Saturday, September 26, 2015

කොටදෙනියාවේ මහ අපරාධය තවම අභිරහසක්. අවිචාරයට ඉඩ නොදෙමු.




පසුගිය 11 වනදා කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් දැරිය අතුරුදහන් වූ අවස්ථාවේ පටන් මේ දක්වා සිදුවූ සිද්ධි බොහෝය. ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ ප්‍රවුර්තිද බොහෝය. දැරියට සිදු වූයේ කුමක්ද? ඇය බිල්ලට ගත්තේ කවුද? යන දේවල් සම්බන්ධයෙන් තොරතුරු බොහෝ ප්‍රචාරය උනත් මේ අහින්සක දැරිය බිල්ලට ගැනීමට බලපෑ සිද්ධිය කුමක්ද  කියා තවමත් හරියට සොයාගෙන නැත? දැන් මේ සම්බන්ධ වරදකරු යැයි සැකපිට අල්ලාගත් පුද්ගලයෙකු පාපෝච්චාරනය කළ දේවල් අහන්නට දකින්නට ලැබේ. ඒ තොරතුරු ලැබෙන්නේ පොලීසියෙනි. තොරතුරු ප්‍රචාරය වන්නේ ජනමාධ්‍ය වලිනි. දැරියන් කාන්තාවන් අතුරුදහන් වූ මරනයට පත් වූ අතවරයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මින් පෙරත් මෙවැනිම සිද්ධි වලින් අනතුරුව එල්ලුම් ගස් මානසිකත්වයක් කෘතීමව ජනමාධ්‍ය හරහා සමාජයේ වර්ධනය කිරීමට ගත් උත්සහයන් අප දැක ඇත. ජිනීවා මානව හිමිකම් වාර්තාව හා යුධ අපරාධ චෝදනා එලිබැස රනවිරුවන්ටත් හිටපු ජනාධිපති (ඔහු අදටත් රටේ සැබෑ නායකයායි ) ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ටත් තර්ජනයක් වන අවධියක හදිසි එල්ලුම් ගස් මානසිකත්වයක් රටේ ජනනය කරවීම සැබෑ සැක සහිත සිද්ධියයි. ඊට අමතරව අපේ රට තුල කාලයක සිට පිරිමින් හා පිරිමි ලිංගිකත්වය ඉලක්ක කර කුහක වෛරී ආකල්ප වර්ධනය රහසිගතව සැලැස්මකට අනුව සිදු වේ. එලෙසම රට තුල සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබා දීම සඳහා ජන මනස සූදානම් කිරීමේ විජාතික මෙහෙයුමද ක්‍රියාත්මක වේ. 
                    මේ සියළු සිද්ධි අස්සේ දැරියගේ ඝාතකයා යැයි කියා දැන් කියනු ලබන කොණ්ඩයෙකුගේ පාපෝච්චාරනයක් ගැන කතා පැතිරෙයි. මේ කොණ්ඩයාගේ චරිතය ඉතා නරක බවත් ඔහුගේ පෙර වැරදි බොහෝ ඇති බවත් කියවේ. කෙසේ වෙතත් පෙර වැරදි බොහෝ තිබෙන මදාවි චරිතයක් වැඩේට මාට්ටු කර සැලසුම් සහගත අපරාධයේ ඇත්ත යට ගැසුවාදැයි සැක සහිතය. සිද්ධියෙන් පසුව එල්ලුම් ගස පනගන්වන්නැයි කෑ කෝ ගසමින් උද්ඝෝෂණය කළවුන් අතර කොටදෙනියාවේ පමණක් නොව රටේ විවිධ පැති වලින් පැමිණි පුද්ගලයන් ඉඳ ඇත. මේ පිරිස සංවිධානය කළේ කවුද? ඒ පසුපස සිටියේ කවුද? හිටි ගමන් පිට පලාත් වලිනුත් සෙනග ගෙන්වා උද්ඝෝෂණයක් සැලසුම් කිරීම හා එල්ලුම් ගස් රුදාව ප්‍රචාරය කළ ජනමාධ්‍ය වල අශීලාචාර හැසිරීම තවත් සැක කටයුතු වේ. රත්නපුරේ කොටකෙතන සිද්ධිය පිළිබඳව නම් උසාවියෙන් ඉතා නිවැරදි තීන්දුව ලැබී පොලීසියේ රෙදි ගැලවිනි. මේ සිද්ධියත් එවැනි එකක්වත්ද? පොලීසියේ ක්‍රියා කලාපය දන්නෝ දනිති. අපරාධයකදී කරුණු හොයා ගත නොහැකි වන තැන පවුලේ මදාවියෙකු සිටීදැයි සොයා ඔහු සැක කිරීම. ගමේ මදාවියෙක් අල්ලාගෙන ගොස් බලෙන් වරද පැටවීම පොලීසියට පහසුවෙන් කළ හැක. කොහොම වෙතත් එල්ලුම් ගස් උමතුව හා කොටදෙනියාවේ ඇත්තට සිදු වුනේ කුමක්ද යන්න ඊනියා යුධ අපරාධ පරීක්ෂණ හරහා රනවිරුවන් බිලි ගන්නට යද්දීවත් දැනගන්නට පුළුවන් උනොත් හොඳය. දැන් අපට අවශ්‍ය ජනමාධ්‍ය වලින් පෙන්වන දේ බලා අවිචාරයෙන් කලබල වීම නොව මේ සිද්ධිය බුද්ධියේ විමසුමට ලක්කරන විචාරාත්මක බවකි. ගතානුගතික අපරාධ පරීක්ෂනයෙන් බැහැරව මෙය සිදු විය යුතුය.


සවිස්තර ලිපියක් පසුව පල කරන්නට අදහස් කරමු.

Thursday, September 17, 2015

අනගාරික ධර්මපාල තුමා ගෞරවයෙන් සිහිපත් කරමු.

අනගාරික ධර්මපාලතුමා යනු මෙරට සුවිශේෂී ජාතික වීරයෙක් වෙයි. ඒ එතුමා රටට ආවේනික ලෙස සිතන පතන මිනිසුන්ගේ චින්තනය පනගන්වා සිංහලයේ ජාතිකත්වයට නීසි නායකත්වයක් ලබා දුන් හෙයිනි. සැප්තැම්බර් 17ට එතුමාගේ 151 වන ජන්ම දිනය හා ගුන සැමරුම යෙදී තිබේ. එහෙයින් එතුමා කළ සැබෑ යුග මෙහෙවර අප අනුස්මරනය කළයුතුය. මේ වන විට එතුමාගේ චරිතයත් වත්මන් විජාතික යටත් විජිත ගැති රජය තම දේශපාලන අරමුනු වෙනුවෙන් යොදාගැනීමට උත්සහ කර තිබේ. එහෙත් ධර්මපාලතුමා ගැන  දන්නෝ එතුමා රටටත් ජාතිකත්වයටත් කළ මෙහෙවර දනිති. අනගාරික ධර්මපාල තුමා රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් රට තුල මෙන්ම ජාත්‍යන්තරයේත් විශාල ජයග්‍රහනයන් ලබා දුන් සබෑ දෑහිතකාමියෙකි. මේ අප ගෙවන්නේ ධර්මපාල චරිතයක් නැවතත් රටට අවශ්‍ය කරන යුගයකයි. රටට ආවේනික චින්තනයට හා ස්වදේශීයත්වයට පුද්ගලික ලාබ ප්‍රයෝජන නොතකා අවංකව නායකත්වය දුන් අනගාරික ධර්මපාල තුමාට අපගේ උපහාරය ඉතාමත් බැතියෙන් හා ගෞරවයෙන් පුදකර සිටිමු.

Saturday, September 12, 2015

දියවඩන නිලමේ තුමාට සුභාශිංසන


පසුගිය දාක පැවැත්වුනු මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තේරීමේ චන්ද විමසීමේදී අති විශාල වැඩි චන්ද ප්‍රමාණයක් ලබා නැවතත් එම තනතුරට තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට අපගෙ අනෙකුත් සියළු කාරනා මෙන්ම එක්තරා විශේෂ හේතුවක් නිසා වෙයි.ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා රටට ජාතියට අවංක ඇල්මක් දක්වන සිංහල බෞද්ධයන්ටත් රටේ ජාතිකත්වය නියෝජනය කරන නායකයා වන මහින්ද රජපක්ෂ මහතාටත් වඩා හිතැති බැවින්ය. දියවඩන නිලමේවරයා යනු මෙරට සිංහල බෞද්ධයන්ගේ මෙන්ම රටේත් නිල නොලත් රාජ්‍ය නායකයාද වෙයි. එබැවින් ආරංචි හැටියට මේ තනතුරටද රනිල් මෛත්‍රී විජාතික රජය උපරිම රාජ්‍ය බලය යොදවා දිසාපතිවරුන්ට විවිධ බලපෑම් කර තමන්ට හිතවත් කෙනෙකු පත් කරගැනීමට දැඩි වෙහෙසක් දරා ඇත. එහෙත් එම උත්සහයන් ව්‍යර්ථ විය. අපට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට දලදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පත්කර ගැනීමට රජය උත්සහ කර ඇත්තේ හිටපු දියවඩන නිලමේවරයකු වූ නෙරන්ජන් විජේරත්න මහතාවයි. ඔහුට ලැබී ඇත්තේ ඉතා අඩු චන්ද ප්‍රමාණයකි. එයිනුත් පෙන්නුම් කළේ විජාතික රජයේ හිතවතුන්ට ඇති අප්‍රසාදයයි. ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ජයග්‍රහනය නොරිස්සූ රජය හා රජයේ සහයකයින් පසුව ඒ මහතාට මඩ ගැසීමට කටයුතු කර ඇත. අවුකන ස්වාමීන්වහන්සේට අල්ලස් දීමට හා බලපෑම් කිරීමට කටයුතු කළ බවට බොරු ප්‍රචාරයක් යවා ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් සියල්ල ඔවුන්ගේම අතේ පත්තු වී තිබේ. සියළු බාධක මැද්දේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්වීමෙන් පෙන්නුම් කළේ වගකිවයුතු රාජයේ නිලධාරීන් බහුතරය විජාතික රජයේ බලපෑම් ප්‍රතික්ෂේප කරමින් ජාතික වගකීමක් ඉටු කළ බවයි. දලදා මාලිගාවට  ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කර රටත් ජාතියත් සුරක්ෂිත කළ සැබෑ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාටත් රටට ජාතියට සැබෑ ලෙස ආදරයක් දක්වන සියළුම සිංහල බෞද්ධයන්ටත් හිතැති දියවඩන නිලමේතුමාට අපගේ ගෞරවාචාරය නැවතත් පුද කර සිටිමු.