Tuesday, April 22, 2014

අපගේ පැසසුමට ලක්වන ක්‍රියාවක්


මේ ප්‍රවුර්තිය අපට දැනගන්නට ලැබුණේ පසුගිය 10 වැනිදා. ඒ ගැන වෙබ් අඩවීයක ලිපියකුත් පලවී තිබුණා. ඒ තමයි අන්තර්ජාලයේ ෆේස්බුක් භාවිතා කර බාලවයස්කාර පිරිමි ළමුන් අපයෝජනය කිරීමට තැත් කළ මීරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අතඩංගුවට පත්වීම. ෆේස්බුක් පමණක් නොව වෙනත් සමාජ වෙබ් අඩවි සියල්ලක්ම වාගේ සමලිංගිකත්වය සාධාරණීකරනය කොට සමලිංගිකයන්ට කල්ලි ගැසීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන බව කාටත් නොරහසක්. මේ පුද්ගලයාද සමලිංගික ක්‍රියා වලට ළමුන් පොළඹවන කෙනෙක් විය හැකියි. ඔහු ප්‍රධාන සංචාරක ප්‍රවාහන ආයතනයකට සම්බන්ධ අයෙකු වීමත් තව සිද්ධියකි. සංචාරක කර්මාන්තය හරහා සමලිංගිකත්වයට තවත් රුකුලක් ලැබෙන බව කලකට පෙර සිට හෙලිවී ඇති කරුනක්. අපේ රට පැත්තෙන් බලන විට මෙලෙස සමලිංගික ළමා අපයෝජන හෙලිකරගැනීම හා අපයෝජකයන් නීතියේ රැහැනට හසුකරගැනීම පැසසුමට කරුනක් වන්නේ මෙය විකුර්ති කාමුකත්වය වැලැක්වීමට යම් මෙහෙයක් කර තිබෙන නිසයි. කළක සිට ලංකාවේ සිටින බොරු සුචරිතවාදීන්ද ඇතුලු ව්‍යාජ බකපණ්ඩිතයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයේම සමලිංගිකයන් කරන ළමා අපචාර සාධාරණීකරණය කරන්න උත්සහ කරනවා.විශේෂයෙන් පිරිමි ළමුන් සමලිංගික අපයෝජන වල යොදාගැනීමට මොවුන් ලියාපදිංචි තත්වයක් ලබාදීමට කටයුතු කරනවා. 
                                       නමුත් සමලිංගික ළමා අපචාර අන් සියලු අපයෝජනයන්ට වඩා අති භයානකයි. ඒ තුලින් තවත් විකුර්ති කාමුකයෙකු සමාජයට බිහිවීම සිදුවනවා. සමලිංගිකත්වය හරහා ඒඩ්ස් ඇතුලු අති භයානක සමාජ රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වනබව කවුරුත් දන්නා සත්‍යක්. සමලිංගිකත්වය මෙන්ම සමලිංගික ළමා අපයෝජනද මැඩපැවැත්වියයුතු බව අවිවාදයෙන් පිළිගතයුතු වන්නේ මේ පසුබිම උඩයි. කිසිවෙකුටත් සමලිංගික ළමා අපයෝජන සාධාරණීකරනය කළ නොහැක. මෙවැනි ළමා අපයෝජනයක් වැඩිහිටි පිරිමියෙකු අතින් බාල වයස්කාර ගැහැනු ළමයෙකු අපයෝජනයට ලක්වීමේ සිද්ධියට කිසිසේත් සමාන නොවේ. එබැවින් මෙවැනි ක්‍රියා ගැන වෙනමම සොයා බැලියයුතුය. ඇතැම් විට සමලිංගික ළමා අපයෝජකයා කුඩාකළ එවැනිම අපයෝජකයෙකුගේ ගොදුරක් බවට පත්වී තිබුණා වන්නට පුලුවන. මෙහි සමස්ථ පසුබිමද සොයා මුලිනුපුටා දැමියයුතුමයි. මේ සිද්ධියේදීත් විකුර්ති කාම අපචාරයක් හෙලිකරගැනීම හා වරදකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම වැදගත් දෙයක් වන්නේ ඒ නිසාය. අප මීට පෙර අවස්ථාවකත් පුල්මුඩේ ප්‍රදේශයේ සමලිංගික කාන්තාවක් එකම පවුලේ බාලවයස්කාරියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයක යොදාගනිමින් ඊට එරෙහි වූ ඒ ළමුන්ගේ මවුපියන් මරා දැමීමේ සිද්ධිය ගැනද විචාරයක් කරමින් ලිපියක් පළකළෙමු. http://prathiwadhiya.blogspot.com/2013/04/blog-post_27.html තවත් එකක් මතක් කරන්න ඕනේ. ඒ තමයි සාමාන්‍ය වශයෙන් කාන්තා විමුක්තිවාදීන් මෙවැනි සිද්ධි වලදී වරදකරුවන් බේරාගැනීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටින කාන්තා විමුක්තිවාදී රාජ්‍ය නොවන සංවිධාන. අනෙක් අතට බටහිර කාන්තා විමුක්තිවාදය මතවාදීව අනුගමනය කරන අය මේ වගේ සිද්ධි වලදී නීතිමය රාජකාරි කිරීම්ට ගියොත් ඒ අයත් වරදකරුවන්ට බුරුලක් දෙන්න යම් ඉඩක් තිබෙනවා. කොහොම උනත් මේ සිද්ධියේදී විතරක් නෙවෙයි මින් ඉදිරියටත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයේම සමලිංගිකයන් කරන ළමා අපයෝජන ගැන විමසිලිමත්ව සිටිමින් සියලු දෙනා එම සිද්ධි රටට හෙලි කර අනාගත පරපුරේ  ආරක්ෂාව තහවරු කිරීමට ක්‍රියා කලයුතුයි. 

පුවතට අදල මුල් ලිපිය

Monday, April 14, 2014

සිංහල අළුත් අවුරුද්දෙන් පැනනගින අපේ සමාජයේ සැබෑ වටිනාකම්.


  අපේ සිංහල සමාජය තුල මෑතක ඇති වී තිබෙන විපර්‍යාස දෙස බලන විටනම් යහපත් දේට වඩා අයහපත් දේ වැඩි බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ අතර අපේ පැරණි සමාජයේ තිබුණ සාමූහිකත්වය හා සංවිධානාත්මක බව නැති වී වියුක්ත භාවය හරහා ආත්මාර්ථකාමී බවත් විසංවිධානයත් පෙරට ඒම විශේෂත්වයක්. එලෙසම ඊට සමගාමීව අපේ සමාජයේ පිරිමින් හා කාන්තාවන් වශයෙන් එකිනෙකාට තිබූ සුවිශේෂී සමාජීය හැඩගැසීම හා සමාජ වගකීම් පෙර සමාජයේ තරමට ප්‍රභල නොවී ඇල්මැරුනු දියාරු තත්වයකට පත්වී ඇත. කෙසේ වෙතත් ඒ සියල්ල පසෙක තිබියදී සිංහල අළුත් අවුරුද්ද ලැබීමත් සමග නැවත ඉස්මතු වන්නේ අපේ පැරණි සමාජයේ තිබූ සැබෑ වටිනාකම්ය.
                       සිංහල අළුත් අවුරුද්ද ලැබීමත් සමග අනුකරනවාදය ටිකකට හෝ පසු බැස අපේකමක් මතුවන්නේ අපට තවමත් සාමූහිකත්ව අභියෝග ජයගැනීමේ හැකියාව පවා තිබෙන බව පසක් කරමිනි. සියලු දෙනා එකට එක්ව තරාතිරම් ඇති නැතිකම් කුමක් වුවත් සාමූහිකව තම ජාතික උලෙළ සමරන්නේ ඉමහත් වූ ජාතික ප්‍රබෝධයකිනි. අළුත් අවුරුදු චාරිත්‍ර නැකැත් අනුව එකම මොහොතක එකා මෙන් සියල්ලෝ කරනු ලබන්නේ මනසද එකම අරමුණක් වෙත යොමු කරවමින්ය. බෙදා හදා ගැනීම එකිනෙකාට උදවු උපකාර කිරීම හා එකිනෙකා තනි තනිව ප්‍රශ්න වලට මුහුණදීම වෙනුවට ප්‍රශ්නද සාමූහිකව විසඳා ගැනීම හරහා නැවත ඉස්මතුවන්නේ බටහිර නූතනත්වයේ බොරු ආටෝපය හරහා අප වෙතින් ගිලිහී ගිය සාමූහිකත්වය නොවේද? එකමුතුකම හා සංවිධානාත්මක බව නොවේද? බටහිර යුදෙවු නූතනත්වයේ මතවාද ගිලගෙන කලිසම් ඇඳිමින් බයිසිකල් පදින ගෑනුන්ට වඩා ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු ගැමි කාන්තා සමාජය ජාතික උළෙල තුල පෙරමුණ ගන්නේ අනුකරනවාදී නාගරික කලිසම් කාන්තා පරපුර මතවාදීව කොපමණ අඟුටුමිට්ටන්දැයි පෙන්වමිනි. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ අපේ ජාතිය සතු සැබෑ ජීවගුණය හා ශක්තියයි.
                              අලුත් අවුරුද්දට අපේ සිංහල සමාජයේ තවත් සුවිශේෂී වැදගත් දෙයක් සිදුවෙයි. ඒ එකිනෙකා ආතර තිබුණ පරන තරහ පුද්ගලික කෝන්තර නැතිවී ඒ සියල්ල අමතකකර එකිනෙකා සුහදතවය වර්ධනය කර ගැනීමයි. අවුරුද්දට පරන තරහ නැති වනවා පමණක් නොව එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයද වැඩි වෙයි. එලෙසම අළුත් අවුරුද්දක් ලබන විට පුද්ගලයන්ගේ  පවුලේ සමගිය වැඩිදියුණුවේ, මවුපිය දූ දරු සබඳතා තවත් ශක්තිමත් වේ. මේ සියල්ලෙන් අපට ආවේනික සුවිශේෂත්වයක් පෙන්නුම් කරන්නේ නැතැයි කාටවත් කිව නොහැක. ලබන්නා වූ සෑම සිංහල අළුත් අවුරුද්දක් පාසාම මෙලෙස ලිපියෙන් විස්තර කළ සියලු දෑ සිද්ද වන්නේ ලෝකය ඉදිරියේ අපටම ආවේනික ඉදිරි ගමනක නිරතවීමට අපට හැකියාව තිබෙන බවද අපට සාමූහිකව අභියෝග ජයගැනීමට හැකි බවද වක්‍රාකාරව අපේ මනසටම ඒත්තු ගන්වමිනි. එබැවින් වැදගත් වන්නේ ලබන්නා වූ අළුත් අවුරුද්දකින් පසුවට මේ මතවාදී ගැම්ම සමාජයට ලබාදීමයි. ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද අප සැමට අභියෝග ජයගතහැකි ජාතිකත්වය ජයගන්නා සුභ නව වසරක් වේවා!