Sunday, May 24, 2015

සැබෑ යුධ ජය සැමරුම හා බොරු සැමරුම්


2009 වසරේ කොටි නායක ප්‍රභාකරන්ගේ මරනයත් සමගින් නිමාව දුටු 30 වසරක් පුරා ඇදී ගිය කොටි තරස්තවාදී කැරැල්ල පිළිබඳ මතක සටහන් මේ වන විට මාධ්‍ය ඔස්සේ වෙනදාටත් වඩා ප්‍රචාරය වේ. ඒ මෙවර කොටි ත්‍රස්තවාදයට එරෙහි සටන හ ජයග්‍රහනය සැමරීම සුපුරුදු ලෙස මැයි මාසයේ යෙදී තිබීමත් ජනාධිපතිවරණයෙන් පසුව ඇති වූ දේශපාලන පෙරලිය සමග මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැතිවරයා ප්‍රමුඛ රජයත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජාතික බලවේගත් දින දෙකක වෙන් වෙන්ව මේ යුධ ජයග්‍රහණය සැමරීමයි. මැයි 18 මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රනවිරුවන් සිහිකිරීම හා සටනේ ජය සැමරීම විහාරමහදේවි උද්‍යානයේ පැවැත්විනි. මැයි 19 දින යුධ ජය සැමරීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්විනි. මේ අතරම සහෝදරත්වයේ දිනය නමින් රනවිරුවන්  හා යුධ ජයග්‍රහණය අවමානයට ලක්කළ එන්ජීඕ විජාතික බලල් අතක් විසින් මෙහෙයවූ වැඩසටහනක් නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වුනේ 19 වනදාමය.
                     

රණවිරුවන්ට ගෞරව පුදකිරීම හා සටනේ ජයග්‍රහනය සැමරීමේ අර්ථය කුමක්දැයි කීමට මත්තෙන් ඊලාම් බෙදුම්වාදය කොටි ත්‍රස්තවාදය හා ජාතිකත්වය අතර ගැටීමේ ස්වරූපය ගැන කෙටි සඳහනක් නොකර බැරිය. ඊලාම්වාදය හා එහි සන්නද්ධ අංශය වන කොටි ත්‍රස්තවාදය යනු අධිරාජ්‍යවාදී පාලන සමයේ මෙරටට ගෙන්වා උතුරු නැගෙනහිර පදිංචි කළ දකුණු ඉන්දියානු දෙමළ වහල් සේවකයන්ට අධිරාජ්‍ය පාලකයන් විසින් වරප්‍රසාද ලබාදී මුල සිටම මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව  මෙහෙයවූ බලවේගයේ ඉදිරි විකාශනයකි. අධිරාජ්‍යවාදියා මුල සිටම අප රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවයට එරෙහිව කටයුතු කර ඇත. ඒ අධිරාජ්‍යවාදයේ හැටිය. ඔවුන්ට ඇත්තෙන්ම අවශ්‍ය වූයේ ඔවුන් රට අත්හැර යන දාට මෙහි පාලනය ඔවුන් වරප්‍රසාද දී පෝෂණය කළ වහල් සේවකයින්ට ලබාදෙන්නටය. එහෙත් සිංහල බෞද්ධ ජාතික බලවේග රටේ රාජ්‍යත්වයට නැවත උරුමකම් කීම තුල අධිරාජ්‍යවාදීන්ගේ පමණක් නොව ඔවුන්ගේ ගෝලබාලයන්ගේද අරමුණු මුදුන්පත් කරගත නොහැකිවිය. එසේ වෙද්දී අඩුම තරමින් උතුරු නැගෙනහිර පලාත් තුලවත්  බලය තහවරු කරගනිමින් අධිරාජ්‍යවාදියාට ඉදිරි වැඩකටයුතු සඳහා සහය දැක්වීම අධිරාජ්‍යවාදී ගෝලබාලයන් වූ දෙමළ සේවකයන්ගේ අරමුණ විය. ඊලාම්වාදී බෙදුම්වාදයේත් දෙමළ නිජභූමි ව්‍යාජයේත් කොටි ත්‍රස්තවාදයේත් සැබෑ පසුබිම එයයි. අද වනවිට බටහිර අධිරාජ්‍යවාදය අවි බලයෙන් නොව මතවාදී සංස්කෘතික වශයෙන් වැඩිපුර ඉදිරියට පැමිණ ඇත. බටහිර නූතනත්වය හා යුදෙවු චින්තනය හරහා මෙය උත්සන්න වී තිබේ. බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයට නතු කරගැනීමට අපහසු රටවල් අවි බලයෙන් හෝ යටකරගැනීම නව යටත් විජිතවාදයේ ලක්ෂණයයි. ඊලාම්වාදී බෙදුම්වාදය ඔස්සේ මේ රටටම ව්‍යසනය ඇතිකළ කොටි ත්‍රස්තවාදය නියෝජනය කළේද මේ ජාතිකත්ව විරෝධී අධිරාජ්‍යවාදියාගේ ආයුධ සන්නද්ධ සටන් පෙරමුණයි.
            

අධිරාජ්‍ය ගැති බටහිර නූතනත්වය ඇතුළු සියළු විජාතික මතවාද වලට වහල් මනසක් ඇති සිංහල බෞද්ධ මොඩ් නාගරික පැලැන්තියක්ද රටේ ඇත. මොවුන් සාමාන්‍යයෙන් චන්දය දෙන්නේද අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂයටය. ඔවුන්ට කොටි ත්‍රස්තවාදය හා ඊලාම්වාදය පැරදවීම තබා අධිරාජ්‍යවාදයෙන් ගැලවී නිදහස් වීමටවත් අවශ්‍ය නැත. ඔවුන් සහ ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති දේශපාලන නායකයින් හැමවිට වැඩි කැමැත්ත දැක්වූයේ උතුරේ දේමළ ජාතිවාදී ඊලාම්වාදීන් සමග සහයෝගයෙන් බෙදාගෙන රටේ පාලනය ගෙනයන අතර බටහිරට ගැතිකම් කරමින් ඔවුන්ගේ ආධාර ලබා රටෙ ආර්ථිකය බටහිරට ගැටගසාගෙන ඉබාගාතේ බටහිර උපදෙස් මත රට කරවීමටය. සන්ධානයේද චන්ද්‍රිකා පාලන සමයේ ඉදිරියට ඇදුනේත් මේ විජාතික ගැති ආණ්ඩු කෙරිල්ලම වෙ. එසේ වූවා පමණක් නොව චන්ද්‍රිකා රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයටද විකුණා විජාතික පිටස්තර බලවේග වලට රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමටද ඉඩ දුන්නාය. මේ පසුබිම තුල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජාතික බලවේග වල ආශිර්වාදය මැද කොටි ත්‍රස්තවාදය පරදවා දැමීමේ මෙහෙයුම සාර්ථකව නිම වීම වැදගත් වන්නේ මේ රට පැත්තෙන් බලන කළ රටට ආවේනික ලෙස සිතන පතන ජාතිකත්වයට ලැදි පිරිසටයි.
                           
එලෙස හමුදා මෙයුම් සාර්ථක කරගෙන කොටි ත්‍රස්ත කැරැල්ල මර්ධනය කරනු ලැබුවේ නිකම් ලෙහෙසියෙන් පහසුවෙන් නොවේ. රටේ ජාතිකත්වයට එරෙහි අධිරාජ්‍යවාදී විජාතික බලවේග තම කීකරු සේවකයන් වූ කොටි සංවිධානය රැකගැනීමට විවිධ කුමන්ත්‍රණ කරමින් අනන්ත අප්‍රමාන වෙහෙසක් දැරූ අවධියක රාජපක්ෂ මහතාගේ විදේශ ප්‍රතිපත්ති වල තිබු බටහිරට ගැති නොවන එඩිතර බව ඒ සියළු අභියෝග ජය ගැනීමට ඉවහල් වූවාට කිසිදු සැකයක් නැත. මේ ජයග්‍රහණයට විධායක ජනාධිපති ක්‍රමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වැදගත් වූ බවද නොරහසකි. එසේම රාජපක්ෂ මහතා විධායක බලතලද කොටි ත්‍රස්තවාදය පැරදවීමට නිසි ලෙස යොදාගත්තේ නියම නායකයෙකුගේ ජාතික වගකීම ඉටුකරමිනි. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ කොටින් සමග විජාතික බලයද මට්ටු කර ජාතික බලවේග ජය ගැනීමයි. එය සිංහලයාගේ පමණක් නොව බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයෙන් බැටකන දෙමළ ජනයාද ඇතුළු සිංහල නොවන අන්‍ය ජනකොටස් වලත් ජයග්‍රහනයක් බව අද මාධ්‍ය වලින්ද වසන් කරයි. නමුත් එය සත්‍යකි.
                              

                             
පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජාතිකත්වයට හා ජාතික බලවේග වලට එරෙහිව පැනනැගුනු කුමන්ත්‍රණ දෙස බලන විට එකසත් ජාතික පක්ෂය හා චන්ද්‍රිකා සැමවිට ක්‍රියා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජාතික බලවේග වල ආශිර්වාදය යටතේ කළ ඊලාම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මෙහෙයුමට විරුද්ධවය. අධිරාජ්‍යවාදයට ගැති රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය එදා සිට උත්සහ කළේ උතුරු නැගෙනහිර දෙමළ ජාතිවාදය පැරදවීමට හෝ ඊට එරෙහි වීම නොව ඔවුන් සමග ගිවිසුම් වලට එළඹෙමින් සහයෝගයෙන් බෙදුම්වාදීන් සනසන පාලනයක් ගෙනයෑමටය. ඒ අතරම දෙමළ ඊලාම්වාඅදය පෝෂණය කරන බටහිරින් ආධාර ලබමින් බටහිරට ගැතිව රට පාලනයටද එක්සත් ජාතික පක්ෂය වැඩි කැමැත්තක් දැක්විය. චන්ද්‍රිකා පාලනයද අනුගමනය කළේ එම ප්‍රතිපත්තියමය. මේ පිරිසට හුරුපුරුදු එම පාලන ප්‍රතිපත්තිය හා ඒ තුලින් දේශපාලනය හරහා සැප විඳීම මහින්ද ප්‍රමුඛ රජයේ ජාතිකත්වයට හිතැති පාලනය හරහා ඉවතට විසි වී තිබීම මහත් හිසරදයක් විය. සියල්ලට වඩා තම වහල් සේවකයා හරහා රටේ ජාතිකත්වය ගිල ගැනීමට මාන බලමින් සිටි බටහිර අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ විජාතික බලවේග වලට තම අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වීම ගැන දැඩි සිත් තැවුලක් විය.
                       
බටහිර රටවල් ඉන්දියාව හා මෙරට ඊලාම්වාදීන් රාජපක්ෂ රජය පෙරලීමට පොට පාදා ගැනීමට කටයුතු කරමින් සිටින අතර කුමන්ත්‍රණයට ඉත්තෙකු ඔවුන්ට හම්බ විය. ඒ මෛත්‍රීපාල සිරිසේනයි. රාජිත චන්ද්‍රිකා දෙපලද උද්‍යෝගීව කුමණ්ත්‍රනය දියත් කළෝය. රනිල්ද දිගින් දිගට පරාජය ලබමින් සිට සිරිසේනගේ පිහිටෙන් ගොඩයෑමට සිහින දැක්කේය. අවසානයට ජනවාරි 8 වනදා පැවති ජනපතිවරනයෙන් සිංහල බඩගෝස්තරවාදීන් හා නාගරික පොෂ් මෝඩ තරුණ පිරිස ඇතුළු උපන් මෝඩ එක්සත් ජාතික පාක්ෂිකයන් සමග දෙමළ මුස්ලිම් වර්ගවාදීන් එක්ව විජාතික කුමන්ත්‍රණයේ ඉත්තා වූ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවූහ. මහින්ද සමග පරාජයට පත්වූයේ සිරිසේනත් පොෂ මෝඩ තරුණයින් හා සිංහල බඩගෝස්තරවාදීන්ද කොටස් කරුවන් වූ මෙරට ජාතිකත්වයයි. කොටින්ට එරෙහි සටන පැවති සමයේ රනවිරුවන් අධෛර්‍ය කරමින් ත්‍රිවිධ හමුදාවට අවමන් කළ එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකා හා එන්ජීඕ විජාතික  අන පරිදි සිරිසේන මහතා උතුරේ හා නැගෙනහිර අධි ආරක්ෂක කලාප එකින් එක ඉවත් කළේ ත්‍රිවිධ හමුදාව පසුබස්වමින් පමණක් නොව රටේ ජාතික බලවේග වලටද අවමන් කරමිනි. උතුරේ ඇතැම් පොලිස් ස්ථානද ඉවත් විය. දෙමළ සන්ධානයේ බලපෑමද එහි තිබුණි. සිරිසේනගේ ව්‍යාජ යුධ ජය සැමරුමත් සමග උතුර උනුසුම් වූයේ පාසල් සිසුවියක් ඝාතනය කළ සිද්ධියකට මුවා වී කොටි හිතවාදීන් යාපනය උසාවියට ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. ඊට පෙරද උසාවි නියෝග නොතකා දෙමළ සන්ධානයේ ප්‍රධානත්වයෙන් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තයන් සැමරීම සිදු කර තිබුණි. මේ විහිළු හමුවේ සටනේ ජය හෑල්ලුවට ලක්වනවිටත් සිරිසේනගේ ෆීල්ඩ් මාෂල් වන සරත් ෆොන්සේකා මහතාට කිසිත් ගානක් නොතිබීම එක් අතකට පුදුමයක් නොවේ. ඒ ඔහුගේ ෆීල්ඩ් මාෂල්කම පසුපස තිබුණේ සිරිසේනගේ මහින්ද විරෝධය මිස අන් කිසිවක් නොවීම හේතුවෙනි.
                           
මේ සියල්ල අතර නාගරික පොෂ් මෝඩ තරුණයන්, ආතක් පාතක් නැති මතවාදී හිඟන්නන් හා විජාතික ගැති බටහිර නූතනත්වයේ සරණ ගියවුන් අතරින් මතුවූ තවත් එන්ජීඕ බලවේගයක් මේ අතර යුධ ජයග්‍රහණය සැමරීමට සමගාමීව ත්‍රිවිධ හමුදාවට හා ජාතික බලවේග වලට අවමන් කරන්නට කටයුතු කළේය. ඒ අළුත් පරපුර යැයි කියාගන්නා තරුණ කලා කරුවන් හා කලාකාරියන් පිරිසකි. ඔවුන්ගේ විජාතික මනස වැඩ කරන ආකාරය මෙන්ම ඔවුන්ට එන්ජීඕ මුදල් ලැබෙන ආකාරය අපටනම් පැහැදිලිය. මොවුන් යුද්ධයේ ජයක් හෝ පරාජයක් නැත ආදී වශයෙන් දියාරු කතා කියමින් ජාතිකත්වය අගයන මෙරට ජනයාට හා රනවිරුවන්ට අවමන් කළ ඔවුන් යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් වූ කොටි සාමාජිකයින්ද අපේම සොයුරන් පිරිසක් යැයි කියමින් රටේ ජාතිකත්වය වැනසීමේ විජාතික කුමන්ත්‍රණයේ සන්නද්ද අංශය වූ කොටි ත්‍රස්තසංවිධානයේ සාමාජිකයින් සමග නෑදෑකමක්ද ඇති කරගත්තේ ඔවුන් සතු විජාතික ගැති බොල් මනසට ජාතිකත්වය තබා තම ජාතකයවත් නොදැනීම තුලයි. එන් ජී ඕ මුදලට ඇති කෑදර කම හා බොරු පොෂ් සංස්කෘතිය තුල බටහිර නූතනත්වය ලඟා කරගැනීමට සිහින දැකීමත් ඊට බලපෑවාට සැක නැත. අප මුලින් කී පරිදි ඔවුන් සිරිතක් ලෙස චන්දය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ඇතැම් මාක්ස්වාදී පක්ෂ වලටය.
                           
ප්‍රභාකරන් සමගම කොටි ත්‍රස්තවාදය පැරදවීමේ ජයග්‍රාහී හමුදා මෙහෙයුම සැමරීමේ අවංක භාවය ගැන කතාකිරීමට පෙර එම ජයග්‍රහනය සැබෑ ලෙස වැදගත් වුනේ කාටද කියා සොයා බැලීම වැදගත් වේ. ඒ සඳහා මුලින් දැනගත යුත්තේ රටේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමේ ස්වභාවය කවරාකාරද යන්නයි. කොටි ත්‍රස්තවාදය තීරනාත්මක ලෙස පැරදවීමට අවශ්‍ය වූයේ විජාතික බලවේග වල්ලට එරෙහි ජාතික බලවේග වලට මිස කොටින්ට සහය දෙමින් ඔවුන් රැක්ක විජාතික බලවේග වලට ගැති සිරිසේන ප්‍රමුඛ විජාතික ගැති ආණ්ඩුවට හෝ එන්ජීඕ මුදලට ඕන සක්කිලි වැඩක් කරන ඊනියා අළුත් පරපුරේ කලා කරුවන්ට නොවේ. කොටි පැරදවීමේ තීරනාත්මක සටනේ ජය හා රනවිරු සැමරුම අවංකව උවමනා උනේ එදා ඊට එඩිතරව නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජාතික බලවේග වලටයි. මාතරදී බොරුවට රටට පෙනෙන්නට රනවිරුවන් හා යුධ ජය සැමරූ සිරිසේන රනිල් ප්‍රමුඛ විජාතික රජය රටට හා රටේ ජාතිකත්වයට කළ ද්‍රෝහීකම් එම ව්‍යාජ සැමරීමෙන් යටපත් කිරීමට කිසිවිට නොහැක්කේ මෙරට ජනයාගෙන් බහුතරය රටේ ජාතිකත්වය යනු කුමක්දැයි හඳුනන නිසාත් ඒ වටා සිටින සැබෑ දෑහිතකාමීන් කවුදැයි දන්නා නිසාත් බව අප කියමු.

4 comments:

  1. ඔය තියෙන්නේ නියමෙට..
    ඕක ගැන කතා කොරන්න ගියාම අපි මිනී කන ලේ මාපිල්ලු වෙනවා..හිනා යනවා ඉතින් සමහර අන්‍යාගමිකයන් මේක දඩමීමා කරගෙන ඉන්නවා සිංහල බෞද්ධයා ම්ලේඡ්ජයි කියන්න.උන්ගේ හැටියට සිංහල බෞද්ධයාට විශේෂ බලපත්‍රයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ අපරාධ කරන්න..

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයන්ට තියෙන විශේෂ බලපත්‍ර ගැන වද වෙන මේ ගොබිලො ටික කැබිතිගොල්ලෑවේ බස් වලට කොටි බෝම්බ තියනකොට අඳ ගොළු බීරි චරිත රඟපෑව අයයි.

      Delete
  2. සිහල බෞද්ධයාගේ අයිතිවාසිකම් රැකගන්නට ප්‍රබල සංවිධානයක් බිහි නොවුනොත් අපේ විනාශය නිසැකමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔවු. සමහර විට අපිටත් ආයුද අතටගන්න වෙයි අනාගතේ මේ යන විදිහට.

      Delete