Wednesday, May 14, 2014

සුභ වෙසක් තෙමගුලක් වේවා!



වෙසක් දිනය නිමිත්තෙන් පමා වී හෝ අප හිතවතුන්ට සුභාශිංසනය පිරිනැමීමට අදහස් කළා. සෑම වාසනාවන්ත වේසක් පොහොයකම සැබෑ බුදු දහම අදහන බෞද්ධයන් සියලු දෙනා අධිෂ්ඨාන කරගතයුතු වැදගත් දෙයක් පමණක් කෙටියෙන් කියන්නම්. ඒ මෙකළ ඉතා වේගයෙන් බටහිර යුදෙවු නූතනත්වයේ මිත්‍යාවන් තුලට බුදු දහමත් ඇදී යන බව පෙනෙන්නට තිබෙන බැවින්, එය වහා තේරුම් ගෙන බුදු දහම යුදෙවු මිත්‍යාවන්ගෙන් දූෂිත තත්වයට පත්වීමට ඉඩ නොදීමයි. බෞද්ධයන් හැටියට මෙන්ම විශේෂයෙන් බෞද්ධ රටක් හැටියට අපට සරල රේඛීය ගමන් මගක භෞතික දියුණුවේ අනන්තය දක්වා ගමන් කිරීමේ උමතුවක් තිබිය නොහැක. එය කිරීමට බටහිර රටවල් තරඟයට මෙන් උත්සහ කළද එය ප්‍රායෝගික නොවේ. එසේ වන්නේ ඒ ක්‍රියාවේම වක්‍ර ප්‍රතිඵලයක් ලෙස මිනිස් සංහතියේත් මුලු ලෝකයේත් යහ පැවැත්ම කෙටි වන බැවිනි. බෞද්ධ අපට ඇත්තේ සියල්ල ඇති වෙමින් නැතිවන මෙන්ම නැවත නැවතත් ඇතිවී නැතිවන ස්වභාවය තේරුම්ගෙන සම්මුතිවාදී දිවියක් ගතකිරීමට අදාල සංකල්ප වේ. බුදු දහමේ අවසානයට ඉගැන්වෙන්නේ සසර ගමන කෙළවර කිරීම ගැනයි. අද බුදු දහමටත් බෞද්ධ සමාජයටත් එරෙහි බොහෝ විජාතික බලවේග හිස ඔසවා ඇති බැවින් සසර ගමන ගැන සිහි තබාගෙන සම්මුතිවාදී දිවිපැවැත්මක් ගෙනයන අතරම බුදු දහමත් බෞද්ධ සමාජයත් රැකගතයුත්තේ අප බුදු දහම අදහන මනුස්සයන් මිස බුදුවරුන් හෝ රහතන්වහන්සේලා නොවන බවද තේරුම් ගනිමිනි.

6 comments:

  1. කවුරුවත් ඕක තෙරුම් නොගෙන කරන්නේ බුද්ධ දර්ශනය බුද්දාගම කරගෙන අදහන එක, පෙන්වා දුන් මාවතේ ගමන් කරන කෙනෙක් අද හොයා ගන්න හරි අමාරුයි. හැමදාම පන්සිල් නං ගන්නවා, අය හැමද්දම ගන්නේ හැමදාම කඩන හින්දද? එක සැරයක් ගත්තම මදීද, ඔහේ කරන්නන් වාලේ කරනවා. ඉතින් ඕවා ගැන තව කවර කතාද.

    ReplyDelete
    Replies
    1. කරන්නන් වාලේ කරන බොරු සෝබන වැඩනම් ඇත්තෙන්ම වැඩියි.

      Delete
  2. හැමට වාසනාවන්ත සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා.මගේ බ්ලොග් එක පැත්තේත් ගොඩවැදිල යන්න එන්න

    ReplyDelete
    Replies
    1. හරි හරි මමත් එන්නම්කෝ.

      Delete
  3. සියලු දේට මිලක් නියම වෙලා. වෙසක් එකත් තවත් එක් වාණිජ සැනකෙළියක් විතරයි. වෙසක් උලෙලේ සැබෑ අරමුණ සමාජයෙන් ගොඩක් ඈතට ගිහින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. වෙසක් එකත් දැන් වාණිජ මට්ටමට යන ගතියක් තියෙනවා. අනෙක ඇත්තටම වෙසක් උත්සවයට සූදානම් වෙන්න එය හරියට සමරන්න වුර්තිකයන්ට හා පාසල් සිසුන්ට අද නිසි කාලයක් වෙලාවක් නෑ. ඒක අනෙක් ගැටලුව. ඔහේ එනවා ඇවිත් යනවා වෙසක් එක.

      Delete