Sunday, March 22, 2015

පිරිමි,ගැහැනු වෙනස්කම් වල ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පදනම.


ජීවවිද්‍යාත්මකව සංසන්දනාත්මක ලිපියක් ලියන්න අදහස් 
කළෙමි. මේ ලිපිය බ්ලොග් එකට එකතු කරන්න හේතු කාරනාවල්නම් බොහොමයක්ම තිබෙනවා. ඉන් ආසන්නතම හේතුව උනේ වනිතා හඬ නම් අත්තනෝමතික කාන්තා විමුක්තිවාදී බ්ලොග් එකක පලවූ ලිපියකට පාඨකයෙකුගෙන් ලැබී තිබුණ ප්‍රතිචාරයකින් පෙන්නුම් කරන එක්තරා වැදගත් කරුණකි. වනිතා හඬ නම් බ්ලොග් එකගැනවත් එහි පලවන ලිපි ගැනවත් මා කිසිවක් කියන්නට යන්නේ නැත. හේතුව එහි තිබෙන අත්තනෝමතික භාවය හා මුග්ධ බව අනුව සත්‍ය පැහැදිලි කරන්නට කාලය වැයකිරීමද වැඩකට නැති දෙයක් වීමයි. ඇරත් මේ වගේ මෝඩ හිතුවක්කාර බ්ලොග් වලින් බටහිර මතවාද රටට ගිල්ලන්න බෑ.
                                                   විවාදයට තුඩුදුන් ලිපියට පහතින් සම්බන්ධ විය හැක.


http://sondhuruliyakamahima.blogspot.com/2014/07/blog-post.html

එහිදී මේ වනිතා හඬ විසින් පෙන්වා දී තිබුණේ කාන්තාවට කාන්තාවගෙන් මිස පිරිමියෙකුගෙන් කිසිත් හවුහරනක් නැත යන්නයි. එහිදී ලිපියෙන් මතුකර තිබූ කාරනයක් වන්නේ පිරිමින්ට ලාක්ෂණික වූ පිරිමි ලිංගිකත්වයටම මනෝවිද්‍යාත්මකව බද්ධ වී ඇති ක්‍රියාකාරකම් වල නිරතවෙමින් කාන්තාවන් ප්‍රගතිය කරා යෑමට උත්සහ දැරීමේදී 
පිරිමින් කිසිවෙක් ඊට උපකාර නොකරන බවකි. පිරිමින් කාම් පිස්සන් බවත් ලිපියේ සඳහන් වී තිබුණි. ගැටළුව ලිපියේ ඇති අතාර්කික බවට වඩා ඊට ප්‍රතිචාර වශයෙන් එක් අයෙකු දක්වා තිබුණු අදහසක ගැහැනු පිරිමි වෙනස්කම් ගැන කතා කිරීම වරදක් ලෙස දක්වා තිබීම හා ස්ත්‍රී පුරුෂ ලෙස මානසික වශයෙන් වෙනස්කම් නැති බවක් අඟවා තිබීමයි. එහිදී ඔහු වැඩිදුර පෙන්වාදී තිබුණේ කුලක වලට නොබෙදා පුද්ගලයන් හැටියට දක්ෂතා ඇගයීම කළයුතු බවයි. මා ඔහුට කමෙන්ට් කීපයකින් 
පිළිතුරු දුන්නද ගෑනු පිරිමි වෙනසක් නැතැයි කියන කුහක මානසිකත්වයට අභියෝගාත්මකව වෙනම ලිපියක් මගින් කරුණු පැහැදිලි කිරීම වැදගත් යැයි සිතේ.සත්ව ලෝකය හා මිනිස් සමාජය ගැන ලිංගිකත්වයට අදාලව කෙටි කරුනු පැහැදිලි කිරීමක් සංසන්දනාත්මකව කරමින් ලිපිය ආරම්භ කිරීම හොඳ යැයි සිතේ. සත්ව ලෝකයේ ඒකලිංගික (ගැහැනු හා පිරිමි ලෙස සතුන් දෙදෙනෙක් සිටින )සත්ව කොට්ඨාශ වල ලිංගිකත්වය අනුව පැහැදිලි වෙනස්කම් දැකගත හැක. පරිනාමික මට්ටම් වලින් ඉහල සංකීර්ණ ඉන්ද්‍රිය පද්ධතීන් සංකීර්ණ සංජනනාත්මක ලක්ෂණ වලින් හෙබි සත්ව ඛාන්ඩ වල ගැහැනු හා පිරිමි වශයෙන් ඇති විශේෂණයන්ද සංකීර්ණය. මිනිසුන්ගේ ලිංගිකත්වය සැලකීමේදී සත්වලෝකයේ අන් සතුන්ට සාපේක්ෂව ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයද ඉතා සංකීර්ණ වේ.

                                  
     දැන් මිනිසුන්ගේ ලිංග නීර්නයට අදාල ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන මදක් සාකච්ඡා කරමු. මූලිකවම මිනිස් ලිංග නීර්නයේ කොටස් 3ක් හඳුනාගතහැක. එනම් ප්‍රවේනික ශාරීරික හා මානසික යන ආකාර තුනයි. ප්‍රවේනි ලිංග නීර්නය මෙහි පළමු පියවරයි. එය සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක් වී ඩිම්බ සෛල සංසේචනය වන අවස්ථාවේමය. එහිදී සිදුවන්නේ දෙපාර්ශවයේ ප්‍රජනන බීජ වල ඇති ලිංග වර්ණදේහ එකට එක්වී එම ඩී.එන්.ඒ සුසංයෝගයට අනුව කළලයේ ලිංගය තීරනය වීමයි. ජීව විද්‍යාවේදී ලිංග වර්නදේහ (X සහY ) ලෙස හැඳින්වෙන අතර "Y " යනු පිරිමි ලිංග වර්ණදේහය වන අතර " X " යනු ස්ත්‍රී ලිංග වර්ණදේහය වේ. මේ අනුව "XX " ලෙස 
ස්ත්‍රී ලිංගයත් " XY " ලෙස පුරුෂ ලිංගයත් තීන්දු වේ. ( ප්‍රවේනි 
පදාර්ථයන්හි ප්‍රමුඛතාවය හා නිලීනත්වය යන සංසිද්ධි ක්‍රියාත්මක වන අතර මිනිසා ඇතුළු සත්ව ලෝකයේ වැඩිම ප්‍රතිශතයක පිරිමි ලිංග වර්නදේහය "Y " ප්‍රමුඛ වන අතර ස්ත්‍රී ලිංග වර්නදේහය "X " නිලීන වේ. "XY " ලෙස පිරිමි ලිංගය තීරනය වීමේදී "Y " ප්‍රමුඛ බැවින් "XY " සංයුතියේදී " Y " මගින් සම්පූර්ණ ඩී.එන්.ඒ සංයුතියේ පාලනය සිදුවී පිරිමි ලිංගය තීන්දු වේ. "XX " ලෙස ස්ත්‍රී ලිංගය තීන්දු වීමේදී "X " වර්ණදේහය නිලීන බැවින් දෙකේම ක්‍රියාකාරිත්වය සමානය.) මේ හා සම්බන්ධ තවත් බොහෝ ප්‍රවේනි විද්‍යාත්මක කරුණු කීමට ඇතත් ලිපියට අවශ්‍ය පරිදි මේ ටික පමණක් කීම මෙහිදී ප්‍රමාණවත් වේ.

                           ප්‍රවේනි ලිංග නීර්නයෙන් පසුව සිදුවන්නේ 
කලල විකසනයට සමගාමීව කායික විද්‍යාත්මක ලිංග විභේදනයයි. එහිදී මූලිකව ලිංගය තීන්දු කර තිබෙන ප්‍රවේනි පදාර්ථයන්හි අඩංගු ඩී.එන්.ඒ සංයුතිය හා එහි අන්තර්ගත ජාන ක්‍රියාකාරිත්වය අනුව කලලයේ පටක විශේෂණයට බඳුන්වේ. අභ්‍යන්තර ප්‍රජනක පටක හා ඉන්ද්‍රියනුත් බාහිර ප්‍රජනක අවයවත් විකසනය වීම සිදුවන්නේ ඊට අනුවයි. මේ ක්‍රියාවලියේ මුල් කොටස එසේ සිදුවන අතර කලලය පූර්ණ වශයෙන් විකසනය වී දරුවා බිහිවූ පසු එම දරුවාගේ වර්ධනයත් සමග ලිංගිකත්වය අනුව 


ද්විතීක ලිංග ලක්ෂණ පහලවී ලිංගික වශයෙන් මුහුකුරා යෑම දෙවනුව සිදුවේ.දැන් අපේ සාකච්ඡාවට බඳුන් වන්නේ ලිපියෙන් පෙන්වාදීමට යන වැදගත්ම කාරනාව වන මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයක් පැහැදිලිව තිබෙන බව හා එහි ස්වභාවයයි. සත්ව ලෝකය 
තුල සිදුවී ඇති විවිධ පරිනාමනයන්ට සමාන්තරව බලන විට සතුන්ගේ ඉව ප්‍රභල වන අතර බුද්ධිය සාපේක්ෂව අඩු බවත් මිනිසුන්ට ඉහල බුද්ධිමට්ටමක් තිබෙන අතර ඉව සාපේක්ෂව ඉතාම අඩු බවත් පැහැදිලි වේ. සතුන්ට සාපේක්ෂව මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සංකීර්ණ හා කැපී පෙනෙන මට්ටමේ එකක් වීම මෙහිදී අපේ අවධානයට ලක්වන ප්‍රධාන කාරනාවයි. සත්ව ලෝකයේ බොහෝ සතුන්ට ප්‍රජනන කාලයන් තිබෙන අතරම විරුද්ධ ලිංගිකයන් සමග එක් වීමේ සංවේදීතාවයන් හා විරුද්ධ ලිංගිකයන් ප්‍රජනන සමයේ සක්‍රිය වන ආකාරය හඳුනාගන්නේ ප්‍රධානවම ඉවෙනි. එහෙත් මිනිසුන් සම්බන්ධයෙන් ගත් කළ එවැනි විශේෂිත ප්‍රජනන සමයන් නැත. එමෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික සක්‍රියතාවයේ ස්වභාවය හා හැඟීම් දැනීම හඳුනාගන්නේත් ලිංගික ආකර්ෂණය දනවන්නේත් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකට අනුවයි.
                                                                                    මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය පවුල හා මිනිස් සමාජය මත ප්‍රභල ලෙස පිහිටා ගොඩනැගෙන අතර පුද්ගල මනෝභාවයද එයට එක් පැත්තකින් පදනම් වේ. මිනිස් වර්ගය තුල කැපී පෙනෙන මේ මනෝ විද්‍යාත්මක ලිංගිකත්වය ගොඩනැගෙන්නේ කෙනෙකු බොහෝ කුඩා කල තමන් විසින් තමාගේලිංගය හා ලිංගික ස්වභාවයන් හඳුනාගැනීමේත් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි ස්වභාවයන් හඳුනාගැනීමේත් සිටයි. මේ සම්බන්ධයෙන් කුඩා දරුවන් සංවේදී වන්නේ පවුල තුල සිය මවුපියන් හඳුනාගැනීමේ සිටය. එනම් පිරිමි දරුවන් තම ලිංගිකත්වය හඳුනාගැනීම පවුලේ පියා හඳුනාගැනීම හා පියාගේ චරිතය අනුගමනය කිරීමෙන් ඇරඹෙනඅතර ගැහැනු දරුවන් මව හඳුනාගැනීමත් මවගේ චරිතය අනුගමනය කිරීමත්  තුලින් ස්ත්‍රී ලිංගිකත්වය හඳුනා ගැනීම සිදු වේ. ඒ සඳහා ළදරු අවධියේ සිට කායිකව හා මානසිකව යම් පෙළඹවීමක් දරුවන් තුල දක්නට ලැබේ. ඔවුන් තම ලිංගිකත්වය හඳුනාගැනීම විරුද්ධ ලිංගිකත්වය ස්වකීය ලිංගිකත්වයෙන් වෙන්කර හඳුනාගැනීම යන සිද්ධි වලට සමාන්තරව සිය මවුපියන් අතර ඇතිවන බැඳීම් කෙරෙහිද සංවේදී බවක් දක්වති. ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ මනෝවිද්‍යාත්මක අනුකරනයන් කරන (ස්ත්‍රීන් පුරුෂයන් ලෙසත් පුරුෂයන් ස්ත්‍රීන් ලෙසත්)අය එසේ කරන්නේ පෙර ආත්ම වල පුරුදු ලෙස බවත් එය සමාජයේ පිළිගතයුතු බවත් ඇතැම්  බෞද්ධ නූතනවාදී උගතුන් කියනු අප අසාඇත. පෙර ආත්ම වල පුරුදු ලෙස එවැනි තත්වයන් ඇතිවියහැකි බව අපද පිළිගන්නෙමු. එපමණක් නොව ඊට පෙර ආත්ම වල අකුශලකර්මයන් බලපෑහැකි බවද අප නොබියවම කියමු. අප තවදුරටත් මේ සම්බන්ධයෙන් කියන්නේ පෙර ආත්ම වල පුරුදු කුමක් වුවත් මේ ආත්මයේ තම දරුවන්ට යහ පැවැත්ම ගොඩනගාදීම සඳහා ඊට බාධා වන විකුර්ති හැසිරීම් මගහරවා පෙර අකුශල කර්මද බොහෝදුරට අහෝසි කර දැමීමට බුද්ධිමත් මවුපියන්ට හැකි ය යන්නයි.
                  
ස්ත්‍රියගේ හා පුරුෂයාගේ මනෝවිද්‍යාත්මක ලිංගිකත්වය සමාජයේ අනන්‍ය වන්නේ ලිංගිකත්වයට අදාල ගැහැනු පිරිමි සමාජීය අනුවර්තන තුලිනි. අප මින් පෙරද විවිධ අවස්ථා වල පෙන්වා දී ඇති ආකාරයට සාධාරන ලෙස ස්ත්‍රීත්වය හා පෞරුෂත්වය වෙන් වෙන්ව කේන්ද්‍රගත වන්නාවූ ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් හා පුරුෂයාට විශේෂ වූ ක්‍රියාකාරකම් පද්ධතියක් මිනිස් සමාජයන් තුල කැපී පෙනෙන්නේ  එනිසයි. මේ ක්‍රියාකාරකම් පද්ධතීන් එකිනෙකාගේ ලිංගිකත්වය අනුව එකිනෙකට සමාන්තරගත මෙන්මසමරූපී වන්නේ සමාජයක පැවැත්මට එය අත්‍යවශ්‍ය වන ආකාරයටය. ඒ තුල ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් වල ගැලපීමද පැහැදිලිව අන්තර්ගතව ඇත. එය පිළිගත නොහැක්කේ අති උග්‍ර කුහක මානසිකත්වයකින් පෙලෙන්නෙකුට පමණයි. වර්තමානයේ ලොව ඕනෑම දියුණු මිනිස් සමාජ පරිසරයක් තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් ඇති විශේෂණයන් හා ඒ මත පදනම් වන මනෝවිද්‍යාත්මක අනුවර්තන අතර ලිංගිකත්වය අනුව සමබරතාවයක් ගොඩනැගී තිබෙන්නේ එය ජන සමූහයේ දිගුකාලීන පැවත්මට තිබියයුතු මූලික ගුණාංගයක් ලෙසය. ඒ ගැන විවාද අවශ්‍ය නොවේ.  මේ ලිංගිකත්වය මත දක්වන වැදගත් මිනිස් අනුවර්තන වලට මතුපිටින් පෙනෙන කාරනාවන්ගෙන් ඔබ්බට යන විශේෂ කාරනාද තිබේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම මනෝවිද්‍යාත්මක සාධක වෙන්වෙන්ව ගත් විට ඒවා යම් යම් පැති වලට ප්‍රභලතාවයන් මෙන්ම තවත් පැති වලට දුර්වලතාවයන්ද පෙන්වයි. සමාජයක ස්ත්‍රී පුරුෂ ලෙස පුද්ගලයන් ලිංගික විශේෂනයන්ට ලක්වී විරුද්ධ ලිංගික බැඳීම ශක්තිමත් වන ආකරයට හැඩගැසෙන්නේ ලිංගිකත්වය අනුව වෙන් වෙන් වශයෙන් ඇති ප්‍රභලතා එක්වන ආකාරයට හා ඒ තුලින් දුර්වලතා නිශේධනය වන ආකාරයට වේ. මෙයද සැබවින් විද්‍යානුකූල දෙයකි. නමුත් කුහකයන් එය පිළිගැනීමට සූදානම් නැත.
                     පිරිමි සමාජයත් කාන්තා සමාජයත් ලිංගිකත්වය අනුව 
හා මනෝවිද්‍යානුකූලව එකිනෙකින් ස්වාධීන නොවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමාජයට වැදගත් වන්නේ එකිනෙකට වෙනස් විශේෂණ හා අනුවර්තනයන් මිස සමානකම් නොවේ. කාන්තාවන් හා පිරිමින් අතර වෙනස්කම් නැතිව සමානකම් වැඩි වශයෙන් තිබුණේනම් කිසි දිනක දියුණු මිනිස් ශිෂ්ඨාචාරයන් බිහි වන්නේ නැත. අපගේ විචාරයට බඳුන්වූ අදහස් දක්වා තිබුණු පසන් රාහුල නමැත්තාට මේ කිසිත් පිළිබඳ අවබෝධයක් නැතුවාටත් වඩා මේ දේවල් පිළිගැනීමේ මැලිකමක්ද තිබෙන බව ඔහුගේ පටු බොළඳ තර්ක වලින් අප දුටුවෙමු. ඔහුගේ කිසිදු පරිනත බවකින් තොර තර්ක වලින් අපට පෙනීගියේ ඔහු ස්ත්‍රී පුරුෂ කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිගත්තත් මනෝවිද්‍යාත්මක වෙනස්කම් පිළිනොගන්නා බවයි. ඔහුගේ තර්ක ලිංගිකව මුහුකුරා නොගිය කුඩා ළමයෙකුගේ තර්ක වලටත් අන්තය. ලිංගිකත්වයේ කායිකවිද්‍යාත්මක ව්‍යුහය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස හැඩගැසෙන්නේ ප්‍රජනක පද්ධතීන් එකිනෙක සමරූපී වන ලෙසත් ලිංගික එක්වීම සක්‍රීය කරවන ලෙසත්ය. ස්ත්‍රී බීජ සෛලය වෙත පිරිමියාගේ ශුක්‍රාණු ලඟාවීමටනම් ලිංගික එක්වීමක් සිදුවියයුතුය. එය ඉබේට සිදුවන්නක් නොවේ. එහිදී පුරුෂයා ස්ත්‍රිය වෙත ලිංගිකව ආකර්ෂණය වීම අනිවාර්‍ය දෙයක් වේ. කාන්තාවන්ට කායික විද්‍යාත්මකව පිහිටන ලක්ෂණ වලට අමතරව පුරුෂ මනෝවිද්‍යාත්මක සාධකයට සමරූපීවන ස්ත්‍රී ලිංගික මනෝවිද්‍යාත්මක සාධකයක්ද ස්වභාවයෙන් පිහිටයි. මේ දෙකද පිහිටන්නේ එකිනෙක ගැලපෙන ලෙස ප්‍රතිවිරුද්ධ හැඩගැසීම් ඇතුවයි. පුරුෂයින් ලිංගිකව ආකර්ෂනය කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීත්වයට ලාක්ෂණික ගුණාංගයන් වර්ධනය කරගැනීම සඳහා කාන්තාවන් තුල පෙළඹවීමක් ඇතිකරන්නේ මේ මනෝවිද්‍යාත්මක සාධකය වේ. එහිදී පිරිමින්ට ආවේනික කායික හා මනෝවිද්‍යාත්මක ලක්ෂණ වල ඇති කාන්තාවන්ට නොගැලපීමත් ඒ කිසිවක් කාන්තාවන්ට ආදේශ කරගත නොහැකි බවත් ගැන සවිඥ්ඥානික බව කාන්තාවන් තුලම ඇතිකරන්නේ මනෝවිද්‍යාත්මකව ස්ත්‍රී ලිංගික පෙළඹවීමක් ලෙසයි. කායික විද්‍යාත්මකවද පුරුෂ හා ස්ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය එකිනෙකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධය. හෝමෝන ක්‍රියාකාරිත්වය මනෝවිද්‍යාත්මක සාධකයට හා හැසිරීම් ස්වභාවයට පැහැදිලි බලපෑමක් ඇතිකරයි.
                 
 ලිංගිකත්වය යනු උඩින් පල්ලෙන් විහිළුවට විනෝදයට කතා කළ හැකි මාතෘකාවක් නොවේ. ඒ ගැන ජීව විද්‍යාත්මක ලිපියක් වෙනමම පළකළ යුතුව ඇත. පසන් රාහුල නමැත්තා වනිතා හඬේ ලිපියට අදහස් දක්වමින් ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනයන බවද පවසා ඇත. ඔහුගේ බ්‍රහ්මචාරී බවට ලිංගිකත්වයට අදාල මිනිස් කුහකත්වයන් කළවම් වී ඇති බව ඔහුට නොතේරෙන්නේ ඊට වටිනාකමක් ලබාදෙන ඔවුන් වැනි අයට ආවේනික මනෝගතිය නිසා බවද මෙහිදී අප මතක්කර දෙමු. ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්හි මනෝවිද්‍යාත්මක සාධකයට අදාල අනුවර්තන හා ලිංගික ගැලපීම් සාර්ථක නොවී මිනිස් ප්‍රජනන ක්‍රියාවලියද සාර්ථක නොවන බව තේරුම්ගැනීමට පසන් රාහුලට නොහැකි වී තිබේ. ඒ ඔහුගේ අගනා බ්‍රහ්මචාරී බවට අනුව වන්නට බැරි නැත. ඔහුට මතක්කර දෙන්නට තවත් දෙයක් තිබේ. එයනම්  ඔහු වැනි කුහක බ්‍රහ්මචාරීන් කුමක් කිවුවත් සසර ගමන කෙළවර කළ බුදුවරුවත් රහතුන්වහන්සේලාවත් ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන්නට කිසිවිට කිසිවෙකුටත් අනුබල දී නැත යන්නයි. ඒ වෙනුවට බුදුන් වහන්සේ විසින් බෞද්ධ සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය පරමාදර්ශයන් පෙන්වා දී තිබේ. ලිංගිකත්වය සැලකීමේදී බුදුන්වහන්සේ විසින් පෙන්වාදී තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම එකිනෙකට සමරූපී ලිංගික විශේෂණයන් හා අනුවර්තනයන් එක ලෙස සමාජයට වැදගත් බවත් සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම  මේ ගුණාංග එකහා සමාන ලෙස පිලිගතයුතු බවත්ය. මෙය වැරදියට අල්ලාගෙන බෞද්ධ සමාජයට ලිංග භේදයක් අවශ්‍ය නැති බව කියමින් කාන්තාවන්ද පිරිමි ලිංගිකත්වය පවා මානසිකව අනුකරනය කරන එක බුදුන් වහන්සේ විසින් කාන්තාවන්ට ලබාදුන් සම තත්වය හැටියට මෝඩ විග්‍රහයන් කරන්නේ පසන් රාහුලලා වැනි ඊනියා බ්‍රහ්මචාරීන්මය. මේ අගමුල සොයාගත නොහැකි පැටලිල්ල ලිහාදැමීමම අද දවසේ බෞද්ධ සමාජය වෙනුවෙන් කරන්නට තිබෙන මහඟු කාර්යභාරයන්ගෙන් එකකි.
                   ඊනියා වනිතා හඬේ සංවාදයට එක්වුන පසන් රාහුල වැන්නන්බහුතරය නොවුවත් තව බොහෝ සිටින බව අප හොඳින් දනිමු. ලිංගිකත්වය හා බැඳුනු සමාජීය කුහකත්වයන්ට මොවුන් මහත් භක්තියකින් වන්දනාමාන කරති. මේ අය බුදු දහමට වැරදි ලෙස මේ කුහකත්වයන් ගලපාගන්නේ ඒවාටද බුදු දහමට සමාන ගෞරවයක් 
ආරෝපනය කරමිනි. ඒක ලිංගික සත්ව කොට්ඨාශ වල ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක ආකෘති එක හා සමාන නොවන ලෙසම විරුද්ධ ලිංගිකව එකිනෙකා ආකර්ශනය කිරීමට ඉවහල්වන මනෝමය ස්වභාවයන්ද එකිනෙකට සමරූපී වන නමුත් එකිනෙක ප්‍රතිවිරුද්ධය. 
මිනිසුන් සම්බන්ධයෙන් බලන කළ මෙය තවත් සංකීර්ණ වේ. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවයට අනුව වැඩිදියුණු වී තහවරු වන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස කායිකවත් මානසිකවත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ මිස සමානකම් නොවේ. මේ කිසිත් නොදන්නවාට වඩා උවමනාවෙන් අමතක කරන පසන් රාහුල වැන්නන් පැරණි පොලිනීසියානු සමාජයක් ගැන කියමින් එහි කාන්තාවන්ද අතීතයේ පිරිමින්ගේ භූමිකාවක් කිරීමට සමත් වූ බව මහත් උජාරුවෙන් කියති. නමුත් ඇත්ත තත්වය එය නොවේ. පොලිනීසියානු සමාජය තුලද කාන්තාවන් ඔවුන්ට ආවේනික ක්‍රියාකාරකම් වලට වැඩි උනන්දුවක් දක්වන අතර ඔවුන්ට ආවේනික ස්ත්‍රීත්වය මත පදනම් වූ භූමිකාවක් පැහැදිලිව තිබේ. වර්තමානයේ පොලිනීසියානු කාන්තාවන් ස්ත්‍රීත්වය අනුව ප්‍රභල අනුවර්තන දරන අතර ඔවුන් ලොව අනෙකුත් රටවල මෙන්ම  ඔවුන්ටම ආවේනික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගෙන ඇත. මේ අනුව පසන් රාහුලලා පැරණි පොලිනීසියානු සමාජය තුල හාරා අවුස්සමින් සොයාගත් සුලු පිරිසක් කාන්තාවන් පිරිමියාගේ භූමිකාව කිරීමට දැක්වූ සමත්කම මේ වන විට ඉතිහාසයේ කුණු ගොඩට විසිවී හමාර බව ඔහුගේ කතාවලින්ම ඔප්පු වී ඇත. ලොව කොතනත් තත්වය මෙයම බව අමුතුවෙන් කිවයුත්තක් 
නොවන්නේ ලිංගිකත්වය යන්නෙහි ස්වහාවය එය වන නිසාමය.
                                                 
 සොබාදහම එය උනත් එය පිළිගැනීමට දක්වන මැලිකම වනිතා හඬේ සංවාදයට එක්වූ පසන් රාහුල වැන්නන්ගේ මනස මේ ස්වභාවයට බැට දී වින්දනයක් ලබන තැනට ගෙනගොස් ඇත. ඔවුන් පිරිමියාගේ ලිංගික ස්වභාවයට සමරූපී වන ස්ත්‍රී ලිංගික විශේෂණ ඇතුළු ස්ත්‍රී ස්වභාවයම හරි හැටි පිළිගැනීමට සූදානම් නොවන්නේ ඔවුන් තමන්ගේම ලිංගික ස්වභාවයටවත් හරි හැටි ගරු නොකරන නිසාය. ලිංගික අවශ්‍යතා ජීවිතයෙන් අත්හැරිය හැක. නමුත් එය කළයුත්තේ කවර දෙයක වුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන අවබෝධයකින් මිස ඒ කෙරෙහි ඇති නොරිස්සුම්සහගත බවක් මත පිහිටා නොවේ. පිරිමියාගේ ලිංගික රුචි අරුචිකම් වල ස්වභාවයට සමාන්තරව ස්ත්‍රී ලිංගික රුචි අරුචිකම් මත පිහිටා පිරිමියාගේ ලිංගික ආශාව සමග අනුගත වී ඊට අනුකූලතාවයක් දක්වන කාන්තාවන් අගය කිරීමටනම් පසන් රාහුලලා වැනි හොර සිල ගත්තවුන් කිසිවිත ඉදිරිපත් නොවෙති. අඩු තරමින් ස්ත්‍රී පුරුෂ ලිංගික අනුවර්තන වල සමබරතාවය මනුස්ස සමාජයේ පැවැත්මට වැදගත් වන ප්‍රධාන දෙයක් යන්නවත් ඔවුන් පිළිගන්නේ නැත. මේ ඔවුන්ගේ අපරිණත බව හා කුහකකම්වල සාමූහික ප්‍රතිඵලයකි.  මෙවැන්නන් කෙනෙකුගේ දක්ෂතා අගයන්නේත් මේ කුහකකම් පදනමට ගෙනයි. විශේෂයෙන් කාන්තාවන්ගේ දක්ෂතා මොවුන් අගයන්නේ තම කුහක මනසේ පැලපදියම් වී ඇති විෂම ලිංගික ස්ත්‍රී පුරුෂ ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නොරිස්සුම්සහගතබව අනුවය.
                                                                  ලිංගිකත්වයේ ස්වභාවය අනුව ස්ත්‍රී පුරුෂ මිනිස් ලිංගික අන්තර් ක්‍රියා හා ඒ වටා ගොඩනැගෙන ක්‍රියාකාරකම් සමාජයේ පැවැත්මට අවශ්‍යයැයි පිළිගැනීමට මැලිකමක් දක්වන කුහකකම ඉහවහ ගියකළ කුහකත්වයටම වැඳුම් පිදුම් කරන හොර උපාසකයින් ලිංගිකත්වය අනුව කායිකව හා මනෝවිද්‍යාත්මකව මිනිස් ප්‍රජාවකට අවශ්‍ය සමබරතාවය නොසලකා හැරීම පුදුමයක් නොවේ. මේ කුහකයන් ගැහැනු පිරිමි වශයෙන් දක්ෂතා ඇගයීමට ලක්කරන්නේ තම කුහක මනසට ගෝචර වන ආකාරයටය. ඒ අනුව ඔවුන් කාන්තාවන්ගේ දක්ෂතා ලෙස දකින්නේ ස්වභාවයෙන් කාන්තාවන්ට පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය අනුව කායිකවත් මනෝවිද්‍යාත්මකවත් විශේෂණ අනුව ගැඩගැසුනු පිරිසට තම ලිංගිකත්වය පිරිමි ලිංගිකත්වයේ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තනයන්ගෙන් වෙන්කර හඳුනාගැනීමේ සංවේදීතාවය මත පදනම් වන කිසිවක් නොවේ. ඔවුන්ට අනුව ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන් මත විශේෂණයක් නොවී පිරිමි ලිංගිකත්වයත් එහි කායික විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක අනුවර්තනත් වෙන්කර හඳුනාගැනීමට සංවේදී නොවෙමින් කාන්තාවන් පිරිමි ලිංගිකත්වය හා බද්ධ වී පරිනාමයට ලක්ව ඇති සියල්ල අනුකරනය කිරීම කාන්තාවන්ගේ දක්ෂතාවයකි. එහිදී ලිංගිකත්වයට සංවේදීව මේ සිද්ධි වල අන්තර්ගත කුහකත්වයන් අපට තේරුම්යෑම වැලැක්වීමට ඔවුන් ගෙනෙන තර්කය වන්නේ කුලක වලට නොබෙදා පුද්ගලයන් වශයෙන් දක්ෂතා ඇගයීම කළයුතු බවයි. ඔවුන් නොකියා කියන්නේ ලිංගික විශේෂණයන්ට සංවේදී බහුතරයක් අයත් කුලකය ප්‍රජාවක් තුල ස්වභාවිකව බලවත් වීම වලක්වා අසංවේදී සුළුතරයක් අයත් කුලකය බලවත් කිරීම සඳහා ලිංගික විශේෂණයන් සලකන කුලකයකට නොබෙදියයුතු බවකි. මෙවැනි අදහස් ඇත්තවුන්ගෙන් ඇතමෙක් ස්ත්‍රී ලිංගික විශේෂණයන් අනුකරනය කරන පිරිමින්ගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් පිරිමින්ගේ දක්ෂතා අගය කරන්නට යන අවස්ථාත් අප දැක ඇත. මේ පිරිස ඔවුන්ගේ කුහක මනෝගතිය අනුව අර්ථකථනය කරන දක්ෂතා ඔස්සේ සක්‍රීය වන සමලිංගිකත්වය ඇතුළු ඒ වටා ඇති අනෙකුත් විකුර්ති ලිංගික ක්‍රියාකාරකම් ගැන වචනයක්වත් නොකියා පරෙස්සම් වීමටද සූක්ෂම වෙති. ස්ත්‍රී පුරුෂ විෂම ලිංගික සම්බන්ධතා පිළිකුලට ලක්කර බොරු සුචරිතවත්කමක් පෙන්වමින් සමලිංගිකත්වයට බුරුලක් දීමට ඕනෑම සමාජයක් තුල කටයුතු සිදුවන්නේ  මේ කුහකයන් හරහායි.  
           කුහකත්වය දේවත්වයේ ලා වන්දනාමාන කරන ආත්ම වංචනිකයන්ට අවසානයේ කිවයුතු යමක් වෙයි. ඒ සොබාදහම මිනිස් කුහකත්වයන්ට වඩා බලවත් බවය. කුහකයන් කාන්තාවන්ගේ දක්ෂතා ලෙස හඳුන්වන පුරුෂ ලිංගිකත්ව අනුකරනය (කුහක පඬියන්ට අනුව ලිංග භේදයකින් තොර ) සැබවින් සමරූපී වන්නේ ස්ත්‍රී ලිංගිකත්වය අනුකරනය කරන පිරිමින්ගේ හැසිරීමටය. මේ දෙ ආකාරයම සොබාදහමට අනුව ඉදිරියට වැඩි දියුණු නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ මෙවැනි දේ ස්වභාවිකව ප්‍රජාවෙන් ප්‍රතික්ෂේප වී වඩා දියුණු මිනිස් අනුවර්තන ලෙස ස්ත්‍රී පුරුෂ ලිංගික විශේෂනයන් මත කායිකවිද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් දෙභින්න වී ඇතිවන හැඩගැසීම් ඉදිරියට වර්ධනය වීමයි. සොබාදහමෙන් අනුමත වී වැඩිදියුණු වන ලක්ෂණයන් මිනිස් ස්වභාවයන්ටද එකඟව ඉදිරියට ආරෝහනය වී ඇති බව පිළිගතයුතු සත්‍යකි. විරුද්ධ ලිංගික වශයෙන් එකිනෙකා අතර ප්‍රසන්න හැඟීම් ජනනය වන ආකර්ශනීය බව කිසිවිට ස්වභාවික හැඟීම් දැනීම් ඇති සංවේදී කිසිවෙකුටත් නොරුස්සනා දෙයක් විය නොහැක. එසේ වන්නේනම් ඒ උපන් කුහක ගති ඇත්තෙකුටය. ලිංගික ආශාව ජීවිතයෙන් අත් හැරියද එවැන්නෙකුට පවා සෙසු සමාජයේ ලිංගික ආශාව අත් නොහල  පිරිසගේ පැවැත්මට අවශ්‍ය ලිංගික ආකර්ශනය හා ගැලපීම් වලට පිස්සන් මෙන් බැට දීමට නොහැක. ලෝකය වෙනස් වීමේ ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ඇදේ. ඒ සොබාදහමට අනුකූල මාර්ගයක මිස මිනිස් අවශ්‍යතා වලට පමණක් අනුකූල ලෙස නොවේ. සොබාදහමට අනුකූල වන දේ වැඩි දියුණු වී ඉදිරියට යෑමත් එසේ නොවන දේ ස්වභාවිකව ප්‍රතික්ෂේප වීමත් කුහක මිනිසුන්ට වැලැක්විය නොහැක. ලිංගිකත්වය ගැන කතා කළද තත්වය එයයි. ලෝකයටත් මිනිස් සංහතියටත් වෙනස් වීමට අවශ්‍ය ආකාරය කුහකයන්ගෙන් ඉගෙනගන්නට අවශ්‍ය නැත. වෙනස් වියහැකි වඩා නිවැරදි ක්‍රමයට ස්වභාවයෙන් වෙනස් වීම සිදු වෙයි. මිනිස් කුහකකම් මත ඒ වෙනස් වීමේ රටාව බලෙන් වෙනස් කරන්නට ගියහොත් ඊටද සොබාදහමෙන්ම දඬුවම ලැබෙනු ඇත. බුදු දහමට අනුව යමින් බ්‍රහ්මචාරී දිවියක් ගතකරන්නේ යැයි කියන පසන් රාහුලලාට අවසානයට තවත් දෙයක් මතක් කරන්නට අව්ශ්‍ය වේ. එනම් බුදු බව ලැබූ සිදුහත් කුමාරයා උපන්නේත් ස්ත්‍රී පුරුෂ ලෙස ඉතා ප්‍රභල අනුවර්තනයන් දක්වනලද සමාජ පරිසරයක යන්නත් බුදුන්වහන්සේ එම සමාජය ප්‍රතික්ෂේප නොකළා මෙන්ම ඒ තුල ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව කායිකවිද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් පැහැදිලි හැඩගැසීමක් පෙන්වූ කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දීමටද කටයුතු කළ බවයි. දැන් බ්‍රහ්මචාරීන් වී පිරිමි අනුකරනය කරන අසංවේදී කාන්තාවන්ගේ දක්ෂතා අගයන්නට යන කුහක මිනිසුන්ගේ මවුවරුන් ඔවුන්ගේ මනසට ගෝචර වන ලෙස දක්ෂ එඩිතර කාන්තාවන් නොවන්නට ඇත්තේ ඔවුන්ගේ පෙර වාසනාවකට බවත් මතක් කරදෙමින්ම ලිපිය අවසන් කිරීම වඩා හරවත් වේ.

ප්‍රමාද වී හෝ  මේ ලිපිය එක්කළේ ඊට මුල් වූ කාරනාවේ වැදගත්කම සලකායි.

No comments:

Post a Comment