Monday, April 14, 2014

සිංහල අළුත් අවුරුද්දෙන් පැනනගින අපේ සමාජයේ සැබෑ වටිනාකම්.


  අපේ සිංහල සමාජය තුල මෑතක ඇති වී තිබෙන විපර්‍යාස දෙස බලන විටනම් යහපත් දේට වඩා අයහපත් දේ වැඩි බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ අතර අපේ පැරණි සමාජයේ තිබුණ සාමූහිකත්වය හා සංවිධානාත්මක බව නැති වී වියුක්ත භාවය හරහා ආත්මාර්ථකාමී බවත් විසංවිධානයත් පෙරට ඒම විශේෂත්වයක්. එලෙසම ඊට සමගාමීව අපේ සමාජයේ පිරිමින් හා කාන්තාවන් වශයෙන් එකිනෙකාට තිබූ සුවිශේෂී සමාජීය හැඩගැසීම හා සමාජ වගකීම් පෙර සමාජයේ තරමට ප්‍රභල නොවී ඇල්මැරුනු දියාරු තත්වයකට පත්වී ඇත. කෙසේ වෙතත් ඒ සියල්ල පසෙක තිබියදී සිංහල අළුත් අවුරුද්ද ලැබීමත් සමග නැවත ඉස්මතු වන්නේ අපේ පැරණි සමාජයේ තිබූ සැබෑ වටිනාකම්ය.
                       සිංහල අළුත් අවුරුද්ද ලැබීමත් සමග අනුකරනවාදය ටිකකට හෝ පසු බැස අපේකමක් මතුවන්නේ අපට තවමත් සාමූහිකත්ව අභියෝග ජයගැනීමේ හැකියාව පවා තිබෙන බව පසක් කරමිනි. සියලු දෙනා එකට එක්ව තරාතිරම් ඇති නැතිකම් කුමක් වුවත් සාමූහිකව තම ජාතික උලෙළ සමරන්නේ ඉමහත් වූ ජාතික ප්‍රබෝධයකිනි. අළුත් අවුරුදු චාරිත්‍ර නැකැත් අනුව එකම මොහොතක එකා මෙන් සියල්ලෝ කරනු ලබන්නේ මනසද එකම අරමුණක් වෙත යොමු කරවමින්ය. බෙදා හදා ගැනීම එකිනෙකාට උදවු උපකාර කිරීම හා එකිනෙකා තනි තනිව ප්‍රශ්න වලට මුහුණදීම වෙනුවට ප්‍රශ්නද සාමූහිකව විසඳා ගැනීම හරහා නැවත ඉස්මතුවන්නේ බටහිර නූතනත්වයේ බොරු ආටෝපය හරහා අප වෙතින් ගිලිහී ගිය සාමූහිකත්වය නොවේද? එකමුතුකම හා සංවිධානාත්මක බව නොවේද? බටහිර යුදෙවු නූතනත්වයේ මතවාද ගිලගෙන කලිසම් ඇඳිමින් බයිසිකල් පදින ගෑනුන්ට වඩා ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු ගැමි කාන්තා සමාජය ජාතික උළෙල තුල පෙරමුණ ගන්නේ අනුකරනවාදී නාගරික කලිසම් කාන්තා පරපුර මතවාදීව කොපමණ අඟුටුමිට්ටන්දැයි පෙන්වමිනි. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ අපේ ජාතිය සතු සැබෑ ජීවගුණය හා ශක්තියයි.
                              අලුත් අවුරුද්දට අපේ සිංහල සමාජයේ තවත් සුවිශේෂී වැදගත් දෙයක් සිදුවෙයි. ඒ එකිනෙකා ආතර තිබුණ පරන තරහ පුද්ගලික කෝන්තර නැතිවී ඒ සියල්ල අමතකකර එකිනෙකා සුහදතවය වර්ධනය කර ගැනීමයි. අවුරුද්දට පරන තරහ නැති වනවා පමණක් නොව එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයද වැඩි වෙයි. එලෙසම අළුත් අවුරුද්දක් ලබන විට පුද්ගලයන්ගේ  පවුලේ සමගිය වැඩිදියුණුවේ, මවුපිය දූ දරු සබඳතා තවත් ශක්තිමත් වේ. මේ සියල්ලෙන් අපට ආවේනික සුවිශේෂත්වයක් පෙන්නුම් කරන්නේ නැතැයි කාටවත් කිව නොහැක. ලබන්නා වූ සෑම සිංහල අළුත් අවුරුද්දක් පාසාම මෙලෙස ලිපියෙන් විස්තර කළ සියලු දෑ සිද්ද වන්නේ ලෝකය ඉදිරියේ අපටම ආවේනික ඉදිරි ගමනක නිරතවීමට අපට හැකියාව තිබෙන බවද අපට සාමූහිකව අභියෝග ජයගැනීමට හැකි බවද වක්‍රාකාරව අපේ මනසටම ඒත්තු ගන්වමිනි. එබැවින් වැදගත් වන්නේ ලබන්නා වූ අළුත් අවුරුද්දකින් පසුවට මේ මතවාදී ගැම්ම සමාජයට ලබාදීමයි. ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද අප සැමට අභියෝග ජයගතහැකි ජාතිකත්වය ජයගන්නා සුභ නව වසරක් වේවා!

2 comments:

  1. අලුත් අවුරුද්දත් දැන් වාණිජ අංගයක් වෙලා තියෙන හන්දා ඔය කියන කාරණා ඉටු වෙයිද කියන එකනේ සැක.. කෝම වුනත්, සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දකට මෙන්න මගෙනුත් සුභපැතුම්

    ReplyDelete