Sunday, October 25, 2015

රටට ඇත්ත එළි කර අවස්ථාවාදීන්ගේ බලාපොරොත්තු සුන්කළ ඔබටයි මේ ප්‍රනාමය


මෑත කාලයේ බුකියේ තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහරදෙන සිද්ධියක් ගැන ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. මේ වීඩියෝ පටය මොන හේතුවකට කවුරුන් විසින් බුකියේ දැම්මාද කියා තරමක සැකයක් තිබෙනවා. අන්තිමට තරුණයන් දෙදෙනාගෙන් පහර කෑ තරුණිය පවසන පැවසූ පරිදි සිද්ධිය වී තිබුණේ මීට වසරකට පමණ පෙරය. එහිදී මේ පිරිස දිය නෑමට ගොස් සිටින අතරතුර කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් අර තරුණයන් දෙදෙනා මෙකී තරුණියට පහර දුන් බවක දැනගන්නට ලැබුණි. මේ සිද්ධිය වීඩියෝ කළේ කවුද? එයද මේ පිරිස අතරම සිටි කෙනෙකු කරන්නට ඇත. එය බුකියට ආවේ කෙසේද? තරුණිය මාධ්‍ය වලට ප්‍රකාෂ කර තිබූ ආකාරයට වීඩියෝව අඩංගු වූ ජංගම දුරකථනය යම් අළුත්වැඩියා කටයුත්තකට දී තිබූ යම් කිසි දුරකථන අළුත්වැඩියා කරන ආයතනයක කිසිවෙකු විසින් මේ වීඩියෝව බුකියට දමා ඇතැයි සැක පහල විය.
                   විස්තර කරුනු කාරනා මොකක් උනත් වීඩියෝව බුකියට දැමූ පුද්ගලයන් කුමන චේතනාවකින් එසේ කළාද කියා ටික දුරකට හොයා බැලීම වැදගත් වෙයි. මුල්ම කාරනාව වන්නේ බුකියේ සැරිසරන වැඩි දෙනා කුමක් හෝ ආන්දෝලනාත්මක දෙයක් තම ප්‍රොෆයිල් එකට එකතු කර ජනප්‍රිය වීමට දැඩි කැමැත්තක් දැක්වීමයි. එනයින් බලන කළ කෙනෙකුට තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට මෙවැනි ආන්දෝලනාත්මක වීඩියෝවකින් ලැබෙන්නේ අති විශාල සහයෝගයකි. ඒ අනුව මෙය කෙනෙකු තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට පාවිච්චි කර තිබෙන බව බොහෝ දුරට පැහැදිලි වේ. මේ සිද්ධිය සිදුවී තිබෙන්නේත් දැනට වසරකට පමණ කලකට ඉහත බැවින් මේ අවස්ථාවේ මෙය බුකිය වටා සැරිසැරුවේ  ඇයිද යන්නත් සිද්ධිය සිදු වූ කාලයේදීම මෙය බුකියට එක් නොවීම යන කාරනාත් සොයා බැලීමේදී එම වීඩියෝව බුකියට දමා ඇත්තේ සිද්ධියට සම්බන්ධ තරුණයන් හා තරුණියගේ පාර්ශවය නොව වෙනත් පාර්ශවයක් බව විශ්වාස කළ හැක. සිද්ධියට අදාල තරුණිය පසුව කළ ප්‍රකාෂ වලින්ද ඒ බව තහවරු වේ.
                              

      කෙසේ වෙතත් මේ වීඩියෝව දමාගෙන තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කරගන්නට ක්‍රියා කළ පුද්ගලයාගේ උත්සහය යම් තරමකට සාර්ථක වී ඇතත් ඉන් පසුවට එහි ප්‍රතිඵල ලෙස ඇති වූ සිද්ධි ගැනත් අපට කතා කරන්නට දේ තිබේ. පහර කෑමට ලක් වූ තරුණිය පසුව මාධ්‍ය වලට ඇත්ත හෙලි කළාය. ඇය කීවේ සිදු වූ දෙය කාන්තා හින්සනයක් හැටියට ඇය නොදකින බවත්, ඒ සිද්ධිය දැන් සමතයකට පත්වී ඇති බව හා ඇය තමාට පහරදුන් ඒ තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බව හා ලඟදී විවාහ වීමට සිටින බවයි. නමුත් වසරකට පමණ කලින් සිදු වූ මේ සිද්ධිය සම්බන්ධ වීඩියෝව බුකියේ දමා ප්‍රසිද්ධ වීමට ගත් උත්සහයේදී සිද්ධිය සමතයකට පත්ව ඇතත් ඊට සම්බන්ධ පාර්ශව වලට යම් හානියක් මේ වනවිට සිදු වී ඇත්තේ එයද කොටදෙනියාවේ සිද්ධියේදී මෙන්ම ජනමාධ්‍ය ත්‍රස්තවාදීන් විසින් පිස්සු බල්ලන් මෙන් කිසිම වගවිබාගයකින් තොරව ඇත්ත නොවිමසා අදාල පාර්ශව වල පෞද්ගලිකත්වයටද තර්ජනයක් වන ලෙස ප්‍රචාරය කිරීම නිසයි. ඒ හරහාද කොටදෙනියාවේ සිද්ධියේදී මෙන්ම ජනමාධ්‍ය ජනප්‍රිය වීමට යම් උත්සහයක් දරා ඇත. ජනමාධ්‍ය මේ පුවත රසකර කිවුවා පමණක් නොව ඒ ගැන ඉදිරියේදී පුවත් මවන්නටද ඇඟිලි ගනිමින් හිඳ ඇත.
                     මේ සිද්ධියේ ඇත්ත තත්වය රටට හෙලි කිරීම නිසා දැන් පාර්ශව කීපයක් යන එන මං නැතිව අනාත වී ඇති බවනම් පැහැදිලිය. ඉන් එක් පාර්ශවයක් වන්නේ සිද්ධිය ඇසුරෙන් පුවත් මවා ජනප්‍රිය වීමට උත්සහකළ ජනමාධ්‍ය ත්‍රස්තයන්ය. සිද්ධියට මුහුණදුන් තරුණිය ඇත්ත කියා වසරකට පෙර වූ සිදුවීමේ හරි වැරදි මෙන්ම තමා එය භාරගන්න ආකරයද රටට කීවාය. එයින් ජනමාධ්‍ය වලට කට උත්තර නැති විය. තවත් පාර්ශවයක් වන්නේ බුකියේ වීරයන්ය. ඔවුන්ටද මේ සිද්ධිය අල්ලාගෙන තරුණිය ගැන බොරු අනුකම්පාවක් දක්වා වීරයන් වීමට තිබූ අවස්ථාව අහිමි විය. අප අවධානයට ලක්වියයුතු වැදගත්ම කාරනය වන්නේ ජනමාධ්‍ය පිස්සු බල්ලන්ගේ ක්‍රියාකලාපයත් ප්‍රයෝජනයට ගෙන ඊනියා කාන්තා විමුක්තිය කරලියට ගෙන ඒමට සිටි වුර්ක රැලකටද සිය බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදු වීමයි. මෙය සැබවින් වාසනාවකි. සිද්ධියට මුහුණ පෑ තරුණිය තමන්ට වූ සිද්ධිය කාන්තා හින්සනයක් නොවන බවත් දැන් සිද්දිය සමතයකට පත්ව ඇති අතර පහර දුන් තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් ලබන වසරේ විවාහ වන බවත් පැවසීමෙන් කාන්තා හින්සනය නම් ගෙන්වා බෙදාහරින වචන සෙට් එක තවදුරටත් මේ සිද්ධියට භාවිතා කිරීමට බැරුව කාන්තාවිමුක්තිවාදීන් අනාථ වූහ. දැන් මේ ව්‍යාධිජනක කාන්තා විමුක්තිවාදීන්ට තලුගසමින් හපන්න තිබූ කුනු මස්කටුව ඉවතට විසි වී ඇත. ඔවුන් අනාථභාවයට පත්කර ඔවුන්ට රට තුල නැති ප්‍රශ්නයක් මවා බටහිර කාන්තා විමුක්තිවාදයෙන් සමාජය ලෙඩ කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථාවක් නැතිකරදැමූ මේ තරුණියට අප කාගේත් ප්‍රනාමය හිමි විය යුතුමය.

8 comments:

  1. ජඩ මාධ්‍යයි බුකියේ වීරයො වෙන්න යන සෙට් එකයිනම් නියමෙට අනාථ උනා.අනුන්ගෙ කුනු හොයල ජනප්‍රිය වෙන්න යන එවුන්ට හොඳ පාඩම.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම් මේකෙන් අනවශ්‍ය ප්‍රයෝජනයක් ගන්න බලන් හිටියේ කාන්තා විමුක්තිවාදී වුර්ක රැල. උනුත් අනාථයි.

      Delete
  2. බුකියෙ පිනුම් ගහන වැඩි පිරිසක් තනිකර අමනයෝ

    ReplyDelete
    Replies
    1. උන්ට ඕනේ මොන කුණු ගොඩක් හරි මාකට් කරල වීරයො වෙන්නයි ජනප්‍රිය වෙන්නයි.

      Delete
  3. මේ අක්කට බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. මේක මෙහෙම නොවුනනම් බුකිය හරහ බොරුව රජ කරවල මොන වින්නැහියක් කරන්න අවස්ථාවාදියෝ හිතාන හිටියද දන්නේ නෑ.

      Delete
  4. කාන්තා විමුක්තිවාදය සහ සමලිංගිකත්වය බටහිරින් ආ දෙයකි. අපේ සිංහල උරුමය වන්නේ සත්වකාමය සහ ව්‍යභිචාරයයි.සිංහයා සහ සුප්පා දේවිය අතර පැවති සත්වකාමයත්, සිංහබාහු සහ සිංහසීවලී අතර පැවති ව්‍යභිචාරයත් නොවන්නට අද සිංහල ජාතියක් නොමැත. අවුරුදු 2500 ක් තිස්සේ මෙන්ම අදත් අපේ ආරම්භය ලෙස පිළිගන්නා සත්වකාමය සහ ව්‍යභිචාරය නීතිගත කරනු. නුවර යුගයේ පැවති වියැකී ගිය සිහල උරුමයක් වූ බහු පුරුෂ විවාහයද නීතිගතකරනු.
    නියම සිහල උරුමයන් වූ මේවා අප රටට නැවත ගෙන එන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. කාන්තා විමුක්තියයි සමලිංගිකත්වයට පිළිගැනීමක් දෙන එකයි මතවාදීව එලිබහින්නේ මුලින්ම බටහිරින්. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයා ලෝකේ හැම කලාපයකම කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වයට සරු පසුබිමක් හොයනවා. එතනදී මේ යුදෙවු බලවේග ඉලක්ක කරන්නේ හැම සංස්කෘතික පසුබිමකම තියෙන සමාජ දුර්වලතාවයන්. සිංහයයි සුප්පා දේවියගෙයි කතාවත් සිංහබාහු සිංහ සීවලී කතාවත් අල්ලගෙන සිංහල ජාතියම ඒකට ගැටගහන්න බෑ. සිංහල ජාතිය බිහිවෙන්නේ මෙරට අතීතයේ විසූ යක්ෂ නාග දේව ආදී ගෝත්‍ර වලත් විජය පරම්පරාවේ ආර්යන්ගේත් සම්මිශ්‍රණයක් ලෙසයි. සිංහල යනු මේ සිංහල දේශයටම ආවේනික ජාතියයි. එක්සත් විජාතික පක්ෂයේ ජරාව ගිලල අපේ ඉතිහාසයට අපහාස කරන්න එපා. මොකද ඇනෝ උඹත් උඹල අනුකරනය කරන බටහිර රටවල එවුන්ට ජාතක වෙච්ච එවුන් නෙවෙයිනේ.

      Delete