Wednesday, July 8, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස කළ හැකිද?


ජනවාරි 8 වනදායින් ආරම්භ වූ යහ පාලනයේ තරම දැන් දැන් කාටත් පෙනෙන්නට පටන්ගෙන ඇත. යහපාලනය වෙනුවෙන් කෑමොර දුන්නවුන් පවා දැන් තමන් එසේ නොකළ බව අඟවන්නට උත්සහ කරති. යහපාලනය වෙනුවෙන් මහින්ද ප්‍රතික්ෂේප කර බඩ කට පුරවාගැනීමේ තාවකාලික සතුට පතා විජාතික බලවේග තුරුලට පැන්න බොහෝ දෙනාට එහි පල විපාක දැනෙන්නට අරගෙන තිබේ. එහෙත් උපන් ගෙයි මෝඩ එක්සත් ජාතික පාක්ෂිකයන්ටනම් වගේ වගක් නොමැත. ඒ කවදත් ඔවුන්ගේ හැටිය. එසත් ජාතික පාක්ෂිකයන් සාමාන්‍ය වශයෙන් තමන් අදහන බටහිර සමාජයේ සුඛ විහරනයන් ලඟා කරගැනීමට ඇති බාදාවන් මොන ක්‍රමයට හෝ ඉවත් කරගනිමින් තම ඉලක්කයන් කරා යෑමට කැමතිය. එහිදී රටේ ජාතිකත්වය වුව අත් හැර විජාතිකත්වය දෙසට හැරීමට ඔවුහු පසුබට නොවෙති.

                                       ජනවාරි 8වනදා වන විට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් සුළුජන වර්ගවාදී බෙදුම්වාදී චන්ද හා එක්සත් ජාතික පක්ෂ චන්ද ඇතුළු අවස්ථාවාදී බඩගෝස්තරවාදීන්ගේත් රට ගැන හෝ තම ජාතකය ගැනවත් නොදන්නා පොෂ් මෝඩ තරුණ පිරිසගේත් චන්ද වලින් යන්තමට ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා විජාතික බලවේග වල මෙරට අනුගාමිකයන් සමග පමණක්නොව ඔවුන්ගේ විජාතික ස්වාමිවරුන් සමගද විවිධ ගිවිසුම් වලට එළඹ ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ ප්‍රධානම කොන්දේසිය අන් කිසිවක් නොව රට තුල සිංහල බෞද්ධ ජාතික බලවේගයට නැවත නැගී සිටීමට ඉඩ නොදීම සඳහා මේ වනවිට ජාතික බලවේග වලට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන කෙළවර කරමින් විජාතික බලවේග වලට රට නතු කිරීමයි. ජනවාරි 8 තාවකාලික් ජයක් ලැබූ විජාතික බලවේග මේ ජයග්‍රහණය ලෙහෙසියෙන් අත් හැර ජාතික බලවේග වලට මහින්ද සමග නැගී සිටීමට ඉඩ හරියි කියා සිතන්නටනම් කොහොමත් බැරිය.
                        

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දැන් ඉටු කිරීමට තිබෙන්නේ විවිධ පාර්ශ්වකරුවන්ට උනු පොරොන්දු මාලාවකි. මේ පොරොන්දු නම් විජාතික බලවේග වලට තම යටි අරමුණු කරා යෑමට අවශ්‍ය පහසුකම් සලසා දෙන දේවල් වෙයි. එහෙයින් දැන් සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය දිනවීමේ වගකීම ගැනීමට අවශ්‍යතාවයක් ඇතැයි සිතීමට අපට නොහැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික මතවාද වලට බර පක්ෂයකි. තමා නායකත්වය දරන තමාගේ පක්ෂය එය වුවත් විජාතික බලවේග සමග එළඹ ඇති ගිවිසුම් සිරිසේන මහතාගේ පැත්තෙන් ඊට එහා යන වැදගත් කමක් උසුලයි. ඒ අනුව සිරිසේන මහතාගේ මේ අවස්ථාවේ ප්‍රධාන වගකීම එක්සත් ජාතික පක්ෂය දිනවීමට බැරිනම් තම පක්ෂය දිනුවත් අවසානයේ රනිල් අගමැති කර ජාතික ආණ්ඩුවක් පිහිටුවා විජාතික අරමුණු ඉටුකරගනිමින් රටේ ජාතිකත්වය විනාෂ කර දැමීමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. මේ වනවිට ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටීම උච්චතම අවස්ථාවකට පැමින ඇත. ජාතික බලවේග වලට මේ වන විට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. එබැවින් විජාතික කොන්ත්‍රාත් බාරගෙන යහපාලන වෙස් මූණ පෙන්වා හීන් නූලෙන් විජාතික අරමුණු ඉටු කර දෙන්නට ක්‍රියාකරන සිරිසේන ජනපතිට මහින්ද බලවත් කිරීමට අවශ්‍යතාවයක් තිබේ යැයි සිතිය හැක්කේ විචාර බුද්ධියක් නැති කෙනෙකුට පමණි. මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට සිරිසේන මහතා කැමති වුනා යැයි ආරංචියක් පැතිර ගියද මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය ජය ගත්තොත් අගමැති කරන බවට කිසිදු පොරොන්දුවක් දී නැත. ඇරත් එවැනි පොරොන්දුවක් දුන්නද සිරිසේන මහතාට ඒ පොරොන්දුව පහසුවෙන් කඩ කළ හැක. ඔහු එසේ කිරීමට කිසිවිට පැකිලෙන්නේද නැත.
                     
මහින්ද ප්‍රමුඛ දෑහිතකාමී බලවේගයේ ඉදිරි මැතිවරණ සැලැස්ම ගැන මේ වන තෙක් පැහැදිලි තීන්දුවක් නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට සන්ධානයෙන් තරග කිරීමට අවස්ථාව ලබා දෙන බව මේ වන විට නිල වශයෙන් කියා ඇත. ආරංචි මාර්ග වලට අනුව රාජපක්ෂ මහතා නාම යෝජනා වලට අත්සන් තැබීමට නියමිතව තිබේ.
අත්සන් තැබූ බවක් කියවුනද නිල වශයෙන් තවමත් ආරංචි නැත. කෙසේ නමුත් අගමැති අපේක්ෂකත්වය ගැන සඳහනක් නැත. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අනෙකුත් දේශපාලන කණ්ඩායම් වල සාමාජිකයන්ගේ නාම යෝජනා වලට කුමක් සිදුවේද යන්න නිස්චිත නැත. නාම යෝජනා අවසානයට සිරිසේන මහතාගේ අධීක්ෂණයට ලක්වේ. දැනට තිබෙන ආරංචි අනුව දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන හා සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන්ට පමණක් නාම යෝජනා ලැබී නැත. එහෙත් කවර හෝ උප්පරවැට්ටියක් යොදා එක්සත් ජාතික පක්ෂයේ හා විජාතික උවමනා එපාකම් මත මහින්ද පිලේ දෑහිතකාමී ප්‍රභලයන් තරගයෙන් ඉවත් කිරීමට සිරිසේන චන්ද්‍රිකා රාජිත කණ්ඩායම කටයුතු කරනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාටද සන්ධානයෙන් නාමයෝජනා ලැබුණත් අගමැති අපේක්ෂකත්වය ලැබීම ගැන නිස්චිත තොරතුරක් නැතිවීම තුල මෙය ජාතික බලවේග උගුලකට හසුවීමක්ද කියන සැකය මතු වේ.
                      
  මේ වන විට ජනවාරි 8 වනදායින් පසුව ලැබුණු වෙනස ගැන ඊට රැවටුනු සියල්ලන්ට පැහැදිලි වී හමාරය. උපන් මෝඩ කාලකන්ණින් ටික පමණක් බඩ ගෝස්තරය වෙනුවෙන් සියළු පාවාදීම් කරන්නට සැදී පැහැදී සිටිති. දැන් මහින්ද රාජපක්ෂ මහතා වටා දැවැන්ත ජන රැල්ලක් ගොඩනැගෙමින් තිබෙන්නේ ජාතික බලවේග නැවත පණ ලැබීමත් සමගය. එක්සත් ජාතික පක්ෂයේ සාධාරණත්වය දූෂණයෙන් තොර බව හා විනිවිදභාවය ගණිකාවගේ පතිවත බඳු දෙයක් බව මන්දබුද්ධික නොවන කාටත් වැටහේ. එක්සත් ජාතික පක්ෂය හා සිරිසේන චන්ද්‍රිකා නඩය දෙමළ සන්දාන බෙදුම්වාදීන් සමග කරන ගනුදෙනු හා පිටස්තර බලවේග ගැන කරුණු හෙලි විය. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සමලිංගිකත්වයට පක්ෂපාතී බවද මෙරට බහුතරයකට දිරවන්නක් නොවේ. දැන් ජාතිකත්වය අමතක වූවන් බොහෝ දෙනෙකුටද රට ජාතිය මතක් වී ඇත. දැන් මහින්ද වටා ජනයා රොද බැඳගන්නේ නැවතත් දෑහිතකාමී රජයක් පත් කරගැනීමේ දැඩි උවමනාඅවෙනි. මේ තත්වය තමන්ට අවාසිසහගත බව එක්සත් ජාතික පක්ෂය මෙන්ම සිරිසේන චන්ද්‍රිකා රාජිත කණ්දායමද දනිති. ඒ සියල්ලන්ට වඩා බටහිර හා ඉන්දියාව ඇතුළු විජාතික පිටස්තර බලවේගය වටහාගෙන අවසන්ය. එබැවින් විජාතික බලවේග සමග අත්වැල් බැඳගත් සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී ජාතික බලවේග ජය ගනීවි යැයි හිතන්නට තරම් මුලා නොවී විය හැක්ක කුමක්දැයි විචාරයකින් යුතුව දැකිය යුතුවේ. සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය දිනවා රනිල් අගමැති කිරීමට වැඩි අවශ්‍යතාවයක් ඇත. එහෙත් මහින්ද පිලට ඇති දැවැන්ත ජන බලය හමුවේ එසේ කළ නොහැක. සිරිසේන මහතාගේ අනුගාමිකයින් ටික දෙනා සමග වෙන්ව ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් දිනන්නටත් බැරි වේ. ඒ අනුව විජාතික බලවේග වල උපදෙස් අනුව කටයුතු කරන විට ඔහුට කරන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිලට සන්ධානයෙන් නාම යෝජනා ලබා දී මහින්දගේ ප්‍රතිරූපය අයතා ලෙස භාවිතා කරමින් චන්ද ටික තම පිලට එක්කරගෙන ජය ගත් පසු මහින්දට අගමැතිකම තියා ඇමතිකමක්වත් නොදී මහින්දගේ සෙසු ප්‍රභල සහයකයින්ද පසු පෙල මන්ත්‍රීවරුන් කොට සිරිසේන මහතාගේ පාක්ෂික හිතවතුන්ටත් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් ඇමතිකම් දී රනිල් වික්‍රාමසිංහ මහතා නැවත අගමැති කර හවුල් ආණ්ඩුවක් හැදීමයි. ඉන් පසු පක්ෂ සභාපති කමත් විධායක බලයත් යොදා රනිල්ගේ ආණ්ඩුවට කීකරු වන ලෙසට මහින්ද පිලට තර්ජනය කිරීමට සිරිසේන මහතාට හැකියාව ලැබේ.
                 
වෙන්නට තිබෙන මේ සිදුවීම් ටික සිහි තබාගෙන මහින්ද රාජපක්ෂ මහතා හා ඒ මහතාගේ දේශපාලන බලවේගය දැන් සිට ක්‍රියා කළයුතුය. සන්ධානයෙන් තරග කර වැඩි ආසන ගනනක් ජය ගත්තත් ඩොලර් කුට්ටි විසිකර පාර්ලිමෙන්තුවේ වැඩිදෙනා රනිල්ගේ ආණ්ඩුවට හා විජාතික මතයට පිටින් නොයන ලෙස තබාගන්නට විජාතික බලවේග වලට කටයුතු කළ හැකි බවද මතක තබා ගත යුතුමය. එබැවින් එන සියළු බාධක වලට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් දැන් සිට සූදානම් කර තබා ගත යුතුවේ. විමල් වීරවංශ මහත කී පරිදී A සැලසුම හා B සැලසුම් වලින් B වඩා හොඳ බව කාටත් වැට හේ. ඒ මහින්ද පිළ වෙනම තරග කිරීමයි. මහින්ද පිලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. කෙසේ නමුත් දැන් මෙය කිරීමට ප්‍රමාද වැඩි දැයි සැකයක් මතු වේ. එහෙයින් සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමේදී විජාතික උවමනා එපාකම් මත ඒ මහතා කරන්නට කියන්නට යන දේ ගැන නිවැරදි දැක්මක් ඇතිව දුර දක්නා නුවණින් මහින්ද පිල ක්‍රියා කිරීම අනිවාර්ය වේ. එසේ නොකරහොත් ජාතික බලවේග වලට දිගින් දිගට පරාජයේ අමිහිරි අත්දැකීම ලබන්නට සිදුවනවා පමනක් නොව කරවටක් ගිලී විජාතික බලවේගය හමුවේ හුස්මක් ගැනීමට ඇති ඉඩකඩ පවා අල්ප වනු ඇත. දැනටත් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මැතිවරණය හොඳින් බැරිනම් නරකින් හෝ ජය ගැනීමට විවිධ සැලසුම් දියත් කරමින් සිටී. අපට සිරිසේන මහතා කිසිසේත් විශ්වාස කළ නොහැක. ඔහු මහින්ද රාජපක්ෂ මහතා ඒවකට ඔහුට අගමැති කම නොදීමේ පලිය ගැනීමට නොකරනා දෙයක් නැත. ඔහු මහින්ද සමග තරහට රටේ ජාතිකත්වයෙන්ද පලි ගන්නට යන්නේ පිස්සෙකු මෙනි. විජාතික බලවේග හා රාජිත රනිල් චන්ද්‍රිකා නඩය ඉලක්ක කළේද සිරිසේන මහතාගේ සිත යට කැකෑරෙමින් තිබූ මහින්ද විරෝධී වෛරී ස්වභාවයයි. ඔහු ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාට  විජාතික බලවේග වල වැඩි මනාපයෙන් තේරී පත් උනේ ඔය පසුබිම තුලයි. දෙමළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රනිල් වටා එක් රොක් වී ඇත්තේ නිකමට නොවේ. මහින්ද පිළ රටේ දෑහිතකාමී ජනයාට දුන් පණිවිඩය පරිදිම දැන් උදා වී ඇත්තේ මේ විජාතික මර උගුලෙන් ගැලවීම සඳහා ජාතිකත්ව අවිය මෙහෙයවීමට ඇති එකම හා අවසන් අවස්ථාවයි. මේ ගැන අවබෝධයකින් කටයුතු නොකර සිරිසේන මහතාගේ යහපාලන මුලාවට තවත් රැවටී ජනවාරි 8 වන දින කළ මෝඩ කම අගෝස්තු 17 ත් කළහොත් ජාතික බලවේග වලට නැගී හිටින්නට තවත් කොපමණ කලක් යයිද කියා සිතාගන්නත් නොහැකි වනු නොඅනුමානය.

විශේෂ ලියුම්කරු

1 comment:

  1. දැන් වෙන්න තියෙන සේරම වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මහින්දට හිතවත් අයට චන්දේ දෙන එකයි.

    ReplyDelete