Monday, March 31, 2014

ජිනීවා ප්‍රශ්න්යට අප බියවියයුතුද?


ජිනීවා ප්‍රශ්නය නැවත කරලියට පැමිණියේය. ඒ සුපුරුදු යුධ අපරාධ චෝදනාව සමගයි. පසුගිය දිනක පැවති ජිනීවා මානව හිමිකම් සමුලුවේ චන්ද විමසීම කෙලවර උනේ ලංකාවට වැඩි වාසියක් අත්කරදෙමිනි. එහිදී රටවල් 23ක් ශ්‍රී ලංකාවට එරෙහි  යුධ අපරාධ චෝදනාවට පක්ෂව චන්දය භාවිතා කර තිබුණි. තවත් රටවල් 12ක් ඊට ඊට එරෙහිව චන්දය භාවිතා කරතිබූ අතර රටවල් 12ක් චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී තිබුණි. මේ අනුව රටට එරෙහි බටහිර විජාතික කඳවුරට පැත්තට රටවල් 23ක් සිටියදී චන්දය භාවිතා නොකළ රටවල්ද සමග රටවල් 24ක් ඔවුන්ගේ කඳවුරට එරෙහි පැත්තේ විය. මෙතැනදී ඔය බටහිර හා කොටි ඒකාබද්ධ මෙහෙයුම පරාද වීම අපේ පැත්තෙන් යම් අස්වැසිල්ලක් වුවත් යම් ලෙසකින් විජාතික කුමන්ත්‍රණ සාර්ථක වී ඔවුන්ට යම් ජයක් අත්වූයේනම් සිදුවීමට ඉඩ තිබූ දෙය හා එවැනි තත්වයකදී අප ක්‍රියාකළයුතු ආකාරය ගැන විමසීමක් කිරීම වැදගත් වෙයි. 
                    හොඳයි, මේ ඊනියා යුධ අපරාධ යන්න අපට එරෙහිව ඔවුන් ඔප්පුකළාමයි කියමුකෝ. කොටි ත්‍රස්තවාදය හමුවේ අප ජාතියක් හැටියට කළයුතුව තිබුණේ ඊට හිසනමා ආචාර කොට ඊලම ලබාදී ප්‍රභාකරන් හා ඔහුව මෙහෙයවූ බටහිර යුදෙවු විජාතික බලවේග සැනසීමට යෑමද?මේ ප්‍රශ්නයේ මුල මතක්කරගැනීමද අපට මේ ගැන කරුණු කීමට ඉතා වැදගත් දෙයක් වේ. ලංකාව බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණ වලට ලක්වීමත් සමග ලන්දේසින් විසින් දුම්කොල වගාවට මෙරටට ගෙන්වූ දකුණු ඉන්දියානු දෙමළ ජනයා උතුරේ හා නැගෙනහිර ව්‍යාප්ත විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලන සමයේ ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදී රටේ බහුතර සිංහල ජාතියයට එරෙහිව මෙහෙයවීමට අධිරාජ්‍යවාදියා වගබලාගත්තේය. එහෙත් නිදහසින් පසුව නැවතත් මෙරට ආවේනික ජන කොට්ඨාශය වන සිංහලයින් තම ජාතිකත්වය සක්‍රිය හා සජීවී බවට පත්කිරීමට ක්‍රියා කිරීමත් සමග අධිරාජ්‍යවාදී වරප්‍රසාද අතහැර රටේ ජාතිකත්වය පිළිගැනීමට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රභූ පැලැන්තිය අකමැති වීමත්, ඉංග්‍රීසින් ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේග තවදුරටත් ඔවුන්ගේ කීකරු දෙමළ මෙහෙකරුවාට යුතුකම් ඉශ්ඨ කිරීමට යමින් රටේ ආවේනික ජනයාට එරෙහි වීමත් මේ ප්‍රශ්නයේට පසුබිම් වන සැබෑ හේතුවයි.  ප්‍රශ්නය එලෙස පැනනැගීමෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙන් සුලුතරයක් අතරින් පැනනැගුණු ඊලාම්වාදී බෙදුම්වාදය අත්වැල් බැඳගත්තේ බටහිර යුදෙවු සංස්කෘතික හා මතවාදී ආක්‍රමණිකයා සමගයි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර යුදෙවු චින්තනය බලවත් වීමත් සමග විය. වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම නියෝජනය ක්ළේ මේ යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ ආයුධ සන්නද්ධ යුධ පෙරමුණයි. 
               

   බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයින්ට ඔවුන්ගේ සන්නද්ධ අංශය වූ කොටි සංවිධානය ලවා කරගැනීමට අවශ්‍ය වූයේ අන් කවර දෙයක්වත් නොව සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය නැතිකර දැමීම හා අපේ රටට ආවේනික චින්තනයත් මතවාදී ශක්තියත් නැතිකරදැමීමයි. ඒ සඳහා බටහිර විජාතික බලවේග විසින් ඔවුන්ට හුරුපුරුදි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වැන්නවුන් හා චන්ද්‍රිකා කුමාරතුන්ග වැනි අයගේ සහයද ලබාගන්නු ලැබීය. කොටින් විසින් කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කර සිංහලයන් සමූලඝාතනය කිරීමට උත්සහ කළේ අහේතුවකට නොවේ. දලදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල වුනේද කිසියම් හේතුවක් උඩයි. ඒ එක් අතකින් සිංහලයා ජාතියක් ලෙස අතුගා දැමීමත් අනෙක්පසින් රටට ආවේනික චින්තනයට මරු පහරක් එල්ල කිරීමත් යන කාරනා මුල් කරගෙනය. එහෙත් ඒ කිසිවකින් විජාතික අරමුණු සාර්ථක උනේ නැත. සිදුවූයේ ජාතියක් ලෙස අපට උරුම චින්තනය තුලට තව තවත් අප ලංවීමයි. එහි ප්‍රතිඵලය ලෙස කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කළයුතුමයි යන ස්ථාවරයේ සිට මෙරට නායකයින් ඇතුලු රනවිරුවන් කොටි ත්‍රස්තවාදය පරදා ජයගත්තේ එය අනිවාර්‍ය ලෙස සිදුවියයුත්තක් බව බටහිරට මෙන්ම මෙරට සිටින බටහිර අනුගාමික ව්‍යාජ බුද්ධිමතුන්ටද පසක්කර දෙමිනි. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීම තුලින් අප රටක් ලෙස ලැබූවේ හුදෙක් යුධ ජයක්ම නොවේ. ඒ තුලින් කොටින්ව මෙහෙයවූ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාට එරෙහිව අප මතවාදී ජයක්ද ලැබූවෙමු. ඒ රටට ආවේනික චින්තන රටාව මර්ධනය කිරීමේ විජාතික අරමුණ පරාජය වීමත් සමගයි. 
         ජාතියක් ලෙස අප ජයගත් මොහොතේ සිට බටරින් විවිධ චෝදනා එල්ල වෙමින් පවතින්නේ විජාතික බලවේගද සටන අත්හැරීමට සූදානම් නොවීම තුලයි. මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම් ආදිය බටහිර යුදෙවු චින්තනයෙන් පැනනගින සංකල්ප බව අප මින් පෙර කිහිපවිටකදී කියා ඇත. මෙලෙස මානව හිමිකම් වැනි සංකල්ප කොටි සංවිධානයත් උතුරේ දෙමළ ජනයාත් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වීම ගැන අප පුදුම නොවියයුත්තේ එහෙයිනි. කොටි ප්‍රහාරයට ලක්වූ කැබිතිගොල්ලෑවේ සිංහලයන් වෙනුවෙන් මානව හිමිකම් පෙනී නොසිටින්නේ ඇයි. ඒ කැබිතිගොල්ලෑවේ සිංහලයන් බටහිර යුදෙවු සංස්කෘතික හා මතවාදී ආක්‍රමණිකයාගේ නියෝජිතයින් නොවන නිසා වේ.  මේ බොරු මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය ගැන ලෝකයේ සෙසු රටවල්ද නොදන්නවා නොවේ. එහෙයින් මේ ප්‍රශ්නය අපට පමණක්ම ඇති දෙයක් කීමටද නොහැක. මේ බොරු චෝදනා වලට අප බිය නොවියයුත්තේ එනිසයි. මුලින් කී පරිදි කොටි ත්‍රස්ත්වාදය හමුවේ අප ජාතියක් ලෙස කළයුතුව තිබුණේ ත්‍රස්තවාදියාට හිස නමා ආචාර කර ඊලම ලබාදී පැත්තකට වීම නොවේ. දැන් අප කළයුතු දේ නිවැරදිව කර ඇත. ඒ ගැන බිය වීමට කාරනයක් නැත. ඇතමුන් කියන ආකාරයට ජාත්‍යන්තර අධිකරනයට මෙරට නායකයා ඇතුලු හමුදා ප්‍රධානීන්ට දඬුවම් කළහැක. ඔවුන්ට අනුව ජනාධිපතිවරයා විදුලිපුටුවට ගෙනයාහැක. එසේ කළහැකිනම් ජනාධිපතිවරයාට චන්දය ලබාදුන් සියල්ලන්ටද බටහිරවිජාතික බලවේග දඬුවම් දියයුතුය. ඒ මෙරට නායකයා බහුතර චන්දයෙන් පත්කරගැනීම තුල කොටි ත්‍රස්තවාදය පරාජය කර විජාතික බලවේගද මතවාදීව පරාජය කිරීමේ ජාතික අරමුණද පැහැදීලිව තිබූ හෙයිනි.   
                       
          ඇත්ත කාරනයනම් මේ විජාතික බලවේග වලටත් ඔවුන්ගේ මෙරට රූකඩ වලටත් කරන්නට හැකි දේයක් නොමැත යන්නයි. ජිනීවා සමුලුවේදී අපට එරෙහි වූ බටහිර රටවල් ලංකාවට කුමක් කරන්නද? ඔවුන්ට වැඩිම උනොත් කරන්නට හැක්කේ අපේ රටට එරෙහිව ආර්ථික සම්බාධක දමාගැනීමයි. එය කළද රටක් හැටියට අපට නැගී සිටිය හැක. දැනටත් අප හුරු වී තිබෙන්නේ බටහිර නූතනත්වය විසින් පටවන බොරු සෝබනයන්ටය. මේවා අත්හැර අපේ චින්තනයක් යටතේ රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගනිමින් රට ආර්ථිකව මෙන්ම අනෙක් සියලු අංශයන්ගෙන්ද ඉදිරියට ගතහැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ අපේ රටට ආවේනික චින්තනය බලගැන්වීමයි. බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ පුහු තර්ජන වලට බිය නොවී යුධ ජයග්‍රහනයෙන් පසුව කිරීමට ඉතිරිවී ඇති තවත් වැදගත් දේවල් දෙකක් ඇත. ඒ බොරු දේශපාලන විසඳුම් වලට නොයා ඊලාම්වාදී බෙදුම්වාදය මතවාදීව මුලිනුපුටා දැමීමත්, රටට ආවේනික චින්තනය බලගන්වා රටට ගැලපෙන අදහස් ඇත්තවුන් ඉදිරියට ගෙන ඔවුන්ට දිරි දී අපට ආවේනික ඉදිරි ගමනක අප නිරතවීමත් යන කාරනායි. කරන්නට බැරියැයි කියූ කොටියා පැරදවීම ඒ අයුරින් කළා මෙන් ඉතිරි ටිකද ඒ ආකාරයෙන් කිරීමට රටක් ලෙස අපට අනිවාර්‍ය ලෙස පුළුවන.   

1 comment: