මිනිස් ලිංගික චර්යාරටාවන් හා සමාජය සැලකීමේදී අතිශය විවාදාත්මක වන එක් සංසිද්ධියක් වන්නේ ව්යභිචාරයයි. ව්‍යභිචාරය යන්නෙන් අදහස් වන්නේ ජනකයන් හා ජනිතයන් අතර ඇතිවන ලිංගික හැසිරීම් වේ. එනම් පියා හා දියනිය ලෙසත් මව හා පුතා ලෙසත් ඇතිකරගන්නා ලිංගික සම්බන්ධතාවයන් වෙයි. මෙයින් පළමු සිද්ධිය සාපේක්ෂව දෙවන සිද්ධියට වඩා තරමක් වැඩිවශයෙන් දක්නට ලැබේ. එමෙන්ම පළමු ආකාරය සාමාන්‍ය වශයෙන් බටහිර ලෝකයේ සාපේක්ෂව වැඩිපුර දක්නට ලැබෙන අතර දෙවන ආකාරය ජපානය වැනි පෙරදිග රටවල් අතලොස්සක බටහිරට සාපේක්ෂව වැඩිපුර දක්නට ඇත. අප මේ ලිපියෙන් පෙන්වාදෙන්නේ ව්‍යභිචාරය පිටුදැකියයුත්තේ ඇයිද යන්න හා එසේ කළයුතු වීමට බලපාන සැබෑ කාරනා මොනවාද යන්නයි. ඊට හේතුව වන්නේ වර්තමානයේ බටහිර යුදෙවු කාන්තාවිමුක්තියේ අනුගාමිකයින් පිරිමි ලිංගිකත්වය කෙරෙහිත් ලිංගිකත්වයේ සමස්ථ ස්වභාවය කෙරෙහිත් ද්වේශසහගත ආකල්පයක් හා වෛරයක් වැපිරීම සාධාරණීකරනය කරගැනීමට ව්යභිචාරයද එක් පැත්තකින් හේතුවක් ලෙස උලුප්පමින් සිටීමයි.
ව්‍යභිචාර හෙවත් ජනකයන් හා ජනිතයන් අතර ඇතිවන ලිංගික සබඳතාවයන් පිටුදැකීමට ඇත්ත වශයෙන් තිබෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු සමූහයකි. පළමුවැන්නනම් මිනිසුන්ගේ පරිනාමය සැලකිල්ලට ගත්තද ව්‍යභිචාරයන් වැඩි දියුණු වූ මිනිස් ලක්ෂණ ලෙස සලකන්නට බැරිකමයි. ඊට හේතුව එවැනි හැසිරීම් ක්‍රමයෙන් ශිෂ්ඨ සමාජය තුල අවරෝහනය වී තිබීමයි. එසේ වන්නේ ඇයි. මෙය ඇත්තෙන්ම වියයුත්තක් ලෙස මිනිසුන්ගේ සංකීර්ණ මනෝවිද්‍යාත්මක පරිනාමනයක් වශයෙන් එලිබැස ඇත. ජනකයන් හා ජනිතයන් අතර පමණක් නොව එක ම පවුලේ සහෝදරයන් හා සහෝදරියන් අතර ලිංගික සම්බන්ධතාද මිනිස් සමාජයේ සාමාන්‍යයෙන් සිදු නොවේ. මේ සියල්ලට වෙනමම හේතු තිබේ. කාන්තා විමුක්තිවාදීන්ගේ පුරුෂ ලිංග විරෝධය මත පදනම් නොවී බුද්ධිමත්ව මේ කරුණු සොයාබැලීම සැබෑ අවශ්‍යතාවයයි.
ඉහත පෙන්වාදුන් මනෝවිද්‍යාත්මක පරිනාමනය අහේතුවකට වූවක් නොවේ. ඊට බලපා තිබෙන්නේ ප්‍රජනනය හා ප්‍රවේනිය සම්බන්ධ සාධකයන් වේ. විරුද්ධ ලිංගික වශයෙන් ඇතිවන ලිංගික සබඳතා අවසාන වශයෙන් සම්බන්ධ වන්නේ ප්‍රජනන ක්‍රියාවලියත් සමගයි. ඒ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව වේ. ප්‍රජනනයේදී පිරිමි පාර්ශවයෙන් දායක වන පුරුෂ බීජ සෛල හා ස්ත්‍රී පාර්ශවයෙන් දායක වන ස්ත්‍රී බීජ සෛල එක්ව දෙපාර්ශවයේ ප්‍රවේනි දර්ශයන් මුහුම් වී අළුත් ජීවියා බිහිවීම සිදුවේ. බුද්ධිය මෙහෙයවා හිතන්නට අවශ්‍ය කරුන හැංගී තිබෙන්නේද මේ සංසිද්ධිය තුලමයි. ඒ කුමක්ද? අපට සිතන්නට තිබෙන කාරනාව වන්නේ මෙලොව ජීවීන්ගේ සංජනනාත්මක ලක්ෂණ වල සරල බවේ හා සංකීර්ණ බවේ වෙනස අනුව ප්‍රජනනය සරල හෝ සංකීර්ණ වීම යන්නයි. ඒක සෛලික සරල ජීවීන් සැලකුවහොත් ඔවුන්ගේ ප්රජනනනය සරල ද්විඛණ්ඩනයක් මගින් සිදුවේ. නමුත් සංජනනාත්මක ලක්ෂණ සංකීර්ණ ඒක ලිංගික (ගැහැනු පිරිමි ලෙස සතුන් දෙදෙනෙකු සිටින ) සත්ව කොට්ඨාශ අයත් පරිනාමික තලයන්ට පැමිණෙන විට ජීවීන්ගේ ලක්ෂණ වලට සමගාමීව ප්රවේනියත් සංකීර්ණ වේ. ප්‍රවෙණිගත ලක්ෂණ ගෙනයන ජාන වල ප්රමුඛ ජාන හා නිලීන ජාන ලෙස දෙකොටසක් හඳුනාගත ගතහැක. සංකීර්ණ ජීවීන් සම්බන්ධයෙන් මේ සිද්ධිය වඩා කැපී පෙනෙන්නේ ප්රමුඛ ලක්ෂණ හා නිලීන ලක්ෂණ ලෙස සංජනනාත්මක ලක්ෂණ වලත් බෙදීමක් පැහැදිලිව හඳුනාගන්නට හැකි බැවිනි. සත්ව ලෝකයේ අනෙක් සත්ව කොට්ඨාශ වල මේ නිලීන සාධකයන් මගින් ගෙනයන ලක්ෂණද ඒ තරම් සංකීර්න නොවේ. නමුත් මිනිසුන් සම්බන්ධයෙන් බලන විට මිනිස් වර්ගයට අයත් සමස්ථ ප්‍රවේනි සංයුතිය සැලකීමේදී එය සාපේක්ෂව සංකීර්ණය. එමෙන්ම සංජනනාත්මක ලක්ෂණ හා මනෝවිද්‍යාත්මක සාධකයන් ද සංකීර්ණ වේ.
මිනිසුන්ගේ ප්‍රවේනිය ගත්කළ අන් සතුන්ට සාපේක්ෂව පෙර කී ආකාරයේ නිලීන ජාන මගින් යම් යම් රෝගී තත්වයන් ඇතිකිරීමේ වැඩි ප්රවනතාවයක් තිබේ. ප්රවේණි විද්‍යානුකූලව යම් ලක්ෂණයක් නියෝජනය වන්නේ ජාන යුගලකිනි. (යුගලයක් වන්නේ මවු පාර්ශවයෙන් එකක් හා පිය පාර්ශවයෙන් එකක් ලෙසයි ).එහිදී ප්රමුඛ ජාන වලට යුගලයේ සුසංයෝගය කුමක් වුවත් ප්රමුඛ ලක්ෂණය පෙන්විය හැක. එහෙත් නිලීන ලක්ෂණය පෙන්වීමටනම් නිලීන ජාන යුගලයම එක් වියයුතුය. ප්රමුඛ ජාන වලින් ගෙනයන ප්රමුඛ ලක්ෂණ සාපේක්ෂව සොබාදහම තුල වඩා සාර්ථක පැවැත්මක් අත්කරගැනීම සාමාන්‍ය දෙයයි. අනෙක් අතට නිලීන ජාන මගින් පාරිසරික ස්වභාවායන්ට ඔරොත්තු නොදෙන දුර්වලතාවයන් හා රෝගී තත්වයන් ඇතිකිරීමේ යම් ප්රවනතාවයක් ඇත. මේ අනුව ප්‍රජනන ක්‍රියාවලියේදී ප්‍රවේනිය මුහුම් වනවිට සොබාදහමෙන් වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නිලීන ලක්ෂණ මතුවීමට නොව ප්රමුඛ ජාන මගින් නිලීන ජානද වසාගෙන ප්රමුඛ ලක්ෂණය පෙන්වීමටය. වෙනත් ආකාරයකින් කිවහොත් නිලීන ජාන එක් වී එනම් නිලීන සමයෝගිකත්වය යන සිද්ධිය හරහා දුර්වල ලක්ෂණ පෙන්වීම වැලැක්වීමටය.
අප මාතෘකාවට අදාල කාරනාව දැන් ඉතා පැහැදිලිය. ප්රමුඛ ජාන මගින් නිලීන ජාන වසා ගැනීමටනම් හැකිතාක් හොඳින් ප්‍රවේණිය කලවම් වියයුතුය. ජනකයින් හා ජනිතයන් අතර ලිංගික සම්බන්ධතා බහුල වී ප්‍රජනනය දක්වා දුරදිග ගියහොත් සිදුවන්නේ ප්‍රවේණිය කලවම් වීම නොව එකම ප්රවේණිදර්ශයන් තුල ඇති නිලීන ජාන එක් වී දුර්වල ලක්ෂණ හා රෝගී තත්වයන් එයින් ප්‍රතිඵල වන පරපුරට පිහිටීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. එහෙයින් විශේෂයෙන් මිනිස් වර්ගය තුල ජනකයන් හා ජනිතයන් අතර ලිංගික සබඳතා වැලැක්වීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මකව පරිනාමනයක් ඇතිකර තිබෙන්නේ ස්වභාවිකවය. එකම පවුලේ සහෝදරයන් හා සහෝදරියන් අතර් ලිංගික සම්බන්ධකම් ඇති නොවීමද අහේතුවකට සිදුවන්නක් නොව එයට හේතුවද මේ ප්රවේණි විද්‍යාත්මක කාරනයයි. සත්ව ලෝකයේ වෙනත් සතුන් සම්බන්ධයෙන් ගත්තද ඉහල පරිනාමීය මට්ටම් වලදී ජනක ජීවීන් හා ජනිතයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් එතරම් බහුල නොවේ. ව්‍යභිචාරය යන්න පිටුදැකියයුතු වීමට සැබෑ හේතුවයි මේ පෙන්වා දී තිබෙන්නේ.