Sunday, May 11, 2014

ලිංගික අතවර, විවාහ නීති හා කාන්තා විමුක්ති කුහකයෝ



මෙම ලිපිය ලිවීමට අදහස් කළේ පසුගිය අප්‍රියෙල් 24 වන දා "වික්ල්ප" නම් වෙබ් අඩවියක පළවූ ලිපියක් සම්බන්ධවයි. පළමුව මට කීමට අවශ්‍ය දෙයක් වේ. එනම් මේ විකල්ප නමින් පෙනීහිටින වෙබ් අඩවිය පැහැදිලිව බටහිර මුදල් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන එකක හෝ කීපයක සහය ඇතිව ක්‍රියාත්මක වන්නක් බවයි. මෙහි මූලික පරමාර්ථය බටහිරට එක්සත් ජාතික පක්ෂය තරම් ගැතිකම් නොකියන වර්තමාන රජයට පහර ගැසීමයි. ඒ අතර රටේ ජාතිකත්වය, සමාජයේ පිළිගැනීම් හා සංස්කෘතික සාධක වලට පහරදීමද වෙයි.
                        අපගේ අවධානයට මෙලෙස ලක්වුණේ කතානායකවරයා ක්ළේයැයි කියන ප්‍රකාශයක් මාතෘකාව ලෙස උපුටා දක්වමින් පසුගිය 24 වනදා අදාල වෙබ් අඩවියේ පළවූ ලිපියකි. එම ප්‍රකාශය මෙසේයි.

  //
කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’//
                   මාතෘකාව එසේ වුවත් මෙය තුලින් අදාල ලිපිය ලියා තිබූ කතුවරිය උත්සහ කර තිබුණේ විවාහ නීතියක් සම්බන්ධව කරුණු කීමටයි. පළමුව මා පෙන්වා දෙන්නේ කතානායකවරයා කර තිබෙන ප්‍රකාශයේ අඩුවක් තිබුණත් එහි වරදක් නැති බවයි. ඒ අඩුව වෙනත් දෙයක් නොව මෙරට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවුලේ ආර්ථිකය කා දමා ගෑනුන්ටත් ළමයින්ටත් අඩන්තෙට්ටම් කරන පිරිමින්ගේ ක්‍රියාකලාපය මෙහිදී ගැටලුවක් වීමත් ඊට කාන්තාවන් වගකිවයුතු නොවීමත් යන කරුණයි. ඒ වගේම බටහිර කාන්තා විමුක්තිය අනුව යමින් මෙරට සමාජයත් ලිංගික වශයෙන් විකුර්ති කරදැමීමට උත්සහ කරන වසල ගෑනුන්ට සමාජයෙන් නිසි ප්‍රතික්‍රියාව එල්ල වී හින්සනයට ලක්වුවද එහි වරදක් නැත.
                 

    විකල්ප වෙබ් අඩවියේ පළවූ ලිපියේ අන්තර්ගතය ගැන දැන් විමසමු. 21 වන සියවසේ දෙවැනි දශකයේ සිටින ශ්‍රී ලංකාව තමන්ගේම දූෂණ විවාහ නීතියක් සම්මත කරගැනීමට සැරසෙන බව කියමින් කතුවරිය තම ලිපියේ කරුණු දැක්වීමට මුලපුරන්නේ මොරොක්කෝවේ සිදුවූ දූෂණ විවාහ නීතිය වෙනස්වීමක් ගැන උදාහරනයක්ද ගෙනහැර දක්වමිනි. දූෂණ විවාහ නීතියක් යනු කුමක්ද? එහි සාධාරණ, අසාධාරණ පැති මොනවාද? විකල්ප වෙබ් ලිපි කතුවරිය පෙන්වා දෙන්නේ මොරොක්කෝවේ සිදුවූ සිද්ධියකි. එන්ම් දූෂණයකට ලක්වන තැනැත්තිය විවාහ කරගැනීමට එලෙස ඇය දූෂණයට පත්කළ තැනැත්තා කැමති වුවහොත් ඔහුට එම අපරාධයෙන් ගැලවී නිදොස් වියහැක. මෙහි දෙපැත්තක් තිබේ එකක්නම් එවැනි සිද්ධියකදී දූෂණයට පත් තැනැත්තිය අදාල දූෂකයා සමග විවාහ වීමට අකමැති  වුවත් එම දූෂකයාට ඇය විවාහ කරගැනීමට හැකිවීමෙන් ඇයට සිදුවන පීඩාවයි. අනෙක දූෂණයට පත් තැනැත්තිය අදාල දූෂකයා සමග විවාහ වීමට කැමති වුවත් දූෂකයා ඊට අකමැති වුවොත් ඔහුට දඬුවම් විඳීමට සිදුවීමයි. ලිපියේ කතුවරිය මෙහි දෙවනියට සඳහන් කළ කාරනේ හිතාමතා අමතකකර පළමු කාරණේ පමණක් ඉස්මතු කරන්නේ කාන්තා විමුක්තිවාදී කුහකත්වයේ සුපුරුදු මුහුණුවර ප්‍රදර්ශනය කරමිනි. මේ ලිපියේ කතුවරිය පෙන්වා දෙන්නේ මොරොක්කෝවේ 16 හැවිරිදි තැනැත්තියක් මෙලෙස දූෂණයට පත්ව එම දූෂකයා සමග ඔහුගේ කැමැත්තෙන් විවාහ වීමට සිදුවීම තුලින් පීඩාවට පත්ව වසබී මියයෑමත් සමග එම දූෂණ විවාහ නීතිය ඉවත් කිරීමට මොරොක්කෝව කටයුතු කළ බවයි. එලෙසම ඇය මැසිවිලි නගන්නේ මොරොක්කෝවේ එසේ සිදුවෙද්දී ලංකාවේ ඊට ප්‍රතිවිරුද්ධ නීතියක් සම්මත කරගැනීමට යනබව කියමින්ය.
                             මෙවැනි නීතියක් ගැන මෙතෙක් කිසිදු කතාබහක් හෝ එවැන්නක් සම්මත කරන බවට නිල ආරංචියක් නැත. නමුත් මේ ගැන කුලප්පු වී එන්.ජී.ඕ වෙබ් අඩවිය පලකළ ලිපිය ගැන යමක් කිවයුතුමයි. අදාල ලිපියේම කොටසක් උපුටා දක්වමින් මේ ගැන කතා කිරීම හොඳ යැයි මට හිතේ. එය පහත දැක්වේ.

//
 21 වැනි සියවසේ දෙවැනි දශකයේ දී ශ‍්‍රී ලංකාව තමන්ගේම ‘දූෂණ විවාහ නීතියක්’ සම්මත කර ගැනීමට සැරසෙයි.

ළමා සංවර්ධන සහ වනිතා කටයුතු ඇමති තිස්ස කරල්ලියද්දට අනුව, මේ නව නීතිය යටතේ, දූෂණයට ලක්වූ තැනැත්තියගේ කැමැත්ත ඇතොත්, දූෂකයාට ඇයව විවාහ කරගත හැකි වන්නේය. වින්දිත තැනැත්තිය බාල වයස්කාරියක් නම්, ඈට වයස 18 පිරීමෙන් පසු විවාහය සිදු කළ හැකිය. //
මෙහි අඩුපාඩු ඇතත් එම තීරණය කොහෙත්ම අයහපත් එකක් නොවේ. බටහිර කාන්තා විමුක්තිවාදී එන්.ජී.ඕ  ලියුම්කාරියගෙන් අප පළමුව අසන්නේ මෙවැන්නක් ඇත්තෙන්ම සම්මත උනත් එහි අයහපත කුමක්ද යන්නයි. අතවර සිද්ධියකදී අතවරයට පත්වන තැනැත්තියටත් අතවරකරුවාටත් අන්‍යෝන්‍ය අවබෝධයකින් ගැටලුව විසඳාගැනීමට අවස්ථාවක් ලබාදී එයට දෙපාර්ශවය දක්වන ප්‍රතිචාරය අනුව වරදට දඬුවම් කිරීම හෝ සමතයකට පත්කිරීම මෙහිදී කළ හැක. කාන්තා කටයුතු අමාත්‍යංශය හා ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන යම් යම් ගැටලු ඇතත් ඇමතිවරයා මේ අවස්ථාවේ කරන්නට යන කාර්‍ය ඉතා සාධාරන හා දුරදක්නා නුවනින් යුතු එකක් බව කිවයුතුමය.
               

මේ යෝජනාව ඇත්ත එකක් නම් එය සාදාරණ බව අප කියන්නේ කරුණු ගණනාවක් මුල් කරගෙනයි. මෑතක සිදුවූ නීති සංශෝධන වලට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සමග ඇගේ කැමැත්ත ඇතිව ලිංගික ඇසුර පැවැත්වීමද අතවරයක් වන අතර එවැනි සිද්ධියකදී අදාල පිරිමි  පාර්ෂවයට තම සහකාරිය විවාහ කරගැනීමේ උවමනාව තිබුණද එය නොතකා දඬුවම් විඳීමට සිදුවේ. මේ නීතිය 1991 සම්මත වී තිබෙන්නකි. මෙවැනි ත්‍රස්ත අනපනත් සක්‍රීය වී නීති බවට පත්වීම පසුපස ඇත්තේ සුලුපටු සිද්ධි නොවේ. අනිවාර්‍ය ලෙස බටහිර කාන්තා විමුක්තිවාදී රාජ්‍ය නොවන සංවිධාන වල හස්තයක් මේ පසුපස ක්‍රියාත්මක වී ඇත. මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන පුරුෂ විරෝධී අතවර නීති ත්‍රස්ත අනපනත් මගින් හොර රහසේ සක්‍රීය කිරීමට මෙන්ම සමලිංගිකත්වයට හා සමලිංගික ළමා අපචාර වලට නීතියෙන් බුරුලක් ලබා දීමට තමන්ට හිතවත් රජයන් හා දේශපාලනඥ්ඥයන් හරහා ක්‍රියා කරන බව නොරහසකි. ඉහත සඳහන් නීතිය පනවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති සමයේයි. එම අවධියේ රාජ්‍ය නොවන සංවිධාන වලට රජයේ අනුග්‍රහය තිබූ බවද නොරහසකි. එලෙසම මෑතකදී ගෙන ආ භාරකාරත්ව ස්ත්‍රී දූෂණ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වැනි නීතිද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති සමයේ කරලියට පැමිණි ඒවාය. චන්ද්‍රිකා කුමාරතුංග යනු එක්සත් ජාතික පක්ෂ රජය සමයේ මෙරට ස්ථාපිත කළ බටහිර කාන්තා විමුක්තිවාදයට නිල පිළිගැනීමක් ඇතිකර සමලිංගික රාජ්‍ය නොවන සංවිධාන වලටද රට තුල ක්‍රියාත්මක වීමට ඉඩ දුන් කුප්‍රකඨ නායිකාවයි.
                        මෙරට ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර ගැන බටහිර මුදල් මත යැපෙන හොර රාජ්‍ය නොවන සංවිධාන හා ඔවුන්ගේ ගෝලබාලයන් කරන ඊනියා සමීක්ෂණ වල ප්‍රතිඵල විෂ්වාස කිරීමට තරම අප මෝඩයන් වියයුතු නැත. මොවුන් මෙරට ස්ත්‍රී දූෂණ වැඩි යැයි කෑමොර දෙන්නේ විවාහ වීමට සිටින පෙම්වතුන් සමග පෙම්වතියන් සිය කැමැත්තෙන් පවත්වන ලිංගික ආශ්‍රයන්ද අත්තනෝමතික ලෙස අතවර වලට ගොනු කරමිනි. බාල වයස්කාරියන් සමග විවාහ වීම්ද අතවර කියා කොහෙත්ම කිව නොහැක. එහෙත් මේ පුරුෂ ලිංගිකත්ව විරෝධී වෛරක්කාර කාන්තා විමුක්තිවාදීන්ට මේ සියල්ල ස්ත්‍රී දූෂණය. මේ උමතු කාන්තා විමුක්ති වාදීන් 1991 සිට මේ ත්‍රස්ත නීතී ක්‍රියාත්මක වෙමින් පුරුෂයාත් පුරුෂ ලිංගිකත්වයත් පීඩාවට ලක්වන ආකාරය දෙස බලා කාලකන්ණි සතුටක් ලබමින් විකුර්ති තෘප්තියක්ද ලැබුවෝය. විටෙක මේ කාණ්ඩයේ ඊනියා කාන්තා ක්‍රියාකාරිනියන් සත්‍ය ලෙසම බාල වයස්කාර දැරියන් මෙන්ම කාන්තාවන්ද හිරිහැරයට ලක්කර සාහසික ලෙස අතවරයට ලක්කරන්නවුන්ට යටි හිතෙන් යම් කැමැත්තක් දැක්වූයේ තම රහස් සැලසුම් සමාජයෙන් අනුකම්පාව ගෙන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ඒ පාදඩයන්ගේ ක්‍රියාකලාපය ඔස්සේ සැකසෙන බව හොඳින්ම තේරුම්ගනිමිනි. එහෙත් මේ කාන්තා විමුක්ති වාදීන්ගේ කෝපයට හේතුවී තිබෙන මේලෙස කාන්තා කටයුතු අමාත්‍යවරයා ගෙන එන්නට යන්නේයැයි කියන පනත හරිහැටි ක්‍රියාත්මක වී, සාධාරණ ලෙස තම සහකාරියන් සමග තෘප්තිමත් ජීවිත ගෙනගිය පෙම්වතුන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව විවාහ වීමටත්, ඊට  සුදුසු වයස සම්පූර්ණ වී නොමැතිනම් නිසි වයසට එළඹීමෙන් පසුව විවාහ වීමටත් අවස්ථාව ලැබීමෙන් පිරිමි ලිංගිකත්වය පීඩනයට ලක්කර විකුර්ති තෘප්තියක් ලැබීමට ඔවුන්ට නොහැකි වෙයි. මේ හොර කාන්තා විමුක්ති නඩයට අවශ්‍ය සාධාරන හා ස්වභාවික ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා සියල්ල ඔවුන්ගේ පුරුෂ ලිංගිකත්ව විරෝධී මානසිකත්වය අනුව කාන්තා හින්සන හා ලිංගික අතවර තුලට ගොනු කිරීමට මිස වෙන දෙයක් කිරීමට නොවේ. ලිංගික බලහත්කාරකම්, අතවර හෝ දූෂණ නොවන, පිරිමි හා ගැහැනු දෙපාර්ශවයක් විසින් ගෙනයනුලබන සාධාරණ ලිංගික සබඳතා ගැන විපරම් කරමින් මිනිසුන්ගේ ලිංගික ජීවිත වලටද එබිකම් කරමින් ඔවුන් ලිංගික සබඳතා පැවැත්වූ වයස හෝ අල්ලාගෙන පිරිමි පාර්ශවයට දඬුවම් කිරීමට මොවුන් නිරතුරුව වෙහෙසෙති. ඒ ඔවුන්ගේ මානසිකත්වය මෙන්ම බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ න්‍යායපත්‍රයටද අයත් දෙයකි. 

             
     විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීම ගැන යම් සදාචාරාත්මක ගැටලු තිබුණත් අවසාන වශයෙන් ලිංගිකත්වයේ ස්වභාවයට එය පටහැනි නොවේ. අප කියන්නේ එසේ කිරීම හරිමයි කියා නොව එසේ කළ පමණින් එය දඬුවමට ලක්කළයුතු මට්ටමේ වරදක් නොවන බවයි. එසේම ඊට වයස් සීමාව ඇදගෙන කුහකයන්ගේ කුහක මානසිකත්වය තෘප්තිමත් කිරීමට ත්‍රස්ත අනපනත් ක්‍රියාත්මක කරමින් ලිංගික පීඩාව සමාජය තුල වර්ධනය කරනු වෙනුවට වෙනත් කළහැකි දේ තිබේ. ඉන් එක් දෙයක් මේ මාතෘකාවට අදාල කාන්තා විමුක්තිවාදී කුහකයන්ගේ උදහසට ලක්වී තිබෙන යෝජිත පනත තුල අන්තර්ගත වී ඇත. ඒ අදාල පාර්ශවයන් විවාහ වීමට නිසි වයස සම්පූර්ණ කළපසු ඊට ඉඩ ලබාදී ක්‍රමවත් ලිංගික ජීවන රටාවකට අවතීර්ණ වීමට ඔවුන්ට ඉඩ සැලසීමයි. කාන්තා විමුක්තිවාදීන් ඊට එරෙහි වන්නේ එලෙස බාල වයස්කාරියන් සමග විවාහ වීමේ උවමනාව මත ලිංගික සම්බන්ධතා පැවැත්වූ පෙම්වතුන්ට "බාල අපරාධකරුවන්" යැයි කියමින් පිරිමි ලිංගිකත්වය සාහසිකකරනය කොට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය  ඒ තුලින් අහෝසි වන බැවිනි. මෙය හුදෙක් වනිතා කටයුතු ඇමතිවරයාගේ පෞද්ගලික මතයක්ම නොවේ. එය ඇත්තෙන්ම කාලීන අවශ්‍යතාවයක් මෙන්ම ලිංගික පීඩාවන්ගෙන් තොර සමාජයක් ඇතිකිරීම සඳහා වියයුත්තකි. මේ කාර්‍ය යම් හෙයකින් සාර්ථක වුවොත් දුෂ්ඨ කාන්තා විමුක්තිවාදීන්ගේ බොරු අතවර සමීක්ෂණ කැලේ යනු ඇත. ඉන් පසුවට දූෂිත ජනමාධ්‍ය සමග එක්ව විනාඩියට, තත්පරයට ආදී වශයෙන් මෙපමණ ස්ත්‍රී දූෂණ සිදුවන්නේයැයි බොරු කීමට නොහැකි වනු ඇත. ඉන් පසුවට ස්ත්‍රී දුෂණ සිද්ධි වලදී දඬුවම් කිරීමට සිදුවන්නේ සැබෑ අතවර කරුවන්ට පමණි. ඒ ගැනද කාන්තා විමුක්තිවාදීන්ට යම් කණගාටුවක් ඇතුවාට සැකයක් නැත. ඒ ඔවුන්ගේ කාන්තා විමුක්තිවාදී න්‍යාය පත්‍රයට අනුව මිනිස් ලිංගිකත්වය ව්‍යාකූල කිරීමේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑමේදී එහි කුප්‍රකට හා දුෂ්ඨ භාවය වසා ගැනීම සඳහා කුහක පාදඩ අතවරකරුවන් අතින් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව සමාජයේ යම් හැඩගැසීමක් ඇති කාන්තාවන් අතවරයටත් හින්සනයටත් ලක්වීමේ සිද්ධිය කඩතුරාවක් ලෙස තිබීම අනිවාර්‍ය දෙයක් වන බැවින් වේ.
                         මේ මාතෘකාව ගැන කතා කිරීමේදී ස්ත්‍රී දූෂණය යන යෙදීම ගැන යමක් නොකියා බැරිය. ඒ එම යෙදුම කාන්තාවන් සම්බන්ධයෙන් වුවත් කොපමණ සාධාරණද යන්න සොයා බැලීම සඳහායි. ලිංගික අතවර අර්ථගැන්වීම් කුමක් හෝ වේවා පොදුවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලිංගික අවශ්‍යතාවය ස්වභාවිකව පිහිටයි. ඒ විරුද්ධ ලිංගික ආකර්ෂණය තුලින් ප්‍රජනන ක්‍රියාව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මතයි. මෙහිදී අපට විචාරයක් ඇත්නම් අප සිතා බැලියයුත්තේ කාන්තාවන්ට ලිංගික අවශ්‍යතා නැත්ද  යන්න වේ. එය පිරිමින්ට පමණක් පිහිටන දෙයක් නොවේ. කාන්තාව යනු මිනිස් වර්ගයේ ගැහැනු සත්වයා මිස වෙනම ජීවී කොට්ඨාශයක් නොවේ. එබැවින් පිරිමි ලිංගික ක්‍රියාකාරීත්වයට සමාන්තරගත ස්ත්‍රී ලිංගික ක්‍රියාකාරිත්වයක් කාන්තාවන්ට ඇත. පුරුෂයෙකුට ස්ත්‍රියක සමග ලිංගිකව එක්වෙමින් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇති උවමනාව ඒ හා සමානව ස්ත්‍රියකටද පිරිමියෙකු සමග එක්වී තම ලිංගික අව්ශ්‍යතාවය සපුරා ගැනීම සඳහාත් එලෙසම තිබේ. වෙනසකට ඇත්තේ ලිංගිකව සක්‍රිය වී ලිංගික ක්‍රියාවට අවතීර්ණ වීමේදී පිරිමින් හා කාන්තාවන් එකිනෙකාට වෙනස් අයුරින් එය කිරීමයි. මනෝ විද්යානුකූලව බලන කළ උත්තේජනයක් ඇතිකරවන ස්ත්‍රී ලිංගික ස්වභාවයන් දැකීමෙන් පිරිමින් ඒ වෙත ආකර්ෂණය වීම පමණක් නොව ලිංගිකව සක්‍රීය වීමත් සිදුවේ. නමුත් කාන්තාවන් පුරුෂ ලිංගික විශේෂණයන්ට ආකර්ෂණය දැක්වුවත් ශාරීරිකව ලැබෙන උත්තේජනයකින් තොරව ලිංගික වශයෙන් සක්‍රීය නොවේ. මෙලෙස ලිංගික සක්‍රියතාවයක් ඇතිකරවන කායික උත්තේජනයක් පිරිමියෙකුගෙන් ලබාගැනීමට කාන්තාව දක්වන කැමැත්ත හෝ අකමැත්ත මත සාධාරණ ලිංගික හැසිරීම් හා ලිංගික බලහත්කාරකම් ගැන නිගමන වලට එළඹීම ලොව සෑම සමාජ රාමුවකම පොදුවේ දැකිය හැක. "ස්ත්‍රී දූෂණය" යන යෙදීම ගැන බැලූවිට එය කණ්‍යාභාවය හා විවාහය සමග ඝෘජුවම සම්බන්ධ බව පෙනේ. එහිදී ස්ත්‍රී කන්‍යාපටලය බිඳීයන්නේ පුරුෂයෙකු සමග ලිංගිකව හැසිරීමෙන් පමණක්ය යන උපකල්පනයද තිබෙන බව අප අමතක නොකළයුතුය. විවාහය තුලින් මුල්වරට පිරිමියෙකු සමග ලිංගික හැසිරීමකට යොමුවන ස්ත්‍රියගේ කණ්‍යාභාවය තිබුණිනම් ඇය මින් පෙර වෙනත් පිරිමින් සමග ලිංගිකව හැසිරී නැතැයි යන නිගමනයට එළඹීම හා එය ඉතා වටිනා දෙයක් ලෙස සම්මත වී තිබීම තුල කණ්‍යාභාවය පිහිටා තිබෙන අය පිරිසිදු ලෙසත් එය නොමැති අය දූෂිත ලෙසත් වර්ග කිරීම සිදුවේ. පිරිමියෙකු බලහත්කාරී ලෙස යම් තැනැත්තියක් සමග ලිංගිකව හැසිරීමේදී ඇයගේ කන්‍යාභාවයට හානි වූයේනම් අදාල පුද්ගලයා ඇය දූෂණය කළ බව නිගමනය වන්නේද ඒ අනුවය. 

                             මේ විස්තරකළ කරුනු ටිකෙන් අපට ලිංගිකත්වය හා ලිංගික අතවර සම්බන්ධ යම් යම් ගැටුම්සහගත දේ බොහොමයක් පහසුවෙන් නිරාකරනය කරගතහැක. අප මුලින්ම පෙන්වාදුන් ආකාරයට කණ්‍යාභාවය පිරිමියෙකු සමග ලිංගික හැසිරීම් වලින් පමණක් නැතිවන බවට තිබෙන නිගමනය සාධාරන නොවන්නේ ස්වයං වින්දනය සඳහා යෝනිය තුලට යම්කිසිවක් ඇතුල් කිරීම වැනි සිද්ධි වලදීත් එය සිදුවියහැකි වීමෙනි. ඇතමුන්ට කණ්‍යාභාවය උපතින් නොපිහිටයි. විවාහයේදී සහකාරියගේ කණ්‍යාභාවය පරික්ෂා කරන පිරිමියෙකුද විවාහයට පෙර වෙනත් කාන්තාවන් සමග ලිංගික ඇසුර පවත්වා තිබෙනවා වියහැක. අනෙක් අතට කණ්‍යාභාවය නොතිබුණු පමණින් එවැනි කාන්තාවක් වරදකාරියක් ලෙස සලකා සමාජයෙන් කොන්කළහැකිද? එය සාධාරණද? අප මින් පෙරද පෙන්වාදුන් ආකාරයට කාන්තාවන්ටද පිරිමියෙකු සමග ලිංගිකව හැසිරීමට ලිංගික අවශ්‍යතාවයක් ස්වභාවයෙන් පිහිටන බැවින් ඊට අනුව ඔවුන් ස්වකීය කැමැත්තෙන් සිය පෙම්වතුන් හෝ වෙනත් පිරිමි අය සමග ලිංගිකව හැසිරුන විට එහිදී කණ්‍යාභාවයට හානි වුනේනම් තමන් දූෂිත බව ඔවුන් විසින්ම නිගමනය කර තමන් දූෂණය වූ බවට ඔවුන්ම ලේබල් ගසාගතයුතුද? අප කවුරුත් දන්නා පරිදි ස්ත්‍රී දූෂණය යන්න කිසිම කළෙක කොහේදී හෝ කාන්තාවන්ගේ උවමනාවට අර්ථගැන්වී නැත.  ලිංගික අතවර වලින් ගැබ්ගැනීම ගැන සාධාරන බියක් තිබුණත් විවාහයද නිසි කළට සිදු නොවන වර්තමානයේ ස්ත්‍රී දූෂණය යන අර්ථ නිරූපනයට බියෙන් කාන්තාවන් තම ලිංගික ස්වභාවය යටපත් කරගෙන කෙදිනක හෝ විවාහවීමට සිටින සිය පෙම්වතුන් සමගවත් ලිංගික තෘප්තිය නොලබා පීඩා විඳියයුතුයැයි කාට කිව හැකිද? එමෙන්ම සත්‍ය වශයෙන් පිරිමියෙකුගේ අතින් දූෂණයට පත්වූ කාන්තාවක් ගැන කුහක සමාජය දක්වන ආකල්පය සාධාරණද? ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් සමාජයේ ස්ත්‍රී පුරුෂ මානසික හැඩගැසීම්ද නැතිකරදමන උමතුවක් ක්‍රියාත්මක වෙමින් ලිංගික මනෝව්‍යාකූලත්වයක් කරා ගිය තැන කාන්තාවන්ට ලිංගික අතවර කරන්නේ පිරිමින් පමණක් බව නිගමනය කළ හැකිද? අනෙක් අතට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයත් සමලිංගිකයින්ද උග්‍ර ළමා අපචාරකරුවන් හා අපචාරකාරියන් වෙති. ඔවුන් බාල අපරාධකරුවන් නොවෙද්දී බාල වයස්කාරියන් සමග ඔවුන්ගේ කැමැත්තද ඇතිව සියලු නෑහිතවතුන්ගේ ආශිර්වාදය මැද විවාහ වූ පිරිමි අයවලුන් බාල අපරාධකරුවන් වන්නේ ලිංගිකත්වයේ ස්වභාවයටත් සරදම් කරමිනි.
                                                   මෙලෙස විස්තර කළ කරුණු කිසිවක් දැන් රජය විසින් සම්පාදනය කරන්නට යන්නේයැයි කියන දූෂණ විවාහ නීතිය ගැන අසා කෝපයට පත් ඊනියා කාන්තා විමුක්තිවාදීන් නොදන්නවා නොවේ. කාන්තාවන්ට මෙලෙස සිදුවන අසාධාරනයන් ගැන ඔවුන් කතා නොකරන්නේ අවස්ථාවාදීව පමණක් නොව එසේ කිරීම ඔවුන්ගේ න්‍යායපත්‍රයටද අයත් නැති නිසාය. බොහෝවිට එසේ කිරීම ඔවුන්ගේ අරමුණු වලට සම්පූර්ණ පටහැනිය. ඒ බටහිර කාන්තා විමුක්තිවාදීන්ගේ ඉලක්කය මිනිස් ලිංගිකත්වය ව්‍යාකූල කර පිරිමි ලිංගික ස්වභාවයෙන් පලිගැනීම වන බැවිනි. එම ඉලක්කය වෙත යෑමේදී ඔවුන්ට ඇතිවන බාධක මගහරවාගනිමින් අවශ්‍ය කඩයිම් පැනගැනීම සඳහා ඉහත පරිච්චේදයෙන් අප ප්‍රශ්න කළ සියල්ල ඒ අයුරින් පැවතීම ඔවුන්ට වැදගත්ය.  අප ඉහත පරිච්චේදයේ පෙන්වාදුන් කරුණු වලට අනුව ලිංගික අතවර හා ස්ත්‍රී දූෂණ අර්ථගැන්වීම් සර්ව සාධාරණ යැයි සිතා ඒ තුල එල්බගැනීම කළ නොහැක. එමෙන්ම අතවර අර්ථගැන්වී ඇති සීමා මායිම් ගැනද ප්‍රශ්න කොතෙකුත් ඇත. ඇත්තෙන්ම අතවරයට පත් තැනැත්තිය අතවරකරුවා සමග විවාහ වීමට කැමතිනම් එසේ කිරීමට අවස්ථාව ලබා දීමටත්, විවාහ වීමට සුදුසු වයස සම්පූර්ණ කර නොමැතිනම් නිසි වයසට එළඹීමෙන් පසුව විවාහ වීමට ඉඩ ලබා දීමටත් හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන්නේනම් එහි වරදක් නොමැත්තේද ඒ තත්වය උඩයි. රජයේ මේ යෝජිත නීති සංශෝධනය ගැන ආරංචිය සත්‍යනම් හොර එන්.ජී.ඕ කාන්තා විමුක්තිවාදීන්ගේ කෝපය නොතකා ලිංගිකත්වයේ ස්වභාවය හා ප්‍රායෝගිකත්වය සැලකිල්ලට ගෙන කුහකත්වයෙන් තොරව එම සංශෝධනයන් නොපමාව ක්‍රියාත්මක කර සමාජයේ දැනට ඇති ලිංගික පීඩනය ඉවත්කරදැමීමට කටයුතු කළයුතුය. 

විකල්ප වෙබ් පිටුවේ පළවූ ලිපිය මෙතැනින් බලන්න.

12 comments:

  1. මෙතන ඔය කතුවරිය පොට වරද්දගෙන.මේ ප්‍රශ්නෙ ඇතිවුනේ 1995 ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතියෙන්.ඔය නීතිය තිබ්බනම අපේ සීයල ඔක්කොටම ස්ත්‍රී දූෂන නඩු වැටෙනව.ඉස්සර කසාද බැන්දෙ අවුරුදු 15 න් 16 න්. ඒක හරි කියනව නොවෙයි.නමුත් බාලවයස්කාර කොල්ලෙකුයි කෙල්ලෙකුයි කැමැත්තෙන් එකට හිටියම කොල්ල හිරේදාන එක අසාධාරණ නිසා.
    මේ නීතිය අසාධාරණ නීතියක්. ඒ අසාධාරණය නැතිකරන එක වෙන්න ඇති මේ කියන්නෙ.බකපන්ඩිත වාමාංශිකාය්න්ට බිම් මට්ටමේ තියෙන මේ දේවල් පේන්නෙ නැහැ.
    දුෂ්කර පැතිවල කසාද නොබැද එකට ඉන්නව.අවුරුදු 15 16 කෙල්ලො.ඒ ළමයි හිටන් ඉන්න මවුවරු ඉන්න ගෙවල් වලට පොලීසිය පැනල ගෙදර ආදායම් උපයන මිනිහ හිරේ දාල පවුල සී සීකඩ කරල අර කිරි දරුවෙක් ඉන්න අම්මව එයාගෙ දෙමවුපියන්ට බාර දීල පිස්සුවක් කෙළිනව.ළමයට දෙමවුපියො දෙන්නම නැතිවෙනව චන්ද්‍රිකාගෙ පිස්සු නීති හින්ද.

    ReplyDelete
    Replies
    1. මේ නීති ගොඩක් එන්.ජී.ඕ බලපෑම මත අටවපුවා. ඒවට චන්ද්‍රිකා කියන වසල ගෑනි උපරිම සහය දුන්නා.

      Delete
  2. කාන්තා විමුක්තිය යැයි කියා ගනිමින් අන්තවාදය කරා යන ඇතැම් කණ්ඩායම් සඳහා ඔබේ බ්ලොග් අඩවිය කදිම පිළිතුරක්.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේ අන්තවාදය පෑඅ රටට බලහත්කාරයෙන් කඩා වැදුන එකක්. බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

      Delete
  3. අසාධාරණ නීති වලට වඩා එකිනෙකා හරියට තේරුම්ගනින් එකිනෙකාට ගරුකරන පසුබිමක මේ වගේ ප්‍රශන විසඳගන්න එකනම් වටිනවා.

    ReplyDelete
  4. ඔබේ වෑයමට පැසසුම් මිත්‍රයා...

    ReplyDelete
  5. ඔන්න මමත් මේ ගැන ලිපියක් දැම්මා. බොහොම ස්තුතියි කරුණු ටිකක් හොයාගන්න උදවු උනේ ඔබතුමාගේ මේ ලිපියයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන දැනුවත් කරන්න උදවු උනාට ඔබටත් ස්තුතියි.

      Delete
  6. මටත් කාන්තා විමක්තිය කියන ඒක දිරවන්න අමාරුයි. ගෑනු පිරිමි විදිහට හිතනවා. මම කැමති ගෑනු කාන්තාවක් විදිහට හිතනවට. පිරිමි අංක ඒක තමයි නිතරම.ගෑනු පිරිමින්ට යටත්. මමත් ලස්සන හුරු බුහුටි ලබාල ගෑනු දූෂණය කරලා තියනවා. ඒක පිරිමින්ට තියන අයිතියක්.

    ReplyDelete
    Replies
    1. කරුනාකර මගේ ලිපිය හරියට කියවලා හරි තර්කයක් ඉදිරිපත් කරන්න. මගේ ලිපියේ ගෑනු පිරිමි දෙපැත්තේම කුහකකම් ගැන මම කියල තියෙනව. තමුන්ට පුළුවන්න්නම් ස්ත්‍රී දූෂණය කියන වචනේ අර්ථගැන්විලා තියෙන විදිහයි ඒකේ පසුබිමයි පැහැදිලි කරන්න. එතකොට එතන තියෙන කුහකත්වය තේරෙයි. මේ අතවර අර්ථගැන්වීම් වලින් කාන්තාවන්ද පැහැදිලිව පීඩා විඳිනව. කරුනාකරල කාලේ නාස්ති නොකර හරියට තර්ක කරන්න බැරිනම් මෝඩකම පෙන්නන්නෙ නැතුව ඉන්නවත් වගබලාගන්න.

      Delete