Tuesday, September 9, 2014

නිද්‍රාශීලී පිරිමින්ට අවධිවීමට පණිවිඩය දුන් වාරියපොල කලබගෑනිය.


වාරියපොලදී කෙලෙක් කොල්ලෙකුට ප්‍රසිද්ධියේ පහරදීලා. දැන් ඒ ගැන මාධ්‍ය වලයි සයිබර් අවකාශය පුරාවටයි එක එක කතා යනවා. මේ සිද්ධිය ගැන තවත් කරුණු හෙලි වෙමිනුයි තියෙන්නේ. මේ සිද්ධිය අපේ ඇසින් බලා කාගේත් අවධානයට ලක් නොවන වැදගත් කරුණුත් මේ  සම්බන්ධව ඇතුල් කර වෙනමම ලිපියක් පල කිරීමටද අප අදහස් කර සිටිමු. මේ ලිපිය පලකරන්නේ සිද්ධියත් එහි පසුබිම හා පහරදීම කළ තැනැත්තියගේ හැසිරීමට මුල් වූ මතවාදී පසුබිමත් ගැන කරුණු ස්වල්පයක් පැහැදිලි කිරීමටයි.
                      මේ වනවිට අනාවරනය වී ඇති කරුණු අනුවනම් අදාල තරුණියගෙන් අතුල් පහර කෑ තරුණයා මේ තැනැත්තියට යම්කිසි නොහොබිනා කතාවක් ඇයගේ ඇඳුම ගැන කීම සිද්ධියට මූලික වී ඇති හේතුවයි. ඊට අනුව බලන විටනම් අර පුද්ගලයා තරුණියගේ ඇඳුම ගැන අනවශ්‍ය කතාවක් කීමෙන් ඔහුද යම් වරදක් කර ඇත. නමුත් එය අදාල තරුණියට එම පුද්ගලයාට අතුල් පහර දීමට තරම් හේතුවක් යැයි කියන්නට බැරිය. ඇරත් මේ තරුණිය එම පුද්ගලයාට පැය බාගයක් පමණ පහරදීම කර ටිහිබේ. වැඩිම උනොත් ඇයට කළයුතුව තිබුණේ මේ පුද්ගලයාට පළමුව වාචිකව නිසි පිළිතුරක් දී ඔහුගේ ගැටළුවට ප්‍රතිචාරය දැක්වීමයි. කාන්තා ඇඳුම් වලින් සිරුර ඇරෙන වැහෙන ප්‍රමාණය අල්ලාගෙන නොහොබිනා විහිළුවක් කරන කෙනෙකුට ඒ පුද්ගලයාගේ කුහකකම ඔහුටම වැටහෙන ආකාරයට නිසි පිළිතුරක් දීම ඒ තරම් අමාරු නැත. ඊට කාන්තා විමුක්තිවාදය අනුගමනය කරන්නට අවශ්‍ය නොවන්නේ බටහිර කාන්තා විමුක්තිය මෙවැනි ගොන් සුචරිතවාදයන්ගෙන්ම යම් ජීවයක් ලබන නිසා. කාන්තාවන් අඳින ඇඳුම් වල අඩුපාඩු ගැන කවුරු කුමක් කිවුවත් ඊට කැමති පිරිමින් කොට්ඨාශයක්ද මේ මිනිස් සමාජයේම සිටිති. වාරියපොල සිද්ධියේදීද අර තරුණියට ඒ ගැන බුද්ධිමත්ව ප්‍රශ්න කිරීමට හොඳටම ඉඩ තිබුණි. එසේ කළානම් අර පුද්ගලයාද නිරුත්තර වන බැවින් කතාව දුරදිග යන්නේත් නැත. නමුත් උනේ වෙන දෙයක්ය. ඒ අර තරුණිය පොඩි කතාවක් අල්ලාගෙන යක්ෂාවේස වී එම කතාව කී පුද්ගලයාට දිගින් දිගට අතුල් පහර දීමය.
                    

     මේ සිද්ධියේදී අර තරුණිය අනුගමනය කළ ආක්‍රමණකාරී ජුගුප්සාජනක හැසිරීම කවුරුවත් අනුමතකරන එකක් නෙවෙයි ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය වන සෙල්වා නම් දෙමළ තරුණයා කියපු කතාව මොකක් උනත්. ඒත් අර තැනැත්තිය එසේ හැසිරුනේ ඇයි? ඇයගේ කතා විලාශයද මුඩුක්කු භාශාවට අන්තය. ඇයට සිය පෙනුම ගැන යම් මානසික ගැටළුවක්ද ඇතිබව පෙනේ. ඔයිට වඩා හොඳ රූප ස්වභාවයක් ඇති කෙනෙකුට මේ විහිලුව කළානම් කෝප වුවත් මේ තරම් ආවේස නොවීමට ඉඩ ඇත්තේ පිටට මොන කතා කිවුවත් පිරිමින් තමන්ට ආකර්ශනය වන බවත් ඔවුන් දන්න නිසා වෙයි. සෙල්වාට හඩු බාසාවෙන් බැනවදිමින් අතුල් පහර දුන් අර තැනැත්තිය පසුපස ඇයට ඒ සඳහා සවිය ලබාදුන් මතවාදී පසුබිමක්ද  තිබෙන බව අප අමතක නොකළයුතුය. ඇයගේ කතා විලාශයෙන් පෙනෙන්නේද මින් පෙරාතුව චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ හොර රහසේ ඇටවූ පුරුෂ විරෝධී නීති ගැන ඇය හොඳින් දන්නා බවයි. ඇය මාධ්‍ය වෙත පසුව කළ ප්‍රකාශයක පිරිමි ළමයි ගොඩක් ඇය සමග තරහ බව සඳහන් විය. මේ සිද්ධියේදී රාජ්‍ය නොවන කාන්තා සංවිධාන මගින් ඇයට නීති ආධාර ලබාදී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
                             මේ දෙස විචාර බුද්ධියෙන් යුතුව බැලියහැකිනම් වාරියපොල කලහකාරී තරුණියගේ හැසිරීමට ජවය දෙන හා ඇයට ආරක්ෂාව සපයන මතවාදී බලවේගය බටහිර කාන්තා විමුක්තිවාදය බව තේරුම්ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය නැත.  අප එසේ කියන්නේ ඇයට සෙල්වා අතින් උන වරද වරදක් ලෙස සමාජය ඒ ආකාරයෙන් පිළිගත්තත් ඇය සෙල්වාට දක්වපු ප්‍රතිචාරය ඒ අයුරින්ම පිළිගන්නට සූදානම් නැති නිසාය. ඒ හැරුනු විට එලෙස හැසිරෙන තරුණියකට කිසිවිට අප සමාජයේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගන්නටද නොහැකි වේ. කාන්තාවන්ගේ ඇඳුම් වල අඩුපාඩු අල්ලාගනිමින් ඔවුන් අපහසුතාවයට පත්කරන එක හරි යැයි කීමට අපට අවශ්‍ය නැත. නමුත් මෙතන යක්ෂාවේසයෙන් හැසිරුණු තරුණිය තමන්ට සමාජයෙන් කුමන ප්‍රතිචාරයක් ලැබුණත් ඇය සමාජයේ පිළිකුලට ලක් වුවත් එතරම් ගනනකට ගන්නා බවක් පෙනෙන්නට නැත. පිරිමි ළමයි ගොඩක් ඇය සමග තරහ බවත් ඇයම පවසයි. සමාජය තුල ඇය වැනි කාන්තාවන් පිළිකුලට ලක්වීම ඇයට එතරම් ගැටළුවක් නොවන්නේ ඇයට කවර මට්ටමකට හෝ ලැබී තිබෙන බටහිර කාන්තාවිමුක්තිකාමී මතවාද වල බලපෑමෙන් බව පැහැදිලිය. එය තේරුම්ගත නොහැක්කේ බටහිර මතවාදී ආක්‍රමණයටම මානසිකව ගොදුරු වූවන්ට පමණකි. බටහිර කාන්තා විමුක්තිවාදී විෂබීජ හිසේ පුරවා නොගත් කාන්තාවන් සැලකූ විට කවරෙකු උනත් තරුණයෙක් ඇත්තෙන්ම නොහොබිනා කතාවක් කීවද ඔහුට යක්ෂාවේසයෙන් පහර දීමට ඉදිරිපත් නොවන්නේ තම ස්ත්‍රීත්වය ගැන ඔවුන්ටම පැහැදිලි මිම්මක් ඇති නිසයි. සැබවින්ම මෙවැනි දේ නොවන සමාජ පරිසරයක් ඇති කිරීමට පිරිමින්ටද වගකීමක් ඇත. ඒ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ස්වභාවිකව ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රගතව සැකසෙන්නේ පුරුෂ ලිංගිකත්වයට සමරූපී ලෙස වන බැවින් වේ. මේ ටික කාට කාටත් සිහියේ තබාගතහැකිනම් මෙවැනි අසික්කිත සිදුවීම් කලාතුරකින්වත් සිදු නොවේ.
                           

  වාරියපොල තරුණියගේ කෝපය යම් මට්ටමකට සාධාරන උනත් ඇය කාන්තාවක් හැටියට ක්‍රියාකළ ආකාරය අනුමත කළ නොහැක.(කාන්තා විමුක්තිවාදීන්ට අනුවනම් එය හරිය )බටහිර කාන්තා විමුක්තිවාදයේ ස්වරූපය, එය විවිධ රටවල ක්‍රියාත්මක වන ආකාරය, එහි ආරම්භය හා විකාශනය මෙන්ම අපේ රටට එය ඇතුල්වී අපේ සමාජය දුර්වල කරන ආකාරය ගැන අප මෙම බ්ලොග් පිටුව ආරම්භයේ සිට පෙන්වා දී ඇත. එබැවින් ඒ ගැන නැවත නැවතත් කීම අවශ්‍ය නොවේ. අප ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර සපයා ඇති ලිපි ඕනෑම කෙනෙකුට කියවා මේ සම්බන්ධ අවබෝධයක් ලබාගතහැක. අපට මෙතැනදී කියන්නට අවශ්‍ය වන්නේ විශේෂයෙන් මේ සිදුවීම අහම්බයක් නොවන බව හා මේ තරුණිය සෙල්වාට පැය බාගයක් විතර යනකල් අතුල්පහර දීමට තරම් එඩිතර වීමට කළක් තිස්සේ සූක්ෂමව වැඩී තිබූ කාන්තා විමුක්තිය නම් බටහිර යුදෙවු පිල්ලිය පැහැදිලිව හේතු වී ඇත යන්නයි. කාට පිළිගන්නට නොහැකි උනත් සත්‍ය එයයි. නැත්නම් මේ සිද්ධිය සිදුවී එය අර කලහකාරී තරුණියට අවාසි පැත්තට පෙරලෙන්නට යන විට රාජ්‍ය නොවන කාන්තා සංවිධාන කලබල වී ඇයට නීති උපදෙස් දෙන්නට යන්නේනම් නැත. අනෙක වාරියපොල තරුණිය වෙනුවෙන් පෙනීහිටින්නට උනන්දු වූ මේ එන්.ජී.ඕ නඩ මීට කළකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ ෆේස්බුක් පලහිලවුවකට සාරිපොටකින් එල්ලී සියදිවි හානි කරගත් සිසුවිය වෙනුවෙන් පෙනීහිටියේ නැත. ඒ ඔවුන්ගේ මතවාද වලට මේ සිද්ධිවල තිබෙන ගැලපීම හා නොගැලපීම පදනමට ගෙනයි. කොහොම උනත් මේ සිද්ධිය ගැන තවමත් තොරතුරු සියල්ල අප දන්නේ නැත. ඒවා ටිකෙන් ටික අනාවරනය වෙමින් පවතී. කෙලෙසින් හෝ මෙතැනදී එක් වැදගත් දෙයක්නම් සිදුවී ඇත. ඒ බටහිර කාන්තා විමුක්තිවාදයේ බලපෑම් ගැන නොදැන නිද්‍රාශීලීව සිටි මෙරට පිරිමින්ගෙන් වැඩි දෙනෙකු නින්දෙන් අවධි කරවීයහැකි හෙන පහරක් මේ සිද්ධියෙන් කාටකාටත් එල්ල වීමයි. සිදුවියයුත්තේ දැන්වත් මේ ක්‍රියාකාරකම් පසුපස ඇති මතවාදී පදනම ගැන දැනුවත් වී ඊට නිසි ප්‍රතිචාරය දැක්වීමයි. සිද්ධිය ගැන තොරතුරු තවමත් හෙලිවෙමින් පවතින බැවින් ඒ ගැන දැන් සිට අවධානයෙන් සිටීම වැදගත් වෙ. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කිවුවා වගේ කාටත් මේ නටපු නාඩගමේ සැබෑව නොබෝකලකින් දැකබලාගන්නට හැකියාව ලැබෙනු ඇත.

16 comments:

  1. ඔබ මතුකරපු සිද්ධිය ගොඩක්ම මේ රටේ පිරිමින් සිහියට ගන්න ඕන දෙයක්. මේ පිරිමියාට එරෙහි නීති ගැන ලංකාවේ පිරිමින් ගොඩදෙනෙක් දන්නෙ නෑ. ස්ත්‍රීවාදය මෙහි අහුමුල්ලක තියෙනවා කියලා මමත් පිළිගන්නවා. කොහොම වෙතත් මේ ගැන මට වෙනම කරුණු ටිකකුත් තිඔයෙනව කියන්න. ඒ ගැන මම වෙනම ලිපියකින් කරුනු ඉදිරිපත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු මෙතන අපේ රටේ නිද්‍රාශීලී පිරිමින්ට හොඳ පණිවිඩයකුත් දීල තියෙනවා බටහිර කාන්තාවාදය ගැන අවධියෙන් ඉන්න කාලය හරි කියලා.

      Delete
  2. \\සැබවින්ම මෙවැනි දේ නොවන සමාජ පරිසරයක් ඇති කිරීමට පිරිමින්ටද වගකීමක් ඇත. ඒ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ස්වභාවිකව ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රගතව සැකසෙන්නේ පුරුෂ ලිංගිකත්වයට සමරූපී ලෙස වන බැවින් වේ. මේ ටික කාට කාටත් සිහියේ තබාගතහැකිනම් මෙවැනි අසික්කිත සිදුවීම් කලාතුරකින්වත් සිදු නොවේ.\\
    ඔබ කියන මේ කාරනේට මමත් 100%ක් එකඟයි. මමත් මේ ගැන වෙනමම ලිපියක් පලකරන්නයි හිතාගෙන ඉන්නේ. මෙතන හිතන්න දේවල්ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියේදිත් කතාකරන්න ඕන දේවල් ගැන හරි ඉලක්කයට කතා නොකර ගොඩක් අය තේරුමක් නැති ආවේගශීලී අදහස් ටිකක් විතරයි ප්‍රකාශ කළේ. නමුත් මේ කෙල්ලට ජවය දීපු එයාව අදටත් ආරක්ෂා කරන එයා වෙනුවෙන් පෙනීහිටින බටහිර කාන්තාවාදය ගැන කවුරුවත් දැනුවත්ව කතා කරලා තිබුණේ නෑ. මේගැන ත ව විස්තර එලිවෙයි. කලබල වෙන්න ඕන නෑ.

      Delete
  3. මාත් බැලුව ප්‍රතිවාදිය පහුගිය ටිකේ කෝ කියල. පහුගිය කාලෙ වුණ සිදුවීම් නිසා ඔබේ මතවාදයේ වැදගත් කම දැන් වඩ වඩාත් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. මේටික තේරුන එකත් ලොකු දෙයක්.

      Delete
  4. අර කෙල්ලනම් වනිතා ඇන්ටි වගේ වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පිස්සු මලවාත කේස් මේ වගේ සිද්ධි වලින් තවත් ෆෝම් වෙනවා.

      Delete
  5. පිරිමින්ද මෙවැනි කාන්තාවන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් වලට ප්‍රතිප්‍රහාර දෙන්න සූදානම් උනොත් හොඳය. කෙල්ලන්ට ආත්ම ගෞරවය පවා නැතිවෙන විහිළු නොකළයුතුයි කියා මාත් පිළිගන්නවා. නමුත් මෙතනනම් මරාගන්න දෙයක් වෙලා නෑ. සුලු සිද්ධියක් විතරයි. කෙල්ල ඕනවට වඩා දුර ගියා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි ගෑනු පරෙස්සම් කරන එක වෙනම දෙයක් ඒත් මේ වගේ ගෑනුන්ට නිසි ප්‍රතිචාරය දක්වන්න ඕන්නේ ඒ විදිහට.

      Delete
  6. ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියල සමාජය ඉස්සරහ අපහසුතාවයට ලක්කරනවනම් කවුරුහරි ඒකේ වරදක් තියෙනව. නමුත් ගෑණු ළම්යෙක් මෙහෙම හැසිරෙන එකත් හරිද කියන ගැටළුව මෙතනදි පැනනගිනව සිද්ධිය දිහා බලපුවහම.

    ReplyDelete
    Replies
    1. කෙල්ල ඕනවට වඩා වැඩිය දඟලන්න ගියා.

      Delete
  7. මේ වගේ කෙල්ලොන්ට උන් කෙල්ලො කියල බලන්නෙ නැතුව දුගට හරහට දෙන්න ඕනේ දුවන්නම.

    ReplyDelete
    Replies
    1. හැබැයි කාන්තා විමුක්ති වෛරක්කාර නීති ගැනත් දැනුවත්ව. ඒ නීතිය තමයි ඉස්සර වෙලා අතුගාන්න ඕනේ.

      Delete
  8. මේ ගැන මේ කියෙව්වෙ සියවෙනි ලිපිය වෙන්නත් බැරි නෑ. ගොඩක් තැන්වල මගේ අදහසත් කිව්වා. "සැබෑ ලිංගික නිදහස"ට කිව්ව මගේ අදහස මෙතනදිත් කියන්නම්.

    "ඇත්තටම මේ කාන්තාව මෙහෙම හැසිරුනේ එයාගෙ සමාජ පසුබිමට අනුව වෙන්න ඇති. කොහොම උනත් ඇය දිගින් දිගටම තරුණයාට පහර දෙන්නෙ ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදී ඉවසගෙන ඉන්න නිසා බව වීඩියෝව බලපුවාම හොඳටම තේරෙනවා. ඇය පහර දෙන්නෙ කේන්තියට නෙවෙයි. ඔහු පහර කාගෙන ඉන්න නිසා.ඇයට ඕනි උනේ පොරක් වෙන්න. අන්තිමේදි උනේ තිබ්බ වටිනාකමත් නැතිවෙච්ච එක."

    ReplyDelete
    Replies
    1. මෙයා ඒ කොල්ලට ගැහුවේ කේන්තියටම නෙවෙයි කියලා ඔබ කියන කාරනේ මාත් පිළිගන්නවා. කොල්ලා අතින් මොකක් හරි පොඩි වරදක් වෙන්න ඇති. ඒක වාචිකව උන දෙයක්. ඒකට වචනයෙන් උත්තර දෙන්න තිබුණා.නමුත් මෙයා එහෙම නොකර කොල්ලට දිගින් දිගට පහර දුන්නේ මිනිහත් කරබාගෙන හිටපු නිසා වගේම එයාට තිබුණ කාන්තා විමුක්ති මතවාදී හයියත් ඇඟට අරන්. එයාගේ කතාවෙන් පේන්නේ එයා චන්ද්‍රිකාගේ කාන්තා විමුක්තිවාදී එන්ජීඕ නීති ගැන දැනුවත් කියන එක.

      Delete