Sunday, June 21, 2015

පියවරුන්ගේ දිනය සමරන අතරේ සිහියට ගන්න


2015 ජූනි 21 එනම් අදට යෙදී තිබෙන පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ ලිපිය ලියන්නට අප අදහස් කළෙමු. ඒ ඊට සමගාමීව කිසිවෙක් කතා නොකරන එහෙත් කතා කළයුතුම මට්ටමේ කරුනු කාරනා කීපයකුත් මතක් කර දීම සඳහායි. අන්තර්ජාතික දින ගැන කීමට වෙනමම දෙයක් තිබේ. එනම් මේ දින බටහිර සංස්කෘතික ආක්‍රමණයේම කොටසක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වන බව හා මෙලෙස බටහිරයන් සමරන සෑම දිනයක්ම ලෝකයටම නියත ලෙස වලංගු නොවන බවයි.
                  දැන් අප මාතෘකාවේ පියවරුන්ගේ දිනය දෙසට මදක් හැරෙමු. මේ දිනය සැමරීමේ මූලිකම පරමාර්ථය පියවරුන්ගේ වටිනාකම සමාජයේ ඇගයීමට ලක්කිරීම හා පියවරුන්ට ගෞරවය පුදකිරීමයි. මේ ගැන කිසිම ගැටළුවක් නැත. කාටවත් ඊට විරුද්ධ වීමටද සාධාරණ හේතු තිබිය නොහැක. පියවරුන්ගේ දිනය සමරන අතරේ මතක්කර ගතයුතු තවත් කාරනා කීපයක් සාකච්ඡා කළ යුතුය. ඊට මුල පිරීමක් වශයෙන් කියන්නට දෙයක් තිබේ. ඒ පියවරුන් මෙන්ම මවුවරුන්ද සමාජයේ අනන්‍ය වන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගිකත්වයන්ට විශිෂ්ඨ වූ අනුවර්තන දරන පුරුෂ හා ස්ත්‍රී චරිත ලෙස ප්‍රජනන ක්‍රියාවලියත් සමගයි. මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයන් හා ප්‍රජනනය සත්ව ලෝකයේ අනෙකුත් ඒක ලිංගික සතුන්ට වඩා විශේෂත්වයක් ගනී. ඒ මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සංකීර්ණ වීම හා ඒ ඔස්සේ ගොඩනැගෙන අනුවර්තිත සමාජයන්හි ගොඩනැගීම් සංකීර්ණ වීම නිසයි. ජීව විද්‍යාත්මක සාධක අනුවනම් මව යනු ප්‍රජනනයේදී ස්ත්‍රී බීජ සෛල දායක කරන කෙනා වන අතර පියා යනු පුරුෂ ප්‍රජනන බීජ දායකයා වෙයි. ප්‍රජනන බීජ දායකයින් මවු පියන් වන්නේ මිනිසුන් විසින් ගොඩනගන විශේෂ සමාජ පරිසරක් තුලයි. ඒ ස්ත්‍රී පුරුෂ ලිංකිකත්වයන්හි මනෝවිද්‍යාත්මක අනුවර්තන වලටද අනුවයි. ඇත්තෙන්ම පීතෲත්වය යනු මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සංකීර්ණ බව නිසාම මිනිස් වර්ගයේ පිරිමි ලිංගිකත්වය විශිෂ්ඨ ලෙස ගොඩනැගීම සඳහා සොබාදහමෙන්ම වැඩි දියුණු වී ඉදිරියට ආ දියුණු මිනිස් ලක්ෂණයක් වේ. එය කීමටද පැකිලෙන්න අවශ්‍ය නැත. හේතුව කිසිවෙකුටත් එය එසේ නොවේයැයි කීමට හේතු නොමැති බැවිනි. එය කීමට මැලිකමක් ඇත්නම් එය සමාජ කුහකත්වයකි.
                 කිරීමට බොහෝ දේ තිබෙන බැවින් ඒ ගැන වෙනමම ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමු. කෙටියෙන් මෙම ලිපියේ කිවයුතු දෙයක් තිබේ. ඒ මිනිස් ජන සමූහයක් තුල පිරිමියෙකුට පිරිමියෙකු ලෙස තම පැවැත්ම තහවරු කරගැනීමට තම ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය අනුව සාර්ථක හා සමබර වර්ධනයක් කුඩා කළ සිට අත්කර ගතයුතු බවයි. මේ වැදගත් කාර්ය භාරය මූලිකව ඉටුකරන්නේ පවුලේ පියාය. එහෙත් ඇතමුන් මේ කාරනාව ඇඟට පතට දැනුනත් උවමනාවෙන් අමතක කරන්නට තරම් කුහක වෙති. එයින්ද නොනවතින තවත් ඇතමුන් තමන් එලෙස හැදී වැඩී තිබීම කාන්තාවන්ට අසාධාරණයක් බව සිතමින් කනස්සලු වෙති. සමාජයේ පියවරුන් අතරද කුහකත්වය නැතුවාම නොවේ. ඇතැම් කුහක පුද්ගලයන් පීතෘත්වයේ සැබෑ වගකීම පිරිමි ලිංගිකත්වය මනෝවිද්‍යාත්මකවද ගොඩනගමින් එම සාධකය කායිකවිද්‍යාත්මක සාධකය හා ගැලපෙන ලෙස පිරිමි දරුවන් හදා වඩා ගැනීම බව අමතක කර, ගැහැනු ළමුන් පිරිමි ආරයට හැදීමට උත්සහ කරති. පියවරුන් ලෙස මතක තබාගතයුතු වැදගත්ම කාරනයක් වන්නේ තමන්ට පිරිමි දරුවන් නොසිටියද ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය පදනමට ගෙන හදාගැනීමට  ඉඩ දී සමාජයේ අනෙකුත් පිරිමි ළමුන්ට ඉහතින් සඳහන් කළ ආකාරයට පැවැත්ම ගොඩනගා දීමට ලිංගික වශයෙන් මුහුකුරා ගිය සෑම වැඩිහිටි පිරිමියෙකුටම වගකීමක් ඇති බවයි. පීතෲත්වය යන්න වඩා අර්ථවත් වන්නේ මේ වගකීම් හරි හැටි සමාජයේ ඉටු කරන තරමටය. එහෙත් ස්ත්‍රී පුරුෂ ලෙස පවතින සමාජීය කුහකත්වයන් ඉදිරියේ මේ කාරණා ඇතමුන්ට අමතක වේ. අමතක වනවාටත් වඩා උවමනාවෙන් අමතක කරති.
                                                           අප මාතෘකාවේ වඩා වැදගත් කොටසට දැන් පිවිසිය යුතුව ඇත. සෑම පිරිමියෙකුටම පිරිමියෙකු ලෙස සමාජයේ පැවැත්ම ගොඩනගා ගැනීමට පියවරුන් විසින් කුඩා කළ සිටම පිරිමි දරුවන් පිරිමි ලිංගිකත්වයේ කායික විද්‍යාත්මක සාධක වලට ගැලපෙන ලෙස මානසික හැඩගැස්වීමක් කිරීම අනිවාර්ය බව දැනගෙනත් ඇතම් කුහකයන් තම එලෙස හැදී වැඩී තිබීම කාන්තාවන්ට අසාධාරනයක් බව කියමින් තමන් බුද්ධිමත් කාන්තා විමුක්තිවාදීන් බව පෙන්වීමට උත්සහ කරති. ලිංගිකත්වය මත පදනම් වන සමාජීය කුහකත්වයන් වැඩෙමින් පවතින වර්තමානයේ පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයම සාහසිකකරණයට ලක්කිරීමේ කුහක උත්සහයන් හතර වටින් මතුවෙමින් තිබේ. අද බටහිරත් ඇතුළුව ලොව බොහෝ රටවල පිරිමි ලිංගිකත්වය කෙරෙහි ද්වේශසහගත බව වර්ධනය කිරීම ඇතමුන් උවමනාවෙන් කරති. මේ කුහකයන්ට අනුව ලිංගික වශයෙන් පරිනත වැඩිහිටි පුරුෂයා යනු සමස්ථ කාන්තා පරපුරේම පීඩකයාය. ඔවුන් නොකියන්නට වගබලාගන්නා කාරනය වන්නේ කාන්තාවන්ට ස්වභාවිකවම පිරිමි ලිංගිකත්වයට සමරූපී ප්‍රතිවිරුද්ධ ස්ත්‍රී ලිංගිකත්වයක් පිහිටන බවයි. අද බටහිර රටවල මෙන්ම ලොව බොහෝ රටවල සමාජය යුදෙවු කාන්තා විමුක්තිවාදී විෂබීජය විසින් රෝගාතුරු කරමින් පවතී. සමලිංගිකත්වය නීතියෙන් පිළිගත් බටහිර රටවල සමලිංගික ක්‍රියාකාරකම් වලට යහතින් වැඩීම සඳහා කාන්තා විමුක්තිවාදයේ බලපෑමෙන් පියවරුන් නොමැති පවුල් බිහිකිරීමද සිදුවේ.(පියා නොමැති පවුල් වල පිරිමි දරුවන්ට පිරිටන දුර්වල පෞරුෂයන් මත ඔවුන් සමලිංගිකත්වයට නැඹුරු කිරීම පහසු බව කාන්තා විමුක්තිවාදීන් දනිති ). මේ කාන්තා විමුක්ති පිල්ලිය මෙරට සමාජය තුලත් කලින් කලට විවිධ වෙස් ගනිමින් හිස ඔසවයි.  පිරිමි ලිංගිකත්වය කෙරෙහි වෛරය වැපිරීමට පාදක කරගත හැකි දුර්වලතාවයන් ගැන නිරතුරුව අවධානයෙන් සිටින කාන්තා විමුක්තිවාදී එවැනි දුර්වලතා දුටු සැනින් ඉන් ප්‍රයෝජන ගනිති. මෙරට පියවරුන් විසින් ගැහැනු ළමුන්ට හැමවිට ලිංගික අතවර කරන බවට හා එය රටේ සාමාන්‍ය තත්වය බව ඒත්තු ගැන්වීමට කලක් තිස්සේ උත්සහ කරමින් සිටින්නේ මේ කාන්තා විමුක්ති කල්ලියයි. එවැනි සත්‍ය සිදුවීම් නැතුවා නොවේ. නමුත් එම සිද්ධි කුහක කාන්තා විමුක්තිවාදීන්ගේ බොරු ගනනය කිරීම් වලට සාපේක්ෂව බෙහෙවින් අඩුය. එවැනි ව්‍යභිචාරයන් පිටුදැකිය යුත්තේ ජීව විද්‍යාත්මක කාරනා පදනමට ගෙන මිස කුහක වෛරී ආකල්ප මත පිහිටා නොවන බව කලින් ලිපියක පෙන්වා දී ඇත.
http://prathiwadhiya.blogspot.com/2014/08/blog-post.html ).
                                                              පීතෘත්වය යනු පිරිමි ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සධකයේත් පිරිමි ලිංගික අවශ්‍යතාවල ස්වභාවයේ හා පිරිමි ප්‍රජනන අවශ්‍යතාවයේත් විශිෂ්ඨ අනුවර්තනයක් ලෙස මිනිස් ජන සමාජය තුල නිරූපනය වන්නකි. පීතෘත්වයේ පදනම වන පිරිමි ලිංගිකත්වය සාහසිකකරනය හා අපරාධකරණය කරමින් ඒ කෙරෙහි වෛරී හා ද්වේශසහගත ආකල්ප ගොඩනගන අතරේ පියවරුන්ගේ දිනයක් ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවකි. පියවරුන් කෙරෙහි සැබෑ ගෞරවයක් ඇතිකිරීමේ හා පියවරුන් ඇගයීමේ කාර්ය සැබෑවට කරන්නේනම් පළමුව කළයුත්තේ පිරිමියාගේ ලිංගික ස්වභාවය ගැන කුහකකමින් ගොඩනගා ඇති වෛරී මිථ්‍යාවන්ගෙන් අත්මිදීමයි.

8 comments:

  1. ලිපියට මගේ ප්‍රනාමය...
    ලිපියේ කරුණු සමග එකඟ වෙමි. අම්මගෙ දවස තාත්තගේ දවස කියල දින සමරනවට වඩා මවුපියන්ගේ වටිනාකම හැමදාටම දැනෙන අවංකත්වයකුයි තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අන්ධානුකරනයෙන් අන්තර් ජාතික දින සැමරීම වැඩකට නෑ. පියවරුන්ගේ දිනය ගැන හැමෝම කියන කතා ටික කියනවට වැඩිය විචාරාත්මක බවක් ඇතුව මේ ටික කිවුවේ කුහකකම් පැත්තක තියල හිතන්නත් එක්කයි.

      Delete
  2. පියවරුන්ගේ වටිනාකම හරියට තේරුම්ගන්නනම් මුලින්ම ලිංගික කුහකත්වය කියන මායාවෙන් අත්මිදිය යුතුයි.

    ReplyDelete
  3. පියවරුන්ගේ දිනය වෙනුවෙන් අව්‍යාජ ලෙස ලියවුනු සාරගර්භ ලිපියක්. ස්තුතියි ඔබේ විචාරය කිරීමට.

    ReplyDelete
    Replies
    1. ලිපියේ කරුණු අවංකව හිතට දැනුනානම් මම ඒ ගැන සතුටු වෙනවා.

      Delete
  4. අති විශිෂ්ඨයි සර්...... ඔබ කියන දේ තේරුම් ගතිමි...

    ReplyDelete
  5. බොහොම වටිනව තේරුම් ගත්තනම් පකිස්

    ReplyDelete