Saturday, September 26, 2015

කොටදෙනියාවේ මහ අපරාධය තවම අභිරහසක්. අවිචාරයට ඉඩ නොදෙමු.




පසුගිය 11 වනදා කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් දැරිය අතුරුදහන් වූ අවස්ථාවේ පටන් මේ දක්වා සිදුවූ සිද්ධි බොහෝය. ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ ප්‍රවුර්තිද බොහෝය. දැරියට සිදු වූයේ කුමක්ද? ඇය බිල්ලට ගත්තේ කවුද? යන දේවල් සම්බන්ධයෙන් තොරතුරු බොහෝ ප්‍රචාරය උනත් මේ අහින්සක දැරිය බිල්ලට ගැනීමට බලපෑ සිද්ධිය කුමක්ද  කියා තවමත් හරියට සොයාගෙන නැත? දැන් මේ සම්බන්ධ වරදකරු යැයි සැකපිට අල්ලාගත් පුද්ගලයෙකු පාපෝච්චාරනය කළ දේවල් අහන්නට දකින්නට ලැබේ. ඒ තොරතුරු ලැබෙන්නේ පොලීසියෙනි. තොරතුරු ප්‍රචාරය වන්නේ ජනමාධ්‍ය වලිනි. දැරියන් කාන්තාවන් අතුරුදහන් වූ මරනයට පත් වූ අතවරයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මින් පෙරත් මෙවැනිම සිද්ධි වලින් අනතුරුව එල්ලුම් ගස් මානසිකත්වයක් කෘතීමව ජනමාධ්‍ය හරහා සමාජයේ වර්ධනය කිරීමට ගත් උත්සහයන් අප දැක ඇත. ජිනීවා මානව හිමිකම් වාර්තාව හා යුධ අපරාධ චෝදනා එලිබැස රනවිරුවන්ටත් හිටපු ජනාධිපති (ඔහු අදටත් රටේ සැබෑ නායකයායි ) ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ටත් තර්ජනයක් වන අවධියක හදිසි එල්ලුම් ගස් මානසිකත්වයක් රටේ ජනනය කරවීම සැබෑ සැක සහිත සිද්ධියයි. ඊට අමතරව අපේ රට තුල කාලයක සිට පිරිමින් හා පිරිමි ලිංගිකත්වය ඉලක්ක කර කුහක වෛරී ආකල්ප වර්ධනය රහසිගතව සැලැස්මකට අනුව සිදු වේ. එලෙසම රට තුල සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබා දීම සඳහා ජන මනස සූදානම් කිරීමේ විජාතික මෙහෙයුමද ක්‍රියාත්මක වේ. 
                    මේ සියළු සිද්ධි අස්සේ දැරියගේ ඝාතකයා යැයි කියා දැන් කියනු ලබන කොණ්ඩයෙකුගේ පාපෝච්චාරනයක් ගැන කතා පැතිරෙයි. මේ කොණ්ඩයාගේ චරිතය ඉතා නරක බවත් ඔහුගේ පෙර වැරදි බොහෝ ඇති බවත් කියවේ. කෙසේ වෙතත් පෙර වැරදි බොහෝ තිබෙන මදාවි චරිතයක් වැඩේට මාට්ටු කර සැලසුම් සහගත අපරාධයේ ඇත්ත යට ගැසුවාදැයි සැක සහිතය. සිද්ධියෙන් පසුව එල්ලුම් ගස පනගන්වන්නැයි කෑ කෝ ගසමින් උද්ඝෝෂණය කළවුන් අතර කොටදෙනියාවේ පමණක් නොව රටේ විවිධ පැති වලින් පැමිණි පුද්ගලයන් ඉඳ ඇත. මේ පිරිස සංවිධානය කළේ කවුද? ඒ පසුපස සිටියේ කවුද? හිටි ගමන් පිට පලාත් වලිනුත් සෙනග ගෙන්වා උද්ඝෝෂණයක් සැලසුම් කිරීම හා එල්ලුම් ගස් රුදාව ප්‍රචාරය කළ ජනමාධ්‍ය වල අශීලාචාර හැසිරීම තවත් සැක කටයුතු වේ. රත්නපුරේ කොටකෙතන සිද්ධිය පිළිබඳව නම් උසාවියෙන් ඉතා නිවැරදි තීන්දුව ලැබී පොලීසියේ රෙදි ගැලවිනි. මේ සිද්ධියත් එවැනි එකක්වත්ද? පොලීසියේ ක්‍රියා කලාපය දන්නෝ දනිති. අපරාධයකදී කරුණු හොයා ගත නොහැකි වන තැන පවුලේ මදාවියෙකු සිටීදැයි සොයා ඔහු සැක කිරීම. ගමේ මදාවියෙක් අල්ලාගෙන ගොස් බලෙන් වරද පැටවීම පොලීසියට පහසුවෙන් කළ හැක. කොහොම වෙතත් එල්ලුම් ගස් උමතුව හා කොටදෙනියාවේ ඇත්තට සිදු වුනේ කුමක්ද යන්න ඊනියා යුධ අපරාධ පරීක්ෂණ හරහා රනවිරුවන් බිලි ගන්නට යද්දීවත් දැනගන්නට පුළුවන් උනොත් හොඳය. දැන් අපට අවශ්‍ය ජනමාධ්‍ය වලින් පෙන්වන දේ බලා අවිචාරයෙන් කලබල වීම නොව මේ සිද්ධිය බුද්ධියේ විමසුමට ලක්කරන විචාරාත්මක බවකි. ගතානුගතික අපරාධ පරීක්ෂනයෙන් බැහැරව මෙය සිදු විය යුතුය.


සවිස්තර ලිපියක් පසුව පල කරන්නට අදහස් කරමු.

2 comments:

  1. මේ සිද්ධිය ගැන දැන්නම් තියෙන්නේ ලිහාගන්න බැරි පැටලිලි ගොඩක් එකෙක් පාපෝච්චාරනය කරනව ආයෙ ටික දවසකින් තව එකෙක් මමයි කියනව මේක විහිළුවක්. පොලීසිය සැකකාරයන්ට පහරදීල ප්‍රකාශ සටහන් කරගෙන. තව කොහෙන් කෙළවර වෙයිද?

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට තවත් පැටලිලි ගොඩකට මැදි වෙනව මේ ප්‍රශ්නේ. පොලීසියෙන් එක් එකාට ගහල තර්ජනේ කරල වරද පටවන්න තමයි හදල තියෙන්නේ. DNA වාර්තාව ගැන අවධියෙන් හිටිය යුතුයි.

      Delete