Thursday, September 17, 2015

අනගාරික ධර්මපාල තුමා ගෞරවයෙන් සිහිපත් කරමු.

අනගාරික ධර්මපාලතුමා යනු මෙරට සුවිශේෂී ජාතික වීරයෙක් වෙයි. ඒ එතුමා රටට ආවේනික ලෙස සිතන පතන මිනිසුන්ගේ චින්තනය පනගන්වා සිංහලයේ ජාතිකත්වයට නීසි නායකත්වයක් ලබා දුන් හෙයිනි. සැප්තැම්බර් 17ට එතුමාගේ 151 වන ජන්ම දිනය හා ගුන සැමරුම යෙදී තිබේ. එහෙයින් එතුමා කළ සැබෑ යුග මෙහෙවර අප අනුස්මරනය කළයුතුය. මේ වන විට එතුමාගේ චරිතයත් වත්මන් විජාතික යටත් විජිත ගැති රජය තම දේශපාලන අරමුනු වෙනුවෙන් යොදාගැනීමට උත්සහ කර තිබේ. එහෙත් ධර්මපාලතුමා ගැන  දන්නෝ එතුමා රටටත් ජාතිකත්වයටත් කළ මෙහෙවර දනිති. අනගාරික ධර්මපාල තුමා රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් රට තුල මෙන්ම ජාත්‍යන්තරයේත් විශාල ජයග්‍රහනයන් ලබා දුන් සබෑ දෑහිතකාමියෙකි. මේ අප ගෙවන්නේ ධර්මපාල චරිතයක් නැවතත් රටට අවශ්‍ය කරන යුගයකයි. රටට ආවේනික චින්තනයට හා ස්වදේශීයත්වයට පුද්ගලික ලාබ ප්‍රයෝජන නොතකා අවංකව නායකත්වය දුන් අනගාරික ධර්මපාල තුමාට අපගේ උපහාරය ඉතාමත් බැතියෙන් හා ගෞරවයෙන් පුදකර සිටිමු.

4 comments:

  1. ධර්මපාල තුමන් ගේ මැදිහත් වීම මත තමිල්නාඩුවේ චෙන්නායිහි සිංහල අපට හිමි එකම බිම් කඩ තාම ඉතිරිව ඇත. ඒ චෙන්නායි මහාබෝධි සමාගම පරිශ්‍රයයි. දුර දුටු උතුමෙක්.

    ReplyDelete
    Replies
    1. එතුමා දුර දක්නා නුවනින් කටයුතු කිරීම නිසා තමයි අපේ සිංහල ජනයාට ලෝකයේ හතරදිග්බාගයේම දැනුම ඒ කාලේ ලබාගන්න පුළුවන් උනේ.

      Delete
  2. අනගාරික ධර්මපාල චරිතයක්නම් රටට ඕන තමා. ධර්මපාලතුමා අද හිටියනම් යහපාලන මොන්ගලයන් එතුමාවත් මූල්‍ය වංචාවකට අල්ලන්න මොකක් හරි ගැටයක් ගහයි.

    ReplyDelete
    Replies
    1. ධර්මපාල තුමා අද හිටියනම් රනිල්ගේ මූල්‍ය අපරාධ කොට්ඨාශේ පළිගැනීම් පරීක්ෂණ වලට මූණ දෙන්න වෙයි තමා

      Delete