිගන්වමිනි. පාසල් දරුවන්ට ජාතික ආගමික වැදගත් උත්සව සැමරීමට කාලයක් නොතිබීම ගැනද සෝභිත හිමියන් කෙළින් කතා කිරීමට මැලි වූයේ නැත. වරක් උන්වහන්සේ අද ළමයින්ට වෙසක් කාලෙට වෙසක් කූඩුවක් හදන්න මවුපියන් එක්ක පන්සල් යන්න ආගමික කටයුත්තකට සහභාගී වීමට කාලය නැතිකර තිබෙන බව කෙලින් කියා තිබුණා මතකය. සෝභිත හිමියන් ජාතික වගකීම් ගෙන දෑහිතකාමීව කටයුතු කිරීම නොරිස්සූ ජේ ආර් ජයවර්ධන වැන්නන් උන්වහන්සේට අඩන්තෙට්ටම් කිරීමටද පියවර ගත්තෝය. චන්ද්‍රිකා කුමාරතුංගද සෝභිත හිමියන් කොටි ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත යුතුය යන ස්ථාවරයේ සිටියදී උන්වහන්සේට අභියෝග කළේ හැකිනම් කොල්ලන් 5000ක් සොයාගෙන සටනට එන්න කියාය. සෝභිත හිමි ඊට පිළිතුරු දුන්නේද අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුධ හමුදාපති කර ජාතික බලවේග වල මග පෙන්වීම යටතේ ක්‍රියා කළ හැකිනම් තමන්ට ඒ අභියෝගය භාරගත හැකි බව කියමිනි. 
                             

කරුනු කාරනා එසේනම් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජාතිවාත්සල්‍යෙයෙන් අනූන වූ ගමන නොපිට පෙරළුනේ කෙසේද? ඒ කවර අවාසනාවකටද? ඒ එක් අතකට 1993/1994 කාල සීමාවේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂය පාලනය අවසන් කරවීමට චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒම සඳහා උන් වහන්සේ ඇප කැප වන්නට පටන් ගැනීමත් සමගය. එක්සත් ජාතික පක්ෂය කොතරම් විජාතික බලවේග වලට හිතවත්ව කටයුතු කළද එකළ ඩී.බී.විජේතුංග මහතා ජාතිකත්වයට යම් මට්ටමකට ලැදිව රටට නායකත්වය දුන්නේය. එතුමා ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට ගෙන පක්ෂයේ මීලඟ නායකත්වයට හා ජනාධිපති ධූර අපේක්ෂකයා බවට පත් කරගැනීමය දුර දක්නා නුවනින් ක්‍රියා කරනු පෙනිනි. ඒ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විජාතික බලවේග සියල්ල එක්සත් විජේතුංග රජය අත්හරිමින් චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක් වෙමින් තිබුණි. වෙනත් දෙයක් තබා සිරිමාවෝ මැතිනිය ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට චන්ද්‍රිකා පත් කරගත්තේද විජාතික බලවේග මූලිකත්වය ගෙනයි. මේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම එතෙක් කල් තේරුම් ගෙන සිටි සෝභිත හිමියන් එක් වර විජාතික බලවෙග පිරිවරාගත් චන්ද්‍රිකාගෙන් ජාතිකත්වයට හිතැති නායකත්වයක් බලාපොරොත්තු උනාද? උන්වහන්සේ චන්ද්‍රිකා කුමාරතුංග ගැන විශ්වාසය තැබුවේද? අපටනම් හැඟී යන්නේ උන් වහන්සේ මුලාවකට ගිය බවයි. ඩී.බී.විජේතුංග ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උන්වහන්සේට අනුව නරකනම් එවකට මහජන එක්සත් පෙරමුණ වැනි විශ්වාසවන්ත දෑහිතකාමී කණ්ඩායම් සමග එක් වීමට අවස්ථාව තිබුණි. ආණ්ඩු පෙරලීමට නොහැකි උනත් ඔවුන්ට තුන්වන බලවේගය බවට පත් වී ආණ්ඩු පීටුවීමේ තීරක බලය ගැනීමට ඉඩ ලැබෙන ලෙස නැගී එන දෑහිතකාමී බලවේගයක් ගොඩනැගීමට හැකි බව සෝභිත හිමියන්ට නොවැටහුනිනම් එයද අවාසනාවකි.
                         
සෝභිත හිමියන් චන්ද්‍රිකාගේ පැකේජයට එරෙහි වුවත් එතැනදීද ජාතික බලවේග ගත යුතු මග කුමක්ද යන්න අවබෝධ කරගත් බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත මාරු වී තිබුණි. චන්ද්‍රිකාගේ ජනප්‍රියකම වේගයෙන් ගරා වැටෙමින් තිබියදී කපටි විජාතික බලවේග නැවත එක්සත් ජාතික පක්ෂය වටා එක් විය. සෝභිත හිමියන්ගේ හැසිරීම එතැනදීත් අවංක ජාතිකත්වය මත පදනම්වූ තුන්වන බලවේගයකට සහය වනවාට වඩා විජාතික ගැති රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට යම් සහයක් දැක්වූයේය. අවසානයේ මෙරට විජාතික බලය උපරිමයක් වූ චන්ද්‍රිකා රනිල් යුගලයේ බලය පැවති ආණ්ඩුවක් බිහි වී අඳුරු යුගයක් ඇරඹුණි. රනිල් වික්‍රමසිංහ කාටත් නොකියා හොර රහසේ කොටි සමග අවබෝධතා ගිවිසුම් ගසා ජාතිය අනතුරට හෙළමින් ඔහුට පුරුදු පරිදි බටහිර සතුටු කළේය. එහෙත් එකළනම් අතීතයේ ඉන්දු ලංකා ගිවිසුමටත් පලාත් සභා ආදියටත් විරුද්ධ වූ පරිදි අවභෝධතා ගිවිසුමේ ජාතිකත්ව විරෝධී බවට එරෙහිව සෝභිත හිමියෝ ප්‍රභල හඬක් නොනැගූහ. ඒ වන විට සෝභිත හිමියන් එක්තරා මට්ටමකට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය සමග හිතවත්කමක් ගොඩනගාගනිමින් සිටියේය. කෙසේ වෙතත් මේ රනිල් අගමැති වූ එක්සත් ජාතික පක්ෂයට වැඩිකල් ආණ්ඩු කරන්නට නොලැබුණේ එම එක්සත් ජාතික පක්ෂ රජය වසර දෙකක් වැනි කෙටි කලක් තුල ජනතාව අතර දැඩි පිළිකුලට ලක් වීමෙනි. ඉන් පසුව නැවත සන්ධාන රජයක් බිහිවිය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගෙන කොටි ත්‍රස්තවාදය පැරදවීමේ තීරනාත්මක සටන ඉදිරියට ඇදෙද්දී ඊට කැපී පෙනෙන සහයක් නොදැක්වූ සෝභිත හිමියන් සටනට අකුල් හෙලූ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා පිළිවෙලටද විරුද්ධ නොවීය.

                     
මුලදී ජාතිකත්වය පැත්තේ නිවැරදිව හිඳිමින් ජාතික වගකීම් ඉටු කරමින් පාලකයින් ජාතිකත්වයෙන් ඈත්ව ජාතියට කෙනහිලිකම් කරන විට ජාතික අවශ්‍යතා හඳුනාගෙන බුද්ධිමත් දෑහිතකාමී ජනයා සමග සිටියත්, සෝභිත හිමියන් පසුව ජාතික බලවේගයේ හා විජාතික බලවේගයේ ගැටුම ගැන අවබෝධයෙන් කටයුතු කරනු වෙනුවට මෙරට දේශපාලකයින් පොදුවේ කරන ජාතික හා විජාතික ගැටුමට එතරම් අදාලත්වයක් නැති වැරදි ක්‍රියා වලට එරෙහිව කලින් කළ ජනප්‍රිය සටන් පාඨ කරා ආකර්ශනය වී සිටිනු දක්නට හැකි විය. උන්වහන්සේගේ සාධාරන සමාජය සඳහා වූ පෙරමුණද ක්‍රියා කළේ මේ සටන් පාඨ අනුව මිස රටේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමට සාපේක්ෂව ජාතිකත්වය පැත්ත ශක්තිමත් කිරීමට නොවේ. මේ සියලු සිද්ධි අස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය තුලද ලංකාවේ දේශපාලනයට පොදුවේ හුරු ජාතික ධනය අයතා ලෙස පරිහරනය ආදීය සමග දූෂිත බව ලියලන්නට විය. ඊට එරෙහිවද යම් මට්ටමකට රටේ ජනයා අතර රජය කෙරෙහි අප්‍රසාදය වර්ධනය වී තිබෙනු දුටු විජාතික බලවේග මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජාතිකත්වයට හිතවත් රජය පෙරලා දැමීමට ඒ තුලින් ගත හැකි උපරිම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරමින් තිබුණි. විජාතික බලවේග ඔවුන්ට හිතවත් එමෙන්ම දූෂිත හා මැර දේශපාලනය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයටත් රනිල්ටත් සුදු සලුපිලි අන්දවා ජනතාව ඉදිරියට එවන්නට කටයුතු කළේය. දූෂණයට එරෙහි ආකර්ශනීය සටන් පාඨ සෝභිත හිමියන්ද ග්‍රහනය කරගෙන සිටියේය.

                              
ජාතික අරමුණු වලින් හා ජාතික බලවේග වල අපේක්ෂා වලින් ඈත්වී ආතක් පාතක් නැතිව සාධාරන සමාජයක් කරා යන්නට ගොස් සෝභිත හිමියන් විජාතික බලවේග වල ජාතිකත්ව විරෝධී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ තවත් එක් නියමුවෙක් පමණක් බවට පත් ව විජාතිකත්වය තුලම හිර විය. උන් වහන්සේ තමන් කළකී දෑ සියල්ල අමතක වන තරමට මුලාවේ ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂ හොර උපාසකයින්ය. විටෙක බෞද්ධ ජනයා මුලා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස චන්දයට ඉදිරිපත් කරවීම කෙරෙහිද විජාතික බලවේග වල අවධානය යොමු වී තිබුණි. සෝභිත හිමියෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ අඩුපාඩු වැරදි පෙන්වා දුන්නේනම් එහි කිසිදු වරදක් නැත. එහෙත් මහින්දගේ නායකත්වය පෙරලීමෙන් රටේ ජාතිකත්වයද අනතුරට පත්වන බව සෝභිත හිමියන්ට නොවැටහිනි. කොටින් කීවොත් උන්වහන්සේ වටා සිටිමින් උන්වහන්සේව අතකොලුවක් ලෙස පාවිච්චි කරන්නේ කවුද යන්නවත් සෝභිත හිමියන් වටහා ගත්තේ නැත. විටෙක උන් වහන්සේ කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වය වෙනුවෙන් ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩයනා ගමගේ කියන කුප්‍රකට චරිතයට දේශපාලනිකව පිම්බෙන්න උපකාර කළේ තමන් මහින්දට එරෙහිව කරන කියන දේ වල ප්‍රතිඵලය කුමක් විය හැකිද කියා වත් විචාරයක් නොමැතිවයි. අවසානයේ විජාතික බලවේග වල මහින්ද සමග ජාතිකත්වය පරාජය කරවීමේ තුරුම්පුව බවට පත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ප්‍රෝඩාවට සෝභිත හිමි ඇදී ගියේය. සිරිසේන රනිල් ආණ්ඩුව බිහිකර තම අපේක්ෂා ඉටුකර ගත නොහැකි වූ බව කියමින් සෝභිත හිමියන් කනස්සළු වන විට විජාතික බලවේග මෙරට ජාතිකත්වයට එරෙහි සියළු උගුල්ද අටවා හමාරය. සෝභිත හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් උන්වහන්සේ අතීතයේ රටට ජාතියට කළ සේවය සිහිකර පිරිසක් ශෝක වෙද්දී විජාතික බලවේග වල ප්‍රභල ක්‍රියාකාරීන් හා ඊනියා යහපාලන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හා මෛත්‍රී කල්ලියත් උන්වහන්සේ වෙනුවෙන් ශෝක වන්නේ සෝභිත හිමියන් විජාතික අරමුණු ඉටු කර ගැනීමට දැක්වූ සහය කොපමණ ඔවුන්ට කොපමණ වටින්නේද යන්නත් පෙන්වා දෙමිනි. සෝභිත හිමියන් වෙනුවෙන් කනගාටු වන අතරම උන්වහන්සේ වැඩ වරද්දා ගත් ආකාරය ගැනද කෙලින් කීමට අපි පසුබට නොවෙමු.


විශේෂ ලියුම්කරු