Sunday, April 12, 2015

අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට නිවන් සුව පතමු.


රටට ජාතියට හා බුද්ධ ශාසනයට අමිල සේවයක් කළ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ඊයේ දින දැයෙන් සමුගත්තේ අති විශාල ජනකායකගේ අවසන් ගෞරව මධ්‍යයේයි. මේ සටහන තබන්නේ උන්වහන්සේට ගෞරවයක් පිණිසය. මහනායක හිමියන්ගේ චරිතය තුල තිබූ සුවිශේෂීම ගුණයක් වූයේ රටත් ජාතියත් බුද්ධශාසනයත් අනතුරට ලක්වන්නට ඉඩ තිබූ අවස්ථා කල් තියාම හඳුනාගෙන ඊට නිසි ප්‍රතිචාරය දැක්වීමයි. උන්වහන්සේ රටේත් ජාතියේ හා බුද්ධශාසනයේත් ආරක්ෂාව කෙරෙහි දැක්වූ සංවේදී බව අපට කිසිදින අමතක කළ නොහැක. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි වැනි චරිත තවත් රටට අවශ්‍යය. අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධර්ක්ඛිත මහනායක හිමියනි, ඔබවහන්සේට  අජරාමර නිවන් සුවය අත්වේවා....!

2 comments:

  1. ..රටත් ජාතියත් බුද්ධශාසනයත් අනතුරට ලක්වන්නට ඉඩ තිබූ අවස්ථා කල් තියාම හඳුනාගෙන ඊට නිසි ප්‍රතිචාරය දැක්වීමයි. ..

    උදාහරණ කිහිපයක් දැනගන්න කැමතියි

    ReplyDelete
  2. නායක හාමුදුරුවෝ අන්‍යාගමික විජාතික ආක්‍රමණයන් ගැන සංවේදීව කටයුතු කළ හැටි දන්න අය හොඳින්ම දන්නවා. මාලිගාව වටේ රේස් පදින එකටත් මුලින්ම විරුද්ධ උනේ අස්ගිරි මහනායක හිමියන් බව කාටත් අමතකයි. උන්වහන්සේ මෑතක ඇති වූ ජාතික ප්‍රබෝධය ගැනත් දැක්වූයේ සුභවාදී අදහසක්.

    ReplyDelete