Monday, May 18, 2015

මහින්ද අගමැති කරවන මෙහෙයුමේ අභිමාණවත් කුරුනෑගල රැලිය.


විජාතික කුමන්ත්‍රණ කරුවන්ගේ මෙහෙයුම සාර්ථක වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වීම හා පසුව එයට සන්ධාන මන්ත්‍රීවරු කීපදෙනෙක් ඇමතිකම් ගෙන එක් වූවත් ජාතික බලවේග පැරදවීමට මේ කිසිත් ප්‍රමාණවත් නැති බව රටට තහවරු වී හමාරය. ලහි ලහියේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ජාතික බලවේග වලට හිතවත් පසුගිය රජයේ ප්‍රභලයින් හිර කිරීමේ මෙහෙයුමක්ද දැන් ක්‍රියාත්මකයි. මේ සියල්ල සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හා ඔහු වටා දැවැන්ත පවුරක් ලෙස සිටින ජාතික බලවේග වලට විජාතික කුමන්ත්‍රණකාරී කණ්ඩායම් දක්වන බිය වේ. විජාතික බලවේග පරදවා නැවතත් මහින්ද ප්‍රමුඛ ජාතික බලවේග නැගී සිටිමින් රටත් ජාතියත් සුරක්ෂිත කරන බවට සුභ පෙරනිමිති පහල වී ඇත. දැන් අවශ්‍ය ජාතික මතවාද ශක්තිමත් කර පෙර වැරදි නිවැරදි කරගනිමින් නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනගාගැනීම මිස මහින්ද මෛත්‍රී සමගියක් උදෙසා බොරු සාකච්ඡා ඇති කිරීම නොවේ. ජාතික ප්‍රබෝධය මැනවින් පෙන්වන කුරුනෑගල රැලියේ වීඩියෝ දසුන මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු.

6 comments:

  1. ජයවේවා...

    මහින්ද නැවත ලන්කාවේ රාජ්ය නායකයා වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි කාගෙත් ලොකුම බලාපොරොත්තුව

      Delete
  2. විජාතික බලවේග දැන් බලන්නේ රනිල් මෛත්‍රී කණ්ඩායම ලවා මහින්ද හා ඔහුගේ හිතවතුන් හිරකර චන්දය දිනන්න. මේකත් ලේසි පහසු කුමන්ත්‍රණයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මෙතන අවදානම් සහිත තත්වයක්නම් තියෙනව තමයි. ඒත් මොන දේ කරලත් විජාතික ගැති යූඇන්පී එකට ආණ්ඩු හදන්න බෑ.

      Delete
  3. //දැන් අවශ්‍ය ජාතික මතවාද ශක්තිමත් කර පෙර වැරදි නිවැරදි කරගනිමින් නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනගාගැනීම මිස මහින්ද මෛත්‍රී සමගියක් උදෙසා බොරු සාකච්ඡා ඇති කිරීම නොවේ. // ++++++++++++++

    අනිවාර්යෙන් මේ පඹ රාජ තව ටික දවසකින් ජාත්‍යන්තරය බිඳෙනවයි කියලා ඊළම නීත්‍යානුකූලවම ලියලා දෙන්නත් බැරි නෑ..අර අවජාතක අළුත් පරපුරෙයි මුන්ගෙයි වෙනසක් නෑ..

    ReplyDelete
    Replies
    1. අළුත් පරපුර කියල කියාගන්න එවුන් මේ රටේ උපන් එවුන්ද කියලත් සැකයි. මෛත්‍රීපාල ජාත්‍යන්තරය සතුටු කරන්නේත් කොටිය හුරතල් කරන්නෙත් මහින්දගෙන් පලිගන්න. මහින්ද නියෝජනය කළේත් තමන් ජීවත් වන රටේ තමනුත් කොටස්කාරයෙක් වන ජාතිකත්වය කියල හිතන්න මොළේ නැති ගොන් බූරුවා මහින්දගෙන් පලිගන්න මුළු ජාතියම අනරක්ෂිත කර විජාතික බලවේග වලට යට කරවනවා.

      Delete