Sunday, October 18, 2015

කුහක පිරිමියෙකුගේ බටහිර කාන්තා විමුක්ති වදන් පුනරුච්චාරනය

මේ ලිපිය පල කරන්නේ අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග් කරු විසින් පවත්වාගෙන යන "W3 Lanka  " බ්ලොග් අඩවියේ පල වූ ලිපියකට පිලිතුරු වශයෙනි. එම ලිපියෙන් බ්ලොග් කරු වෙනත් බ්ලොග්කරුවෙකු සමග චැට් කළ ආකාරයක් ගැන ලියවී තිබුණි. චැට් එක පුරාවට ආර්ථික සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය ගැන සාකච්ඡා කර තිබුණේ මැලේසියාව උදාහරනයට ගනිමිනි. ලිපිය පුරා බ්ලොග් කරු විසින් උලුප්පා තිබුණේ මැලේසියාවේ කාන්තාවන්ට පිරිමින් කරන සියලු රැකියා කිරීමට නිදහස හා ඉඩ ප්‍රස්ථාව තිබීම තුල එරට ආර්ථිකය සරු වී ඇති බව හා ලංකාවේ එවැනි තත්වයක් නැති වීම ගැන ඔහුගේ මැසිවිල්ලයි. බ්ලොග් එකේ අයිතිකරු වූ පැරකුම් ජයසිංහ ලිපිය පුරාවට දක්වා තිබෙන කරුනු වල තිබුණ්ණේ අත්තනෝමතික මතවාදී ආක්‍රමණිකයෙකුගේ හිතුවක්කාර අදහස් තොගයක් මිස කිසිදු සංසන්දනයක් හෝ විචාරවත් බවක් නොවේ. එබැවින්ම එම ලිපියේ දක්වා තිබූ හිතුවක්කාර අදහස් වලට පිලිතුරක් සැපයීම වැදගත් යැයි අපට හැඟී ගියා.
                                

කෙටියෙන් යමක් මුලින් සඳහන් කරන්නේනම් අපේ මාතෘකාවට අදාල ලිපියේ අපට පැහැදිලිව දැකගන්නට ලැබුණේ තමන්ගේම ලිංගිකත්වයටවත් හරි හැටි ගරු නොකරන කුහක පිරිමින්ගේ කාන්තා විමුක්ති වදන් හා සටන්පාඨ පුනරුච්චාරනයකි. ලිපිය ගැන විවේචන ඉදිරිපත් කිරීමේදී මුලින්ම කියන්නට ඇත්තේ ලිපියේ දුර්වලකම් ගැනයි. මෙය අදාල පුද්ගලයන් දෙදෙනාගේ පෞද්ගලික සංවාදයක් බැවින් එහි අන්තර්ගත වී ඇත්තේ ඔවුන්ගේ මානසිකත්වයට සාපේක්ෂ අදහස් වේ. එහිදී ඔවුන්ගේ චැට් එකට පදනම් වූ මතවාදී පසුබිම හා ඒ තුල අන්තර්ගත ලිංගිකත්වයට අදාල වූ සමාජීය කුහකත්වයන් හෙලිදරවු කිරීම වැදගත් වේ. අදාල ලිපියෙන් බ්ලොග් අඩවියේ අයිතිකරු පෙන්වන්නට සෑම උත්සහයක්ම ගෙන ඇත්තේ සාමාන්‍ය වශයෙන් සෑම සංවිධානාත්මක ජන සමාජයකම පිරිමින් විසින් කරන සියළු කාර්යභාරයන් කිරීම සඳහා බෙදීමකින් තොරව කාන්තාවන්ද යොදා ගැනීමෙන් රටක ආර්ථිකය දියුණු වන බව හා ඊට වඩා දෙයක් ලෝකයේ නොමැති බවයි. නමුත් ආර්ථිකය යනු මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යවශ්‍ය හා වැදගත්ම වන එකම සාධකය නොවන බව බුද්ධියක් ඇති කාට උනත් වටහා ගැනීම අපහසු නොවේ. පිරිමින් කරන සියල්ල විචාරයකින් හෝ සංවේදී බවකින් තොරව කරමින් පිරිමි ලිංගිකත්වය පවා කාන්තාවන් විසින් පිස්සුවෙන් අනුකරනය කරන්නට යෑම ඔවුන්ගේ වීරකමක් මෙන්ම කාන්තාවන්ගේ ප්‍රගතියක් ලෙස දැකීමේ මුග්ධ කුහක මනෝ ගතියද ලිපිය පුරාවට කතුවරයා ප්‍රදර්ශනය කර ඇත. එසේ කිරීමේ පදනම කුමක්ද යන්නත් අප ඔහුගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයකි. ඒ මත පිහිටා ඔහු දිගින් දිගටම තම සගයා සමග චැට් කර ඇත්තේ ආර්ථික දියුණුව ඇතුළු සියළු දේ ගැන ඔවුන්ගේ අදහස් ඒ වටාම ගොනු කර ගනිමිනි. 
                                

ලිපියෙන් පැරකුම් ජයසිංහ පෙන්වා දෙන්නේ ගැහැනු පිරිමි බේදයකින් තොරව කාන්තාවන්ද පිරිමින් කරන සියළු කාර්යභාරයන් සඳහා යෙදවීම යහපත් හා ප්‍රගතිශීලී බවයි. ඔහු නොකියා කියන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස මිනිස් සමාජයේ තිබෙන බෙදීම් වර්ගකිරීම් හා ඒ සියල්ලට පදනම් වන මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයේ අනුවර්තනයන් වැරදි හා ප්‍රගතිශීලී නොවන බවයි. මෙහිදී ඔහු ඒ සඳහා හේතු ඉදිරිපත් කර නැත. ඔහු කියන එකම කාරනය එය ආර්ථික දියුණුවට බාධාවක් යන්න පමණි. මිනිස් සමාජයකට ආර්ථික දියුණුවක් අවශ්‍ය වන්නේ ඇයි? මිනිස් ශිෂ්ඨාචාරයේ යහපත් පැවැත්මට ආර්ථික දියුණුව පමණක් ඇද්ද? ආර්ථික දියුණුව වෙනුවෙන් සමාජයක ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන සියල්ල නැති කළ යුතුද? එසේ කරන්නේනම් ඒ කවර සාධක පදනම් කරගෙනද? මේ කිසිවක් විස්තරාත්මකව පැහැදිලි නොකරන පැරකුම් සහෝදරයා කියන්නේ සමාජයේ ගැහැනු පිරිමි බෙදීම අනවශ්‍ය බවත් එය ආර්ථික සංවර්ධනයට බාධාවක් යන්නත් පමණි. මිනිස් ලිංගිකත්වයට ප්‍රවේණි හා කායික විද්‍යාත්මක සාධක වලට අමතරව මනෝවිද්‍යාත්මක සාධකයක්ද ඇති බව ලිපියේ කතෘ පැරකුම් ජයසිංහට වැටහීමක් නැතිවාට වඩා නොවැටහෙන ලෙස සිටීමට උවමනාවක් ඇති බවනම් පෙනේ. මිනිස් ජන සමාජයක් තුල ගැහැනු පිරිමි ලෙස මනුස්ස ක්‍රියාකාරකම් වර්ගීකරනයක් දක්නට ඇත්තේ මේ මනෝවිද්‍යාත්මක ලිංග විභේදනය නිරූපනය වන ආකාරයට බව උවමනාවෙන් අමතක කරන්නට මාක්ස්වාදී (එහෙත් රටේ ජාතික මතවාද වලට එරෙහිව විජාතික ධනවාදී කණ්ඩායමේ පැත්ත උනත් ගන්නා )පැරකුම් සහෝදරයා උත්සහ කරන්නේ ලිංගිකත්වය වටා ගොනු වූ මිනිස් කුහකත්වය මැනවින් පෙන්වා දෙන ආකාරයකටයි. ගැහැනු පිරිමි භේදයක් නැතැයි කියාගන්නා සමාජ වල ලිංගිකත්වයට සම්බන්ධ මනෝ ව්‍යාකූලත්වයන් ගහන බව ගැන පැරකුම් නොකියයි. ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් තොර සමාජ වල ගැහැනු පිරිමි වර්ග කිරීම් හා ඒ තුල ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විභේදනය  පැහැදිලිය. ඒතුල රටක සමාජයක ආර්ථික දියුණුවක් දක්නට නැතැයි පැරකුම් ජයසිංහ කියන්නේ කුමන පදනමකින්ද? මෙය පිරිමින් කරන සියල්ල කිරීමට ඇති හැකියාව කාන්තාවන්ගේ ප්‍රගතිය ලෙස සලකන ඒ සමත්කම දක්වන කාන්තාවන් වීරත්වයට නගන කුහකකමේ මුලාවක් මිස අන් කිසිවක් නොවේ.
                     

සියල්ල ආර්ථිකයට ගොනු කිරීම මාක්ස්වාදය අනුගමනය කරන්නන්ගේ සාමාන්‍ය සිරිතක් බව අප හොඳින් දැක ඇත.අපේ මාතෘකාවට අදාල ලිපිය ලියා ඇති පැරකුම් ජයසිංහත් එය හොඳින්ම පෙන්නුම කර තිබේ. ආර්ථික දියුණුව යනු මනුස්සයන්ගේ පැවැත්මට වැදගත් වන එකම දෙය නොවේ ආර්ථිකය කලමනාකරනය වියයුත්තේ කවර ජන සමාජයක වුව යහපත් ඉදිරි පැවැත්මට බලපාන අනෙකුත් සියළු වැදගත් සාධකයන්ද සමගයි. මිනිස් ලිංගිකත්වය සැලකිල්ලට ගත් කල ලිංගිකත්වයන්හි මනෝවිද්‍යාත්මක අනුවර්තනද ඇතුළුව සියළු ආකාරයේ සමබරතාවයන් මනුස්ස සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන මූලිකම ගුණාංග වේ. ඊට අමතරව පාරිසරික සාධක ඇතුළු සොබාදහමේ සමතුලිතතා, සෞඛ්‍ය තත්වය ආදිය වැදගත් වේ. ආර්ථික දියුණුව සලකා මේ සාධක බිඳ වැටෙන ඕනෑම දෙයක් කිරීමට කටයුතු කළ නොහැක. ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් පිරි සමාජ පසුබිමක ඇති ගැටළු ගැන මෙවැනි ආර්ථික විශේෂඥ්ඥයන් කතා කරන්නේත් නැත. එහෙත් ඔවුන් ලිංගිකත්වය සම්බන්ධයෙන් දක්වන අත්තනෝමතික අදහස් හමුවේ ඒ ගැන අප කතා කළ යුතුය. මේ බුද්ධිමතුන්ගේ ආර්ථිකය පිළිබඳ විඥ්ඥානයට අනුව සමාජයේ ගැහැනු පිරිමි බෙදීම් අහෝසි විය යුතුය. එසේ සිදු වී පිරිමින් කරන සියලු කාර්ය භාරයන් ක්‍රියාකාරකම් රැකියා ආදියට කාන්තාවන්ද ඇතුල් කළයුතුය. එවිට කාන්තාවන්ගෙන් උපරිම වැඩ ගත හැක. ඔවුන්ට අනුව එය ආර්ථිකයට වාසියකි. මේ අය එසේ කියන්නේ බොහෝ විට කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව ඉතා අඩු වැටුපට වැඩ කිරීමට ඉදිරිපත් වීම සලකාය. මේ තුලින් පිරිමි ලිංගිකත්වය පවා කෙලින්ම අනුකරනය කරන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට ඔවුන්ගේ මානසික ව්‍යාකූලත්වය සාධාරණීකරනය කරමින් ක්‍රියා කිරීමටත් ස්ත්‍රී පුරුෂ ලිංගික අනුවර්තන හා ලිංගික ගැලපීම් ආදියට එරෙහිව මතවාදීව සටන් කිරීමටද ඉඩකඩ සැලසේ. පැරකුම්ලා කියන ආකාරයට මැලේසියාවේ තියා කොයි රටේවත් බර වාහන පදවන යකඩ ගොඩවල් සමග හැප්පෙන පිරිමි ඇඳුමක් හෝ ඇඟේ දමාගෙන පිරිමින් කරන ඕනෑම දෙයක් කරන්නට යන කාන්තාවන්ගෙන් අතිමහත් බහුතරය (බොහෝ විට 100% ක් ම )ළමයි හැදීම කෙසේ වෙතත් පිරිමියෙක් සමග පවුල් ජීවිතයක් ගෙන යෑම හෝ නොකරති. ඔවුන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැසිරීම් ව්‍යාකූලය. ඒ ගැන පැරකුම්ලා නොකියා පරෙස්සම් වන්නේ අහම්බයකින්ද නොවේ. එවැනි කාන්තාවන් පවුල් කෑවද දරුවන් හැදුවද ඔවුන්ගේ පරම්පරාවල් සමබර පුද්ගලයන්ගෙන් සමන්විත නොවේ. විශේෂයෙන් මවුපියන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික විශේෂන අනුවර්තන වැඩිපුර දක්වන සමාජ වල හැදෙන පරපුර ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සැලකීමේදී වඩා සමබර හා ලිංගිකත්වයේ අනුවර්තනයන්ටද වඩා සංවේදී වේ.  
                    
කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩකඩ තිබෙන්නේ යැයි කියාගන්නා සමාජ වල පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතා වල ස්වභාවයන් ගැනද ඊනියා වාමාංශික ආර්ථික විශේෂඥ්ඥයන් කට ඇර යමක් කියන්නේනම් හොඳය. මේ සමාජ වල දක්නට ඇත්තේ ලිංගික නැඹුරුතා වල බහුරූපිකත්වයකි. විෂමලිංගික, සමලිංගික, දෙබිඩි ලිංගික හැසිරීම් හා තම ලිංගිකත්වයට මනෝවිද්‍යාත්මකව ප්‍රතිවිරුද්ධ හැසිරීම් මේ සමාජ වල ගහනය. නමුත් නූතනවාදීන් කියන ආකාරයට සම්ප්‍රදායික මතවාද අනුවම යමින් මේ නූතන සමාජවල පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ට රැකවරනය ලබාදීමද සිදු වේ. එපමණක් නොව ගැහැනු පිරිමි බෙදීම් හා විෂමලිංගිකත්වය පමණක් සැලකෙන නිර්නායන් අවස්ථාවාදීව හා කුහකත්වය අනුව යොදාගනිමින් ව්‍යාකූල සමාජ වල එම ව්‍යාකූලත්වය හොඳින් දැනගෙනත් අනෙකුත් විකුර්ති ලිංගික චර්යාවන් හා එවැනි චර්යා ඇත්තන්ගේ ලිංගික දුරාචාරයන් ළමා අපචාර ආදිය වසන් කිරීමටද කුහක බුද්ධිමතුන් නායකයන් ඇතුළු ප්‍රභූ පැලැන්ති එවැනි සමාජ වලදී කටයුතු කරන බව නොරහසකි. එවැනි ලිංගික ව්‍යාකූලත්වයන් කාම විකුර්තිතාවයන් නොදැක්කා සේ ඉඳිමින් කාන්තාවන්ගෙන් වැඩ ගෙන ආර්ථිකය දියුණු කළ හැකිය කියන මිත්‍යාව පසුපස යන කුහක අමන ආර්ථික විශේෂඥ්ඥයන් හීන දකිති. මොවුන්ගේ කුහක න්‍යාය වන්නේ කාන්තාවන්ගෙන් වැඩ ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීමට සමාජයේ ලිංගික ව්‍යාකූලත්වයන් හා ඒ ආශ්‍රිත සමාජ ගැටළු වසන් කිරීමයි. හැකිනම් සාමාන්‍ය ආර්ථික තත්වයක් ඇති සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ලිංගිකත්වය සම්බන්ධ කුහක මතය බලෙන් පටවා එය සාධාරණීකරනය කරගනිමින් එයින් ඇතිවන ලිංගික පීඩාවද සාමාන්‍ය ජනතාවටම පැටවීමට කුහකයන්ට තීක්ෂණ මනසක් ඇත. වැඩ බැරි කම්මැලි පිරිමින්ගේ කාලකන්නි කමත් ඔවුන්ට මසුරන් වටී. කුහක පිරිමින්ගේ සාමාන්‍ය ගතියක් වන්නේ තම ලිංගය ප්‍රානවත් කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම සඳහා ලස්සන රූප සුන්දරියන් අවශ්‍ය වෙද්දී ලිංගික කර්තව්‍ය අහවර වූ පසු පිරිමින් කරන සියල්ල කිරීමට සමත් යකඩ ගෑනුන්ගේ හපන්කම් ගැන කතා කර තමන් විසින් තමන් රවටා ගැනීමයි. ඔවුන් සමාජයට බොරු කරත් ස්වකීය ලිංගයට බොරු නොකිරීමට වගබලාගන්නේ ඔවුන් වීරවරියන් ලෙස සලකන පිරිමි කරන දේ කරන්නට සමත් යකඩ ගෑනුන් තම සහකාරියන් ලෙස තෝරා නොගනිමින් රූමත් මෙන්ම කායිකවත් මානසිකවත් ස්ත්‍රී හැඩගැස්මක් ඇති කාන්තාවන් විවාහ කරගනිමිනි. ඔවුන්ගේ මනෝ ලෝක වල වීරවරියන්ගේ විකුර්ති ශරීර දකින විට ඔවුන්ගේම ලිංගයන් ඇකිලෙමින් පසුබාන ආකාරයත් ඔවුන්ම අපහාසයට ලක්කරන ස්ත්‍රීත්වය අනුව හැඩගසුනු කාන්තාවන්ගේ ලිංගික ප්‍රසන්න භාවය ඉදිරියේ ඔවුන්ටම හොරා ඔවුන්ගේ ලිංගයන් ප්‍රානවත් වන ආකාරයත් මේ කුහකයන් මනාව දනිති.

                                       
මැලේසියාවම සැලකිල්ලට ගත් කල මා මෙලෙස විස්තර කළ කරුනු බොහොමයක් ඒ රටේ අභ්‍යන්තර සමාජය කුහකත්වයෙන් තොරව විශ්ලේෂනය කරන්නෙකුට සොයා ගත හැකිවනු ඇත. මිනිස් ලිංගිකත්වයත් සොබාදහමේ නැඹුරුතාවයන් හා ඉදිරි විකාශනයන් ගැන හරියට නොදැන උඩින් පල්ලෙන් කරුනු කියා ගෑනුන්ගෙන් වැඩ අරගෙන හෝ ආර්ථිකය ගොඩ දාන මුග්ධ කතා කියන්නට මත්තෙන් අදාල විෂය සම්බන්ධයෙන් කතා කිරීමට තිබෙන පරාසය ගැන හෝ නිසි අවබෝධයක් කුහක ආර්ථික විශේෂඥ්ඥයන්ට තිබිය යුතුය. මැලේසියාවේ කාන්තාවන්ගෙන් උපරිම වැඩ ගන්නා බවත් ඔවුන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ තිබෙන බවත් කියමින් පුරාජේරු ගසන්නන් ඒ රටේ පිරිමින් කරන වැඩ ගැනද යමක් කිව යුතුය. පිරිමින් කරන සියල්ල කරන පිරිමින් මෙන් හැසිරෙන කාන්තාවන් කී දෙනෙක් ආප්ප සෙල්ලම කරන්නේද කියන එක වෙනම සමාජ විශ්ලේශනයක් කර හොයා ගතයුතුය. කාන්තාවන් කරන සියල්ල කිරීමට හැකි ස්ත්‍රී ලිංගිකත්වයත් අනුකරනය කරන පිරිමින් මැලේසියාවේ නැද්ද? එවැන්නන්ගේ ලිංගික හැසිරීම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. කාන්තාවන්ටත් වඩා හොඳට ලෝකේ පැරනිම රැකියාව කරන පිරිමි ගණිකාවන් ගැන කියන්නේ කුමක්ද? මැලේසියාවේ එවැන්නන් නැතැයි කිව හැකිද? මැලේසියාවේ මහන්සියෙන් වැඩක් කිරීමට අකමැති කම්මැලි මල මූසල කාලකන්නි පිරිමින් කොපමණ සිටින්නේද කියා හොයා බැලීමත් අපේ මාතෘකාවට මුල් වූ ලිපියේ කතු තුමා වන පැරකුම් ජයසිංහ සොයා බලන්නේනම් හොඳය. මක් නිසාද යත් පිරිමින්ගේ කම්මැලිකම හා වැඩ කිරීමට දක්වන අකමැත්තද ඔවුන්ට කාන්තාවන් ලවා සියලු වැඩ ගැනීමට ඇති කැමැත්තට හා උවමනාවට හේතු වන නිසා. මේ කරුනු කතා කිරීමට සමාජවාදී ආර්ථික විශේෂඥ්ඥයන්ට අමතක වන්නේනම් ඒ අහම්බයක්ද නොවේ. ඒ තුල ඇත්තේ ඔවුන්ගේ කුහකකම මිස අන් කවර දෙයක්වත් නොවෙයි. මේ ලිපිය කියවන කෙනෙකුට අප දූපත් මානසිකත්වයක් සිටින්නේ යැයිද අප ලෝකයට විවුර්ත වී නැති බවද කිව හැක. එහෙත් එයටද අපට පිළිතුරක් තිබේ. අපි ලෝකයට විවුර්ත වන්නේත් ලෝකය දකින්නේත් අපේ රටට ආවේනික චින්තනයට හා මතවාද වලට සාපේක්ෂව මිස අනුන්ගෙන් ඉල්ලාගත් මතවාද වලට හෝ වහල් චින්තනයකට සාපේක්ෂව නොවේ. අපට ලෝකයට විවුර්ත වන ආකාරය හෝ අපේ ඊනියා දූපත් මානසිකත්වය ගැන අනුන්ගේ මතවාද හිඟාකාගෙන ඒවායේම වහලුන් වන කිසිවෙකුගෙන් ඉගෙනගන්නටද අවශ්‍ය නැත. අපි අපට දූපතක් තිබෙන බව දනිමු. එමෙන්ම අප ජීවත් වන රටේ වටිනාකම් හා අපේ සමාජයේ දුර්වලකම්ද අප නොදන්නවා නොවේ.

                     
පැරකුම්ගේ ලිපියේ කරුනු සලකා ඊට ප්‍රති විරුද්ධ අර්ථයෙන් ආර්ථික හා සමාජීය විශ්ලේශනයක් කිරීමද ඉතා වැදගත් වේ. මුලින්ම මිනිස් ලිංගිකත්වයේ නියම ස්වරූපයත් සොබාදහමට අනුව එහි ඉදිරි විකාශනයත් ගැන කෙටියෙන් කියා සිටිය යුතුය. මිනිසුන් යනු ඒක ලිංගික ජීවී කොට්ඨාශයකි. ඒක ලිංගිකතාවය මුළු ජෛව ලෝකයේම ලිංගිකත්වය විකාශනය වී ඇති අයුරු සැලකිල්ලට ගත් කළ වඩා ඉදිරියෙන් තිබේ. ලිංගිකත්වය යන්න ඉදිරියට විකාශනය වන්නේ වෙන් වෙන්ව විශේෂණයන්ට භාජනය වෙමින් හා දෙභින්න වෙමින් මිස එකකට එකක් සමාන වන ආකාරයකට නොවේ. මිනිස් ලිංගිකත්වය ගත් කළ එහි විශේෂණයන් හා දෙභින්න වීම වඩා සංකීර්ණය. මේ විශේෂණ හා දෙභින්න බව ප්‍රවේනි හා කායිකවිද්‍යාත්මකව පමණක් නොව මනෝවිද්‍යාත්මකවද කැපී පෙනේ. මිනිස් ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ වශයෙන් විශේෂණයන්ට ලක්ව තිබෙන්නේත් මනෝවිද්‍යාත්මක ලිංග විභේදනය අනුවයි. එය එසේ වී ඇත්තේ සොබාදහමේද ආශිර්වාදය මැද මිනිස් ශිෂ්ඨාචාරයේම නිසි පැවැත්මට අත්‍යවශ්‍ය හා වැදගත්ම වන ආකාරයටයි. මෙලෙස අප මිනිස් ජන සමාජයක් තුල ප්‍රමුඛ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් වල ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරන දැකිය හැකි වුවත් එම හැසිරීම් මත පදනම්ව සමාජීය ගොඩනැගීම් ස්ථාපිත කිරීම ප්‍රායෝගික නොවේ. මිනිස් ඉතිහාසය පුරාම සොබාදහමට අනුව මිනිස් ලිංගිකත්වයට අදාල සාධක විශේෂණයන්ටත් අනුවර්තනයන්ටත් ලක්වෙමින් ඉදිරියට විකාශනය වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිංගික අවශ්‍යතා පවා ස්වභාවිකව එකිනෙකට සමරූපීව එකිනෙක ගැලපෙන ආකාරයටයි. මිනිස් ලිංගිකත්වයේ ස්වභාවයටත් මුළු සොබාදහමටත් අනුව මනුස්සයන් සැලකීමේදී පුරුෂ ලිංගික ලක්ෂණ හා ශරීර ලක්ෂණද ස්වභාවයෙන් පිහිටන්නේ පරිසරය සමග කාර්යක්ෂම ලෙස ගැටෙමින් අන්තර් සබඳතා පැවැත්වීමට උචිත ලෙසය. ස්ත්‍රී ලිංගික ලක්ෂණත් ශරීර ලක්ෂණත් ස්වභාවයෙන් පිහිටන්නේ ප්‍රජනනයේදී කලලයක් වර්ධනය කිරීමට හා ළදරුවෙකු මුල් අවධියේ පෝෂණය කිරීමට උචිත ලෙසයි. මේ අනුව සමාජයක පිරිමි ජනගහනය පරිසරය සමග ගැටෙමින් ස්වභාවික සම්පත් මිනිස් ජනගහහනයේ අවශ්‍යතා සපුරාලන ලෙස විවිධාකරයට පරිවර්තනය කිරීමටත්, ස්ත්‍රී ජනගහනය ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ගෘහස්ථ කටයුතු ආදියටත් මූලිකව හැඩගැසී ඇත්තේ එම ස්වභාවයන් මැනවින් කලමනාකරනය වන ආකාරයටයි.

                   
මෙලෙස විස්තර කළ හොඳින් ඇසට පෙනෙන්නට තිබෙන සොබාදහමටද එකඟ සාධාරන සමාජ තත්වයන් තුල පිරිමින් විසින් පරිසරය සමග ගැටීම සම්පත් පරිහරනයේදී තාක්ෂණය යෙදීම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම  ආදී සියල්ල කිරීමේත් කාන්තාවන් ගෘහ කටයුතු හා ඒ ආශ්‍රිත කුඩා ගෘහ කර්මාන්ත ආදිය කිරීමේත් සමාජ හැඩගැසීමේ වරද කුමක්ද? ඒ තුලින් රටක ආර්ථිකයට අලාභයක් සිදුවේද? එසේ සිදු වේනම් ඒ කෙසේද? ඇත්තෙන්ම මිනිස් සංහතියේම පැවැත්මට වැදගත් මූලික ගුණාංග සියල්ල රැකෙන සාර්ථක ජන සමාජයක වඩා සාර්ථකම ආර්ථික කලමනාකරනය මේ තුල දක්නට ලැබේ. අපේ රට ගැන සොයා බැලුවද මෙලෙස ලිංගිකත්වය අනුව හැඩගැසී දෙභින්න වූ ස්ත්‍රී පුරුෂ ක්‍රියාකාරකම් පද්ධතීන් දෙකක් එකිනෙක සමරූපී ලෙස සමාජයේ පැවැත්මට අවශ්‍ය ගුණාංගයන් පවත්වාගනිමින් හා සවිබල ගන්වමින් ඉදිරියට ඇදීම අදටත් කැපී පෙනේ. මෙහි වටිනාකම දැකීම පැරකුම්ලාට අනුව ළිං මැඩි මානසිකත්වය හෝ දූපත් මානසිකත්වය ලෙස හැඳින්විය හැකි වන්නට පුළුවන. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ කඩ නැති ලිංගිකත්වය අනුව මනාව හැඩගැසුනු හා සංවිධානාත්මක සමාජ පරිසරයක ආර්ථික දියුණුව නැතැයි කියමින් ඊනියා ඵලදායිතාවයක් ගැන හුඹස් තර්ක ගෙන එන්නන් ඵලදායීතාවය වැඩිකරන්නට ගොස් සිදුවන පාරිසරික සමාජීය ගැටළු විසඳන්නටනම් ඊනියා ජාත්‍යන්තර මොළ වලට බැරිය. කළ හැක්කේ ප්‍රශ්න තව තවත් උග්‍ර අතට හැරවීම පමණි. පැරකුම්ලා වැනි බටහිර මොන්ගල් කාන්තා විමුක්තිවාදයට රෙදි නැතුව කඩේ යන මහ මොළකරුවන්ගෙන අහන්නට තවත් ප්‍රශ්නයක් තිබේ. ඒ පරිසරය සමග අන්තර් ක්‍රියාකාරකම් පැවැත්වීමේදී, කර්මාන්ත වල වැඩ කතයුතු වලදී යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවීමේදී හා වාහන පැදවීම ආදියේදී පිරිමින්ට ඒ සියල්ල කාන්තාවන්ට වඩා හොඳින් කරන්නට පුළුවන්කම තිබියදීත් එම කටයුතු වලට කාන්තාවන් යොදවාගැනීමට ඇති තදියම කුමක්ද යන්නයි. කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමට නොයා තමන්ගේ ලිංගික ස්වභාවයටත් කායික හා මනෝවිද්‍යාත්මක ස්වභාවයටත් ගැලපෙන ලෙස කාන්තාවන්ට ආවේනික ලෙස සිතා ඔවුන්ටම සුවිශේෂ ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගා ගැනීම, ලිංගිකත්වය අනුව සමාජයේ සමබරතාවයන් රැකගැනීම හා ස්ත්‍රී ලිංගිකත්වයම පදනමට ගනිමින් ස්ත්‍රීත්වය ප්‍රභල ලෙස නියෝජනය කිරීමේ හැකියාව මත කාන්තාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කළ නොහැකිද? එයත් පැරකුම්ලා වැන්නන්ගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයකි.

                              
අවසන් වශයෙන් මේ සියළු සිද්ධි ලිංගිකත්වයේ සමාජ කුහකත්වයන්, කුහක පිරිමින්ගේ ක්‍රියා කලාපය හා මිනිස්  ලිංගිකත්වයේ ඇත්ත ස්වභාවය ගැන සංසන්දනාත්මකව දෙයක් කිව යුතුය. මිනිස් ඉතිහාසය පුරාවටද මුළු මහත් ජෛව ලෝකයේ ඉතිහාසයට අනුවද ලිංගිකත්වයේ ඉදිරි විකාශනය සලකන විට ද පිරිමින් වඩා කරියාකාරී ලෙස පරිසරය සමග අන්තර් සබඳතා පවත්වන ලෙසත් කාන්තාවන් මාතෲත්වය කේන්ද්‍ර කර ගනිමින් ගෘහ කටයුතු වලටත් විශේෂයෙන් හැඩගැසී දෙභින්න වී ඇත්තේ යම් ලෝක ස්වභාවයකට අනුව මිස එයින් කාන්තාවන්ට සිදුවනවා යැයි කියන ඊනියා අසාධාරනය හා දක්ෂතා යටපත් වීම පිරිමියාගේ උවමනාවට කිරීමට නොවේ. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට සම්පූර්ණ ඉඩකඩ මිනිස් ඉතිහාසය පුරාවට ඈත අතීත යුග වල සිට තිබී ඇත. එහෙත් පිරිමින් කරන සියල්ල කිරීමට කාන්තාවන්ට හැකිවීම යන්න සොබාදහමෙන්  දියුණු මිනිස් ලක්ෂණයක් ලෙස හෝ සමාජ ප්‍රගතියක් ලෙස තේරීමක් කර නැත. ඊට පිළිගැනීමක් දී වැඳුම් පිදුම් කිරීමට අනුබල දෙන්නේ මිනිස් කුහකත්වයන් පෙරට එන විටයි. විශේෂයෙන් මේ කුහක ගතිය පිරිමින් අතර තිබෙන්නකි. වඩා පුළුල් හිතීමේ හැකියාවක් බුද්ධිමත් කිසිවෙක් ලිංගිකත්වය අනුව මිනිසුන් ගැහැනුන් විශිෂ්ඨ අනුවර්තනයන් දරා ඇති ආකාරය වැරදියි කියා හෝ කාන්තාවන්ට පිරිමින් කරන සියළු දේ කිරීමට ඇති අයිතිය ගැන කියමින් පිරිමි ආරයේ කාන්තාවන්ට වැඳුම් පිදුම් කිරීම හා ඒමත දක්ෂතා ඇගයීම නොකරති. මේ සියල්ල කරන්නේ අන්ත කුහක පටු මානසිකත්වයෙන් යුතු සොබාදහමේ ආචරනයන් වත් ගරු නොකරන අත්තනෝමතික මුග්ධයන් පිරිසකි. මෙවැන්නන්ට අඩුම තරමින් තම මවුවරුන්ගේ ස්ත්‍රී අනුවර්තන වල වටිනාකමවත් තේරුම් ගන්න මොළයක් නැත. ඒ මොළය තිබුණත් කුහකකමෙන් අන්ධ වී ඇති බැවිනි. මේ පිරිස කිසි විටක පිරිමි කරන කොයි එකත් කරන්න යන ඔවුන්ගේ කුහක න්‍යායට අනුව දක්ෂ කාන්තාවන් කිසිවිට තම පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් කර ගැනීමටනම් හීනෙන් වත් නොසිතති. (මොවුන්ට නිදි යහනේ දාතු පිටවන තෙක් ආශ්වාදය ලැබෙන්නේ ඔවුන්ට අනුව අදක්ෂ මෝඩ බියගුළු ඔවුන් විසින්ම පහත් කොට සලකන ස්ත්‍රීත්වයේ සියළු අංගයන්ගෙන් සමන්විත මටසිලුටු ලස්සන ගෑනු හීනෙන් දකින විට පමණි ). 

                                           
කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරමින් කුහක පිරිමින්ට අනුව සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මිනිස් ඉතිහාසය පුරාවට අවස්ථාව හා කාලය ඔනෑ තරම් තිබී ඇති බැවින් කාන්තාවන් එලෙස දක්ෂ වී සමත්කම් පෑවේනම් අද ඒ වෙනුවෙන් සටන් කරන්න දෙයක් නොතිබෙන්නට තිබුණි. ඒ එකළම කාන්තාවන්ට සටන ජය ගෙන අද ඔවුන් වෙනුවෙන් මර හඬ දෙන කුහක පිරිමිත් ඇතුළුව සියළු පිරිමින්ව තම පාලනයටද නතු කර ගනිමිනි. එහෙත් එවැන්නක්ට මිනිස් ඉතිහාසය පුරා සොබාදහමෙන්ද ඉඩ නොලැබුණේ ඇයි? කුහක පිරිමින් හා කාන්තා විමුක්තිවාදිනියන් කියන ආකාරයට ලෝක ස්වභාවය අනුව මනුස්ස සංහතියේම ස්ත්‍රී පුරුෂ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තන වැරදිනම් ඒ අනුවසමාජයේ ඇති බෙදීම් හැඩගැසීම් වැරදිනම් ඔවුන් වැරදියි කියන සියල්ල ඉතිහාසය පුරා වැඩිදියුණු වී ඉදිරියට ආවේත් අනාගතයට වැඩි දියුණු වන්නේත් ඇයි? එහිම අනෙක් පැත්ත සැලකූ විට කුහක පිරිමින්ට හා කාන්තා විමුක්තිවාදිනියන්ට අනුව ඔවුන් හරි යැයි කියන ස්ත්‍රී පුරූෂ අනුවර්තනයන් හැඩගැසීම වලින් තොර ලිංගිකව ව්‍යාකූල සමාජය වැඩි දියුණු වීමට වඩා ස්ත්‍රී පුරුෂ හැඇඩගැසීම් අනුවර්තන ප්‍රභල ලෙස සැලකෙන විෂමලිංගික පීතෲමූලික සමාජයන් ඉදිරියේ පිරිහීමටත් පසුබෑමටත් ලක් වන්නේ ඇයි? මේ ප්‍රශ්න ඉදිරියේ කුහකයන් තම මනෝ ලෝකයට ගොස් කාන්තා විමුක්තිවාදී ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් පිරි විපරීත සමාජය ප්‍රගතිශීලී හා දියුණු එකක් යැයි කියන්නට උත්සහ කරනු ඇත්තේ ගූ ගොඩකට අයිසින් දමා  ලස්සන කේක් ගෙඩියක් නිර්මාණය කරන ආකාරයටය. කුහකයන් හරි යැයි කියන දේවල් සිද්ධ වීමට මිනිස් ඉතිහාසය පුරාවට කල් තිබිලත් ඊට ලිංගිකත්වයේද ස්වභාවයට අනුව සොබාදහමෙන්ම ඉඩක් නොලැබීම හා ඔවුන් වැරදි යැයි කියන දේ සොබාදහමේද ආශිර්වදය ඇතිව නිරායාසයෙන් ඉදිරියට යෑම යන සත්‍යට මුහුණ දීමට කුහකයන්ට අමාරුය. ඔවුන්ගේ බංකොලොත් තර්කයට අනුව පුරුෂයා විසින් කාන්තාවගේ දක්ෂතා යටපත් කර ඇය වහලියක් කරගෙන ඇත. 
මැලේසියාවේද සමාජය ගත් කළ පැරකුම්ලා කියන තරමට කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමට උනන්දුවක් නොදක්වති. එවැනි කාන්තාවන් ඇතත් ඇත්තේ ස්වල්පයක් පමනි. ලිංගිකත්වයට අනුව විශේෂ හැඩගැසීමට ලක්ව තිබූ පැරණි මැලේසියානු සමාජය සමග සංසන්දනය කළත් වර්තමාන ව්‍යාකූල සමාජය ඊට ඉහලින් තැබීමට කිසිසේත් බැරිය. ආර්ථික සංවර්ධනේ කෙසේ වෙතත් ලිංගික ව්‍යාකූලත්වයෙන් හා අනවශ්‍ය සමාජ ගැටළු වලින් තොර සමාජයක් මැලේසියාවේ තිබී ඇත. බොරු සෝබන සංවර්ධනයක් අවශ්‍ය උනේ දුවන්නන් වාලේ දිවූ මැලේසියානු දේශපාලන බලධාරීන්ටය.
                          
තවත් කියන්නට බොහෝ දේ තිබුණත් ඒ සියල්ලම මෙහි විස්තර කිරීම අපහසුය. එක අතකට කුහකයන් නිරුවත් කිරීමට වැඩිදුර විස්තර අවශ්‍ය නොවේ. මේ බොහොමයක් කුහක ගෑනුන් මිනිසුන් පළමුව මතක් කර ගත යුත්තේ ඔවුන්ගේම ජාතකයයි. ලිංගිකත්වය ගැන කවුරුන් මොන බයිලාවක් ගැසුවද එය ඕනෑම මිනිස් ජන සමාජයක් තුල මැනවින් කලමනාකරනයට හා පොදු මිනිස් ස්වභාවයන් මත හැඩගැසීමකට ලක් වියයුතු වැදගත්ම දෙයකි. ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් මත විශේෂනයන් අනුවර්තන අතර මනා සමබරතාවයක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් තිබීම අතිශය වැදගත් දෙයකි. මිනිස් ශිෂ්ඨාචාරයේම යහපත් පැවැත්මට ස්ත්‍රී පුරුෂ ලිංගික අවශ්‍යතාවල ගැලපීම්ද අත්‍යවශ්‍ය සාධකයකි. එය එසේ නොවේ යැයි කිව හැක්කේ තමන් විසින් තමන්ටම බොරු කරගන්නා කුහකයන්ට පමණකි. මෙවැනි කුහක පිරිමින්ටනම් තමන්ගේ ශිෂ්ණයට බොරු කරගන්නට නොහැක්කේ එය ප්‍රානවත් කරගෙන ආශ්වාදය ලැබීමට ඔවුන්ට අනුව ස්ත්‍රී ලිංගික විශේෂනයන් සහිත පිරිමින් කරන සියල්ල කිරීමට නොයන්නා වූ අදක්ෂ එහෙත් පෙනුම තිබෙන කාන්තාවන් උවමනා වන සොබාදහමේ සරදම නිසාය. මේ කුහකයන්ට පිට කොන්ද නැත්තේ තමන් ලිංගික ආශ්වාදය ලබා සුරත්තාන්තයට පත්ව දාතු පිට වූ පසු ඊට සහය වූ සහකාරියගේ ස්ත්‍රී ලිංගික විශේෂනයන් හා මානසික හැඩගැසීම් හරියට පිළිගෙන ඒවා තම ලිංගික කාර්ය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය බව සිහිතබා ගැනීමටය. ( ලිංගික අවශ්‍යතා වැදගත් දේවල් නොවේ යැයි කුහකයෙකු කියන්නේනම් ඔවුන්ගේ ලිංගික ජීවිත වල ස්වභාවයද හෙලි කළ යුතුය ).මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය වශයෙන් ලිංගික ආශ්වාදය ලැබූ පසු නැවතත් එය අවශ්‍ය වනතෙක් තම සහකාරිය ස්ත්‍රීත්වය පැත්තක තබා පෞරුෂත්වය ශරීරාරූඪ කරගෙන පිරිමියෙකු මෙන් දක්ෂ විය යුතු යැයි සිතති. ඇතැම් විට ඔවුන්ට අවශ්‍ය මුළු දවසම කම්මැලි කමට කුමක් හෝ ලේසි වැඩක් කර (ඇතැම් විට එයද නොකර )පැත්තකට වී සිටින්නට ඉඩ ලැබෙන පරිදි කාන්තාව සියළු අපහසු දේ කරමින් ඔවුන්ද පොෂණය කරන්නට හැකි පරිදි දක්ෂ වීමයි.

                              
සමාන්‍යයෙන් අප දකින මෙවැනි කුහක ශිෂ්නධාරීන්ගේ තවත් කැපී පෙනෙන ගති ලක්ෂණයක් වන්නේ කාන්තාවන්ට විමුක්තිය උදා කරදීම සඳහා ඕනෑම සංස්කෘතික පරිසරයක් තුල ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ගොඩනැගී ඇති කාන්තාවන්ට සුවිශේෂ ක්‍රියාකාරකම් සියල්ල කාන්තාවන්ට හිරිහැරයක් ලෙස ඒත්තු ගන්වන්නට උත්සහ කිරීමයි. ඔවුන්ට අනුව කාන්තාවන්ට ඉවුම් පිහුම් ආදී ගෘහ කටයුතු මෙන්ම දරුවන් බලාගැනීම ආදියද හිරිහැරයක් වේ. ඒ සියල්ල පිරිමින් විසින් කාන්තාවන්ට බලෙන් පටවා ඇත. ඔවුන්ට අනුව කාන්තාවට නිදහස දීමට කාන්තාවන් ගෘහ කටයුතු වලින් මුදාගෙන පිරිමින්ට ආවේනික ඒ තරම් පහසු නොවන කාර්ය භාරයන් කිරීමට ඔවුන් යෙදවිය යුතුය. හැකිනම් පිරිමින් විසින් ගෘහ කටයුතු භාරගත යුතුය. බැරිනම් පිරිමින් කාන්තාවන් සමග ගෘහ කටයුතු බෙදාගැනීම හෝ කළයුතුය. ඇතැම් වැඩ බැරි කම්මැලි අපතයන් නම් රෙදි නැන්දම්මලාගේ රාජකාරි බාරගෙන හෝ මහන්සි වී වැඩක් කිරීමට සිදුවන තැන වගකීමෙන් ගැලවීමට කැමතිය. ඔවුන්ද කාන්තාවන්ගේ හපන්කම් ගැන කියවීමට දක්ෂයෝය. ස්ත්‍රී පුරුෂ භාවයේ සොබාදහමට එකඟ වන්නා වූ දෙභින්න ස්වරූපයට පටහැනි ආකාරයෙන් ලිංගික බහුරූපිකත්වයන් හා බහු ආකාර මිනිස් අවශ්‍යතා මත බලෙන් ඇති කිරීමට යෑම කවුරු කෙසේ කීවත් මිනිස් සංහතියේ පැවැත්මට හිතකර ලෙස බලපාන්නේ නැත. ඒතුල දක්නට ඇත්තේ නිරවුල් බවකට වඩා දැඩි ව්‍යාකූල අවුල්සහගත බවකි. ස්ත්‍රී පුරුෂ භාවයේ කායික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක හැඩගැසීම් යනු පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතා වල ස්වරූපය පෙන්වන කැඩපතක් බඳුය. මේවා වැරදිනම් එසේ නොවීම සිදු විය යුතුව තිබුණි. කුහක බක පණ්ඩිතයන් ලිංගික අවශ්‍යතා සම්බන්ධ කරුනු වසන් කරමින් සොබාදහමට එකඟ ලිංගික ස්වරූපය හා ගැලපීම් පිටතට පෙන්වන ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගික විශේෂණ ආශ්‍රිත හැඩගැසීම් වැරදි යැයි කියති. එහෙත් ඇතැම් පිරිස් සමලිංගිකත්වයට ලිහිල් බවක් ලබාදී ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට සමාජයේ නිරායාසයෙන් ඉදිරියට යන ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා ලිංගික ගැලපීම් නැති කර දැමිය යුතු බව කෙලින්ම කියති. එය කෙලින් කීවද ඒ තුලද කුහකකම තිබේ. ඒ එලෙස සිතන හා කියන කිසිවෙක් සමලිංගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව ජාතක වී නැති බැවින්ය.

                                
මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය අනුව එහි හැඩගැසීම් හා එසේ විශේෂනයන් නැති අනෙකුත් බහු ආකාරයන් සැලකිල්ලට ගත් කළ, දිගු කාලීන පැවැත්ම හා සාර්ථකත්වය අතින් ඉහල සමාජයන් ගොඩනැගීමේදී, පරිසරය සමග අන්තර් සබඳතා පැවැත්වීම සම්පත් පරිහරනයට ශ්‍රම දායකත්වය දීම මහා පරිමාණ යන්ත්‍රසූත්‍ර ක්‍රියා කරවීම ආදීයේදී පිරිමින් විසින් ඊට වැඩි දායකත්වය දෙමින් කාන්තාවන් ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් අනුව අනුවර්තනය වූ ගෘහකටයුතු ගෘහ කර්මාන්ත ආදියට දායක වන විෂම ලිංගික පීතෘමූලික ආකෘතිය වඩා සාර්ථක බව මිනිස් ඉතිහාසය පුරාවට ඔප්පු වී ඇත. ඉදිරියටත් මේ ආකෘතිය වැඩි දියුණු වේ. කුහකයන් දකින්නට අකමැති වුවත් සත්‍ය එයයි. එය මැලේසියාවටත් ඒ ආකරයට වලංගු වේ. පැරකුම්ගේ සිරා චැට් එකේ කියන ලෙසටම මැලේසියාව කාන්තාවගෙන් උපරිම වැඩ ගන්නේ අඩු වැටුපට කාන්තා ශ්‍රමය ලබා ගැනීම සංවර්ධන ඉලක්ක පසුපස පිස්සු බල්ලන් මෙන් දිව යෑමේදී ආසියාතික රටවල හිතන්නට බැරි බංකොලොත් දේශපාලකයින්ට එය මසුරන් වටින දෙයක් නිසාය. මැලේසියාවේ ඔය කියන විදිහට පිරිමින් කරන සියළු කටයුතු කිරීමට යන පැරකුම්ලාගේ අර්ථයෙන් දක්ෂ කාන්තාවන් සුළුතර චීන කාන්තාවන් අතරින් පිරිසකි. ඔවුන් බහුතරයක් පිරිමි ලිංගිකත්වය පවා අසංවේදී ලෙස අනුකරනය කරන අය වෙති. මැලේසියාවේ බහුතරයක් මුස්ලිම් කාන්තාවන් මේ ගොඩේ නැත. මැලේසියාවේ පාලනය හිමි ප්‍රභූ පැලැන්තිය හා බලධාරීන් මුස්ලිම් සම්භවයක් ඇත්තවුන් වෙති. ඔවුන් ඔවුන්ගේ ජන වර්ගයේ කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරමින් පිරිමින් හා පිරිමි ලිංගිකත්වය අනුකරනයට ඉඩ නොදෙති. බලධාරීන් හා ප්‍රභූවරුන් අනුන්ට කාන්තා විමුක්ති බයිලා ගසති. ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් පිරිමින් කරන සියල්ල කිරිමට වෙර දරන මනෝවිද්‍යාත්මකව ස්ත්‍රී හැඩගැස්මක් නැති කාන්තාවන් සුළු පිරිසක් පවුල් කෑවත් දරුවන් හැදුවත් එවන් කාන්තාවන් මවුවරුන් වන පවුල් පරිසරයක හැදෙන දරුවන්ද ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තන වලට අසංවේදීව හැදෙති. එයද සමාජයක ලිංගික ව්‍යාකූලත්වයට පසුබිම් වේ. මැලේසියාවට මේවා ගැටළු නොවේ යැයි කිව හැක්කේ දැඩි කුහක මානසිකත්වයක් ඇත්තවුන්ට පමණකි. මැලේසියානු සමාජයේ කුනු ගඳ ගසන සියල්ල වසන් කරගෙන එක එකා එක්ක චැට් කර කාන්තා විමුක්ති කේප්ප කවුරුත් පිළිගතයුතු දෙයක් බව කොතෙක් ඇඟවුවද ලිංගික කාරනා හා සමාජය ගැන විවුර්තව දකින්නට හැකි කිසිවෙක් මේ තුච්ච මතවාද වලට යට කළ නොහැක.

                 
ලිංගික හැසිරීම් රටා අනුව පිරිමින් අතර දක්නට ඇති විවිධාකාරයන් ගැනද යමක් කිව යුතුය. මේ අතර සමලිංගිකයන්, දෙබිඩි ලිංගික ආශාවන් ඇති අය, ස්ත්‍රී හැසිරීම් ඇති ස්ත්‍රී අනුකාරකයින්, පර පීඩා කාමුකයින්, කාන්තාවන්ගේ වධ හින්සනයට ලකව එයින් ආශ්වාදය ලබන (BDSM)පුද්ගලයන් ප්‍රධාන වේ. මොවුන් එකිනෙකා තම ලිංගික ආශාවේ විදිහට එක් එක් දේ කිරීමට කැමතිය. සමහරුන්ට අනුව සමලිංගික පිරිමින් පිරිමි ළමුන් විකුර්ති කාම අපචාර වල යොදා ගැනීම සාධාරනය, තවත් සමහරුන්ට අනුව කාන්තාවන් සිටින්නේ පිරිමියාගේ දරුවන් වැදීමට හෝ ලිංගික අවශ්‍යතා සැපිරීමට නොවේ, තව සමහරුන්ට අනුව කාන්තාවන්ට පිරිමි ලිංගිකත්වය අනුකරනය කිරීම ඇතුළු පිරිමින් කරන ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දිය යුතුය, තව පිරිසකට අනුව කාන්තාවන් සේරටම සටන් ක්‍රම ඉගැන්විය යුතුය. මේ කිසිවෙකුටත් බැරි එකම දේ කාන්තාවන් හැටියට ස්ත්‍රීත්වය කේන්ද්‍ර කරගනිමින් ජීවිත හැඩගසාගන්නා අයත් සමග සාර්ථක සමාජයක් හැදීම හා ස්ත්‍රීත්වය අනුව හැඩගැසුනු කාන්තා සමාජයට නිසි රැකවරනය ලබා දීමයි. මොවුන්ට පැවැත්මක් තිබෙන්නේ විෂමලිංගික පීතෘමූලික සමාජයේම කුහක පිරිමින් කොටසකගේ කුහක ක්‍රියාකාරකම් එකතුවකට පින් සිදුවන්නටය. යුදෙවු චින්තනය බලවත් වීමත් සමග බටහිර ඇතුළු ලොව බොහෝ රටවල ධනය ගොඩගසාගැනීමේ පරමාර්ථය මුල් වූ සමාජවල නායකයින් ඇතුළු ප්‍රභූ ජනයා බොහොමයක් මෙවැනි කුහකයන් වූහ. ඔවුන් ලිංගිකත්වය යන සාධකයේදී ක්‍රියා කරන්නේ තමන්ගේ ලිංගික ආශ්වාදය හා තමන්ගේ කාමලොල් ජීවිතය සඳහා පමණක් ලිංගිකත්වය අනුව හැඩගැසුනු සමාජ පරිසරයේ සියළු වටිනාකම් උකහා ගනිමින් ධනයවත් බලයවත් ප්‍රභූත්වයවත් නොමැති සාමාන්‍ය මිනිසුන් වෙසෙන සමාජයේ ඒ සියලුම අංග හපකර දැමීමයි. ඉන් පසුවටද ඔවුන් කරන්නේ සාමාන්‍ය ජනයා තමන් වෙනුවෙන් ශ්‍රමය කැපකර සේවය කිරීමට ගැටගසා තැබීමයි. මේ ටික නොතේරෙන ආසියාකරයේ කුහක ගල් අපතයන්ගේ කාන්තා විමුක්ති වදන් වැකි පුනරුච්චාරනයන් බටහිර ධනවත් රටවල ප්‍රභූ බලධාරීන් විසින් යොදාගනු ලබන්නේ ඒ තුලින් ආසියාතික රටවල ප්‍රජනනය සීමා කර ජනගහනය පාලනය කිරීමට මිස වෙන දෙයකට නොවේ. 


(ලිපිය පල කිරීම ප්‍රමාද වූයේ කොටදෙනියාවේ සිද්ධිය ගැන කලින් ලිපියක් පල කිරීමට අවශ්‍ය වූ නිසාය)

පැරකුම්ගේ ලිපිය

31 comments:

  1. Para is a brainless fucking damn idiot. No meaning of replying para like this.

    ReplyDelete
    Replies
    1. Thanks for commenting. However Parakum is going to promote feminism, we cannot keep quiet in front of feminist bullshit.

      Delete
  2. පැරකුම්ගේ ලිපිය කියවලාම තව කමෙන්ට් එකම් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හොඳයි කියවලාම එන්න. එතකොට මගෙ ලිපිය තෙරුම් ගන්නත් ලෙසි වෙයි.

      Delete
  3. මැලේසියාවෙ පිරිමි කම්මැලියි ගෑනු වැඩ කරනව. ලංකාවෙ ගෑනු කම්මැලියි පිරිමි ඔක්කොම කරනව. කතාව ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්න පුලුවන්, හැබැයි කතාව ඉවර නෑ. මම එහෙම කියන්නෙ හේතුවක් උඩ. පිරිමි කම්මැලි වෙලා ගෑනු වැඩ කරන එකට වඩා සාපේක්ෂව ගෑනු තරමක් කම්මැලි වෙද්දි පිරිමි ජනගහනය බරපතල අමාරු රාජකාරි කරන එක සොබාදහමටත් වඩා එකඟයි. ජීව විද්‍යානුකූලව බැලුවත් පිරිමින් වඩා ක්‍රියාශීලීව ශක්තිය පරිභෝජනය කරමින් පරිසර අන්තර් ක්‍රියාවලියට යොමු වෙන්න වැඩි ඉඩකඩ ස්වභාවිකව ලැබිල තියෙනව. අනෙක් අතට කාන්තාවන් සාපේක්ෂව ක්‍රියාශීලී අඩු වෙද්දී ප්‍රජනනය තුල කලල පෝෂණය හා ළදරු වර්ධනය යන්න ප්‍රධාන අවශ්‍යතාවය කොට සලකා ස්වභාවික ස්ත්‍රී ලිංගික ලක්ෂණ පවා පිහිටනවා.

      Delete
    2. ලංකාවෙ ගෑනුන්ට උඩට එන්න දෙන්නෙ නෑ කියන එක අමූලික බොරුවක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු කම්මැලියි. ගෙදරට වෙලා කකා බිබී නිදාගන්න තමා කැමති. වෙන රටවල ගෑනු කම්මැලි නෑ. ලංකාවෙ ශ්‍රම බලකායෙ ඉන්නෙපිරිමි විතරයි. දියුණු රටවල දෙගොල්ලොම ඉන්නව. මොකද එහෙ රටවල ගෑනු කම්මැලි නෑ.

      Delete
    3. ලංකාවෙ ගෑනුන්ට උඩට එන්න දෙන්නෙ නෑ කියන එක අමූලික බොරුවක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු කම්මැලියි. ගෙදරට වෙලා කකා බිබී නිදාගන්න තමා කැමති. වෙන රටවල ගෑනු කම්මැලි නෑ. ලංකාවෙ ශ්‍රම බලකායෙ ඉන්නෙපිරිමි විතරයි. දියුණු රටවල දෙගොල්ලොම ඉන්නව. මොකද එහෙ රටවල ගෑනු කම්මැලි නෑ.

      Delete
    4. ගෑනුන්ගේ කම්මැලිකමයි පිරිමින්ගේ කම්මැල්ලි කමයි එකක් නෙවෙයි දෙකක්. කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රී ලිංගික ස්වභාවය අනුව ස්ත්‍රී ශරීර ආකෘතිය කායික විද්‍යාත්මක ලක්ෂණ හෝමෝන ක්‍රියාකාරීත්වය ආදිය අනුව පිරිමින්ට සාපේක්ෂව ක්‍රියාශීලී බවෙන් අඩුයි. ඒක මිනිස් සමාජයක ස්ත්‍රී ජනගහනය පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ දුර්වලකමක් නෙවෙයි. ඒ ලිංගිකත්වයේ ස්වභාවය එය නිසා. සෑම මනුස්ස ජන සමාජයකම ගැහැනු ජනගහනය ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව කායිකවත් මනෝවිද්‍යාත්මකවත් හැඩගැසී ඇත්තේත් පිරිමි ජනගහනය තරමට ක්‍රියාශීලී නොවන්නේත් විශේෂිත වූ ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් පිරිමින් විසින් ගොඩනගන ක්‍රියාකාරකම් පද්දතියකට සමරූපීව ගොඩනැගෙන ආකාරයටය. ඒ සොබාදහමෙන්ම ලිංගිකත්වයේ යන්න අනෙකුත් ස්වභාවික ආචරනයන් සමග මැනවින් කලමනාකරනය කර තිබෙන ආකාරයයි.

      Delete
  4. Para is a bloody fool who cares him. he is engaged in romantic chatting with young girls. they consider him Juthaka bamuna

    ReplyDelete
    Replies
    1. Thanks for commenting. I am replying para's feminist bullshit here anyway.

      Delete
    2. මේ යෝදය ඔයිට කලිනුත් සමාජවාදී නංගියෙකුත් එක්ක චැට් කරල ඔය වගේම ආතල් පෝස්ට් එකක් දාල තිබුණා. කියල වැඩක් නෑ හිනා වෙලා පන යනවා.

      Delete
  5. උඹ මේවට කලබල වෙන්න එපා පැරාගේ පවුලට එදා අමතක වෙලා උට පිස්සු පෙත්ත දෙන්න. ඒකයි ඔය වගේ මැන්ටල් පෝස්ට් එකක් දාල තියෙන්නේ. අනේ මුගෙ චැට්.

    ReplyDelete
    Replies
    1. බටහිර කාන්තා විමුක්තිවාදයට රෙදි නැතුව කඩේ යන පිරිමි කාටත් ඔය අවසිහිය තියෙනවා. ඒ අයව පියවි සිහියට ගන්නත් ටිකක් අමාරුයි කුහක කම නිසා.

      Delete
  6. පැරකුම්ගේ ලිපියත් කියෙවුවා. ඒ ලිපිය ඔයිට කලින් මට බලන්න බැරි උනා. ඒකයි ලිපිය බලලම කමෙන්ටුවක් දාන්නම් කිවුවේ. මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි, ලංකාව මැලේසියාවක්වත් සිංගප්පූරුවක්වත් කොරියාවක්වත් වෙන්න ඕන නෑ අපි අපේ රටට ගැලපෙන විදිහට ඉස්සරහට යන එක හොඳටෝම ඇති කියන එකයි. අපි අපේ රටේදී පිරිමින් කාන්තාවන්ටත් කාන්තාවන් පිරිමින්ටත් ගරු කරන්නේ එකිනෙකා ගැන අවබෝධයෙන් කටයුතු කරන්නේ මැලේසියාවේ හෝ ස්ත්‍රීවාදී බලපෑම් ඇති වෙනත් රටවල වගේ නෙවෙයි කියලයි මම හිතන්නේ. අපි මාතෲත්වයට ගොඩක් ගරු කරනවා. ඔබ ලිපියෙනුත් කියන විදිහට කාන්තාවන් මාතෲත්වය අනුව ගෘහ ජීවිත වලට ප්‍රමුඛත්වය දෙන්න පුරුදු වෙලා තියෙන එක අපේ රටේ දරු පරපුරේත් වාසනාවක් හැටියටයි මමනම් දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් වැඩගත් දෙයක් මතක් කළාට. අපි අපේ සමාජයේ කාන්තාවන් අගය කරන්නේ ඔවුන්ට ගරු කරන්නේ ස්ත්‍රීත්වය හා මාතෘත්වය කේන්ද්‍ර කරගෙන ඔවුන්ට ජීවිත් හැඩගස්සවාගන්න තියෙන හැකියාව බලල මිස පිරිමි කරන හැම එකක්ම කරන්න පුළුවන්ද කියල බලල නෙවෙයි

      Delete
  7. Para machan apita English tikak igenaganna class ekak karanna puluwanda

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි. ලිපිය කියවලා ඒකේ හරය තේරුම්ගෙන ඊට අදාලව කමෙන්ට් එක දැම්මනම් ගොඩක් හොඳයි.

      Delete
  8. පෑරාලට මහින්ද ඉන්නකම් ඔක්කොම වෑරදියි. මහින්ද ගියාට පස්සේ වෙන හෑම දේටම වෑරෑද්ද මහින්දගේ. රනිල් සෝයි බබා. පෑරාට හරි කියලා හිතෙනවානම් අපිත් එක හර්යි කියලා පිලිගන්ඩ ඕන.

    තව එකක් මෑලේසියාව ඉස්ලාම් ආගමිකත්වය මූලික කරගත් රටක්. ප්‍රමුකතාව මුස්ලිම් ලබ්දිකයන්ට. පෑරාට එක නිකන්ම අමතක වෙලා. පේන්ඩ නෑතිව ඈති. අනික මෑලේසියානු ජාතිකයනව ආරක්ශා කරගන්ඩ චීන ජාතික්යාට කලින් මලේ ජාතිකයාට ප්‍රමුකතාවය දෙනවා. ඒ වගේ දේවල් පෑරාට අරහන් උනාටා කන්ඩ ගියාම කබරගොයාත් තලගොයා කරගන්ඩ පෑරා දන්නවා. ඒ පොරගේ කුහකත්වය. ඒ කුහකත්වය පොරගේ හෑමා ලිපියකින්ම පේනවා.

    ReplyDelete
    Replies
    1. පැරකුම් එයාගේ ලිපියෙන් ගොඩක් දේවල් කියලා තියෙන්නේ එයාගෙම මනෝ ලෝකය තුල ඉඳගෙන. ඒකේ තියෙන අදහස් කොන්දේසි විරහිතව අනෙක් හැමෝම පිළිගන්න ඕනේ කියන මතයේ ඉඳන් තමයි ලිපිය ලියල තියෙන්නේ. පැරකුම් ඔබ කියන විදිහටම මැලේසියාවේ මැලේ මුස්ලිම් ජනයාට තියෙන වැඩි සැලකිල්ල අමතක කරනවා. ඒ වගේම මැලේසියානු සමාජයේ ලිංගික බහුරූපික විකාර සමාජ තත්වයක් ඇති වී තිබීම ගැන මොනවත් නොකිය ඉන්නව. ඒ හිතාමතාමයි. පැරකුම් වගේ බොරු සමාජවාදියෝ රටේ ජාතිකත්වය මතුවන තැනදී ඊට විරුද්ධව ලිබරල් ධනවාදී අධිරාජ්‍යවාදයේ පැත්තත් ගන්නව කිසි හිරිකිතක් නැතුව. එතනත් අවස්ථාවාදය සහ කුහකකම තියෙනව.

      Delete
  9. සිරාගේ කාමරය ලියන තමන්ම ජාතිවාදියෙක්යැයි අර්ථදක්වා ගන්නකු සමග යහපාලන පැරකුම් විසින් කරනලද සංවාදයකට , තවත් යුදෙව් ක්‍රිස්තියාන් චින්තනයට විරුද්ධ පිස්සකු විසින් විවේචනයක් ඉදිරිපත්කර ඇත.

    ReplyDelete
    Replies
    1. පැරකුම් නම් යහපාලනයට කඩේ ගියා තමයි. යුදෙවු ක්‍රිස්තියානි චින්තනය තුල මේ වෙනකොට ක්‍රිස්තියානි අනන්‍යතාවයක් තියෙන්නේ සංස්කෘතිකව මිස ආගමික අතින් නෙවෙයි. අද වෙනකොට මේක යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයක මුහුනුවර ගන්නවා. යුදෙවු චින්තනයේම මතවාද වලට වහල් වූ විට යුදෙවු චින්තන ධාරාව ඔස්සේ පැනනැගී එන මතවාද ලොව පුරා රටවල් ග්‍රහණයට ගනිමින් කරන ආක්‍රමණය හා එයින් ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් බැට කන ආකාරය තේරුම් ගන්න බෑ. ඒ ගැන මම පුදුම වෙන්නෙත් නෑ.

      Delete
  10. පැරකුම් මාමගේ වැඩක් නැති පෝස්ට් එකක් බලල ඒකට රිප්ලයි කරන්න උඹත් හෙන හෑල්ලක් ලිවුවද. මේක කියවන්න සෑහෙන වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කියවලා තේරුම්ගත්තනම් ලොකු දෙයක්

      Delete
  11. මට ගොඩක් දේවල් කියන්න නෑ. පෝස්ට් එකේ පෙන්නලා දීල තියෙන දේවල් එක්ක මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. මා සමග එකඟ වීම ගැන සතුටුයි. ලිපි දෙකම කියවලා සංසන්දනාත්මකව මා පෙන්වා දෙන කරුනු ගැන හිත්ල බලන්න පුළුවන්නම් හොඳයි.

      Delete
  12. දියුණු රටවල ගෑනු පිරිමි දෙගොල්ලොම කරට කර වැඩ කරනව. එහෙම කරන ගමන් එයාල ගෙදර වැඩත් කරනව. රටේ ශ්‍රම බලකාය වැඩියි. ඒත් ලංකාවෙ වගේ රටක ශ්‍රම බලකායෙ ඉන්නෙ පිරිමි විතරයි සාපේක්ස්ෂව. එතකොට ශ්‍රම බලකාය අඩුයි. වෙන රටවල ගෑනු කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනියෙක්ට කරගන්න බෑ. ඉතිං රට දියුණු වෙයිද. පිරිමි විතරයි මෙහෙ අමාරු වැඩ කරන්නෙ. ඔයා කොච්චර බයිල ගැහුවත් අපි තාම එක තැන පල්වෙන්නෙ ඒකයි. බටහිර රටවල ගෑනු ඔයා ඔච්චර කියන ළමයි බලාගන්න වැඩ ගෙදර වැඩ කරන ගමන් තමා රස්සාවලුත් කරන්නෙ. අධ්‍යාපනයෙදිත් එහෙමයි. ලංකාවෙ පිරිමින්ට විතරයි මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන්. දියුණු රටවල දෙගොල්ලන්ටම පුලුවන්. ඒක හින්ද තමා අපි දියුණු නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට මම මුලින්ම දෙන උත්තරේ තමයි මගේ ලිපිය මුල ඉඳන් අගට හරියට කියවන්න කියන එක. මම ලිපියේ මුලින්ම පෙන්වා දුන්නේ ආර්ථිකය යනු එක පැත්ජ්තක් පමණක් කියන එකත් මිනිස් සංහතියේ නිරවුල් දිගුකාලීන පැවැත්මට බලපාන තීරනාත්මක සාධක හොයල බලනකොට මිනිස් ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුෂ අනුවර්තන වල කායිකවිද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක අතිනුත් සමබරතාවය ඉතා වැදගත් එකක්. කාන්තාවන් ශ්‍රම බලකායට අනුයුක්ත කරන්න ස්ත්‍රී ලිංගික ස්වභාවයේ හැඩගැසීම් විකුර්ති කර මානසිකව කාන්තාවන් පුරුෂකරනය කරන්න ගියොත් වෙන්නේ මේ සමබරතාවයන් බිඳවැටිලා ලිංගික ව්‍යාකූලත්වයක් හට ගන්න එක. මේ තත්වය ඔයා ඔය දියුණුයි කියල කියන රටවල ඇතිවෙලා දැන් ඒ රටවල් ඒකෙන් බැට කනවා. ඔයාට ඒව තේරෙන්නේ නැත්තේ ඒ ගැන සත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ලෝකයට නොයන නිසා. මම ලිපිය පුරාවටම පෙන්වා දුන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව මිනිස් ජනසමාජයේ තිබෙන හැඩගැසීම් අහම්බයක් නොව සොබාදහමේද පිටුබලය ලැබී ඉදිරියට පැමිණ ඇති බවයි. ස්වභාවයෙන් පිටුබලය ලැබෙන දිශාවට ප්‍රතිවිරුද්ධව මිනිස් කුහකත්වයන් පදනම් කරගෙන ලිංගික ව්‍යාකූලතා බලෙන් නිර්මාණය කිරීම මිනිස් සංහතියේම පැවැත්මට හිතකර වෙන්නේ නෑ. මේව තේරුම් ගන්න කුහකයන්ට බෑ. කුහකයන්ගේ කුහක මොළේ හැම විට පොළඹවන්නේ කාන්තාවන්ගෙන් වැඩගන්න පුළුවන් විදිහට ලිංගික අනුවර්තන සියල්ල වනසා ව්‍යාකූලත්වයේ ප්‍රතිඵලද සාධාරණීකරනය කිරීමටයි. ඒකයි මම ලිපියෙනුත් කුහක පිරිමින් ගැන පැහැදිලිව කිවුවේ. ඒ අය තමන්ගේ ලිංගය ප්‍රාණවත් කරගෙන ආශ්වාදය ලබන තෙක් කාන්තාවට ස්ත්‍රීත්වය තිබුණහම ඇති කියන මතයේ ඉඳලා ඊලඟ වතාවට ලිංගික ආශ්වාදය අවශ්‍ය වන තෙක් කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමට දක්ෂ පිරිමින්ටත් වඩා පෞරුෂය ඇති අයවලුන් වෙන්න ඕන කියලා තමයි හිතන්නේ. මෙන්න මේ මනෝගතියේ ප්‍රතිඵලයක් විදිහට තමයි කුහක පිරිමින්ට ගෑනුන්ගෙන් වැඩ අරන් ආර්ථික දියුණුව හා පුහු සංවර්ධන ඉලක්ක වලට පිස්සු බල්ලො වගේ දුවන්න උවමනාව ඇති කරන්නෙත්. අපේ රටේ කාන්තාවන් ශ්‍රම බලකායේ කොපමණ අඩු උනත් අපේ සමාජය තුල තවමත් ලිංගික ව්‍යාකූලත්වයේ දහජරා ප්‍රශ්න උග්‍ර අතට නොහැරී තියෙන්නේ වසනාවකට

      Delete
    2. 2) රටක ජන සමාජය සලකපුවහම පිරිමි ජනගහනය සමස්ථයක් ලෙස සියළු අපහසු රාජකාරි වගකීම් ඉටු කරද්දී කාන්තාවන් ස්ත්‍රී ලිංගික ස්වභාවයට ගැලපෙන මට්ටමේ වැඩ කොටසක් සාර්ථකව කරමින් ගෘහ ජීවිත වලට හැඩගැසී සිටීම ආර්ථිකය දියුණු කරන්න බාධාවක් වෙන්නේ කොහොමද? ඒ තුල කිසිම අවාසියක් නෑ. එතන ආර්ථික දියුණුව එක පැත්තකින් තියෙනවා අනෙක් අතට මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ස්ත්‍රී පුරුෂ ලිංගික අනුවර්තන වල සමබරතාවය නිසියාකාරව තිබෙනවා. ආර්ථික දියුණුව කියන්නේ එක පැත්තක් විතරයි. එතනදිත් කාන්තාවන් ලවුව සියළු අපහසු කටයුතු කරගන්නේ නැතීව පිරිමින් ඒ කටයුතු වල නිරත වෙමින් සාර්ථකව මිනිස් ක්‍රියාකාරකම් කලමනාකරනය කරගනිමින් ආර්ථිකය දියුණු කරන්න පුළුවන් බව මතක තියාගන්න. ආර්ථික දියුණුවට පිස්සො වගේ ගෑනු හිටන් ගස්ගල් පෙරලමින් වැඩ කරන්න ඕන කියන නරුම ආර්ථික විශේශඥ්ඥයෝ ආර්ථිකයේ දියුණුව මනින්නේ මිනිස් සංහතියේම පැවැත්ම කෙටි කරන අධික පරිභෝජනය පදනම් වූ යුදෙවු චින්තනයේ ආර්ථික විද්‍යා මූලධර්ම සලකලයි. අන්න මැටි මෝල්කමෙන් ඉස්සරවෙලා ගැලවෙන්න ඕනේ. ස්වභාවික පරිසරයට හා සොබාදහමේ සමතුලිතතා වලට පවා තර්ජනයක් වන පුහු සංවර්ධන ඉලක්ක වලට යමින් අධික පරිභෝජනය මත පදනම් වූ විනාශකාරී ආර්ථික රටා ඉදිරියට ගෙන යන්න කාන්තාවන්ද ශ්‍රම බලකාය තුල වැඩි කරවීමෙන් වෙන්නේ මනුස්ස සංහතියෙම පැවැත්ම කෙටි වෙන එක විතරයි. අපේ රට සැලකිල්ලට ගත්තත් පිරිමි ජනගහනයෙනුත් වැඩි පිරිසක් කම්මැලි බව කියන්න ඕනේ. අපේ රටේ කම්මැලි මත්ලෝලී කාලකන්ණි පිරිමින්ට හරියට වැඩක් පලක් කරන්න පුළුවන්නම් අපේ රටේ කාන්තාවන මැදපෙරදිග ගෘහසේවිකාවන් හැටියට වහල්කමේ යවන එකත් නවත්තගන්න පුළුවන් කියන එකත් මතක් කරගත්තොත් හොඳයි. ඔයගොල්ලන් ඔය ආර්ථික විද්‍යා බයිල ගහන්න ඔයගොල්ලන් වගේම හිතන්න බැරි බටහිර මතවාදී වහල්ලුන්ට. අද බටහිරටත් අවශ්‍ය වෙලා තියෙන්නේ ලිංගික ව්‍යාකූලත්වයෙන් සමාජය ගලවගන්න. අද බටහිර කාන්තා විමුක්තිවාදය බටහිරම පච වෙලා ඉවරයි. ඒත් ඒක වෙනකොට බටහිර සමාජය කාන්තා විමුක්තිවාදයෙන් ලෙඩ වෙලා අවසන්. මේව අද ලෝකෙට නොපෙන්නුවාට බටහිර සැබෑවට තියෙන ප්‍රශ්න. ඒ නිසා කාන්තාවන් ශ්‍රමබලකායට ඇතුල්කරන්න අවශ්‍ය විදිහට රටේ ස්ත්‍රී පුරුෂ සමාජ ලිංගික හැඩගැසීම් නැතිකරන්න ඕන කිය කියා බටහිර කාන්තා විමුක්තිවාද්යට රෙදි නැතුව කඩේ නොයා තමන් ඉන්නේ කොහෙද කියන එක තේරුම් ගන්න. සමහර විට ඔයාගේ අම්මත් ගස් ගල් පෙරලිල්ල මොක උනත් රස්සවක්වත් නොකර ඔයාව පොඩි කාලේ හරියට බලා කියාගෙන ලොකු කරගන්න වැඩි ප්‍රමුඛත්වය දුන්න වෙන්න පුළුවන්. අපි කියන්නේ කාන්තාවන් මොනවත් නොකර නිකම් ඉන්න ඕන කියලා නෙවෙයි. කාන්තාවන්ට ඕනෑම මිනිස් ජන සමාජයක ඔවුන්ටම ආවේනික ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. ඊට කුඩා පරිමාණේ ගෘහ කර්මාන්ත වගේ දේවල් අයිතියි. ඒ තුල ආර්ථික දියුණුව පැහැදිලිව තියෙනවා. මොන්ගල් බටහිර යුදෙවු කාන්තාවිමුක්තියෙනුයි කුහකකමෙනුයි අන්ද උනහම මේව තේරෙන්නේ නෑ. මම නැවතත් කියන්නේ දෙයියන්ගේ නාමෙන් මගේ ලිපිය හරියට කියවලා කමෙන්ට් කරන්න කියලා. උඩින් පල්ලෙන් බලලා තමන්ට පිළිගන්න බැරි ඒව අමතක කරලා කුහකකමෙන් මෙතන කමෙන්ට් දාන්න එපා.

      Delete
  13. මම බ්ලොග් වලට නවකයෙක්. ඔන්න මමත් පෝස්ට් එක කියෙවුවා. මේක ටිකක් සංකීර්ණ හරබර ගැඹුරු වැඩි පෝස්ට් එකක්. මගේ බ්ලොග් එක පැත්තෙත් එන්න කියලා ආරාදනය කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මමත් ඒ පැත්තේ එන්නම්

      Delete