Sunday, March 23, 2014

නීතියේ ආරක්ෂාව අපසතුයැයි කියමින් තම විරුද්ධවාදීන්ට තර්ජනය කරන බංකොලොත් කාන්තාවිමුක්තිවාදිනියෝ.



බටහිර කාන්තා විමුක්තිවාදය යනු යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් මත ගොඩනැගෙන අත්තනෝමතික මෙන්ම සොබාදහමටද එරෙහි අතාර්කික මතවාදයක් බව අප කොතෙකුත් පෙන්වා දී ඇත්තෙමු. එය අමුතුවෙන් කිවයුත්තක් නොවන්නේ හිතන්නට මොළයක් ඇති හැඟීම් දැනීම් තිබෙන හා සොබාදහමේ ලක්ෂණයන්ට සංවේදී  කාටත් මේ ටික මනසටම දැනෙන බැවිනි.
                            කාන්තාවිමුක්ති ක්‍රියාකාරකම් ලොව කොහෙදිත් සමාජගත කිරීමට දැඩි බාධාවක්ව පවතින්නේ පොදුවේ මිනිස් වර්ගයා ස්වකීය ලිංගිකත්වයේ ස්වාභාවය ගැන දක්වන සංවේදීතවය හා ඒ කෙරෙහි ඇති සවිඥ්ඥානික බවයි. කාන්තා විමුක්තිය යනු සොබාදහමේ ආශිර්වාදය ඔස්සේ ඉදිරියට යන දෙයක් නොවේ. එය ඉදිරියට ඇදෙන්නේ හොරෙන්, බලෙන්, වංචාවෙන් හා සමාජ කුහකත්වයන්ගේ ආශිර්වාදය ඔස්සේයි. මෙතැනදී බටහිර කාන්තා විමුක්තිවාදීන් ලංකාව වැනි ආසියාතික රටවලත් බටහිර නොවන සෙසු රටවලත් බටහිරදී කළාක් මෙන් සිය මතවාදය ඉදිරියට ගෙනයෑම සඳහා නීතිය අවියක් ලෙස පරිහරනය කරති. එහිදී ඔවුන් ලොව සෑම රටකම ඒ ඒ රටට ආවේනික ලිංගිකත්වයේ ස්වභාවය පිළිගැනීමට මැලිකමක් දක්වන සමාජ කුහකත්වයන්ද ඉලක්ක කරති. ඒ පුරුෂ ලිංගික ස්වභාවයන් සාහසිකකරනය කර ඊට එරෙහි නීති පනවාගැනීමට සමාජය පොළඹවාගැනීමට එම කුහකත්වයන්ම පිටුබලයක් කරගතහැකි බැවින්ය. මේ සියල්ල කරමින් කාන්තා විමුක්තිය යන්න පොදුවේ කාන්තාවන් අනිවාර්ය වශයෙන් පිළිගතයුත්තක් හැටියට ඒත්තු ගැන්වීමටත් මේ කාන්තා විමුක්තිකාමීන් වගබලාගනිති. එයින්ද නොනවතින මොවුන් සමාජයට හඟවන්නේ ඔවුන්ට මතවාදීව මෙන්ම වෙනත් පැති වලින්ද අභියෝග එල්ලවනවිට නීතිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටියයුතු බව හා ඔවුන්ගේ ආරක්ෂාවට නීති ක්‍රියාත්මක වියයුතු බවය. මොවුන්ගේ මහන්තත්ත කම කොතෙක් දුර ගොස් තිබෙන්නේදැයි කිවහොත් අන්තර්ජාලය තුල ඔවුන්ට එරෙහිව මතවාදී වශයෙන් අභියෝග කරන අපට නීතියේ ආරක්ෂාව ඔවුන් සතුයැයි කියමින් අපගේ බ්ලොග් අඩවිය කෙරෙහි ඔවුන්ගේ ද්වේශසහගතබවට නීතිමය අවරනය ලබාගැනීමටද ඔවුන් උත්සහ කර තිබුණි.
                              

       කාන්තා විමුක්ති ව්‍යාජ බ්ලොග්කාරියක් අපට තර්ජනාත්මක කමෙන්ට් දමමින් කියා සිටියේ අපගේ බ්ලොග් අඩවිය ගැන උගත් කාන්තාවන් පිරිසක් විසින් විදුලිසංදේශ නියාමක කොමිසමට හා කාන්තා කාර්‍යංශයට පැමිණිලි කළ බවයි. මේ සිද්ධියෙන් පෙනෙන්නේ බටහිර කාන්තා විමුක්ති මතවාදී ඒකාධිකාරය තම අතාර්කික මෝඩකම වසාගෙන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට නීතිය අතකොලුවක් කරගන්නට ගිය ආකාරයයි. මේ කාන්තා විමුක්තිවාදිනියන් සිතා සිටියේ පුවත්පත් ඇතුලු ප්‍රධානපෙලේ සෙසු ජනමාධ්‍ය හරහා තම මතයට විරුද්ධ කිසිදු අදහසකට ඉඩ නොදෙමින් ඔවුන්ගේ මතවාදී අත්තනෝමතික බව ක්‍රියාත්මක කරන ආකාරයට අන්තර්ජාලය තුලද තම මතවාදී ඒකාධිකාරය ක්‍රියාත්මක කිරීමටය. ඒසඳහා අතකොලුව ලෙස ඔවු භාවිතා කිරීමට ගියේ විදුලි සංදේශ නියාමක කොමිසමයි. විදුලි සංදේශ නියාමක කොමිසමක් තිබෙන්නේ ඔවුන් වැනි උඩඟු ඔලමොට්ටල කාන්තා විමුක්තිවාදීන්ගේ මුග්ධ මානෝගතිය සංතෘප්ත කිරීමට නොවන බව අප ඔවුන්ට නැවතත් මතක්කර දෙන්නට කැමතිය. අපගේ බ්ලොග් අඩවියට එරෙහිව විදුලි සංදේශ නියාමක කොමිසට නීතිමය කටයුත්තක් කිරීමට තරම් කිසිදු සාධාරන හේතුවක් නැත. එසේ වන්නේ යම් මතවාදයකට එරෙහිව අදහස් දැක්වීමටත් ඊට එරෙහි මතවාද ඉදිරිපත් කිරීමටත් පැහැදිලි ඉඩකඩක් අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය තුල කාට වුවත් තිබෙන නිසයි. අන්තර්ජාලය තුල වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හරහා බටහිර කාන්තා විමුක්තිවාදය විවේචනය වීම ගැන විදුලි සංදේශ නියාමක කොමිසම කුමක් කරන්නද? බටහිර කාන්තා විමුක්තිවාදය ඊට එරෙහි මතවාද වලින් ආරක්ෂා කිරීම විදුලි සංදේශ නියාමක කොමිසමේ රාජකාරියක් යැයි සිතිය හැක්කේ කාන්තා විමුක්ති උන්මත්තකයෙකුට පමණි. එය එසේ වීමටනම් විදුලිසංදේශ නියාමක කොමිසමද කාන්තා විමුක්ති උන්මත්තකයන්ගේ බූදලයක් වියයුතුය. එහෙත් රටේ වාසනාවට එය එසේ වන්නේ නැත.
        

    බටහිර කාන්තා විමුක්තිය විවේචනය කිරීමේදී අප දැඩි ලෙස මෙන්ම උද්වේගකාරී ලෙස ඊට එරෙහිව අදහස දක්වමු. එය සාමාන්‍ය දෙයකි. බටහිර කාන්තා විමුක්තියේ කුහක අත්තනෝමතික මෙන්ම මෝඩ තර්ක දෙස බැලීමේදී ඊට එරෙහිව දැඩි වාචික ප්‍රහාර එල්ල වීම කාටත් පුදුම වීමට කරුණක් නොවේ. කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වදන්න නොවේය, කාන්තාවන් පිරිමින්ගේ කාම වස්තු නොවේය ආදී වශයෙන් අති උද්දච්ච මෝඩ තරක ගෙනෙන ගෑනුන් ප්‍රසිද්ධියේ මේ කතා කිවහොත් ඔවුන්ට සිදුවන්නේ වාචික ප්‍රහාරය ලැබීමට පෙර ගුටි කෑමටය. එයද සිදුවන්නේ සොබාදහමට පටහැනි දේ කිරීමට යෑමේදී සොබාදහමෙන්ම ඊට දක්වන ප්‍රතික්‍රියාව හැටියට වේ. කාන්තාවන්ට ප්‍රශ්න ඇති බව අප දනිමු. ඒ ප්‍රශ්න වලින්ද බොහොමයක් පොදුවේ සියල්ලන්ට බලපාන සමාජ ගැටලුය. එලෙසම ලිංගිකත්වයේ නියම ස්වභාවය පිළිගැනීමට දක්වන මැලිකම නම් කුහකත්වය ඔස්සේ ගොඩනැගෙන බොරු වටිනාකම් හරහා කාන්තාවන් පීඩාවට පත්වන බව පැහැදිලිය. ඒ කිසිවකට බටහිර කාන්තා විමුක්තිවාදයෙන් පිළිතුරු නැති බව ඊටත් වඩා හොඳින් පැහැදිලි වේ. මෙරට කාන්තා විමුක්තිවාදී කුහකයන්ට අවශ්‍ය වන්නේද අප සමාජයට ආවේනික ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තාවන් තවත් පීඩාවට ලක්කර කාන්තා සමාජයද වනසා බටහිර මෙන් විකුර්ති සමාජයක් බලෙන් ඇතිකිරීමටයි. එය යහතින් කිරීමට අප සමාජය තුලම මෑත කාලයේ විශේෂයෙන් උත්සන්න වූ ලිංගිකත්වය වටා ගොඩනැගෙන සමාජමය කුහකත්වයන් මේ කාන්තා විමුක්තිවාදීන් ඉලක්ක කරන බවද අප හොඳින් දන්නෙමු. එහෙත් ඒ කිසිවක් ඔවුන් අන්තර්ජාලයෙන් තබා ඔවුන්ට සහය දෙන වෙනත් දූෂිත ජනමාධ්‍යක් ඔස්සේවත් ප්‍රකාශ නොකරති. කෙසේ වෙතත් ඔවුන්ට සුරක්ෂිත ලෙස මෙරට ජනයා මුලා කරමින් තම මතවාද පැලපදියම් කිරීම වැඩිකල් කරගෙන යන්නට හැකිවන්නේ නැත. ඒ සියල්ලට වඩා ඔවුන්ටත් ඔවුන්ගේ කාන්තා විමුක්තිවාදයටත් රැකවරනය සපයන කුහක සමාජ තත්වයන් ගැන වැටහීමක් ටිකෙන් ටික සමාජය තුලින්ම ඇතිවන බැවින්ය.
                          බටහිර කාන්තා විමුක්තිවාදයට වාසිසහගත සමාජ කුහකත්වයන්ට දිගුකාලීන පැවැත්මක් නැත. ඒ මක් නිසාදැයි කිවහොත් එවැනි කුහකකම්වලින් ඇතිකරන පීඩාවන් සමාජයට ඔරොත්තුදෙන සීමාවක් තිබෙන බැවිනි. එනිසා මේ කුහකත්වයෙන් ප්‍රයෝජන ගන්නා කාන්තා විමුක්තියටද ඇත්තේ ඒම පීඩාකාරී කුහකත්වයන්ට තිබෙන ආයුශමය. මෙරට සිටින බටහිර කාන්තා විමුක්ති අනුගාමිකයන් නීතියේ රැකවරනය ලබමින් බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ අවශ්‍යතා ඉටුකරන්නට යන්නේ රටේ ආර්ථිකය බටහිරට අවශ්‍ය ලෙස හැසිරවියහැකියැයි නිගමනයකටද එලඹෙමිනි. ඒ කාන්තා විමුක්තිවාදීන්ට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීමට ඉඩ නොදෙන්නේනම් බටහිර බලවේග ලවා රටේ ආර්ථිකය කඩා දමන බවට තර්ජනය කර හෝ ඔවුන්ට නීතිමය රැකවරනය ලබාගත හැකියැයි ඔවුන් සිතන බැවින්ය. රට තුල සමලිංගික ක්‍රියාකාරකම් වලට යම් බුරුලක් ඇතිකරන්නට යන්නේත් කාන්තාවිමුක්තිකාමීන්ම වෙති. මේ සියල්ල හමුවේ විරුද්ධවාදීන්ගෙන් එල්ලවන අභියෝග වලට මුහුනදීමට මතවාදීව ශක්තියක් නැති, හුදෙක් කුහකකමේ අත්තනෝමතික භාවය පමණක් තිබෙන කාන්තා විමුක්තිවාදීන් ඔවුන් වෙනුවෙන් රටේ නීතියත් අන්තර්ජාල හා සන්නිවේදන ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක වී, ඔවුන්ට සිය විරුද්ධවාදීන්ගෙන් මතවාදීව බැටකෑමට සිදුවන තැන ඔවුන්ව බේරාගැනීමට, සිය විරුද්ධවාදියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද නොතකා කටයුතු කළයුතු යැයි ඔවුන් සිතීම මොන විහිලුවක්ද?

2 comments:

  1. ප්‍රතිවාදියා ඔබ නීතිමය ප්‍රශ්නවලට බිය වෙන්න එපා. ඔබට අවශ්‍ය වුනොත් නීතිමය සහාය දිය හැකියි.ඔබ මේ අඩවියේ කිසිම ආකාරයකින් රටේ නීතිය කඩ කර නැහැ. රට ස්ත්‍රීවාදී යකින්නියන්ට ගිය එකක් නොවෙයි. නීති කඩන්නේ උනුයි.ඔබට ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. me moda ganu monawa karannada ban

      Delete