Saturday, March 15, 2014

අපේ රට ඇමරිකානු බූදලයක්ද?



මෑතක අපගේ අවධානයට ලක් වූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වමි. අදාල සිද්ධිය මෙසේයි. ලොව අන් රටවල ස්වාධීනත්වයට ගරු නොකරන ඇමරිකාවේ ක්‍රියාකලාපය පෙන්වමින් බටහිර මතවාදී ආක්‍රමණය සුපුරුදු ලෙස ක්‍රියාත්මක කිරීමට ගිය කැතරින් රසල් නම් කාන්තාවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අනුමත නොවිය. මේ සිද්ධිය සිදු වූයේ පසුගිය පෙබරවාරි මාසයේයි. කැතරින් රසල් යනු ඇමරිකාවේ සිට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ලොවපුරා පැටවීමේ වගකීම භාරව සිටින එරට ප්‍රධාන රාජ්‍ය නිලධාරිණියයි. මේ සිද්ධියේදී රටට පැමිණීමට වීසා අනුමත නොවූ මේ තැනැත්තිය ඇමරිකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ ස්ක්යිප් මගින් මෙරට සිටින බටහිර කාන්තා විමුක්ති අනුගාමික පිරිස අමතා ඇත. මැයට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වීම රටේ වාසනාවට සිදුවූවක් වුවත් ඇය තම න්‍යායපත්‍රය වටා මෙරට සිය අනුගාමිකයන් එක් කරගැනීමට අන්තර්ජාලය හරහා සමත් වූවාය. එයින් බලපෑමක් ඒ තරම් නැතත් මේ සිද්ධිය ගැන අප මීට වඩා කරුණු සෙවියයුතුය.
                           ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව නිරන්තර අවධනයෙන් සිටින බව හා ශ්‍රී ලංකාවේ කටයුතු වලට උපකාර වන බවත් ඇය කියා තිබුණි.ඇය ලංකාවට පැමිණීමට සිටියේ ලංකාවේ තත්ත්වය විවේචනය කිරීමේ අරමුණින් යැයි බොහෝ දෙනා කීවත් ඇයගේ අරමුණ එය නොවූ බව ඇය කියා ඇත. අරමුණ එය නොවේනම් වෙන කුමක්ද? ප්‍රශ්නය එයයි. ඇයට ඇමරිකාවේ ලොව පුරා කාන්තා කටයුතු භාර රාජ්‍ය නිලධාරිණිය හැටියට මෙරටට පැමිණ නිකම් විනෝදයට සංචාරය කර ආපසු යෑමේ අවශ්‍යතාවයක් තිබුණා යැයි කිසිවිටකත අපට සිතිය නොහැකිය. මේ තැනැත්තියගේ සැබෑ අරමුණ වී තිබුණේ බටහිර කාන්තා විමුක්තිවාදය අනුගමණය කරන මෙරට අනුගාමිකයන්ට නායකත්වය සපයන පිරිස හමුවී සාකච්ඡා පවත්වමින් සංචාරක හෝටල් කාමර වල සිට ඔවුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා සිය න්‍යායපත්‍රය ලංකාවතුල ක්‍රියාත්මක කිරීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් හා ඊට ඇති බාධා ගැන පූර්ණ අධ්‍යනයක් කර ආපසු යෑමයි. ඉන් අනතුරුව ඉදිරි සැලසුම් සකස් වන්නේ ඇමරිකාවේදී ඔවුන්ගේ මතවාදී ආක්‍රමණික මූලස්ථාන වල සිටය.
                              

    ඔවුන්ගේ න්‍යායපත්‍රය කුමක්ද? එහි ඉදිරි සැලසුම් මොනවාද? ඔවුන්ගේ න්‍යායපත්‍රයේ අන්තර්ගතය වන්නේ අන් කිසිවක් නොව බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයයි. එහි ඉදිරි සැලසුම් වන්නේ බටහිර කාන්තා විමුක්තිවාදය මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට හිතකර සාධක මොනවාද යන්නත් ඊට එරෙහිව පැනනගින බාධක කවරාකාරයක් ගන්නේද යන්න හා බාධක ඉවත්කරමින්සිය න්‍යායපත්‍රය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. මෙය අද ඊයේ සිදුවන්නක් නොවේ. මෙවැනි දේ මින් ඉහතදීද සිදුවී ඇත. දරු නැලවිලි ගී කියමින් ආරම්භ කළ කාන්තා සංවිධාන වැඩසටහන් පසුව දරුවන් වැදීම කරදරයක් යැයි හිතන්නට කාන්තාවන් පොළඹවන තැනට ගියේද මෙලෙසමය. බටහිර කාන්තා විමුක්තියේ මතවාදී පසුබිම හා එහි න්‍යායපත්‍රය ගැන අප මින් පෙරද බොහෝ කරුණු කියා ඇත්තෙමු.
                              
     
  යුදෙවු කාන්තා විමුක්තිවාදය සොබාදහමෙන් ලිංගිකත්වය යන්න නිර්මාණය වී තිබෙන ආකාරය පිළිගැනීමට වඩා මිනිසුන්ට අනුබල දෙන්නේ ඊට එරෙහි දේ කරමින් විකුර්ති තෘප්තියක් ලැබීමටය. එබැවින් එහි න්‍යායපත්‍රයට ඇතුලත් වන්නේ කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වයත් ඒ මත පදනම් වන මාතෘත්වයත් අනුව පැහැදිලි අනුවර්තන දරන ජීවිත ගත කිරීමට කාන්තාවන් හුරු කිරීම නොව ස්ත්‍රී පුරුෂ වශයෙන් ඉතිහාසය පුරාවට දක්වා තිබෙන දියුණු මිනිස් අනුවර්තන නැතිකර දමා මිනිස් සංහතියම ලිංගිකත්වය අතින් දැඩි ව්‍යාකූලත්වයකට පත්කර සමලිංගිකත්වය ඇතුලු විකුර්ති කාමුකත්වයන් ඉදිරියට ගැනීමයි.  බොරු අහින්සකකමක් පෙන්වා පොදු සමාජ ප්‍රශ්න හොරකම් කරමින් එවාට වැරදි අර්ථකථන ලබාදීමටත් ඒ ඔස්සේ ඊට විසඳුම් ලෙස බටහිර කාන්තා විමුක්තියේ නිර්දේශයන් හඳුන්වා දීමත් අති සූක්ෂමව සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස වේ. මෙරටට පැමිණීමට වීසා අනුමත නොවූ කැතරින් රසල් ඇමරිකාවේ සිට මෙහි සිටින කාන්තා විමුක්ති අනුගාමික රැල අන්තර්ජාලය ඔස්සේ අමතමින් කර තිබෙන්නේද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය ගැන සිය අදහස් දැක්වීම හැර වෙන දෙයක් නොවේ.
                              
           ඔවුන්ගේ කාන්තා විමුක්ති න්‍යායන්ට අනුව රට තුල ඔවුන් කරන්නට බලාපොරොත්තු වන දෑ මොන්වාද යන්නත් කෙටියෙන් හෝ විමසා බැලියයුතුය. අප රටේ පමණක් නොව බටහිර කාන්තා විමුක්ති බූවල්ලාගේ අඬු වලට හසුවී තිබෙන සෙසු රටවලද මේ න්‍යායන් යටතේ සිදුවන පළමු දෙය නම් සමාජය තුල ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් හා විශේෂනයන් නැතිකර දමා ඒ කෙරෙහි දක්වන සංවේදීතාවය නැතිකිරීමයි. මෙය සිදුවන්නේ ලිංග භේදයක් අවශ්‍ය නැති බව කියමිනි. සමාජය තුල කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වය හා ඒ පදනම්ව දක්වන මාතෘත්වය ඇතුලු සෙසු අනුවර්තන නිසා ඔවුන්ට පුරුෂයා විසින් වෙනස් ආකාරයකට සැලකීමක් සිදුවන බවත් ඒ තුලින් කාන්තාවන්ට මිහිපිට ජීවත් වීමට බැරි තරම් අසාධාරනකම් සිදුවන බවත් කාන්තා විමුක්ති න්‍යායෙන් පෙන්වා දෙන්නකි. ඊට විසඳුම් ලෙස බටහිර කාන්තා විමුක්තියෙන් යෝජනා කෙරෙන්නේ ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය වටා ගොඩනැගෙන සියලුම ස්ත්‍රී පුරුෂ අනුවර්තන නැතිකර දැමීම හෝ බැරිනම් ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරනය ඉදිරියට ගැනීමයි. මේ අනුවර්තන නැතිකිරීමට යෑමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කාන්තාවන් මානසිකව පුරුෂකරණයකට ලක්කර ස්ත්‍රීත්වය සමාජයේ නිරූපනය වීම වැලැක්වීමයි. කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් නොවන බව කියමින් බොරු ගුණයහපත්කමක් මවා පෙන්වන්වන මෙරට බොරු පණ්ඩිතයන්ද කරන්නේ බටහිර කාන්තා විමුක්ති සටන්පාඨ කියවමින් ඊටම රුකුල් දීමයි. ස්ත්‍රී අනුකරනයන් කරන පිරිමින්ට බොරු අහින්සකකමක් ආදේශකර ඔවුන්ට සමාජයේ පිළිගැනීමක් ලබාදීමද මේ න්‍යායපත්‍රයේම කොටසකි. පුරුෂ අනුකරනයන් කරන කාන්තාවන්ට බටහිර කාන්තා විමුක්තිය අනුව පුරුෂාධිපත්‍යයෙන් එල්ලවන අභියෝග ජය ගැනීමට එය රුකුලක් වන්නේ තමන්ට ස්වභාවිකව පිහිටන පුරුෂභාවයට ප්‍රතිවිරුද්ධව හැසිරෙමින් ස්ත්‍රී අනුකරනයන් කරන පිරිමින්ද සමාජය තුල පිළිගැනීමකට ලක්වූ විටය. කාන්තා විමුක්තියේ එන ප්‍රධානම කොන්දේසිය වන සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදී එය පෝෂණය කිරීම කාන්තා විමුක්ති න්‍යාය පත්‍රයේද එක් ප්‍රමුඛ අංගයකි. මින් ඉහත විස්තර කළ කරුණු සියල්ල අවසාන වශයෙන් ගොනු වන්නේ මේ මූලික කොන්දේසිය වටාය. ස්ත්‍රී පුරුෂ අනුවර්තන හා ඒ තුල ඇති ලිංගික ගැලපීම් නැතිකිරීමට අමතරව පවුල් අවුල් කිරීම, පවුලේ පියා කෙරෙහි දරුවන් අතර ද්වේශසහගත අදහස් ඇතිකිරීම ආදියද කල එළි බහින්නේ මේ අරමුනු කරා යන ගමන ඉක්මන් කරගැනීමටයි. කාන්තා විමුක්ති න්‍යාය අනුව පවුල් ප්‍රශ්න විසඳන එක් ක්‍රමයක් වන්නේ පියා නැති පවුල් හැදීමයි. ලිංගිකත්වය වටා බැඳුනු සමාජ කුහකත්වයන් ඉදිරියට ගෙන කාන්තාවන්ට එරෙහි බොරු ප්‍රචන්ඩත්වයන් හා බොරු ලිංගික අතවර නිර්මාණය  කරමින් ඊට එරෙහිව පුරුෂ විරෝධී මෙන්ම පුරුෂ ලිංගික ස්වභාවය කෙරෙහි වෛරක්කාර නීති සම්පාදනය කිරීම සිදුවන්නේත් විශම ලිංගික ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පසුබස්වමින් සමලිංගිකත්වය පෝෂණය කිරීමේ කාන්තා විමුක්ති අවශ්‍යතාවය අනුව මිස රටේ පොදු සමාජයේ ඉල්ලුමට නොවේ. අවසානයේ මේ නීති මගින් රැකෙන්නේද බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන සුලු පිරිස මිස ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු ජීවිත ගෙනයන කාන්තාවන් බහුතරය නොවෙයි.
                        
      
       ඉහත පෙන්වාදුන් න්‍යායන් මෙරට ක්‍රියාත්මක කිරීමේදී ඊට හිතකර හා අහිතකර තත්වයන් හඳුනාගැනීමත් ඒ අනුව ඔවුන්ට හිතකර තත්වයන්ට සහය දෙමින් අහිතකර සමාජ තත්වයන් ඉවත්කරගැනීමද කැතරින් රසල්ගේ වැඩපිළිවෙලට අයත්ය. මේ යටතේ අප සමාජය තුල මෑත ඉතිහාසයේ ඉදිරියට පැමිණ ඇති ලිංගිකත්වය වටා ගොඩනැගෙන සමාජීය කුහකත්වයන් තවදුරටත් පෝෂණය කිරීමට කාන්තා විමුක්තිවාදීන් ක්‍රියා කරනු ඇත්තේ ඒතුලින් ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගික සම්බන්ධතා අධෛර්යමත් කරමින් සමලිංගිකත්වයට දිරි දීම පහසු කරගැනීමටයි. ඔවුන් ඒ සඳහා ලිංගිකත්වයේ නියම ස්වරූපයට ගරහමින් බොරු ගුණයහපත්කමක් ආරූඪ කරගන්නා මෙරට කුහකයන්ගේ සහයද ලබාගනු ඇත්තේ ඔවුන්ටද නොදැනෙන තරමට සූක්ෂම අයුරිනි. මෙරට ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් අනුව හැඩගැසුනු කාන්තා සමාජයට පොදුවේ ඇති සැබෑ සමාජ ගැටලු තවත් උත්සන්න වන තරමටද කාන්තා විමුක්තිවාදීන් කැමති වනු ඇත්තේ ඒ සියල්ල අවස්ථාවාදීව තම පුරුෂ විරෝධී න්‍යායන් ඉදිරියට ගන්නට භාවිතා කළහැකිවීම නිසයි. මෙහිදී කාන්තා විමුක්ති න්‍යායන් ක්‍රියත්මක කිරීමට බාධක ලෙස ඇති දේ ඉවත් කරගැනීම ගැනද ඔවුන්ගේ නිසැක අවධානය යොමු වේ. සමස්ථයක් ලෙස බලන කළ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ඇතුලු මුලු ජාතිකත්වයම තිබෙන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙලට බාධක්යක් ලෙසයි. එබැවින් ඔවුන් කාන්තා විමුක්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අනන්‍යතාවයේ සිට පවුල් ඒකකය දක්වා බිඳ වැට්ටීමට කූඨ උපායන් යොදනු ඇත්තේ මානව හිමිකම් කාන්තා අයිතීන් ළමා අයිතිවාසිකම් ආදිය පෙරට ගෙනයි. මේ වැඩපිළිවෙලවල් ඊලාම්වාදීන්ගේ බෙදුම්වාදී අභිලාශයන් සමගද නිසැක ලෙස අත්වැල් බැඳගනු ඇත. ඇයම කියන ආකාරයට ඇමරිකාව 2009 සිට ලංකාවට මානුශීය ආධාර හා නීතිමය උපකාර කරයි. යුද්ධයෙන් අවතැන් වූවන් නගා සිටුවීමත් කාන්තා සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කිරීමත් මේ අතර වන බව ඇගේ අදහසයි. ඇයට අනුව කාන්තා සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව ඩොලර් මිලියන 40ක් මේ වනවිටත් ලබා දී ඇත. මෙලෙස මුදල්ද වියදම් කරමින් සිදුකරන සුබසාධන කටයුතු මොනවාද? ඒ අන් කිසිවක් නොව මීට ඉහත අප පෙන්වාදුන් බටහිර කාන්තා විමුක්ති න්‍යාය ධර්මයන් සූක්ෂමව සමාජගත කිරීමයි.
                              
 
    අප මෙහිදී එක් අතකට සිතා බැලියයුත්තේ ලංකාව යනු ඇමරිකාවේ බූදලයක්ද යන්නයි. කැතරින් රසල්ට හෝ වෙනත් විජාතික බලල් අන්ඩකට අපේ රට තුල දී රටට ආවේනික මතවාද දරන පිරිසට එරෙහිව කළහැක්කක් නැත. ඔවුන්ට කළ හැක්කේ රටේ ආර්ථිකයම බටහිරට අනුව තීන්දු වන බව කියමින් මෙරට විජාතික ගැති කම්මැලියන් බියවැද්දීම පමණි. බටහිර කාන්තා විමුක්තිවාදය බටහිරම පච වෙමින් බටහිර ලෝකයේද ඊට එරෙහි දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතී. ඊට හේතුව මේ යුදෙවු පිරිමින්ගේ කුහකත්වයේ ප්‍රතිඵලයක් වන කාන්තා විමුක්තිවාදය බටහිර ජාතිකත්වයන්ට හා සමාජයටම කර තිබෙන හානියත් ලෝකයටම ඇතිකරන ලිංගික පීඩාවනුත් ඉහ මොළයක් ඇති සියල්ලන්ට වැටහෙමින් පැවතීමයි. ලංකාව තුලද කාන්තා විමුක්තිවාදයේ වසුරු ගිලින ජනමාධ්‍ය වල බේගල් වලට සමාජය මුලා වීම අනාගතයේ සිදු නොවනු ඇත. කැතරින් රසල්ගේ කාන්තා විමුක්ති වැඩපිළිවෙල සාර්ථක වීමට ඇතැම් විට චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංග වැන්නවුන් බලයේ සිටියේනම් හැකිවන්නට තිබුණි. එහෙත් විජාතික බලවේග සමග එකට සිටි ඔවුන් කෙරෙහි මෙරට වැඩි දෙනාට ඇත්තේ අප්‍රසාධයකි. බටහිර යුදෙවු කාන්තා විමුක්තිය බටහිරදීම පච වී අභියෝගයට ලක්වෙමින් පවතින විටකදී අප කළයුත්තේ අපට ආවේනික සැබෑ ජාතික මතවාද තුලට යෑම මිස තවත් බංකොලොත් විජාතික මතවාද කරපින්නා ගැනීම නොවේ. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයා අප නිවැරදිව හඳුනාගතයුතුය. එමෙන්ම කාන්තා විමුක්තිය ඇතුලු සමාජය ලෙඩ කරවන ව්‍යාධිජනකයා මෙරට සමාජයෙන්ම තුරන් කළයුතු වේ. එය අපට කළහැක. මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතිවාසිකම් ආදී කඩතුරාවල් වලට මුවා වී කැතරින් රසල් වැනි විජාතික රූකඩ වලට රටට එරෙහිව කළහැකි දෙයක් නැත.

7 comments:

  1. කැතරින් රසල් කියන්නේ කවුද බන් අපට. මුන් හැබැයි අපේ රටට ඇවිල්ල අර කුහක සුදනො ටික අල්ලගෙන ගෑනු පිරිමි සම්බන්ධතා ගැන පිළිකුල ඇතිකරන වැඩේ කරන්න ඉඩ තියෙයි කියලා මටත් හිතෙනව උඹ කියන්නා වගේ.

    ReplyDelete
    Replies
    1. මුන් අපේ රටේ දේශපාලනයට පවා අනියම් අකරයට ඇඟිලි ගහනව. මුන් ගැන බයවෙන්න දෙයක් නැති එක වෙනම ප්‍රශ්නයක්.නමුත් මුන්ට ගැතිකම් කරන මුන්ගෙම නඩයක් රටේ ඉන්නව , අන්න ඒක භයානකයි.

      Delete
  2. මේ කොහෙවත් යන ගෑනුන්ට මොකටද අපි බය වෙන්නේ. මමනම් කියන්නේ අපි ජිනීවා ප්‍රශ්නෙටවත් බය වෙන්න ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත , අපි මේවට කල්තිය සූදනම් වෙන එකත් වැදගත්.

      Delete
  3. http://rscpriyashad.blogspot.com/2014/03/blog-post_23.html

    ReplyDelete
  4. නොදන්න කරුණු ගොඩක් ඩාණාආටඃටඃආආආ, ස්තුති ඔයාට, දිගටම ලියන්න මේ වගේ දේවල්,

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් ගැන උනන්දුවක් දැක්වීම ගැන ඔයාටත් ස්තුතියි. අද මේවගේ දේවල් විචාරයට ලක්වෙන එක වියයුත්තක්. එහෙම නොවුනොත් අවිචාරය කියන එක අපිව විනාසයට ගෙනියන්කල් හොයාගන්න තියා ඒ ගැන හිතාගන්නවත් බැරි වෙනවා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.

      Delete