Monday, March 30, 2015

මෝඩිගේ බොරු ශෝ එක හා දිය යටින් ගින්දර ගෙනයෑම


පසුගිය මාර්තු 13 දා ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හා ඔහුගේ සංචාරය සම්බන්ධ විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ අපට දකින්නටත් අසන්නටත් ලැබුණි. ජනමාධ්‍ය වලින් කුමන කතාවක් කවර ආකාරයකට කීවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන අපට විචාරයක් තිබිය යුතුය.
                       මෑත ඉතිහාසය පුරාවට ඉන්දියාව ක්‍රියාකර ඇත්තේ අපේ රටට හිතවත් ආකාරයකට නොවේ. මෙය සමස්ථ ඉන්දීය ජනතාවම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළයුතුයැයි සිතන ආකාරය නොවිය හැක. නමුත් ඉන්දීය නායකයන් ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති අපේ රට පැත්තෙන් බලන කළ අපට ඒ තරම් හිතකර නැත. විශේෂයෙන් රටේ ජාතිකත්වයට හා රාජ්‍යත්වයට අහිතකරය. ඉන්දියානු නායකයින්ගේ මේ හැසිරීම වඩා තීව්‍ර වී ඇත්තේ ඉන්දියාව බටහිර යුදෙවු නූතනත්වය ග්‍රහනය කරගෙන ඒ ඔස්සේ බටහිර සංවර්ධන ප්‍රතිපත්ති අනුගමනය කරමින් ලෝක බලවතෙකු ලෙස ඉදිරියට එන්නට දරන උත්සහයත් සමගයි. මින් ඉහතදීද ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සිය බලය යොදා රටට අහිතකර බලපෑම් ඇතිකළ අවස්ථාවක් අප කාටත් මතක ඇතුවාට කිසිදු සැකයක් නැත. එවකට ලංකාවේ ජනාධිපතිවරයා වූයේ ජේ ආර් ජයවර්ධන මහතායි. දෙමළ ඉලාම්වාදයේ සන්නද්ධ අරගලය නිල වශයෙන් ආරම්භ වීමත් සමග එවකට පැවති රජයේ මැර කල්ලි හා කළුකඩ මුදලාලිලා ඇතුළු එක්සත් ජතික පක්ෂයට සම්බන්ධ වසල ව්‍යාපාරිකයින් බොරු ජාතිආලයක් පෙන්වා ඊලාම්වාදීන් නොවූ උතුරත් නැගෙනහිරත් හැර සෙසු ප්‍රදේශවල සාමාන්‍ය දෙමළ වැසියන් ඝාතනය කරමින් හිරිහැර කරමින් හා ඔවුන්ගේ දේපල කොල්ලකමින් කෝලාහලයක් කරන්නටද විය. බටහිරට එතරම්ම නැඹුරුවක් නොතිබුණත් ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය හා ක්‍රියාකලාපයන් නොරිස්සූ ඉන්දීයාවේ එවකට අගමැතිව සිටි රජීව් ගාන්ධි මහතා උතුරේ දෙමළ බෙදුම්වාදයට පක්ෂව ගුවනින් පරිප්පු දමමින් ඉන් නොනැවතී සාමසාධක හමුදාවක්ද ලංකාවට එවා උතුරු නැගෙනහිර එක්කර පලාත්සභා පිහිටුවීමට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට බල කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එමිනි.
                                           

   එදා උතුරේ දෙමළ ඊලාම්වාදයට පක්ෂව ජේ ආර් ජයවර්ධන මහතා බියගන්වමින් රට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා සිය බලය යොදා සාම ගිවිසුමක් අත්සන් කරවාගත්තේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අකමැත්ත පිටයි. එහිදී ඉන්දීය අගමැතිවරයාගේ බලපෑම මත ලංකාවේ උතුරු නැගෙනහිර දෙපලාත එක් කර පලාත් සභා නමින් රටේ ජනතාව නොඉල්ලූ පාලන ඒකක පිහිටුවා දෙමළ බෙදුම්වාදීන්ගේ ස්වයංපාලන මානසිකත්වය සනසාලන්නට ජේ ආර්ට සිදුවිය. පලාත්සභාව මේවනවිටත් පාර්ලිමෙන්තුවට වගකියන ආකාරය පැහැදිලි නැත. එවකට 1987 මුල්ම වරට පැවැත්වූ පලාත්සභා චන්දයෙන් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර මහ ඇමති බවට පත්විය. ඔහු මහ ඇමති වූ වහාම උතුරු නැගෙනහිර ඊලාම් කොඩිය ඔසවා ඊලාම් රාජ්‍ය ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය. එදා රට බෙදී යෑම වලක්වමින් උතුරු නැගෙනහිර පලාත්සභාව විසුරුවා හැරියේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විධායක බලතල භාවතා කරමිනි. එදා රජීව් ගාන්ධි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය හා ඔහු රටට කළ බලපෑම එයයි. එකළ ඉන්දියාව එතරම්ම බටහිරකරනය වී නොතිබුණත් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාකළේ දැඩි ඇමරිකන් මානසිකත්වයකිනි. ඉන්දියාව මෙරට ඊලාම් බෙදුම්වාදී ගැටළුවට මැදිහත් වී ලංකාවට අධිරාජ්‍යවාදීන් වහල් සේවකයන් ලෙස ගෙනා ඉන්දීය දෙමළ ජනයාගේ වර්ගවාදී මානසිකත්වය තවත් වර්ධනය කිරීම අප රටට ඇතිකළ තර්ජනයකි. ලංකාවේ නායකයන්ට නිදහසෙන් පසුව ඉතා ඉක්මනින් කළයුතුව තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ සේවකයින් ඔවුන් ලවාම ඉන්දියාවට බාරදීම හෝ අධිරාජ්‍යවාදීන් වෙතම පිටත්කර යැවීමයි. එහෙත් එය ඒ ආකාරයෙන් නොවීමේ වරද මේ දක්වාම මුළු රටටම පීඩනයක් එල්ලකර තිබේ.
                            

ඉන්දියාව මේ වනවිට බටහිර යුදෙවු නූතනත්වය තුලට ආර්ථික සමාජ සංස්කෘතික ආදී සියළු අංශයන්ගෙන් ගමන් කරමින් තිබේ. හින්දු සංස්කෘතික පරිසරයක් ඇති ඉන්දියාවේ මේ වනවිට හින්දූත්වය දියාරු වී ඇත. හින්දූත්වය පදනම් කරගත් භාරතීය ජනතා පක්ෂ රජයක් බලයේ සිටින තත්වයකද ඉන්දියාව ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරට ගැතිකම් කීම තවත් වේගවත් හා සක්‍රීය මට්ටමකට පැමිණ තිබේ. රජීව් ගාන්ධි මහතාගේ ලංකා ගමනයට පසුව වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෙරටට පැමිණියේ නිකම් නොවේ. ඒ රජීව් ගාන්ධි මහතා එදා ජේ ආර් ජයවර්ධන මහතාට තර්ජනය කරමින් කළ දේ ඉතිරි ටික මිතුරු වෙසින් කිරීමටය. මෝඩි මහතා තම සංචාරයේ ප්‍රධාන අරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කරුණුද ඉක්මවා යන බලය බෙදීමක් උතුරේ දෙමළ සන්ධානය වෙනුවෙන් කිරීමට උදවු දීම බව ප්‍රසිද්ධියේම කියා ඇත. අද මෝඩි මහතා සිරිසේන ජනාධිපතිවරයාට තර්ජනය කරන්නට යන්නේ නැත. ඒ සිරිසේන මහතා ඉන්දියාවට හා බටහිරට හිතවත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලංකානිදහස් පක්ෂයටත් වඩා හොඳින් රකිනා නායකයා බවට පත් වී සිටින නිසා. ඒ අනුව මෝඩි මහතාට අපේ රටේ සිරිසේන ජනාධිපතිවරයාට තර්ජනය කිරීමෙන් තරව හිතවත්කමෙන්ම අවශ්‍ය සියල්ල කරගැනීමට හැකි බව විෂ්වාසය. මෝඩි මහතා මේ සංචාරයේදී උතුරේ දෙමළ සන්ධාන නායකයින් හමුවීමටද අමතක නොකළේය. ඉන්දීය අගමැතිවරයා ලංකාවේදී සංඝයා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේත් ශ්‍රීමහ බෝධිය වැඳපුදාගත්තේත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ආචාර කළේත් 13 ඉක්මවා උතුරට බලය බෙදන්නට කරන ඉල්ලීමේ දුෂ්ඨභාවය හා සිංහල බෞද්ධ ජාතිකත්ව විරෝධී බව වසා ගැනීමටය. මේ බොරු මවාපෑම කළේ දෑහිතකාමී සිංහල ජනයා මුලා කිරීමට පමණි.
                  

   කවුරුන් කුමක් කීවද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සමූපකාරේ බඩු මිල නොවේ.බඩු මිල අඩු කර ගැනීමටනම් දේශපාලන දූෂණ නැති කිරීම පමණක් නොව රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගෙන නිෂ්පාදන ක්‍රියාවලිය නගාසිටුවීමද කළයුතු වේ. අනෙක් අතට දූෂිත දේශපාලකයින්ට පුරුද්දක් ලෙස චන්දය දෙන්නේ මේ රටේම ජීවත්වන පිරිසක් මිස පිටරටවුන් නොවන බවත් අමතක නොකළයුතුය. අද මේ ලංකාවේ ප්‍රධාන ගැටළුව ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමයි. ජාතික බලවේග නියෝජනය කරන්නේ රටට ආවේනික ලෙස සිතන පතන පිරිස වේ. විජාතික බලවේග වල ප්‍රධාන බලකනුව බටහිර සංස්කෘතික හා මතවාදී ආක්‍රමණිකයායි. ඒ හැරුනු විට ඊට දැන් එකතු වී ඇති අනෙක් කොටස මුස්ලිම් වර්ගවාදීන්ය. මේ ධාරා දෙක එකිනෙකට පරස්පර මතවාද අනුගමනය කළත් ලංකාවේ ජාතිකත්වයට එරෙහි වීමේ පොදු අරමුණ දෙපාර්ශවයටම ඇත. මේ ජාතික හා විජාතික ගැටුමේ ස්වභාවය වසංකරමින් බඩගෝස්තරවාදයෙන් මෙරට ජනයා අන්ධ කිරීමට ගෙනා ප්‍රෝඩාකාරී තේමාව වූයේ යහපාලනය යන්නයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයත් ඉන්දීය අගමැතිගේ ලංකාගමනයත් අහඹු සිද්ධීන් නොවේ. සිරිසේන ජනාධිපතිවරයා හා දූත පිරිසට එංගලන්තයේ විවේක සුවය ලබාදෙන්නට ඔවුන්ව එරටට ගෙන්වාගත්තේ නැත. එහි පැහැදිලි අරමුණනම් සිරිසේන මහතා බලයට පත් කිරීමට වෙහෙසුන බ්‍රිතාන්‍ය බලධාරීගේ මීලඟ කොන්දේසි ටික සිරිසේන මහතාට ඉදිරිපත්කර ඊට කැමති කරවාගැනීමය. ඒ අතර ඊනියා මානව හිමිකම් ඉදිරියට ගෙන බොරු යුධ අපරාද චෝදනා හමුදාවට එල්ල කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමත් ප්‍රධාන වේ. ඉන්දියාවේ මෝඩි මහතාටද ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගෙන මහා සංහරත්නයේ ආශිර්වාදය ලබමින් ලංකාවේ සවාරි යෑමටත් වඩා 13 ඉක්මවා බලය බෙදීමක් කිරීමට  මෙරට නායකයන්ට බල කිරීමේ උවමනාව වෙයි. මෝඩි මහතා මේ කරන්නේ දිය යටින් ගින්දර ගෙන යෑමයි. මේ කිසිදු ප්‍රෝඩාවකට අප රැවටියයුතු නැත. අවශ්‍ය වන්නේ අනෙක් සියළු ප්‍රශ්න මොහොතකට පැත්තකින් තබා රටේ ජාතික බලවේග සමග එකට සිටීමයි. එක්සත් ජාතික පක්ෂය බලවත් කොට ජාතික ආණ්ඩු හැදීමට ගියහොත් ඊට එකහෙලා විරුද්ධ වී මැතිවරනයක් පැවැත්වීමට බල කර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත්වන ජාතික බලවේග වලට හිතවත් කණ්ඩයම බලයට පත් කිරීම තීරනාත්මක ලෙස කළ යුතුමය.

විශේෂ ලියුම්කරු

Sunday, March 22, 2015

පිරිමි,ගැහැනු වෙනස්කම් වල ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පදනම.


ජීවවිද්‍යාත්මකව සංසන්දනාත්මක ලිපියක් ලියන්න අදහස් 
කළෙමි. මේ ලිපිය බ්ලොග් එකට එකතු කරන්න හේතු කාරනාවල්නම් බොහොමයක්ම තිබෙනවා. ඉන් ආසන්නතම හේතුව උනේ වනිතා හඬ නම් අත්තනෝමතික කාන්තා විමුක්තිවාදී බ්ලොග් එකක පලවූ ලිපියකට පාඨකයෙකුගෙන් ලැබී තිබුණ ප්‍රතිචාරයකින් පෙන්නුම් කරන එක්තරා වැදගත් කරුණකි. වනිතා හඬ නම් බ්ලොග් එකගැනවත් එහි පලවන ලිපි ගැනවත් මා කිසිවක් කියන්නට යන්නේ නැත. හේතුව එහි තිබෙන අත්තනෝමතික භාවය හා මුග්ධ බව අනුව සත්‍ය පැහැදිලි කරන්නට කාලය වැයකිරීමද වැඩකට නැති දෙයක් වීමයි. ඇරත් මේ වගේ මෝඩ හිතුවක්කාර බ්ලොග් වලින් බටහිර මතවාද රටට ගිල්ලන්න බෑ.
                                                   විවාදයට තුඩුදුන් ලිපියට පහතින් සම්බන්ධ විය හැක.


http://sondhuruliyakamahima.blogspot.com/2014/07/blog-post.html

එහිදී මේ වනිතා හඬ විසින් පෙන්වා දී තිබුණේ කාන්තාවට කාන්තාවගෙන් මිස පිරිමියෙකුගෙන් කිසිත් හවුහරනක් නැත යන්නයි. එහිදී ලිපියෙන් මතුකර තිබූ කාරනයක් වන්නේ පිරිමින්ට ලාක්ෂණික වූ පිරිමි ලිංගිකත්වයටම මනෝවිද්‍යාත්මකව බද්ධ වී ඇති ක්‍රියාකාරකම් වල නිරතවෙමින් කාන්තාවන් ප්‍රගතිය කරා යෑමට උත්සහ දැරීමේදී 
පිරිමින් කිසිවෙක් ඊට උපකාර නොකරන බවකි. පිරිමින් කාම් පිස්සන් බවත් ලිපියේ සඳහන් වී තිබුණි. ගැටළුව ලිපියේ ඇති අතාර්කික බවට වඩා ඊට ප්‍රතිචාර වශයෙන් එක් අයෙකු දක්වා තිබුණු අදහසක ගැහැනු පිරිමි වෙනස්කම් ගැන කතා කිරීම වරදක් ලෙස දක්වා තිබීම හා ස්ත්‍රී පුරුෂ ලෙස මානසික වශයෙන් වෙනස්කම් නැති බවක් අඟවා තිබීමයි. එහිදී ඔහු වැඩිදුර පෙන්වාදී තිබුණේ කුලක වලට නොබෙදා පුද්ගලයන් හැටියට දක්ෂතා ඇගයීම කළයුතු බවයි. මා ඔහුට කමෙන්ට් කීපයකින් 
පිළිතුරු දුන්නද ගෑනු පිරිමි වෙනසක් නැතැයි කියන කුහක මානසිකත්වයට අභියෝගාත්මකව වෙනම ලිපියක් මගින් කරුණු පැහැදිලි කිරීම වැදගත් යැයි සිතේ.සත්ව ලෝකය හා මිනිස් සමාජය ගැන ලිංගිකත්වයට අදාලව කෙටි කරුනු පැහැදිලි කිරීමක් සංසන්දනාත්මකව කරමින් ලිපිය ආරම්භ කිරීම හොඳ යැයි සිතේ. සත්ව ලෝකයේ ඒකලිංගික (ගැහැනු හා පිරිමි ලෙස සතුන් දෙදෙනෙක් සිටින )සත්ව කොට්ඨාශ වල ලිංගිකත්වය අනුව පැහැදිලි වෙනස්කම් දැකගත හැක. පරිනාමික මට්ටම් වලින් ඉහල සංකීර්ණ ඉන්ද්‍රිය පද්ධතීන් සංකීර්ණ සංජනනාත්මක ලක්ෂණ වලින් හෙබි සත්ව ඛාන්ඩ වල ගැහැනු හා පිරිමි වශයෙන් ඇති විශේෂණයන්ද සංකීර්ණය. මිනිසුන්ගේ ලිංගිකත්වය සැලකීමේදී සත්වලෝකයේ අන් සතුන්ට සාපේක්ෂව ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයද ඉතා සංකීර්ණ වේ.

                                  
     දැන් මිනිසුන්ගේ ලිංග නීර්නයට අදාල ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන මදක් සාකච්ඡා කරමු. මූලිකවම මිනිස් ලිංග නීර්නයේ කොටස් 3ක් හඳුනාගතහැක. එනම් ප්‍රවේනික ශාරීරික හා මානසික යන ආකාර තුනයි. ප්‍රවේනි ලිංග නීර්නය මෙහි පළමු පියවරයි. එය සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රජනන බීජ එක් වී ඩිම්බ සෛල සංසේචනය වන අවස්ථාවේමය. එහිදී සිදුවන්නේ දෙපාර්ශවයේ ප්‍රජනන බීජ වල ඇති ලිංග වර්ණදේහ එකට එක්වී එම ඩී.එන්.ඒ සුසංයෝගයට අනුව කළලයේ ලිංගය තීරනය වීමයි. ජීව විද්‍යාවේදී ලිංග වර්නදේහ (X සහY ) ලෙස හැඳින්වෙන අතර "Y " යනු පිරිමි ලිංග වර්ණදේහය වන අතර " X " යනු ස්ත්‍රී ලිංග වර්ණදේහය වේ. මේ අනුව "XX " ලෙස 
ස්ත්‍රී ලිංගයත් " XY " ලෙස පුරුෂ ලිංගයත් තීන්දු වේ. ( ප්‍රවේනි 
පදාර්ථයන්හි ප්‍රමුඛතාවය හා නිලීනත්වය යන සංසිද්ධි ක්‍රියාත්මක වන අතර මිනිසා ඇතුළු සත්ව ලෝකයේ වැඩිම ප්‍රතිශතයක පිරිමි ලිංග වර්නදේහය "Y " ප්‍රමුඛ වන අතර ස්ත්‍රී ලිංග වර්නදේහය "X " නිලීන වේ. "XY " ලෙස පිරිමි ලිංගය තීරනය වීමේදී "Y " ප්‍රමුඛ බැවින් "XY " සංයුතියේදී " Y " මගින් සම්පූර්ණ ඩී.එන්.ඒ සංයුතියේ පාලනය සිදුවී පිරිමි ලිංගය තීන්දු වේ. "XX " ලෙස ස්ත්‍රී ලිංගය තීන්දු වීමේදී "X " වර්ණදේහය නිලීන බැවින් දෙකේම ක්‍රියාකාරිත්වය සමානය.) මේ හා සම්බන්ධ තවත් බොහෝ ප්‍රවේනි විද්‍යාත්මක කරුණු කීමට ඇතත් ලිපියට අවශ්‍ය පරිදි මේ ටික පමණක් කීම මෙහිදී ප්‍රමාණවත් වේ.

                           ප්‍රවේනි ලිංග නීර්නයෙන් පසුව සිදුවන්නේ 
කලල විකසනයට සමගාමීව කායික විද්‍යාත්මක ලිංග විභේදනයයි. එහිදී මූලිකව ලිංගය තීන්දු කර තිබෙන ප්‍රවේනි පදාර්ථයන්හි අඩංගු ඩී.එන්.ඒ සංයුතිය හා එහි අන්තර්ගත ජාන ක්‍රියාකාරිත්වය අනුව කලලයේ පටක විශේෂණයට බඳුන්වේ. අභ්‍යන්තර ප්‍රජනක පටක හා ඉන්ද්‍රියනුත් බාහිර ප්‍රජනක අවයවත් විකසනය වීම සිදුවන්නේ ඊට අනුවයි. මේ ක්‍රියාවලියේ මුල් කොටස එසේ සිදුවන අතර කලලය පූර්ණ වශයෙන් විකසනය වී දරුවා බිහිවූ පසු එම දරුවාගේ වර්ධනයත් සමග ලිංගිකත්වය අනුව 


ද්විතීක ලිංග ලක්ෂණ පහලවී ලිංගික වශයෙන් මුහුකුරා යෑම දෙවනුව සිදුවේ.දැන් අපේ සාකච්ඡාවට බඳුන් වන්නේ ලිපියෙන් පෙන්වාදීමට යන වැදගත්ම කාරනාව වන මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයක් පැහැදිලිව තිබෙන බව හා එහි ස්වභාවයයි. සත්ව ලෝකය 
තුල සිදුවී ඇති විවිධ පරිනාමනයන්ට සමාන්තරව බලන විට සතුන්ගේ ඉව ප්‍රභල වන අතර බුද්ධිය සාපේක්ෂව අඩු බවත් මිනිසුන්ට ඉහල බුද්ධිමට්ටමක් තිබෙන අතර ඉව සාපේක්ෂව ඉතාම අඩු බවත් පැහැදිලි වේ. සතුන්ට සාපේක්ෂව මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සංකීර්ණ හා කැපී පෙනෙන මට්ටමේ එකක් වීම මෙහිදී අපේ අවධානයට ලක්වන ප්‍රධාන කාරනාවයි. සත්ව ලෝකයේ බොහෝ සතුන්ට ප්‍රජනන කාලයන් තිබෙන අතරම විරුද්ධ ලිංගිකයන් සමග එක් වීමේ සංවේදීතාවයන් හා විරුද්ධ ලිංගිකයන් ප්‍රජනන සමයේ සක්‍රිය වන ආකාරය හඳුනාගන්නේ ප්‍රධානවම ඉවෙනි. එහෙත් මිනිසුන් සම්බන්ධයෙන් ගත් කළ එවැනි විශේෂිත ප්‍රජනන සමයන් නැත. එමෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික සක්‍රියතාවයේ ස්වභාවය හා හැඟීම් දැනීම හඳුනාගන්නේත් ලිංගික ආකර්ෂණය දනවන්නේත් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකට අනුවයි.
                                                                                    මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය පවුල හා මිනිස් සමාජය මත ප්‍රභල ලෙස පිහිටා ගොඩනැගෙන අතර පුද්ගල මනෝභාවයද එයට එක් පැත්තකින් පදනම් වේ. මිනිස් වර්ගය තුල කැපී පෙනෙන මේ මනෝ විද්‍යාත්මක ලිංගිකත්වය ගොඩනැගෙන්නේ කෙනෙකු බොහෝ කුඩා කල තමන් විසින් තමාගේලිංගය හා ලිංගික ස්වභාවයන් හඳුනාගැනීමේත් තම විරුද්ධ ලිංගිකත්වය හා එහි ස්වභාවයන් හඳුනාගැනීමේත් සිටයි. මේ සම්බන්ධයෙන් කුඩා දරුවන් සංවේදී වන්නේ පවුල තුල සිය මවුපියන් හඳුනාගැනීමේ සිටය. එනම් පිරිමි දරුවන් තම ලිංගිකත්වය හඳුනාගැනීම පවුලේ පියා හඳුනාගැනීම හා පියාගේ චරිතය අනුගමනය කිරීමෙන් ඇරඹෙනඅතර ගැහැනු දරුවන් මව හඳුනාගැනීමත් මවගේ චරිතය අනුගමනය කිරීමත්  තුලින් ස්ත්‍රී ලිංගිකත්වය හඳුනා ගැනීම සිදු වේ. ඒ සඳහා ළදරු අවධියේ සිට කායිකව හා මානසිකව යම් පෙළඹවීමක් දරුවන් තුල දක්නට ලැබේ. ඔවුන් තම ලිංගිකත්වය හඳුනාගැනීම විරුද්ධ ලිංගිකත්වය ස්වකීය ලිංගිකත්වයෙන් වෙන්කර හඳුනාගැනීම යන සිද්ධි වලට සමාන්තරව සිය මවුපියන් අතර ඇතිවන බැඳීම් කෙරෙහිද සංවේදී බවක් දක්වති. ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ මනෝවිද්‍යාත්මක අනුකරනයන් කරන (ස්ත්‍රීන් පුරුෂයන් ලෙසත් පුරුෂයන් ස්ත්‍රීන් ලෙසත්)අය එසේ කරන්නේ පෙර ආත්ම වල පුරුදු ලෙස බවත් එය සමාජයේ පිළිගතයුතු බවත් ඇතැම්  බෞද්ධ නූතනවාදී උගතුන් කියනු අප අසාඇත. පෙර ආත්ම වල පුරුදු ලෙස එවැනි තත්වයන් ඇතිවියහැකි බව අපද පිළිගන්නෙමු. එපමණක් නොව ඊට පෙර ආත්ම වල අකුශලකර්මයන් බලපෑහැකි බවද අප නොබියවම කියමු. අප තවදුරටත් මේ සම්බන්ධයෙන් කියන්නේ පෙර ආත්ම වල පුරුදු කුමක් වුවත් මේ ආත්මයේ තම දරුවන්ට යහ පැවැත්ම ගොඩනගාදීම සඳහා ඊට බාධා වන විකුර්ති හැසිරීම් මගහරවා පෙර අකුශල කර්මද බොහෝදුරට අහෝසි කර දැමීමට බුද්ධිමත් මවුපියන්ට හැකි ය යන්නයි.
                  
ස්ත්‍රියගේ හා පුරුෂයාගේ මනෝවිද්‍යාත්මක ලිංගිකත්වය සමාජයේ අනන්‍ය වන්නේ ලිංගිකත්වයට අදාල ගැහැනු පිරිමි සමාජීය අනුවර්තන තුලිනි. අප මින් පෙරද විවිධ අවස්ථා වල පෙන්වා දී ඇති ආකාරයට සාධාරන ලෙස ස්ත්‍රීත්වය හා පෞරුෂත්වය වෙන් වෙන්ව කේන්ද්‍රගත වන්නාවූ ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් හා පුරුෂයාට විශේෂ වූ ක්‍රියාකාරකම් පද්ධතියක් මිනිස් සමාජයන් තුල කැපී පෙනෙන්නේ  එනිසයි. මේ ක්‍රියාකාරකම් පද්ධතීන් එකිනෙකාගේ ලිංගිකත්වය අනුව එකිනෙකට සමාන්තරගත මෙන්මසමරූපී වන්නේ සමාජයක පැවැත්මට එය අත්‍යවශ්‍ය වන ආකාරයටය. ඒ තුල ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් වල ගැලපීමද පැහැදිලිව අන්තර්ගතව ඇත. එය පිළිගත නොහැක්කේ අති උග්‍ර කුහක මානසිකත්වයකින් පෙලෙන්නෙකුට පමණයි. වර්තමානයේ ලොව ඕනෑම දියුණු මිනිස් සමාජ පරිසරයක් තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් ඇති විශේෂණයන් හා ඒ මත පදනම් වන මනෝවිද්‍යාත්මක අනුවර්තන අතර ලිංගිකත්වය අනුව සමබරතාවයක් ගොඩනැගී තිබෙන්නේ එය ජන සමූහයේ දිගුකාලීන පැවත්මට තිබියයුතු මූලික ගුණාංගයක් ලෙසය. ඒ ගැන විවාද අවශ්‍ය නොවේ.  මේ ලිංගිකත්වය මත දක්වන වැදගත් මිනිස් අනුවර්තන වලට මතුපිටින් පෙනෙන කාරනාවන්ගෙන් ඔබ්බට යන විශේෂ කාරනාද තිබේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම මනෝවිද්‍යාත්මක සාධක වෙන්වෙන්ව ගත් විට ඒවා යම් යම් පැති වලට ප්‍රභලතාවයන් මෙන්ම තවත් පැති වලට දුර්වලතාවයන්ද පෙන්වයි. සමාජයක ස්ත්‍රී පුරුෂ ලෙස පුද්ගලයන් ලිංගික විශේෂනයන්ට ලක්වී විරුද්ධ ලිංගික බැඳීම ශක්තිමත් වන ආකරයට හැඩගැසෙන්නේ ලිංගිකත්වය අනුව වෙන් වෙන් වශයෙන් ඇති ප්‍රභලතා එක්වන ආකාරයට හා ඒ තුලින් දුර්වලතා නිශේධනය වන ආකාරයට වේ. මෙයද සැබවින් විද්‍යානුකූල දෙයකි. නමුත් කුහකයන් එය පිළිගැනීමට සූදානම් නැත.
                     පිරිමි සමාජයත් කාන්තා සමාජයත් ලිංගිකත්වය අනුව 
හා මනෝවිද්‍යානුකූලව එකිනෙකින් ස්වාධීන නොවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමාජයට වැදගත් වන්නේ එකිනෙකට වෙනස් විශේෂණ හා අනුවර්තනයන් මිස සමානකම් නොවේ. කාන්තාවන් හා පිරිමින් අතර වෙනස්කම් නැතිව සමානකම් වැඩි වශයෙන් තිබුණේනම් කිසි දිනක දියුණු මිනිස් ශිෂ්ඨාචාරයන් බිහි වන්නේ නැත. අපගේ විචාරයට බඳුන්වූ අදහස් දක්වා තිබුණු පසන් රාහුල නමැත්තාට මේ කිසිත් පිළිබඳ අවබෝධයක් නැතුවාටත් වඩා මේ දේවල් පිළිගැනීමේ මැලිකමක්ද තිබෙන බව ඔහුගේ පටු බොළඳ තර්ක වලින් අප දුටුවෙමු. ඔහුගේ කිසිදු පරිනත බවකින් තොර තර්ක වලින් අපට පෙනීගියේ ඔහු ස්ත්‍රී පුරුෂ කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිගත්තත් මනෝවිද්‍යාත්මක වෙනස්කම් පිළිනොගන්නා බවයි. ඔහුගේ තර්ක ලිංගිකව මුහුකුරා නොගිය කුඩා ළමයෙකුගේ තර්ක වලටත් අන්තය. ලිංගිකත්වයේ කායිකවිද්‍යාත්මක ව්‍යුහය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස හැඩගැසෙන්නේ ප්‍රජනක පද්ධතීන් එකිනෙක සමරූපී වන ලෙසත් ලිංගික එක්වීම සක්‍රීය කරවන ලෙසත්ය. ස්ත්‍රී බීජ සෛලය වෙත පිරිමියාගේ ශුක්‍රාණු ලඟාවීමටනම් ලිංගික එක්වීමක් සිදුවියයුතුය. එය ඉබේට සිදුවන්නක් නොවේ. එහිදී පුරුෂයා ස්ත්‍රිය වෙත ලිංගිකව ආකර්ෂණය වීම අනිවාර්‍ය දෙයක් වේ. කාන්තාවන්ට කායික විද්‍යාත්මකව පිහිටන ලක්ෂණ වලට අමතරව පුරුෂ මනෝවිද්‍යාත්මක සාධකයට සමරූපීවන ස්ත්‍රී ලිංගික මනෝවිද්‍යාත්මක සාධකයක්ද ස්වභාවයෙන් පිහිටයි. මේ දෙකද පිහිටන්නේ එකිනෙක ගැලපෙන ලෙස ප්‍රතිවිරුද්ධ හැඩගැසීම් ඇතුවයි. පුරුෂයින් ලිංගිකව ආකර්ෂනය කරගැනීමට අවශ්‍ය ස්ත්‍රීත්වයට ලාක්ෂණික ගුණාංගයන් වර්ධනය කරගැනීම සඳහා කාන්තාවන් තුල පෙළඹවීමක් ඇතිකරන්නේ මේ මනෝවිද්‍යාත්මක සාධකය වේ. එහිදී පිරිමින්ට ආවේනික කායික හා මනෝවිද්‍යාත්මක ලක්ෂණ වල ඇති කාන්තාවන්ට නොගැලපීමත් ඒ කිසිවක් කාන්තාවන්ට ආදේශ කරගත නොහැකි බවත් ගැන සවිඥ්ඥානික බව කාන්තාවන් තුලම ඇතිකරන්නේ මනෝවිද්‍යාත්මකව ස්ත්‍රී ලිංගික පෙළඹවීමක් ලෙසයි. කායික විද්‍යාත්මකවද පුරුෂ හා ස්ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය එකිනෙකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධය. හෝමෝන ක්‍රියාකාරිත්වය මනෝවිද්‍යාත්මක සාධකයට හා හැසිරීම් ස්වභාවයට පැහැදිලි බලපෑමක් ඇතිකරයි.
                 
 ලිංගිකත්වය යනු උඩින් පල්ලෙන් විහිළුවට විනෝදයට කතා කළ හැකි මාතෘකාවක් නොවේ. ඒ ගැන ජීව විද්‍යාත්මක ලිපියක් වෙනමම පළකළ යුතුව ඇත. පසන් රාහුල නමැත්තා වනිතා හඬේ ලිපියට අදහස් දක්වමින් ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනයන බවද පවසා ඇත. ඔහුගේ බ්‍රහ්මචාරී බවට ලිංගිකත්වයට අදාල මිනිස් කුහකත්වයන් කළවම් වී ඇති බව ඔහුට නොතේරෙන්නේ ඊට වටිනාකමක් ලබාදෙන ඔවුන් වැනි අයට ආවේනික මනෝගතිය නිසා බවද මෙහිදී අප මතක්කර දෙමු. ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්හි මනෝවිද්‍යාත්මක සාධකයට අදාල අනුවර්තන හා ලිංගික ගැලපීම් සාර්ථක නොවී මිනිස් ප්‍රජනන ක්‍රියාවලියද සාර්ථක නොවන බව තේරුම්ගැනීමට පසන් රාහුලට නොහැකි වී තිබේ. ඒ ඔහුගේ අගනා බ්‍රහ්මචාරී බවට අනුව වන්නට බැරි නැත. ඔහුට මතක්කර දෙන්නට තවත් දෙයක් තිබේ. එයනම්  ඔහු වැනි කුහක බ්‍රහ්මචාරීන් කුමක් කිවුවත් සසර ගමන කෙළවර කළ බුදුවරුවත් රහතුන්වහන්සේලාවත් ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන්නට කිසිවිට කිසිවෙකුටත් අනුබල දී නැත යන්නයි. ඒ වෙනුවට බුදුන් වහන්සේ විසින් බෞද්ධ සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය පරමාදර්ශයන් පෙන්වා දී තිබේ. ලිංගිකත්වය සැලකීමේදී බුදුන්වහන්සේ විසින් පෙන්වාදී තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම එකිනෙකට සමරූපී ලිංගික විශේෂණයන් හා අනුවර්තනයන් එක ලෙස සමාජයට වැදගත් බවත් සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම  මේ ගුණාංග එකහා සමාන ලෙස පිලිගතයුතු බවත්ය. මෙය වැරදියට අල්ලාගෙන බෞද්ධ සමාජයට ලිංග භේදයක් අවශ්‍ය නැති බව කියමින් කාන්තාවන්ද පිරිමි ලිංගිකත්වය පවා මානසිකව අනුකරනය කරන එක බුදුන් වහන්සේ විසින් කාන්තාවන්ට ලබාදුන් සම තත්වය හැටියට මෝඩ විග්‍රහයන් කරන්නේ පසන් රාහුලලා වැනි ඊනියා බ්‍රහ්මචාරීන්මය. මේ අගමුල සොයාගත නොහැකි පැටලිල්ල ලිහාදැමීමම අද දවසේ බෞද්ධ සමාජය වෙනුවෙන් කරන්නට තිබෙන මහඟු කාර්යභාරයන්ගෙන් එකකි.
                   ඊනියා වනිතා හඬේ සංවාදයට එක්වුන පසන් රාහුල වැන්නන්බහුතරය නොවුවත් තව බොහෝ සිටින බව අප හොඳින් දනිමු. ලිංගිකත්වය හා බැඳුනු සමාජීය කුහකත්වයන්ට මොවුන් මහත් භක්තියකින් වන්දනාමාන කරති. මේ අය බුදු දහමට වැරදි ලෙස මේ කුහකත්වයන් ගලපාගන්නේ ඒවාටද බුදු දහමට සමාන ගෞරවයක් 
ආරෝපනය කරමිනි. ඒක ලිංගික සත්ව කොට්ඨාශ වල ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක ආකෘති එක හා සමාන නොවන ලෙසම විරුද්ධ ලිංගිකව එකිනෙකා ආකර්ශනය කිරීමට ඉවහල්වන මනෝමය ස්වභාවයන්ද එකිනෙකට සමරූපී වන නමුත් එකිනෙක ප්‍රතිවිරුද්ධය. 
මිනිසුන් සම්බන්ධයෙන් බලන කළ මෙය තවත් සංකීර්ණ වේ. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවයට අනුව වැඩිදියුණු වී තහවරු වන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස කායිකවත් මානසිකවත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ මිස සමානකම් නොවේ. මේ කිසිත් නොදන්නවාට වඩා උවමනාවෙන් අමතක කරන පසන් රාහුල වැන්නන් පැරණි පොලිනීසියානු සමාජයක් ගැන කියමින් එහි කාන්තාවන්ද අතීතයේ පිරිමින්ගේ භූමිකාවක් කිරීමට සමත් වූ බව මහත් උජාරුවෙන් කියති. නමුත් ඇත්ත තත්වය එය නොවේ. පොලිනීසියානු සමාජය තුලද කාන්තාවන් ඔවුන්ට ආවේනික ක්‍රියාකාරකම් වලට වැඩි උනන්දුවක් දක්වන අතර ඔවුන්ට ආවේනික ස්ත්‍රීත්වය මත පදනම් වූ භූමිකාවක් පැහැදිලිව තිබේ. වර්තමානයේ පොලිනීසියානු කාන්තාවන් ස්ත්‍රීත්වය අනුව ප්‍රභල අනුවර්තන දරන අතර ඔවුන් ලොව අනෙකුත් රටවල මෙන්ම  ඔවුන්ටම ආවේනික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගෙන ඇත. මේ අනුව පසන් රාහුලලා පැරණි පොලිනීසියානු සමාජය තුල හාරා අවුස්සමින් සොයාගත් සුලු පිරිසක් කාන්තාවන් පිරිමියාගේ භූමිකාව කිරීමට දැක්වූ සමත්කම මේ වන විට ඉතිහාසයේ කුණු ගොඩට විසිවී හමාර බව ඔහුගේ කතාවලින්ම ඔප්පු වී ඇත. ලොව කොතනත් තත්වය මෙයම බව අමුතුවෙන් කිවයුත්තක් 
නොවන්නේ ලිංගිකත්වය යන්නෙහි ස්වහාවය එය වන නිසාමය.
                                                 
 සොබාදහම එය උනත් එය පිළිගැනීමට දක්වන මැලිකම වනිතා හඬේ සංවාදයට එක්වූ පසන් රාහුල වැන්නන්ගේ මනස මේ ස්වභාවයට බැට දී වින්දනයක් ලබන තැනට ගෙනගොස් ඇත. ඔවුන් පිරිමියාගේ ලිංගික ස්වභාවයට සමරූපී වන ස්ත්‍රී ලිංගික විශේෂණ ඇතුළු ස්ත්‍රී ස්වභාවයම හරි හැටි පිළිගැනීමට සූදානම් නොවන්නේ ඔවුන් තමන්ගේම ලිංගික ස්වභාවයටවත් හරි හැටි ගරු නොකරන නිසාය. ලිංගික අවශ්‍යතා ජීවිතයෙන් අත්හැරිය හැක. නමුත් එය කළයුත්තේ කවර දෙයක වුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන අවබෝධයකින් මිස ඒ කෙරෙහි ඇති නොරිස්සුම්සහගත බවක් මත පිහිටා නොවේ. පිරිමියාගේ ලිංගික රුචි අරුචිකම් වල ස්වභාවයට සමාන්තරව ස්ත්‍රී ලිංගික රුචි අරුචිකම් මත පිහිටා පිරිමියාගේ ලිංගික ආශාව සමග අනුගත වී ඊට අනුකූලතාවයක් දක්වන කාන්තාවන් අගය කිරීමටනම් පසන් රාහුලලා වැනි හොර සිල ගත්තවුන් කිසිවිත ඉදිරිපත් නොවෙති. අඩු තරමින් ස්ත්‍රී පුරුෂ ලිංගික අනුවර්තන වල සමබරතාවය මනුස්ස සමාජයේ පැවැත්මට වැදගත් වන ප්‍රධාන දෙයක් යන්නවත් ඔවුන් පිළිගන්නේ නැත. මේ ඔවුන්ගේ අපරිණත බව හා කුහකකම්වල සාමූහික ප්‍රතිඵලයකි.  මෙවැන්නන් කෙනෙකුගේ දක්ෂතා අගයන්නේත් මේ කුහකකම් පදනමට ගෙනයි. විශේෂයෙන් කාන්තාවන්ගේ දක්ෂතා මොවුන් අගයන්නේ තම කුහක මනසේ පැලපදියම් වී ඇති විෂම ලිංගික ස්ත්‍රී පුරුෂ ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නොරිස්සුම්සහගතබව අනුවය.
                                                                  ලිංගිකත්වයේ ස්වභාවය අනුව ස්ත්‍රී පුරුෂ මිනිස් ලිංගික අන්තර් ක්‍රියා හා ඒ වටා ගොඩනැගෙන ක්‍රියාකාරකම් සමාජයේ පැවැත්මට අවශ්‍යයැයි පිළිගැනීමට මැලිකමක් දක්වන කුහකකම ඉහවහ ගියකළ කුහකත්වයටම වැඳුම් පිදුම් කරන හොර උපාසකයින් ලිංගිකත්වය අනුව කායිකව හා මනෝවිද්‍යාත්මකව මිනිස් ප්‍රජාවකට අවශ්‍ය සමබරතාවය නොසලකා හැරීම පුදුමයක් නොවේ. මේ කුහකයන් ගැහැනු පිරිමි වශයෙන් දක්ෂතා ඇගයීමට ලක්කරන්නේ තම කුහක මනසට ගෝචර වන ආකාරයටය. ඒ අනුව ඔවුන් කාන්තාවන්ගේ දක්ෂතා ලෙස දකින්නේ ස්වභාවයෙන් කාන්තාවන්ට පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය අනුව කායිකවත් මනෝවිද්‍යාත්මකවත් විශේෂණ අනුව ගැඩගැසුනු පිරිසට තම ලිංගිකත්වය පිරිමි ලිංගිකත්වයේ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තනයන්ගෙන් වෙන්කර හඳුනාගැනීමේ සංවේදීතාවය මත පදනම් වන කිසිවක් නොවේ. ඔවුන්ට අනුව ස්ත්‍රී ලිංගිකත්වයේ කායික හා මානසික ස්වභාවයන් මත විශේෂණයක් නොවී පිරිමි ලිංගිකත්වයත් එහි කායික විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක අනුවර්තනත් වෙන්කර හඳුනාගැනීමට සංවේදී නොවෙමින් කාන්තාවන් පිරිමි ලිංගිකත්වය හා බද්ධ වී පරිනාමයට ලක්ව ඇති සියල්ල අනුකරනය කිරීම කාන්තාවන්ගේ දක්ෂතාවයකි. එහිදී ලිංගිකත්වයට සංවේදීව මේ සිද්ධි වල අන්තර්ගත කුහකත්වයන් අපට තේරුම්යෑම වැලැක්වීමට ඔවුන් ගෙනෙන තර්කය වන්නේ කුලක වලට නොබෙදා පුද්ගලයන් වශයෙන් දක්ෂතා ඇගයීම කළයුතු බවයි. ඔවුන් නොකියා කියන්නේ ලිංගික විශේෂණයන්ට සංවේදී බහුතරයක් අයත් කුලකය ප්‍රජාවක් තුල ස්වභාවිකව බලවත් වීම වලක්වා අසංවේදී සුළුතරයක් අයත් කුලකය බලවත් කිරීම සඳහා ලිංගික විශේෂණයන් සලකන කුලකයකට නොබෙදියයුතු බවකි. මෙවැනි අදහස් ඇත්තවුන්ගෙන් ඇතමෙක් ස්ත්‍රී ලිංගික විශේෂණයන් අනුකරනය කරන පිරිමින්ගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් පිරිමින්ගේ දක්ෂතා අගය කරන්නට යන අවස්ථාත් අප දැක ඇත. මේ පිරිස ඔවුන්ගේ කුහක මනෝගතිය අනුව අර්ථකථනය කරන දක්ෂතා ඔස්සේ සක්‍රීය වන සමලිංගිකත්වය ඇතුළු ඒ වටා ඇති අනෙකුත් විකුර්ති ලිංගික ක්‍රියාකාරකම් ගැන වචනයක්වත් නොකියා පරෙස්සම් වීමටද සූක්ෂම වෙති. ස්ත්‍රී පුරුෂ විෂම ලිංගික සම්බන්ධතා පිළිකුලට ලක්කර බොරු සුචරිතවත්කමක් පෙන්වමින් සමලිංගිකත්වයට බුරුලක් දීමට ඕනෑම සමාජයක් තුල කටයුතු සිදුවන්නේ  මේ කුහකයන් හරහායි.  
           කුහකත්වය දේවත්වයේ ලා වන්දනාමාන කරන ආත්ම වංචනිකයන්ට අවසානයේ කිවයුතු යමක් වෙයි. ඒ සොබාදහම මිනිස් කුහකත්වයන්ට වඩා බලවත් බවය. කුහකයන් කාන්තාවන්ගේ දක්ෂතා ලෙස හඳුන්වන පුරුෂ ලිංගිකත්ව අනුකරනය (කුහක පඬියන්ට අනුව ලිංග භේදයකින් තොර ) සැබවින් සමරූපී වන්නේ ස්ත්‍රී ලිංගිකත්වය අනුකරනය කරන පිරිමින්ගේ හැසිරීමටය. මේ දෙ ආකාරයම සොබාදහමට අනුව ඉදිරියට වැඩි දියුණු නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ මෙවැනි දේ ස්වභාවිකව ප්‍රජාවෙන් ප්‍රතික්ෂේප වී වඩා දියුණු මිනිස් අනුවර්තන ලෙස ස්ත්‍රී පුරුෂ ලිංගික විශේෂනයන් මත කායිකවිද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් දෙභින්න වී ඇතිවන හැඩගැසීම් ඉදිරියට වර්ධනය වීමයි. සොබාදහමෙන් අනුමත වී වැඩිදියුණු වන ලක්ෂණයන් මිනිස් ස්වභාවයන්ටද එකඟව ඉදිරියට ආරෝහනය වී ඇති බව පිළිගතයුතු සත්‍යකි. විරුද්ධ ලිංගික වශයෙන් එකිනෙකා අතර ප්‍රසන්න හැඟීම් ජනනය වන ආකර්ශනීය බව කිසිවිට ස්වභාවික හැඟීම් දැනීම් ඇති සංවේදී කිසිවෙකුටත් නොරුස්සනා දෙයක් විය නොහැක. එසේ වන්නේනම් ඒ උපන් කුහක ගති ඇත්තෙකුටය. ලිංගික ආශාව ජීවිතයෙන් අත් හැරියද එවැන්නෙකුට පවා සෙසු සමාජයේ ලිංගික ආශාව අත් නොහල  පිරිසගේ පැවැත්මට අවශ්‍ය ලිංගික ආකර්ශනය හා ගැලපීම් වලට පිස්සන් මෙන් බැට දීමට නොහැක. ලෝකය වෙනස් වීමේ ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ඇදේ. ඒ සොබාදහමට අනුකූල මාර්ගයක මිස මිනිස් අවශ්‍යතා වලට පමණක් අනුකූල ලෙස නොවේ. සොබාදහමට අනුකූල වන දේ වැඩි දියුණු වී ඉදිරියට යෑමත් එසේ නොවන දේ ස්වභාවිකව ප්‍රතික්ෂේප වීමත් කුහක මිනිසුන්ට වැලැක්විය නොහැක. ලිංගිකත්වය ගැන කතා කළද තත්වය එයයි. ලෝකයටත් මිනිස් සංහතියටත් වෙනස් වීමට අවශ්‍ය ආකාරය කුහකයන්ගෙන් ඉගෙනගන්නට අවශ්‍ය නැත. වෙනස් වියහැකි වඩා නිවැරදි ක්‍රමයට ස්වභාවයෙන් වෙනස් වීම සිදු වෙයි. මිනිස් කුහකකම් මත ඒ වෙනස් වීමේ රටාව බලෙන් වෙනස් කරන්නට ගියහොත් ඊටද සොබාදහමෙන්ම දඬුවම ලැබෙනු ඇත. බුදු දහමට අනුව යමින් බ්‍රහ්මචාරී දිවියක් ගතකරන්නේ යැයි කියන පසන් රාහුලලාට අවසානයට තවත් දෙයක් මතක් කරන්නට අව්ශ්‍ය වේ. එනම් බුදු බව ලැබූ සිදුහත් කුමාරයා උපන්නේත් ස්ත්‍රී පුරුෂ ලෙස ඉතා ප්‍රභල අනුවර්තනයන් දක්වනලද සමාජ පරිසරයක යන්නත් බුදුන්වහන්සේ එම සමාජය ප්‍රතික්ෂේප නොකළා මෙන්ම ඒ තුල ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව කායිකවිද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් පැහැදිලි හැඩගැසීමක් පෙන්වූ කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දීමටද කටයුතු කළ බවයි. දැන් බ්‍රහ්මචාරීන් වී පිරිමි අනුකරනය කරන අසංවේදී කාන්තාවන්ගේ දක්ෂතා අගයන්නට යන කුහක මිනිසුන්ගේ මවුවරුන් ඔවුන්ගේ මනසට ගෝචර වන ලෙස දක්ෂ එඩිතර කාන්තාවන් නොවන්නට ඇත්තේ ඔවුන්ගේ පෙර වාසනාවකට බවත් මතක් කරදෙමින්ම ලිපිය අවසන් කිරීම වඩා හරවත් වේ.

ප්‍රමාද වී හෝ  මේ ලිපිය එක්කළේ ඊට මුල් වූ කාරනාවේ වැදගත්කම සලකායි.

Monday, March 16, 2015

එ.ජා.ප මෛත්‍රී නොපෑහෙන දීගය හා ජනපති ගතයුතු මග


පසුගිය ජනාධිපතිවරනයේ පරතිඵලය හා මෙරට දේශපාලනය ගැන බොහෝ විචාර මාධ්‍ය තුලින් අපට අසන්නට දකින්නට ලැබුණි. එහෙත් මේ බොහොමයක් විචාර තුලින් කියවුනු සරල දේවල් වලට වඩා නොකියවුනු බොහෝ කරුනු තිබේ. අපගේ මේ උත්සහය එලෙස නොකියවුනු හා ජනාධිපති ධූර පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකළ විවිධ කණ්ඩායම් නොකියන්නට වගබලාගන්නා කාරනා හෙලි කරදීම සඳහාත් ඒපිළිබඳව විචාරයක් කිරීම සඳහාත් වෙයි.
               මින් පෙරද දේශපාලනයට අදාල ලිපි වල රටේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම කවරාකාරද යන්න ගැන අප කරුනු කියා ඇත්තෙමු. එනිසා එම කාරනය ගැන බොහෝ විස්තර කීමට වශ්‍ය නොවේ. මෙතැනදී කාට කාටත් අවුල්සහගත බවක් සිත්සතන් තුල ඇති කරවන්නේ රනිල් චන්ද්‍රිකා විදෙස් තානාපති එන්.ජී.ඕ විජාතික හවුලත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව ජාතික බලවේග වලට එරෙහිව පැන්න දේශපාලන පිම්මයි.එක්සත් ජාතික පක්ෂය සිරිතක් ලෙස නියෝජනය කළේ අධිරාජ්‍යවාදී ගැතිකම හා විජාතිකත්වයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද චන්ද්‍රිකා කුමාරතුන්ග පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයටම සමාන මුහුනුවරක් ගත්තද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඊට නැවතත් ජාතිකත්වයට නැඹුරු වූ මුහුනුවරක් ලැබුණි. යුද්ධය අවසන් කර මුලුමනින්ම නැතත් බොහෝසෙයින් ජාතික බලවේග වලට හිතවත් ගමනක් ගිය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය පෙරලා දැමීමට විජාතික බලවේග රජය බිහිවුනදා සිටම දැඩි උත්සහයක නිරත විය. එහිදී මේ විජාතික නඩයට රජය ලබා සිටි ජනප්‍රසාදය අභිබවා යන දුර්වලතා සෙවීමට විශේෂයෙන් සිදුවිය. ඔවුන්ට අවශ්‍ය පමණට වංචා දූෂණ නාස්තිකාරකම් සොයාගන්නට හැකි වූයේ යුධ ජයග්‍රහනයෙන් පසුව රජය ජාතිකත්වය මත පදනම් වූ නිසි වැඩපිළිවෙලක් නොමැතිව ජාතික ධනය අයතා ලෙස පරිහරනය කරන හොරුන් පිරිවරාගත් අයාලේ යන දේශපාලන ගමනක් යෑම නිසයි. කෙසේ වෙතත් රාජපක්ෂ රජයේ ජාතික බලවේග වලට හිතවත් බව මත ඊට ඇති ජනතා ප්‍රසාධය බිඳවැට්ටවීමේ අන්හියෝගය ජයගැනීමට විජාතික බලවේග යෙදූ උපක්‍රමය වූයේ ජාතිකත්වය පැත්තේ සිටි රජයේම ජාතිකත්වයට ලැදිබවක් ඇති අයෙකු ලවා ජාතික බලවේග වලට හිතවත් රජය දේශපාලනිකව ඇද වැට්ටවීමයි. ඊට ඉත්තෙකු වශයෙන් ඔවුන් සොයාගත්තේ ජාතිකත්වය තුල සිටි මෛත්‍රීපාල සිරිසේන මහතායි. 
                 

ජනාධිපති ධූර පොදු අපේක්ෂකයාව තරඟවැද ජයගත් පසු සිරිසේන මහතා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීය. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති සමග සිරිසේන මහතාට ගැටෙන්නට සිදුවන්නේ ඔහු සතුව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වයට නැඹුරු ප්‍රතිපත්ති නිසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වීම තුල මේ තත්වය තවත් තීව්‍ර වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති අතහැර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති තුලට යෑමටද නොහැක. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂයවත් රනිල් වික්‍රමසිංහ මහතාවත් කිසි දින ජාතිකත්වයට හිතවත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරනය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂයේ චන්ද ප්‍රමාණය ලැබුණද එය ප්‍රමාණවත් නොවන බව මනාව පෙනෙන්නට තිබේ. උතුරු හා නැගෙනහිර සුළුතර වර්ගවාදී අභිලාශයන් මත ලබාදුන් අති විශාල චන්ද ප්‍රමාණය තීරනාත්මකව බලපෑවේ ඒ නිසයි. එහෙයින් බලන කළ සිරිසේන මහතාගේ ජයග්‍රහනය පසුපස සුළුතර වර්ගවාදී අපේක්ෂාද තිබෙන බව පැහැදිලි වේ. එසේ නොවේයැයි කවුරුන් හෝ කියන්නේනම් අප ඔවුන්ගෙන් අසන්නේ උතුරු නැගෙනහිර බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතාට චන්දය නොදී මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ ඇයිද යන්නයි. ඒ අන් කිසිවක් නිසා නොව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටුකරගත නොහැකි බෙදුම්වාදී අරමුණු මෛත්‍රීපාල සිරිසේන  මහතාගෙන් ඉටුකරගත හැකියැයි බෙදුම්වාදීහු විශ්වාස කරන නිසාය. කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයටද පත්ව ඇති මේ මොහොතේ ඔහු විසින් ගතයුතුව ඇත්තේ ජාතිකත්වය හා ජාතික බලවේග වල පැත්ත මිස විජාතික බලවේග වල පැත්ත නොවේ.
                       

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හිමි වීම තුල මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සදාචාරාත්මක හෝ පක්ෂය් ව්‍යවස්ථානුකූල හෝ අයිතියක් නැත. නමුත් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායයකයා අගමැති වශයෙන් පත්කර තිබේ. ඒ සිරිසේන මහතාගේ ජයග්‍රහනයට එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය සලකා විය හැක. අනෙකුත් පත්කළ මැති ඇමතිවරුද බොහොමයක් එක්සත් ජාතික පක්ෂ හා මුස්ලිම් කොන්ග්‍රස්  සාමාජිකයින්ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරට සිංහල ජනතාව චන්දය ලබා දුන්නේ පැවති රජයේ දූෂණය වංචාව හා නාස්තිය ප්‍රතික්ෂේප කර යහ පාලනයක් ඇති කිරීමට මිස මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ ජාතිකත්වයට තිබුණු නැඹුරුව හෝ ජාතික බලවේග  ජනයා විසින් ප්‍රතික්ෂේප කළ නිසා නොවේ. මේ කරුනු නොදැන පඹගාලක පැටලෙන්නට යෑම අනුවන ක්‍රියාවකි. අපට අමතක කළ නොහැකි අනෙක් කාරනාව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී සිංහල බහුතරයක් වෙසෙන චන්ද කොට්ඨාශ වැඩි හරිය පරාජය වූ බවයි. එතැනදී මෙරට සිංහල චන්ද දායකයාගෙන් බහුතරය යහ පාලනය ප්‍රතික්ෂේප කළාදැයි ප්‍රශ්නයක්ද මතුවේ.  මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරු හා නැගෙනහිර චන්ද පදනම සලකා එම පලාත්වල සුළුතර ජනකොටස් වල වැඩි දෙනා යහපාලනය පමණක් සලකමින් බෙදුම්වාදී අරමුනු වලින් තොරව චන්දය ලබාදුන් බව නිගමනය කිරීමටද නොහැක. අනෙක් අතට සිංහල චන්ද දායකයන්ගෙන් යම් කොටසක් යහපාලනය වෙනුවෙන් පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයේ දූෂිත හා නාස්තිකාර බව ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය ලබාදුන්නද ඒ පිරිස රටේ ජාතික බලවේග වලට එරෙහිව එම කාර්‍ය කළා යැයි සිතිය නොහැක. විජාතික බලවේග සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටියදීත් යහ පාලනයක් වෙනුවෙන් වෙනසක් කිරීමට ඉදිරිපත් වූ සිංහල චන්ද දායකයා ජාතිකත්වය ප්‍රතික්ෂේප කර නැත. එබැවින් සිරිසේන මහතා දැන් ඇතිකළයුත්තේ ජාතික බලවේග වලට හා ජාතිකත්වයට හිතවත් යහ පාලනයක් ගෙන යෑම මිස විජාතික යහපාලනයක් ගෙන යෑම නොවේ. 
                       

ලිංගිකත්වය අනුව සමාජ පසුබිම සැලකිල්ලට ගැනීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ විෂමලිංගික පීතෘමූලිකත්වයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමාරතුන්ග මංගල සමරවීර යන අයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය කරන්නේ ලිංගික බහුරූපී කාන්තා විමුක්තිවාදී බටහිර නූතනත්වයේ ව්‍යාකූල ආකෘතියකි. රටේ සමාජ පසුබිම සැලකීමේදීද අපේ රට බටහිර නූතනත්වයේ ආකෘතිය තුලට කිසිවිට ගෙනයා නොහැක. එමෙන්ම සංවර්ධන මිම්මත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් ගෙඩි පිටින් රටට ගැලපිය නොහැකි වේ. ලිංගිකත්වය සැලකීමේදී අප රටේ කිසි විට සමලිංගිකත්වයටත් ඒ ආශ්‍රිත ව්‍යාකූලතාවයන්ටත් පිළිගැනීමක් ඇති කළ නොහැකිය. ඒ අනුව බලන කළ එක්සත් ජාතික පක්ෂයද ලිංගිකත්වය හා සමාජය පිළිබඳව එහි බටහිර ලිබරල් නූතනවාදී ප්‍රතිපත්ති ගෙනයන්නේ අප්‍රසිද්ධියේ වන අතර රටේ ජනයාට ප්‍රසිද්ධියේ හෙලිකරමින් නොවන බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම සාධක සැලකිල්ලට ගැනීමේදීද මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය මෙන්ම චන්ද්‍රිකා කුමාරතුන්ග සමග පෑහීමටද නොහැකිය. මේ පැහැදිලි සත්‍ය සිරිසේන මහතා විසින් තේරුම්ගත යුතුව තිබේ. එසේ නොමැතිව තමන්ට බලයට ඒමට සහය දුන් එක්සත් ජාතික පක්ෂ සාධකය පමණක් සලකා එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙන ආකාරයට කටයුතු කිරීම අනුවනකමකි. එක්සත් ජාතික පක්ෂයට මේ වනවිටත් රටේ හරිහමන් චන්ද පදනමක් නොමැත. ජාතික බලවේග ඇතුළු රටට ආවේනික අදහස් ඇති ප්‍රගතිශීලීන් රැසක් සිටින්නේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද හිමි වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා විජාතික බලවේග වල ගැත්තන් වූ එක්සත් ජාතික පක්ෂ එන්.ජී.ඕ ඊලාම්වාදී හා මුස්ලිම් වර්ගවාදී අශුද්ධ සන්ධානයකට නායකත්වය දීම පසෙකලා සැබෑ දෑහිතකාමීන්ට නායකත්වය දියයුත්තේ ඒ නිසයි. 
                      
  පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා ජාතික විජාතික අරමුණු ගැන සන්සන්දනාත්මකව යමක් කීමද වැදගත් යැයි සිතේ. පළමුව කිවයුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පෙරලා දමා චන්ද ජයගත නොහැකි  විජාතික ගැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදෙන පොදු අපේක්ෂකයා දිනවීමට ලොකුම උවමනාව තිබුණේ, විදේශ තානාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන ඊලාම්වාදී බෙදුම්වාදීන් මුස්ලිම් වර්ගවාදීන් කුරුස ආගමික නිකායන් ව්‍යාප්ත කරන්නන් සමලිංගික කාන්තා විමුක්තිවාදී කල්ලි ඇතුළු අශුද්ධ පිටස්තර විජාතික බලවේග එකතුවට යන්නයි. මේ අශුද්ධ සන්ධානයට එරෙහිව ජාතික බලවේග සියල්ල මහින්ද රාජපක්ෂ මහතා සමග නිදහස් සන්ධාන රජය වටා එක් රොක් විය.  විජාතික නඩයේ එක් එක් කොටස් වලට ඇත්තේ එක් එක් අභිලාශයන්ය. බටහිර තානාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන හා ඔවුන්ගේ මූලස්ථාන වන බටහිර අධිරාජ්‍යවාදී රටවල් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට හිතවත් රජයක් රටේ ස්ථාපිත කර ඔවුන්ගේ සේවකයින් වූ දෙමළ ඊලාම්වාදීන් සමග ඔවුන්ගේ අනදීම් වලට අනුව රටේ ඉදිරි ගමන තීන්දු කිරීමයි. ඊලාම්වාදීන්ට උවමනා වී තිබෙන්නේ ඊලම පිහිටුවීම වේ. නැගෙනහිර මුස්ලිම් වර්ගවාදීන් ඔවුන්ට වෙන්වූ පරිපාලන කලාපයක් පිළිබඳව සිහින දකිති. කුරුස ආගමික කල්ලි වල ආගම් පතුරුවන්නන්ට මේ රට දේව රාජ්‍යක් කිරීමට අවශ්‍යය. සමලිංගික කාන්තාවිමුක්ති කල්ලි වලට මෙරට ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම නැතිකර පවුල් සංස්ථාව විනාශ කිරීමටත් විෂමලිංගික පීතෘමූලිකත්වය කෙරෙහි වෛරය වපුරා සමලිංගිකත්වය පිළිගත් ලිංගික බහුරූපී කාන්තා විමුක්තිය බලගැන්වෙන ව්‍යාකූල සමාජයක් මෙරට ස්ථාපිත කිරීමටත් දැඩි අවශ්‍යතාවයක් තිබේ. ජාතික බලවේග නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය සනසමින් මේ විජාතික අරමුණු සමග එකට සිටිය හැකිද? පැහැදිලිව එසේ කළ නොහැක. සිරිසේන මහතාට නියෝජනය කිරීමට සිදුවන්නේ රටේ ජාතික බලවේග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

         
  එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකාත් ඇතුළු විජාතික නඩය සමග දීග කෑමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා චන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් තේරුම්ගතයුතු විශේෂ කාරනයක් ඇත. ඒ මින් පෙරද පෙන්වා දුන් ආකාරයට ඊලාම්වාදීන් මුස්ලිම් වර්ගවාදීන් සමග එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකාත් එක්වුනු පොදු අපේක්ෂක චන්ද ව්‍යාපාරයට සිංහලයන්ගෙන් යම් පිරිසක් හෝ චන්දය ලබා දුන්නේ රජයේ දූෂණ හා නාස්තියට එරෙහිව මිස ජාතික බලවේග වලට එරෙහිව නොවන බවයි.සිංහල චන්ද දායකයින් විශාල පිරිසක් චම්පික හා රතන හිමිත් සරත් ෆොන්සේකා මහතාත් කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා තිබෙන බවත් අමතක කළ නොහැකි කාරනාවකි. එමෙන්ම චන්ද ප්‍රතිඵලය අනුව මෙරට බහුතරයක් සුළුතර වර්ගවාදී අරමුණු අනුමත කර ඇති බව නිගමනය කළ නොහැක. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් චන්ද්‍රිකා කුමාරතුන්ගත් චන්ද ප්‍රතිඵලයට වැරදි අර්ථ නිරූපන දෙමින් ඒත්තුගන්වන්නට යනු ඇත්තේ මෙරට බහුතර ජනයා ඊනියා ජාතිවාදය ප්‍රතික්ෂේප කර සුළුතර ජනකොටස්වල ස්වයංනීර්න අයිතීන් පිළිගෙන ඇති බවකි. නමුත් එවැනි බොරු මවාපෑම් මෛත්‍රීපාල සිරිසේන මහතා වහා තේරුම්ගතයුතුව තිබේ. රනිල් චන්ද්‍රිකා එන්.ජී.ඕ ඇතුළු සුළුතර වර්ගවාදී විජාතික බලවේග වල පදයට සිරිසේන මහතා නැටියයුතු නැත. අනෙක නම් විධායක ජනාධිපති බලතල අහෝසි කරන්නට කියා මෙරට බහුතරයක් ඉල්ලාද නැති හෙයින් එවැන්නක් කිරීමද සුළුතර වර්ගවාදීන් සනසන පොදුවේ රටට අහිතකර දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා සියළු ජාතික අරමුණු ඉටු කිරීමට අපොහොසත් වුවත් කොටි ත්‍රස්තවාදය පරදවා ජාතිකත්වයට හිතවත් ගමනකට අඩිතාලම දමමින් කිසිදා අමතක නොවන ජාතික විරුවෙකු බවට පත් වී හමාරය. මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉහ මොළයක් ඇත්නම් කළයුත්තේ බෙදුම්වාදීන් හා විජාතික බලවේග ප්‍රතික්ෂේප කරමින් ජාතිකත්වය තුලට යෑමයි. එසේ නොකොට විජාතික බලවේග සනසා ජාතියට කොකා පෙන්වන මර්ගයක යන්නට ගියහොත් සිරිසේන මහතාට සිදුවන්නේ රටේ බහුතරයකට ද්‍රෝහී වූ කුප්‍රකට චරිතයක් ලෙස ඉතිහාසගත වීමටය. 

Sunday, March 8, 2015

විෂම ලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය කාන්තා විමුක්තියෙන් බැට කෑමේ ඛේදවාචකය.

බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ එක් ප්‍රභලම අවියක් වන කාන්තා විමුක්තිවාදයට අනුව ලොව සෑම රටකම වසරේ මාර්තු 8 වනදාට සමරන ජගත් කාන්තා දිනය නිමිති කොට ගෙන ලිපිය ලියන්නට අප අදහස් කළෙමු. කාන්තා දිනය අපට අදාල නැතත් ඒ හරහා රටට වන බලපෑම සුළුපටු නොවේ. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුමය. ඇත්තෙන්ම මාර්තු 8 වනදාට සැමරෙන්නේ කාන්තා දිනයක්ද? නැත. මෙය බොහෝ දුරට විෂම ලිංගික පීතෘමූලිකත්වයට හා එයට සමරූපී වන විෂම ලිංගික ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත්  එරෙහි ව්‍යාකූල ලිංගික බහුරූපී සමාජය විසින් සමරන දිනයක් වෙයි.
                        මෙලොව සියල්ල නිරතුරුව වෙනස් වුවද සොබාදහමට අනුව මේ සියල්ල වෙනස්වන යම් ආකාරයක් තිබේ. ඒ තුල දක්නට ලැබෙන පැහැදිලි සත්‍ය නම් සොබාදහමට එකඟ දේ සොබාදහමේ ආශිර්වාදය මත වැඩිදියුනු වී ඉදිරියට යන අතර ඊට එකඟ නොවන දේ සොබාදහමෙන්ම ප්‍රතික්ෂේප වී වියැකී යෑමයි. ලිංගිකත්වය සම්බන්ධයෙන්ද මෙය ඒ ආකාරයෙන් වලංගුය. මුළු මහත් ජෛව පරිනාමයම සැලකූ විට ලිංගිකත්වය යන සාධකය පරිනාමයට ලක් වී තිබෙන්නේ ස්ත්‍රී හා පුරුෂ ලෙස දෙභින්න වීමටත් ලිංගික ලක්ෂණ වල විශේෂණයන් වැඩිදියුණු වීමටත්  ප්‍රමුඛත්වයක් ලැබෙන ලෙසයි. ලිංගිකත්වය යන්න ස්වභාවයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ ප්‍රජනන අවශ්‍යතාවය අනුවයි. ශාක ලෝකයේනම් ද්වි ලිංගිකත්වය කැපී පෙනෙන අතර ඒක ලිංගිකත්වය (ගැහැනු හා පිරිමි ලෙස වෙන් වෙන්ව ජීවීන් දෙදෙනෙකු සිටින ) දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් පරිනාමිකව වඩා ඉදිරියෙන් ඇති සත්ව ලෝකය තුල කැපී පෙනෙන ප්‍රමුඛත්වයට පත් වී තිබෙන්නේ ඒක ලිංගිකතාවයයි. ඒක ලිංගික සත්ව කොට්ඨාශ වලද ලිංගික ද්විරූපිකත්වය( ගැහැනු හා පිරිමි සතුන් එකිනෙකාට වෙනස් ලක්ෂණ අනුව බෙදීම ) වඩා ඉරියට පැමිණ ඇත. මිනිස් වර්ගය තුල මේ ලිංගික විශේෂණයන් තවත් වැඩි දියුණු වී තිබෙන්නේ කායික විද්‍යාත්මකව පමණක් නොව මනෝවිද්‍යාත්මකවත් විශිෂ්ඨ අනුවර්තනයන් දරමිනි.මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයක් කැපී පෙනෙන්නේ ඊට අනුවයි. සත්ව ලෝකයේ පරිසරය සමග අන්තර් සබඳතා පැවැත්වීමත් ප්‍රජනනයත් සැලකිල්ලට ගත් කළ පරිසරය සමග වඩා ප්‍රභල ලෙස අන්තර් ක්‍රියාවන්හි නිරත වෙමින් ප්‍රමුඛත්වය ගැනීමේ සංසිද්ධිය සැලකීමේදී පිරිමි පාර්ශවය මූලික වී ඊට අනුව ස්ත්‍රී පාර්ශවයේ හැඩගැසීම් තීන්දු වී තිබීම වඩා කැපී පෙනේ. ඉන් අපගමනය වන්නේ මීමැසි ඝනාවාස ආදී සුළු සත්ව ඛාණ්ඩ කීපයක් පමණි. මේ තත්වය මුළු ලෝකයේම ජෛව පරිනාමික ඉතිහාසය පුරාවටත් ඉදිරියටත් ඒ ආකාරයෙන් සිදුවීම වැලැක්විය නොහැක. මක් නිසාද යත් සොබාදමට එකඟ ලෙස එය සිදු වීමයි.
                              

                        
ඉහතින් පෙන්වාදුන් සංසිද්ධිවලට පටහැනි මිනිස් කුහකත්වයන් විසින් ගොඩනැගූ බටහිර කාන්තා විමුක්තිවාදයේ මතවාදී ආක්‍රමණය සෑම වසරක් පාසාම මාර්තු මස 8 වන දින සමරන කාන්තා දිනයෙන් සංකේතවත් වේ. මිනිස් ලිංගිකත්වය සොබාදහමේ අනෙකුත් සාධකයන් සමග මැනවින් කලමනාකරනය වී ස්වභාවිකත්වයට එකඟ ලෙස විෂමලිංගික පීතෘමූලිකත්වය මිනිස් ජනසමාජයන් ගොඩනැගෙන ප්‍රධාන ආකෘතිය බවට පත්වී ඇත. මේ සංසිද්ධියේදී ඊට සමරූපී වන්නේ ගැහැනු පාර්ශවය පැත්තෙන් විෂම ලිංගික ස්ත්‍රීත්වය හා ඒ මත පදනම් වන මාතෘත්වයයි. සොබාදහමේ ආශිර්වාදය ලබමින් ඉදිරියට විකාශනය වී ඇති මේ කිසිවකට ගරු නොකරන මිනිස් කුහකත්වයන් තුලින් පැනනැගී ආ බටහිර කාන්තා විමුක්තිවාදය මේ වන විට උත්සහ කරන්නේ ලිංගිකත්වයේ නියම ස්වරූපයට පටහැනි අතකට මිනිස් ලිංගිකත්වය මෙහෙයවීමටය.මේ කුහක ප්‍රයත්නයේ ආරම්භය කුහක පිරිමින්ගේ සාමූහික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස ඇරඹී මේ වන විට බටහිර හා ලොව පුරා බටහිර සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ රටවලටත් ව්‍යාප්ත වෙමින් පවතී. මේ වන විට කාන්තා විමුක්තිවාදය වටා කාන්තාවන් එක් රොක් වී සිටින්නේ සුළුතරයකි එයිනුත් බොහොමයක් ලිංගිකත්වය අතින් ව්‍යාකූලත්වයට පත් වූ අයයි. තත්වය එසේ තිබියදී අදටත් මේ කාන්තා විමුක්තිය මතවාදීව පෝෂණය කිරීමට පෙරමුණ ගන්නේ කුහක පිරිමින් වේ. මේ අතර බටහිර යුදෙවු පිරිමින් අතර සිටින කුහකයන් කැපී පෙනේ. මේ වටා එක් වන කාන්තාවන්ගේ පියවරුන් බොහෝ දුරට ඔවුන් කුඩා කල සිට හදාගෙන ඇත්තේ මවගේ ස්ත්‍රීත්වය ඔවුන්ට නොලැබෙන ආකාරයටය. එයින්ද නොනවතින ඇතමුන් සිය දියණියන්ට සමාජයේ අනෙකුත් පිරිමින් ගැනත් ඔවුන්ගේ ලිංගිකත්වයේ ස්වභාවය ගැනත් ද්වේශසහගත අදහස් මනසට කාවද්දති.පිරිමි ලිංගිකත්වය  තම පැවැත්මට හා ජීවිතයේ ප්‍රගතියට බාධක ලෙස සිතන්නට පුරුදු කරති. මේ කුහක පිරිමින්ට අනුව කාන්තාවන්ගේ ප්‍රගතිය මැනියයුත්තේ ඔවුන්ට පිරිමින් හා පිරිමි ලිංගිකත්වය අනුකරනය කිරීමේ ඇති හැකියාව මත පිහිටායි. මෙය අති උග්‍ර මට්ටමේ කුහකත්වයකි. මේ කුහකත්වය ගැන මින් පෙරත් කරුනු බොහෝ කියා ඇති බැවින් නැවත නැවතත් කීම අවශ්‍ය නැතැයි අප සිතන්නෙමු.
                            
අදවන විට පිරිමි කොටසක කුහකකම් මත පදනම් වන බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ස්ත්‍රීත්වයක් නැති කාන්තාවන් පිරිවරාගනිමින් ලොවට හිසරදයක් ලෙස ව්‍යාප්ත වන්නේ බටහිරද ඇතුළුව ලොව සෑම රටකම අභ්‍යන්තර සමාජයන් හා ජාතිකත්වයන් ලෙඩකර දුර්වල කරමිනි. මේ කාන්තා විමුක්තිවාදය ලොව පුරා පැතිරෙන්නේ යුදෙවු මතවාදී ආක්‍රමණයේ තවත් එක් සංරචකයක් ලෙසයි. එය විෂමලිංගික පීතෘමූලිකත්වයට බැට දෙනවාටත් වඩා වැරෙන් බැට දෙන්නේ එහිම සමරූපී විරුද්ධ ලිංගිකත්වය වන විෂමලිංගික ස්ත්‍රීත්වයට හා ඒ මත පදනම් වන මාතෘත්වයටයි. ඒ තරමට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයට දැඩි අභියෝගයක් එල්ල කරමින් භීතිකාවක් බවට පත්වී තිබෙන්නේ විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වයයි. එසේ වන්නේ විෂමලිංගික පීතෘමූලිකත්වයට එහි සමරූපී විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වය යම් කිසි ශක්තියක් විවිධ පැති ඔස්සේ ලබාදෙන නිසයි. බටහිර කාන්තාවාදයේ ප්‍රභලම සතුරු පාර්ශවය විෂමලිංගික අධිපතිවාදී පුරුෂයා වනවාටත් වඩා දැන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තාවන් බවට පත්වී ඇත. එක්තරා අතකට ලිංගිකත්වය ව්‍යාකූල කරගත් පුරුෂ ලිංගිකත්වය පවා පිස්සුවෙන් අනුකරනය කරන කාන්තා විමුක්තිවාදීනියන්ගේ හැසිරීම් වලට වඩා, ස්ත්‍රී ලිංගිකත්වය මත විශිෂ්ඨ අනුවර්තන දරමින් කායිකවත් මනෝවිද්‍යානුකූලවත් හැඩගැසුනු කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය මත පදනම් වන ක්‍රියාකාරකම් වලට සොබාදහමේ පිටුබලය හා ආශිර්වාදය ලැබීම ගැන කුහක කාන්තා විමුක්තිවාදිනියන්ටත් ඔවුන්ට සහය වන කුහක පිරිමින්ටත් ඇත්තේ දැඩි නොරිස්සුම්සහගත බවකි. මේ සමස්ථ ස්වභාවයම කෙසේ හෝ නොපිට පෙරලීමට උපන් කුහක ගතිපැවතුම් ඇත්තන් නොගන්නා උත්සහයක් නැත. මෙය ඇත්තෙන්ම අතිශයෝක්තියක් නොවේ. පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්වයකි. විෂමලිංගික ස්ත්‍රීත්වයටත් ඒ මත පදනම් වන මාතෘත්වයටත් දැඩි ලෙස නින්දා අපහාස කිරීමට හා හැකිනම් කායිකවත් මානසිකවත් හින්සනයට ලක්කරමින් සැබෑ ස්ත්‍රීත්වය නියෝජනය කරන කාන්තාවන් තලා පෙලා දැමීමට කාන්තා විමුක්තිවාදී ගැහැනු පිරිමි දෙපිරිසම වලිකති.
                                                
විෂමලිංගික පෞරුෂත්වයේ අනුවර්තනයන්ට සමරූපී වන විෂමලිංගික ස්ත්‍රීත්වයේ අනුවර්තන, ගැහැනු පිරිමි ලිංගික ගැලපීම් ඇතුළු සොබාදහමේ ආශිර්වාදයෙන් වැඩිදියුණු වන සමාජීය ගොඩනැගීම කෙරෙහි ඊනියා කාන්තා විමුක්තිවාදිනියන්ටත් ඔවුන්ගේ සහයක පිරිමින්ටත් ඇත්තේ නොසන්සිඳෙන වෛරයකි. පිරිමියාට ලිංගික වශයෙන් ප්‍රසන්න හැඟීමක් ඇතිකරවන කාන්තා ඇඳුම් විලාසිතා ආදිය ගැන කාන්තා විමුක්තිවාදී ගැහැනු පිරිමි සියල්ලෝමග් නොරිස්සුම්සහගතව කතා කරන ආකාරය කවුරුත් දැක ඇතුවාට සැක නැත. පිරිමින්ට ජීවවිද්‍යානුකූලව  ආවේනික ලිංගික ලක්ෂණ වලට සමරූපී ස්ත්‍රී ලිංගික ලක්ෂණයන් සමග ඒකාබද්ධ රූපලාවන්‍ය ශිල්පය මේ ඊනියා කාන්තා විමුක්තිකාමීන්ට නොරුස්සන තවත් දෙයකි. ඒ අන් කිසිවක් නිසා නොව එම ක්‍රියාකාරකම් ගැහැනු පිරිමි ලිංගික ආකර්ෂණය ඇතිකරවන නිසාත් විෂමලිංගිකත්වය නියෝජනය කරන නිසාත්ය. විෂමලිංගිකත්වය මත පදනම්වන කිසිවක් වෙනුවෙන් පෙනීහිටීම කාන්තා විමුක්තිවාදී න්‍යායධර්මයන්ට පටහැනිය. කාන්තා විමුක්තිවාදීන්ට ඇති කුස්සි වෛරය හා පවුල් විරෝධයද කාටත් දැක පුරුදු දෙයක් වේ. මේ ඊනියා කාන්තා විමුක්තිවාදීන්ට අනුව කාන්තාවහල් භාවයක් ඒ තුල ඇත. ගැහැනු ළමුන් පවුලේ මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍ර කරගනිමින් හැඩගැස්වීම වැලැක්වීමට කාන්තා විමුක්තිවාදී කුහක ගැහැනු පිරිමි දෙපිරිසම නොගන්නා උත්සහයක් නැත. මේ සියල්ලේම මුල සොබාදහමෙන්ම් තහවරු වී ඇතිවිෂමලිංගික පීතෘමූලිකත්වයට එරෙහි වීමේ කාන්තා විමුක්ති මූලධර්මයය වේ. විෂමලිංගික පිරිමියා සිය ලිංගික අවශ්‍යතා සපුරාගන්නා ප්‍රභවය ලෙස ස්වභාවයෙන් පිහිටා ඇත්තේ විෂමලිංගික ස්ත්‍රීත්වයයි. කාන්තා විමුක්තිවාදී කුහක ගැහැනු පිරිමි සියළු දෙනාට අවශ්‍ය  ප්‍රධාන දේ මෙම ආකෘතිය බිඳ දමා ලිංගිකත්වයේ අනුවර්තන නොසලකන එමෙන්ම මනෝවිද්‍යානුකූලව ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ අනුකරනයන් කරන ලිංගික බහුරූපිකත්වයක් හරහා සමලිංගිකත්වය පූජනීයත්වයට පාත්‍ර කිරීමයි. මොවුන්ගේ මේ සියළු කූඨ ප්‍රයත්නයන් සාධාරණීකරනය කරන්නේ ඊනියා නූතනත්වය යන කඩතුරාවට මුවා වෙමිනි.
           
බටහිර යුදෙවු නූතනත්වය හරහා ගොඩනැගුනු කාන්තා විමුක්තිවාදයේ අනෙකුත් සමාන්තරගත මතවාදයන් වන්නේ මාක්ස්වාදය හා ලිබරල්වාදයයි. මේ මත්වාද වල පරස්පරතාවයන් තිබුණද පදනම යුදෙවු චින්තනය වේ. ලිංගිකත්වය වටා බැඳෙන්නාවූ සමාජීය කුහකත්වයන් මේ සියළු මතවාද වල පොදුවේ දක්නට ඇත. වර්තමානයේ බටහිර දැනුම තාක්ෂණය නීතිය අධ්‍යාපනය දේශපාලනය ආදී සියල්ල තුලට කාන්තා විමුක්ති විෂබීජය ඇතුල්වී තිබේ.  අද බටහිර සමාජයේ ලිංගික ව්‍යාකූලතා වර්ධනය කර ලිංගික බහුරූපිකතාවයක් ඇති කිරීම සඳහා කුහක ලිබරල් විද්‍යාඥ්ඥයින් ජීව විද්‍යා දැනුම අවියක් ලෙස යොදාගැනීම උවමනාවෙන් සිදු කරති. බටහිර දූෂිත නීති ආයතන මේ වනවිට සිදුකරන්නේ කුහක අනපනත් මගින් කාන්තාවන්ගේ රැකවරනයට යැයි අඟවා විෂමලිංගික විරෝධී වෛරී නීති වඩා සක්‍රීය කිරීමයි. මේ නීති කිසිවිට විෂමලිංගික ස්ත්‍රීත්වය වෙනුවෙන් පෙනීහිටින්නේ නැත. එම නෛතික ක්‍රියාදාමයන් පැනනගින්නේද දූෂිත දේශපාලනය තුල ක්‍රියාත්මකවන කාන්තාවිමුක්ති විෂබීජය හරහා වේ. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදයේ මතවාදී ආක්‍රමණික ප්‍රචාරක අවිය වන්නේ දූෂිත ජනමාධ්‍ය මාෆියාවයි. බටහිර අධ්‍යාපනය මේ වන විට ගැහැනු ළමුන්ට ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තනයන් නොපිහිටන ලෙස කප්පාදු කිරීමටත් පිරිමි හැසිරීමක් ඇති ගැහැනු ළමුන්ට පිරිමි ලිංගිකත්වය අනුකරනය කිරීමට වැඩි අනුග්‍රහයක් දැක්වීමටත් කටයුතු කරයි. අද බටහිර සමාජය පමණක් නොව බටහිර රටවල් අනුකරනය කරමින් බටහිරට ගැතිකම් කරන ලොව සෙසු රටවල සමාජයන්ද මේ ස්ත්‍රීත්වයක් නැති කුහක කාන්තා විමුක්තිවාදයෙන් බැට කයි. බටහිර රටවල කාන්තාවන්ට මහා ලොකු නිදහසක් ඇතැයි කීවද එම නිදහස ඇත්තේ පිරිමි ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවයත් ලිංගිකත්වයේ ස්වභාවයත් වහක් කරගෙන කුහක පිරිමින්ගේ කාන්තා විමුක්තිවාදය අනුගමනය කරන ස්ත්‍රීත්වයකින් තොර ව්‍යාකූල ලිංගික හැසිරීම් ඇති ඊනියා කාන්තාවිමුක්තිවාදිනියන්ට මිස ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවය අනුව හැඩගැසුනු ස්ත්‍රීත්වයක් පිහිටා තිබෙන විෂමලිංගික කාන්තාවන්ට නොවේ.       
                          
සෑම වසරක් පාසාම මාර්තු 8 වනදාට ලොව පුරා සමරන ඊනියා කාන්තා දිනය තුල අන්තර්ගතව ඇත්තේද බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදීන්ගේ මතවාදී ආක්‍රමණයකි. කුහකකමෙන් වල්මත් වී සමාජය ලිංගික වශයෙන් ව්‍යාකූල කරගත් බටහිර අද ප්‍රසිද්ධියේ කුහක විෂමලිංගික විරෝධී වැඩසටහන් ක්‍රියාවට නැගේ. මේ වැඩසටහන් ශ්‍රී ලංකාව වැනි බටහිර නොවන රටවල ක්‍රියාවට නැගෙන්නේ කොලේ වසා රැවටිල්ලෙනි. ඒ සඳහා කාන්තා විමුක්තිවාදයේ සහයක ගෝලබාලයන් කාන්තා හින්සනය ළමා අයිතීන් කාන්තා අයිතීන් ආදිය මතුපිටට පෙන්වයි. මේ ගැන අපට විචාරයක් තිබිය යුතුය. ඒ විචාරය ඇති කිරීමට අපද බටහිර ඉතිහාසය, සමාජමය වෙනස් වීම්, දැනුම හා ආකල්ප වැනි දේ ගැන සංසන්දනාත්මක ලෙස අධ්‍යනයක් කළ යුතුයි. බටහිර රටක්නම් අනිවාර්ය වශයෙන් අපට වඩා හැම අතින්ම දියුණු කිසි ප්‍රශ්නයක් නැති කිසි වරදක් නොකරන මිනිසුන් සිටින රටක් යන මුලාව දැන්වත් අප විසින් බැහැර කළයුතුව ඇත. අප කළයුත්තේ අපේ දුර්වලකම් හා ප්‍රගතිශීලී අංග වෙන්කර හඳුනාගෙන අපට ආවේනික ප්‍රගතිශීලී මතවාද ශක්තිමත් කිරීමයි. අපගේ මාතෘකාවටම අනුව ලිංගිකත්වය සම්බන්ධයෙන් අපේ අතීත සමාජයේ තිබුණු සැබෑ වටිනාකම් හා වංචනික ගුණධර්මයන් වෙන්කර සැබෑ වටිනාකම් නැවතත් සක්‍රීය කළයුතුය. විෂමලිංගික පීතුමූලිකත්වයට සමාන්තර ගත ලෙස විෂමලිංගික ස්ත්‍රීත්වය හා මාතෘත්වයත් සියළුම ස්ත්‍රී පුරුෂ කායිකවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක හැඩගැසීමුත් සමාජයේ යහපත් ඉදිරි පැවැත්මට අත්‍යවශ්‍ය අංග යන අවබෝධය අපේ සමාජයෙන් අතීතයේ සිටම පැවතී ඇත . දැන් කළයුත්තේ මෙරට බටහිර අනුකාරකයින් විසින් අඩපන කළ ඒ සැබෑ වටිනා අංග නැවත සක්‍රීය කිරීමයි. ඉන් පසුවට කාන්තා විමුක්ති කුහක වෛරී මතවාදයෙන් බැටකන මෙරට ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසී ඇති විෂමලිංගික කාන්තා සමාජයම රැකෙනු ඇත. අපට බටහිර සමාජයේ කුහකකම් මත පදනම් වන ඊනියා කාන්තා ප්‍රශ්න නැත. කාන්තා ප්‍රශ්න ගැන හෝ ලිංගිකත්වය ගැන අපට බටහිරින් ඉගෙනගැනීමට අවශ්‍ය නොවන බවත් අවසන් වශයෙන් මෙරට සිටින බටහිර අනුකරනවාදීන්ට මතක්කර දෙන්නෙමු.