Sunday, September 21, 2014

අනගාරික ධර්මපාල චරිතය ගැන කතා කළයුතුම දේ.

 
මේ ලිපිය ලියන්න අදහස් කළේ වසර 2014 සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබූ අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙනි. අනගාරික ධර්මපාලතුමා යනු කවුදැයි කියා අමුතුවෙන් හැඳින්වීමට අවශ්‍ය නොවේ. එතුමා මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට නැවත ජීවය දුන් සැබෑ යුග පුරුෂයාය. මේ කියන්නට යන්නේ එතුමාගේ චරිතය ගැන හා වෙනත් තොරතුරු නොවේ. අපට පෙන්වාදීමට අවශ්‍ය වන්නේ එතුමා කළ යුග මෙහෙවර හා කාර්‍යභාරය තුල අප ඒ තරම් තැකීමක් නොකරන එහෙත් අප විසින් කතා කළයුතුම මට්ටමේ විශේෂ කරුනු කීපයකි.
                   මූලිකම දෙය නම් අනගාරික ධර්මපාල තුමා මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය මත පදනම්වන ජාතිකත්වය මෑත ඉතිහාසය තුල කරලියට ගෙන ආවේ රටට ආවේනික ලෙස සිතන පතන රටට ආවේනික මතවාද ඇත්තවුන්ට නායකත්වය දෙමින් යන කරුණයි. වෙනත් ආකාරයකට කිවහොත් එතුමා මේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට මතවාදි නායකත්වය ලබාදීමට කටයුතු කළේය. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා එතුමා සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔප්නැංවීමට කළ මෙහෙය ගැන කතා කළද ජාතික මතවාද වලට සජීවී බවක් ලබාදී ජාතියට මතවාදී නායකත්වයක් ලබා දුන් කාරනය අමතක කරති. අප එසේ කියන්නේ සිංහල බෞද්ධයන් අතර බටහිර යුදෙවු නූතනත්වය වැලඳගත් එහි මතවාද කරපින්නාගත්තවුන් කොටසක්ද සිටින බැවිනි. ඒ වචන පරිසමාප්ත් අර්ථයෙන් මොඩ්  බෞද්ධයන්ය.
                              
            මෙරට අනගාරික ධර්මපාල චින්තනය අනුව ගමන්කරන වැඩි පිරිස ග්‍රාමීය මට්ටමේ සිංහල බෞද්ධයන් වන අතර නාගරික වශයෙන් විශේෂයෙන් කොළඹ ආසන්න බස්නාහිර පලාතේ නාගරික පෙදෙස් වල වැඩිපුර ඇත්තේ බටහිර නූතනත්වය වැලඳගත් මොඩ් සිංහල බෞද්ධයන්ය. ගම් මට්ටමේ බෞද්ධ ජනයා ධර්මපාල චින්තනය අනුගමනය කරන්නේ ඔවුන්ගෙන් බහුතරය රටේ ගහකොළ පරිසරය මෙන්ම සමාජයේ සැබෑ වටිනාකම් හඳුනන බැවින් අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය ඒ සමග මැනවින් සංගත වන නිසාය. නාගරික මොඩ් බෞද්ධයන් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දින සැමරුවද සවිඥ්ඥානිකව එතුමාගේ චින්තනය තුලට එන්නේ නැත. ඔවුන්ට අනගාරික ධර්මපාලතුමා වැදගත් වන්නේ අධිරාජ්‍යවාදී ආගමික ආක්‍රමනයට එරෙහිව සටන්කළ තවත් එක් බෞද්ධ නායකයෙක් ලෙස පමණි. ඒ ඔවුන් තම දැනුම හා හිතීමේ පරාසය අනුව බටහිර යුදෙවු නූතනත්වයේ මත්වාද  සමග බුදු දහම කලවම් කරගනිමින් අමුතු මොඩ් බුදු දහමක් හදාගෙන ඒ ඔස්සේ බටහිර නූතනත්වයේම පර තෙරට යන්නට උත්සහ කරන නිසයි. එහිදී මේ මොඩ් බෞද්ධයන් බෞද්ධ අනන්‍යතාවයක් යටතේ බටහිර නූතනත්වය බටහිරටත් වඩා හොඳින් ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වනබවක් පෙනෙන්නට තිබේ. ඔවුන්ට මෙහිදී වැදගත් වන්නේ අනගාරික ධර්මපාලතුමා බුදු දහමට එරෙහි අන්‍ය ආගමික ආක්‍රමණ හමුවේ ඊට දැක්වූ ප්‍රතිචාර මිස එතුමා රටට ආවේනික අදහස් ඇත්තවුන්ගේ චින්තනය අවධි කර ඔවුන්ට ලබාදුන් මතවාදී නායකත්වය නොවේ.
                      
මොඩ් බෞද්ධයන්ගේ චින්තනයේත් රටට ආවේනික ලෙස හිතන පතන ග්‍රාමීය සිංහල බෞද්ධ චින්තනයේත් පරස්පරයන් ගැනද කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් කිරීම වැදගත් වෙයි. මොඩ් බෞද්ධයන් සාමාන්‍ය වශයෙන් බුදු දහමට වඩා බටහිර විද්‍යා දැනුම හා යුදෙවු නූතනත්වය අදහන බවක්නම් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඔවුන්ගෙන් සමහරෙක් නවීන විද්‍යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට රුසියෝය. එහිදී නවීන විද්‍යා දැනුම සමග එකට නොගැලපෙන බුදු දහමේ අන්තර්ගත කුමක් උනත් සත්‍යයෙන් තොර ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඔවුහු පසුබට නොවෙති. එහෙත් ඔවුන් අමතක කරන කාරනය වන්නේ බටහිර විද්‍යා දැනුමද බුදු දහමට අනුව මනස මුල්කරගෙන ගොඩනැගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන් ගොඩට අයත් තව එක සංරචකයක් පමණක් යන්නයි. මේ අය කරන තවත් එක් දෙයක් වන්නේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය වන්දනාවට පාත්‍ර කරමින් එය බුදු දහමට සාවද්‍ය ලෙස ගැලපීමයි. ඔවුන් එහිදී බුදුන්වහන්සේ විසින් කාන්තා විමුක්තිය සියල්ලන්ට පෙර ලබාදුන් බව කියමින් බටහිර කාන්තා විමුක්තියේ වෛරී ආකල්ප පවා බුදු දහමට ගලපන්නේ බුදු දහමට අනුව විමුක්තිය යනු සසර ගමන කෙලවර කරන නිවන බව නොදැනීමටත් වඩා කුහකකමින් එය අමතක කරදමමිනි.  මොඩ් බෞද්ධයන් බටහිර කාන්තා විමුක්තිවාදයේ ප්‍රධාන කොන්දේසියක් වන කාන්තාවන්ද ලිංග භේදයෙන් තොරව පිරිමි ලිංගිකත්වය සමග බද්ධ වී පරිනාමනයට ලක්වූ ක්‍රියාකාරකම් සියල්ලට අවතීර්න වී ස්ත්‍රීත්වය අත්හැරීමේ සමතැන්වාදය, බුදුන්වහන්සේගේ චරිත ලක්ෂණයක් වූ සමානාත්මතාවය සමග වැරදි ලෙස ගලපන්නේත් මේ අයුරින්මය. එතැනදීත් සමානාත්මතාවය යනු බුදුන්වහන්සේ විසින් සියළු ලෝක සත්වයා කෙරෙහි දක්වන එකහා සමාන වූ මෛත්‍රී කරුණා ගුණය මිස කිසිවෙක් තව කෙනෙකුට සමාන කොට සැලකීම නොවන බව මොවුන් සැබෑවට පටලාගෙන අනාගෙන ඇත. එහෙත් මොවුන් සමාජයේ පෙනීහිටින්නේ මහා ගාම්භීර පඬියන් ලෙසයි. මේ බටහිර නූතනත්වයේ සරන ගිය මොඩ් බෞද්ධයන් වෙනත් අයට බුදු දහම උගන්වන්නේද බටහිර දැනුමට සාපේක්ෂවය. ඔවුන්ගේ සාමාන්‍ය සිරිත වන්නේ බටහිර නූතනත්වයෙන් පැනනගින සියල්ල යහපත් දේ ලෙස ගෙන එවා තම තමන්ගේ මනසට ගෝචර වන ආකාරය අනුව බුදු දහමට ගලපාගැනීමය.
                     මෙරට ග්‍රාමීය බෞද්ධ ජනයාගේ චින්තන රටාව බටහිර නූතනත්වයේ අන්ධ අනුකාරකයින් වන මොඩ් බෞද්ධයන්ගේ චින්තනයට වඩා වෙනස් වෙයි. ග්‍රාමීය වශයෙන් ජීවත්වන බොදු ජනයා සොබාදහමට අනුකූල වන සම්මුතිවාදී දිවි පැවැත්ම අපේක්ෂා කරන අතර, බටහිර යුදෙවු චින්තනය මත පදනම් වන සරල රේඛීය දියුණු වීමේ මාර්ගයක එහි පර තෙරට යාමට උත්සහ නොකරති. බෞද්ධයන් හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අවබෝධය තමන්ට රහතන්වහන්සේලා හෝ බුදුවරු තරමට නැති බව සවිඥ්ඥානිකව දන්නා ඔවුහු සසර ගමන කෙලවර කිරීම ගැන යම් අදහසක් ඇතිව මිනිස් ස්වභාවයන් ගැනද අවබෝධයකින් කටයුතු කරති. සාමාන්‍ය ගැමියන් සොබාදහමේ ක්‍රියාවලීන් මිනිස් අවශ්‍යතා මත වෙනස් කරමින් එය සැම විට දියුණුව ලෙස නොගන්නේ ඒ හේතුවෙන්ය. ඒ වෙනුවට බෞද්ධ ගැමි ජනයා මිනිස් සමාජයේත් පරිසරයේ හා සත්ව ලෝකයේත් යහපත් පැවැත්මට අවශ්‍ය මූලික ගුණාංග පිළිබඳ අවබෝධයක් ඇතිව එම ගුණාංග ආරක්ෂා වන සම්මුතීන් අනුව දිවි ගෙවීමට වැඩි කැමැත්තක් දක්වති. බුදුදහම නවීන විද්‍යාවෙන් ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් ග්‍රාමීය බෞද්ධයන්ට නැත්තේ ඔවුන් බටහිරයන්ගේ මනස මුල්කරගෙන ගොඩනගන දැනුමකට වඩා බුදුන්වහන්සේ විසින් අවබෝධකරගත් ධර්මය අදහන බැවිනි. සොබාදහම හඳුනන ගැමි ජනයා බුදු දහමට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය වැරදියට ගලපා ගැනීමට නොයන්නේ එය ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් මත පදනම් නොවන බව හොඳාකාරව දැනගෙනය. බුදු දහමටත් බෞද්ධ සමාජ දර්ශනයටත් අනුව ස්ත්‍රීත්වය හා මාතෘත්වය හරියට පිළිගන්නවා විනා කාන්තාවන් උමතුවෙන් පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරමින් පිරිමින්ට ස්වභාවයෙන් පිහිටන පෞරුෂයන්ට එරෙහිව සටන්වැදීම බුදු දහමෙන් අනුමත කර නැත.බොදු ග්‍රාමීය ජනයා මෙය අතර මේ ගැන පැහැදිලි සවිඥ්ඥානික බවක් තිබේ.
                            
අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරනය කරන මේ දිනවල අප සිහියට ගතයුතු වැදගත්ම කාරනාවක් ඇත. ඒ එතුමා නායකත්වය දුන්නේ අප මුලින් කී ආකාරයේ බටහිර දැනුමේ මානසික වහලුන් මෙන්ම යුදෙවු නූතනත්වයේ අන්ධ අනුගාමිකයින් වූ මොඩ් බෞද්ධයන්ට නොව ඉන් පසුවට සඳහන් කළ රටට ආවේනික සිතීමේ රටාවක් තුල ඉදිරියට යන්නා වූ ග්‍රාමීය බොදු ජනයාට යන්නයි. අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළේ රටට ආවේනික චින්තනයයි. එය එතුමා විසින් මෑතකාලයේ බලගැන්වුවා විනා එතුමා එය බොදු ජනයාට බලෙන් පටවා නැත. නමුත් බටහිර නූතනත්වයෙන් මොඩ් කර බටහිර මතවාද හා දැනුම කළවම් කළ මොඩ් බෞද්ධ චින්තනය බටහිර ආරයට ගිය අධ්‍යාපනය තුලින්ද බලෙන් පැටවෙයි. බටහිර නූතනත්වය සමග කළවම් වූ මොඩ් බෞද්ධ චින්තනයට නායකත්වය දුන්නේ ඕල්කට් තුමාය. එතුමා බෞද්ධ යන් වෙනුවෙන් යම් සේවයක් කළ බව අපද පිළිගන්නෙමු. නමුත් ඕලකට් චින්තනය අනුව ගිය මෙරට මොඩ් සිංහල බෞද්ධයන් අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළ රටට ආවේනික බොදු චින්තනයටත් ධර්මපාලතුමාටත් දැඩිව පහර දුන්නෝය. එතුමාට රටත් ජාතියත් ගැන දැඩි කලකිරීමක් ඇතිකරවූයේද මේ නාගරික මොඩ් බෞද්ධයන් පිරිසයි. රටත් සමාජයත් ගැන දැඩිව කළකිරුනු ධර්මපාල තුමා අවසානයේ නැවත මේ රටේ ඉපදීමටවත් නොපතා ඉන්දියාවට ගොස් එහිදී අභාවප්‍රාප්ත විය. මේ කරුනු හරියට නොදැන ඔහේ කරනවාට අනගාරික ධර්මපාල ගුණ සමරු වැඩසටහන් පැවැත්වීමෙන් පළක් නොවේ. එතුමාට හරි හැටි ගරු කරන්නේනම් කළයුතු වැදගත්ම දේ එතුමා නායකත්වය දුන් රටට ආවේනික බොදු චින්තනය නැවත අවධි කිරීමයි. එසේ නොකර ධර්මපාලතුමාට එදා පහරදුන් මොඩ් බෞද්ධයන්ම පිරිවරාගෙන අද බොරුවට එතුමා ගැන ගුණ ගැයීම එතුමාට සරදම් කිරීමක් පමණකි.

Tuesday, September 9, 2014

නිද්‍රාශීලී පිරිමින්ට අවධිවීමට පණිවිඩය දුන් වාරියපොල කලබගෑනිය.


වාරියපොලදී කෙලෙක් කොල්ලෙකුට ප්‍රසිද්ධියේ පහරදීලා. දැන් ඒ ගැන මාධ්‍ය වලයි සයිබර් අවකාශය පුරාවටයි එක එක කතා යනවා. මේ සිද්ධිය ගැන තවත් කරුණු හෙලි වෙමිනුයි තියෙන්නේ. මේ සිද්ධිය අපේ ඇසින් බලා කාගේත් අවධානයට ලක් නොවන වැදගත් කරුණුත් මේ  සම්බන්ධව ඇතුල් කර වෙනමම ලිපියක් පල කිරීමටද අප අදහස් කර සිටිමු. මේ ලිපිය පලකරන්නේ සිද්ධියත් එහි පසුබිම හා පහරදීම කළ තැනැත්තියගේ හැසිරීමට මුල් වූ මතවාදී පසුබිමත් ගැන කරුණු ස්වල්පයක් පැහැදිලි කිරීමටයි.
                      මේ වනවිට අනාවරනය වී ඇති කරුණු අනුවනම් අදාල තරුණියගෙන් අතුල් පහර කෑ තරුණයා මේ තැනැත්තියට යම්කිසි නොහොබිනා කතාවක් ඇයගේ ඇඳුම ගැන කීම සිද්ධියට මූලික වී ඇති හේතුවයි. ඊට අනුව බලන විටනම් අර පුද්ගලයා තරුණියගේ ඇඳුම ගැන අනවශ්‍ය කතාවක් කීමෙන් ඔහුද යම් වරදක් කර ඇත. නමුත් එය අදාල තරුණියට එම පුද්ගලයාට අතුල් පහර දීමට තරම් හේතුවක් යැයි කියන්නට බැරිය. ඇරත් මේ තරුණිය එම පුද්ගලයාට පැය බාගයක් පමණ පහරදීම කර ටිහිබේ. වැඩිම උනොත් ඇයට කළයුතුව තිබුණේ මේ පුද්ගලයාට පළමුව වාචිකව නිසි පිළිතුරක් දී ඔහුගේ ගැටළුවට ප්‍රතිචාරය දැක්වීමයි. කාන්තා ඇඳුම් වලින් සිරුර ඇරෙන වැහෙන ප්‍රමාණය අල්ලාගෙන නොහොබිනා විහිළුවක් කරන කෙනෙකුට ඒ පුද්ගලයාගේ කුහකකම ඔහුටම වැටහෙන ආකාරයට නිසි පිළිතුරක් දීම ඒ තරම් අමාරු නැත. ඊට කාන්තා විමුක්තිවාදය අනුගමනය කරන්නට අවශ්‍ය නොවන්නේ බටහිර කාන්තා විමුක්තිය මෙවැනි ගොන් සුචරිතවාදයන්ගෙන්ම යම් ජීවයක් ලබන නිසා. කාන්තාවන් අඳින ඇඳුම් වල අඩුපාඩු ගැන කවුරු කුමක් කිවුවත් ඊට කැමති පිරිමින් කොට්ඨාශයක්ද මේ මිනිස් සමාජයේම සිටිති. වාරියපොල සිද්ධියේදීද අර තරුණියට ඒ ගැන බුද්ධිමත්ව ප්‍රශ්න කිරීමට හොඳටම ඉඩ තිබුණි. එසේ කළානම් අර පුද්ගලයාද නිරුත්තර වන බැවින් කතාව දුරදිග යන්නේත් නැත. නමුත් උනේ වෙන දෙයක්ය. ඒ අර තරුණිය පොඩි කතාවක් අල්ලාගෙන යක්ෂාවේස වී එම කතාව කී පුද්ගලයාට දිගින් දිගට අතුල් පහර දීමය.
                    

     මේ සිද්ධියේදී අර තරුණිය අනුගමනය කළ ආක්‍රමණකාරී ජුගුප්සාජනක හැසිරීම කවුරුවත් අනුමතකරන එකක් නෙවෙයි ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය වන සෙල්වා නම් දෙමළ තරුණයා කියපු කතාව මොකක් උනත්. ඒත් අර තැනැත්තිය එසේ හැසිරුනේ ඇයි? ඇයගේ කතා විලාශයද මුඩුක්කු භාශාවට අන්තය. ඇයට සිය පෙනුම ගැන යම් මානසික ගැටළුවක්ද ඇතිබව පෙනේ. ඔයිට වඩා හොඳ රූප ස්වභාවයක් ඇති කෙනෙකුට මේ විහිලුව කළානම් කෝප වුවත් මේ තරම් ආවේස නොවීමට ඉඩ ඇත්තේ පිටට මොන කතා කිවුවත් පිරිමින් තමන්ට ආකර්ශනය වන බවත් ඔවුන් දන්න නිසා වෙයි. සෙල්වාට හඩු බාසාවෙන් බැනවදිමින් අතුල් පහර දුන් අර තැනැත්තිය පසුපස ඇයට ඒ සඳහා සවිය ලබාදුන් මතවාදී පසුබිමක්ද  තිබෙන බව අප අමතක නොකළයුතුය. ඇයගේ කතා විලාශයෙන් පෙනෙන්නේද මින් පෙරාතුව චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ හොර රහසේ ඇටවූ පුරුෂ විරෝධී නීති ගැන ඇය හොඳින් දන්නා බවයි. ඇය මාධ්‍ය වෙත පසුව කළ ප්‍රකාශයක පිරිමි ළමයි ගොඩක් ඇය සමග තරහ බව සඳහන් විය. මේ සිද්ධියේදී රාජ්‍ය නොවන කාන්තා සංවිධාන මගින් ඇයට නීති ආධාර ලබාදී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
                             මේ දෙස විචාර බුද්ධියෙන් යුතුව බැලියහැකිනම් වාරියපොල කලහකාරී තරුණියගේ හැසිරීමට ජවය දෙන හා ඇයට ආරක්ෂාව සපයන මතවාදී බලවේගය බටහිර කාන්තා විමුක්තිවාදය බව තේරුම්ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය නැත.  අප එසේ කියන්නේ ඇයට සෙල්වා අතින් උන වරද වරදක් ලෙස සමාජය ඒ ආකාරයෙන් පිළිගත්තත් ඇය සෙල්වාට දක්වපු ප්‍රතිචාරය ඒ අයුරින්ම පිළිගන්නට සූදානම් නැති නිසාය. ඒ හැරුනු විට එලෙස හැසිරෙන තරුණියකට කිසිවිට අප සමාජයේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගන්නටද නොහැකි වේ. කාන්තාවන්ගේ ඇඳුම් වල අඩුපාඩු අල්ලාගනිමින් ඔවුන් අපහසුතාවයට පත්කරන එක හරි යැයි කීමට අපට අවශ්‍ය නැත. නමුත් මෙතන යක්ෂාවේසයෙන් හැසිරුණු තරුණිය තමන්ට සමාජයෙන් කුමන ප්‍රතිචාරයක් ලැබුණත් ඇය සමාජයේ පිළිකුලට ලක් වුවත් එතරම් ගනනකට ගන්නා බවක් පෙනෙන්නට නැත. පිරිමි ළමයි ගොඩක් ඇය සමග තරහ බවත් ඇයම පවසයි. සමාජය තුල ඇය වැනි කාන්තාවන් පිළිකුලට ලක්වීම ඇයට එතරම් ගැටළුවක් නොවන්නේ ඇයට කවර මට්ටමකට හෝ ලැබී තිබෙන බටහිර කාන්තාවිමුක්තිකාමී මතවාද වල බලපෑමෙන් බව පැහැදිලිය. එය තේරුම්ගත නොහැක්කේ බටහිර මතවාදී ආක්‍රමණයටම මානසිකව ගොදුරු වූවන්ට පමණකි. බටහිර කාන්තා විමුක්තිවාදී විෂබීජ හිසේ පුරවා නොගත් කාන්තාවන් සැලකූ විට කවරෙකු උනත් තරුණයෙක් ඇත්තෙන්ම නොහොබිනා කතාවක් කීවද ඔහුට යක්ෂාවේසයෙන් පහර දීමට ඉදිරිපත් නොවන්නේ තම ස්ත්‍රීත්වය ගැන ඔවුන්ටම පැහැදිලි මිම්මක් ඇති නිසයි. සැබවින්ම මෙවැනි දේ නොවන සමාජ පරිසරයක් ඇති කිරීමට පිරිමින්ටද වගකීමක් ඇත. ඒ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ස්වභාවිකව ස්ත්‍රී ලිංගිකත්වය කේන්ද්‍රගතව සැකසෙන්නේ පුරුෂ ලිංගිකත්වයට සමරූපී ලෙස වන බැවින් වේ. මේ ටික කාට කාටත් සිහියේ තබාගතහැකිනම් මෙවැනි අසික්කිත සිදුවීම් කලාතුරකින්වත් සිදු නොවේ.
                           

  වාරියපොල තරුණියගේ කෝපය යම් මට්ටමකට සාධාරන උනත් ඇය කාන්තාවක් හැටියට ක්‍රියාකළ ආකාරය අනුමත කළ නොහැක.(කාන්තා විමුක්තිවාදීන්ට අනුවනම් එය හරිය )බටහිර කාන්තා විමුක්තිවාදයේ ස්වරූපය, එය විවිධ රටවල ක්‍රියාත්මක වන ආකාරය, එහි ආරම්භය හා විකාශනය මෙන්ම අපේ රටට එය ඇතුල්වී අපේ සමාජය දුර්වල කරන ආකාරය ගැන අප මෙම බ්ලොග් පිටුව ආරම්භයේ සිට පෙන්වා දී ඇත. එබැවින් ඒ ගැන නැවත නැවතත් කීම අවශ්‍ය නොවේ. අප ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර සපයා ඇති ලිපි ඕනෑම කෙනෙකුට කියවා මේ සම්බන්ධ අවබෝධයක් ලබාගතහැක. අපට මෙතැනදී කියන්නට අවශ්‍ය වන්නේ විශේෂයෙන් මේ සිදුවීම අහම්බයක් නොවන බව හා මේ තරුණිය සෙල්වාට පැය බාගයක් විතර යනකල් අතුල්පහර දීමට තරම් එඩිතර වීමට කළක් තිස්සේ සූක්ෂමව වැඩී තිබූ කාන්තා විමුක්තිය නම් බටහිර යුදෙවු පිල්ලිය පැහැදිලිව හේතු වී ඇත යන්නයි. කාට පිළිගන්නට නොහැකි උනත් සත්‍ය එයයි. නැත්නම් මේ සිද්ධිය සිදුවී එය අර කලහකාරී තරුණියට අවාසි පැත්තට පෙරලෙන්නට යන විට රාජ්‍ය නොවන කාන්තා සංවිධාන කලබල වී ඇයට නීති උපදෙස් දෙන්නට යන්නේනම් නැත. අනෙක වාරියපොල තරුණිය වෙනුවෙන් පෙනීහිටින්නට උනන්දු වූ මේ එන්.ජී.ඕ නඩ මීට කළකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ ෆේස්බුක් පලහිලවුවකට සාරිපොටකින් එල්ලී සියදිවි හානි කරගත් සිසුවිය වෙනුවෙන් පෙනීහිටියේ නැත. ඒ ඔවුන්ගේ මතවාද වලට මේ සිද්ධිවල තිබෙන ගැලපීම හා නොගැලපීම පදනමට ගෙනයි. කොහොම උනත් මේ සිද්ධිය ගැන තවමත් තොරතුරු සියල්ල අප දන්නේ නැත. ඒවා ටිකෙන් ටික අනාවරනය වෙමින් පවතී. කෙලෙසින් හෝ මෙතැනදී එක් වැදගත් දෙයක්නම් සිදුවී ඇත. ඒ බටහිර කාන්තා විමුක්තිවාදයේ බලපෑම් ගැන නොදැන නිද්‍රාශීලීව සිටි මෙරට පිරිමින්ගෙන් වැඩි දෙනෙකු නින්දෙන් අවධි කරවීයහැකි හෙන පහරක් මේ සිද්ධියෙන් කාටකාටත් එල්ල වීමයි. සිදුවියයුත්තේ දැන්වත් මේ ක්‍රියාකාරකම් පසුපස ඇති මතවාදී පදනම ගැන දැනුවත් වී ඊට නිසි ප්‍රතිචාරය දැක්වීමයි. සිද්ධිය ගැන තොරතුරු තවමත් හෙලිවෙමින් පවතින බැවින් ඒ ගැන දැන් සිට අවධානයෙන් සිටීම වැදගත් වෙ. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කිවුවා වගේ කාටත් මේ නටපු නාඩගමේ සැබෑව නොබෝකලකින් දැකබලාගන්නට හැකියාව ලැබෙනු ඇත.