Monday, May 26, 2014

බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ට අපහාස කිරීමක්ද?


අද කාන්තා අයිතීන්, ස්ත්‍රී නිදහස, කාන්තා විමුක්තිය ආදී වදන් වැකි හතරවටින් ඇසෙයි. එහෙත් මේ කරුණු කාරනා වල සාධාරණ හා ප්‍රායෝගික බව කුමක්දැයි සොයා බැලීමටනම් එක් පසෙකින් මේ සංකල්ප වලට පසුබිම් වන බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ගැනත් මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය හා ඊට සමගාමී ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන මෙන්ම ඒ වටා ඇති සමාජමය ගොඩනැගීම් ගැනත් කෙටි විමසීමක් කළයුතුයි. අප මේ මාතෘකාව ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමට තීරණය කළේ අන් කිසිදු හේතුවක් නිසා නොව අද බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේම එක් ප්‍රධාන සංරචකයක් වන කාන්තා විමුක්තිවාදය ලොව සෑම රටකම කාන්තා සමාජයටත් පොදුවේ සමස්ථ ජන සමාජයටත් බලෙන් පැටවෙමින් එය මුලු සමාජය තුලම ලිංගිකත්වයට අදාල පොදු මතය බවට බලහත්කාරයෙන් පත්වෙන්නට දරන උත්සාහය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. 
                      මෙය වර්තමානයේ අපේ රට තුල කොපමණ දුරදිග ගොස් ඇත්ද කිවහොත් බටහිර කාන්තා විමුක්තිවාදය විවේචනය කිරීම හෝ එයට එරෙහි වීම සමස්ථ කාන්තා සමාජයටම එරෙහි වීමක් හා කාන්තාවන්ට අපහාස කිරීමක් ලෙස පෙන්වීමට මේ මතයේ අන්ධ අනුගාමිකයින් උත්සහ කරන තත්වයක් උද්ගතව ඇත. මේ පිරිස අතලොස්සක් වන බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල බලපෑමක් නැතැයි කෙනෙක් කිවහැකි වුවත් බටහිර මතවාදී ආක්‍රමණය, මෙරට බටහිර අනුකාරකයන් ගොඩනගාගෙන තිබෙන සමාජ බලය, දූෂිත දේශපාලනය, දූෂිත ජනමාධ්‍ය හා බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේ මෙරට නියෝජිතයන් වන රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් බලය යන සාධක හමුවේ එම අතලොස්ස බහුතර සමාජයේ මොළ හේදීමේ ක්‍රියාව දිගින් දිගට කරගෙන යනු ලබයි. එලෙසම ඔවුන් අඟවන්නේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය සමස්ථ ලෝකයට පොදු මතයක් බව හා බටහිර රටවල් කාර්මීකරණයත් සමග පාරිසරික ආර්ථික හා සමාජමය වශයෙන් වෙනස් වූ ආකාරය මුලු ලෝකයම නුගමනය කළයුතු බවකි. බටහිර කාන්තා විමුක්තිවාදයේ මේ අන්ධ අනුගාමික රැල අදවනවිට මේ මතය සෙසු සමාජයට පටවන්නේ මහත් උද්දච්ච ලීලාවකිනි. එමෙන්ම කාන්තා විමුක්තිවාදය විවේචනය කරන ඊට එරෙහි වන පිරිසට ඔවුන් විවිධාඅකාරයෙන් ආක්‍රෝෂ පරිභව කරන්නේ ඔවුන්ට එරෙහි වන්නන් කාන්තා විරෝධීන් ලෙස හඳුන්වමිනි. බටහිර කාන්තා විමුක්තියේ ඇති සාධාරනත්වය, මෙරට සමාජය ගැන සැලකීමේදී කාන්තාවන්ගෙන් කොපමණ පිරිසකට බටහිර කාන්තා විමුක්තිය අවශ්‍යද යන්න හා කාන්තාවන්ට ඇතැයි කියා මොවුන් කියන ඊනියා කාන්තා ප්‍රශ්න වලට මේ කාන්තා විමුක්තියෙන් නිර්දේශ කරන පිළියම් ගැන ඒනිසාම අප විචාරවත් ලෙස විමසා බැලීමක් කළයුතුය.
                          

මෙහිදී ඕනෑම කුඩා දරුවෙකුට වුවත් පහසුවෙන් තේරුම්ගතහැකි දෙයනම් බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය මිනිස් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපයටත් සමස්ථ සොබාදහමටත් පටහැනි බවයි. ලිංගිකත්වය යන්න ස්වභාවධර්මයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ ප්‍රජනන අවශ්‍යතාවය සඳහාය. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. එසේම ඒක ලිංගිකතාවය( ගැහැනු හා පිරිමි ලෙස ජීවීන් දෙදෙනෙකු වෙන් වෙන්ව සිටින )ස්වභාවයෙන් වැඩිදියුණු වී පරිණාමයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ස්ත්‍රී හා පුරුෂ ලිංගිකත්වයන්හි සුවිශේෂී ගුණාංග ඉස්මතුවන ආකාරයට හා ඒ ආශ්‍රිත අනුවර්තන කැපී පෙනෙන ආකාරයටය. කාට තිත්ත වුවත් ඇත්ත එයයි. විරුද්ධ ලිංගික ආකර්ෂණය මනුස්සයන්ට පමණක් නොව මුලු සත්වලෝකයටම පොදු දෙයකි. එමෙන්ම ඒක ලිංගිකතාවය විකාෂණය වී තිබෙන්නේද ස්ත්‍රී හා පුරුෂ ජීවීන් එකිනෙකාගෙන් වෙනස්ව ලිංගිකත්වයට ආවේනික විශේෂණයන් ගොඩනගාගනිමින් ඒ ඔස්සේ විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන පරිද්දෙනි. මිනිස් ලිංගිකත්වය සැලකීමේදීද ස්ත්‍රී පුරුෂ ලිංගික සුවිශේෂීතාවයන් ස්වභාවයෙන් පිහිටන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය පදනම්ව බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඕනෑම දියුණු මිනිස් සමාජයක පිරිමි ජනගහනය හැඩගැසී තිබෙන්නේ පුරුෂ ස්වභාවයන්ටද අනුව පරිසරය සමග වඩා කාර්‍යක්ෂමව අන්තර් ක්‍රියාකාරකම්  පවත්වා ගනිමින් සමාජය ගොඩනැගීමට අවශ්‍ය පරිද්දෙනි. එලෙසම ගැහැනු ජනගහනය හැඩගැසී තිබෙන්නේ ස්ත්‍රීත්වය හා මාතෘත්වය මත කාන්තා සමාජය ගොඩනැගෙන ආකාරයට වේ.  මෙය කාන්තා විමුක්තිවාදීන්ට නොරුස්සන බව අප දනිමු. මේ ස්වභාවයට එරෙහිව කුහකත්වයෙන් ක්‍රියාකරන්නන් ඔවුන්ගේ හැසිරීම සාධාරණීකරනය කරන්නේ වැඩිවෙන ජනගහනය හිසරදයක් කරගෙන කෙසේ හෝ ජනගහනයද පාලනය කළයුතු බව පවසමිනි. 
               
   සොබාදහමට එකඟ එමෙන්ම සොබාදහමේ පිටුබලයද සමග මිනිස් ඉතිහාසය පුරාවට වැඩිදියුණු වී ඇති මේ කිසිවක් උද්දච්ච කාන්තාවිමුක්තිවාදීන්නම් පිළිගන්නට සූදානම් නැත. ඔවුන්ට අනුව ලිංගිකත්වයේ මුලු ස්වභාවයම නිර්මාණයවී ඇත්තේ කාන්තාවන්ට අසාධාරණ අන්දමිනි. එනම් පුරුෂයාට තම ආධිපත්‍ය පතුරවමින් කාන්තාවන් පීඩාවට පත්කිරීමට හැකි පරිදිය. පිරිමි ජනගහනය පරිසරය සමග ගැටෙමින් සමාජයේ කොඳුනාරටිය හැදීමත් කාන්තාවන් පිරිමි ලිංගිකත්වයට සමාන්තරගත ලෙස ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසීමත්මොවුන්ට අනුව ස්ත්‍රී නිදහස නැතිකර තිබේ. මොවුන් තම සිතිමේ පරාසයට අනුව තමන්ට නරක යැයි සිතෙන මෙලොව සෑම දෙයක්ම ගැටගසන්නේ පුරුෂාධිපත්‍ය හා පිරිමි ලිංගික ස්වභාවය සමගයි. ඉන් පසුවට ඔවුන් ඒ සියල්ලට විසඳුම් ලෙස යෝජනා කරන්නේ මිනිස් ලිංගිකත්වයේ ස්වභාවයම උඩු යටිකුරු කර විකුර්ති කර දැමීම වේ. ඔවුන්ට අනුව කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය නැතිකර කාන්තාවන් බලෙන් මානසික පුරුෂකරණයකට ලක්කිරීමත්, පිරිමින්ට ස්වභාවිකව පිහිටන පෞරුෂත්වය කප්පාදු කර හැකිනම් පිරිමින් මානසිකව ස්ත්‍රීකරණය කොට සමලිංගිකත්වයට වැදගත්කමක් හා පිළිගැනීමක් ලබාදීමෙන් සියලු ප්‍රශ්න නිරාකරනය කළ හැක. මොවුන්ට දිගින්දිගට තම වැරදි මතවාදී ඒකාධිකාරය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාලය තුල අප ඉඩ නොතබමු. මොවුන් තම මතය ඒ ආකාරයෙන් ප්‍රකාෂ කරයි නම් අපද ඔවුන්ගේ මතවාද වල සියලුකරුණු ගැන ප්‍රශ්නකරමු. බටහිර කාන්තා විමුක්තිවාදයේ අතාර්කිකබව අමුතුවෙන් කිවයුත්තක් නොවේ ඔවු සොබාදහමට පවා එරෙහිව බලෙන් අටවන්නට යන කාන්තා විමුක්තියේ ගොන් ප්‍රශ්න වලට පිළිතුරු දීමට කිසිවෙකුටත් අමාරු නැත.අනෙක කාන්තාවන් රඟපෑම, ගීත ගායනා කිරීම වැනි දේ පවා වැරදියැයි අප කෙසේවත් නොකියමු.  කාන්තා විමුක්තිය ගැන අපේ ප්‍රශ්න වලට මොවුන්ද පිළිතුරු දියයුතුය.    


1) මොවුන් කාන්තාවන් හැටියට හඳුන්වන්නේ කවුරුන්ද?

2) මොවුන් පුරුෂයින් යැයි කියන්නේ කාටද?  

3) ස්ත්‍රී පුරුෂ භාවය අනුව මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයක් පැහැදිලිව නැතැයි කිව හැකිද? ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම තම විරුද්ධ ලිංගිකත්වය කායිකව හා මනෝවිද්‍යාත්මක අනුවර්තන ඇසුරෙන් වෙන්කර හඳුනාගැනීමේ ඇති වරද කුමක්ද?

4)පිරිමින්ට ස්වභාවිකව පිහිටන්නේ පරිසරයත් තමග වඩා කාර්‍යක්ෂම ලෙස ගැටෙමින් අන්තර් ක්‍රියාකාරකම් පවත්වාගැනීමට අවශ්‍ය ශරීර ලක්ෂණ හා කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන්නේ ප්‍රජනනයේදී දරු ගැබ දැරීමටත් ළදරුවකු පෝෂණය කිරීමටත් අවශ්‍ය ශරීර ලක්ෂණනම් කාන්තාවන් හා පිරිමින් එම කාර්‍යන් සඳහා වෙන වෙනම විශේෂයෙන් හැඩගැසීමේ ඇති වරද කුමක්ද?

5)පිරිමින්ට කාන්තාවන්ට සාපේක්ෂව පරිසරය සමග ගැටෙමින් වඩා වෙහෙසකර මෙන්ම ජීවිත අවධානම් සහිත ක්‍රියාකාරකම් වල පවා නිරත වෙමින් කාන්තාවන්ගේ පැවැත්මද ඇතුලුව සමාජයේ පැවැත්ම වෙනුවෙන් කැපකිරීම් කළ හැකිනම් කාන්තාවන්ට ඉවුම් පිහුම් ඇතුලු ගෘහ කටයුතු වල නිරත වීමේ ඇති අපහසුව කුමක්ද?

6) පිරිමින් විසින් කාන්තාවන් තම විරුද්ධ ලිංගිකයන් හැටියට සැලකීමේ වරදක් ඇත්නම් වියයුත්තේ කුමක්ද?

7) ඔවුන් කියන ආකාරයට කාන්තාවන් පිරිමින් කියා වෙනසක් නැත්නම් ද, පිරිමින් තම පෞරුෂත්වයට සමරූපී ස්ත්‍රීත්වය කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වීම වැරදිනම් හා සමාජයේ ස්ත්‍රී පුරුෂ ලෙස ක්‍රියාකාරකම් වර්ග කිරීම වැරදිනම් ද, කාන්තාවන්ට විශේෂයෙන් ඇති ප්‍රශ්න වර්ගකර පෙන්වන්නේ කෙසේද?

8) කාන්තා විමුක්තිවාදීන් විසින් කාන්තාවන්ට ඇතැයි කියන ඊනියා කාන්තා ප්‍රශ්න ලොව කොතැනත් ස්ත්‍රී ජනගහනයෙන් බහුතරයකට නොමැත්තේ ඇයි?

9) බටහිර කාන්තා විමුක්තිය ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් කොපමණ පිරිසකට අවශ්‍යද?

10) කාන්තාවන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු සමාජයක කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුලුව අන්සියලු දේ පිරිමින් මූලික වී ගොඩනැගීම පුරුෂාධිපත්‍ය වෙද්දී, පිරිමින් කොට්ඨාශයක්ම කාන්තාවන් මානසිකව පුරුෂකරණය කරමින් ස්ත්‍රීත්වය අත්හැරීමට අනුබල දෙමින් මේ ගොඩනැගීම කඩා බිඳදැමීමට යෑම පුරුෂාධිපත්‍ය නොවන්නේ කෙසේද?

11) ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය පදනම්ව හැඩගැස්වීමක් කර නිසි වයසකදී ආවාහ කටයුතු කරදීම පුරුෂාධිපත්‍යනම්, ඇතැම් පියවරුන් ගැහැණු ළමුන් පිරිමි ආරයට හදා පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කිරීමට උපදෙස් දෙමින් සෙසු පිරිමි ජනගහනයත් ඔවුන්ගේ ලිංගික ස්වභාවයත් තම ප්‍රගතියට බාධාවක් ලෙස සැලකීමට හුරු කිරීම පුරුෂාධිපත්‍ය නොවන්නේ කෙසේද?

12) පුරුෂයාගේ කුහකත්වය ගැන අන් සියලු අවස්ථා වල ප්‍රශ්න කරන මොවුන් ඒ කුහකත්වය මතම පදනම්වන ලිංගික අතවර අර්ථගැන්වීම් වල කුහකබව ප්‍රශ්න නොකරන්නේ ඇයි?

13) "ස්ත්‍රී දූෂණය" යන යෙදුමේ තේරුම මේ කාන්තා විමුක්තිකාමීන්ට පැහැදිලි කළහැකිද? එය කාන්තාවන්ගේ උවමනාවට අර්ථගැන්වූවක්ද? මේ යෙදුම පුරුෂාධිපත්‍යවාදී නොවන්නේද? ඒ තුල කුහකත්වයක් ඇත්තේම නැත්ද? 

14) සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් හා වර්ග කිරීම් වල ඊනියා සම්ප්‍රදායික බවක් ගැන නන් දොඩවන කාන්තා විමුක්තිවාදීන් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අර්ථකතන හා ස්ත්‍රී දූෂණ වැනි සම්‍රදායික යෙදුම් මත එල්බගන සිටින්නේ ඇයි?

15) කාන්තා විමුක්තිවාදීන් කියන ආකාරයට කාන්තාවන් පිරිමින් කියා වෙනසක් නැතිනම්ද, කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කළහැකිනම් හ කාන්තාවන්ට පිරිමින්ගේ රැකවරනයක් අනවශ්‍යනම්ද, කාන්තාවන්ගේ ආරක්ෂාවට පිරිමින් ලවා නීතිසම්පාදනය කරගනිමින් පිරිමින් ලවාම එමනීති ක්‍රියාත්මක කරගන්නට යන්නේ ඇයි?

16) කාන්තා විමුක්තිකාමී ගැහනුන් ඔය තරමට එඩිතරනම් හා ශක්තිමත් නම් ඔවුන්ට ඇතැයි කියන ඊනියා ප්‍රශ්න පිරිමින්ගේ සහයක් නැතිව තමන්ටම විසඳාගත නොහැක්කේ ඇයි?

17) අන් සියලු අවස්ථා වල පිරිමින් හා සමතැන් ගැනීම ගැන නන් දොඩවන කාන්තා විමුක්තිකාමී ගැහැනුන් අපහසුතාවයන්ට පත්වනවිට පිරිමින් ඊට මුහුණදෙන ආකාරයට ක්‍රියා නොකර කාන්තාවන්ට විශේෂ අනුකම්පාවක් ලබාගන්නට යන්නේ ඇයි?

18) කාන්තාවන්ට පුරුෂයා වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ කොටසක් වෙන්කිරීම කරදරයක්නම්ද එය අසාධාරනයක්නම් හා එය නොකළයුත්තක්නම් පිරිමින් හැම විටම කාන්තාවන් වෙනුවෙන් තම ජීවිතයෙන් කොටසක් වෙන්කරගෙන සිටීම නියත වශයෙන් කළයුතු වන්නේ ඇයි?

19)කාන්තාවන්ට පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කිරීමට අයිතියක් තිබියයුතුනම් පුරුෂයාට ඊට එරෙහි ප්‍රතික්‍රියාව දැක්වීමට ඇති අයිතිය ගැන කියන්නේ කුමක්ද?

20)පුරුෂාධිපත්‍ය යන්න කාන්තාවන්ට ඔයතරම් වහක්නම් කාන්තා විමුක්තිවාදීන් පුරුෂාධිපත්‍යවාදී නීති වල රැකවරනය ලබමින්ම පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කරන්න යන්නේ ඇයි? පුරුෂාධිපත්‍ය සමාජ පරිසරයක් තුල ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව තම පැවැත්ම ගොඩනගාගැනීමට හැකි හා ඊට කැමති කාන්තාවන් ගැන ඊනියා කාන්තා විමුක්තිකාමීන් කියන්නේ කුමක්ද?


21)කාන්තා විමුක්තිය හා සමලිංගිකත්වය අතර තිබෙන සම්බන්ධතාවය බොහෝ තැන්වලදී කාන්තා විමුක්තිකාමීන් වසන් කරන්නේ ඇයි?කාන්තා විමුක්තිය මෙහෙයවන සමලිංගික පිරිමින් ගැන එලිපිට නොකියන්නේ ඇයි?

22)කාන්තාවන් විසින් කාන්තාවන් හින්සාවට පත්කිරීම හා සමලිංගික විකුර්ති කාම අපචාර වල යොදාගැනීම ගැන කියන්නේ කුමක්ද?

             

   මේ අප අසන්නේ ඇසියයුතු ප්‍රශ්න වලින් කොටසක් පමණය. තවත් ඇසියයුතු දේ ඇත. මොවුන්ට මේ ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිබව පමණක් නොව කිසිවෙකු විසින් මේ ප්‍රශ්න කෙදිනකවත් තමන්ගෙන් අසනවාටද අකමැති බව අප දනිමු. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරමින් පිරිමින් සමග සටන් කිරීමට මිනිස් ඉතිහාසය පුරාවට අවශ්‍ය තරම් කල් තිබී ඇත. මිනිස් ඉතිහාසය පුරා කළ නොහැකි මෙන්ම කළත් අසාර්ථක වන දේ ඒ බව හොඳින් පෙනෙන්නට තිබියදී මහත් ආයාසයක් ගෙන සොබාදහමටද පිටින් ගොස් වර්තමානයේ කළයුතුයැයි කියන්නේ කාන්තා විමුක්තිවාදීන්ගේ උමතු මනෝගතිය අනුව මිස ඔවුන්ගේ වීරකමක් මත නොවේ. මේ ඊනියා කාන්තා විමුක්තිවාදීන් අප ඉහතින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබාදියයුතු වනවා පමණක් නොව ඔවුන් කාන්තාවන්ට ඇතැයි කියන ඊනියා ප්‍රශ්න ලිංගිකත්වයේ ස්වභාවය උඩු යටිකුරු කරමින් කාන්තාවන්ට පෞරුෂත්වයත් පිරිමින්ට ස්ත්‍රීත්වයත් බලෙන් පටවා සමලිංගිකත්වය ඇතුලු ලිංගික මනෝ ව්‍යාධීන්ටද පිළිගැනීමක් ලබාදී විසඳන්නට යන ආකාරයද පැහැදිලි කළයුතුය. ඔවුන් පුරුෂාධිපත්‍ය වැරදි යැයි කියන්නේනම් මිනිස් සමාජය ගොඩනැගියයුත්තේ වෙන කවර ආකාරයකටද යන්නත් ඔවුන්ම කිවයුතු වේ. පුවත්පත් ඇතුලු දූෂිත ජනමාධ්‍ය සමග එක්ව තම මතවාදී ඒකාධිකාරය ත්‍රස්තවාදයක් කරගනිමින් යහතින් සමාජය නොමග යවන බොරු තොරතුරුද නිර්මාණය කළ කාන්තා විමුක්තිවාදීන්ට අන්තර්ජාලය තුල යකා නැටීමට අපෙන් ඉඩ නැත. පුවත්පත් ඇතුලු ජනමාධ්‍ය ත්‍රස්තයින් කාන්තා විමුක්තිවාදය විවේචනය කිරීමට ඉඩ නොදුන්නද අන්තර්ජාලය තුල අපට අදහස් ප්‍රකාශ කිරීමේ බාධාවක් නොමැත. අප ඔවුන්ට නැවතත් කියාසිටින්නේ මිනිස් ඉතිහාසය පුරාවට වැඩිදියුණු වී තහවරු වී තිබෙන්නේ සොබාදහමට එකඟ දේ පමණක් යන්නයි. ලිංගිකත්වයේ ස්වභාවයට හා සමස්ථ සොබාදහමට එරෙහි කාන්තා විමුක්තිවාදයද සොබාදහමේම ප්‍රතිඵලයක් ලෙස අතුගෑවී යෑම කාන්තා විමුක්තිවාදය නිර්මාණය කළ කුහක පිරිමින්ටත් ඔවුන්ගේ අනුගාමික මෝඩ කාන්තා විමුතිවාදිනියන්ටත් වැලැක්විය නොහැක.

15 comments:

  1. හප්පා.. කෝ මේ වනිතා.. අනිවාරෙන්ම එයා මේක කියවන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒ ගෑණියෙක්ද කියලත් ප්‍රශ්නයක්. ආවදෙන්කො මමත් දෙන්න උත්තර ටික.

      Delete
  2. විමුක්තියක් නෑ විමුක්තියක් නෑ කිය කියා විමුක්තිය හොයන උන් ඇත්තටම විමුක්තියේ තේරුමවත් දන්නවද කියල මට නම් සැකයි.

    ReplyDelete
    Replies
    1. මුන් විමුක්තිය කියන එකේ තේරුම නොදන්නව විතරක් නෙවෙයි මුන්ගේ අනුගාමිකයෝ සේරම පටලවනවා බුදු දහමත් එක්ක. උන් කාන්තා විමුක්තිය බුදු දහමේ ඉගැන්වෙන විමුක්තියට සමාන කරනවා. බුදු දහමේ විමුක්තිය කියන්නේ නිවන කියන එක. ඒත් මේ කාන්තා විමුක්ති වෛරක්කාර ගෑනුන්ට නිවනට වඩා පිරිමින්ට එරෙහිව සටන්කරන එක වැදගත්.

      Delete
  3. මේ ප්‍රශ්න මාලාව කොන්ද කෙලින් තියාගෙන ඇහුවට මගේ උපහාරය පුද කරන්න කැමතියි. ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේවා කෙලින් අහපුවාම කාන්තා විමුක්තිවාදියෝ කියන්නේ අපි කාන්තා විරෝධියෝ කියන එක. උන් කියන්නේ මේකෙන් කාන්තාවන්ට අපහාසයක් වෙනවා කියලා.

      Delete
  4. ඔබේ ලිපි වල තිබෙන විචාරයන් හා තර්ක කිරීම් හරිම අපූරුයි. කවුරුත් කතාබහ කිරීමට මැලිවන දේවල් ගැන හොඳ විචාරයක් ඇතිකිරීම ගැන ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් කතා කරන්න මැලි වෙන එක තමයි බටහිර කාන්තාවිමුක්තිවාදීන්ට තියෙන වාසිය.

      Delete
  5. මෙතන තියෙන ප්‍රශ්න මාලාවම සම්ප්‍රදායික විෂමලිංගික පුරුෂාධිපත්‍යවාදීන්ට තියෙන ගැටළු තොගයක් මිස නූතන යුගයේ කිසි කෙනෙකුට තියෙන ප්‍රශ්න නෙවෙයි. ඒනිසා මේවට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නෑ. මෙතන තියෙන්නේ තමන්ගේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය බිඳවැටීම ගැන බයක් හා නූතන කාන්තාවගේ ප්‍රගතිය ගැන වෛරයක්.

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදායික නවීන කියලා ඔබ කරන වර්ග කිරීමට පදනම ඔබ විසින් හේතු සහිතව පැහැදිලි කායුතුයි. ඒ විතරක් නෙවෙයි විෂම ලිංගික පුරුෂාධිපත්‍යවාදී සමාජය සම්ප්‍රදායික වෙද්දී විකුර්ති සමලිංගික හා දෙබිඩි කාන්තා විමුක්තිවාදය නූතනත්වයට අයත් වෙන්නේ කොහොමද කියලත් ඔබ පැහැදිලි කලයුතුයි. ඒ විතරක් නෙවෙයි අපට එදිනෙදා ජීවිතයේ හුරු පුරුදු ස්ත්‍රී පුර්ෂ ලිංගික බෙදීම් හා වර්ගීකරනයන් මෙන්ම ලිංගික මනෝවිද්‍යාත්මක හැඩගැසීම් එක්ක ඉදිරියට යන්න පැහැදිලිව පුලුවන්. ඊට කිසි බාධාවකුත් නෑ. එහෙම බෑ කියනවනම් ඊට හේතුත් ඔබ කිවයුතුයි.කරුනා කරලා සම්ප්‍රදායික කියන වචනෙට මුවා වෙලා ප්‍රශ්න වලින් පැනලා යන්න හදන්න එපා.

      Delete
  6. මෙතන තියෙන ප්‍රශ්න සේරටම පොදුවේ එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී පිරිමින් හා ඔවුන්ගේ සහයට සිටින් ඔවුන් දිරිගන්වන සම්ප්‍රදායික මවුවරුන් ගෘහණියන් බිරින්දෑවරුන් ඇතුලු මෝඩ ගෑනු නඩයට නූතන යුගයේ කාන්තාව සමග හැප්පෙන්න බෑ. ඔවුන්ට අත්වෙන්නේ ලෝකයෙන් අතුගෑවී යන්න විතරයි.

    ReplyDelete
  7. ඉතා වැදගත් ප්‍රශ්න පෙලක් කියලයි මට හිතෙන්නේ. මමනම් හිතන්නේ නෑ ස්ත්‍රීවාදීන් තියා ඒ අයට ගුරුහරුකම් දෙන අයටවත් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් කියලා. අප කවුරුවත් නොහිතන කාරනා කීපයක් වෙත තාර්කිකව ප්‍රශ්න ඉදිරිපත් කරමින් අපගේ අවධානය යොමු කරවීම ගැන ඔබතුමාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න මගහරින්නේ කුහකකම නිසා.

      Delete
  8. මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට. ඔබේ බ්ලොග් එකත් මම බලන්නම්.

      Delete