Saturday, September 12, 2015

දියවඩන නිලමේ තුමාට සුභාශිංසන


පසුගිය දාක පැවැත්වුනු මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තේරීමේ චන්ද විමසීමේදී අති විශාල වැඩි චන්ද ප්‍රමාණයක් ලබා නැවතත් එම තනතුරට තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට අපගෙ අනෙකුත් සියළු කාරනා මෙන්ම එක්තරා විශේෂ හේතුවක් නිසා වෙයි.ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා රටට ජාතියට අවංක ඇල්මක් දක්වන සිංහල බෞද්ධයන්ටත් රටේ ජාතිකත්වය නියෝජනය කරන නායකයා වන මහින්ද රජපක්ෂ මහතාටත් වඩා හිතැති බැවින්ය. දියවඩන නිලමේවරයා යනු මෙරට සිංහල බෞද්ධයන්ගේ මෙන්ම රටේත් නිල නොලත් රාජ්‍ය නායකයාද වෙයි. එබැවින් ආරංචි හැටියට මේ තනතුරටද රනිල් මෛත්‍රී විජාතික රජය උපරිම රාජ්‍ය බලය යොදවා දිසාපතිවරුන්ට විවිධ බලපෑම් කර තමන්ට හිතවත් කෙනෙකු පත් කරගැනීමට දැඩි වෙහෙසක් දරා ඇත. එහෙත් එම උත්සහයන් ව්‍යර්ථ විය. අපට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට දලදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පත්කර ගැනීමට රජය උත්සහ කර ඇත්තේ හිටපු දියවඩන නිලමේවරයකු වූ නෙරන්ජන් විජේරත්න මහතාවයි. ඔහුට ලැබී ඇත්තේ ඉතා අඩු චන්ද ප්‍රමාණයකි. එයිනුත් පෙන්නුම් කළේ විජාතික රජයේ හිතවතුන්ට ඇති අප්‍රසාදයයි. ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ජයග්‍රහනය නොරිස්සූ රජය හා රජයේ සහයකයින් පසුව ඒ මහතාට මඩ ගැසීමට කටයුතු කර ඇත. අවුකන ස්වාමීන්වහන්සේට අල්ලස් දීමට හා බලපෑම් කිරීමට කටයුතු කළ බවට බොරු ප්‍රචාරයක් යවා ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් සියල්ල ඔවුන්ගේම අතේ පත්තු වී තිබේ. සියළු බාධක මැද්දේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්වීමෙන් පෙන්නුම් කළේ වගකිවයුතු රාජයේ නිලධාරීන් බහුතරය විජාතික රජයේ බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ජාතික වගකීමක් ඉටු කළ බවයි. දලදා මාලිගාවට  ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කර රටත් ජාතියත් සුරක්ෂිත කළ සැබෑ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාටත් රටට ජාතියට සැබෑ ලෙස ආදරයක් දක්වන සියළුම සිංහල බෞද්ධයන්ටත් හිතැති දියවඩන නිලමේතුමාට අපගේ ගෞරවාචාරය නැවතත් පුද කර සිටිමු.

6 comments:

  1. Replies
    1. ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන අදහස් දැක්වුවාට

      Delete
  2. මහින්ද රාජපක්ෂත් නිලංග දැලත් මෙවන් සටහනකින් ඇගයුමට ලක් කළ ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වුවාට

      Delete
  3. ඇත්තෙන්ම මෙය රටට ජාතියට ආදරයක් ඇති බහුතර සිංහල බෞද්ධයන්ගේ ජයග්‍රහනයක්. සිංහලයන් හෝ බෞද්ධයන් නොවුනත් රටේ ජාතික අනන්‍යතාවය පිලිගන්න සියල්ලන්ටත් මෙය වැදගත්. රනිල් මෛත්‍රී විජාතික ගැති රජය තමන්ගේ සුපුරුදු හිතවතා වන නෙරන්ජන් විජෙරත්න මහතා පත්කරගන්න උත්සහ කළේ බහුතර සිංහල බෞද්ධයන් අතර අප්‍රසාදයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයට නැවත සිංහල බෞද්ධයන් රැවටීමට අවස්ථාව උදා කරගන්නයි. එම උත්සහය වැලක්වූ ජාති හිතෛශී රාජ්‍ය නිලධාරීන්ටත් පැවිදි පාර්ශවයටත් මේ හා සමව අපේ ගෞරවාචාරය පුද කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. වැඩි කල් නොයා රටට මහ විනාශයක් වීමේ නරක පෙරනිමිති හැම පැත්තෙන්ම පහල වෙනවා.

      Delete