මෑත කාලයේ බුකියේ තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහරදෙන සිද්ධියක් ගැන ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. මේ වීඩියෝ පටය මොන හේතුවකට කවුරුන් විසින් බුකියේ දැම්මාද කියා තරමක සැකයක් තිබෙනවා. අන්තිමට තරුණයන් දෙදෙනාගෙන් පහර කෑ තරුණිය පවසන පැවසූ පරිදි සිද්ධිය වී තිබුණේ මීට වසරකට පමණ පෙරය. එහිදී මේ පිරිස දිය නෑමට ගොස් සිටින අතරතුර කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් අර තරුණයන් දෙදෙනා මෙකී තරුණියට පහර දුන් බවක දැනගන්නට ලැබුණි. මේ සිද්ධිය වීඩියෝ කළේ කවුද? එයද මේ පිරිස අතරම සිටි කෙනෙකු කරන්නට ඇත. එය බුකියට ආවේ කෙසේද? තරුණිය මාධ්‍ය වලට ප්‍රකාෂ කර තිබූ ආකාරයට වීඩියෝව අඩංගු වූ ජංගම දුරකථනය යම් අළුත්වැඩියා කටයුත්තකට දී තිබූ යම් කිසි දුරකථන අළුත්වැඩියා කරන ආයතනයක කිසිවෙකු විසින් මේ වීඩියෝව බුකියට දමා ඇතැයි සැක පහල විය.
විස්තර කරුනු කාරනා මොකක් උනත් වීඩියෝව බුකියට දැමූ පුද්ගලයන් කුමන චේතනාවකින් එසේ කළාද කියා ටික දුරකට හොයා බැලීම වැදගත් වෙයි. මුල්ම කාරනාව වන්නේ බුකියේ සැරිසරන වැඩි දෙනා කුමක් හෝ ආන්දෝලනාත්මක දෙයක් තම ප්‍රොෆයිල් එකට එකතු කර ජනප්‍රිය වීමට දැඩි කැමැත්තක් දැක්වීමයි. එනයින් බලන කළ කෙනෙකුට තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට මෙවැනි ආන්දෝලනාත්මක වීඩියෝවකින් ලැබෙන්නේ අති විශාල සහයෝගයකි. ඒ අනුව මෙය කෙනෙකු තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට පාවිච්චි කර තිබෙන බව බොහෝ දුරට පැහැදිලි වේ. මේ සිද්ධිය සිදුවී තිබෙන්නේත් දැනට වසරකට පමණ කලකට ඉහත බැවින් මේ අවස්ථාවේ මෙය බුකිය වටා සැරිසැරුවේ ඇයිද යන්නත් සිද්ධිය සිදු වූ කාලයේදීම මෙය බුකියට එක් නොවීම යන කාරනාත් සොයා බැලීමේදී එම වීඩියෝව බුකියට දමා ඇත්තේ සිද්ධියට සම්බන්ධ තරුණයන් හා තරුණියගේ පාර්ශවය නොව වෙනත් පාර්ශවයක් බව විශ්වාස කළ හැක. සිද්ධියට අදාල තරුණිය පසුව කළ ප්‍රකාෂ වලින්ද ඒ බව තහවරු වේ.
මේ සිද්ධියේ ඇත්ත තත්වය රටට හෙලි කිරීම නිසා දැන් පාර්ශව කීපයක් යන එන මං නැතිව අනාත වී ඇති බවනම් පැහැදිලිය. ඉන් එක් පාර්ශවයක් වන්නේ සිද්ධිය ඇසුරෙන් පුවත් මවා ජනප්‍රිය වීමට උත්සහකළ ජනමාධ්‍ය ත්රස්තයන්ය. සිද්ධියට මුහුණදුන් තරුණිය ඇත්ත කියා වසරකට පෙර වූ සිදුවීමේ හරි වැරදි මෙන්ම තමා එය භාරගන්න ආකරයද රටට කීවාය. එයින් ජනමාධ්‍ය වලට කට උත්තර නැති විය. තවත් පාර්ශවයක් වන්නේ බුකියේ වීරයන්ය. ඔවුන්ටද මේ සිද්ධිය අල්ලාගෙන තරුණිය ගැන බොරු අනුකම්පාවක් දක්වා වීරයන් වීමට තිබූ අවස්ථාව අහිමි විය. අප අවධානයට ලක්වියයුතු වැදගත්ම කාරනය වන්නේ ජනමාධ්‍ය පිස්සු බල්ලන්ගේ ක්‍රියාකලාපයත් ප්‍රයෝජනයට ගෙන ඊනියා කාන්තා විමුක්තිය කරලියට ගෙන ඒමට සිටි වුර්ක රැලකටද සිය බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදු වීමයි. මෙය සැබවින් වාසනාවකි. සිද්ධියට මුහුණ පෑ තරුණිය තමන්ට වූ සිද්ධිය කාන්තා හින්සනයක් නොවන බවත් දැන් සිද්දිය සමතයකට පත්ව ඇති අතර පහර දුන් තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් ලබන වසරේ විවාහ වන බවත් පැවසීමෙන් කාන්තා හින්සනය නම් ගෙන්වා බෙදාහරින වචන සෙට් එක තවදුරටත් මේ සිද්ධියට භාවිතා කිරීමට බැරුව කාන්තාවිමුක්තිවාදීන් අනාථ වූහ. දැන් මේ ව්‍යාධිජනක කාන්තා විමුක්තිවාදීන්ට තලුගසමින් හපන්න තිබූ කුනු මස්කටුව ඉවතට විසි වී ඇත. ඔවුන් අනාථභාවයට පත්කර ඔවුන්ට රට තුල නැති ප්‍රශ්නයක් මවා බටහිර කාන්තා විමුක්තිවාදයෙන් සමාජය ලෙඩ කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථාවක් නැතිකරදැමූ මේ තරුණියට අප කාගේත් ප්‍රනාමය හිමි විය යුතුමය.