Wednesday, June 10, 2015

2005 ජනාධිපතිවරණයේදී කොටින් උතුරේ චන්දය වර්ජනය කිරීමේ ඇත්ත හේතුව

මේ ලිපිය ලිවීමට අදහස් කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කලක් තිස්සේ උජාරුවෙන් රටට කියූ පල් බොරුවක් නැවත කියමින් තමන්ට ලබන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරදවා අගමැති තනතුරද පහසුවෙන් ලබාගතහැකි බවට දැනුත් කටමැත දොඩවනු දැකීමෙන් පසුවයි. වික්‍රමසිංහ මහතා මෑතක ප්‍රසිද්ධියේ නැවතත් කියා සිට ඇත්තේ තමා 2005 ජනාධිපතිවරණයෙන් පරාජය උනේ කොටින් උතුරේ චන්දය වර්ජනය කිරීමට ජනයාට බල කිරීම හා මහින්ද රාජපක්ෂ මහතා කොටින්ට මුදල් දී එම කටයුත්ත කරවාගත් නිසා බවයි.
                       බැලූ බැල්මට උතුරේ වැසියන් චන්දය භාවිතා නොකිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනයටාය් හේතු වුවත් කොටින් උතුරේ වැසියන්ට චන්දය වර්ජනය කරන මෙන් බලකර සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා දිනවා රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමේ උවමනාව මත යැයි කියන්නට කිසිවිට අප ඉක්මන් නොවියයුතුය. ඒ 2005 ජනාධිපතිවරණයට සමගාමීව උතුරේ සිදුවූ සිදුවීම් හා කොටි ක්‍රියාකාරකම් මොනවාද යන්න උඩින් පල්ලෙන් කතාකර නිගමන වලට එළඹිය නොහැකි නිසාය. රනිල් වික්‍රමසිංහ මහතා මේ වනතෙක්ම රටට ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපතිවරනයෙන් පැරදවීම සඳහා කොටි ක්‍රියා කළ බවත් එසේ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ බලපෑම නිසාත් බවයි. නමුත් මේ ගැන විචාරබුද්ධියෙන් කරුණු විමසා බැලීමේදී මතුවන ගැටළු කීපයක්ම තිබේ.
                      

අප සිහි නුවනින් කල්පනාකර බැලියයුතු එක් කාරනයක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා තම ජයග්‍රහනය වෙනුවෙන් කොටි ලවා උතුරේ චන්ද වර්ජනය කරවාගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට කටයුතු කළේනම් ඔහු විසින් කොටියා ආරක්ෂා කිරීම හෝ කොටින්ට දොල පිදේනි දීම නොකර කොටියා කළ උපකාරත් අමතක කරමින් ත්‍රස්තවාදයට බුරුලක් නොදී එල්ටීටීඊ සංවිධානයම යුධමය වශයෙන් පරාජය කරන්නට ක්‍රියා කළේ ඇයිද යන්නයි. එය අවස්ථාවාදීව සිදු වුනා යැයි කෙනෙක් තර්ක කරන්නට ඉඩ ඇතත් කොටින් විසින් එවැනි උදවුවක් කර තිබුණේනම් මහින්ද රාජපක්ෂ මහතාට කාට නැතත් බටහිරට කීකරු වීමට සිදු වන්නට ඉද තිබුණි. එසේ වන්නට ඉඩ තිබෙන්නේ කොටින් මේ රට තුල කරන කිසිවක් බටහිර අනුදැනුමකින් තොරව හා උපදෙස් වලින් පිට සිදු නොවන නිසාය. වික්‍රමසිංහ මහතා කියන ආකාරයට රාජපක්ෂ මහතා කොටි සමග අදාල ගනුදෙනුව කර තිබුණේනම් බටහිර විජාතික කල්ලිය රාජපක්ෂ මහතාව බෙල්ල මුලටම හිරකර ඊලාම් රාජ්‍යට පාර කපන ෆෙඩරල් විසඳුම ඉක්මන් කිරීමට බල කිරීම නියත වශයෙන්ම සිදුවේ. එහෙත් සිදුවුනේ අනෙකකි. රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදය හමුවේ බැගෑපත් උනේ නැත, එමෙන්ම බටහිරයන් ඉදිරියේ නිවට වුනේද නැත. අනෙක් අතින් රාජපක්ෂ මහතා කොටි පරාජය කිරීමට එඩිතරව ක්‍රියා කරන විට බටහිර විජාතික කල්ලියට කරකියාගන්නට කිසිත් නොවුනි. රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට චන්දය ජය ගැනීමට රාජපක්ෂ මහතා කොටින් සමග සම්මුතියකට පැමිණ තිබුණිනම් කොටින්ට එලව එලවා පහර දෙනවිට රනිල්ට පෙර  කොටින්ගේ බටහිර ස්වාමිවරුන් ඒ ගැන මතක් කරමින් සටනට නවත්වන්නට දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබුණි. එහෙත් මේ කිසිවක් උනේ නැත. සටන ආපසු හර වා කොටින් රැකීමට බටහිරයන් ක්‍රියා නොකළා නොවේ. ඔවුන් සුපුරුදු ලෙස එය එය කළෝය. ඒ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේද අනුදැනුම පිට රාජපක්ෂ හ කොටි අතර සම්මුතීන් ගැන කතාවකුත් නැතුවයි.
           

අප අවධානයට යොමු වියයුතු අනෙක් කාරනය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය හා එක්සත් ජාතික පක්ෂය උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති සලකා බැලීමේදී කොටින්ට රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සාධාරන හේතුවක් තිබුණේද යන්නයි. කොටි හා කරුනා කල්ලිය විරසක කිරීමට රනිල් මුල් වුන එක හේතුවක් කියා කෙනෙක් කිව හැකි උනත් ඊට වඩා රනිල් වික්‍රමසිංහ මහතා කොටින්ගේ බටහිර ස්වාමිවරුන්ගේම තවත් ගැත්තෙකු වීමත් කොටි අභිලාශයන්ට රනිල් එතරම් විරුද්ධ නොවීම හා මින් ඉහතදී අවබෝධතා ගිවිසුම් හරහා කොටි ශක්තිමත් කිරීම යන කාරනා කොටි සංවිධානය පැත්තෙන් බැලුවද කරුනා පාර්ශවය වෙන් වීමේ හේතුවට වඩා වාසි සහගත බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් අතට බලන කළ තමන්ට ජනාධිපති වීමට තිබුණු අවස්ථාව නැතිකළේ කොටි සංවිධානයනම් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම කොටි සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් නොකර ඔවුන්ට සහනශීලී ලෙස කටයුතු කළේ ඇයි. තමන්ට හිමි වීමට තිබූ ජනාධිපති ධූරය අහිමි කිරීමට කටයුතු කිරීම සුළුපටු දෙයක් නොවේ. එහෙත් එවැනි තදබල අකටයුතුකමක් කළ කොටි සම්බන්ධයෙන් රනිල් ක්‍රියා කළේ කෙසේද? මහින්ද කොටි පරාජය කිරීමේ සටන් මෙහෙයුම් දියත් කිරීමේදී පවා රනිල් ක්‍රියාකළේ සටන කඩාකප්පල් කර කොටියාත් බටහිර විජාතික කල්ලියත් සතුටු කිරීමටයි. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අකටයුතුකම කළ කොටියා පැරදවීමට රාජපක්ෂ මහතාට අබමල් රේනුවක සහයක් නොදැක්වූයේ ඇතැම් විට මහින්ද විරෝධය හා විජාතික මනස ඊටත් ඉහලින් තිබූ නිසා විය හැක.
      

තවත් මේ සම්බන්ධයෙන් පැනනගින ගැටළුවක් තිබේ. ඒ කොටින්ගේ බටහිර ස්වාමිවරුන් මෙරට තුලදී හැමවිට සහය දෙන්නේ ඔවුන්ගේම අනෙක් අනුගාමික ගොඩ සුද්දන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි. 2005 ජනාධිපතිවරන සමයේ බටහිර විජාතික කල්ලිය රටේ ජාතික බලවේග නියෝජනය කළ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔවුන්ගේ අනුගාමික රනිල්  වික්‍රමසිංහ මහතාට සහය දුන් බව ප්‍රසිද්ධ රහසකි. එසේ වෙද්දී බටහිර විජාතික බලවේග වල ආයුධ සන්නද්ධ අනෙක් සගයා වන එල්ටීටීඊ සංවිධානය ජාතික බලවේග වලට පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය පතා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙහෙයවන්නට තරම් බටහිර විජාතික බූවල්ලාගේ මොළය කුරුවල් විය හැකිද? කිසිසේත්ම එසේ වන්නේ නැත. බටහිරයන්ට මේ රට තුල සිය මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය සිදුකරමින් ඔවුන්ගේ අභිලාශයන් කරා යෑමට කොටියා මෙන්ම රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයද අවශ්‍යය. මක්නිසාද යත්  මේ දෙපිරිසම රටේ ජාතික බලවේග වලට එරෙහිව බටහිර විජාතික උවමනා එපාකම් ඉටු කරන බැවිනි. එහිම අනෙක් අත බැලූ විට පැහැදිලිව පෙනෙන්නේ කොටි සංවිධානයටත් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයටත් බටහිර විජාතික බලවේග සමග එක්ව රටේ ජාතිකත්වයට හා ජාතික බලවේග වලට එරෙහි වීමේ යම් කිසි පොදු අපේක්ෂාවක් ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීද පොදු අපේක්ෂකයා හරහා ජයගත්තේ පොදු අපේක්ෂාවයි. කොටි නිල වශයෙන් නැතත් ඔවුන්ගේ ඩයස්පෝරාව එක්සත් ජාතික පක්ෂය හා එක්ව පොදු අපේක්ෂකයා සමග සිටියේය. සියල්ල එසේ සිදුවෙද්දී 2005 මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කොටි සංවිධානය විසින් උතුරේ චන්දය වර්ජනය කළේයැයි කීම මොන තරම් විහිළුවක්ද?
                    
  කොටි සංවිධානය 2005 වසරේ උතුරේ චන්දය වර්ජනය කරමින් ජනතාව චන්දය දැමීම වලක්වාලූයේ ඇයිද කියන කාරනය කීමට මත්තෙන් තවත් දෙයක් මතක් කළයුතු වේ. එනම් කොටින් මෙන්ම ඔවුන්ගේ මුල් ගුරුවරුන්ද අතීතයේ සිට ක්‍රියා කර තිබෙන්නේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ තම ප්‍රාන භුක්තියට කෙදිනක හෝ සවිකරගැනීමේ අරමුණින් එම ප්‍රදේශ සිංහල බහුතරයකගේ ජාතික අනන්‍යතාවය සහිත ශ්‍රී ලංකා රජයට අයත් නැත යන මතයේ සිටයි. එමෙන්ම එම ප්‍රදේශ නිල නොවන මට්ටමෙන් බෙදා වෙන්කරගෙන සිටි කොටි ත්‍රස්ත සංවිධානය එම ප්‍රදේශ වල ඔවුන්ගේ නායකයින් පත් කරගනිමින් ඔවුන්ගේ පාලනයක් ගෙනයෑමට ක්‍රියා කරමින් සිටියේ ජාතික බලවේග වලට පවා තර්ජනය කරමිනි. කොටි සංවිධානයට මේ තත්වය ලෝකයටම නිල වශයෙන් පිළිගන්වා තමන් එම ප්‍රදේශය පාලනය කරන බවත් ඒ ඔවුන්ගේ ඊලාම් රාජ්‍ය බවත් ඒත්තු ගැන්වීමට දැඩි අවශ්‍යතාවයක් තිබුණි. උතුරේ චන්දය වර්ජනය කරමින් 2005 ජනාධිපතිවරණයේදී එම ප්‍රදේශ වල ජනයාට චන්දය නොදැමීමට කොටින් විසින් බල කර සිටීමට ඇත්තෙන්ම හේතු වූයේ ඔවුන්ගේ සිහින ඊලාම් රාජ්‍ය තුල ඔවුන් නායකයන් වන බැවින් සිංහල ජාතිකත්වය සංකේතවත් වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තේරීම ඔවුන්ට අදාල නොවන බව ලොවට ඇඟවීමයි. කොටින් ලෝකයට පෙන්වීමට උත්සහ කළේ ජනාධිපතිවරනය උතුරු නැගෙනහිර ඔවුන්ගේ නිල නොවන පාලනය පැවති ප්‍රදේශ වලට අදාල නොවන එකක් බවයි. කෙසේ නමුත් ඔවුන් චන්ද වර්ජනය සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජයගනු ඇති බවට ඔවුන් තුල තිබූ දැඩි විශ්වාසයද හේතු කරගෙන බව කිවයුතුයි. ඒ වනවිටත් සිරස ඇතුළු මාධ්‍ය ආයතන බොහොමයක සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණි. ඔවුන් මාධ්‍ය සටන දැඩිව මෙහෙයවීය. අනෙක් අතින් චන්ද්‍රිකා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව මෙන්ම ජනාධිපති ධූරයද හෙබවූ චන්ද්‍රිකා කුමාරතුංග අනියම් ආකාරයකට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වා තිබුණි. විජාත්හික බලපෑම මහින්දට එරෙහිව උච්ච වී තිබූ අතර කොටියා කිසිවිටකත් මහින්ද ජයගනු ඇතැයි විශ්වාස නොකළේ එහෙයිනි. අවසානයට සිදු වූයේ කොටියාත් රනිලුත් විජාතික බලවේගත් නොසිතූ දෙයකි. අනපේක්ෂිත ලෙස ජාතික බලවේග ජය ගත්තේය. කොටි පරාජය විය මහින්දගේ ප්‍රතිරූපය යලි මකා දැමිය නොහැකි ලෙසටම ශක්තිමත් විය. මේ සියල්ල හමුවේ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මොන බේගල් ඇද බෑවත් සිදුවූයේ කුමක්දැයි කියා අප සැම සිහි බුද්ධිය ඇතුව තේරුම් ගත යුතු වේ.


විශේෂ ලියුම්කරු

20 comments:

  1. 2005 න් පසු චන්ද බලය ලැබුණු ලක්‍ෂ 20 කට වඩා අද සිටිති. රනිල් තුමාගේ මේ මුසා ව්‍යාපාරයේ ඉලක්කය එතැන වේ.

    ReplyDelete
    Replies
    1. මේ පිරිසට අතීතය මතක තිබුනොත් හොඳයි. ගම් වල තරුණයන්තනම් ජාතික හැඟීම තියෙනවා. නමුත් නාගරික පොෂ් එවුන් රනිල්ගේ බොරු විෂ්වාස කරයි

      Delete
    2. රනිල් යනු රටේ සිටින අංක එකේ බුද්ධිමතෙක්. ඔහු රාජපක්ෂ මෙන් බංකොලොත් මුසා ව්‍යාපාර ගෙනයන්නේ නෑ.

      Delete
    3. වනිතා රනිල්ගේ බුද්ධිමත්කම මොන වගේද කියලා විස්තර කළොත් හොඳයි

      Delete
  2. හොඳ ලිපියක්,
    ඇත්තවශයෙන්ම කොටිනට වුවමනා වූයේ මේ මැතිවරණය ඊනියා දෙමළ ඊලාම් දේශයට අදාල කටයුත්තක් නොවනා බවත්. එය තමන්ගේ අසල්වාසී ජාතිවාදී සිංහල දේශයේ සිංහල නායකයෙකු පත්කර ගැනීම වෙනුවෙන් පවත්වන අභ්‍යන්තර කට යුත්තක් බව පෙන්වීමටත්. ඉදිරියේදී සිදුවන ඕනෑම කටයුත්තකදී එම රාජ්ය නායකයාව පිළිනොගැනීමට නීතිමය රාමුව සාදා ගැනීමත්ය.

    එහෙත් මේ ලියුම් කරු පැහැදිළි කරන ලෙසම සිදුවූයේ උන්වත් කොටින් හා රනිල් පාර්ශවය යන දෙකේම බටහිර හාම්පුතුන්වත් නොසිතූ දෙයකි. එම ප්‍රතිපලයෙහි තිත්ත රස උන් ඕනාවටත් වඩා විඳගත්තේය.
    ඉතින් මහින්දගෙන් පළි නොගෙන කොහොමද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්ත එකට. අපේ ගොඩක් කුහක මෝඩයන්ට මේව තේරෙන්නේ නෑ. තේරුනත් ප්‍රමාද වැඩියි.

      Delete
    2. කොටියි රනිලුයි බටහිරයි පතුරු ගහනව ඇර මේ සිංහල ජාතිවාදීන්ට වෙන වැඩක් නෑ. දෙමළ මිනිස්සුන්ට ඒ අයගේ පලාත් ඒ අයට පාලනය කරගන්න දෙන එකේ වරදක් කොහෙද තියෙන්නේ? රනිල් වගේ නායකයෝ මේරටට අවශ්‍යයි නැත්නම් අපට සම්ප්‍රදාය ඇර නූතන දියුණු ලෝකයට යන්න තියා හිතන්නත් බෑ.

      Delete
    3. රනිල් වගේ අය ඕන වෙන්නේ කොහොමද කියලා තර්කයක් ඇතුව කියනවකෝ වනිතා එහෙනම්.

      Delete
  3. රනිල් හිතාගෙන ඉන්නේ කොටි මහින්දව 2005 හිනෙවුව කියලා ඒකට උතුරේ මිනිස්සු චන්දේ නොදාපු එක හේතු උනා කියන කතාව හොඳ තුරුම්පුවක් කියලා. නමුත් උනේ මොකක්ද කියලා ඔක්කොම දන්නවා. රනිල්ගේ තුරුම්පුවට ඉහලින් තව තුරුම්පුවක් ගසා රනිල්ගේ තර්කය බිඳ දැමීම ගැන කෘතඥ්ඥ වේනවා.

    ReplyDelete
    Replies
    1. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. මෝඩ ශ්‍රීලංකා කාරයන්ට මේ තර්කය ගේන්න බැරි උනා.

      Delete
  4. මහමැතිවරනයකදී නම් ජනවර්ගය ආගම පලාත කුලය වගේ දේ ගැන සලකා චන්දය දමන්න පුලුවන් නමුත් ජනාධිපති වරණයේ දී අකමැත්තෙන් වුනත් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න සිදු වෙන‍වා. 2005 දී එල් ටී ටී ඊ එක චන්දය වර්ජනය කිරීම සම්බන්ධ ගෞරවය ලැබිය යුත්තේ රනිල්ටවත් මහින්දටවත් නෙමෙය් ජේ ආර් ජයවර්ධන මහතාට

    ReplyDelete
    Replies
    1. මේ චන්ද ක්‍රමේ මොකක් උනත් හැදුවේ කවුරු උනත් කොටි උතුරේ චන්දය වර්ජනය කරේනම් රනිල් දිනන බවට ලොකු විශ්වාසයක් ඇතුව. මහින්ද දිනන පෙරනිමිත්තක් ඔවුන්ට දකින්න තිබුණනම් අනිවාර්යෙන් අනෙක් මහන්තත්ත කම් පැත්තක තියල හරි රනිල්ට චන්දය දෙන්න උතුරේ මිනිසුන්ට බලකරනවා.

      Delete
  5. මම කෙටියෙන්ම කියන්නේ එක දෙයයි. ඒ අපේ රටේ සම්ප්‍රදායික ජාතිවාදයයි පුරුෂාධිපත්‍යයි පරද්දලා නූතන ලෝකයට අපව ගෙනයන්න රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ආ යුතුමයි. අපි යහපාලනය රැකගන්න ඕනේ කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. මේ වනිතා මගේ ලිපිය හරියට කියවලා ලිපියෙන් මම ගෙනෙන තරකයට විතර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්න. තර්කයක නැති මෝඩ සටන්පාඨ මෙතනට එපා. මෙතන මෝඩ හැත්තට බඩපිනුම් ගහන්න හොඳ තැනක් නෙවෙයි. තර්කයක් නැත්නම් මේ පැත්ත පලාතේ නාවට කමක් නෑ.

      Delete
  6. මෙයාගේ කතා හොඳයි හිනාවෙන්න. මෙයා දැන් කියන්නේ ජනාධිපතිවරණයෙන් ලැබුණ ජනවරම එයාට අගමැති වෙන්නත් එක්ක ලැබුණ කියලා. මටනම් දේශපාලනේ අරහං. ඒ උනාට වැදගත් දෙයක් ගැන අනාවරනයක් කළ ලිපියක් නිසා අදහසක් එක්කරන්න හිතුනා. රනිල්ගේ ජනාධිපති සිහිනය බොඳ කළ කොටින්ට එයාම සැලකුවේ මොන විදිහටද කියල කාටවත් අමතක නෑ.

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ 29 වතාවක් පැරදුන දේශපාලන ජෝකර්

      Delete
  7. රන්න පොනිල් ගේ යූ ඇන් පී එකයි කොටියි එන් ජී ඕ ඇතුළු සියළුම දෙනයි මංගල රාජිත චන්ද්‍රිකා කණ්ඩායමයි ඉන්නේ එකම බෝට්ටුවේ. දැන් සිරිසේනත් ඒ බෝට්ටුවේමයි.

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ සිංහල මිනිස්සුන්ව ගොනාට අන්දපු හෙළ උරුමයත් දැන් ඔය බෝට්ටුවේ.අපේ ගොන් වහන්සෙලාට දැන්වත් මේව තේරෙයිද මන්දා.

      Delete
  8. හොද ලිපියක්. ඔබ දරණ අදහසම තමයි මමත් දරන්නේ. නමුත් කුමක් හෝ අහේතුවකට අපේ රටේ බොහොමයකට මේක තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙකුට තේරෙන්නේ නෑ වගේම තවත් පිරිසක් තේරුනත් නොතේරුන ගානට ඇත්ත කතාව අමතක කරනවා.

      Delete