Thursday, December 31, 2015

නව වසරේ සුභාසිරි...!



2016 නව වසර සිංහල බෞද්ධ දෑහිතකාමීන්ගේ සියළු බලාපොරොත්තු ඉටුවන රටට ජාතියට බුද්ධ ශාසනයට එරෙහි සියළු මර උගුල් වලින් ජාතිය නිදහස් වන සුභ නව වසරක් වේවා.

Sunday, November 29, 2015

බෙදුම්වාදය අත්හැරියවුන් බෙදුම්වාදයට යලි තල්ලු කළ යහපාලනය

මීට සති කීපයකට උඩින් අපට අසන්නට ලැබුනු විශේෂ ප්‍රවුර්තියක් වෙත නැවත අවධානය යොමු වියයුතු යැයි සිතුවේ එය තරමක් ජාතික වැදගත්කමකින් යුතු වූ ප්‍රවුර්තියක් වීම නිසාමයි. ජාතික වැදගත්කමක් මෙන්ම සංවාදයට තුඩුදෙන ස්වභාවයක්ද ඒ පුවතෙහි වේ. කරුනා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක් වුනු බව අසන්නට ලැබුණි. ඔහු එම පක්ෂය සමග එක්වෙමින් දක්වා තිබූ අදහස් සිහි බුද්ධියෙන් විමසිය යුතු වන්නේ ජාතික වැදගත් කමකින් යුතු කරුණ සැඟවී ඇත්තේ ඒ තුල වීමෙනි. කරුනා අම්මාන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හෙවත් ටීයූඑලෙෆ් පක්ෂය සමග එක් වෙමින් කියා සිට ඇත්තේ ඔහු වැඩිදුරටත් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් හා අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින බව හා දෙමළ ජනයාට සාධාරනය ඉටු කිරීම වෙනුවෙන් ක්‍රියා කරන බවයි. දෙමළ ජනයාට සිදුවූවායැයි කියන ඊනියා අසාධාරනයන් මොනවාද? දෙමළ ජනයාගේ අහිලාශයන් මොනවාද? මේ වෙනත් කිසිවක් නොවේ, අධිරාජ්‍යවාදීන්ගේ වරප්‍රසාධ අත් හැරීමට අකමැති වූ උතුරේ දෙමළ ප්‍රභූන් මුළු රටේම පාලනය බැරිනම් කොටසක හෝ පාලනය අත්පත් කරගැනීමේ බෙදුම්වාදී මෙහෙයුමේ නිරතවන්නන්ගේ පැරනි රසාංගයකි. මීට පූර්ණ ආශිර්වාදය මුලින් බ්‍රිතාන්‍යයේද වර්තමානයේ බ්‍රිතාන්‍යට හිතවත් සියළු  බටහිර රටවලද ලැබේ. එහි පුදුමයක්ද නැත. ඒ දකුණු ඉන්දීය දෙමළ ජනයා බ්‍රිතාන්‍ය වහල් සේවකයන් ලෙස මෙහි ගෙනවිත් පදිංචි කරවූවන් වන බැවිනි.
                        

කරුනා අම්මාන් වැඩි දුරටත් කියා තිබෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සියළු යහපත් අංග පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවයි.13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ඉන්දියාව විසින් මෙරට බෙදුම්වාදීන් සැනසීම සඳහා ලක් රජයට බලහත්කාරයෙන් පැටවූ එකක් මිස එහි වෙන අර්ථයක් නැත. එබැවින් එහි  කුමන අංගයක් වුවත් යහපත් වන්නේ ලක් රජයේ ජාතිකත්වයට නොව බෙදුම්වාදයටය. අද කරුනා අම්මාන් මේ බෙදුම්වාදයට හිතවත් 13 වන සංශෝධනයේ යහපත් අංග ලෙස බෙදුම්වාදයට හිතවත් යෝජනා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව කියයි.කරුනා අම්මාන් යනු පැරනි එල්ටීටීඊ ක්‍රියාකාරී සමාජිකයෙකි. එනම් ඔහු කලක් ඊලම වෙනුවෙන් ප්‍රභාකරන්ගේ පිලේ සිට සටන් මෙහෙයවූ අයෙකි. ඔහු 2000 -2001 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් කොටි සංවිධානය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම බල පැවැත්වුනු කාලයේ ප්‍රභාකරන්ගේ පිලෙන් වෙන් විය. ඔහු වෙන් වූයේ ඔහු වටා සිටි කොටි සාමාජිකයන් කන්ඩායමක්ද සමගයි. කරුනාගේ වෙන් වීමට ඔහු ප්‍රභාකරන්ගෙන් ඈත් වී රනිල් වික්‍රමසිංහ වෙත ලං වී තිබීම හේතුවක් වුවත් රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානයේ අරමුණු වලට පූර්ණ වශයෙන් පිටුපෑ බව හෝ ඔහු අප රටේ සිංහල බෞද්ධ ජාතිකත්වයට පක්ෂපාතී කෙනෙක් බවත් එයින් ගම්‍ය නොවේ. කෙසේ නමුත් කරුනා අම්මාන් ප්‍රභාකරන්ගෙන් වෙන් වී යෑම කොටි සංවිධානය ලද එක්තරා පරාජයක් විය.
                           

  2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපතිවරයා ලෙස පත් විය. ඒ වන විටත් කරුනා අම්මාන් ඇතුළු පිරිස ප්‍රභාකරන් කණ්ඩායමට එරෙහි වූවා මිස බෙදුම්වාදය අත්හැර නොතිබිණි. මාවිලාරු සොරොවුව වසන්නට ගොස් තම අවසානය සනිටුහන් කරගත් කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ මෙහෙයුමේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට නිවැරදි නායකත්වය දෙමින් ජාත්‍යන්තරය තුලද කොන්ද කෙලින් තබාගෙන සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සටන ජයග්‍රාහී මාවතක ගෙනයද්දී ඊලාම්වාදය පුස් වෙඩිල්ලක් පමණක් විය. බොහෝ ඊලාම්වාදීන් තම බෙදුම්වාදී අරමුණු අතහැර පලා ගියෝය. කරුනා අම්මාන් පිල්ලෙයාන් වැනි ප්‍රභාකරන්ගේ කල්ලියෙන් වෙන් වූවන් තම පිරිසද සමග බෙදුම්වාදය අත හැර රජයේ හමුදා වලට ත්‍රස්තවාදය තීරනාත්මක ලෙස පරාජය කිරීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට උදවු විය. සටනේදී අත්ඩංගුවට පත් කොටි නායකයන්ටද ඊලම සිහිනයක් පමණක් බව පසක් වී තිබුණි. කේපීලාට සැඟවී සිටින්නට නොහැකි විය. සටන පරාජය වී ඊලම අත්හැරි ඔහුටද කරන්නට තිබූ එකම දෙය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයට හා ආරක්ෂක අංශ වලට යටත්ව ඊලාම් සිහිනය අත්හැරදමා පන බේරා ගැනීම පමණි. කරුනා අම්මාන් මුලදීම ඊලම අත්හැරීය. ඔහු සටන් පැවති කල්හිදී ත්‍රිවිධ හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කර පසු කලෙක රටේ ජාතිකත්වයට ලැදි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද ලබා දෙමළ දේශපාලන ප්‍රවාහයේ බෙදුම්වාදී සලකුණට තිබූ ප්‍රභලත්වය නිශේධනය කළේය. පිල්ලෙයාන්ද පසුකාලීනව බෙදුම්වාදයට එරෙහි ගමන් මගක ගියේය. කරුනා අම්මාන්ගේ ඊලාම් බෙදුම්වාදය අත්හැරීම පසුපස වූ ප්‍රභලම සාධකය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය මුළුමනින් පරාජය වීම හා ජාතික බලවේග වල නැගී සිටීම හමුවේ ඊලම හා දෙමළ නිජභූමි මිථ්‍යාව පුස්සක් වීමයි.
                                
දැන් සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මේ වසරේ ජනවාරි මස 8 වනදා සිට සිදුවූයේ යුධමය වශයෙන් පරාජය වී මතවාදීවද නන්නත්තාර වූ ඊලාම්වාදී බෙදුම්වාදීන් නැවත ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වීම හා නැගී සිටීමයි. පලිගැනීමේ චේතනාව පමණක් පෙරදැරීව කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පලිගැනීමට කල්පනා කළේ රටේම ජාතිකත්වය දුර්වල කිරීමෙනි. ඔහු මුලින්ම කළේ රටේ ජාතිකත්වයටත් ජාතික බලවේග වලට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එරෙහි විජාතික බලවේග වල ස්ථිර නියෝජිතයා වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමයි. ඉන් අනතුරුව ඔහු සියළු කටයුතු කළේ බෙදුම්වාදී සුළුතර අන්තවාදීන්ට සහය දෙන ජාතික මතවාද කියා නාමයක් නැති එක්සත් ජාතික පක්ෂයේත් චන්ද්‍රිකා රාජිත වැන්නන්ගේත් උපදෙස් මතයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද තමන් වෙත ලබා ගත්තේ පක්ෂයට ඇති ලැදිකමක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කාතික පක්ෂයට හා රනිල් ප්‍රමුඛ විජාතික බල කඳවුරට අවශ්‍ය ලෙස නම්මා තබා ගැනීමටය. සිරිසේන මහතා උතුරේ අධි ආරක්ෂක කලාප එකින් එක ඉවත් කළේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවයි. ඉන් නොනැවතුනු ඔහු උතුරේ බෙදුම්වාදී දෙමළ සන්ධානයට ඔවුන්ගේ අන්තවාදය වැපිරීමට ඉඩ ලබා දුන්නේය. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මතක් කර දුන්නේ කළයුතු දේ සිරිසේනට කියා දෙමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තයේ සංචාරය කර එරට බල්ධාරීන්ගෙන්ද උපදෙස් ගෙන පැමිණියේය. සිරිසේන රනිල් ආණ්ඩුව ජාත්‍යන්තරයේද නොකඩවා පොරොන්දු දී තිබෙන්නේ උතුරු නැගෙනහිරට බලය බෙදා දෙන බව හා යුධ අපරාධ සොයා බැලීමට ජාත්‍යන්තර බලපෑම් මත දේශීය යාන්ත්‍රණය නම් උගුල අටවා රනවිරුවන්ටත් ඊට නායකත්වය දුන් අයටත් දඬුවම් කරන බවටයි.

          
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව හා සුරක්ෂිතව තිබූ ස්වදේශීයත්වය හා ජාතිකත්වය දුර්වල වී දැන් නැවත විජාතික බලවේග සියල්ල ශක්තිමත් වී ඇත. කොටින්ම කීවොත් දැන් මේ රට නැවතත් චන්ද්‍රිකා රනිල් යුගයේ මෙන් පාලනය කරන්නේ ඊලාම්වාදීන්, බටහිර රටවල තානාපතිවරු, බටහිර රටවල් හා ඉන්දියාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන එක්වයි. රට ගැන තීරන ගන්නේ ඔවුන්ය. දැන් ඔවුන් විසින් රටේ ජාතිකත්වයටම එරෙහිව ජාත්‍යන්තර නීති කතා කරති. ඊලාම්වාදී බෙදුම්වාදීන් නව පනක් ලබා ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ හැම අතින්ම පරාජය වී සිය ස්ව‍යංපාලන බලාපොරොත්තුව සුන් කරගත් ඊලාම් බෙදුම්වාදීන්ට දැන් රජ මගුල්ය. ජාත්‍යන්තර දෙමළ කොටි ඩයස්පෝරාව නැවතත් අපේ රටට එරෙහිව පල් බොරු ගොතමින් ජාත්‍යන්තරය තුල යකා නටමින් රටබේරාගත් නායකයන්ටද තර්ජනය කරති. එහෙන් දෙමුහුම් යුධ අධිකරණ පිහිටුවීමට කැසකවමින් එය වසන් කිරීමට කප්පරක් බොරු මාධ්‍ය හරහා උදේ හවා ප්‍රචාරය වෙමින් තිබේ. මේ ජාතික බලවේග වල තාවකාලික පසුබෑමක් වුවත් මෙසේ පසුබසින සුළු කාලයට විජාතික බලවේග විසින් අටවන මර උගුල් බොහෝය. දැන් විජාතික බලවේග වල හා ඊලාම්වාදීන්ගේ නැවත ශක්තිමත් වීම තුල මුලින් කී ලෙසට බෙදුම්වාදය අත්හල කොටින්ට සහය වූ පිරිස් හා කරුනා අම්මාන් වැනි ජාතිකත්වය පිළිගෙන මහින්දගේ නායකත්වය යටතේ බෙදුම්වාදයෙන් තොර ගමනක් යෑමට සිටියවුන්ද විජාතික යහපාලනයේ ආශිර්වාදයෙන් නැවතත් බෙදුම්වාදය දෙසටම තල්ලු වෙමින් ඇත. 

                             
ඒ විජාතික ගැති යහපාලන ආණ්ඩුව විසින් රටේ ජාතිකත්වය දියකර හරිමින් විජාතික බලවේග හා ඊලාම්වාදීන් ශක්තිමත් කිරීමේ ද්‍රෝහී නිවට ප්‍රතිපත්තිය හමුවේ නැවතත් කරුනා අම්මාන් වැනි බෙදුම්වාදය අත්හල පුද්ගලයන්ට පවා ඊලාම්වාදයේ ප්‍රලාප ගැන නැවත විශ්වාසයක් ඇති වීම නිසාය. ඔවුන්ට රටේ ජාතිකත්වය තුල තමනට ඇති යහපත් පැවැත්ම ගැන තිබූ විශ්වාසය නැතිකර තිබෙන්නේත් සිංහල ජාතියේම අවාසනාවට සිංහල මෝඩ ජනයාගේ ආශිර්වාදය ඇතිව බලයට පත් වූ යහපාලන පෙරේත කුම්භාණ්ඩ රැලය. එක් පසෙකින් දැවැන්ත ජාතික බලවේගයක් නැවතත් ගොඩනැගෙමින් ඇත්තේ දිනෙන් දින විජාතික යහපාලනය ජනතා අප්‍රසාධයේ අන්ත කෙලවර කරා වේගයෙන් ඇදෙන අතරතුරයි. ජාතික බලවේග වටා කොපමණ ජන බලවේගයක් ඒකරාශී වුවත් මෙවර බටහිර හා ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේග මෙරට දෙමළ ජාතිවාදීන් හා ඉස්ලාමික අන්තවාදීන්ද සමග ජාතික බලවේගයට එල්ල කරන පීඩනය කිසිසේත් සුළුපටු එකක් නොවනු ඇත. අභියෝගයේ තරම කුමක් වුවත් කුමන කැප කිරීමක් කර හෝ මේ පීඩනයෙන් ගැලවී ජාතිකත්වය නගා සිටුවා වසර දහස් ගනනක් තිස්සේ රැකගෙන ආ රට ඉදිරියටද සුරක්ෂිත කිරීමට රටට සැබෑ ලෙස ආදරය කරන සියළු දේශප්‍රේමී ජනතාව බලවත්ව අධිෂ්ඨාන කරගත යුතුය.


විශේෂ ලියුම්කරු

Friday, November 20, 2015

සැබෑ නායකයාට දීර්ඝායුශ පතමු

පසුගිය නොවැම්බර් 18 වනදා මහින්ද රාජපක්ෂ මහතාට සුවිශේෂී දිනයක් වූයේ එදින ඒ මහතා සිය 70 වන ජන්ම දිනය සැමරීම හේතුවෙන්. මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය මෙරට දේශපාලනයේ මහා පතාක යෝධයෙකි. ඒ අධිරාජ්‍යවාදීන් රට අත්හැරදමා ගොස් බොහෝ කලක් වෙද්දීත් යටත් විජිතවාදීන්ගේ වරප්‍රසාද ලත් දකූණු ඉන්දියානු දෙමළ වහල් සේවකායා තම ස්වාමිවරුන්ගේ හයිය ගතට ගෙන, රටේ ජාතිකත්වයටත් සරදම් කරමින් දිගු කලක් තිස්සේ ගොඩනැගූ දෙමළ ඊලාම් වර්ගවාදී බෙදුම්වාදය හා කොටි ත්‍රස්තවාදය මුලිනිපුටා දමා අධිරාජ්‍යවාදීන්ගේ වහල්ලුන්ගෙන්ද දෙවන වරට රට නිදහස් කරගත් යුගයේ ජාතික වීරයා ඔහු වන බැවින්ය. එතැන් පටන් අඩුපාඩුකම් ඇතිව වුවද අප රටක් ලෙස විජාතික බලවේග වලට හිස නොනමා ජාතිකත්වයේ ගමනක් යමින් සිටියෙමු. අවාසනාවකට මේ වසරේ ජනවාරි 8 නැවතත් විජාතික බලවේග රැවටිලිකාර ලෙස යම් තාවකාලික ජයක් ලැබුවේ විජාතික බලවේග එකතුවේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විජාතික බලවේග වල මෙරට නායකයා ලෙස පත් කරගැනීමට කටයුතු කිරීමෙනි. එහෙත් රටේත් ජාතිකත්වයේත් සැබෑ නායකයා අදටත් මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිකම්ම නොවේ. රටේ ජාතිකත්වය වටා එක් රොක් වී සිටින (ජනවාරි 8 විජාතික පරයාට රැවටී අනාථ වූ පසු දැන් සත්‍ය වටහා ගත්තවුන්ද සමග )අතිමහත් බහුතරයකට සැබෑ නායකත්වය දෙමිනි. යුගයේ සැබෑ වීරයා මෙන්ම රටේත් ජාතියේත් සැබෑ නායකයාද වන එතුමාට නැවත වරක් රට විජාතික බලවේගවලින් බේරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන අතරම එතුමාට දීර්ඝායුශ ලැබේවායි ද පතමු.

Thursday, November 12, 2015

කොහේ හරි වැරදුනා වගේ අපේ හාමුදුරුවනේ

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව දස දෙසින් ශෝක පණිවිඩ ගලා එන මොහොතක අකමැත්තෙන් උනත් හිතට එකඟව යම් කරුනු ටිකක් කීමට අප කැමැත්තෙමු. අප කියන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස බලා අපි සතුටු විය යුතු බව නොවේ. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියන් රටට ජාතියට කළකී දෑ සමග උන්වහන්සේ පසුකාලීනව ජාතික මතවාද වලින් ඈත් වූ ආකාරය ගැන විචාරාත්මකව අදහස් ටිකක් ගෙන හැර පෑමට අපට අවශ්‍ය වේ. මාදුළුවාවේ සෝභිත හිමි යනු මෙරට ඉතිහාසය තුල රට ජාතිය වෙනුවෙන් නිතර හඬක් නැගූ ශ්‍රේෂ්ඨ හිමි නමක් බව අමිතුවෙන් කිව යුතු නොවේ. උන් වහන්සේගේ අපවත් වීමෙන් කම්පාවන බොහෝ දෙනා එසේ කම්පා වන්නේ එම කාරනය ගැන දැනුවත්ව මෙන්ම උන්වහන්සේ එකළ රටට ජාතියට ආගමට කළ සේවාව ගැන පැහැදිලි තක්සේරුවක්ද ඇතිවයි. එහෙත් අපට තවත් පැනයක් මතු වේ. ඒ උන්වහන්සේ අතීතයේ කළ ජාතික ආගමික යුග මෙහෙවර සමග සංසන්දනය කරන විට උන් වහන්සේගේ වියෝව වෙනුවෙන් ශෝක වන පිරිස වර්තමානයේ අප කවුරුත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු වීමයි. ඊට අමතරව තවත් පැනයක් ඇත. එනම් සෝභිත හිමියන් රට ජාතිය පැත්තේ සිටිමින් අතීතයේ කළ කී දෑ අද උන්වහන්සේ වෙනුවෙන් ශෝක වන රටේ ජාතිකත්ව විරෝධීන් වන එක්සත් ජාතික පක්ෂ නායකයා චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්දන් වැන්නන්ට අමතක උනාද නැත්නම් සෝභිත හිමියන් අපවත් වන විට ජාතිකත්වය අත් හැර සිටියාද යන්නයි.
                           

මාදුළුවාවේ සෝභිත හිමියන් අතීතයේ ජාතිකත්වය පැත්තේ සිටිමින් රටට ජාතියට ඉමහත් සේවයක් කළ හැටි නොදන්නා කෙනෙක් ලංකාවේ සිටී යැයි හිතන්නට බැරි තරම්ය. එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ බලහත්කාරය මත ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට සෝභිත හිමියන් ඊට විරුද්ධ වීමට නොපසුබට විය. එපමණක් නොවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට වන හානිය උන්වහන්සේ මනාව තේරුම්  ගෙන තිබුණි. ඊටද එරෙහි වූ සෝභිත හිමියන් පලාත් සභා වලටද විරුද්ධ විය. එවකට පලාත් සභා හරහා බෙදුම්වාදය ශක්තිමත් වී කොටි ත්‍රස්තවාදය හිස ඔසවා තිබුණු අවස්ථාවේ කොටින්ට එරෙහිව කෙරුනු හමුදා මෙහෙයුම් වලට උන් වහන්සේගේ නොමද ආශිර්වාදයද හිමි වූයේ සෝභිත හිමියන්ගේ දෑහිතකාමී බව මෙන්ම ජාතික වගකීම් ඉටුකිරීමේ උනන්දුවද රටට පිළිබිඹු වන ආකාරයටය. එවකට සෝභිත හිමියන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව තම්බයියලා බුදු දහම පාවාදීම නමින් පොත් ලියා බෞද්ධයන්ට යුද්ධය අකැප බව කියමින් උන් වහන්සේට අපහාස කළ ආකාරය අතීතය දන්නා කිසිවෙකුට අමතක කරන්නට බැරිය. සෝභිත හිමියන් චන්ද්‍රිකාගේ පැකේජයට එරෙහිව එදා ප්‍රභල හඬක් නැගීය.ඒ ෆෙඩරල් යෝජනාවලියට එරෙහිව රටේ ඒකීය භාවය රැකීම වෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපත් වෙමිනි. 
                      

සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිටස්තර බලවේග වලින් ඇති කෙරෙන අහිතකර බලපෑම් ගැනද සෝභිත හිමියන් දැක්වූයේ මනා සවේදී බවකි. සෝභිත හිමියෝ අමධ්‍යප ව්‍යාපාරය හරහා තරුණයන් මත් ද්‍රව්‍යෙන් ඈත් කිරීමට කැප වී ක්‍රියා කළහ. වරක් උන්වහන්සේ පස්යාල කජුගම ප්‍රදේශයේ ධර්ම දේශනයකට සහභාගී වෙමින් චීත්තය හැට්ටය අඳින කාන්තාවන් මහත් සේ අගය කළේ නාගරික මෝඩ තරුණියන් කොන්ඩය කපා කලිසම් වලට බැස පොෂ් වෙන්නට තනන යුගයක අපට රටක් හැටියට තිබියයුතු මතවාද මොනවාද යන්නත් සිහිගන්වමිනි. පාසල් දරුවන්ට ජාතික ආගමික වැදගත් උත්සව සැමරීමට කාලයක් නොතිබීම ගැනද සෝභිත හිමියන් කෙළින් කතා කිරීමට මැලි වූයේ නැත. වරක් උන්වහන්සේ අද ළමයින්ට වෙසක් කාලෙට වෙසක් කූඩුවක් හදන්න මවුපියන් එක්ක පන්සල් යන්න ආගමික කටයුත්තකට සහභාගී වීමට කාලය නැතිකර තිබෙන බව කෙලින් කියා තිබුණා මතකය. සෝභිත හිමියන් ජාතික වගකීම් ගෙන දෑහිතකාමීව කටයුතු කිරීම නොරිස්සූ ජේ ආර් ජයවර්ධන වැන්නන් උන්වහන්සේට අඩන්තෙට්ටම් කිරීමටද පියවර ගත්තෝය. චන්ද්‍රිකා කුමාරතුංගද සෝභිත හිමියන් කොටි ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත යුතුය යන ස්ථාවරයේ සිටියදී උන්වහන්සේට අභියෝග කළේ හැකිනම් කොල්ලන් 5000ක් සොයාගෙන සටනට එන්න කියාය. සෝභිත හිමි ඊට පිළිතුරු දුන්නේද අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුධ හමුදාපති කර ජාතික බලවේග වල මග පෙන්වීම යටතේ ක්‍රියා කළ හැකිනම් තමන්ට ඒ අභියෝගය භාරගත හැකි බව කියමිනි. 
                             

කරුනු කාරනා එසේනම් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජාතිවාත්සල්‍යෙයෙන් අනූන වූ ගමන නොපිට පෙරළුනේ කෙසේද? ඒ කවර අවාසනාවකටද? ඒ එක් අතකට 1993/1994 කාල සීමාවේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂය පාලනය අවසන් කරවීමට චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒම සඳහා උන් වහන්සේ ඇප කැප වන්නට පටන් ගැනීමත් සමගය. එක්සත් ජාතික පක්ෂය කොතරම් විජාතික බලවේග වලට හිතවත්ව කටයුතු කළද එකළ ඩී.බී.විජේතුංග මහතා ජාතිකත්වයට යම් මට්ටමකට ලැදිව රටට නායකත්වය දුන්නේය. එතුමා ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට ගෙන පක්ෂයේ මීලඟ නායකත්වයට හා ජනාධිපති ධූර අපේක්ෂකයා බවට පත් කරගැනීමය දුර දක්නා නුවනින් ක්‍රියා කරනු පෙනිනි. ඒ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විජාතික බලවේග සියල්ල එක්සත් විජේතුංග රජය අත්හරිමින් චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක් වෙමින් තිබුණි. වෙනත් දෙයක් තබා සිරිමාවෝ මැතිනිය ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට චන්ද්‍රිකා පත් කරගත්තේද විජාතික බලවේග මූලිකත්වය ගෙනයි. මේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම එතෙක් කල් තේරුම් ගෙන සිටි සෝභිත හිමියන් එක් වර විජාතික බලවෙග පිරිවරාගත් චන්ද්‍රිකාගෙන් ජාතිකත්වයට හිතැති නායකත්වයක් බලාපොරොත්තු උනාද? උන්වහන්සේ චන්ද්‍රිකා කුමාරතුංග ගැන විශ්වාසය තැබුවේද? අපටනම් හැඟී යන්නේ උන් වහන්සේ මුලාවකට ගිය බවයි. ඩී.බී.විජේතුංග ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උන්වහන්සේට අනුව නරකනම් එවකට මහජන එක්සත් පෙරමුණ වැනි විශ්වාසවන්ත දෑහිතකාමී කණ්ඩායම් සමග එක් වීමට අවස්ථාව තිබුණි. ආණ්ඩු පෙරලීමට නොහැකි උනත් ඔවුන්ට තුන්වන බලවේගය බවට පත් වී ආණ්ඩු පීටුවීමේ තීරක බලය ගැනීමට ඉඩ ලැබෙන ලෙස නැගී එන දෑහිතකාමී බලවේගයක් ගොඩනැගීමට හැකි බව සෝභිත හිමියන්ට නොවැටහුනිනම් එයද අවාසනාවකි.
                         
සෝභිත හිමියන් චන්ද්‍රිකාගේ පැකේජයට එරෙහි වුවත් එතැනදීද ජාතික බලවේග ගත යුතු මග කුමක්ද යන්න අවබෝධ කරගත් බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත මාරු වී තිබුණි. චන්ද්‍රිකාගේ ජනප්‍රියකම වේගයෙන් ගරා වැටෙමින් තිබියදී කපටි විජාතික බලවේග නැවත එක්සත් ජාතික පක්ෂය වටා එක් විය. සෝභිත හිමියන්ගේ හැසිරීම එතැනදීත් අවංක ජාතිකත්වය මත පදනම්වූ තුන්වන බලවේගයකට සහය වනවාට වඩා විජාතික ගැති රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට යම් සහයක් දැක්වූයේය. අවසානයේ මෙරට විජාතික බලය උපරිමයක් වූ චන්ද්‍රිකා රනිල් යුගලයේ බලය පැවති ආණ්ඩුවක් බිහි වී අඳුරු යුගයක් ඇරඹුණි. රනිල් වික්‍රමසිංහ කාටත් නොකියා හොර රහසේ කොටි සමග අවබෝධතා ගිවිසුම් ගසා ජාතිය අනතුරට හෙළමින් ඔහුට පුරුදු පරිදි බටහිර සතුටු කළේය. එහෙත් එකළනම් අතීතයේ ඉන්දු ලංකා ගිවිසුමටත් පලාත් සභා ආදියටත් විරුද්ධ වූ පරිදි අවභෝධතා ගිවිසුමේ ජාතිකත්ව විරෝධී බවට එරෙහිව සෝභිත හිමියෝ ප්‍රභල හඬක් නොනැගූහ. ඒ වන විට සෝභිත හිමියන් එක්තරා මට්ටමකට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය සමග හිතවත්කමක් ගොඩනගාගනිමින් සිටියේය. කෙසේ වෙතත් මේ රනිල් අගමැති වූ එක්සත් ජාතික පක්ෂයට වැඩිකල් ආණ්ඩු කරන්නට නොලැබුණේ එම එක්සත් ජාතික පක්ෂ රජය වසර දෙකක් වැනි කෙටි කලක් තුල ජනතාව අතර දැඩි පිළිකුලට ලක් වීමෙනි. ඉන් පසුව නැවත සන්ධාන රජයක් බිහිවිය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගෙන කොටි ත්‍රස්තවාදය පැරදවීමේ තීරනාත්මක සටන ඉදිරියට ඇදෙද්දී ඊට කැපී පෙනෙන සහයක් නොදැක්වූ සෝභිත හිමියන් සටනට අකුල් හෙලූ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා පිළිවෙලටද විරුද්ධ නොවීය.

                     
මුලදී ජාතිකත්වය පැත්තේ නිවැරදිව හිඳිමින් ජාතික වගකීම් ඉටු කරමින් පාලකයින් ජාතිකත්වයෙන් ඈත්ව ජාතියට කෙනහිලිකම් කරන විට ජාතික අවශ්‍යතා හඳුනාගෙන බුද්ධිමත් දෑහිතකාමී ජනයා සමග සිටියත්, සෝභිත හිමියන් පසුව ජාතික බලවේගයේ හා විජාතික බලවේගයේ ගැටුම ගැන අවබෝධයෙන් කටයුතු කරනු වෙනුවට මෙරට දේශපාලකයින් පොදුවේ කරන ජාතික හා විජාතික ගැටුමට එතරම් අදාලත්වයක් නැති වැරදි ක්‍රියා වලට එරෙහිව කලින් කළ ජනප්‍රිය සටන් පාඨ කරා ආකර්ශනය වී සිටිනු දක්නට හැකි විය. උන්වහන්සේගේ සාධාරන සමාජය සඳහා වූ පෙරමුණද ක්‍රියා කළේ මේ සටන් පාඨ අනුව මිස රටේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුමට සාපේක්ෂව ජාතිකත්වය පැත්ත ශක්තිමත් කිරීමට නොවේ. මේ සියලු සිද්ධි අස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය තුලද ලංකාවේ දේශපාලනයට පොදුවේ හුරු ජාතික ධනය අයතා ලෙස පරිහරනය ආදීය සමග දූෂිත බව ලියලන්නට විය. ඊට එරෙහිවද යම් මට්ටමකට රටේ ජනයා අතර රජය කෙරෙහි අප්‍රසාදය වර්ධනය වී තිබෙනු දුටු විජාතික බලවේග මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජාතිකත්වයට හිතවත් රජය පෙරලා දැමීමට ඒ තුලින් ගත හැකි උපරිම ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරමින් තිබුණි. විජාතික බලවේග ඔවුන්ට හිතවත් එමෙන්ම දූෂිත හා මැර දේශපාලනය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයටත් රනිල්ටත් සුදු සලුපිලි අන්දවා ජනතාව ඉදිරියට එවන්නට කටයුතු කළේය. දූෂණයට එරෙහි ආකර්ශනීය සටන් පාඨ සෝභිත හිමියන්ද ග්‍රහනය කරගෙන සිටියේය.

                              
ජාතික අරමුණු වලින් හා ජාතික බලවේග වල අපේක්ෂා වලින් ඈත්වී ආතක් පාතක් නැතිව සාධාරන සමාජයක් කරා යන්නට ගොස් සෝභිත හිමියන් විජාතික බලවේග වල ජාතිකත්ව විරෝධී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ තවත් එක් නියමුවෙක් පමණක් බවට පත් ව විජාතිකත්වය තුලම හිර විය. උන් වහන්සේ තමන් කළකී දෑ සියල්ල අමතක වන තරමට මුලාවේ ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂ හොර උපාසකයින්ය. විටෙක බෞද්ධ ජනයා මුලා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස චන්දයට ඉදිරිපත් කරවීම කෙරෙහිද විජාතික බලවේග වල අවධානය යොමු වී තිබුණි. සෝභිත හිමියෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ අඩුපාඩු වැරදි පෙන්වා දුන්නේනම් එහි කිසිදු වරදක් නැත. එහෙත් මහින්දගේ නායකත්වය පෙරලීමෙන් රටේ ජාතිකත්වයද අනතුරට පත්වන බව සෝභිත හිමියන්ට නොවැටහිනි. කොටින් කීවොත් උන්වහන්සේ වටා සිටිමින් උන්වහන්සේව අතකොලුවක් ලෙස පාවිච්චි කරන්නේ කවුද යන්නවත් සෝභිත හිමියන් වටහා ගත්තේ නැත. විටෙක උන් වහන්සේ කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වය වෙනුවෙන් ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩයනා ගමගේ කියන කුප්‍රකට චරිතයට දේශපාලනිකව පිම්බෙන්න උපකාර කළේ තමන් මහින්දට එරෙහිව කරන කියන දේ වල ප්‍රතිඵලය කුමක් විය හැකිද කියා වත් විචාරයක් නොමැතිවයි. අවසානයේ විජාතික බලවේග වල මහින්ද සමග ජාතිකත්වය පරාජය කරවීමේ තුරුම්පුව බවට පත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන ප්‍රෝඩාවට සෝභිත හිමි ඇදී ගියේය. සිරිසේන රනිල් ආණ්ඩුව බිහිකර තම අපේක්ෂා ඉටුකර ගත නොහැකි වූ බව කියමින් සෝභිත හිමියන් කනස්සළු වන විට විජාතික බලවේග මෙරට ජාතිකත්වයට එරෙහි සියළු උගුල්ද අටවා හමාරය. සෝභිත හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් උන්වහන්සේ අතීතයේ රටට ජාතියට කළ සේවය සිහිකර පිරිසක් ශෝක වෙද්දී විජාතික බලවේග වල ප්‍රභල ක්‍රියාකාරීන් හා ඊනියා යහපාලන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හා මෛත්‍රී කල්ලියත් උන්වහන්සේ වෙනුවෙන් ශෝක වන්නේ සෝභිත හිමියන් විජාතික අරමුණු ඉටු කර ගැනීමට දැක්වූ සහය කොපමණ ඔවුන්ට කොපමණ වටින්නේද යන්නත් පෙන්වා දෙමිනි. සෝභිත හිමියන් වෙනුවෙන් කනගාටු වන අතරම උන්වහන්සේ වැඩ වරද්දා ගත් ආකාරය ගැනද කෙලින් කීමට අපි පසුබට නොවෙමු.


විශේෂ ලියුම්කරු

Sunday, October 25, 2015

රටට ඇත්ත එළි කර අවස්ථාවාදීන්ගේ බලාපොරොත්තු සුන්කළ ඔබටයි මේ ප්‍රනාමය


මෑත කාලයේ බුකියේ තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහරදෙන සිද්ධියක් ගැන ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. මේ වීඩියෝ පටය මොන හේතුවකට කවුරුන් විසින් බුකියේ දැම්මාද කියා තරමක සැකයක් තිබෙනවා. අන්තිමට තරුණයන් දෙදෙනාගෙන් පහර කෑ තරුණිය පවසන පැවසූ පරිදි සිද්ධිය වී තිබුණේ මීට වසරකට පමණ පෙරය. එහිදී මේ පිරිස දිය නෑමට ගොස් සිටින අතරතුර කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් අර තරුණයන් දෙදෙනා මෙකී තරුණියට පහර දුන් බවක දැනගන්නට ලැබුණි. මේ සිද්ධිය වීඩියෝ කළේ කවුද? එයද මේ පිරිස අතරම සිටි කෙනෙකු කරන්නට ඇත. එය බුකියට ආවේ කෙසේද? තරුණිය මාධ්‍ය වලට ප්‍රකාෂ කර තිබූ ආකාරයට වීඩියෝව අඩංගු වූ ජංගම දුරකථනය යම් අළුත්වැඩියා කටයුත්තකට දී තිබූ යම් කිසි දුරකථන අළුත්වැඩියා කරන ආයතනයක කිසිවෙකු විසින් මේ වීඩියෝව බුකියට දමා ඇතැයි සැක පහල විය.
                   විස්තර කරුනු කාරනා මොකක් උනත් වීඩියෝව බුකියට දැමූ පුද්ගලයන් කුමන චේතනාවකින් එසේ කළාද කියා ටික දුරකට හොයා බැලීම වැදගත් වෙයි. මුල්ම කාරනාව වන්නේ බුකියේ සැරිසරන වැඩි දෙනා කුමක් හෝ ආන්දෝලනාත්මක දෙයක් තම ප්‍රොෆයිල් එකට එකතු කර ජනප්‍රිය වීමට දැඩි කැමැත්තක් දැක්වීමයි. එනයින් බලන කළ කෙනෙකුට තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට මෙවැනි ආන්දෝලනාත්මක වීඩියෝවකින් ලැබෙන්නේ අති විශාල සහයෝගයකි. ඒ අනුව මෙය කෙනෙකු තම ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කර ගැනීමට පාවිච්චි කර තිබෙන බව බොහෝ දුරට පැහැදිලි වේ. මේ සිද්ධිය සිදුවී තිබෙන්නේත් දැනට වසරකට පමණ කලකට ඉහත බැවින් මේ අවස්ථාවේ මෙය බුකිය වටා සැරිසැරුවේ  ඇයිද යන්නත් සිද්ධිය සිදු වූ කාලයේදීම මෙය බුකියට එක් නොවීම යන කාරනාත් සොයා බැලීමේදී එම වීඩියෝව බුකියට දමා ඇත්තේ සිද්ධියට සම්බන්ධ තරුණයන් හා තරුණියගේ පාර්ශවය නොව වෙනත් පාර්ශවයක් බව විශ්වාස කළ හැක. සිද්ධියට අදාල තරුණිය පසුව කළ ප්‍රකාෂ වලින්ද ඒ බව තහවරු වේ.
                              

      කෙසේ වෙතත් මේ වීඩියෝව දමාගෙන තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ජනප්‍රිය කරගන්නට ක්‍රියා කළ පුද්ගලයාගේ උත්සහය යම් තරමකට සාර්ථක වී ඇතත් ඉන් පසුවට එහි ප්‍රතිඵල ලෙස ඇති වූ සිද්ධි ගැනත් අපට කතා කරන්නට දේ තිබේ. පහර කෑමට ලක් වූ තරුණිය පසුව මාධ්‍ය වලට ඇත්ත හෙලි කළාය. ඇය කීවේ සිදු වූ දෙය කාන්තා හින්සනයක් හැටියට ඇය නොදකින බවත්, ඒ සිද්ධිය දැන් සමතයකට පත්වී ඇති බව හා ඇය තමාට පහරදුන් ඒ තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බව හා ලඟදී විවාහ වීමට සිටින බවයි. නමුත් වසරකට පමණ කලින් සිදු වූ මේ සිද්ධිය සම්බන්ධ වීඩියෝව බුකියේ දමා ප්‍රසිද්ධ වීමට ගත් උත්සහයේදී සිද්ධිය සමතයකට පත්ව ඇතත් ඊට සම්බන්ධ පාර්ශව වලට යම් හානියක් මේ වනවිට සිදු වී ඇත්තේ එයද කොටදෙනියාවේ සිද්ධියේදී මෙන්ම ජනමාධ්‍ය ත්‍රස්තවාදීන් විසින් පිස්සු බල්ලන් මෙන් කිසිම වගවිබාගයකින් තොරව ඇත්ත නොවිමසා අදාල පාර්ශව වල පෞද්ගලිකත්වයටද තර්ජනයක් වන ලෙස ප්‍රචාරය කිරීම නිසයි. ඒ හරහාද කොටදෙනියාවේ සිද්ධියේදී මෙන්ම ජනමාධ්‍ය ජනප්‍රිය වීමට යම් උත්සහයක් දරා ඇත. ජනමාධ්‍ය මේ පුවත රසකර කිවුවා පමණක් නොව ඒ ගැන ඉදිරියේදී පුවත් මවන්නටද ඇඟිලි ගනිමින් හිඳ ඇත.
                     මේ සිද්ධියේ ඇත්ත තත්වය රටට හෙලි කිරීම නිසා දැන් පාර්ශව කීපයක් යන එන මං නැතිව අනාත වී ඇති බවනම් පැහැදිලිය. ඉන් එක් පාර්ශවයක් වන්නේ සිද්ධිය ඇසුරෙන් පුවත් මවා ජනප්‍රිය වීමට උත්සහකළ ජනමාධ්‍ය ත්‍රස්තයන්ය. සිද්ධියට මුහුණදුන් තරුණිය ඇත්ත කියා වසරකට පෙර වූ සිදුවීමේ හරි වැරදි මෙන්ම තමා එය භාරගන්න ආකරයද රටට කීවාය. එයින් ජනමාධ්‍ය වලට කට උත්තර නැති විය. තවත් පාර්ශවයක් වන්නේ බුකියේ වීරයන්ය. ඔවුන්ටද මේ සිද්ධිය අල්ලාගෙන තරුණිය ගැන බොරු අනුකම්පාවක් දක්වා වීරයන් වීමට තිබූ අවස්ථාව අහිමි විය. අප අවධානයට ලක්වියයුතු වැදගත්ම කාරනය වන්නේ ජනමාධ්‍ය පිස්සු බල්ලන්ගේ ක්‍රියාකලාපයත් ප්‍රයෝජනයට ගෙන ඊනියා කාන්තා විමුක්තිය කරලියට ගෙන ඒමට සිටි වුර්ක රැලකටද සිය බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදු වීමයි. මෙය සැබවින් වාසනාවකි. සිද්ධියට මුහුණ පෑ තරුණිය තමන්ට වූ සිද්ධිය කාන්තා හින්සනයක් නොවන බවත් දැන් සිද්දිය සමතයකට පත්ව ඇති අතර පහර දුන් තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් ලබන වසරේ විවාහ වන බවත් පැවසීමෙන් කාන්තා හින්සනය නම් ගෙන්වා බෙදාහරින වචන සෙට් එක තවදුරටත් මේ සිද්ධියට භාවිතා කිරීමට බැරුව කාන්තාවිමුක්තිවාදීන් අනාථ වූහ. දැන් මේ ව්‍යාධිජනක කාන්තා විමුක්තිවාදීන්ට තලුගසමින් හපන්න තිබූ කුනු මස්කටුව ඉවතට විසි වී ඇත. ඔවුන් අනාථභාවයට පත්කර ඔවුන්ට රට තුල නැති ප්‍රශ්නයක් මවා බටහිර කාන්තා විමුක්තිවාදයෙන් සමාජය ලෙඩ කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථාවක් නැතිකරදැමූ මේ තරුණියට අප කාගේත් ප්‍රනාමය හිමි විය යුතුමය.

Sunday, October 18, 2015

කුහක පිරිමියෙකුගේ බටහිර කාන්තා විමුක්ති වදන් පුනරුච්චාරනය

මේ ලිපිය පල කරන්නේ අජිත් පැරකුම් ජයසිංහ නම් බ්ලොග් කරු විසින් පවත්වාගෙන යන "W3 Lanka  " බ්ලොග් අඩවියේ පල වූ ලිපියකට පිලිතුරු වශයෙනි. එම ලිපියෙන් බ්ලොග් කරු වෙනත් බ්ලොග්කරුවෙකු සමග චැට් කළ ආකාරයක් ගැන ලියවී තිබුණි. චැට් එක පුරාවට ආර්ථික සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය ගැන සාකච්ඡා කර තිබුණේ මැලේසියාව උදාහරනයට ගනිමිනි. ලිපිය පුරා බ්ලොග් කරු විසින් උලුප්පා තිබුණේ මැලේසියාවේ කාන්තාවන්ට පිරිමින් කරන සියලු රැකියා කිරීමට නිදහස හා ඉඩ ප්‍රස්ථාව තිබීම තුල එරට ආර්ථිකය සරු වී ඇති බව හා ලංකාවේ එවැනි තත්වයක් නැති වීම ගැන ඔහුගේ මැසිවිල්ලයි. බ්ලොග් එකේ අයිතිකරු වූ පැරකුම් ජයසිංහ ලිපිය පුරාවට දක්වා තිබෙන කරුනු වල තිබුණ්ණේ අත්තනෝමතික මතවාදී ආක්‍රමණිකයෙකුගේ හිතුවක්කාර අදහස් තොගයක් මිස කිසිදු සංසන්දනයක් හෝ විචාරවත් බවක් නොවේ. එබැවින්ම එම ලිපියේ දක්වා තිබූ හිතුවක්කාර අදහස් වලට පිලිතුරක් සැපයීම වැදගත් යැයි අපට හැඟී ගියා.
                                

කෙටියෙන් යමක් මුලින් සඳහන් කරන්නේනම් අපේ මාතෘකාවට අදාල ලිපියේ අපට පැහැදිලිව දැකගන්නට ලැබුණේ තමන්ගේම ලිංගිකත්වයටවත් හරි හැටි ගරු නොකරන කුහක පිරිමින්ගේ කාන්තා විමුක්ති වදන් හා සටන්පාඨ පුනරුච්චාරනයකි. ලිපිය ගැන විවේචන ඉදිරිපත් කිරීමේදී මුලින්ම කියන්නට ඇත්තේ ලිපියේ දුර්වලකම් ගැනයි. මෙය අදාල පුද්ගලයන් දෙදෙනාගේ පෞද්ගලික සංවාදයක් බැවින් එහි අන්තර්ගත වී ඇත්තේ ඔවුන්ගේ මානසිකත්වයට සාපේක්ෂ අදහස් වේ. එහිදී ඔවුන්ගේ චැට් එකට පදනම් වූ මතවාදී පසුබිම හා ඒ තුල අන්තර්ගත ලිංගිකත්වයට අදාල වූ සමාජීය කුහකත්වයන් හෙලිදරවු කිරීම වැදගත් වේ. අදාල ලිපියෙන් බ්ලොග් අඩවියේ අයිතිකරු පෙන්වන්නට සෑම උත්සහයක්ම ගෙන ඇත්තේ සාමාන්‍ය වශයෙන් සෑම සංවිධානාත්මක ජන සමාජයකම පිරිමින් විසින් කරන සියළු කාර්යභාරයන් කිරීම සඳහා බෙදීමකින් තොරව කාන්තාවන්ද යොදා ගැනීමෙන් රටක ආර්ථිකය දියුණු වන බව හා ඊට වඩා දෙයක් ලෝකයේ නොමැති බවයි. නමුත් ආර්ථිකය යනු මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යවශ්‍ය හා වැදගත්ම වන එකම සාධකය නොවන බව බුද්ධියක් ඇති කාට උනත් වටහා ගැනීම අපහසු නොවේ. පිරිමින් කරන සියල්ල විචාරයකින් හෝ සංවේදී බවකින් තොරව කරමින් පිරිමි ලිංගිකත්වය පවා කාන්තාවන් විසින් පිස්සුවෙන් අනුකරනය කරන්නට යෑම ඔවුන්ගේ වීරකමක් මෙන්ම කාන්තාවන්ගේ ප්‍රගතියක් ලෙස දැකීමේ මුග්ධ කුහක මනෝ ගතියද ලිපිය පුරාවට කතුවරයා ප්‍රදර්ශනය කර ඇත. එසේ කිරීමේ පදනම කුමක්ද යන්නත් අප ඔහුගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයකි. ඒ මත පිහිටා ඔහු දිගින් දිගටම තම සගයා සමග චැට් කර ඇත්තේ ආර්ථික දියුණුව ඇතුළු සියළු දේ ගැන ඔවුන්ගේ අදහස් ඒ වටාම ගොනු කර ගනිමිනි. 
                                

ලිපියෙන් පැරකුම් ජයසිංහ පෙන්වා දෙන්නේ ගැහැනු පිරිමි බේදයකින් තොරව කාන්තාවන්ද පිරිමින් කරන සියළු කාර්යභාරයන් සඳහා යෙදවීම යහපත් හා ප්‍රගතිශීලී බවයි. ඔහු නොකියා කියන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස මිනිස් සමාජයේ තිබෙන බෙදීම් වර්ගකිරීම් හා ඒ සියල්ලට පදනම් වන මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයේ අනුවර්තනයන් වැරදි හා ප්‍රගතිශීලී නොවන බවයි. මෙහිදී ඔහු ඒ සඳහා හේතු ඉදිරිපත් කර නැත. ඔහු කියන එකම කාරනය එය ආර්ථික දියුණුවට බාධාවක් යන්න පමණි. මිනිස් සමාජයකට ආර්ථික දියුණුවක් අවශ්‍ය වන්නේ ඇයි? මිනිස් ශිෂ්ඨාචාරයේ යහපත් පැවැත්මට ආර්ථික දියුණුව පමණක් ඇද්ද? ආර්ථික දියුණුව වෙනුවෙන් සමාජයක ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන සියල්ල නැති කළ යුතුද? එසේ කරන්නේනම් ඒ කවර සාධක පදනම් කරගෙනද? මේ කිසිවක් විස්තරාත්මකව පැහැදිලි නොකරන පැරකුම් සහෝදරයා කියන්නේ සමාජයේ ගැහැනු පිරිමි බෙදීම අනවශ්‍ය බවත් එය ආර්ථික සංවර්ධනයට බාධාවක් යන්නත් පමණි. මිනිස් ලිංගිකත්වයට ප්‍රවේණි හා කායික විද්‍යාත්මක සාධක වලට අමතරව මනෝවිද්‍යාත්මක සාධකයක්ද ඇති බව ලිපියේ කතෘ පැරකුම් ජයසිංහට වැටහීමක් නැතිවාට වඩා නොවැටහෙන ලෙස සිටීමට උවමනාවක් ඇති බවනම් පෙනේ. මිනිස් ජන සමාජයක් තුල ගැහැනු පිරිමි ලෙස මනුස්ස ක්‍රියාකාරකම් වර්ගීකරනයක් දක්නට ඇත්තේ මේ මනෝවිද්‍යාත්මක ලිංග විභේදනය නිරූපනය වන ආකාරයට බව උවමනාවෙන් අමතක කරන්නට මාක්ස්වාදී (එහෙත් රටේ ජාතික මතවාද වලට එරෙහිව විජාතික ධනවාදී කණ්ඩායමේ පැත්ත උනත් ගන්නා )පැරකුම් සහෝදරයා උත්සහ කරන්නේ ලිංගිකත්වය වටා ගොනු වූ මිනිස් කුහකත්වය මැනවින් පෙන්වා දෙන ආකාරයකටයි. ගැහැනු පිරිමි භේදයක් නැතැයි කියාගන්නා සමාජ වල ලිංගිකත්වයට සම්බන්ධ මනෝ ව්‍යාකූලත්වයන් ගහන බව ගැන පැරකුම් නොකියයි. ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් තොර සමාජ වල ගැහැනු පිරිමි වර්ග කිරීම් හා ඒ තුල ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක විභේදනය  පැහැදිලිය. ඒතුල රටක සමාජයක ආර්ථික දියුණුවක් දක්නට නැතැයි පැරකුම් ජයසිංහ කියන්නේ කුමන පදනමකින්ද? මෙය පිරිමින් කරන සියල්ල කිරීමට ඇති හැකියාව කාන්තාවන්ගේ ප්‍රගතිය ලෙස සලකන ඒ සමත්කම දක්වන කාන්තාවන් වීරත්වයට නගන කුහකකමේ මුලාවක් මිස අන් කිසිවක් නොවේ.
                     

සියල්ල ආර්ථිකයට ගොනු කිරීම මාක්ස්වාදය අනුගමනය කරන්නන්ගේ සාමාන්‍ය සිරිතක් බව අප හොඳින් දැක ඇත.අපේ මාතෘකාවට අදාල ලිපිය ලියා ඇති පැරකුම් ජයසිංහත් එය හොඳින්ම පෙන්නුම කර තිබේ. ආර්ථික දියුණුව යනු මනුස්සයන්ගේ පැවැත්මට වැදගත් වන එකම දෙය නොවේ ආර්ථිකය කලමනාකරනය වියයුත්තේ කවර ජන සමාජයක වුව යහපත් ඉදිරි පැවැත්මට බලපාන අනෙකුත් සියළු වැදගත් සාධකයන්ද සමගයි. මිනිස් ලිංගිකත්වය සැලකිල්ලට ගත් කල ලිංගිකත්වයන්හි මනෝවිද්‍යාත්මක අනුවර්තනද ඇතුළුව සියළු ආකාරයේ සමබරතාවයන් මනුස්ස සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන මූලිකම ගුණාංග වේ. ඊට අමතරව පාරිසරික සාධක ඇතුළු සොබාදහමේ සමතුලිතතා, සෞඛ්‍ය තත්වය ආදිය වැදගත් වේ. ආර්ථික දියුණුව සලකා මේ සාධක බිඳ වැටෙන ඕනෑම දෙයක් කිරීමට කටයුතු කළ නොහැක. ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් පිරි සමාජ පසුබිමක ඇති ගැටළු ගැන මෙවැනි ආර්ථික විශේෂඥ්ඥයන් කතා කරන්නේත් නැත. එහෙත් ඔවුන් ලිංගිකත්වය සම්බන්ධයෙන් දක්වන අත්තනෝමතික අදහස් හමුවේ ඒ ගැන අප කතා කළ යුතුය. මේ බුද්ධිමතුන්ගේ ආර්ථිකය පිළිබඳ විඥ්ඥානයට අනුව සමාජයේ ගැහැනු පිරිමි බෙදීම් අහෝසි විය යුතුය. එසේ සිදු වී පිරිමින් කරන සියලු කාර්ය භාරයන් ක්‍රියාකාරකම් රැකියා ආදියට කාන්තාවන්ද ඇතුල් කළයුතුය. එවිට කාන්තාවන්ගෙන් උපරිම වැඩ ගත හැක. ඔවුන්ට අනුව එය ආර්ථිකයට වාසියකි. මේ අය එසේ කියන්නේ බොහෝ විට කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව ඉතා අඩු වැටුපට වැඩ කිරීමට ඉදිරිපත් වීම සලකාය. මේ තුලින් පිරිමි ලිංගිකත්වය පවා කෙලින්ම අනුකරනය කරන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ට ඔවුන්ගේ මානසික ව්‍යාකූලත්වය සාධාරණීකරනය කරමින් ක්‍රියා කිරීමටත් ස්ත්‍රී පුරුෂ ලිංගික අනුවර්තන හා ලිංගික ගැලපීම් ආදියට එරෙහිව මතවාදීව සටන් කිරීමටද ඉඩකඩ සැලසේ. පැරකුම්ලා කියන ආකාරයට මැලේසියාවේ තියා කොයි රටේවත් බර වාහන පදවන යකඩ ගොඩවල් සමග හැප්පෙන පිරිමි ඇඳුමක් හෝ ඇඟේ දමාගෙන පිරිමින් කරන ඕනෑම දෙයක් කරන්නට යන කාන්තාවන්ගෙන් අතිමහත් බහුතරය (බොහෝ විට 100% ක් ම )ළමයි හැදීම කෙසේ වෙතත් පිරිමියෙක් සමග පවුල් ජීවිතයක් ගෙන යෑම හෝ නොකරති. ඔවුන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැසිරීම් ව්‍යාකූලය. ඒ ගැන පැරකුම්ලා නොකියා පරෙස්සම් වන්නේ අහම්බයකින්ද නොවේ. එවැනි කාන්තාවන් පවුල් කෑවද දරුවන් හැදුවද ඔවුන්ගේ පරම්පරාවල් සමබර පුද්ගලයන්ගෙන් සමන්විත නොවේ. විශේෂයෙන් මවුපියන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික විශේෂන අනුවර්තන වැඩිපුර දක්වන සමාජ වල හැදෙන පරපුර ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය සැලකීමේදී වඩා සමබර හා ලිංගිකත්වයේ අනුවර්තනයන්ටද වඩා සංවේදී වේ.  
                    
කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩකඩ තිබෙන්නේ යැයි කියාගන්නා සමාජ වල පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතා වල ස්වභාවයන් ගැනද ඊනියා වාමාංශික ආර්ථික විශේෂඥ්ඥයන් කට ඇර යමක් කියන්නේනම් හොඳය. මේ සමාජ වල දක්නට ඇත්තේ ලිංගික නැඹුරුතා වල බහුරූපිකත්වයකි. විෂමලිංගික, සමලිංගික, දෙබිඩි ලිංගික හැසිරීම් හා තම ලිංගිකත්වයට මනෝවිද්‍යාත්මකව ප්‍රතිවිරුද්ධ හැසිරීම් මේ සමාජ වල ගහනය. නමුත් නූතනවාදීන් කියන ආකාරයට සම්ප්‍රදායික මතවාද අනුවම යමින් මේ නූතන සමාජවල පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ට රැකවරනය ලබාදීමද සිදු වේ. එපමණක් නොව ගැහැනු පිරිමි බෙදීම් හා විෂමලිංගිකත්වය පමණක් සැලකෙන නිර්නායන් අවස්ථාවාදීව හා කුහකත්වය අනුව යොදාගනිමින් ව්‍යාකූල සමාජ වල එම ව්‍යාකූලත්වය හොඳින් දැනගෙනත් අනෙකුත් විකුර්ති ලිංගික චර්යාවන් හා එවැනි චර්යා ඇත්තන්ගේ ලිංගික දුරාචාරයන් ළමා අපචාර ආදිය වසන් කිරීමටද කුහක බුද්ධිමතුන් නායකයන් ඇතුළු ප්‍රභූ පැලැන්ති එවැනි සමාජ වලදී කටයුතු කරන බව නොරහසකි. එවැනි ලිංගික ව්‍යාකූලත්වයන් කාම විකුර්තිතාවයන් නොදැක්කා සේ ඉඳිමින් කාන්තාවන්ගෙන් වැඩ ගෙන ආර්ථිකය දියුණු කළ හැකිය කියන මිත්‍යාව පසුපස යන කුහක අමන ආර්ථික විශේෂඥ්ඥයන් හීන දකිති. මොවුන්ගේ කුහක න්‍යාය වන්නේ කාන්තාවන්ගෙන් වැඩ ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීමට සමාජයේ ලිංගික ව්‍යාකූලත්වයන් හා ඒ ආශ්‍රිත සමාජ ගැටළු වසන් කිරීමයි. හැකිනම් සාමාන්‍ය ආර්ථික තත්වයක් ඇති සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ලිංගිකත්වය සම්බන්ධ කුහක මතය බලෙන් පටවා එය සාධාරණීකරනය කරගනිමින් එයින් ඇතිවන ලිංගික පීඩාවද සාමාන්‍ය ජනතාවටම පැටවීමට කුහකයන්ට තීක්ෂණ මනසක් ඇත. වැඩ බැරි කම්මැලි පිරිමින්ගේ කාලකන්නි කමත් ඔවුන්ට මසුරන් වටී. කුහක පිරිමින්ගේ සාමාන්‍ය ගතියක් වන්නේ තම ලිංගය ප්‍රානවත් කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම සඳහා ලස්සන රූප සුන්දරියන් අවශ්‍ය වෙද්දී ලිංගික කර්තව්‍ය අහවර වූ පසු පිරිමින් කරන සියල්ල කිරීමට සමත් යකඩ ගෑනුන්ගේ හපන්කම් ගැන කතා කර තමන් විසින් තමන් රවටා ගැනීමයි. ඔවුන් සමාජයට බොරු කරත් ස්වකීය ලිංගයට බොරු නොකිරීමට වගබලාගන්නේ ඔවුන් වීරවරියන් ලෙස සලකන පිරිමි කරන දේ කරන්නට සමත් යකඩ ගෑනුන් තම සහකාරියන් ලෙස තෝරා නොගනිමින් රූමත් මෙන්ම කායිකවත් මානසිකවත් ස්ත්‍රී හැඩගැස්මක් ඇති කාන්තාවන් විවාහ කරගනිමිනි. ඔවුන්ගේ මනෝ ලෝක වල වීරවරියන්ගේ විකුර්ති ශරීර දකින විට ඔවුන්ගේම ලිංගයන් ඇකිලෙමින් පසුබාන ආකාරයත් ඔවුන්ම අපහාසයට ලක්කරන ස්ත්‍රීත්වය අනුව හැඩගසුනු කාන්තාවන්ගේ ලිංගික ප්‍රසන්න භාවය ඉදිරියේ ඔවුන්ටම හොරා ඔවුන්ගේ ලිංගයන් ප්‍රානවත් වන ආකාරයත් මේ කුහකයන් මනාව දනිති.

                                       
මැලේසියාවම සැලකිල්ලට ගත් කල මා මෙලෙස විස්තර කළ කරුනු බොහොමයක් ඒ රටේ අභ්‍යන්තර සමාජය කුහකත්වයෙන් තොරව විශ්ලේෂනය කරන්නෙකුට සොයා ගත හැකිවනු ඇත. මිනිස් ලිංගිකත්වයත් සොබාදහමේ නැඹුරුතාවයන් හා ඉදිරි විකාශනයන් ගැන හරියට නොදැන උඩින් පල්ලෙන් කරුනු කියා ගෑනුන්ගෙන් වැඩ අරගෙන හෝ ආර්ථිකය ගොඩ දාන මුග්ධ කතා කියන්නට මත්තෙන් අදාල විෂය සම්බන්ධයෙන් කතා කිරීමට තිබෙන පරාසය ගැන හෝ නිසි අවබෝධයක් කුහක ආර්ථික විශේෂඥ්ඥයන්ට තිබිය යුතුය. මැලේසියාවේ කාන්තාවන්ගෙන් උපරිම වැඩ ගන්නා බවත් ඔවුන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ තිබෙන බවත් කියමින් පුරාජේරු ගසන්නන් ඒ රටේ පිරිමින් කරන වැඩ ගැනද යමක් කිව යුතුය. පිරිමින් කරන සියල්ල කරන පිරිමින් මෙන් හැසිරෙන කාන්තාවන් කී දෙනෙක් ආප්ප සෙල්ලම කරන්නේද කියන එක වෙනම සමාජ විශ්ලේශනයක් කර හොයා ගතයුතුය. කාන්තාවන් කරන සියල්ල කිරීමට හැකි ස්ත්‍රී ලිංගිකත්වයත් අනුකරනය කරන පිරිමින් මැලේසියාවේ නැද්ද? එවැන්නන්ගේ ලිංගික හැසිරීම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. කාන්තාවන්ටත් වඩා හොඳට ලෝකේ පැරනිම රැකියාව කරන පිරිමි ගණිකාවන් ගැන කියන්නේ කුමක්ද? මැලේසියාවේ එවැන්නන් නැතැයි කිව හැකිද? මැලේසියාවේ මහන්සියෙන් වැඩක් කිරීමට අකමැති කම්මැලි මල මූසල කාලකන්නි පිරිමින් කොපමණ සිටින්නේද කියා හොයා බැලීමත් අපේ මාතෘකාවට මුල් වූ ලිපියේ කතු තුමා වන පැරකුම් ජයසිංහ සොයා බලන්නේනම් හොඳය. මක් නිසාද යත් පිරිමින්ගේ කම්මැලිකම හා වැඩ කිරීමට දක්වන අකමැත්තද ඔවුන්ට කාන්තාවන් ලවා සියලු වැඩ ගැනීමට ඇති කැමැත්තට හා උවමනාවට හේතු වන නිසා. මේ කරුනු කතා කිරීමට සමාජවාදී ආර්ථික විශේෂඥ්ඥයන්ට අමතක වන්නේනම් ඒ අහම්බයක්ද නොවේ. ඒ තුල ඇත්තේ ඔවුන්ගේ කුහකකම මිස අන් කවර දෙයක්වත් නොවෙයි. මේ ලිපිය කියවන කෙනෙකුට අප දූපත් මානසිකත්වයක් සිටින්නේ යැයිද අප ලෝකයට විවුර්ත වී නැති බවද කිව හැක. එහෙත් එයටද අපට පිළිතුරක් තිබේ. අපි ලෝකයට විවුර්ත වන්නේත් ලෝකය දකින්නේත් අපේ රටට ආවේනික චින්තනයට හා මතවාද වලට සාපේක්ෂව මිස අනුන්ගෙන් ඉල්ලාගත් මතවාද වලට හෝ වහල් චින්තනයකට සාපේක්ෂව නොවේ. අපට ලෝකයට විවුර්ත වන ආකාරය හෝ අපේ ඊනියා දූපත් මානසිකත්වය ගැන අනුන්ගේ මතවාද හිඟාකාගෙන ඒවායේම වහලුන් වන කිසිවෙකුගෙන් ඉගෙනගන්නටද අවශ්‍ය නැත. අපි අපට දූපතක් තිබෙන බව දනිමු. එමෙන්ම අප ජීවත් වන රටේ වටිනාකම් හා අපේ සමාජයේ දුර්වලකම්ද අප නොදන්නවා නොවේ.

                     
පැරකුම්ගේ ලිපියේ කරුනු සලකා ඊට ප්‍රති විරුද්ධ අර්ථයෙන් ආර්ථික හා සමාජීය විශ්ලේශනයක් කිරීමද ඉතා වැදගත් වේ. මුලින්ම මිනිස් ලිංගිකත්වයේ නියම ස්වරූපයත් සොබාදහමට අනුව එහි ඉදිරි විකාශනයත් ගැන කෙටියෙන් කියා සිටිය යුතුය. මිනිසුන් යනු ඒක ලිංගික ජීවී කොට්ඨාශයකි. ඒක ලිංගිකතාවය මුළු ජෛව ලෝකයේම ලිංගිකත්වය විකාශනය වී ඇති අයුරු සැලකිල්ලට ගත් කළ වඩා ඉදිරියෙන් තිබේ. ලිංගිකත්වය යන්න ඉදිරියට විකාශනය වන්නේ වෙන් වෙන්ව විශේෂණයන්ට භාජනය වෙමින් හා දෙභින්න වෙමින් මිස එකකට එකක් සමාන වන ආකාරයකට නොවේ. මිනිස් ලිංගිකත්වය ගත් කළ එහි විශේෂණයන් හා දෙභින්න වීම වඩා සංකීර්ණය. මේ විශේෂණ හා දෙභින්න බව ප්‍රවේනි හා කායිකවිද්‍යාත්මකව පමණක් නොව මනෝවිද්‍යාත්මකවද කැපී පෙනේ. මිනිස් ක්‍රියාකාරකම් ස්ත්‍රී පුරුෂ වශයෙන් විශේෂණයන්ට ලක්ව තිබෙන්නේත් මනෝවිද්‍යාත්මක ලිංග විභේදනය අනුවයි. එය එසේ වී ඇත්තේ සොබාදහමේද ආශිර්වාදය මැද මිනිස් ශිෂ්ඨාචාරයේම නිසි පැවැත්මට අත්‍යවශ්‍ය හා වැදගත්ම වන ආකාරයටයි. මෙලෙස අප මිනිස් ජන සමාජයක් තුල ප්‍රමුඛ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් වල ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරන දැකිය හැකි වුවත් එම හැසිරීම් මත පදනම්ව සමාජීය ගොඩනැගීම් ස්ථාපිත කිරීම ප්‍රායෝගික නොවේ. මිනිස් ඉතිහාසය පුරාම සොබාදහමට අනුව මිනිස් ලිංගිකත්වයට අදාල සාධක විශේෂණයන්ටත් අනුවර්තනයන්ටත් ලක්වෙමින් ඉදිරියට විකාශනය වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිංගික අවශ්‍යතා පවා ස්වභාවිකව එකිනෙකට සමරූපීව එකිනෙක ගැලපෙන ආකාරයටයි. මිනිස් ලිංගිකත්වයේ ස්වභාවයටත් මුළු සොබාදහමටත් අනුව මනුස්සයන් සැලකීමේදී පුරුෂ ලිංගික ලක්ෂණ හා ශරීර ලක්ෂණද ස්වභාවයෙන් පිහිටන්නේ පරිසරය සමග කාර්යක්ෂම ලෙස ගැටෙමින් අන්තර් සබඳතා පැවැත්වීමට උචිත ලෙසය. ස්ත්‍රී ලිංගික ලක්ෂණත් ශරීර ලක්ෂණත් ස්වභාවයෙන් පිහිටන්නේ ප්‍රජනනයේදී කලලයක් වර්ධනය කිරීමට හා ළදරුවෙකු මුල් අවධියේ පෝෂණය කිරීමට උචිත ලෙසයි. මේ අනුව සමාජයක පිරිමි ජනගහනය පරිසරය සමග ගැටෙමින් ස්වභාවික සම්පත් මිනිස් ජනගහහනයේ අවශ්‍යතා සපුරාලන ලෙස විවිධාකරයට පරිවර්තනය කිරීමටත්, ස්ත්‍රී ජනගහනය ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ගෘහස්ථ කටයුතු ආදියටත් මූලිකව හැඩගැසී ඇත්තේ එම ස්වභාවයන් මැනවින් කලමනාකරනය වන ආකාරයටයි.

                   
මෙලෙස විස්තර කළ හොඳින් ඇසට පෙනෙන්නට තිබෙන සොබාදහමටද එකඟ සාධාරන සමාජ තත්වයන් තුල පිරිමින් විසින් පරිසරය සමග ගැටීම සම්පත් පරිහරනයේදී තාක්ෂණය යෙදීම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම  ආදී සියල්ල කිරීමේත් කාන්තාවන් ගෘහ කටයුතු හා ඒ ආශ්‍රිත කුඩා ගෘහ කර්මාන්ත ආදිය කිරීමේත් සමාජ හැඩගැසීමේ වරද කුමක්ද? ඒ තුලින් රටක ආර්ථිකයට අලාභයක් සිදුවේද? එසේ සිදු වේනම් ඒ කෙසේද? ඇත්තෙන්ම මිනිස් සංහතියේම පැවැත්මට වැදගත් මූලික ගුණාංග සියල්ල රැකෙන සාර්ථක ජන සමාජයක වඩා සාර්ථකම ආර්ථික කලමනාකරනය මේ තුල දක්නට ලැබේ. අපේ රට ගැන සොයා බැලුවද මෙලෙස ලිංගිකත්වය අනුව හැඩගැසී දෙභින්න වූ ස්ත්‍රී පුරුෂ ක්‍රියාකාරකම් පද්ධතීන් දෙකක් එකිනෙක සමරූපී ලෙස සමාජයේ පැවැත්මට අවශ්‍ය ගුණාංගයන් පවත්වාගනිමින් හා සවිබල ගන්වමින් ඉදිරියට ඇදීම අදටත් කැපී පෙනේ. මෙහි වටිනාකම දැකීම පැරකුම්ලාට අනුව ළිං මැඩි මානසිකත්වය හෝ දූපත් මානසිකත්වය ලෙස හැඳින්විය හැකි වන්නට පුළුවන. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ කඩ නැති ලිංගිකත්වය අනුව මනාව හැඩගැසුනු හා සංවිධානාත්මක සමාජ පරිසරයක ආර්ථික දියුණුව නැතැයි කියමින් ඊනියා ඵලදායිතාවයක් ගැන හුඹස් තර්ක ගෙන එන්නන් ඵලදායීතාවය වැඩිකරන්නට ගොස් සිදුවන පාරිසරික සමාජීය ගැටළු විසඳන්නටනම් ඊනියා ජාත්‍යන්තර මොළ වලට බැරිය. කළ හැක්කේ ප්‍රශ්න තව තවත් උග්‍ර අතට හැරවීම පමණි. පැරකුම්ලා වැනි බටහිර මොන්ගල් කාන්තා විමුක්තිවාදයට රෙදි නැතුව කඩේ යන මහ මොළකරුවන්ගෙන අහන්නට තවත් ප්‍රශ්නයක් තිබේ. ඒ පරිසරය සමග අන්තර් ක්‍රියාකාරකම් පැවැත්වීමේදී, කර්මාන්ත වල වැඩ කතයුතු වලදී යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවීමේදී හා වාහන පැදවීම ආදියේදී පිරිමින්ට ඒ සියල්ල කාන්තාවන්ට වඩා හොඳින් කරන්නට පුළුවන්කම තිබියදීත් එම කටයුතු වලට කාන්තාවන් යොදවාගැනීමට ඇති තදියම කුමක්ද යන්නයි. කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමට නොයා තමන්ගේ ලිංගික ස්වභාවයටත් කායික හා මනෝවිද්‍යාත්මක ස්වභාවයටත් ගැලපෙන ලෙස කාන්තාවන්ට ආවේනික ලෙස සිතා ඔවුන්ටම සුවිශේෂ ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගා ගැනීම, ලිංගිකත්වය අනුව සමාජයේ සමබරතාවයන් රැකගැනීම හා ස්ත්‍රී ලිංගිකත්වයම පදනමට ගනිමින් ස්ත්‍රීත්වය ප්‍රභල ලෙස නියෝජනය කිරීමේ හැකියාව මත කාන්තාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කළ නොහැකිද? එයත් පැරකුම්ලා වැන්නන්ගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයකි.

                              
අවසන් වශයෙන් මේ සියළු සිද්ධි ලිංගිකත්වයේ සමාජ කුහකත්වයන්, කුහක පිරිමින්ගේ ක්‍රියා කලාපය හා මිනිස්  ලිංගිකත්වයේ ඇත්ත ස්වභාවය ගැන සංසන්දනාත්මකව දෙයක් කිව යුතුය. මිනිස් ඉතිහාසය පුරාවටද මුළු මහත් ජෛව ලෝකයේ ඉතිහාසයට අනුවද ලිංගිකත්වයේ ඉදිරි විකාශනය සලකන විට ද පිරිමින් වඩා කරියාකාරී ලෙස පරිසරය සමග අන්තර් සබඳතා පවත්වන ලෙසත් කාන්තාවන් මාතෲත්වය කේන්ද්‍ර කර ගනිමින් ගෘහ කටයුතු වලටත් විශේෂයෙන් හැඩගැසී දෙභින්න වී ඇත්තේ යම් ලෝක ස්වභාවයකට අනුව මිස එයින් කාන්තාවන්ට සිදුවනවා යැයි කියන ඊනියා අසාධාරනය හා දක්ෂතා යටපත් වීම පිරිමියාගේ උවමනාවට කිරීමට නොවේ. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට සම්පූර්ණ ඉඩකඩ මිනිස් ඉතිහාසය පුරාවට ඈත අතීත යුග වල සිට තිබී ඇත. එහෙත් පිරිමින් කරන සියල්ල කිරීමට කාන්තාවන්ට හැකිවීම යන්න සොබාදහමෙන්  දියුණු මිනිස් ලක්ෂණයක් ලෙස හෝ සමාජ ප්‍රගතියක් ලෙස තේරීමක් කර නැත. ඊට පිළිගැනීමක් දී වැඳුම් පිදුම් කිරීමට අනුබල දෙන්නේ මිනිස් කුහකත්වයන් පෙරට එන විටයි. විශේෂයෙන් මේ කුහක ගතිය පිරිමින් අතර තිබෙන්නකි. වඩා පුළුල් හිතීමේ හැකියාවක් බුද්ධිමත් කිසිවෙක් ලිංගිකත්වය අනුව මිනිසුන් ගැහැනුන් විශිෂ්ඨ අනුවර්තනයන් දරා ඇති ආකාරය වැරදියි කියා හෝ කාන්තාවන්ට පිරිමින් කරන සියළු දේ කිරීමට ඇති අයිතිය ගැන කියමින් පිරිමි ආරයේ කාන්තාවන්ට වැඳුම් පිදුම් කිරීම හා ඒමත දක්ෂතා ඇගයීම නොකරති. මේ සියල්ල කරන්නේ අන්ත කුහක පටු මානසිකත්වයෙන් යුතු සොබාදහමේ ආචරනයන් වත් ගරු නොකරන අත්තනෝමතික මුග්ධයන් පිරිසකි. මෙවැන්නන්ට අඩුම තරමින් තම මවුවරුන්ගේ ස්ත්‍රී අනුවර්තන වල වටිනාකමවත් තේරුම් ගන්න මොළයක් නැත. ඒ මොළය තිබුණත් කුහකකමෙන් අන්ධ වී ඇති බැවිනි. මේ පිරිස කිසි විටක පිරිමි කරන කොයි එකත් කරන්න යන ඔවුන්ගේ කුහක න්‍යායට අනුව දක්ෂ කාන්තාවන් කිසිවිට තම පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් කර ගැනීමටනම් හීනෙන් වත් නොසිතති. (මොවුන්ට නිදි යහනේ දාතු පිටවන තෙක් ආශ්වාදය ලැබෙන්නේ ඔවුන්ට අනුව අදක්ෂ මෝඩ බියගුළු ඔවුන් විසින්ම පහත් කොට සලකන ස්ත්‍රීත්වයේ සියළු අංගයන්ගෙන් සමන්විත මටසිලුටු ලස්සන ගෑනු හීනෙන් දකින විට පමණි ). 

                                           
කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරමින් කුහක පිරිමින්ට අනුව සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මිනිස් ඉතිහාසය පුරාවට අවස්ථාව හා කාලය ඔනෑ තරම් තිබී ඇති බැවින් කාන්තාවන් එලෙස දක්ෂ වී සමත්කම් පෑවේනම් අද ඒ වෙනුවෙන් සටන් කරන්න දෙයක් නොතිබෙන්නට තිබුණි. ඒ එකළම කාන්තාවන්ට සටන ජය ගෙන අද ඔවුන් වෙනුවෙන් මර හඬ දෙන කුහක පිරිමිත් ඇතුළුව සියළු පිරිමින්ව තම පාලනයටද නතු කර ගනිමිනි. එහෙත් එවැන්නක්ට මිනිස් ඉතිහාසය පුරා සොබාදහමෙන්ද ඉඩ නොලැබුණේ ඇයි? කුහක පිරිමින් හා කාන්තා විමුක්තිවාදිනියන් කියන ආකාරයට ලෝක ස්වභාවය අනුව මනුස්ස සංහතියේම ස්ත්‍රී පුරුෂ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තන වැරදිනම් ඒ අනුවසමාජයේ ඇති බෙදීම් හැඩගැසීම් වැරදිනම් ඔවුන් වැරදියි කියන සියල්ල ඉතිහාසය පුරා වැඩිදියුණු වී ඉදිරියට ආවේත් අනාගතයට වැඩි දියුණු වන්නේත් ඇයි? එහිම අනෙක් පැත්ත සැලකූ විට කුහක පිරිමින්ට හා කාන්තා විමුක්තිවාදිනියන්ට අනුව ඔවුන් හරි යැයි කියන ස්ත්‍රී පුරූෂ අනුවර්තනයන් හැඩගැසීම වලින් තොර ලිංගිකව ව්‍යාකූල සමාජය වැඩි දියුණු වීමට වඩා ස්ත්‍රී පුරුෂ හැඇඩගැසීම් අනුවර්තන ප්‍රභල ලෙස සැලකෙන විෂමලිංගික පීතෲමූලික සමාජයන් ඉදිරියේ පිරිහීමටත් පසුබෑමටත් ලක් වන්නේ ඇයි? මේ ප්‍රශ්න ඉදිරියේ කුහකයන් තම මනෝ ලෝකයට ගොස් කාන්තා විමුක්තිවාදී ලිංගික ව්‍යාකූලත්වයන්ගෙන් පිරි විපරීත සමාජය ප්‍රගතිශීලී හා දියුණු එකක් යැයි කියන්නට උත්සහ කරනු ඇත්තේ ගූ ගොඩකට අයිසින් දමා  ලස්සන කේක් ගෙඩියක් නිර්මාණය කරන ආකාරයටය. කුහකයන් හරි යැයි කියන දේවල් සිද්ධ වීමට මිනිස් ඉතිහාසය පුරාවට කල් තිබිලත් ඊට ලිංගිකත්වයේද ස්වභාවයට අනුව සොබාදහමෙන්ම ඉඩක් නොලැබීම හා ඔවුන් වැරදි යැයි කියන දේ සොබාදහමේද ආශිර්වදය ඇතිව නිරායාසයෙන් ඉදිරියට යෑම යන සත්‍යට මුහුණ දීමට කුහකයන්ට අමාරුය. ඔවුන්ගේ බංකොලොත් තර්කයට අනුව පුරුෂයා විසින් කාන්තාවගේ දක්ෂතා යටපත් කර ඇය වහලියක් කරගෙන ඇත. 
මැලේසියාවේද සමාජය ගත් කළ පැරකුම්ලා කියන තරමට කාන්තාවන් පිරිමින් කරන සියල්ල කිරීමට උනන්දුවක් නොදක්වති. එවැනි කාන්තාවන් ඇතත් ඇත්තේ ස්වල්පයක් පමනි. ලිංගිකත්වයට අනුව විශේෂ හැඩගැසීමට ලක්ව තිබූ පැරණි මැලේසියානු සමාජය සමග සංසන්දනය කළත් වර්තමාන ව්‍යාකූල සමාජය ඊට ඉහලින් තැබීමට කිසිසේත් බැරිය. ආර්ථික සංවර්ධනේ කෙසේ වෙතත් ලිංගික ව්‍යාකූලත්වයෙන් හා අනවශ්‍ය සමාජ ගැටළු වලින් තොර සමාජයක් මැලේසියාවේ තිබී ඇත. බොරු සෝබන සංවර්ධනයක් අවශ්‍ය උනේ දුවන්නන් වාලේ දිවූ මැලේසියානු දේශපාලන බලධාරීන්ටය.
                          
තවත් කියන්නට බොහෝ දේ තිබුණත් ඒ සියල්ලම මෙහි විස්තර කිරීම අපහසුය. එක අතකට කුහකයන් නිරුවත් කිරීමට වැඩිදුර විස්තර අවශ්‍ය නොවේ. මේ බොහොමයක් කුහක ගෑනුන් මිනිසුන් පළමුව මතක් කර ගත යුත්තේ ඔවුන්ගේම ජාතකයයි. ලිංගිකත්වය ගැන කවුරුන් මොන බයිලාවක් ගැසුවද එය ඕනෑම මිනිස් ජන සමාජයක් තුල මැනවින් කලමනාකරනයට හා පොදු මිනිස් ස්වභාවයන් මත හැඩගැසීමකට ලක් වියයුතු වැදගත්ම දෙයකි. ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් මත විශේෂනයන් අනුවර්තන අතර මනා සමබරතාවයක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් තිබීම අතිශය වැදගත් දෙයකි. මිනිස් ශිෂ්ඨාචාරයේම යහපත් පැවැත්මට ස්ත්‍රී පුරුෂ ලිංගික අවශ්‍යතාවල ගැලපීම්ද අත්‍යවශ්‍ය සාධකයකි. එය එසේ නොවේ යැයි කිව හැක්කේ තමන් විසින් තමන්ටම බොරු කරගන්නා කුහකයන්ට පමණකි. මෙවැනි කුහක පිරිමින්ටනම් තමන්ගේ ශිෂ්ණයට බොරු කරගන්නට නොහැක්කේ එය ප්‍රානවත් කරගෙන ආශ්වාදය ලැබීමට ඔවුන්ට අනුව ස්ත්‍රී ලිංගික විශේෂනයන් සහිත පිරිමින් කරන සියල්ල කිරීමට නොයන්නා වූ අදක්ෂ එහෙත් පෙනුම තිබෙන කාන්තාවන් උවමනා වන සොබාදහමේ සරදම නිසාය. මේ කුහකයන්ට පිට කොන්ද නැත්තේ තමන් ලිංගික ආශ්වාදය ලබා සුරත්තාන්තයට පත්ව දාතු පිට වූ පසු ඊට සහය වූ සහකාරියගේ ස්ත්‍රී ලිංගික විශේෂනයන් හා මානසික හැඩගැසීම් හරියට පිළිගෙන ඒවා තම ලිංගික කාර්ය සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය බව සිහිතබා ගැනීමටය. ( ලිංගික අවශ්‍යතා වැදගත් දේවල් නොවේ යැයි කුහකයෙකු කියන්නේනම් ඔවුන්ගේ ලිංගික ජීවිත වල ස්වභාවයද හෙලි කළ යුතුය ).මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය වශයෙන් ලිංගික ආශ්වාදය ලැබූ පසු නැවතත් එය අවශ්‍ය වනතෙක් තම සහකාරිය ස්ත්‍රීත්වය පැත්තක තබා පෞරුෂත්වය ශරීරාරූඪ කරගෙන පිරිමියෙකු මෙන් දක්ෂ විය යුතු යැයි සිතති. ඇතැම් විට ඔවුන්ට අවශ්‍ය මුළු දවසම කම්මැලි කමට කුමක් හෝ ලේසි වැඩක් කර (ඇතැම් විට එයද නොකර )පැත්තකට වී සිටින්නට ඉඩ ලැබෙන පරිදි කාන්තාව සියළු අපහසු දේ කරමින් ඔවුන්ද පොෂණය කරන්නට හැකි පරිදි දක්ෂ වීමයි.

                              
සමාන්‍යයෙන් අප දකින මෙවැනි කුහක ශිෂ්නධාරීන්ගේ තවත් කැපී පෙනෙන ගති ලක්ෂණයක් වන්නේ කාන්තාවන්ට විමුක්තිය උදා කරදීම සඳහා ඕනෑම සංස්කෘතික පරිසරයක් තුල ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ගොඩනැගී ඇති කාන්තාවන්ට සුවිශේෂ ක්‍රියාකාරකම් සියල්ල කාන්තාවන්ට හිරිහැරයක් ලෙස ඒත්තු ගන්වන්නට උත්සහ කිරීමයි. ඔවුන්ට අනුව කාන්තාවන්ට ඉවුම් පිහුම් ආදී ගෘහ කටයුතු මෙන්ම දරුවන් බලාගැනීම ආදියද හිරිහැරයක් වේ. ඒ සියල්ල පිරිමින් විසින් කාන්තාවන්ට බලෙන් පටවා ඇත. ඔවුන්ට අනුව කාන්තාවට නිදහස දීමට කාන්තාවන් ගෘහ කටයුතු වලින් මුදාගෙන පිරිමින්ට ආවේනික ඒ තරම් පහසු නොවන කාර්ය භාරයන් කිරීමට ඔවුන් යෙදවිය යුතුය. හැකිනම් පිරිමින් විසින් ගෘහ කටයුතු භාරගත යුතුය. බැරිනම් පිරිමින් කාන්තාවන් සමග ගෘහ කටයුතු බෙදාගැනීම හෝ කළයුතුය. ඇතැම් වැඩ බැරි කම්මැලි අපතයන් නම් රෙදි නැන්දම්මලාගේ රාජකාරි බාරගෙන හෝ මහන්සි වී වැඩක් කිරීමට සිදුවන තැන වගකීමෙන් ගැලවීමට කැමතිය. ඔවුන්ද කාන්තාවන්ගේ හපන්කම් ගැන කියවීමට දක්ෂයෝය. ස්ත්‍රී පුරුෂ භාවයේ සොබාදහමට එකඟ වන්නා වූ දෙභින්න ස්වරූපයට පටහැනි ආකාරයෙන් ලිංගික බහුරූපිකත්වයන් හා බහු ආකාර මිනිස් අවශ්‍යතා මත බලෙන් ඇති කිරීමට යෑම කවුරු කෙසේ කීවත් මිනිස් සංහතියේ පැවැත්මට හිතකර ලෙස බලපාන්නේ නැත. ඒතුල දක්නට ඇත්තේ නිරවුල් බවකට වඩා දැඩි ව්‍යාකූල අවුල්සහගත බවකි. ස්ත්‍රී පුරුෂ භාවයේ කායික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක හැඩගැසීම් යනු පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතා වල ස්වරූපය පෙන්වන කැඩපතක් බඳුය. මේවා වැරදිනම් එසේ නොවීම සිදු විය යුතුව තිබුණි. කුහක බක පණ්ඩිතයන් ලිංගික අවශ්‍යතා සම්බන්ධ කරුනු වසන් කරමින් සොබාදහමට එකඟ ලිංගික ස්වරූපය හා ගැලපීම් පිටතට පෙන්වන ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගික විශේෂණ ආශ්‍රිත හැඩගැසීම් වැරදි යැයි කියති. එහෙත් ඇතැම් පිරිස් සමලිංගිකත්වයට ලිහිල් බවක් ලබාදී ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට සමාජයේ නිරායාසයෙන් ඉදිරියට යන ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා ලිංගික ගැලපීම් නැති කර දැමිය යුතු බව කෙලින්ම කියති. එය කෙලින් කීවද ඒ තුලද කුහකකම තිබේ. ඒ එලෙස සිතන හා කියන කිසිවෙක් සමලිංගිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව ජාතක වී නැති බැවින්ය.

                                
මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය අනුව එහි හැඩගැසීම් හා එසේ විශේෂනයන් නැති අනෙකුත් බහු ආකාරයන් සැලකිල්ලට ගත් කළ, දිගු කාලීන පැවැත්ම හා සාර්ථකත්වය අතින් ඉහල සමාජයන් ගොඩනැගීමේදී, පරිසරය සමග අන්තර් සබඳතා පැවැත්වීම සම්පත් පරිහරනයට ශ්‍රම දායකත්වය දීම මහා පරිමාණ යන්ත්‍රසූත්‍ර ක්‍රියා කරවීම ආදීයේදී පිරිමින් විසින් ඊට වැඩි දායකත්වය දෙමින් කාන්තාවන් ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් අනුව අනුවර්තනය වූ ගෘහකටයුතු ගෘහ කර්මාන්ත ආදියට දායක වන විෂම ලිංගික පීතෘමූලික ආකෘතිය වඩා සාර්ථක බව මිනිස් ඉතිහාසය පුරාවට ඔප්පු වී ඇත. ඉදිරියටත් මේ ආකෘතිය වැඩි දියුණු වේ. කුහකයන් දකින්නට අකමැති වුවත් සත්‍ය එයයි. එය මැලේසියාවටත් ඒ ආකරයට වලංගු වේ. පැරකුම්ගේ සිරා චැට් එකේ කියන ලෙසටම මැලේසියාව කාන්තාවගෙන් උපරිම වැඩ ගන්නේ අඩු වැටුපට කාන්තා ශ්‍රමය ලබා ගැනීම සංවර්ධන ඉලක්ක පසුපස පිස්සු බල්ලන් මෙන් දිව යෑමේදී ආසියාතික රටවල හිතන්නට බැරි බංකොලොත් දේශපාලකයින්ට එය මසුරන් වටින දෙයක් නිසාය. මැලේසියාවේ ඔය කියන විදිහට පිරිමින් කරන සියළු කටයුතු කිරීමට යන පැරකුම්ලාගේ අර්ථයෙන් දක්ෂ කාන්තාවන් සුළුතර චීන කාන්තාවන් අතරින් පිරිසකි. ඔවුන් බහුතරයක් පිරිමි ලිංගිකත්වය පවා අසංවේදී ලෙස අනුකරනය කරන අය වෙති. මැලේසියාවේ බහුතරයක් මුස්ලිම් කාන්තාවන් මේ ගොඩේ නැත. මැලේසියාවේ පාලනය හිමි ප්‍රභූ පැලැන්තිය හා බලධාරීන් මුස්ලිම් සම්භවයක් ඇත්තවුන් වෙති. ඔවුන් ඔවුන්ගේ ජන වර්ගයේ කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරමින් පිරිමින් හා පිරිමි ලිංගිකත්වය අනුකරනයට ඉඩ නොදෙති. බලධාරීන් හා ප්‍රභූවරුන් අනුන්ට කාන්තා විමුක්ති බයිලා ගසති. ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් පිරිමින් කරන සියල්ල කිරිමට වෙර දරන මනෝවිද්‍යාත්මකව ස්ත්‍රී හැඩගැස්මක් නැති කාන්තාවන් සුළු පිරිසක් පවුල් කෑවත් දරුවන් හැදුවත් එවන් කාන්තාවන් මවුවරුන් වන පවුල් පරිසරයක හැදෙන දරුවන්ද ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තන වලට අසංවේදීව හැදෙති. එයද සමාජයක ලිංගික ව්‍යාකූලත්වයට පසුබිම් වේ. මැලේසියාවට මේවා ගැටළු නොවේ යැයි කිව හැක්කේ දැඩි කුහක මානසිකත්වයක් ඇත්තවුන්ට පමණකි. මැලේසියානු සමාජයේ කුනු ගඳ ගසන සියල්ල වසන් කරගෙන එක එකා එක්ක චැට් කර කාන්තා විමුක්ති කේප්ප කවුරුත් පිළිගතයුතු දෙයක් බව කොතෙක් ඇඟවුවද ලිංගික කාරනා හා සමාජය ගැන විවුර්තව දකින්නට හැකි කිසිවෙක් මේ තුච්ච මතවාද වලට යට කළ නොහැක.

                 
ලිංගික හැසිරීම් රටා අනුව පිරිමින් අතර දක්නට ඇති විවිධාකාරයන් ගැනද යමක් කිව යුතුය. මේ අතර සමලිංගිකයන්, දෙබිඩි ලිංගික ආශාවන් ඇති අය, ස්ත්‍රී හැසිරීම් ඇති ස්ත්‍රී අනුකාරකයින්, පර පීඩා කාමුකයින්, කාන්තාවන්ගේ වධ හින්සනයට ලකව එයින් ආශ්වාදය ලබන (BDSM)පුද්ගලයන් ප්‍රධාන වේ. මොවුන් එකිනෙකා තම ලිංගික ආශාවේ විදිහට එක් එක් දේ කිරීමට කැමතිය. සමහරුන්ට අනුව සමලිංගික පිරිමින් පිරිමි ළමුන් විකුර්ති කාම අපචාර වල යොදා ගැනීම සාධාරනය, තවත් සමහරුන්ට අනුව කාන්තාවන් සිටින්නේ පිරිමියාගේ දරුවන් වැදීමට හෝ ලිංගික අවශ්‍යතා සැපිරීමට නොවේ, තව සමහරුන්ට අනුව කාන්තාවන්ට පිරිමි ලිංගිකත්වය අනුකරනය කිරීම ඇතුළු පිරිමින් කරන ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දිය යුතුය, තව පිරිසකට අනුව කාන්තාවන් සේරටම සටන් ක්‍රම ඉගැන්විය යුතුය. මේ කිසිවෙකුටත් බැරි එකම දේ කාන්තාවන් හැටියට ස්ත්‍රීත්වය කේන්ද්‍ර කරගනිමින් ජීවිත හැඩගසාගන්නා අයත් සමග සාර්ථක සමාජයක් හැදීම හා ස්ත්‍රීත්වය අනුව හැඩගැසුනු කාන්තා සමාජයට නිසි රැකවරනය ලබා දීමයි. මොවුන්ට පැවැත්මක් තිබෙන්නේ විෂමලිංගික පීතෘමූලික සමාජයේම කුහක පිරිමින් කොටසකගේ කුහක ක්‍රියාකාරකම් එකතුවකට පින් සිදුවන්නටය. යුදෙවු චින්තනය බලවත් වීමත් සමග බටහිර ඇතුළු ලොව බොහෝ රටවල ධනය ගොඩගසාගැනීමේ පරමාර්ථය මුල් වූ සමාජවල නායකයින් ඇතුළු ප්‍රභූ ජනයා බොහොමයක් මෙවැනි කුහකයන් වූහ. ඔවුන් ලිංගිකත්වය යන සාධකයේදී ක්‍රියා කරන්නේ තමන්ගේ ලිංගික ආශ්වාදය හා තමන්ගේ කාමලොල් ජීවිතය සඳහා පමණක් ලිංගිකත්වය අනුව හැඩගැසුනු සමාජ පරිසරයේ සියළු වටිනාකම් උකහා ගනිමින් ධනයවත් බලයවත් ප්‍රභූත්වයවත් නොමැති සාමාන්‍ය මිනිසුන් වෙසෙන සමාජයේ ඒ සියලුම අංග හපකර දැමීමයි. ඉන් පසුවටද ඔවුන් කරන්නේ සාමාන්‍ය ජනයා තමන් වෙනුවෙන් ශ්‍රමය කැපකර සේවය කිරීමට ගැටගසා තැබීමයි. මේ ටික නොතේරෙන ආසියාකරයේ කුහක ගල් අපතයන්ගේ කාන්තා විමුක්ති වදන් වැකි පුනරුච්චාරනයන් බටහිර ධනවත් රටවල ප්‍රභූ බලධාරීන් විසින් යොදාගනු ලබන්නේ ඒ තුලින් ආසියාතික රටවල ප්‍රජනනය සීමා කර ජනගහනය පාලනය කිරීමට මිස වෙන දෙයකට නොවේ. 


(ලිපිය පල කිරීම ප්‍රමාද වූයේ කොටදෙනියාවේ සිද්ධිය ගැන කලින් ලිපියක් පල කිරීමට අවශ්‍ය වූ නිසාය)

පැරකුම්ගේ ලිපිය

Monday, October 5, 2015

අවිචාරවත් ආවේගය නොව සාධාරන සැකයෙන් ඔබ්බට

 හිටි අඩියේ මෙරට කාන්තාවන් දැරියන් අතුරුදහන් වන අතවරයට හා ඝාතනයට ලක් වන සිද්ධි මාලාවේ තවත් එක් පරිච්චේදයක් සනිටුහන් කරමින් මෑතක ගම්පහ මිනුවන්ගොඩ කොටදෙනියාව ප්‍රදේශයේ දැරියක් අතුරුදහන් විය. පසුව ඉතා කනගාටුදායක ලෙස ඇගේ මළ සිරුර සොයා ගෙන තිබුණේ එම දැරියගේ නිවසට යාබද ඇලක තිබියදීය. දැන් ඒ ගැන ටිකෙන් ටික තොරතුරු හෙලිවෙමින් පවතී. මේ තොරතුරු සියල්ල රටට කියන්නේ ප්‍රධාන ජන මාධ්‍ය වලිනි. බැනියමකින් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබෙන බව පොලීසිය කියා තිබුණි. මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට ලක්ව තිබූ බවද පොලීසිය පවසා ඇත. 
                                                                    බැනියමකින් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි. මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අතවරයකට ලක්ව තිබූ බවද දැන් ප්‍රචාරය වී ඇත.ඇත්තෙන්ම කුඩා දරුවෙකු රාත්‍රී කාලයක ආගිය අතක් නොමැති වූ විට මෙන්ම කිසිම හෝඩුවාවක් නැති තැන සොයා ගැනීම එතරම් පහසු නොවේ. සිද්දිය වූ දිනයට පසු දිනම ප්‍රදේශවාසීන් හා පොලීසිය අපමණ වෙහෙසක් දැරුවද පලක් වී නැත. මේ අතර පිරිසක් කොළඹ ප්‍රදේශයේ අංජනම් බලන තැනකින් අංජනමක් බලවා ගැනීමට ක්‍රියා කර ඇත. දැනගන්නට ලැබුන තොරතුරු අනුව අංජනම් බැලීමට ක්‍රියා කළ පිරිස කොළඹ ප්‍රදේශයේ සිටි අංජනම් බලන පුද්ගලයා සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් ඔහු දුන් හෝඩුවාවල් ඔස්සේ සෝදිසි කිරීම දිගටම කර තිබේ. අවසානයේ දැරියගේ මළ සිරුර පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබ ඇත්තේ සිද්ධිය වූ දිනට තවත් දිනයක් පසුකර ඊලඟ දිනයේදීය එනම් සැප්තැම්බර් 13ය. දැරිය අතුරුදහන්ව ඇත්තේ 11 වනදායි. අංජනම සාර්ථක වූවාද නැත්නම් අහම්බෙන් දැරියගේ සිරුර හමු උනාද? මේ සිද්ධිය සිදු වූ දින සිටම රට පුරා නොයෙක් කට කතා පැතිර ගියේය. සැකයෙන් පිරි චෝදනා විවිධ පුද්ගලයන් වෙත යොමු විය. ඒ අතර මේ දැරියගේ පියා හා සීයාත් සිටීම තවත් විශේෂත්වයක් විය. දැරිය අතුරුදහන් බව මවුපියන් දැනගෙන ඇත්තේ නින්දට යන මොහොතේයි. පවුලේ දරුවන් නිදාගන්නා කාමරයේ එක් ජනේලයක පමණක් යකඩ රාමුව නොතිබුණු බව කියවිනි. දැරිය නිදාගන්නා ඇඳේ කවරෙකුගේ හෝ පා ලකුණක් තිබුණු බවක්ද පුවත් මගින් ප්‍රචාරය විය. මේ ගැන සැකයට තුඩුදුන් හේතු අතර සිද්ධිය වූ දිනයේ එම ප්‍රදේශයේ තිබූ  නාඳුනන සුදු පැහැති වාහනයක් ගැන තොරතුරක්ද වෙබ් අඩවි වල පල වී තිබුණි. සියළු සාක්ෂි ඔස්සේ අවසානයට ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙක් ගැනද සැක පහල වී ඇත. කොහොම වෙතත් දැන් අර අහිංසක දියණිය අවාසනාවන්ත ලෙස මියගොස් අවසන්ය. දැන් සමාජය ඇවිස්සී ඇත. හතර වටින් එක එකා ගැන සැක හිතෙන කට කතා පැතිරෙයි. බොහෝ දෙනා කතා කරන්නේ විචාරයකින් තොරව ආවේගයෙනි. එල්ලුම් ගස් නැවත අවශ්‍ය බව කියමින් තවත් පිරිස් කෑ මොර දෙති. මෙවැනි සිදුවීම් වලදී ඇතිවන කෝපය සාධාරනය, නමුත් සිද්ධිය ගැන විචාරයක් තිබිය යුතුය. මක් නිසාද යත් අප හරි යැයි සිතන හැම දෙයක්ම හැම විට හරියන්නේ නැති වන්නට යම් ඉඩකඩක්ද තිබීමෙනි.
                    

මේ සිද්ධියේ මතුපිටින් පෙනෙන කාරනය වන්නේ මොකෙක් හෝ එපාකර කාලකන්ණියෙකු මේ නින්දිත අපරාධය කර සැඟවී ඇති බවයි. ඒ අනුව මතුපිටින් ඊට සරල පිළිතුරද වරදකරුවා අල්ලා නීතියෙන් දඬුවම් කිරීමය. දැරියන් කාන්තාවන් අතුරුදහන් වීම් පැහැරගැනීම් අතවරයට ලක්කිරීම් හා ඝාතනය කිරීම් සිදුවූ එකම හා පළමු වතාව මෙය නොවේ. මින් පෙරද මෙවැනි සිදුවීම් විටින් විට සිදු වී ඇත. ඒ හෑම අවස්ථාවකම සිද්ධිය වූ සැනින් ජනමාධ්‍ය ඇවිස්සී වරද ඔප්පු වීමටත් පෙර සැකකරුවන් වරදකරුවන් වන ආකාරයට පවා අත්තනෝමතික පුවත් වාර්තා කිරීම් අප දැක ඇත. ඒ ආකාරයටම ස්ත්‍රී දූෂණයක් හෝ දැරියන් අතවරයට ලක්කිරීමක් සිදුවූ සැනින් එල්ලුම් ගස ක්‍රියාත්මක කරයුතුයැයි බෙරිහන් දෙමින් ජනමාධ්‍ය ඔස්සේ වීරයන් වෙන්නට වෙහෙසෙන පිරිසක්ද සොයාගන්නට පුළුවන. තවත් සමහරුන් සමාජයේද එල්ලුම් ගස වෙනුවෙන් අත්සන් තැබීම් උද්ගෝෂණ කිරීම්ද දැකගන්නට හැකිය. මේ අහඹු සිද්ධීන් නොවේ.  අවාසනාවන්ත ලෙස මරනයට පත් වූ කොටදෙනියාවේ දැරිය ගැන අප කනගාටු වෙමු. වරදකරුවන්ට දැඩි ලෙස දඬුවම් කළයුතු යැයුද අප කියමු. මෙහි ඇති ගැටළුව එයම නොවේ. මේ හදිසියේ එල්ලුම්ගස් මානසිකත්වයක් රටේ ජනතාව අතර ඇතිකරමින් අතොරක් නැතිව ජනමාධ්‍ය හරහා එල්ලුම් ගස සක්‍රීය කරන්නැයි ඉල්ලන උද්ගෝෂකයන්ගේ ආවේගකාරී හැසිරීම උලුප්පා පෙන්නීමද  තවත් විශේෂයෙන් සොයා බැලිය යුතු සැක සහිත  කාරනයකි.  ජනමාධ්‍ය වලින් මේ සිද්ධියේ ඇති වරද සමාජය ඉදිරියේ විස්තර කළේ ලිංගික සදාචාරාත්මක සාධක මත නිවැරදිව පිහිටා සංසන්දනාත්මකව නොව සුපුරුදු පරිදිම දැරියන් හා කාන්තාවන් අතවරයට ලක්වීමට පුරුෂ ලිංගිකත්වයේ ස්වභාවයම හේතුවන බව අනියම් ලෙස ඒත්තු ගැන්වෙන ආකාරයටය. මේ සිද්ධිය ගැන කරුනු හරි හැටි නොසලකා පොලීසිය විසින් දැරියගේ පියා හා සීයා සැක කර තිබුණේත් ජනමාධ්‍ය වලින් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එය ප්‍රචාරය කර මේ දෙදෙනා සමාජයේත් දෝෂ දර්ශනයට ලක්වන තැනට වැඩ කටයුතු සිදු කළේත් ඉතා නින්දිත ලෙසය. 
                               

කෙසේ වෙතත් මේ සිදුවූ පිළිකුල් සහගත අවාසනාවන්ත සිද්ධිය පසුපස ඇති සැක කටයුතු දේ ගැන විස්තර කරන්නට මත්තෙන් බටහිර යුදෙවු චින්තනය ශක්තිමත් වී කාර්මික විප්ලවයෙන් පසු ආත්මාර්ථකාමී සමාජ වටපිටාවක් නිර්මාණය වීම හරහා ලිංගිකත්වයේ සමාජීය කුහකත්වයන් පදනමට ගෙන බටහිරින් මතු වී ලොව පුරා විසිරී ගිය ව්‍යාධිජනකයන් ගැන යමක් කිව යුතුය. එමෙන්ම ඒ හරහා බටහිර මෙන්ම බටහිර රටවල් ගිය ගමන් මගෙහිම ගිය සෙසු රටවලද සමාජයන් ලෙඩ වීමට පටන්ගත් ආකාරය ගැනත් කිව යුතුය. ආත්මාර්ථකාමීත්වය තුලින් පොදු සමාජ වගකීම් අත හැර විවිධ පැති වලට සී සීකඩ විසිරුනු බටහිර සමාජය අද එකම අච්චාරුවකි. බටහිර ඇති බොරු ආටෝපයෙන් අන්ධ නොවී අප මේ සිද්ධි තේරුම් ගත යුතුය. ලිංගිකත්වයේ ස්වභාවය අනුව ඊට අනුගත වෙමින් ලිංගිකත්වය හා බැඳුනු පොදු සමාජ වගකීම් කොටසක් ඉටු කිරීම වැදගත් කොට සැලකූ බටහිර සමාජයේ සොබාදහමට ඒ තරම් ලැදි නොවූ යුදෙවු චින්තනය බලවත් වීම තුලින් ඒ සමාජ වගකීම් අත්හැරීමට අනුබල දුන් ලිංගිකත්වයේම ආත්මාර්ථකාමීකම් කුහකත්වයන් වෛරි බව සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ තත්වය තුල ලිංගිකත්වයට අදාලවූ වංචනික ගුණධර්මයන් බටහිර වර්ධනය උනා පමණක් නොව සැබෑ ගුණධර්මයන් යටපත් වීමද සිදු විය. සමාජයේදී දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටි ගැහැනු පිරිමි දෙපාර්ශවයම වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ පිළිවෙත වෙනස් වී වැඩිහිටි පිරිමි පාර්ශවය විශේෂයෙන් දරුවන් සම්බන්ධ වගකීම් ඈත් ක්ළේය. විශේෂයෙන් පිරිමි දරුවන්ට ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගනිමින් තම පැවැත්ම ගොඩනගා ගැනීමට පසුබිම් ශක්තිය ලබාදීමේ වගකීම බොහෝ වැඩිහිටි පුරුෂයින් අත් හැර දැමීය. පවුල් තුල පියවරුන් තම පුතුන් පෞරුෂත්වය අනුව හැඩගැස්වීමේ හා දියණියන් මවට භාරදී ස්ත්‍රීත්වය අනුව ඔවුන් හැඩගැස්වීමේ වගකීම්ද දියාරු වී අකර්මන්‍ය විය. ඇතැම් කුහක පිරිමින් විවාහ වීමෙන් පසු ඔවුන්ට දාව දියණියන් සිය මවු පාර්ශවයෙන් උරුම වන ස්ත්‍රීත්වය අනුව ඉදිරියට යෑම වරදක් ලෙස දකින්නට තරම් කුහක වංචනිකයන් විය. මෙවැනි ඇතමුන් ඔවුන්ගේම පිරිමි දරුවන්ද පෞරුෂත්වයන් ගොඩනගා ගැනීම නොරිස්සූහ. එපමණක් නොව පිරිමි දරුවන් සම්බන්ධ වගකීම්ද හරි හැටි ඉටු නොකළේය. 
                            

ලිංගිකත්වය සම්බන්ධ අත්‍යවශ්‍ය සමාජ වගකීම් කොටසක් පැහැර හරිමින් ආත්මාර්ථකාමී ලෙස සී සීකඩ ගිය බටාහිර සමාජය ලිංගික මනෝ ව්‍යාකූලතාවයන්ගෙන් පිරි විපරීත එකක් විය. දැන් එය දිගින් දිගට වර්ධනය වන්නේ ලිංගිකත්වයේම මිනිස් කුහකකම් ආත්මාර්ථකාමීකම් පමණක් නොව වෛරී ස්වභාවයන්ද පෙරට ගනිමිනි. මේ වන විට බටහිර බොහොමයක් රටවල පවුල් අස්ථාවරය. විවාහයන් ඉක්මනින් දෙදරා යයි. ලිංගිකත්වය ව්‍යාකූලය. විෂමලිංගික පීතෲමූලිකත්වය තහවරු වූ සොබාදහමට එකඟ සමාජ ක්‍රමයක් සාර්ථකව පැවති බටහිර මේ වනවිට ඇත්තේ ලිංගික බහුරූපිකත්වයක් සහිත සමලිංගිකත්වය පවා පිළිගැනීමට ලක්කළ ව්‍යාකූල තත්වයකි. මෙය ඔවුන්ට හොඳ යැයි කාට හරි හිතුනත් ඇත්ත තත්වය එය නොවේ. බටහිරද මේ ව්‍යාකූලතා වලින් ඇතිවන විවිධ ප්‍රශ්න වලින් බැට කයි. ඒ කිසිත් ලෝකයට මාධ්‍ය මගින් දැනගන්නට නොලැබේ. බටහිර මේ ව්‍යාකූලත්වය පිරි විකුර්ති සමාජ තත්වයක් වර්ධනය වීමට දැඩි ලෙස බලපෑ එක් සාධකයක් වූයේ යුදෙවු චින්තනය මත පදනම් වූ කාන්තා විමුක්තිවාදයයි. මෙය යුදෙවු පිරිමින්ගේ කුහකකම් හා අත්තනෝමතිකකම් මත විකාශනය වූවක් මිස සොබාදහමේ ආශිර්වාදය ඊට ලැබී නැත.බටහිර දැන් පියවරුන් නොමැති පවුල් බොහෝය. අනෙක් අතට සමලිංගිකයන්ට පවුල් කෑමේ අවස්ථාව මේ රටවල ඇත. සැබෑ ලෙස වගකීමෙන් යුතු පියවරුන්ට තම දරුවන්ගේ අනාගතය විශේෂයෙන් පිරිමි දරුවන්ගේ අනාගතය ගැන වගකීමෙන් කටයුතු කිරීමට බැරි තත්වයක් බටහිර සමාජයේ කුහකයන් නිර්මාණය කර ඇත. පිරිමියාගේ ලිංගිකත්වයේ ස්වභාවයට එරෙහිව අසාධාරන නීති හැදී ඇත. බටහිර ඇතැම් රටවල පිරිමින්ට පවුල් කෑමට සිදුවී ඇත්තේද මේ නීති වලට බියෙනි. කුහක කාන්තා විමුක්තිවාදය අනුව හැදුනු ලිංගික අතවර නීති වෛරී ලෙස විෂමලිංගික පුරුෂ පාර්ශවයේ ලිංගික රුචි අරුචිකම් ඉලක්ක කරමින්ම හැදේ. එලෙස වෛරී නීති හැදීමටම හේතු කාරනා තැනීමටම ස්ත්‍රීත්වය අනුව හැඩගැසුනු කාන්තාවන් සැලසුම් සහගතව කෲර ලිංගික වද හින්සනයට ලක් කළ අවස්ථා ගැන සැකකටයුතු බොහෝ දේ බටහිරත් සිදු වේ. පිරිමියාගේ ලිංගිකත්වය හා එහි ස්වභාවයන් ඉලක්ක කරමින් සිදුවන බටහිර කුහක පිරිමින්ගේම ඇතැම් ක්‍රියාකාරකම් ඔස්සේ පිරිමි ජනගහනය නෛතික වශයෙන් අනාරක්ෂිත වීමේ ප්‍රවනතාවයක් බටහිරම දැන් තිබේ.   
                        

  බටහිරට සිදු වී තිබෙන දේ බටහිරට අනුව ගමන් කරන බටහිර අනුකාරකයින් බොහොමයක් සිටින රටවල දැන් සිදු වෙමින් පවතී. බටහිර රටවලින් පැන නැගුනු ලිංගිකත්වය සම්බන්ධ යුදෙවු කුහක මතවාද නිල මට්ටමෙන් ජාත්‍යන්තර සම්මුති බවට පත් වෙමින් ඇත. බටහිර කාන්තා විමුක්තිවාදය ලොව පුරා විෂබීජයක් ලෙස පැතිරෙමින් ඒ ඒ රටවල බටහිර අනුකාරකයින් හරහා අභ්‍යන්තර සමාජය දුර්වල කර ලෙඩ කරයි. මේ තත්වය බටහිරට යටත්ව පැවති අප්‍රිකානු හා ආසියානු රටවලට අනිවාර්යෙන් බලපායි. බටහිර කාන්තා විමුක්තිවාදය සෙසු රටවලට ව්‍යාප්ත කිරීමේදී එහි දුෂ්ඨ බව සොබාදහමට එරෙහි බව කුහක වෛරීබව ආදී සියළු අගතිගාමී ලක්ෂණ වසන් කරමින් එය කිරීමටද බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා විවිධ උපක්‍රම යොදා ගනී. මේ අතර පුරුෂ ලිංගිකත්වය හා එහි මනෝවිද්‍යාත්මක සාධක ඇතුළු අනෙකුත් සාධක වලට පදනම සකස් කරන පීතෘත්වය කෙරෙහි ද්වේශසහගත අදහස් සූක්ෂම ලෙස සමාජගත කිරීම පවුල් බැඳීම් දුර්වල කරවන ලෙස රට රටවල කාන්තා සමාජයේ ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ඇති හැඩගැසීම් නැති කර දැමීමට කටයුතු කිරීම මේ අතර ප්‍රධාන වේ. විවිධ සංස්කෘතික පරිසර වල රැවටිලිකාර ලෙස මුලින් පැලපදියම් වී පසුව දුෂ්ඨ සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ ආක්‍රමණයේ ස්වභාවයයි. කාන්තා විමුක්තිකාමීන් එලෙස සමාජය තුලට දුර්වල තැනකින් රිංගා පැලපදියම් වීමෙන් පසුව කරන්නේ ඔවුන්ගේ මතවාදී සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. පවුලේ පියා ගැන වෛරය ඇති කරවන ආකල්ප දරුවන්ගේ මනසට ඇතුල් කිරීම, ගැහැනු පිරිමි විෂමලිංගික සබඳතා ගැන ද්වේශසහගත අදහස් සමාජගත කරමින් සමලිංගිකයන්ට අනුකම්පාව ලබා දීම ඔවුන්ගේ අපචාරී හැසිරීම් සාධාරණීකරණය කරමින් සමලිංගිකත්වයට පිළිගැනීමක් ඇති කිරීමට තැත් කිරීම ආදිය පසුව ක්‍රමයෙන් සිදුකරනු ලබති. ආසියාතික රටවල ජනගහන වර්ධනය ලිංගික ව්‍යාකූලත්වය නිසා ඉදිරි පරම්පරා පිටින් අසාර්ථක වූ බටහිර බොහෝ රටවලට දැඩි හිසරදයකි. ආසියාතික හා අප්‍රිකානු රටවල ප්‍රජනනය සීමා කිරීම ට ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගික ස්වභාවය කෙරෙහි වෛරය වැපිරීම සඳගා කාන්තා විමුක්තිය අවියක් ලෙස යොදා ගැනීමටද බටහිර යුදෙවු චින්තනයේ මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා ක්‍රියා කරයි. 
                      
මේ ප්‍රවණතාවයන් අනුව අපේ රටට මෙහි ඇති බලපෑම සුළු පටු එකක් නොවන බව හිතාගැනීමට කිසිවෙකුට අපහසු නැත. බටහිර කාන්තා විමුක්තිවාදයේ ක්‍රියාකාරකම් කලක සිට විවිධ මට්ටමෙන් ලංකාව තුල ක්‍රියාත්මකය. කාන්තා දින සැමරීම හරහා ජයවර්ධන ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති සමයේ ඊට මුල් අඩිතාලම වැටුනි. මන්දගාමීව ඇදුනු මේ මතවාදය ඉන් පසුවට විජාතික කුමන්ත්‍රණ හරහා පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඉන්පසු රටේද නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හරහා වඩා සක්‍රීය විය. නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවති රජය යටතේ තරමක් පසුබෑ කාන්තාවාදය දැන් යහපාලනය හරහා නැවත උපරිම ලෙස සක්‍රීය වීමට උත්සහ ගනිමින් ඇත. මුල් යුගයේ කාන්තා දින සැමරුවද මතවාදීව කාන්තා විමුක්තිය අපේ සමාජයට ඇතුල් කිරීම අපහසු විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ විජාතික බලවේග බොහෝ ශක්තිමත් වූ අතර එකළ අනියම් ආකාරයකට රාජ්‍ය නොවන සංවිධාන විදේශ තානාපතිවරුන් හා කොටි සංවිධානය මුළු රටම පාලනය කළා කීවොත් නිවැරදිය. රාජ්‍ය නොවන සංවිධාන වලට උපරිම ලෙස යකා නටන්නට ඉඩකඩ තිබීම තුලින් බටහිර රටවල මුදලින් යැපෙන කාන්තා සංවිධාන පිහිටුවා ගනිමින් සමාජ සේවා කටයුතු වලට මුවා වී පුරුෂ විරෝධී ආකල්ප වර්ධනය හා අනෙකුත් මතවාද ව්‍යාප්තිය මේ සංවිධාන විසින් සමාජයට දැනෙන ලෙසම කරගෙන ගියේය. ස්ත්‍රී පුරුෂ ලෙස සමාජයේ තිබූ මානසික හැඩගැසීම් විකුර්ති කිරීම, පාසල් වල පිරිමි ළමුන් කරන ක්‍රීඩා හා වෙනත් ක්‍රියාකාරක ගැහැනු ළමුන්ටද විවුර්ත කර පිරිමි ආරයට පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරන ගැහැනු ළමුන්ට පිළිගැනීමක් ලබා දීම. අධ්‍යාපනය තුලට කාන්තා විමුක්තිය රිංගවීම ආදිය මෙකළ සිදු වුනි. කාන්තා වැඩසටහන් මාධ්‍ය ඔස්සේ මහා පරිමාණයෙන් පවත්වමින් සමාජයේ දුර්වල තැන් වලින් ප්‍රයෝජන ගෙන පුරුෂයා හා පුරුෂ ලිංගිකත්වය කෙරෙහි වෛරය ගොඩනැගීම විෂම ලිංගික වැඩිහිටි පුරුෂයින් කෙරෙහි කාන්තාවන් හා ගැහැනු ළමුන් අතර ද්වේශය වැඩෙන සේ අභූත චෝදනා එල්ල කිරීම ආදියද සුලභ විය. මේ තත්වය යම් තරමකට පසුබෑවද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේද මුළුමනින් ඉවත් වූයේ නැත. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු බටහිර කාන්තා විමුක්තිවාදයද පසුබෑ නමුත් වෙනත් ස්වරූප වලින් ඉදිරියට ඇදුනි.

                          
බටහිර කේන්ද්‍ර කරගෙන එලි බහින කාන්තා විමුක්ති සැලසුම් අපේ රට තුලද රහසිගතව හා කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වන බවට සැක කළ හැකි සාධක මේ ගැන බුද්ධිමත් විමසීමක් විමර්ශනාත්මක ලෙස කිරීමේදී විශේෂයෙන් ජාතික හා විජාතික ගැටුම කෙරෙහි සංවේදී බවක් ඇති කාටත් පහසුවෙන් සොයා ගත හැක. වඩාත්ම සැකකටයුතු දේනම් කාන්තා දිනයක් ආසන්නයේ කාන්තාවක් ඉලක්ක කරගෙන යම් ආන්දෝලනාත්මක දෙයක් සිදුවීම මෑත කාලයේ කීප අවස්ථාවක දැකගන්නට ලැබීමයි. රටම කැළඹීමට පත්කළ රීටා ජෝන් සිද්ධිය මෝදර කාක දූපත ප්‍රදේශයේ සිදු වී තිබෙන්නේ කාන්තාදිනයකට තරමක් ආසන්නවයි. ඊටත් පෙර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉනෝකා සෙවුවන්දි නම් හමුදා සේවයේ සිටි තැනැත්තියක් ඝාතනයට ලක්වූයේ කාන්තා දිනයක් අතලඟම තිබියදීය. ඉතා මෑත භාගයේ රත්නපුර කොටකෙතන සිදුවූ කාන්තාවන් ඝාතනයට ලක්වූ සිද්ධි මාලාවේ මුල්ම එක සිදුවී වසරකට පමණ පසු එහි සැකකරුවන් සොයාගත්තේ කාන්තා දිනයක් ආසන්නයේදීයි. මීට අමතරව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වර්ෂා නම් දැරියක් අතවරයකට ලක්ව මියගිය පුවතක් දැඩි ආන්දෝලනයට ලක් විය. එහි දින වකවානු හරි හැටි මතක නැතත් ඒ සිද්ධියෙන් පසුවද රටේ එල්ලුම්ගස් මානසිකත්වයක් වර්ධනය කිරීමට යම් පිරිසක් උත්සහ කළ ආකාරය දැකගන්නට හැකි විය. මීට පෙර සඳහන් කළ සිද්ධි වලදීත් ජනමාධ්‍ය ත්‍රස්තවාදීන් සුපුරුදු ලෙස එල්ලුම් ගස අවශ්‍ය බවට ත්‍රස්ත අදහස් වපුරනු ලැබීය. මේ සියළු සිද්ධි වලින් පසු රටේ ප්‍රධාන ජනමාධ්‍යවල අසාමාන්‍ය කුලප්පු වීම ගැනත් මතුවන්නේ සැකයකි. ඒමෙන්ම පාතාලයන් කුඩු ජාවාරම් කරුවන් ගැන සත්‍ය තොරතුරු පැහැදිලි සාක්ෂි ඇතිව තිබියදී ඔවුන් ඇල්ලීමට සමත් නොවන හෝ ඇල්ලුවත් ඊට බොහෝ කල් ගත්වන පොලීසිය කාන්තා දින ආසන්නයේ වන ස්ත්‍රී දූෂණ ස්ත්‍රී ඝාතන ආදිය සෙවීමට දක්වන අසාමාන්‍ය සමත්කම පුදුමසහගතය. මේ සියළු කාරනා එසේ වෙද්දී අවිචාරයෙන් අන්ධ වූ මුග්ධ ජනයා රොත්ත පිටින් එල්ලුම් ගස අවශ්‍ය බව කියමින් සැකකරුවන්ට ඇප නොදෙන ලෙසත් අත්තනෝමතික ඉල්ලීම් කරමින් කරන කෑ කෝ ගැසීම් පසුපසද මෝඩ ජනයා අවුස්සන බලල් අතක් ක්‍රියාත්මක වේදැයි සාධාරන සැකයක් මතු වේ. මේ කොටදෙනියාව සේයා සදෙවුමි දැරිය ඝාතන සිද්ධියේදීද ඉහත කී සියල්ල වෙද්දී තවත් එක් විශේෂ කරුනක් ගැන සැකයක් ඇති වේ. එනම් මේ වන විට ලහි ලහියේ අපේ රටටත් හිටපු ජනපති ඇතුළු ත්‍රිවිධ හමුදා නායකයන්ටත් යුධ අපරාධ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානීන් හරහා ගොනු වෙමින් තිබීමයි. කුමක් හෝ ආන්දෝලනාත්මක සිද්ධියක් ඇතිකර එල්ලුම් ගස සක්‍රීය කරවා රනවිරුවන් පෝරකයට යැවීමේ තැතක් ඇත්දැයි තවත් සැකයක් මතු වේ. තවත් පැත්තකින් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ලංකාව තුල සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමේ කුමන්ත්‍රණයක්ද එලි බැස තිබෙන නිසා, මෙරට සමාජයෙන් සමලිංගිකත්වයට ඇති විරෝධය අඩුකරගැනීමේ පෙරහුරුවක් ලෙස විෂමලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වෛරී ආකල්පයක් ඇති කිරීම සඳහා හේතුවක් නිර්මාණය කළාදෝ කියා සැකයක්ද ඇතිවේ.

                  
දැන් කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියට සිදු වූ දෙයත් එහි අපට සැක මතුවන කාරනා ගැනත් ඉහතින් දැක්වූ තොරතුරු අනුව විමර්ශනාත්මකව බලමු. ජනවාරි 8 සිදුවූ දේශපාලන පෙරලියත් සමග විජාතික බලවේග ශක්තිමත් වී විජාතික කුමන්ත්‍රණකාරීන්ට බියෙන් සැකයෙන් තොරව තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ විවර විය. විජාතික මතවාදී ආක්‍රමණිකයාට සිය මතවාද වලට ඉඩකඩ විවර කරගැනීමට නම් රටේ නිරවුල් සමාජ තත්වයක් තිබීම අහිතකරය. මේ පිල්ලියට සමාජය තුලට රිංගා යම් බලපෑමක් කිරීමටනම් කුමක් හෝ සමාජ ගැටළුවක් නිර්මාණය කළ යුතුය. එවිට ඒ ගැටළුවට මුවා වී මහා සාන්තුවරයන් ලෙස පෙනී සිටිමින් ප්‍රශ්න වලට විසඳුම් ලෙස ඔවුන්ගේ මතවාද පසුබිම් කරගත් නිර්දේශයන් පැටවීමට යම් ඉඩක් සකසාගැනීම සඳහා මේ විජාතික ක්‍රියාකාරීන්ට අවස්ථාව උදා වේ. අප වැඩි අවධානයක් යොමු කරන ලිංගිකත්වය සම්බන්ධ සාධකයේදී කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියට සිදු වූ දෙය ගැන අපගේ සැකයට තුඩු දෙන දෑ පිළිබඳ විමසීමක් දැන් කළ යුතුය. අවස්ථාවක් ලැබෙනතෙක් සිට සිද්ධියක් නිර්මාණය කරගැනීමේදී අපේ රට පුරා බූවල්ලෙකු අඬු දමාගෙන සිටින ලෙස විසිරී ඇති විදෙස් ඔත්තු සේවා වලට ඔත්තු සපයන රටේ ජන මනස විජාතිකත්වයට අනුව හැසිරවීමට කැසකවන කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මේ සිද්ධිය පසුපස සිටිය නොහැකිද? ඔවුන් බටහිරින් විශාල මුදලක් ආධාර ලෙස ලබා ගනිමින් රට තුල කරන්නේ මොනවාද? ඔවුන්ගේ ඉලක්ක වෙත යෑමට අවශ්‍ය සමාජ ගැටළුව කෘතීමව නිර්මාණය කරගැනීමට සේයා සදෙවුමි දැරිය කලක සිට ඉලක්ක කළා වෙන්නට බැරිද? විජාතික බලල් අතක් ක්‍රියාත්මක වී මෙලෙස මුදල්ද ලැබෙන කොන්ත්‍රාත් එකක් හැටියට නරුමයින් කිහිපදෙනෙකු පිට පලාතකින් කොටදෙනියාවට පැමිණ ඉතා සූක්ෂමව හා රහසිගතව දැරිය පැහැරගෙන ඝාතනය කළා වන්නට නොහැකිද? සිද්ධිය වූ දිනයේ එම ප්‍රදේශයේ සැරිසරා තිබෙන සුදු පැහැති වාහනයක් ගැනද තොරතුරක් මාධ්‍ය වල පළ විය. නමුත් ඒ ගැන ප්‍රදේශවාසීන් සැක කළද පොලීසියට සැක මතු වී නැත. අදූරදර්ශී දේශපාලුවන් නායකයින් හරහා බටහිර බොරු සංවර්ධන ඉලක්ක කරා යමින් වානිජ ලෝකයේ තෙම්පරාදු වෙන්නට පුරුදු කළ මෙරට සමාජය තුල දැන් මුදලට ඕනෑම පහත් වැඩක් කරන කාලකන්ණින් එතරම් දුලබ නොවන බවත් අප සීහි තබා ගතයුතු වේ.

                                  
මේ මහා අපරාධය කළ පුද්ගලයා හෝ පිරිස ඒ සඳහා මේ දැරියගේ පවුල් පසුබිම අසල්වාසීන් අවට සමාජය හා නිවසේ විස්තර ගැන කල් තියා සොයාබලා මේ දැරිය බිල්ලට ගත්තා විය නොහැකිද? එසේ සැක කරන්නට සාධකද තිබේ. මේ දැරියගේ නිවසේ දොර ජනෙල් ගැන විස්තර නිදාගන්නා තැන් හා පියාගේ විස්තර මේ ඝාතකයින් කල්තියා දැන නොසිටියාද? සිද්ධියෙන් දින කීපයකට පසු පොලීසිය දැරියගේ පියා සිද්ධියට සැක කළේ ඔහු මීට ඉහත ළමා අපචාරයකට සම්බන්ධ වී සිටියා යැයි කියන කාරනාවක් මතය. දැරියගේ පියා සම්බන්ධ මේ තොරතුරු ඝාතකයන් කල් තියා දැනගෙන අපරාධය පියාගේ පිටින් තියා සැඟවෙන්නට ඝාතකයින් උත්සහ කළා වන්නට බැරිද? පොලීසියද දැරියගේ පියා ගැන සැක කළේ කලක් තිස්සේ මෙරට කාන්තා විමුක්තිකාමීන් පවුල්වල පියා ගැන වපුරා ඇති වෛරී ආකල්පද හේතු කරගෙනය.( පියා පවුලේ ගැහැනු දරුවන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා තිබුණත් ඒ කාන්තා විමුක්තිකාමීන් රටට පෙන්වන ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු ප්‍රමාණයකි. )පොලීසිය දැරියගේ සීයාද නිරපරාදේ සැක කර ඇත. ඒ ඇයි? කලක සිට දරුවන් හා කාන්තාවන් අතර පවුලේ පවා වැඩිහිටි පිරිමින් ගැන ද්වේශය වැපිරීමටත් පිරිමියාගේ ලිංගිකත්වය ගැන කුහක සමාජයේ වෛරී ආකල්ප  වර්ධනයටත්  හොර කාන්තා විමුක්ති රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කර තිබීම නිසාය. පොලීසිය අසල්වැසි පාසල් සිසුවකුගෙන්ද ප්‍රශ්න කර ඇත. මෙලෙස පාසල් සිසුවෙකු පවා මෙවන් අපරාධයක සැකකරුවකු වීමේ පසුබිම කුමක්ද? සේයා සදෙවුමි දැරියට වයස 16ක් 17ක් පමන වන පිරිමි සහෝදරයෙක් සිටියේනම් පොලීසිය නිසැක වශයෙන්ම ඔහුද සැක කරනු ඇත. මේ ප්‍රදේශයේ ළමා අපචාර සම්බන්ධ පෙර වැරදි ඇති අය ගැනද පොලීසියේ උකුසු ඇස යොමු විය. මෙය වරදක් නොවේ. නමුත් සැකයනම් මේ පෙර වැරදි ඇති ප්‍රදේශයේ මදාවියන් ගැන ඇත්ත අපරාධකරුවන් කල්තියා සොයා බලා කරුණු රැස්කර තිබුණේද යන්නයි. මේ සිද්ධිය සැල වූ සැනින් සැක කරුවන් අධිකරනයෙන් වරදකරුවන් වීමටත් පෙරම අත්තනෝමතික හා පිළිකුල්සහගත ලෙස ඔවුන් වරදකරුවන් බවට ඇඟවෙන ප්‍රවුර්ති පළ කරමින් ප්‍රධාන ජනමාධ්‍ය හැසිරුන ආකාරයද් සැක සහිතය. මේ මාධ්‍ය ත්‍රස්තවාදීන් මින් පෙරද සිදු වූ මෙවැනිම අපරාධ හමුවේ ක්‍රියා කර ඇත්තේ මළකුණු වල කුණු රස සොයන වුර්ක රැලක් මෙනි. මේ සිද්ධියේදීද ඔවුන්ට සුපුරුදු ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ රටේ ලිංගිකත්වය සම්බන්ධයෙන් පිළිගත් සදාචාරයන්ට හා පිළිගැනෙන ලිංගික ජීවන රටාවට සාපේක්ෂව සන්සන්දනාත්මකව කරුනු කීමෙන් නොව පිරිමියාගේ ලිංගිකත්වයේ ස්වභාවයම මෙවැනි සිද්ධි වලට වගකිවයුතු බව අනියම් ආකාරයකට අඟවමිනි. සිද්ධියට සැක පිට අතඩංගුවට ගත් අසල්වැසි පාසල් සිසුවාගේ චරිතයම මාධ්‍ය ත්‍රස්තයන් විසින් ඝාතනය කළේ ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රය තුල අසභ්‍ය දර්ශන ඇතුලත් පින්තූර හා මාධ්‍ය තිබූ බව පොලීසිය හෙලිකළ තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය කරමිනි.ලැප්ටොප් එකේ අසභ්‍ය දර්ශන තිබෙන කෙනෙකු මෙවැනි සිද්ධියකට නියත වගකිවයුත්තෙක් විය හැකි බව මාධ්‍ය ත්‍රස්තයින් නොකියා කීවෝය. 

                       
කොටදෙනියාවේ සේයා දැරිය අතුරුදහන් වූ දින සිට ඇය සෙවීමේ මෙහෙයුම ප්‍රදේශවාසීන් හා පොලීසිය කරගෙන ගිය ආකාරයද අපූරු එකකි. සිද්ධිය වූ දිනයේත් පසුදාත් දැරිය සොයා වෙහෙසුනු පිරිසෙන් ඇතමෙකු ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කර ඇත ඒ දැරිය සිටින තැන හෙවීමට පේන බැලීමයි. පේන බැලූ අති දක්ෂ අංජනම් කරුවා කොළඹ ප්‍රදේශයේ සිට ඇත. ඔහු පේන බලා කොටදෙනියාවේ ප්‍රදේශවාසීන්ට දුරකථන මාර්ගයෙන් තොරතුරු දන්වා ඇත. මේ තොරතුරු අනුව දැරිය සොයා වෙහෙසුනු පිරිසේ සිටි පොලිස් නිලධාරියෙකුට පසු දින උදෑසන දැරියගේ මළ සිරුර ඇලක් අසල පඳුරක් යට තිබී අහම්බයෙන් හමු වී ඇත.  දැරිය සොයාගැනීමේ මෙහෙයුම සාර්ථක වීමට අංජනම් බලා පේන කියූ තැනැත්තාගේ තොරතුරු ඉවහල් වී ඇත්නම් ඔහු ලවාම ඝාතකයා ගැන තොරතුරුත් සොයා ගැනීමට පහසු වන්නට තිබුණි. එසේ නොකළේ ඇයි? පේන කියූ කොළඹ ප්‍රදේශයේ තැනැත්තා ගැන තොරතුරු ජනමාධ්‍ය වලින් හෙලි නොකළේ ඇයි?  ඔහුගේ තොරතුරු දැරියගේ මළ සිරුර සොයා ගැනීමට ඉවහල් උනානම් ඔහුට ඒ වෙනුවෙන් තෑග්ගක් පවා ලබා දීම සුදුසුය. එපමණක් නොව මින් පෙර සිදු වූ සහ ඉදිරියේදීත් සිදුවන අපරාධ වල විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට ඔහුගේ සහය ලබා ගැනීමටද නියත වශයෙන් හැකිය. මේ ඛේදජනක සිදුවීමට පසු දැරියට ලිංගික අතවරයක් වී ඇති බව සැල වූ සැනින් මේ අපරාධයට වගකිවයුත්තන්ට මරණ දඬුවම ඉල්ලා එල්ලුම් ගසද ක්‍රියාත්මක කරන්නට බල කරමින් උද්ඝෝෂණ සංවිධානය වූයේ කෙසේද? ඊට පිටස්තර පුද්ගලයන්ද විශාල පිරිසක් සහභාගී වූයේ කාගේ සංවිධානයකින්ද? මේ උද්ඝෝෂණ වලටද මාධ්‍ය ත්‍රස්තවාදියාගේ අශීලාචාර සහය හොඳින්ම ලැබුණි. අත්තනෝමතික උද්ඝෝෂකයින් බොහොමයක් කියා සිටියේ අනෙකුත් සියළු හෙන ගහන අපරාධ පසෙක තිබියදී ස්ත්‍රී දූෂණ හා කුඩා දැරියන්ට වන ලිංගික අතවර වලට පමණක් මරණ දඬුවම දිය යුතු බවයි. මාධ්‍ය ත්‍රස්තවාදියාද ඒ මතය සමග සිටිමින් ඊට ප්‍රචාරය උඩින්ම ලබා දුන්නා පමණක් නොව ලිංගික අතවර ඉලක්ක කරමින් ලැප්ටොප් වල අසභ්‍ය දර්ශන තබාගන්නා පුද්ගලයින් පවා සැකකටයුතු ලෙස හුවා දැක්වීමද කළේය. එල්ලුම් ගස ක්‍රියාත්මක කළ පසු සිදුවන්නේ කුමක්ද නඩු අසන ආකාරය සැකකරුවන් වෙනුවෙන් පෙරකදෝරුවන් ඉදිරිපත්වන ආකාරය හෝ නීතියේ අඩුලුහුඩුකම් ගැන ජන මාධ්‍ය කිසිවක් නොකීමට වගබලාගත්තේය.

                               
දැන් පොලීසිය විසින් අල්ලාගත් කොණ්ඩයෙකු විසින් තමා වරද කළ බවට කළ පාපෝච්චාරනයක් ගැන තොරතුරු ප්‍රචාරය වෙ. මේ අතර සිද්ධිය ගැන පවත්වන ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිතය. දැන් ජන මාධ්‍ය වලින් තොර තෝන්චියක් නැතිව කියවන්නේ කොණ්ඩයාගේ චරිතය ගැන හා ඔහුගේ පෙර වැරදි ගැනය. මේ පුද්ගලයා අල්ලාගෙන ඇත්තේ කනත්තයක සිටියදීය. ඔහු මාළු අල්ලා අමුවෙන් කන තරමක් නපුරු ගතිපැවතුම් ඇත්තෙකු යැයි කියවේ. ඔහු කනත්තයේ වලලා ඇති කාන්තා මළ සිරුරු ගොඩ ගෙන ඒ සමග සංසර්ගයේ යෙදෙන බවටත් තොරතුරු මාධ්‍ය වල ප්‍රචාරය වී ඇත. මේවායේ ඇත්ත නැත්ත අප හරි හැටි නොදනිමු. ඔහුට එරෙහිව මින් පෙර ඉදිරිපත් වී ඇති නඩු වාර්ථා ගැනද තොරතුරු කියවිනි. බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක්ද මේ අතර වේ. මෙවැනි සිද්ධි පෙර වැරදි ලෙස තිබීමෙන් මෙවන් මදාවි චරිත වලට නිරායාසයෙන් වරද පැටවී යෑමේ යම් ප්‍රවනතාවයක් තිබේ. මේ අතර දැන් ප්‍රධාන චූදිතයා වී සිටින කොන්ඩයා මේ අපරාධය කර ඇති ආකාරය ගැන හෙලි කළා යැයි කියන තොරතුරු වල සැකකටයුතු තැන් ගැන විමසීමක්ද කළ යුතුය. මාධ්‍ය මගින්ද හෙලිකර ඇති තොරතුරු අනුව මේ කොණ්ඩයා දැරිය පැහැර ගැනීමට කලක සිට සැලසුම් කර ඇත. අවිශ්වාසකටයුතු කාරනය වන්නේ ඔහු මේ දැරිය පැහැරගත්තා යැයි කියන ආකාරයයි. ඔහු රාත්‍රියේ සේයා සදෙවුමි දැරියගේ නිවසේ ඉදිරිපසට පැමිණ දොර ඇරීමට බොහෝ වේලා උත්සහ කර ඇත. දොරේ අගුල බොහෝ වේලාවක් කරකවා ඔහු තරමක් අපහසුවෙන් කෙසේ හෝ දොර ඇරගෙන ගේ ඇතුලට ඇතුළු වූ බවක් කියවේ. ඉන්පසුව ඔහු දැරිය නිදා සිටි තැනට ගොස් ඇය වඩාගෙන එළියට පැමිණ ඇතැයිද කියවිනි. නමුත් අපට මෙහිදී ඇතිවන පළමු ගැටළුවනම් මෙලෙස සැකකරු බොහෝ වේලාවක් දොරේ අගුල ඇරීමට තැත් කර ඇත්නම් ඔහු එසේ කරන අතරතුර නිවසේ කවරෙකුටවත් ඒ වගක් නොතේරුනේ ඇයිද යන්නයි. නිදා සිටි එක් අයෙකුවත් අවධි නොවුනේ ඇයි? එසේ විය හැකිද? අනෙක් අවිශ්වාසකටයුතු කාරනේ නම් කොණ්ඩයා ගේ ඇතුලටම ඇවිත් දැරිය උස්සාගෙන යනතෙක් කිසිවෙකුටත් එවැන්නක් සිදුවන බව නොදැනී තිබීමයි. දැරිය උස්සාගෙන යන්නට තැත් කිරීමේදී දැරිය කිසිදු කළබලයක් නැතිව සිටියාද? කළබල උනානම් කොණ්ඩයාද කලබල වී ගෙදර අයට සිදුවන දේ වැටහීමට වැඩි වේලා යන්නේ නැත. එහෙත් මේ කිසිවක් නොවුනේ ඇයි? එසේ විය හැකිද? කොණ්ඩයා දැරිය පැහැර ගැනීමට කාලයක් සැලසුම් කළාද නැත්නම් අපරාධය ඇත්තට කළ එවුන් කොණ්ඩයාගේ පෙර වැරදි ගැන කාලයක් සොයා ඔහු මේ වැඩේට පැටළුවාද කියන එකත් සාධාරන සැකයකි. 
සේරම අස්සේ දැන් අළුත්ම තත්වය වන්නේ කොණ්ඩයාගේ සහෝදරයෙක් නැවතත් සැක පිට අතඩංගුවට ගෙන තිබෙන අතර ඔහුත් තමන් එම අපරාධය කළා යැයි පාපෝච්චාරනය කිරීමයි. මෙතැනින් කොතැනට මේ සිද්ධිය ගලා යයිද?
                          
අවසානයට අපට කියන්නට ඇත්තේ මෙවැනි සිද්ධියකදී අවිචාරයෙන් හා  ආවේග වලින් බැහැර වී පියවි සිහියෙන් විචාරශීලීව සිද්ධි දෙස බැලිය යුතු බවයි. කෘෂිකාර්මික ආර්ථික රටාව ප්‍රමුඛ වූ අපේ රටේ අදටත් බොහෝ දුරට සමාජ වගකීම් ඉටුකිරීම වැදගත් ලෙස සලකන සාමූහිකත්වය අගයන්නා වූ සමාජ තත්වයක් ග්‍රාමීය වශයෙන් සුළුවෙන් හෝ දැකිය හැක. අතීතයේ මේ තත්වය වඩා ප්‍රභල ලෙස ශක්තිමත්ව තිබී ඇත. නමුත් මෑතක රටේ සැබෑ වටිනාකම් හඳුනා නොගත් මෝඩ දේශපාලුවන් විසින් ගෙන ගෙන ගිය විවුර්ත ආර්ථිකය වැනි රටට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති හා ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහා කිසිදු වටිනා මිනිස් ගුනධර්මයක් අගයන්නට නොදත් මුදල් තන්හාවෙන් අන්ධ වූවන්ගෙන් සමන්විත වානිජ රැල්ලක් නිර්මාණය විය. මේ තුල රටේ හැම දෙයක්ම අදටත් වාණිජකරණය වෙමින් පවතී. මේ ක්‍රියාදාමය හරහා අපගේ අතීත සමාජයේ තිබූ සාමූහිකත්වය ඇතුළු වටිනාකම් කුඩු පට්ටම් වී අන්ත ආත්මාර්ථකාමී ලෙස තම පෞද්ගලික ආර්ථිකය වර්ධනය කරගැනීම පමණක් මුල් කරගත් මිනිසුන් වෙසෙන සමාජක්‍රමයක් ඇති විය. මේතුල සමාජයේ සෑම කෙනෙක්ම රටට වැඩක් කළ හැකි වටිනාකමක් සහිත පුද්ගලයෙකු ලෙස පැවැත්ම ගොඩනගා ගැනීමේ ක්‍රමය අහෝසි වී අනවශ්‍ය බෙදීම්ද නිර්මාණය වී ඇත. රටට නොගැලපෙන අධ්‍යාපනය හරහා උගත් නූගත් යනුවෙන්ද සමාජ යේ බෙදීමක් ඇතිවීම සැබවින් අවාසනාවකි. අර කොණ්ඩයා ඔය කියන අපරාධය ඇත්තටම කරානම් ඔහුගේ මදාවි ජීවිතය එලෙසම කාලකන්ණි ලෙස වර්ධනය වීමට ආත්මාර්ථකාමී සමාජයෙන් යම් රුකුලක් ලැබී තිබීමද වසන් කළ නොහැකි දෙයකි. අප එකක් සිහි තබා ගත යුතුය, ඒ කොටදෙනියාවේ ශෝකජනක සිද්ධියට මුහුන දුන් අය මෙන්ම ඊට චෝදනා ලබමින් දෝෂදර්ශනයට ලක් වූ කොණ්ඩයාද සිංහලයන් යන වගයි. ඇතැම් විට මේ දැරිය ඝාතනය කළ පුද්ගලයා සිංහල නොවන වෙනත් ජන කොටසකට අයත් වීනම් ඊනියා ජාතික සමගියේ නමින් පරීක්ෂණ යට ගසා  ඔහු බේරීමටත් ඉඩ තිබුණි. කෝටි 700කට මදක් වැඩි ලෝක ජනගහනයෙන් සිංහලයන් ඇත්තේ එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න ජනගහනයකි. අප කළ යුත්තේ හිටි අඩියේ ඇතිවන කොටදෙනියාවේ සිද්ධිය වැනි අපරාධ වලට මේ සී සීකඩ විසිරුනු ආත්මාර්ථකාමී සමාජයේ කොතෙක් වැරදි තිබියදී එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට වඩා ලෝකය පුරා විවිධ පැති වලට තිබෙන ප්‍රවනතා අප මෙහෙයවන පිටස්තර බලවේග හා අපේ සමාජයේ දුර්වලතා ගැන  අවබෝධයක් ඇතිව ඒවායෙන් ගැලවීමට කටයුතු කිරීමයි. 

                      
අපට මග හරින්නට බැරි කාරනාවක් මෙහිලා නැවත මත කර යුතුමය. ඒ අද වන විට ලිංගික ව්‍යාකූලත්වය නිසා ඉදිරි පරම්පරා පිටින් අසාර්ථක වූ බටහිරට ආසියාතික රටවල ජනගහන වර්ධනය මහත් හිසරදයක් වීමයි. බටහිර යුදෙවු සංස්කෘතික ආක්‍රමණය ලොව පුරා ක්‍රියාත්මක කරනා ජාත්‍යන්තර සංවිධාන වලට ලංකාව වැනි ආසියාතික රටවල ප්‍රජනනය කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ සීමා කිරීම අවශ්‍යය. ඒ සඳහා බටහිර කාන්තා විමුක්තිවාදය කෙලින්ම ක්‍රියාත්මක කිරීමට මුලින් උත්සහ කළ විජාතික බලවේග බෞද්ධ සමාජ පරිසරයක් ඇති ලංකාව තුල දුෂ්ඨ හා සොබාදහමට එරෙහි යුදෙවු කාන්තා විමුක්තිය පැතිරවීම අපහසු බව තේරුම් ගෙන ඇත. දැන් මේ බලවේගයට තම අරමුණු ඉටු කරගැනීම සඳහා අපේ සමාජය තුල ස්ත්‍රී පුරුෂ ලෙස එකිනෙකා අතර වෛරය වැපිරීමට ක්‍රමයක් අවශ්‍ය වේ. එලෙසම විජාතික බලවේග වලට දැන් සැකයට භාජනය නොවී තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපේ සමාජයේ දුර්වල තැන් අල්ලා ගැනීමටද අවශ්‍ය වේ. ඒ සඳහා විජාතික බලවේග තීක්ෂණ උපක්‍රම භාවිතා කරයි.  අප හුරු වී ඇත්තේ ආන්දෝලනාත්මක ලිංගික අපයෝජන සිද්ධි වලදී අදාල සිද්ධියට මුහුන දුන් තැනැත්තියගේ පවුලේ පියා ඇතුළු පිරිමි සියළුදෙනා සැක කිරීමටය, ඉන් පසුව අහල පහල වැඩිහිටි පිරිමි සියළුදෙනා සැක කිරීමටය, ඊටත් පසු ගමේ මදාවියෙකු සිටීනම් ඔහු සැකකරු කර උසාවි තීන්දුව එන්නත් කලින් වරදකරු කිරීමටය. පොලීසියද මේ ආකාරයටම විමර්ශන මෙහෙයවන්නේ කලක් තිස්සේ කාන්තා විමුක්ති එන්.ජී.ඕ බලවේග ගොඩනගා ඇති මිථ්‍යාවන් ඔස්සේයි. වර්ථමානයේ මෙවැනි සමාජ ගැටළු හමුවේ සමාජයම ලෙඩ කරවන විෂබීජ හා විෂබීජ වැඩෙන සමාජයේම දුර්වලකම් සංසන්දනාත්මකව සොයා බලා මිථ්‍යාවෙනුත් ගතානුගතිකත්වයෙනුත් බැහැරව කෙරෙන බුද්ධිමත් විමර්ශණ ක්‍රම වේදයන් අවශ්‍යය. එසේම මෙවැනි ස්ංකීර්ණ සමාජ ගැටළු හමුවේ කොටදෙනියාවේ ඊනියා උද්ඝෝෂණ කළ බොරු වීරයන් කියන ආකාරයට එල්ලුම් ගස් ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳීමටද නොහැක. වරද කරුවන් එල්ලුම් ගස් යැවුවද කෙනෙක් වරද කිරීමට පොළඹවන ව්‍යාධිජනකයා සමාජයෙන් ඉවත් නොකරන තාක් සිදුවන්නේ ව්‍යාධිජනකයා විසින් කලින් කල හදා එලිබස්සවන වරදකරුවන් එල්ලුම් ගස් යෑම පමණකි. ඒ දෙස බලා සතුටු විය හැක්කේ අපරාධකරුවන් තරමටම නරුම මානසිකත්වයන් ඇත්තවුන්ටය. ඊනියා යුධ අපරාධ චෝදනා එල්ල කරමින් අපේ රනවිරුවන් අපරාධකරුවන් කළ තැන ඔවුන් බිල්ලට ගන්නේත් විජාතික බලවේග වල ලනු කා කොටදෙනියාවේ උද්ඝෝෂන කරවුන් ගෙනෙන්නට කියන එල්ලුම් ගසම බවත් නැවත කිව යුතුයි. ඒ ආකාරයෙන්ම සමලිංගිකත්වය පිළිගැනීමට ලක්කරන පනත් කාන්තා අයිතීන් හා සම අවස්ථා නමින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන තෙක් තවත් දැරියන් කාන්තාවන් කීයක් අතවරයට ලක්ව මිය යෑමට නියමිතද යන්නත් නිස්චිත නැත. සියල්ල සිදුවෙද්දී සැකපිට අල්ලාගත් පසු පාපෝච්චාරනය කරන්නට කොන්ඩයන් කීයක් ඕනෑ වෙයිද යන්නත් ප්‍රශ්නයකි. අවිචාරයේ වෙලී රටත් ජාතියත් විජාතික බූවල්ලාට බිලි  නොදෙමින්, මේරටේ අතීත සමාජයේ තිබූ සැබෑ වටිනාකම් පනගන්වා සී සීකඩ විසිරී දුර්වල වුනු සමාජය ඒකරාශී කර, එකිනෙකාට චෝදනා කරගැනීම නවතමින් රටම ලෙඩ කරන විජාතික බලවේග පරාජය කර සියළු දෙනාට ජාතික වගකීම් වලින් බැඳී සිටින්නට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කර රටේ ජාතිකත්වය සවිබල ගන්වා සියල්ලන් සුරක්ෂිත විය යුතුය. ඉන් මෙපිට මේ ප්‍රශ්න වලට විසඳුම් නැත.