Monday, October 5, 2015

අවිචාරවත් ආවේගය නොව සාධාරන සැකයෙන් ඔබ්බට

 හිටි අඩියේ මෙරට කාන්තාවන් දැරියන් අතුරුදහන් වන අතවරයට හා ඝාතනයට ලක් වන සිද්ධි මාලාවේ තවත් එක් පරිච්චේදයක් සනිටුහන් කරමින් මෑතක ගම්පහ මිනුවන්ගොඩ කොටදෙනියාව ප්‍රදේශයේ දැරියක් අතුරුදහන් විය. පසුව ඉතා කනගාටුදායක ලෙස ඇගේ මළ සිරුර සොයා ගෙන තිබුණේ එම දැරියගේ නිවසට යාබද ඇලක තිබියදීය. දැන් ඒ ගැන ටිකෙන් ටික තොරතුරු හෙලිවෙමින් පවතී. මේ තොරතුරු සියල්ල රටට කියන්නේ ප්‍රධාන ජන මාධ්‍ය වලිනි. බැනියමකින් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබෙන බව පොලීසිය කියා තිබුණි. මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට ලක්ව තිබූ බවද පොලීසිය පවසා ඇත. 
                                                                    බැනියමකින් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි. මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට ලක්ව තිබූ බවද දැන් ප්‍රචාරය වී ඇත.ඇත්තෙන්ම කුඩා දරුවෙකු රාත්‍රී කාලයක ආගිය අතක් නොමැති වූ විට මෙන්ම කිසිම හෝඩුවාවක් නැති තැන සොයා ගැනීම එතරම් පහසු නොවේ. සිද්දිය වූ දිනයට පසු දිනම ප්‍රදේශවාසීන් හා පොලීසිය අපමණ වෙහෙසක් දැරුවද පලක් වී නැත. මේ අතර පිරිසක් කොළඹ ප්‍රදේශයේ අංජනම් බලන තැනකින් අංජනමක් බලවා ගැනීමට ක්‍රියා කර ඇත. දැනගන්නට ලැබුන තොරතුරු අනුව අංජනම් බැලීමට ක්‍රියා කළ පිරිස කොළඹ ප්‍රදේශයේ සිටි අංජනම් බලන පුද්ගලයා සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් ඔහු දුන් හෝඩුවාවල් ඔස්සේ සෝදිසි කිරීම දිගටම කර තිබේ. අවසානයේ දැරියගේ මළ සිරුර පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබ ඇත්තේ සිද්ධිය වූ දිනට තවත් දිනයක් පසුකර ඊලඟ දිනයේදීය එනම් සැප්තැම්බර් 13ය. දැරිය අතුරුදහන්ව ඇත්තේ 11 වනදායි. අංජනම සාර්ථක වූවාද නැත්නම් අහම්බෙන් දැරියගේ සිරුර හමු උනාද? මේ සිද්ධිය සිදු වූ දින සිටම රට පුරා නොයෙක් කට කතා පැතිර ගියේය. සැකයෙන් පිරි චෝදනා විවිධ පුද්ගලයන් වෙත යොමු විය. ඒ අතර මේ දැරියගේ පියා හා සීයාත් සිටීම තවත් විශේෂත්වයක් විය. දැරිය අතුරුදහන් බව මවුපියන් දැනගෙන ඇත්තේ නින්දට යන මොහොතේයි. පවුලේ දරුවන් නිදාගන්නා කාමරයේ එක් ජනේලයක පමණක් යකඩ රාමුව නොතිබුණු බව කියවිනි. දැරිය නිදාගන්නා ඇඳේ කවරෙකුගේ හෝ පා ලකුණක් තිබුණු බවක්ද පුවත් මගින් ප්‍රචාරය විය. මේ ගැන සැකයට තුඩුදුන් හේතු අතර සිද්ධිය වූ දිනයේ එම ප්‍රදේශයේ තිබූ  නාඳුනන සුදු පැහැති වාහනයක් ගැන තොරතුරක්ද වෙබ් අඩවි වල පල වී තිබුණි. සියළු සාක්ෂි ඔස්සේ අවසානයට ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙක් ගැනද සැක පහල වී ඇත. කොහොම වෙතත් දැන් අර අහිංසක දියණිය අවාසනාවන්ත ලෙස මියගොස් අවසන්ය. දැන් සමාජය ඇවිස්සී ඇත. හතර වටින් එක එකා ගැන සැක හිතෙන කට කතා පැතිරෙයි. බොහෝ දෙනා කතා කරන්නේ විචාරයකින් තොරව ආවේගයෙනි. එල්ලුම් ගස් නැවත අවශ්‍ය බව කියමින් තවත් පිරිස් කෑ මොර දෙති. මෙවැනි සිදුවීම් වලදී ඇතිවන කෝපය සාධාරනය, නමුත් සිද්ධිය ගැන විචාරයක් තිබිය යුතුය. මක් නිසාද යත් අප හරි යැයි සිතන හැම දෙයක්ම හැම විට හරියන්නේ නැති වන්නට යම් ඉඩකඩක්ද තිබීමෙනි.
                    

මේ සිද්ධියේ මතුපිටින් පෙනෙන කාරනය වන්නේ මොකෙක් හෝ එපාකර කාලකන්ණියෙකු මේ නින්දිත අපරාධය කර සැඟවී ඇති බවයි. ඒ අනුව මතුපිටින් ඊට සරල පිළිතුරද වරදකරුවා අල්ලා නීතියෙන් දඬුවම් කිරීමය. දැරියන් කාන්තාවන් අතුරුදහන් වීම් පැහැරගැනීම් අතවරයට ලක්කිරීම් හා ඝාතනය කිරීම් සිදුවූ එකම හා පළමු වතාව මෙය නොවේ. මින් පෙරද මෙවැනි සිදුවීම් විටින් විට සිදු වී ඇත. ඒ හෑම අවස්ථාවකම සිද්ධිය වූ සැනින් ජනමාධ්‍ය ඇවිස්සී වරද ඔප්පු වීමටත් පෙර සැකකරුවන් වරදකරුවන් වන ආකාරයට පවා අත්තනෝමතික පුවත් වාර්තා කිරීම් අප දැක ඇත. ඒ ආකාරයටම ස්ත්‍රී දූෂණයක් හෝ දැරියන් අතවරයට ලක්කිරීමක් සිදුවූ සැනින් එල්ලුම් ගස ක්‍රියාත්මක කරයුතුයැයි බෙරිහන් දෙමින් ජනමාධ්‍ය ඔස්සේ වීරයන් වෙන්නට වෙහෙසෙන පිරිසක්ද සොයාගන්නට පුළුවන. තවත් සමහරුන් සමාජයේද එල්ලුම් ගස වෙනුවෙන් අත්සන් තැබීම් උද්ගෝෂණ කිරීම්ද දැකගන්නට හැකිය. මේ අහඹු සිද්ධීන් නොවේ.  අවාසනාවන්ත ලෙස මරනයට පත් වූ කොටදෙනියාවේ දැරිය ගැන අප කනගාටු වෙමු. වරදකරුවන්ට දැඩි ලෙස දඬුවම් කළයුතු යැයුද අප කියමු. මෙහි ඇති ගැටළුව එයම නොවේ. මේ හදිසියේ එල්ලුම්ගස් මානසිකත්වයක් රටේ ජනතාව අතර ඇතිකරමින් අතොරක් නැතිව ජනමාධ්‍ය හරහා එල්ලුම් ගස සක්‍රීය කරන්නැයි ඉල්ලන උද්ගෝෂකයන්ගේ ආවේගකාරී හැසිරීම උලුප්පා පෙන්නීමද  තවත් විශේෂයෙන් සොයා බැලිය යුතු සැක සහිත  කාරනයකි.  ජනමාධ්‍ය වලින් මේ සිද්ධියේ ඇති වරද සමාජය ඉදිරියේ විස්තර කළේ ලිංගික සදාචාරාත්මක සාධක මත නිවැරදිව පිහිටා සංසන්දනාත්මකව නොව සුපුරුදු පරිදිම දැරියන් හා කාන්තාවන් අතවරයට ලක්වීමට පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවයම හේතුවන බව අනියම් ලෙස ඒත්තු ගැන්වෙන ආකාරයටය. මේ සිද්ධිය ගැන කරුනු හරි හැටි නොසලකා පොලීසිය විසින් දැරියගේ පියා හා සීයා සැක කර තිබුණේත් ජනමාධ්‍ය වලින් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එය ප්‍රචාරය කර මේ දෙදෙනා සමාජයේත් දෝෂ දර්ශනයට ලක්වන තැනට වැඩ කටයුතු සිදු කළේත් ඉතා නින්දිත ලෙසය. 
                               

කෙසේ වෙතත් මේ සිදුවූ පිළිකුල් සහගත අවාසනාවන්ත සිද්ධිය පසුපස ඇති සැක කටයුතු දේ ගැන විස්තර කරන්නට මත්තෙන් බටහිර යුදෙවු චින්තනය ශක්තිමත් වී කාර්මික විප්ලවයෙන් පසු ආත්මාර්ථකාමී සමාජ වටපිටාවක් නිර්මාණය වීම හරහා ලිංගිකත්වයේ සමාජීය කුහකත්වයන් පදනමට ගෙන බටහිරින් මතු වී ලොව පුරා විසිරී ගිය ව්‍යාධිජනකයන් ගැන යමක් කිව යුතුය. එමෙන්ම ඒ හරහා බටහිර මෙන්ම බටහිර රටවල් ගිය ගමන් මගෙහිම ගිය සෙසු රටවලද සමාජයන් ලෙඩ වීමට පටන්ගත් ආකාරය ගැනත් කිව යුතුය. ආත්මාර්ථකාමීත්වය තුලින් පොදු සමාජ වගකීම් අත හැර විවිධ පැති වලට සී සීකඩ විසිරුනු බටහිර සමාජය අද එකම අච්චාරුවකි. බටහිර ඇති බොරු ආටෝපයෙන් අන්ධ නොවී අප මේ සිද්ධි තේරුම් ගත යුතුය. ලිංගිකත්වයේ ස්වභාවය අනුව ඊට අනුගත වෙමින් ලිංගිකත්වය හා බැඳුනු පොදු සමාජ වගකීම් කොටසක් ඉටු කිරීම වැදගත් කොට සැලකූ බටහිර සමාජයේ සොබාදහමට ඒ තරම් ලැදි නොවූ යුදෙවු චින්තනය බලවත් වීම තුලින් ඒ සමාජ වගකීම් අත්හැරීමට අනුබල දුන් ලිංගිකත්වයේම ආත්මාර්ථකාමීකම් කුහකත්වයන් වෛරි බව සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ තත්වය තුල ලිංගිකත්වයට අදාලවූ වංචනික ගුණධර්මයන් බටහිර වර්ධනය උනා පමණක් නොව සැබෑ ගුණධර්මයන් යටපත් වීමද සිදු විය. සමාජයේදී දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටි ගැහැනු පිරිමි දෙපාර්ශවයම වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ පිළිවෙත වෙනස් වී වැඩිහිටි පිරිමි පාර්ශවය විශේෂයෙන් දරුවන් සම්බන්ධ වගකීම් ඈත් ක්ළේය. විශේෂයෙන් පිරිමි දරුවන්ට ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගනිමින් තම පැවැත්ම ගොඩනගා ගැනීමට පසුබිම් ශක්තිය ලබාදීමේ වගකීම බොහෝ වැඩිහිටි පුරුෂයින් අත් හැර දැමීය. පවුල් තුල පියවරුන් තම පුතුන් පෞරුෂත්වය අනුව හැඩගැස්වීමේ හා දියණියන් මවට භාරදී ස්ත්‍රීත්වය අනුව ඔවුන් හැඩගැස්වීමේ වගකීම්ද දියාරු වී අකර්මන්‍ය විය. ඇතැම් කුහක පිරිමින් විවාහ වීමෙන් පසු ඔවුන්ට දාව දියණියන් සිය මවු පාර්ශවයෙන් උරුම වන ස්ත්‍රීත්වය අනුව ඉදිරියට යෑම වරදක් ලෙස දකින්නට තරම් කුහක වංචනිකයන් විය. මෙවැනි ඇතමුන් ඔවුන්ගේම පිරිමි දරුවන්ද පෞරුෂත්වයන් ගොඩනගා ගැනීම නොරිස්සූහ. එපමණක් නොව පිරිමි දරුවන් සම්බන්ධ වගකීම්ද හරි හැටි ඉටු නොකළේය. 
                            

ලිංගිකත්වය සම්බන්ධ අත්‍යවශ්‍ය සමාජ වගකීම් කොටසක් පැහැර හරිමින් ආත්මාර්ථකාමී ලෙස සී සීකඩ ගිය බටාහිර සමාජය ලිංගික මනෝ ව්‍යාකූලතාවයන්ගෙන් පිරි විපරීත එකක් විය. දැන් එය දිගින් දිගට වර්ධනය වන්නේ ලිංගිකත්වයේම මිනිස් කුහකකම් ආත්මාර්ථකාමීකම් පමණක් නොව වෛරී ස්වභාවයන්ද පෙරට ගනිමිනි. මේ වන විට බටහිර බොහොමයක් රටවල පවුල් අස්ථාවරය. විවාහයන් ඉක්මනින් දෙදරා යයි. ලිංගිකත්වය ව්‍යාකූලය. විෂමලිංගික පීතෲමූලිකත්වය තහවරු වූ සොබාදහමට එකඟ සමාජ ක්‍රමයක් සාර්ථකව පැවති බටහිර මේ වනවිට ඇත්තේ ලිංගික බහුරූපිකත්වයක් සහිත සමලිංගිකත්වය පවා පිළිගැනීමට ලක්කළ ව්‍යාකූල තත්වයකි. මෙය ඔවුන්ට හොඳ යැයි කාට හරි හිතුනත් ඇත්ත තත්වය එය නොවේ. බටහිරද මේ ව්‍යාකූලතා වලින් ඇතිවන විවිධ ප්‍රශ්න වලින් බැට කයි. ඒ කිසිත් ලෝකයට මාධ්‍ය මගින් දැනගන්නට නොලැබේ. බටහිර මේ ව්‍යාකූලත්වය පිරි විකුර්ති සමාජ තත්වයක් වර්ධනය වීමට දැඩි ලෙස බලපෑ එක් සාධකයක් වූයේ යුදෙවු චින්තනය මත පදනම් වූ කාන්තා විමුක්තිවාදයයි. මෙය යුදෙවු පිරිමින්ගේ කුහකකම් හා අත්තනෝමතිකකම් මත විකාශනය වූවක් මිස සොබාදහමේ ආශිර්වාදය ඊට ලැබී නැත.බටහිර දැන් පියවරුන් නොමැති පවුල් බොහෝය. අනෙක් අතට සමලිංගිකයන්ට පවුල් කෑමේ අවස්ථාව මේ රටවල ඇත. සැබෑ ලෙස වගකීමෙන් යුතු පියවරුන්ට තම දරුවන්ගේ අනාගතය විශේෂයෙන් පිරිමි දරුවන්ගේ අනාගතය ගැන වගකීමෙන් කටයුතු කිරීමට බැරි තත්වයක් බටහිර සමාජයේ කුහකයන් නිර්මාණය කර ඇත. පිරිමියාගේ ලිංගිකත්වයේ ස්වභාවයට එරෙහිව අසාධාරන නීති හැදී ඇත. බටහිර ඇතැම් රටවල පිරිමින්ට පවුල් කෑමට සිදුවී ඇත්තේද මේ නීති වලට බියෙනි. කුහක කාන්තා විමුක්තිවාදය අනුව හැදුනු ලිංගික අතවර නීති වෛරී ලෙස විෂමලිංගික පුරුෂ පාර්ශවයේ ලිංගික රුචි අරුචිකම් ඉලක්ක කරමින්ම හැදේ. එලෙස වෛරී නීති හැදීමටම හේතු කාරනා තැනීමටම ස්ත්‍රීත්වය අනුව හැඩගැසුනු කාන්තාවන් සැලසුම් සහගතව කෲර ලිංගික වද හින්සනයට ලක් කළ අවස්ථා ගැන සැකකටයුතු බොහෝ දේ බටහිරත් සිදු වේ. පිරිමියාගේ ලිංගිකත්වය හා එහි ස්වභාවයන් ඉලක්ක කරමින් සිදුවන බටහිර කුහක පිරිමින්ගේම ඇතැම් ක්‍රියාකාරකම් ඔස්සේ පිරිමි ජනගහනය නෛතික වශයෙන් අනාරක්ෂිත වීමේ ප්‍රවනතාවයක් බටහිරම දැන් තිබේ.   
                        

  බටහිරට සිදු වී තිබෙන දේ බටහිරට අනුව ගමන් කරන බටහිර අනුකාරකයින් බොහොමයක් සිටින රටවල දැන් සිදු වෙමින් පවතී. බටහිර රටවලින් පැන නැගුනු ලිංගිකත්වය සම්බන්ධ යුදෙවු කුහක මතවාද නිල මට්ටමෙන් ජාත්‍යන්තර සම්මුති බවට පත් වෙමින් ඇත. බටහිර කාන්තා විමුක්තිවාදය ලොව පුරා විෂබීජයක් ලෙස පැතිරෙමින් ඒ ඒ රටවල බටහිර අනුකාරකයින් හරහා අභ්‍යන්තර සමාජය දුර්වල කර ලෙඩ කරයි. මේ තත්වය බටහිරට යටත්ව පැවති අප්‍රිකානු හා ආසියානු රටවලට අනිවාර්යෙන් බලපායි. බටහිර කාන්තා විමුක්තිවාදය සෙසු රටවලට ව්‍යාප්ත කිරීමේදී එහි දුෂ්ඨ බව සොබාදහමට එරෙහි බව කුහක වෛරීබව ආදී සියළු අගතිගාමී ලක්ෂණ වසන් කරමින් එය කිරීමටද බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා විවිධ උපක්‍රම යොදා ගනී. මේ අතර පුරුෂ ලිංගිකත්වය හා එහි මනෝවිද්‍යාත්මක සාධක ඇතුළු අනෙකුත් සාධක වලට පදනම සකස් කරන පීතෘත්වය කෙරෙහි ද්වේශසහගත අදහස් සූක්ෂම ලෙස සමාජගත කිරීම පවුල් බැඳීම් දුර්වල කරවන ලෙස රට රටවල කාන්තා සමාජයේ ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ඇති හැඩගැසීම් නැති කර දැමීමට කටයුතු කිරීම මේ අතර ප්‍රධාන වේ. විවිධ සංස්කෘතික පරිසර වල රැවටිලිකාර ලෙස මුලින් පැලපදියම් වී පසුව දුෂ්ඨ සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ ආක්‍රමණයේ ස්වභාවයයි. කාන්තා විමුක්තිකාමීන් එලෙස සමාජය තුලට දුර්වල තැනකින් රිංගා පැලපදියම් වීමෙන් පසුව කරන්නේ ඔවුන්ගේ මතවාදී සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. පවුලේ පියා ගැන වෛරය ඇති කරවන ආකල්ප දරුවන්ගේ මනසට ඇතුල් කිරීම, ගැහැනු පිරිමි විෂමලිංගික සබඳතා ගැන ද්වේශසහගත අදහස් සමාජගත කරමින් සමලිංගිකයන්ට අනුකම්පාව ලබා දීම ඔවුන්ගේ අපචාරී හැසිරීම් සාධාරණීකරණය කරමින් සමලිංගිකත්වයට පිළිගැනීමක් ඇති කිරීමට තැත් කිරීම ආදිය පසුව ක්‍රමයෙන් සිදුකරනු ලබති. ආසියාතික රටවල ජනගහන වර්ධනය ලිංගික ව්‍යාකූලත්වය නිසා ඉදිරි පරම්පරා පිටින් අසාර්ථක වූ බටහිර බොහෝ රටවලට දැඩි හිසරදයකි. ආසියාතික හා අප්‍රිකානු රටවල ප්‍රජනනය සීමා කිරීම ට ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගික ස්වභාවය කෙරෙහි වෛරය වැපිරීම සඳගා කාන්තා විමුක්තිය අවියක් ලෙස යොදා ගැනීමටද බටහිර යුදෙවු චින්තනයේ මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා ක්‍රියා කරයි. 
                      
මේ ප්‍රවණතාවයන් අනුව අපේ රටට මෙහි ඇති බලපෑම සුළු පටු එකක් නොවන බව හිතාගැනීමට කිසිවෙකුට අපහසු නැත. බටහිර කාන්තා විමුක්තිවාදයේ ක්‍රියාකාරකම් කලක සිට විවිධ මට්ටමෙන් ලංකාව තුල ක්‍රියාත්මකය. කාන්තා දින සැමරීම හරහා ජයවර්ධන ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති සමයේ ඊට මුල් අඩිතාලම වැටුනි. මන්දගාමීව ඇදුනු මේ මතවාදය ඉන් පසුවට විජාතික කුමන්ත්‍රණ හරහා පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඉන්පසු රටේද නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හරහා වඩා සක්‍රීය විය. නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවති රජය යටතේ තරමක් පසුබෑ කාන්තාවාදය දැන් යහපාලනය හරහා නැවත උපරිම ලෙස සක්‍රීය වීමට උත්සහ ගනිමින් ඇත. මුල් යුගයේ කාන්තා දින සැමරුවද මතවාදීව කාන්තා විමුක්තිය අපේ සමාජයට ඇතුල් කිරීම අපහසු විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ විජාතික බලවේග බොහෝ ශක්තිමත් වූ අතර එකළ අනියම් ආකාරයකට රාජ්‍ය නොවන සංවිධාන විදේශ තානාපතිවරුන් හා කොටි සංවිධානය මුළු රටම පාලනය කළා කීවොත් නිවැරදිය. රාජ්‍ය නොවන සංවිධාන වලට උපරිම ලෙස යකා නටන්නට ඉඩකඩ තිබීම තුලින් බටහිර රටවල මුදලින් යැපෙන කාන්තා සංවිධාන පිහිටුවා ගනිමින් සමාජ සේවා කටයුතු වලට මුවා වී පුරුෂ විරෝධී ආකල්ප වර්ධනය හා අනෙකුත් මතවාද ව්‍යාප්තිය මේ සංවිධාන විසින් සමාජයට දැනෙන ලෙසම කරගෙන ගියේය. ස්ත්‍රී පුරුෂ ලෙස සමාජයේ තිබූ මානසික හැඩගැසීම් විකුර්ති කිරීම, පාසල් වල පිරිමි ළමුන් කරන ක්‍රීඩා හා වෙනත් ක්‍රියාකාරක ගැහැනු ළමුන්ටද විවුර්ත කර පිරිමි ආරයට පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරන ගැහැනු ළමුන්ට පිළිගැනීමක් ලබා දීම. අධ්‍යාපනය තුලට කාන්තා විමුක්තිය රිංගවීම ආදිය මෙකළ සිදු වුනි. කාන්තා වැඩසටහන් මාධ්‍ය ඔස්සේ මහා පරිමාණයෙන් පවත්වමින් සමාජයේ දුර්වල තැන් වලින් ප්‍රයෝජන ගෙන පුරුෂයා හා පුරුෂ ලිංගිකත්වය කෙරෙහි වෛරය ගොඩනැගීම විෂම ලිංගික වැඩිහිටි පුරුෂයින් කෙරෙහි කාන්තාවන් හා ගැහැනු ළමුන් අතර ද්වේශය වැඩෙන සේ අභූත චෝදනා එල්ල කිරීම ආදියද සුලභ විය. මේ තත්වය යම් තරමකට පසුබෑවද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේද මුළුමනින් ඉවත් වූයේ නැත. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු බටහිර කාන්තා විමුක්තිවාදයද පසුබෑ නමුත් වෙනත් ස්වරූප වලින් ඉදිරියට ඇදුනි.

                          
බටහිර කේන්ද්‍ර කරගෙන එලි බහින කාන්තා විමුක්ති සැලසුම් අපේ රට තුලද රහසිගතව හා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වන බවට සැක කළ හැකි සාධක මේ ගැන බුද්ධිමත් විමසීමක් විමර්ශනාත්මක ලෙස කිරීමේදී විශේෂයෙන් ජාතික හා විජාතික ගැටුම කෙරෙහි සංවේදී බවක් ඇති කාටත් පහසුවෙන් සොයා ගත හැක. වඩාත්ම සැකකටයුතු දේනම් කාන්තා දිනයක් ආසන්නයේ කාන්තාවක් ඉලක්ක කරගෙන යම් ආන්දෝලනාත්මක දෙයක් සිදුවීම මෑත කාලයේ කීප අවස්ථාවක දැකගන්නට ලැබීමයි. රටම කැළඹීමට පත්කළ රීටා ජෝන් සිද්ධිය මෝදර කාක දූපත ප්‍රදේශයේ සිදු වී තිබෙන්නේ කාන්තාදිනයකට තරමක් ආසන්නවයි. ඊටත් පෙර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉනෝකා සෙවුවන්දි නම් හමුදා සේවයේ සිටි තැනැත්තියක් ඝාතනයට ලක්වූයේ කාන්තා දිනයක් අතලඟම තිබියදීය. ඉතා මෑත භාගයේ රත්නපුර කොටකෙතන සිදුවූ කාන්තාවන් ඝාතනයට ලක්වූ සිද්ධි මාලාවේ මුල්ම එක සිදුවී වසරකට පමණ පසු එහි සැකකරුවන් සොයාගත්තේ කාන්තා දිනයක් ආසන්නයේදීයි. මීට අමතරව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වර්ෂා නම් දැරියක් අතවරයකට ලක්ව මියගිය පුවතක් දැඩි ආන්දෝලනයට ලක් විය. එහි දින වකවානු හරි හැටි මතක නැතත් ඒ සිද්ධියෙන් පසුවද රටේ එල්ලුම්ගස් මානසිකත්වයක් වර්ධනය කිරීමට යම් පිරිසක් උත්සහ කළ ආකාරය දැකගන්නට හැකි විය. මීට පෙර සඳහන් කළ සිද්ධි වලදීත් ජනමාධ්‍ය ත්‍රස්තවාදීන් සුපුරුදු ලෙස එල්ලුම් ගස අවශ්‍ය බවට ත්‍රස්ත අදහස් වපුරනු ලැබීය. මේ සියළු සිද්ධි වලින් පසු රටේ ප්‍රධාන ජනමාධ්‍යවල අසාමාන්‍ය කුලප්පු වීම ගැනත් මතුවන්නේ සැකයකි. ඒමෙන්ම පාතාලයන් කුඩු ජාවාරම් කරුවන් ගැන සත්‍ය තොරතුරු පැහැදිලි සාක්ෂි ඇතිව තිබියදී ඔවුන් ඇල්ලීමට සමත් නොවන හෝ ඇල්ලුවත් ඊට බොහෝ කල් ගත්වන පොලීසිය කාන්තා දින ආසන්නයේ වන ස්ත්‍රී දූෂණ ස්ත්‍රී ඝාතන ආදිය සෙවීමට දක්වන අසාමාන්‍ය සමත්කම පුදුමසහගතය. මේ සියළු කාරනා එසේ වෙද්දී අවිචාරයෙන් අන්ධ වූ මුග්ධ ජනයා රොත්ත පිටින් එල්ලුම් ගස අවශ්‍ය බව කියමින් සැකකරුවන්ට ඇප නොදෙන ලෙසත් අත්තනෝමතික ඉල්ලීම් කරමින් කරන කෑ කෝ ගැසීම් පසුපසද මෝඩ ජනයා අවුස්සන බලල් අතක් ක්‍රියාත්මක වේදැයි සාධාරන සැකයක් මතු වේ. මේ කොටදෙනියාව සේයා සදෙවුමි දැරිය ඝාතන සිද්ධියේදීද ඉහත කී සියල්ල වෙද්දී තවත් එක් විශේෂ කරුනක් ගැන සැකයක් ඇති වේ. එනම් මේ වන විට ලහි ලහියේ අපේ රටටත් හිටපු ජනපති ඇතුළු ත්‍රිවිධ හමුදා නායකයන්ටත් යුධ අපරාධ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානීන් හරහා ගොනු වෙමින් තිබීමයි. කුමක් හෝ ආන්දෝලනාත්මක සිද්ධියක් ඇතිකර එල්ලුම් ගස සක්‍රීය කරවා රනවිරුවන් පෝරකයට යැවීමේ තැතක් ඇත්දැයි තවත් සැකයක් මතු වේ. තවත් පැත්තකින් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ලංකාව තුල සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමේ කුමන්ත්‍රණයක්ද එලි බැස තිබෙන නිසා, මෙරට සමාජයෙන් සමලිංගිකත්වයට ඇති විරෝධය අඩුකරගැනීමේ පෙරහුරුවක් ලෙස විෂමලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වෛරී ආකල්පයක් ඇති කිරීම සඳහා හේතුවක් නිර්මාණය කළාදෝ කියා සැකයක්ද ඇතිවේ.

                  
දැන් කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියට සිදු වූ දෙයත් එහි අපට සැක මතුවන කාරනා ගැනත් ඉහතින් දැක්වූ තොරතුරු අනුව විමර්ශනාත්මකව බලමු. ජනවාරි 8 සිදුවූ දේශපාලන පෙරලියත් සමග විජාතික බලවේග ශක්තිමත් වී විජාතික කුමන්ත්‍රණකාරීන්ට බියෙන් සැකයෙන් තොරව තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ විවර විය. විජාතික මතවාදී ආක්‍රමණිකයාට සිය මතවාද වලට ඉඩකඩ විවර කරගැනීමට නම් රටේ නිරවුල් සමාජ තත්වයක් තිබීම අහිතකරය. මේ පිල්ලියට සමාජය තුලට රිංගා යම් බලපෑමක් කිරීමටනම් කුමක් හෝ සමාජ ගැටළුවක් නිර්මාණය කළ යුතුය. එවිට ඒ ගැටළුවට මුවා වී මහා සාන්තුවරයන් ලෙස පෙනී සිටිමින් ප්‍රශ්න වලට විසඳුම් ලෙස ඔවුන්ගේ මතවාද පසුබිම් කරගත් නිර්දේශයන් පැටවීමට යම් ඉඩක් සකසාගැනීම සඳහා මේ විජාතික ක්‍රියාකාරීන්ට අවස්ථාව උදා වේ. අප වැඩි අවධානයක් යොමු කරන ලිංගිකත්වය සම්බන්ධ සාධකයේදී කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියට සිදු වූ දෙය ගැන අපගේ සැකයට තුඩු දෙන දෑ පිළිබඳ විමසීමක් දැන් කළ යුතුය. අවස්ථාවක් ලැබෙනතෙක් සිට සිද්ධියක් නිර්මාණය කරගැනීමේදී අපේ රට පුරා බූවල්ලෙකු අඬු දමාගෙන සිටින ලෙස විසිරී ඇති විදෙස් ඔත්තු සේවා වලට ඔත්තු සපයන රටේ ජන මනස විජාතිකත්වයට අනුව හැසිරවීමට කැසකවන කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මේ සිද්ධිය පසුපස සිටිය නොහැකිද? ඔවුන් බටහිරින් විශාල මුදලක් ආධාර ලෙස ලබා ගනිමින් රට තුල කරන්නේ මොනවාද? ඔවුන්ගේ ඉලක්ක වෙත යෑමට අවශ්‍ය සමාජ ගැටළුව කෘතීමව නිර්මාණය කරගැනීමට සේයා සදෙවුමි දැරිය කලක සිට ඉලක්ක කළා වෙන්නට බැරිද? විජාතික බලල් අතක් ක්‍රියාත්මක වී මෙලෙස මුදල්ද ලැබෙන කොන්ත්‍රාත් එකක් හැටියට නරුමයින් කිහිපදෙනෙකු පිට පලාතකින් කොටදෙනියාවට පැමිණ ඉතා සූක්ෂමව හා රහසිගතව දැරිය පැහැරගෙන ඝාතනය කළා වන්නට නොහැකිද? සිද්ධිය වූ දිනයේ එම ප්‍රදේශයේ සැරිසරා තිබෙන සුදු පැහැති වාහනයක් ගැනද තොරතුරක් මාධ්‍ය වල පළ විය. නමුත් ඒ ගැන ප්‍රදේශවාසීන් සැක කළද පොලීසියට සැක මතු වී නැත. අදූරදර්ශී දේශපාලුවන් නායකයින් හරහා බටහිර බොරු සංවර්ධන ඉලක්ක කරා යමින් වානිජ ලෝකයේ තෙම්පරාදු වෙන්නට පුරුදු කළ මෙරට සමාජය තුල දැන් මුදලට ඕනෑම පහත් වැඩක් කරන කාලකන්ණින් එතරම් දුලබ නොවන බවත් අප සීහි තබා ගතයුතු වේ.

                                  
මේ මහා අපරාධය කළ පුද්ගලයා හෝ පිරිස ඒ සඳහා මේ දැරියගේ පවුල් පසුබිම අසල්වාසීන් අවට සමාජය හා නිවසේ විස්තර ගැන කල් තියා සොයාබලා මේ දැරිය බිල්ලට ගත්තා විය නොහැකිද? එසේ සැක කරන්නට සාධකද තිබේ. මේ දැරියගේ නිවසේ දොර ජනෙල් ගැන විස්තර නිදාගන්නා තැන් හා පියාගේ විස්තර මේ ඝාතකයින් කල්තියා දැන නොසිටියාද? සිද්ධියෙන් දින කීපයකට පසු පොලීසිය දැරියගේ පියා සිද්ධියට සැක කළේ ඔහු මීට ඉහත ළමා අපචාරයකට සම්බන්ධ වී සිටියා යැයි කියන කාරනාවක් මතය. දැරියගේ පියා සම්බන්ධ මේ තොරතුරු ඝාතකයන් කල් තියා දැනගෙන අපරාධය පියාගේ පිටින් තියා සැඟවෙන්නට ඝාතකයින් උත්සහ කළා වන්නට බැරිද? පොලීසියද දැරියගේ පියා ගැන සැක කළේ කලක් තිස්සේ මෙරට කාන්තා විමුක්තිකාමීන් පවුල්වල පියා ගැන වපුරා ඇති වෛරී ආකල්පද හේතු කරගෙනය.( පියා පවුලේ ගැහැනු දරුවන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා තිබුණත් ඒ කාන්තා විමුක්තිකාමීන් රටට පෙන්වන ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු ප්‍රමාණයකි. )පොලීසිය දැරියගේ සීයාද නිරපරාදේ සැක කර ඇත. ඒ ඇයි? කලක සිට දරුවන් හා කාන්තාවන් අතර පවුලේ පවා වැඩිහිටි පිරිමින් ගැන ද්වේශය වැපිරීමටත් පිරිමියාගේ ලිංගිකත්වය ගැන කුහක සමාජයේ වෛරී ආකල්ප  වර්ධනයටත්  හොර කාන්තා විමුක්ති රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කර තිබීම නිසාය. පොලීසිය අසල්වැසි පාසල් සිසුවකුගෙන්ද ප්‍රශ්න කර ඇත. මෙලෙස පාසල් සිසුවෙකු පවා මෙවන් අපරාධයක සැකකරුවකු වීමේ පසුබිම කුමක්ද? සේයා සදෙවුමි දැරියට වයස 16ක් 17ක් පමන වන පිරිමි සහෝදරයෙක් සිටියේනම් පොලීසිය නිසැක වශයෙන්ම ඔහුද සැක කරනු ඇත. මේ ප්‍රදේශයේ ළමා අපචාර සම්බන්ධ පෙර වැරදි ඇති අය ගැනද පොලීසියේ උකුසු ඇස යොමු විය. මෙය වරදක් නොවේ. නමුත් සැකයනම් මේ පෙර වැරදි ඇති ප්‍රදේශයේ මදාවියන් ගැන ඇත්ත අපරාධකරුවන් කල්තියා සොයා බලා කරුණු රැස්කර තිබුණේද යන්නයි. මේ සිද්ධිය සැල වූ සැනින් සැක කරුවන් අධිකරනයෙන් වරදකරුවන් වීමටත් පෙරම අත්තනෝමතික හා පිළිකුල්සහගත ලෙස ඔවුන් වරදකරුවන් බවට ඇඟවෙන ප්‍රවුර්ති පළ කරමින් ප්‍රධාන ජනමාධ්‍ය හැසිරුන ආකාරයද් සැක සහිතය. මේ මාධ්‍ය ත්‍රස්තවාදීන් මින් පෙරද සිදු වූ මෙවැනිම අපරාධ හමුවේ ක්‍රියා කර ඇත්තේ මළකුණු වල කුණු රස සොයන වුර්ක රැලක් මෙනි. මේ සිද්ධියේදීද ඔවුන්ට සුපුරුදු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ රටේ ලිංගිකත්වය සම්බන්ධයෙන් පිළිගත් සදාචාරයන්ට හා පිළිගැනෙන ලිංගික ජීවන රටාවට සාපේක්ෂව සන්සන්දනාත්මකව කරුනු කීමෙන් නොව පිරිමියාගේ ලිංගිකත්වයේ ස්වභාවයම මෙවැනි සිද්ධි වලට වගකිවයුතු බව අනියම් ආකාරයකට අඟවමිනි. සිද්ධියට සැක පිට අතඩංගුවට ගත් අසල්වැසි පාසල් සිසුවාගේ චරිතයම මාධ්‍ය ත්‍රස්තයන් විසින් ඝාතනය කළේ ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රය තුල අසභ්‍ය දර්ශන ඇතුලත් පින්තූර හා මාධ්‍ය තිබූ බව පොලීසිය හෙලිකළ තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය කරමිනි.ලැප්ටොප් එකේ අසභ්‍ය දර්ශන තිබෙන කෙනෙකු මෙවැනි සිද්ධියකට නියත වගකිවයුත්තෙක් විය හැකි බව මාධ්‍ය ත්‍රස්තයින් නොකියා කීවෝය. 

                       
කොටදෙනියාවේ සේයා දැරිය අතුරුදහන් වූ දින සිට ඇය සෙවීමේ මෙහෙයුම ප්‍රදේශවාසීන් හා පොලීසිය කරගෙන ගිය ආකාරයද අපූරු එකකි. සිද්ධිය වූ දිනයේත් පසුදාත් දැරිය සොයා වෙහෙසුනු පිරිසෙන් ඇතමෙකු ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කර ඇත ඒ දැරිය සිටින තැන හෙවීමට පේන බැලීමයි. පේන බැලූ අති දක්ෂ අංජනම් කරුවා කොළඹ ප්‍රදේශයේ සිට ඇත. ඔහු පේන බලා කොටදෙනියාවේ ප්‍රදේශවාසීන්ට දුරකථන මාර්ගයෙන් තොරතුරු දන්වා ඇත. මේ තොරතුරු අනුව දැරිය සොයා වෙහෙසුනු පිරිසේ සිටි පොලිස් නිලධාරියෙකුට පසු දින උදෑසන දැරියගේ මළ සිරුර ඇලක් අසල පඳුරක් යට තිබී අහම්බයෙන් හමු වී ඇත.  දැරිය සොයාගැනීමේ මෙහෙයුම සාර්ථක වීමට අංජනම් බලා පේන කියූ තැනැත්තාගේ තොරතුරු ඉවහල් වී ඇත්නම් ඔහු ලවාම ඝාතකයා ගැන තොරතුරුත් සොයා ගැනීමට පහසු වන්නට තිබුණි. එසේ නොකළේ ඇයි? පේන කියූ කොළඹ ප්‍රදේශයේ තැනැත්තා ගැන තොරතුරු ජනමාධ්‍ය වලින් හෙලි නොකළේ ඇයි?  ඔහුගේ තොරතුරු දැරියගේ මළ සිරුර සොයා ගැනීමට ඉවහල් උනානම් ඔහුට ඒ වෙනුවෙන් තෑග්ගක් පවා ලබා දීම සුදුසුය. එපමණක් නොව මින් පෙර සිදු වූ සහ ඉදිරියේදීත් සිදුවන අපරාධ වල විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට ඔහුගේ සහය ලබා ගැනීමටද නියත වශයෙන් හැකිය. මේ ඛේදජනක සිදුවීමට පසු දැරියට ලිංගික අතවරයක් වී ඇති බව සැල වූ සැනින් මේ අපරාධයට වගකිවයුත්තන්ට මරණ දඬුවම ඉල්ලා එල්ලුම් ගසද ක්‍රියාත්මක කරන්නට බල කරමින් උද්ඝෝෂණ සංවිධානය වූයේ කෙසේද? ඊට පිටස්තර පුද්ගලයන්ද විශාල පිරිසක් සහභාගී වූයේ කාගේ සංවිධානයකින්ද? මේ උද්ඝෝෂණ වලටද මාධ්‍ය ත්‍රස්තවාදියාගේ අශීලාචාර සහය හොඳින්ම ලැබුණි. අත්තනෝමතික උද්ඝෝෂකයින් බොහොමයක් කියා සිටියේ අනෙකුත් සියළු හෙන ගහන අපරාධ පසෙක තිබියදී ස්ත්‍රී දූෂණ හා කුඩා දැරියන්ට වන ලිංගික අතවර වලට පමණක් මරණ දඬුවම දිය යුතු බවයි. මාධ්‍ය ත්‍රස්තවාදියාද ඒ මතය සමග සිටිමින් ඊට ප්‍රචාරය උඩින්ම ලබා දුන්නා පමණක් නොව ලිංගික අතවර ඉලක්ක කරමින් ලැප්ටොප් වල අසභ්‍ය දර්ශන තබාගන්නා පුද්ගලයින් පවා සැකකටයුතු ලෙස හුවා දැක්වීමද කළේය. එල්ලුම් ගස ක්‍රියාත්මක කළ පසු සිදුවන්නේ කුමක්ද නඩු අසන ආකාරය සැකකරුවන් වෙනුවෙන් පෙරකදෝරුවන් ඉදිරිපත්වන ආකාරය හෝ නීතියේ අඩුලුහුඩුකම් ගැන ජන මාධ්‍ය කිසිවක් නොකීමට වගබලාගත්තේය.

                               
දැන් පොලීසිය විසින් අල්ලාගත් කොණ්ඩයෙකු විසින් තමා වරද කළ බවට කළ පාපෝච්චාරනයක් ගැන තොරතුරු ප්‍රචාරය වෙ. මේ අතර සිද්ධිය ගැන පවත්වන ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිතය. දැන් ජන මාධ්‍ය වලින් තොර තෝන්චියක් නැතිව කියවන්නේ කොණ්ඩයාගේ චරිතය ගැන හා ඔහුගේ පෙර වැරදි ගැනය. මේ පුද්ගලයා අල්ලාගෙන ඇත්තේ කනත්තයක සිටියදීය. ඔහු මාළු අල්ලා අමුවෙන් කන තරමක් නපුරු ගතිපැවතුම් ඇත්තෙකු යැයි කියවේ. ඔහු කනත්තයේ වලලා ඇති කාන්තා මළ සිරුරු ගොඩ ගෙන ඒ සමග සංසර්ගයේ යෙදෙන බවටත් තොරතුරු මාධ්‍ය වල ප්‍රචාරය වී ඇත. මේවායේ ඇත්ත නැත්ත අප හරි හැටි නොදනිමු. ඔහුට එරෙහිව මින් පෙර ඉදිරිපත් වී ඇති නඩු වාර්ථා ගැනද තොරතුරු කියවිනි. බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක්ද මේ අතර වේ. මෙවැනි සිද්ධි පෙර වැරදි ලෙස තිබීමෙන් මෙවන් මදාවි චරිත වලට නිරායාසයෙන් වරද පැටවී යෑමේ යම් ප්‍රවනතාවයක් තිබේ. මේ අතර දැන් ප්‍රධාන චූදිතයා වී සිටින කොන්ඩයා මේ අපරාධය කර ඇති ආකාරය ගැන හෙලි කළා යැයි කියන තොරතුරු වල සැකකටයුතු තැන් ගැන විමසීමක්ද කළ යුතුය. මාධ්‍ය මගින්ද හෙලිකර ඇති තොරතුරු අනුව මේ කොණ්ඩයා දැරිය පැහැර ගැනීමට කලක සිට සැලසුම් කර ඇත. අවිශ්වාසකටයුතු කාරනය වන්නේ ඔහු මේ දැරිය පැහැරගත්තා යැයි කියන ආකාරයයි. ඔහු රාත්‍රියේ සේයා සදෙවුමි දැරියගේ නිවසේ ඉදිරිපසට පැමිණ දොර ඇරීමට බොහෝ වේලා උත්සහ කර ඇත. දොරේ අගුල බොහෝ වේලාවක් කරකවා ඔහු තරමක් අපහසුවෙන් කෙසේ හෝ දොර ඇරගෙන ගේ ඇතුලට ඇතුළු වූ බවක් කියවේ. ඉන්පසුව ඔහු දැරිය නිදා සිටි තැනට ගොස් ඇය වඩාගෙන එළියට පැමිණ ඇතැයිද කියවිනි. නමුත් අපට මෙහිදී ඇතිවන පළමු ගැටළුවනම් මෙලෙස සැකකරු බොහෝ වේලාවක් දොරේ අගුල ඇරීමට තැත් කර ඇත්නම් ඔහු එසේ කරන අතරතුර නිවසේ කවරෙකුටවත් ඒ වගක් නොතේරුනේ ඇයිද යන්නයි. නිදා සිටි එක් අයෙකුවත් අවධි නොවුනේ ඇයි? එසේ විය හැකිද? අනෙක් අවිශ්වාසකටයුතු කාරනේ නම් කොණ්ඩයා ගේ ඇතුලටම ඇවිත් දැරිය උස්සාගෙන යනතෙක් කිසිවෙකුටත් එවැන්නක් සිදුවන බව නොදැනී තිබීමයි. දැරිය උස්සාගෙන යන්නට තැත් කිරීමේදී දැරිය කිසිදු කළබලයක් නැතිව සිටියාද? කළබල උනානම් කොණ්ඩයාද කලබල වී ගෙදර අයට සිදුවන දේ වැටහීමට වැඩි වේලා යන්නේ නැත. එහෙත් මේ කිසිවක් නොවුනේ ඇයි? එසේ විය හැකිද? කොණ්ඩයා දැරිය පැහැර ගැනීමට කාලයක් සැලසුම් කළාද නැත්නම් අපරාධය ඇත්තට කළ එවුන් කොණ්ඩයාගේ පෙර වැරදි ගැන කාලයක් සොයා ඔහු මේ වැඩේට පැටළුවාද කියන එකත් සාධාරන සැකයකි. 
සේරම අස්සේ දැන් අළුත්ම තත්වය වන්නේ කොණ්ඩයාගේ සහෝදරයෙක් නැවතත් සැක පිට අතඩංගුවට ගෙන තිබෙන අතර ඔහුත් තමන් එම අපරාධය කළා යැයි පාපෝච්චාරනය කිරීමයි. මෙතැනින් කොතැනට මේ සිද්ධිය ගලා යයිද?
                          
අවසානයට අපට කියන්නට ඇත්තේ මෙවැනි සිද්ධියකදී අවිචාරයෙන් හා  ආවේග වලින් බැහැර වී පියවි සිහියෙන් විචාරශීලීව සිද්ධි දෙස බැලිය යුතු බවයි. කෘෂිකාර්මික ආර්ථික රටාව ප්‍රමුඛ වූ අපේ රටේ අදටත් බොහෝ දුරට සමාජ වගකීම් ඉටුකිරීම වැදගත් ලෙස සලකන සාමූහිකත්වය අගයන්නා වූ සමාජ තත්වයක් ග්‍රාමීය වශයෙන් සුළුවෙන් හෝ දැකිය හැක. අතීතයේ මේ තත්වය වඩා ප්‍රභල ලෙස ශක්තිමත්ව තිබී ඇත. නමුත් මෑතක රටේ සැබෑ වටිනාකම් හඳුනා නොගත් මෝඩ දේශපාලුවන් විසින් ගෙන ගෙන ගිය විවුර්ත ආර්ථිකය වැනි රටට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති හා ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහා කිසිදු වටිනා මිනිස් ගුනධර්මයක් අගයන්නට නොදත් මුදල් තන්හාවෙන් අන්ධ වූවන්ගෙන් සමන්විත වානිජ රැල්ලක් නිර්මාණය විය. මේ තුල රටේ හැම දෙයක්ම අදටත් වාණිජකරණය වෙමින් පවතී. මේ ක්‍රියාදාමය හරහා අපගේ අතීත සමාජයේ තිබූ සාමූහිකත්වය ඇතුළු වටිනාකම් කුඩු පට්ටම් වී අන්ත ආත්මාර්ථකාමී ලෙස තම පෞද්ගලික ආර්ථිකය වර්ධනය කරගැනීම පමණක් මුල් කරගත් මිනිසුන් වෙසෙන සමාජක්‍රමයක් ඇති විය. මේතුල සමාජයේ සෑම කෙනෙක්ම රටට වැඩක් කළ හැකි වටිනාකමක් සහිත පුද්ගලයෙකු ලෙස පැවැත්ම ගොඩනගා ගැනීමේ ක්‍රමය අහෝසි වී අනවශ්‍ය බෙදීම්ද නිර්මාණය වී ඇත. රටට නොගැලපෙන අධ්‍යාපනය හරහා උගත් නූගත් යනුවෙන්ද සමාජ යේ බෙදීමක් ඇතිවීම සැබවින් අවාසනාවකි. අර කොණ්ඩයා ඔය කියන අපරාධය ඇත්තටම කරානම් ඔහුගේ මදාවි ජීවිතය එලෙසම කාලකන්ණි ලෙස වර්ධනය වීමට ආත්මාර්ථකාමී සමාජයෙන් යම් රුකුලක් ලැබී තිබීමද වසන් කළ නොහැකි දෙයකි. අප එකක් සිහි තබා ගත යුතුය, ඒ කොටදෙනියාවේ ශෝකජනක සිද්ධියට මුහුන දුන් අය මෙන්ම ඊට චෝදනා ලබමින් දෝෂදර්ශනයට ලක් වූ කොණ්ඩයාද සිංහලයන් යන වගයි. ඇතැම් විට මේ දැරිය ඝාතනය කළ පුද්ගලයා සිංහල නොවන වෙනත් ජන කොටසකට අයත් වීනම් ඊනියා ජාතික සමගියේ නමින් පරීක්ෂණ යට ගසා  ඔහු බේරීමටත් ඉඩ තිබුණි. කෝටි 700කට මදක් වැඩි ලෝක ජනගහනයෙන් සිංහලයන් ඇත්තේ එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න ජනගහනයකි. අප කළ යුත්තේ හිටි අඩියේ ඇතිවන කොටදෙනියාවේ සිද්ධිය වැනි අපරාධ වලට මේ සී සීකඩ විසිරුනු ආත්මාර්ථකාමී සමාජයේ කොතෙක් වැරදි තිබියදී එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට වඩා ලෝකය පුරා විවිධ පැති වලට තිබෙන ප්‍රවනතා අප මෙහෙයවන පිටස්තර බලවේග හා අපේ සමාජයේ දුර්වලතා ගැන  අවබෝධයක් ඇතිව ඒවායෙන් ගැලවීමට කටයුතු කිරීමයි. 

                      
අපට මග හරින්නට බැරි කාරනාවක් මෙහිලා නැවත මත කර යුතුමය. ඒ අද වන විට ලිංගික ව්‍යාකූලත්වය නිසා ඉදිරි පරම්පරා පිටින් අසාර්ථක වූ බටහිරට ආසියාතික රටවල ජනගහන වර්ධනය මහත් හිසරදයක් වීමයි. බටහිර යුදෙවු සංස්කෘතික ආක්‍රමණය ලොව පුරා ක්‍රියාත්මක කරනා ජාත්‍යන්තර සංවිධාන වලට ලංකාව වැනි ආසියාතික රටවල ප්‍රජනනය කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ සීමා කිරීම අවශ්‍යය. ඒ සඳහා බටහිර කාන්තා විමුක්තිවාදය කෙලින්ම ක්‍රියාත්මක කිරීමට මුලින් උත්සහ කළ විජාතික බලවේග බෞද්ධ සමාජ පරිසරයක් ඇති ලංකාව තුල දුෂ්ඨ හා සොබාදහමට එරෙහි යුදෙවු කාන්තා විමුක්තිය පැතිරවීම අපහසු බව තේරුම් ගෙන ඇත. දැන් මේ බලවේගයට තම අරමුණු ඉටු කරගැනීම සඳහා අපේ සමාජය තුල ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකා අතර වෛරය වැපිරීමට ක්‍රමයක් අවශ්‍ය වේ. එලෙසම විජාතික බලවේග වලට දැන් සැකයට භාජනය නොවී තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපේ සමාජයේ දුර්වල තැන් අල්ලා ගැනීමටද අවශ්‍ය වේ. ඒ සඳහා විජාතික බලවේග තීක්ෂණ උපක්‍රම භාවිතා කරයි.  අප හුරු වී ඇත්තේ ආන්දෝලනාත්මක ලිංගික අපයෝජන සිද්ධි වලදී අදාල සිද්ධියට මුහුන දුන් තැනැත්තියගේ පවුලේ පියා ඇතුළු පිරිමි සියළුදෙනා සැක කිරීමටය, ඉන් පසුව අහල පහල වැඩිහිටි පිරිමි සියළුදෙනා සැක කිරීමටය, ඊටත් පසු ගමේ මදාවියෙකු සිටීනම් ඔහු සැකකරු කර උසාවි තීන්දුව එන්නත් කලින් වරදකරු කිරීමටය. පොලීසියද මේ ආකාරයටම විමර්ශන මෙහෙයවන්නේ කලක් තිස්සේ කාන්තා විමුක්ති එන්.ජී.ඕ බලවේග ගොඩනගා ඇති මිථ්‍යාවන් ඔස්සේයි. වර්ථමානයේ මෙවැනි සමාජ ගැටළු හමුවේ සමාජයම ලෙඩ කරවන විෂබීජ හා විෂබීජ වැඩෙන සමාජයේම දුර්වලකම් සංසන්දනාත්මකව සොයා බලා මිථ්‍යාවෙනුත් ගතානුගතිකත්වයෙනුත් බැහැරව කෙරෙන බුද්ධිමත් විමර්ශණ ක්‍රම වේදයන් අවශ්‍යය. එසේම මෙවැනි ස්ංකීර්ණ සමාජ ගැටළු හමුවේ කොටදෙනියාවේ ඊනියා උද්ඝෝෂණ කළ බොරු වීරයන් කියන ආකාරයට එල්ලුම් ගස් ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳීමටද නොහැක. වරද කරුවන් එල්ලුම් ගස් යැවුවද කෙනෙක් වරද කිරීමට පොළඹවන ව්‍යාධිජනකයා සමාජයෙන් ඉවත් නොකරන තාක් සිදුවන්නේ ව්‍යාධිජනකයා විසින් කලින් කල හදා එලිබස්සවන වරදකරුවන් එල්ලුම් ගස් යෑම පමණකි. ඒ දෙස බලා සතුටු විය හැක්කේ අපරාධකරුවන් තරමටම නරුම මානසිකත්වයන් ඇත්තවුන්ටය. ඊනියා යුධ අපරාධ චෝදනා එල්ල කරමින් අපේ රනවිරුවන් අපරාධකරුවන් කළ තැන ඔවුන් බිල්ලට ගන්නේත් විජාතික බලවේග වල ලනු කා කොටදෙනියාවේ උද්ඝෝෂන කරවුන් ගෙනෙන්නට කියන එල්ලුම් ගසම බවත් නැවත කිව යුතුයි. ඒ ආකාරයෙන්ම සමලිංගිකත්වය පිළිගැනීමට ලක්කරන පනත් කාන්තා අයිතීන් හා සම අවස්ථා නමින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන තෙක් තවත් දැරියන් කාන්තාවන් කීයක් අතවරයට ලක්ව මිය යෑමට නියමිතද යන්නත් නිස්චිත නැත. සියල්ල සිදුවෙද්දී සැකපිට අල්ලාගත් පසු පාපෝච්චාරනය කරන්නට කොන්ඩයන් කීයක් ඕනෑ වෙයිද යන්නත් ප්‍රශ්නයකි. අවිචාරයේ වෙලී රටත් ජාතියත් විජාතික බූවල්ලාට බිලි  නොදෙමින්, මේරටේ අතීත සමාජයේ තිබූ සැබෑ වටිනාකම් පනගන්වා සී සීකඩ විසිරී දුර්වල වුනු සමාජය ඒකරාශී කර, එකිනෙකාට චෝදනා කරගැනීම නවතමින් රටම ලෙඩ කරන විජාතික බලවේග පරාජය කර සියළු දෙනාට ජාතික වගකීම් වලින් බැඳී සිටින්නට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කර රටේ ජාතිකත්වය සවිබල ගන්වා සියල්ලන් සුරක්ෂිත විය යුතුය. ඉන් මෙපිට මේ ප්‍රශ්න වලට විසඳුම් නැත.

8 comments:

  1. දැන් බලාගෙන යනකොට අහල පහල රේප් කේස් මර්ඩර් කේස් වෙනකොට හැම එකාම බයේ ඉන්න එපායෑ ඇයි යකෝ පොලීසිය ගේ ඇතුලෙ එවුනුයි අහල පහල එවුනුයි හිටන් සැක කරනවනේ. හොඳ වෙලාවට DNA පරික්ෂණයක් කළේ.

    ReplyDelete
    Replies
    1. DNA පරික්ෂාව නොකරන්න මොකෙක් හරි එකෙක් පෙර වැරදි හොයල බොරුවට වැඩේට අල්ලගන්න ගොඩක් ඉඩ තිබුණා. මටනම් සැකයි මේ රටේ මෙච්චර කාලෙකට උන අනෙක් සිද්ධි වලදිත් පොලීසිය පරික්ෂණ පැවැත්තුවේ මෙහෙමද කියලා. තව එල්ලුම් ගහත් ක්‍රියාත්ම්ක උනානම් මොන වින්නැහියක්ද වෙන්නේ?

      Delete
  2. මෙතන මොකකින් මොකක් වෙනවද කියල හිතාගන්න බැරුව දැන් සමාජයම තුෂ්නිම්භූතව බලා ඉන්නව. වරද කරා කියල ඉස්සරෝම කියපු කෙනා නෙවෙයි දැන් එයාගේ අයියලු. මේ විමර්ශන කරන පොලිස් කාරයන්ගේ මානසික තත්වය ගැන වෙනම විමර්ශනයක් කරන්න වෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. අපේ රට ඇතුලේ මේ වගේ අපරාධ සිදුවීම් මාලාවක් විදිහට සැලසුම් සහගතව සිද්ධ වෙනවද කියන සැකය දැන් කාටත් ඇති වෙන එක වලක්වන්න බෑ. මම ලිපියෙනුත් පෙන්නුවේ ඒකයි. පොලීසියයි ජනමාධ්‍යායි අන්තිම අසික්කිත විදිහට තමයි මේ සිද්ධිය හමුවේ ක්‍රියා කළේ. අපිට මීට වඩා වෙනස් අතකට යන විචාරයක් අවශ්‍යයි දැන්. ලෝකේ පුරාම එක එක රටවල අභ්‍යන්තර සමාජය තුල විවිධ ප්‍රශ්න ඇතිකරමින් ඒවාගෙන් වාසි අරන් තමන්ගේ මතවාදී ඒකාධිකාරය පතුරවන්න ජාත්‍යන්තර යුදෙවු මතවාදී ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙනවා. අපි සිහිකල්පනාවේන් මේ වගේ සිද්ධි ගැන ගතානුගතිකව රටේ මිනිස්සුන්ගේ පෙර වැරදි අල්ලගෙන ඒ අය සැක කරනවට වඩා ලෝකයේම ප්‍රවනතා එක්ක අපට එරෙහි කුමන්ත්‍රණ ගැන අවබෝධයක් ඇතුව කරුනු සෙවිය යුතුයි.

      Delete
  3. කොටදෙණියාවෙ oic ගෙ තමයි දැන් ඩීඑන් ඒ චෙක් කරන්න තියෙන්නෙ www.eethalayanews.com

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ සිද්ධි පොලීසියයි ජනමාධ්‍යයි කල් තියා දන්නවද කියලත් දැන් සැකයි. මොකද මේ වගේ සිද්ධි වලදී කුඩු ජාවරම වගේ අනික් හෙන ගහන අපරාධ වල විමර්ශන කරනවට වඩා ඉක්මනින් විමර්ශන කරන්න පොලීසිය දක්වන අසාමාන්‍ය සමත්කම නිසා. සමහර විට රටේ නැති ප්‍රශ්න ඇති කරල එයින් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බලාන ඉන්න පිටස්තර වුර්ක රැල පොලීසිය ජනමාධ්‍ය ඔවුන්ට අවශ්‍ය විදිහට මෙහෙයවනවද කියලත් සැකයි. මොකද සල්ලි වලට ඕන ජරා වැඩක් කරන එවුන් දැන් රටේ විශාල වශයෙන් ඉන්නව. ඒ වගේම එහේ එවුන් අල්ලගෙන උන්ට හොඳට මිලමුදලින් සලකලා තමන්ට රට ඇතුලේ පැලපදියම් වෙන්න අවශ්‍ය ප්‍රශ්නය නිර්මාණය කරගන්න තරම් මොළයක් අර පිටස්තර වුර්ක බලවේගයට නැතැයි හිතන්න කොහෙත්ම බෑ. මුන්ට මේ වැඩ කරල වරද පටවන්න මදාවි චරිත හොයාගන්නත් ලේසි වෙන තරමට අපේ රටේ සමාජය පිරිහිලා තියෙන එක උන්ට වාසියක්. මේව සංකීර්ණ ලෙස හිතන්න වෙන දේවල්. ඇත්තටම DNAපරීක්ෂණේ කෙරුන එකෙන් පොලීසියේ රෙදි ගැලවිලා අහින්සකයො බේරුන එක ලොකු දෙයක්.

      Delete
  4. පරක්කු වෙලයි ලිපිය බැලුවේ. මේක අද මුළු රටේම මහ ආන්දෝලනාත්මක සිද්ධියක් වෙලා. මෙතන මොකක් හරි රහසක් ඔබ කියන විදිහටම තියෙන්නත් බැරි නෑ. වඩාත්ම ගැටළුව එල්ලුම්ගහ ක්‍රියාත්මක උනානම් මොකද්ද වෙන්න තිබුණේ කියන එක.

    ReplyDelete
    Replies
    1. එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙලා DNA පරික්ෂනෙත් නොකෙරුනානම් තමයි බලන්න තිබුණේ නියම සෙල්ලම. එහෙනම් මොකෙක් හරි එකෙක් පොලීසියෙන් බලහත්කාරෙන් වරද පටවලා උසාවි ගෙනියයි, බොරු සාක්ෂි හදයි. උටම කියල වරද කළ බවට පාපෝච්චාරනේ කරවගනියි. ගහේ එල්ලයි මරයි ඒක දිහා බලල අර උද්ඝෝෂණ කරපු අනි තිරිසන් රැල ආතල් එක ගනියි. පත්තර කාරයො තලු මර මර ඒක රට වටේ කියවගෙන යයි. නමුත් ප්‍රශ්න ඇති කරන ඇත්ත බලවේගය ක්‍රියාත්මකයි.

      Delete