Sunday, October 5, 2014

වාරියපොලෙන් රත්නපුරේට


මෑත කාලයේ වාරියපොල ප්‍රදේශය බෙහෙවින් ජනප්‍රිය විය. ඒ කතාවේ ප්‍රධාන චරිත දෙක සෙල්වා සහ ඉමල්කායි. නොහොබිනා කතාවකින් කෝපයට පත් ඉමල්කා සෙල්වාට අතුල්පහර දුන්නාය. අන්තිමට දෙදෙනාම එක රැයින් සයිබර් අවකාශයේ ජනප්‍රිය චරිත බවට පත් විනි. ඒ ගැන දැන් තවත් විස්තර අවශ්‍ය නැත. මේ කියන්නට යන්නේ වාරියපොල සිද්ධියේ උනුසුම මැකී යමින් පවතින අතරේ තවත් ආන්දෝලනාත්මක සිද්ධියකින් රත්නපුරය උනුසුම් වීම ගැනයි. ඒ සිද්ධියනම් පසුගියදාක රත්නපුරය නගර මධ්‍යයේ පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහර දීම වේ.
                            මේ සිද්ධියට මුල් වුනායැයි කියන හේතුවත් තරමක ආන්දෝලනාත්මක එකකි. පහරකෑමට ලක්වූ කාන්තාව අනාචාරයේ හැසිරෙන බවට තොරතුරු හෙලිවී ඇත. මේ අතර පොලිස් නිලධාරියාගේ කෝපයට හේතු වී ඇත්තේ ඔහු පෙර කී කාන්තාව සමග ලිංගික ඇසුරකට කළ ආරාධනාවක් ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඇතැම් විට පොලිස් නිලධාරියා නොමිලේ එම කටයුත්ත කරගැනීමට උත්සහ කළා විය හැක. කෙසේවෙතත් මෙතැන අපට කතා කරන්නට කරුනු කීපයක්ම ඇත. ලිංගිකත්වය මුදලට විකිණීම පිළිගත නොහැකි උනත් අනාචාරයේ හැසිරෙන කාන්තාවන්ගෙන් අදාල සේවාව ලබාගැනීමට පිරිමි පාර්ශවයට යම් උනන්දුවක් ඇතිකරවන්නේ ස්වභාවිකවය. ඊට මෙකලනම් බලපාන සාධාරන හේතු බොහොමයක් තිබේ.
                       

ගණිකාවන්ට ඉල්ලුමක් ලැබෙන්නට බලපාන මූලිකම හේතු තුනක් අපට කෙලින්ම පෙන්වාදිය හැක. එකක් නම් පිළිගත් ලිංගික ජීවනරටා අවුල් වීම තුලින් විවාහයෙන් පිට ලිංගික ආශ්‍රයන්ට පිරිමින් සැලකියයුතු පිරිසක් දක්වන උනන්දුවයි. තවත් එක්දෙයක් වන්නේ ප්‍රමිතියකින් තොර නාගරීකරනය සමග රැකි රක්ෂා කිරීමට රටේ හතරදිග්බාගයෙන්ම මිනිසුන් නගර වලට රොක් වීමයි. අනෙකනම් බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා කලක් තිස්සේ විශේෂයෙන් සිංහල සමාජය තුල ස්ත්‍රී පුරුෂ ලෙස ගොඩනගා තිබෙන වෛරී ආකල්පත් කාන්තාවන් මානසිකව පුරුෂකරණය කර ස්ත්‍රීත්වයේ අනුවර්තනයන් කප්පාදු කිරීමත් හරහා පිරිමින් වැඩි දෙනෙකුගේ ලිංගික අවශ්‍යතාවයන්ට  ගැලපෙන කාන්තාවන් සාපේක්ෂව අඩු වීමයි. ගණිකාවන් මුදලට සේවය සැපයුවද බොහෝ දෙනෙකු තම ගනුදෙනුකරුවන්ට නිසි තෘප්තියක් ලබා නොදෙන කාරනාවත් මේ හා සම්බන්ධව මතක්කළයුතු ගැටළුවකි. මේ සිදුවීම තුල අප දුටු තැනැත්තිය ඇඳ සිටියේ කලිසමක් හා බ්ලවුස් එකකි. කවර කුහකයෙකු කුමක් කිවුවද කලිසම පිරිමින් ආකර්ශනය කරන කාන්තා ඇඳුමක් නොවේ. මේ තැනැත්තියට ඒ ගැන සවිඥ්ඥානික බවක් නැති බව පෙනෙන්නට ඇත. ඒගැන දීර්ග කරුණු දැක්වීමකට මේ අවස්ථාව නොවෙයි. කොයියම්ම හේතුවක් නිසාවත් පොලිස්  නිලධාරියාගේ ක්‍රියාකලාපය හරියැයි කියන්නටද අප කාටවත් පුළුවන්කමක් නැත. නමුත් පොලිස් නිලධාරියාගේ පැත්තෙන් ඔහුට ඇතිවූ කෝපයට සාධාරන හේතුද තිබිය හැකි බව අප අමතක නොකළයුතුය.
                           
මෙතැන කතාවට අනුවනම් පොලිස් නිලධාරියා අදාල කාන්තාවත් සමග ලිංගික ඇසුරකට යෝජනා කර ඇත. බුකියේ පලවූ ඇතැම් තොරතුරු වල මෙය අයතා යෝජනාවක් ලෙසද දක්වා තිබුණි. නමුත් මේ කාන්තාව මුදලට ලිංගික සේවාව සපයන තැනැත්තියක්නම් පොලිස් නිලධාරියා ඇයට කර ඇත්තේ අයතා යෝජනාවක් නොවේ. එහෙත් ඔහු ඇය විසින් සපයන ලිංගික සේවාවට කිසිදු ගෙවීමක් නොකර එම ඇසුර පැවැත්වීමට යෝජනා කර ඇත්නම් එතැන ගැටළුවක් පැහැදිලිව ඇත. බොහෝ විට කාන්තාව එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට හේතුවත් එය වීමට හැකිය. කවුරු කෙසේ කිවුව ලිංගිකත්වය මුදලටම විකිණිය නොහැක. ඒ ලිංගික අවශ්‍යතාවය හැමට ස්වභාවයෙන් පිහිටන නිසා වෙයි. මුදලට සේවා සපයන්න ගියත් එවැනි කාන්තාවන්ටද ලිංගික ආශාව තිබෙන බව ඔවුන්ද හොඳින්ම දනිති. මුදල් මතම නොවන දෙපාර්ශවයටම සාධාරන ආශ්‍රයකට අනාචාරයේ හැසිරෙන කාන්තාවක් උවත් පොළඹවාගන්නට පිරිමියෙකුට යම් අදහසක් පහල වුවොත් එය පුදුමයක් නොවේ. එහෙත් එය අසාර්ථක වූ විට  මේ සිද්ධියේ පොලිස් නිලධාරියා මෙන් කෝපයෙන් කාන්තාවට පහරදීමද සාධාරන නැත.
                                 සමලිංගිකත්වය වෙනුවෙන් කෑමොරදෙන කාන්තා විමුක්තිවාදීන්ටත් ඔවුන්ට ගුරුහරුකම් දෙන බටහිර එන්ජීඕ කාරයන්ටත් පොලිස් නිලධාරියාගෙන් පහරකෑ තැනැත්තිය ගැන වගක් නැතිඋනත් ඇය කායිකවත් මානසිකවත් පත් වූ වේදනාකාරී තත්වය ගැන අපට යම්කිසි අවබෝධයක් ඇත. ඇය ගැන අනුකම්පාවක් අපට ඇතිවන්නේ කාන්තා විමුක්තිවාදීන්ට නැතත් ස්ත්‍රීත්වය යන්නෙහි වටිනාකමක් අපට තිබෙන නිසාය. එබැවින් තම අරමුණ ඉටු නොවීමෙන් කෝපයට පත් පොලිස් නිලධාරියා ඇයට දරුනු ලෙස පහරදීම වරදක් බව කීමට අප මැලිකමක් නොදක්වමු.
                              

     
මේ සිද්ධිය තුල සැඟවී ඇති එහෙත් කාගේවත් අවධානයට හරි හැටි ලක් නොවූ කාරනයක් ගැන මතක්කර දීමටද අප කැමැත්තෙමු. ඒ බටහිර කාන්තා විමුක්තිවාදී මතවාද, අරමුණු හා කාන්තා විමුක්ති න්‍යායපත්‍රය මත පදනම්ව කාන්තා විමුක්තිකාමීන් මේ සිද්ධිය හමුවේ කෙසේ ක්‍රියාකරන්නේද යන්නයි. රටේ සමාජය තුල සිදුවන ඔවුන්ට මතවාදීව අවාසිසහගත සියලු දේ ගැන තීක්ෂණව ඇස යොමුකර බොරු ප්‍රශ්න මවමින් කාන්තාවන්ට සිදුවන ඊනියා අසාධාරනකම් ගැන කෑමොරදීමට සැදී පැහැදී සිටින මේ කාන්තා විමුක්තිවාදීන් අර පොලිස් නිලධාරියාගෙන් පහරකෑ කාන්තාවටනම් අනුකම්පා කරන්නේ නැත. ඒ එසේ කිරීම ඔවුන්ගේ න්‍යායපත්‍රයට හා මතවාද වලට පටහැනි නිසාය. එසේ වන්නේ සිද්ධියට අදාල කාන්තාවගේ ලිංගික අවශ්‍යතාවයේ ස්වරූපය විෂම ලිංගික වීමත් ඇය ස්ත්‍රී මානසික හැඩගැස්මක් ඇති තැනැත්තියක් වීමත් අනුව විෂම ලිංගික ස්ත්‍රීත්වය වෙනුවෙන් පෙනීහිටීම බටහිර කාන්තා විමුක්තිවාදයට පටහැනි දෙයක් වීම තුලයි. යම්හෙයකින් සමලිංගික කාන්තාවකගේ විකුර්ති හැසිරීමක් සම්බන්ධව පොලිස් නිලධාරියෙකුගෙන් හෝ වෙනත් විෂමලිංගික පිරිමි අයෙකුගෙන් මේ සිද්ධියේ ආකාර ප්‍රතිචාරයක් ලැබුණේනම් ඊනියා කාන්තා විමුක්තිවාදීන්, මානව හිතවාදීන් කුලප්පු වන ආකාරය බලාගන්නට හැකිය.
                              
         එය එසේ තිබියදී කාන්තා විමුක්තිවාදීන්ට පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්නටද නොහැකිය. මේ පොලිස් නිලධාරියා පිරිමි ළමයින් ලිංගිකව අපයෝජනය කරන සමලිංගිකයෙකු වූයේනම් එන්.ජී.ඕ කාන්තා විමුක්තිවාදීන්ට ඔහුගේ වටිනාකමක් පැහැදිලිවම තිබේ. එහෙත් මේ සිද්ධියට අදාල පොලිස් නිලධාරියා විෂම ලිංගික පිරිමි අයෙකු වේ. එබැවින් එවැන්නෙකු වෙනුවෙන් පෙනීහිටීමද කාන්තා විමුක්තිවාදී න්‍යායපත්‍රයට පටහැනිය. ඇතැම්  විට මේ පොලිස් නිලධාරියා බාල වයස්කාරියන් සමග විවාහ වන පිරිමි අයවලුන් අතඩංගුවට ගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් කිරීමට කටයුතු කර බටහිර කාන්තා විමුක්තිවාදයට මතවාදීව සහය දෙන කෙනෙක්නම් ඔහුගේ වටිනාකම මේ ඊනියා කාන්තා විමුක්තිකාමීන්ට දැනෙන්නට තිබුණි. එහෙත් එවැන්නක්ද ඔවුන්ගේ ඉවට හසුවී නැති හැඩය. අඩු තරමින් එවැනි මට්ටමක මතවාදී සහයක් ඔවුන්ගේ පැත්තට පොලිස් නිලධාරියාගෙන් ලැබෙන බව ඒත්තු ගියේනම් කාන්තා විමුක්තිවාදී කණ්ඩායම් ඔහු වෙනුවෙන් කෑමොරදීමටද පසුබට වන්නේ නැත. එහෙත් මෙතැන සිදුවී ඇත්තේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයේම හැසිරීම බටහිර කාන්තා විමුක්තිවාදයට පටහැනි වීමයි. රට පුරා බූවල්ලෙකු අඬු විහිදුවා සිටින ආකාරයට ව්‍යාප්ත වී ඇති එන්.ජී.ඕ ජාලයේ කාන්තා විමුක්තිවාදී අංශයට මේ සිදුවීම මගහැරෙන්නටනම් කොහෙත්ම ඉඩක් නැත. ඔවුන් සිද්ධිය නොදන්නවා නොවේ. දැනගත්තත් කරන්නට දෙයක් නැත්තේ සිද්ධියෙන් පීඩාවටපත් පාර්ශවයත් පීඩකයාත් දෙදෙනාම ඔවුන්ගේ මතවාදයට බැහැරව හැසිරෙන අය නිසාය.
                               අවසන් වශයෙන් අප සොයාබැලියයුත්තේ මේ සිද්ධියේදී ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය හා අන්තර්ජාලය තුල සිද්ධිය ප්‍රචාරය වූ ආකාරය හා විචාරයට බඳුන් වූ ආකාරය කුමක්ද යන්නයි. ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය වලින් බොහොමයක් සිද්ධියේ ඇත්ත වසන් කිරීමටත් පොලීසියේ ක්‍රියාකලාපය තුල ඇති ගැටළුව මගහැර වෙනත් වල්පල් ඉදිරිපත් කිරීමටත් උත්සහ කර ඇති බවක් පෙනේ. එහෙත් අන්තර් ජාලයේ, විශේෂයෙන් බුකියේ මේ සිද්ධිය ඒ ආකරයෙන් ප්‍රචාරය විය. නමුත් සයිබර් අවකාශය තුලද සිද්ධිය ගැන තිබුණේ විචාරශීලී බවකට වඩා මඩ ගසාගැනීම් විය. ජනාධිපතිවරයාටත් රජයටත් බැනවැදීමට කට හදාගෙන ඊට අවස්ථාවක් ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් සිටින පිරිස පුරුදු ලෙස සිද්ධියට පොලීසිය සම්බන්ධ බැවින්  දෙවරක් නොහිතා කාන්තාව ගැන බොරු අනුකම්පාවක් මවාගෙන රජයට වරද පටවා දෝෂාරෝපනය කර තෘප්තියක් ලැබීය. රජයට පක්ෂපාතී පිරිස හා ඇතැම් දෑහිතකාමීන් කාන්තාවගේ ක්‍රියාකලාපය වැරදි බව උලුප්පා පොලිස් නිලධාරියා සාධාරණීකරණය කිරීමට උත්සහ කර ඇත. නමුත් මෙතැනදී මතුකළයුතු වැදගත්ම ප්‍රශ්නය මතුකරන්නට මෙතෙක් කිසිවෙකුත් සමත්වී ඇති බවක් නොපෙනේ. ඒ කාන්තා දින වලට මතක්කරදෙන ඊනියා කාන්තා අයිතීන් මේ සිද්ධියේදී කොහේ තිබුණේද යන්න හා කාන්තාවන් වෙනුවෙන් නිල මට්ටමෙන් පෙනීහිටින ආයතනවත් පොලිස් නිලධාරියාගෙන් පහරකෑ තැනැත්තිය වෙනුවෙන් පෙනී හිටින්නට මැලි වන්නේ ඇයිද යන කාරනයයි. වාරියපොලදී සෙල්වාට අතුල් පහර දුන් තැනැත්තියට නීති උපදෙස් දීමට එන්.ජී.ඕ කාරයන් ඉදිරිපත් විය. රත්නපුරේ කාන්තාව වෙනුවෙන් ඔවුන්ද පෙනීහිටින්නේ නැත. අවසානයට සිදු වුනේ බොරු මඩ ගසා ගැනීම් හා වැඩකට නැති වල්පල් තොගයකින් සිද්ධිය ගැන නිසි ඉලක්කයකට නිවැරදි විචාරයක් කිරීමට තිබූ අවස්ථාවක් මගහැරී සයිබර් අවකාශය පුරාවටත් ගොන් ආතල්කාරයන් බඩ පිනුම් ගැසීමයි.

2 comments:

  1. කොයි අතකින් වත් හොඳක් දකින්න නැති මහ කාලකණ්නි රටක් මේක.

    ReplyDelete
    Replies
    1. මේ කාලකන්නි කම තවත් වැඩි වෙනව ඉදිරියෙදි ඔය ගැන අවබෝධයකින් කටයුතු නොකළොත්. මේ දේවල් ගැන හරි විචාරයක් කරන්න බැරි මෝඩ මලයක්කු ඉස්සර වෙලා ප්‍රශ්න අනල වන කරල ගොන් ආතල් ගන්න නිසා.

      Delete