Sunday, November 30, 2014

පොදු අපේක්ෂකයා පැරදවියයුත්තේ ඇයි?



ජනාධිපතිවරනය ගැන එක එක කටකතා පැතිරෙමින් තිබුනේ ජනාධිපතිවරනය ප්‍රකාශ කිරීමටත් පෙර සිටයි. මහින්ද රාජපක්ෂ මහතා සමග තරග වැදීමට විපක්ෂ කණ්ඩායම් වල පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන බවට තිබුණු කතාව මේ සියල්ලේම ප්‍රමුඛ එක විය. පොදු අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව රටේ බහුතරයක් දෙනා අතර තිබුණේ දැඩි කුතුහලයකි. ඒ කුකුස නිමාකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට දැන් පත්වී හමාරය.
                  වත්මන් දේශපාලන තත්වය හා ජනාධිපතිවරනය ගැන විමසුමක් කිරීමේදී 2004 ජනාධිපතිවරනය හා ජනපති මහිද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනයේ පසුබිම ගැන මුලින් යමක් කියා සිටීම වැදගත් වෙයි. 2004 ජනාධිපතිවරනය බොහෝ සෙයින් තීරනාත්මක වූයේ මෙරට ජාතික බලවේග වලටයි. ඒ ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම එවකට උත්සන්නව පැවතීම නිසාය. ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයින් දෙදෙනා වුනේ මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතායි. සුපුරුදු ලෙස සියලු විජාතික බලවේග ඔවුන්ට කවදත් හිතැති එක්සත් ජාතික පක්ෂයේ නායකයා වටා එක් රොක් වී සිටිනු අප දුටුවෙමු. මේ තත්වය තේරුම්ගත් සැබෑ දෑහිතකාමීන් හා ජාතික බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකළේය. මේ වනවිට විජාතික ගැති චන්ද්‍රිකාගේ පාලනයද රටේ පොදු ජනයාට මහත් හිසරදයක් වී තිබුණි. ජාතික මතවාද වලට යම්තාක් බර මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය රටේ ඉදිරි පැවැත්මට වැදගත්ව තිබූ මොහොතක විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හාල්මැස්සන් මිල අඩු කිරීම වැනි මනස්ගාත නොසලකා හරිමින් දෑහිතකාමී බහුතරය රාජපක්ෂ මහතා ජනපති ලෙස තෝරාගත්තේය. සිරසේ එස්.එම්.එස් නාඩගම පුස්සක් විය. චන්ද්‍රිකා කුමාරතුන්ග හිටපු ජනාධිපතිනියද මහින්ද මහතාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය අපේක්ෂාවෙන් සිටි බව කාටත් නොරහසකි.


                    ඒ වන විට ජාතියක් ලෙස ජාතිමාමක සියළුදෙනාට ඉටුකරගැනීමට තිබූ මූලිකම ජාතික අරමුණු 3ක් විය. පළමුවැන්න නම් බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාගේ සන්නද්ද යුධ පෙරමුණ වූ කොටි සංවිධානය (කොටි යනු දෙමළ හෝ හින්දු බලවේගයක් නොවේ) යුධමය වශයෙන් පරාජය කිරීමයි. දෙවැන්න බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාට දකුණු ආසියාවේ සිය මූලස්ථානය පිහිටුවාගැනීමට අවශ්‍ය කූඩාරම අටවාදෙන බොරු දෙමළ නිජභූමි සංකල්පයත් ඊලාම් බෙදුම්වාදයත් මතවාදීව පරාජය කිරීමයි. තුන්වැන්න මේ රටට ආවේනික චින්තන රටාව බලගන්වා, රටට ගැලපෙන අදහස් ඇත්තවුන් රටේ අනාගතය තීරනය කරන තීරක බලවේගය බවට පත්කරගෙන ක්‍රමවත් ඉදිරිගමනකට රට අවතීර්න කිරීමය. සියළු ජාතික බලවේග වල ආශිර්වාදය මැද විජාතික බැමි පුපුරවමින් කොටි ත්‍රස්තවාදය පරාජය කොට අප පළමු කඩයිම පැනගැනීමට සමත් වූයෙමු. එහෙත් දෙවන හා තුන්වන ප්‍රධාන ජාතික අරමුණු කරා යන්නට අප සමත් වී ඇත්ද යන්න ගැටළුවකි. ඇත්තෙන්ම අප අපොහොසත් වී ඇත. ඊට හේතු උනේ ඊලාම්වාදය ඇතුලු සෙසු විජාතික මතවාද සමග විජාතික බලවේග මතවාදීව පරාජය කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමයි.
                              ජාතික අරමුණු කරා යෑම වෙනුවට රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය යම් යම් ගනනාවක් කරගත් බව පෙනෙන්නට තිබේ. අද වනවිට ජනාධිපති ධූර පොදු අපේක්ෂකයා මෙන්ම විජාතාතික රූකඩය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය යටතේ පත්වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට වාසි වී තිබෙන්නේ මේ වැරදි බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් විධායක ජනාධිපති ධූරය එසේම තබාගැනීම වරදක් ලෙස දැකිය නොහැක. ඒ කොටි පැරදවීම ඇතුලු ජාතික අරමුණු කරා යන ගමනට එය වැදගත් වන නිසයි. බටහිර විජාතික බලවේග වලට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එක්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වයට තිබෙන නැඹුරුතාවය නැති කර විජාතිකත්වයට ගෙනයෑමේ උවමනාවක් අතීතයේ සිටම තිබේ. එම වාතාවරනය තේරුම් නොගෙන එක්සත් ජාතික පක්ෂයේ දූෂිත විජාතික ගැති දේශපාලකයින්ද කිසි ඉවක් බවක් නැතිව රජයට සම්බන්ධ කරගැනීම රාජපක්ෂ රජය කළ අදූරදර්ශී වැඩක් විය. මෙරට දේශපාලනයට අරක්ගෙන තිබෙන දූෂණය ගසාකෑම නැවතීම වෙනුවට එය තවත් වර්ධනය වන්නට රජය ඉඩ දුන්නේය. මතට තිට වැනි ප්‍රගතිශීලී වැඩසටහන් ඇනහිටින්නට විය. රටට ගැලපෙන අදහස් ඇති සැබෑ දෑහිතකාමීන් වෙනුවට චන්ද්‍රිකාගේ ගෝලබාලයන් වන බොරු වාමාංශිකයන් නැවතත් රජයට සම්බන්ධ විය. ඇතමුන් ජාතික ලැයිස්තු සාමාජිකයින් වේ. රටේ පාරිසරික වටිනාකම් නොසලකා කෝටි ගනනින් නය වෙමින් කරන අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ඇදුනි. නාස්තියද අධික විය. මේ සියල්ලෙහි බර දරන්නට වී තිබෙන්නේ සාමාන්‍ය මිනිසුන්ටය.
                       
වැදගත්ම කරුනු ටික කීමට ඇත්තේ මෙතැන් සිටයි. ජනාධිපතිවරනයක් ප්‍රකාශ කර තිබෙන මේ අවස්ථාව බොහෝ තීරනාත්මකය. මෙය 2004 තිබූ තත්වයටද යම් හෙයකින් සමානකමක් දක්වයි. ඒ 2004 දී මෙන්ම මේ වනවිටත් ජාතික හා විජාතික බලවේග අතර ගැටුම උත්සන්න වී තිබීම පොදුවේ පෙනෙන්නට ඇති බැවිනි. පෙර පරිදිම දැන්ද සියළු විජාතික බලවේග පොදු අපේක්ෂකයා වටා එක්වී ඇත. දෙමළ සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය හොරගල් අහුලන්නේ අවසන් මොහොතේ පොදු අපේක්ෂකයා සමග එක්වීමටය. ඒ දැන්ම එය කළහොත් සිංහල බහුතරයට තත්වය වහා වැටහෙන බැවින් ඔවුහු ඊට සුදුසු වෙලාව එන තෙක් කල්මරමින් සිටීමටයි. මේ අතර එදා මෙන්ම අදත් සියළු ජාතික බලවේග ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගයි (හෙළ උරුමය සැබෑ ජාතික බලවේගයක්ද යන්නත් දැන් සැකය ). මේ සියළු කරුණු සලකා බැලීමේදී රජයේත් ජනාධිපතිවරයාගේත් වැරදි සෙවීමට මත්තෙන් විජාතික බලවේග නැවත වරක් පරදවා ජනාධිපතිවරයාත් රජයත් ජාතිකත්වයට හිතැති පෙර වැරදි වලින් බැහැරවූ වැඩපිලිවෙලකට අවතීර්න කරගන්නේ කෙසේද යන්න සැබෑ ජාතික බලවේග විසින් සිතා බැලියයුතුව ඇත. අද රටට මූලිකව අවශ්‍ය වන්නේ මේ රටට ආවේනික අදහස් මතවාද ඇත්තවුන්ට මතවාදී නායකත්වයකි. ඇත්තෙන්ම බොරු සෝබනය පමණක් ඇති ව්‍යාජ සංවර්ධන වැඩපිළිවෙලවල් රටට අවශ්‍ය නොවේ. එවැනි දෑ මෙරට බහුතරයක් ඉල්ලාද නැත. එබැවින් ජාතියට මතවාදී නායකත්වය ලබාදීම ප්‍රමුඛත්වයේලා සැලකිය හැකිනම් රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට රටට ආවේනික වූචින්තන නිදහසක් බලාපොරොත්තු වන වැඩි දෙනා පැකිලෙන්නේ නැත. සැබවින්ම වියයුත්තේද එයයි.
                    මෙහිදී කාට කාටත් අප මතක්කර දෙන එක් වැදගත් කාරනයක් තිබේ ඒ රටට ආවේනික ලෙස සිතන පතන බහුතරයකට රටේ ජාතික අනන්‍යතාවය සජීවී ලෙස තබාගැනීමට අවශ්‍ය චින්තන ශක්තිය දුර්වල කර අකර්මන්‍ය කරනා දේශපාලකයින්ගේ වංචාවෙන් දූෂණයෙන් තොර සාධාරන පාලනය රටට වැඩක් නැත යන්නයි. ජාතික බලවේග සනසා කොපමණ හොරකම් කළත් හරි යැයි කියාද අප කියන්නේ නැත. නමුත් සාධාරන ලෙස එක දෙයක් කිව යුතු වේ. වත්මන් රජයේ දූෂණ වංචා ගැන මැසිවිලි නගමින් පොදු අපේක්ෂකයාට චන්දය දුන්නොත් සිදුවන්නේ ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ රූකඩය වීම පමණි. ඉන් පසුවට රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයන් වංචාව නොකරයි කියා කාට කිව හැකිද. එ.ජා.ප පාලන සමය තුල සිදු වූ දූෂණ වංචා අප හොඳින් දන්නෙමු. පොදු අපේක්ෂකයා දින්නොත් වෙන්නේ වංචාව දූෂණය එලෙසම තිබියදී විජාතික බලවේග ශක්තිමත් වී ජාතික ආරක්ෂාව පවා තර්ජනයට ලක්වීමත්, අවසානයේ නිදහසේ ජීවත් වෙන්නට තිබූ රට නැති වීමත් පමණකි. චන්ද්‍රිකා කුමාරතුංගත් රනිල් වික්‍රමසිංහ මහතාත් බලවත් වූ හැමවිට අනියම් ආකාරයකට මෙරට පාලනය ගෙනගියේ බටහිර විදෙස් තානාපතිවරු කිහිපදෙනෙක් හා එන්.ජී.ඕ කාරයන් ටිකකුත් කොටි සංවිධානයත් බව අපට අමතක කළ නොහැක.

                       පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නට යන වැඩපිළිවෙල ගැන ඇතිවන ගැටළුද පැහැදිලිව තිබේ. පළමුවැන්නනම් විධායක ජනාධිපති ධූරය දින 100ක් ඇතුලත අහෝසි කිරීමේ කාරනයයි. එය දින 100න් කරන්නට තිබෙන හැකියාව පසෙකින්ලා අප සොයා බැලියයුත්තේ එවැන්නක් ඇත්තෙන්ම රටට අවශ්‍යද යන්නයි. බහුතරයක් ජනයා එවැන්නක් බලාපොරොත්තු නොවේ. කොටි සංවිධානය යුධමය වශයෙන් ප්‍රාජය කිරීමේ තීරනාත්මක අඩියට රටම තල්ලු වී ගිය තැන එම අභියෝගය ජයගත්තේ විධායක ජනපති බලතල උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මේ කටයුතු කිරීමට පාර්ලිමෙන්තුව හරහා යෝජනා 2/3 න් සම්මත කරගෙන එනතෙක් සිටියේනම් වෙන ටික හිතාගන්නටත් බැරිය. අනෙක ජනාධිපති පාර්ලිමෙන්තුවට වගකිවයුතු බවට තර්ක ගෙන එන අය විධායකය අහෝසි කළ පසු පලාත්සභාව පර්ලිමෙන්තුවට වගකිවයුත්තේ කෙසේද යන්න නොකියති. මෙය ගැටළුවක් වන්නේ 1987 වර්ධරාජා පෙරුමාල් ඊලම ප්‍රකාශ කර ඉන්දියාවට පනිද්දී තත්වය පාලනය කර පලාත්සභාව විසුරවීමට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට විධායක බලතල පාවිච්චි කිරීම හැර වෙන කරන්නට දෙයක් නොතිබීමේ කාරනාව සලකන විටය. ඇරත් මඓත්‍රීපාල සිරිසේන මහතා විධායකය අහෝසි කර කුමන මට්ටමකට බලතල තන්සතුව තියාගන්නේද යන්න පැහැදිලිද නැත. අපට හිතන්නට තිබෙන අනෙක් බැරෑරුම් කාරනය චන්ද්‍රිකා කුමාරතුංග මේ පොදු විපක්ෂ කණ්ඩායම සමග සිටීමයි. පොදු අපේක්ෂකයා ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු චන්ද්‍රිකා කුමාරතුන්ග බලවත් වීමද වැලැක්විය නොහැක. චන්ද්‍රිකා 1994 සිට 2004 තෙක් කළකී දෑ අප දනිමු. මැය ඊලාම්වාදය ශක්තිමත් කළාට අමතරව බටහිර කාන්තා විමුක්තිවාදය රට පුරා වපුරමින් රාජ්‍ය නොවන සංවිධාන වල ආශිර්වාදය යටතේ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජ මනෝ විද්‍යාත්මක හැඩගැස්ම විනාශ කරන්නට කටයුතු කළ ආකාරය අමතක කළ නොහැක. එතැනින්ද නොනැවතී සමලිංගික විකුර්ති කාම අපචාර සාධාරනීකරනය කරමින් විකුර්ති කාමුකයන්ට කල්ලි ගැසීමටද චන්ද්‍රිකා අනුබල දුන් බව අමතක කරන්නට කිසිවිටකත් බැරිය. මෙවන් තත්වයක් යටතේ මහින්ද මහතා ජයගැනීම යන කාරනයටත් වඩා පොදු අපේක්ෂකයා පරාජය කිරීම වැදගත් වේ.  
                             
ඇත්තෙන්ම දැන් උදා වී තිබෙන්නේ විජාතික බලවේග පරදවා ජාතික බලවේග ජයගැනීමේ සටනක් තීරනාත්මක අවධියයි. ජනාධිපතිවරයාටත් රජයටත් පෙර වැරදි හදාගෙන ජාතික බලවේග වල විශ්වාසය ගොඩනගාගැනීමට බැරිකමක් නැත. මහින්ද රාජපක්ෂ මහතා රජය රටවැසියා ඉදිරියේ අප්‍රසාදයට පත්කරවන දේශපාලන අමනයන්ට නිසි දඬුවම දී පැත්තකට ඇද දැමියයුතුය. එමෙන්ම එතුමා කිසි විටකත් දෙමළ සංධානය හෝ මුස්ලිම් කොංග්‍රසය සමග රටේ ජාතිකත්ව පදනමට අහිතකර ගිවිසුම් වලට නොයායුතුවේ. රාජපක්ෂ මහතා දැන් කළයුතු වන්නේ තවත් බොරු සමාජවාදීන්ටත් ලිබරල්වාදීන්ටත් අනුග්‍රහය දැක්වීම නොවේ. එලෙසම රාජපක්ෂ මහතා මාක්ස්වාදය, පස්චාත් නූතනවාදය කාන්තා විමුක්තිය ආදී විජාතික මතවාද සමග එකට සිටගැනීමද නොකළයුතු දෙයකි. එතුමා දැන් කළයුතු වන්නේ රටට ගැලපෙන අදහස් ඇති පුද්ගලික ලාභ අපේක්ෂාවන්ගෙන් තොරව ක්‍රියාකරන පිරිසක් සන්දානයෙන් දේශපාලනයට එක්කිරීමයි. ඉන් පසුව රටට ආවේනික ලෙස හිතන පතන බහුතර ජනයා  රටේ තීරක බලවේගය බවට පත්කළයුතු වේ. 1994න් පසු චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පැමිණ එම පක්ෂයටද එක්සත් ජාතික පක්ෂයේ විජාතික මුහුනුවරම ලබාදීමට කටයුතු කළාය. රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් මේ තත්වය වෙනස් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ ජාතිකත්වයට හිතවත් යුක්තිය හා සාධාරනය අගයන මුහුනුවර ලබාදීමටද කටයුතු කළයුතුය. මෙ කටයුතු සිදුකළහැකිනම් මහින්ද රාජපක්ෂ මහතාට ජාතික බල වේග වල ආශිර්වාදය යටතේ තුන් වරක් බැරිනම් දිවි ඇති තෙක් බලයේ සිටිමින් රටේ ජාතික අරමුනු අනුව පැහැදිලි නිරවුල් ගමනක් යා හැක. පොදු අපේක්ෂකයාව පැරදවියයුත්තේ ජාතික අරමුණු කරා යන්නට ඔහුගෙන් රුකුලක් නොලැබෙනවා මෙන්ම රටම නැවතත් අනාරක්ෂිත වී බෙදුම්වාදය පවා ශක්තිමත් වීමට පොදු අපේක්ෂකයාගේ අවිනිස්චිත දේශපාලනය හේතු වියහැකි බැවිනි.

10 comments:

  1. මමනම් හිතන්නේ නෑ පොදු අපේක්ෂකයා දිනයි කියලා.හැබැයි ලොකු තරඟයක් තියෙයි

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ නෑ. පොදු අපේක්ෂකයගේ වැඩ පිළිවෙල පැහැදිලි නෑ.

      Delete
    2. තියෙන එකම පැහැදිලි වැඩපිළිවෙල විජාතික අරමුණු වලට මුක්කු ගැසීම.

      Delete
  2. මුස්ලිම් කොන්ග්‍රස් එකත් පොදු අපේක්ෂකයටද?

    ReplyDelete
    Replies
    1. ඔවු පැහැදිලිව. මේ අය පිල් මාරු කරල යන්න හිතන්නේ ජනාධිපතිවරනය කිට්ටු කරලා.දැන්ම පැන්නොත් සිංහල මිනිස්සුන්ට දැනෙයි කියලා.

      Delete
  3. මාලිනී බුලත්සිංහල මැරුණු දිනට ආසන්න දිනෙක චන්ද්‍රිකා දේශනයකදී මාලිනී බුලත්සිංහල ගැන සඳහන් කලා එතනදී චන්ද්‍රිකාට "බුලත් සිංහල" කියන වචනෙ කියාගන්න බැරිවුනා එයා කිව්වේ මාලිනී බුලත්ත් .. සිංහල කියලා එතනදී සිංහල කෑල්ල කිව්වේ බොහොම හොරෙන්.
    මේකෙන් තේරෙන්නේ චන්ද්‍රිකාගේ මානසිකත්වය
    ඉතින් එ් වගේ කෙනෙක් ඉන්න සංධානෙක කෙනෙක්ට ජනාධිපතිවෙන්න සිංහල බෞද්ධයන් ඉඩ නොදිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔය පාහර ගෑනි කරපු කියපුවා අපි කාට කාටත් මතකයි හොඳට. චන්ද්‍රිකාට තවත් ජාතිය රවටන්න බෑ.

      Delete
  4. හොඳ ලිපියක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිපිය බැලුවට

      Delete
  5. එල පෝස්ට් එක!

    ReplyDelete