Friday, March 7, 2014

බුද්ධිමත් කාන්තාවන් බටහිර කාන්තා විමුක්තිය පිටුදැකියයුත්තේ ඇයි?


මෙම ලිපිය ලිවීමට අදහස කළේ බටහිර කාන්තා විමුක්තිවාදයේ මෙරට අනුගාමිකයින් විසින් සැමරීමට නියමිත ඊනියා කාන්තා දිනය නිමිති කොට ගෙනය. මේ මාතෘකාවෙන් නැගෙන ප්‍රශ්නයට කාන්තාවන්ම පිළිතුරු සොයාගන්නේනම් වඩා යහපත් වුවත් එයට බාධා වන සාධකද ඇත. එහිදී අප කවදත් පෙන්වාදෙන ලිංගිකත්වය මත පදනම් වන සමාජීය කුහකත්වයන් පෙරට එයි. එම සාධකය හමුවේ කාන්තාවන්ට විචාර බුද්ධියකින් මෙය විමසා බැලීම අපහසුය. එබැවින් එම කුහකත්වයන්ගේ අභියෝගය ජයගනිමින් බුද්ධිමත්ව බටහිර කාන්තා විමුක්තිවාදය හා සැබෑ ස්ත්‍රීත්වය අතර ඇති පරස්පරයන් වෙන්කරගැනීමට බ්ලොග් පාඨක කාන්තාවන් පිරිසට යම් සහයක් ලබාදීම මෙහි අරමුණයි.
                         මේ කාන්තා විමුක්ති වාදය මතවාදීව අපේ නොවන බව අපි හොඳින්ම දනිමු. එසේනම් එහි පසුබිම ගැන කෙටියෙන් යමක් කියා සිටින්නම්. බටහිර කාන්තා විමුක්තිවාදය පැනනගින්නේ යුරෝපයේ කතෝලික චින්තනය බිඳ වැටී යුදෙවු චින්තනය බලවත් වීම තුලිනි.එහිදී කාර්මික විප්ලවය හා දැනුම් පුනරුදය හරහා යුදෙවු චින්තනය ටිකෙන් ටික බලවත් වූයේ පෙරදිග දැනුම බටහිරට සංක්‍රමණය වීමත් සමගය. යුදෙවු චින්තනය ලොව අනෙකුත් චින්තන රටා වලින් වෙනස් වන්නේ එහි ඇති දැඩි මිනිස් කේන්ද්‍රීය බව හා සොබාදහමට ගරු නොකරන ස්වභාවය අනුවයි. මෙහිදී මට පෙන්වාදීමට අවශ්‍ය කාරනය වන්නේ සොබාදහමට අනුව ලොව වෙනස්වීමේ රටාව මිනිස් අවශ්‍යතා අනුව උඩු යටිකුරු කිරීමට වුවත් යුදෙවු චින්තනයෙන් මිනිසුන්ට අනුබල ලැබෙන බවයි. යුරෝපයේ ඉතිහාසය ගැන වැඩිදුර කරුනු කීමට මේ ලිපියෙන් උත්සහ නොකරමි. කෙටියෙන් යමක් කියා සිටියේ සංසන්දනාත්මකව කරුනු කීම සඳහායි.


                      යුදෙවු චින්තනය ලිංගිකත්වයේ ස්වභාවය ගැන දක්වන ආකල්පයද එය සොබාදහම කෙරෙයි දක්වන ආකල්පයටම සමානය. සොබාදහමෙන් ලිංගිකත්වය යන්න ගොඩනැගී විකාශනය වී තිබෙන්නේ එහි සුවිශේෂනයන් වැඩිදියුණු වෙමිනි. එහිදී ඒක ලිංගිකතාවය (පිරිමි හා ගැහැනු ලෙස ජීවීන් දෙදෙනෙකු වෙන වෙනම සිටින )සත්ව ලෝකයේ වැඩි දියුණු වී ඇත්තේ ගැහැනු හා පිරිමි ජීවීන්ගේ එකිනෙකට වෙනස් සංජනනාත්මක ලක්ෂනද වැඩිදියුනු වන ආකාරයට වේ. මිනිසා සම්බ්බන්ධයෙන් බලන කළ මේ ලිංගික සුවිශේෂීතාවයන් තවත් සංකීර්ණ වන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ කැපී පෙනෙන මනෝවිද්‍යාත්මක සාධකයක්ද සහිතවයි. මිනිස් සමාජයක පිළිගත් ලිංගික ජීවන රටාවක් ඇතුලු ලිංගිකත්වය ආශ්‍රිත ගොඩනැගීම් ඇතිවී තිබෙන්නේ මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක අනුවර්තන සමගින් සොබාදහමටද එකඟවය. ඒ කිසිත් සොබාදහමට එකඟ නොවන්නේනම් සොබාදහමෙන් පැවැත්මක් ලැබෙන්නේද නැත. එහෙත් යුදෙවු චින්තනය මේ සිද්ධිය පිළිගැනීමට සූදානම් නැත. එහිදී යුදෙවු සමාජයේ ලිංගිකත්ව්ය ආශ්‍රිත කුහකත්වයන් සෙසු මිනිස් ජනසමාජයන් තුලද විවිධ මට්ටම් වලින් දැකියහැකි මේ සාධකය මෙන්ම පෙරට එන්නේ යුදෙවු චින්තනයෙන් බිහිවන දැනුම තාක්ෂණයන් දේශපාලන දර්ශනයන් ආදියද සමගයි. යුදෙවු චින්තනය දැඩි මිනිස් කේන්ද්‍රීය මෙන්ම දැඩි පුරුෂ කේන්ද්‍රීයද වේ. එබැවින් ලිංගිකත්වයේ සමාජ කුහකත්වය සැලකීමේදීද පුරුෂ කුහකත්වයන් කැපී පෙනෙන බලපෑමක් ඇතිකරයි. බටහිර කාන්තා විමුක්තිවාදය බිහි වීමේ ප්‍රධාන සාධකයද මෙයම වේ.
                              

                                බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය ගැන කතා කිරීමට පෙර යුදෙවු සමාජය තුල කාන්තාවන්ට ස්වභාවයෙ පිහිටන ස්ත්‍රීත්වය නොසලකා හැරීමේත් සමාජයේ සියලු දේ පිරිමින් පමණක් තීන්දු කිරීමේත් ගති ලක්ෂණය ගැන අප දැනගතයුතුය. ඒ ඇයිදැයි කියන්නේනම් බටහිර කාන්තා විමුක්තියද යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් මත නිර්මානය වන බව තේරුම් ගැනීමටයි. මෙහිදී ස්ත්‍රී ලිංගිකත්වය හා එහි ස්වභාවයන් තම ලිංගික අවශ්‍යතාවය සපුරාගන්නා තෙක් පමණක් වැදගත් වීම හා, ඉන් පසුවට එය නැවත අවශ්‍ය වනතෙක් ලිංගිකත්වයේ ස්වභාවයට පටහැනි දේ කරමින් යම් තෘප්තියක් ලැබීමේ ගති ලක්ෂණය යුදෙවු පුරුෂයාට ලොව සෙසු ජනසමාජවල විවිධ මට්ටම් වලින් දැකියහැකි මේ ලක්ෂණයටම වඩා තරමක් වැඩිපුර පිහිටා තිබීම කැපී පෙනේ. බටහිර සමාජය තුල යුදෙවු චින්තනය බලවත් වීමත් සමග ගැහැනු ළමුන් සිටි ඇතැම් පියවරුන් ඒ ළමයින් මවගේ ස්ත්‍රීත්වය අනුව හැඩගස්වීමට ඉඩ නොදී ඔවුන්ට අනුව පිරිම ආරයට හැඩගස්වමින් මානසිකව පුරුෂකරනයකට ලක්කර සෙසු සමාජයේ පිරිමින්ට ස්වභාවයෙන් පිහිටන පුරුෂ ලිංගිකත්වය කරදරයක් ලෙස සිතන්නටත් පුරුදු කෙරුනේ ඒ අනුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිමි ආරයට හැදුනු තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වයද හෙලාදකිමින් ස්වභාවික හැඟීම් දැනීම් ඇති පිරිමි ජනගහනයද තම ප්‍රගතියට හා පැවැත්මට බාධකයක් ලෙස හිතන කාන්තා පරපුරක්ම (බහුතරය නොවේ)බටහිර බිහිවී ඇත. සොබාදහමට එකඟව ගොඩනැගී ඇති ලිංගිකත්වය ආශ්‍රිත සියලු ගොඩනැගීම් වලට පහර දෙමින් කාන්තාවන් යනු පිරිමින්ගේ කාම වස්තු නොවේය, කාන්තාවන් සිටින්නේ පිරිමින්ගේ ළමයි වැදීමට නොවේය ආදී කාන්තාවන් අතරින් විවිධ සටන්පාඨ මතු උනේ මේ හරහායි. කුස්සියටත් හැඳිමිටටත් තඩිබෑමද මේ අමුතු කාන්තා පරපුරේ සිරිතක් විය. කෙසේ වෙතත් මේ අදහස් නිල වශයෙන් කරලියට පැමිණියේ දෙවන ලෝක යුධ සමයේදී ඇමරිකාවේ පිරිමින්ට හමුදා සේවය අනිවාර්‍ය වීමත් සමග කම්හල් වැඩට සේවකයන් අඩු වීමෙන් කාන්තාවන් ඊට යෙදවීමත් සමගයි. 

                                                                     දැන් අප විමසා බැලියයුත්තේ මේ බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ මෙරටට සංක්‍රමණය වීමත් එයට අප රටේ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළ පිරිස කවුද යන්න හා එයින් රටට ඇතිවූ බලපෑම් ගැනයි. මේ ව්‍යාධිජනක මතවාදය ලංකාවට සංක්‍රමණය වීම පහසු කළේ මේ රට ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවතීම හරහා බටහිර අනුකාරකත්වය අදහන කලුසුද්දන් පිරිසක් නිදහසින් පසුවත් රටේ සියල්ල තීරනය කරන බලවේගය බවට පත්වී සිටීමයි. ඔවුන් බටහිර සිදුවන සියල්ල ලෝකයට පොදු ලෙස ගත්තා පමණක් නොව ඔවුන් අනියම් ආකාරයට ලෝකය ලෙස රටවැසියාට ඒත්තුගැන්වූයේ බටහිර යන්නයි. මෙය අදටත් දැකියහැක. මේ කලුසුද්දන් අතරට බටහිර අධ්‍යාපනයෙන් ඉහල ගිය අනුකාරක උගතුන් බුද්ධිමතුන් යැයි කියාගත් පිරිස හාඔවුන් අනුව ගිය සෙස්සන් ද අයත්ය. මෙරට බටහිර අධ්‍යාපනයේ රාමුවම සකස්වී තිබුණේම බටහිරට අනුව මෙරට ජන මනස හැඩගැස්වීමට අවශ්‍ය ලෙසයි. බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය නූතන යටත් විජිතවාදයේද ප්‍රධාන අංගයක් වෙද්දී බටහිර අධ්‍යාපනය හරහා බටහිර දැනුම මෙන්ම බටහිර නූතනත්වයේ මතවාදද රට ආක්‍රමණය කිරීම පුදුමයක් නොවේ. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය මෙරටට රිංගාගැනීමට එයද එක් ප්‍රධාන පෙලේ සාධකයක් ලෙස ක්‍රියා කළේය. යුදෙවු පිරිමින්ගේ කුහකත්වයන් මත ගොඩනැගී ව්‍යාප්ත වූ බටහිර කාන්තා විමුක්තිවාදය මෙරටදීද අත්වැල් බැඳගත්තේ අප සමාජයේද එතරම් සුලබ නොවුවත් යම් මට්ටමකට තිබූ ලිංගිකත්වය මත ගොඩනැගුන සමාජ කුහකත්වයන් සමගයි. මේවා අප සමාජයට හුරු පුරුදු සැබෑ වටිනාකම් නොවීය.  අප සමාජයේ ලිංගිකත්වය වටා ගොඩනැගුනු සැබෑ වටිනාකම් වූයේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම්ය. එහිදී මවුපියන් විසින් තම දරුවන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන වෙනම පිරිමි ළමුන් පියාට අනුවත් ගැහැනු ළමුන් මවට අනුවත් හැඩගැස්වීම කර තිබුනේ එය සමාජ වගකීමක් ලෙසද සලකමිනි. මෙරට පිරිමින් තමන්ට පිරිමි දරුවන් නොසිටියහොත් ගැහැනු ළමුන් හෝ පිරිමි ආරයට හැදියයුතු යැයි නොසිතුවෝය. ඒ ස්ත්‍රී පුරුෂ සමබරතාවයත් ස්ත්‍රීත්වයේ හරි වටිනාකමත් ඔවුන් දැන සිටි බැවිනි. අනෙක් අතට මෙරට මවුවරුන්ද ගැහැනු ළමුන්ට පිරිමි අනුකරනයන් කරන්නට ඉඩ නොදී ස්ත්‍රීත්වය අනුව මනා හැඩගැස්වීමක් කර තිබුණේ මෙරට සමාජයෙන් ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් නිසි ගෞරවය හා ඇගයීම ලැබී තිබුණු නිසාය. පිරිමින් අනුකරනය කරමින් පිරිමින් කරන සියල්ල කිරීමට වෙර දරන කාන්තාවන් වීරවරියන් ලෙස සැලකීම අපට හුරුපුරුදු සැබෑ වටිනාකමක් නොව යුදෙවු චින්තනයෙන් කඩාපාත්වී ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන මෙරට ව්‍යාජ ගුණයහපත්කමත් සමග කලවම් වූ බහුතරය පිළි නොගන්නා බොරු වටිනාකමකි.

                              
    මෙතෙක් අප සාකච්ඡා කළ කරුණු අනුව සොබාදහම, ලිංගිකත්වය, අප මුලා කරන සමාජ කුහකත්වයන් හා ස්ත්‍රීත්වය ගැන සංසන්දනාත්මක කරුනු කිහිපයක් ගැන දැන් අප සලකා බලමු. මිනිස් ලිංගිකත්වයේ ස්වභාවය සැලකීමේදී ස්ත්‍රී ලිංගිකත්වය හා පුරුෂ ලිංගිකත්වය එකක් නොව දෙකක් වන බවත්, ලිංගිකත්වය නිර්මාණය වී තිබෙන්නේ ස්වභාවයෙන් ප්‍රජනන අවශ්‍යතාවය සඳහා බවත් අමුතුවෙන් කිවයුතු නොවේ. මිනිසා තුල දක්නට ඇති මනෝවිද්‍යාත්මක සංකීර්ණත්වය අනුව ස්ත්‍රී පුරුෂ භාවයේද මනෝවිද්‍යාත්මක සාධකයක් පැහැදිලිව ඇත. මිනිස් ලිංගිකත්වයේ පරිනාමනය සෙසු ජෛව ලෝකය සමගද සංසන්දනය කිරීමේදී වැඩි දියුණු වී තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගික සුවිශේෂීතාවයන් හා මනෝවිද්‍යාත්මක වශයෙන් සමාජම අනුවර්තනද වැඩි වන ආකාරයටයි. එය ස්වභාවධර්මයේ ක්‍රියාවලියකි. මේ සියලු සමාජමය අනුවර්තන තුල ස්ත්‍රී පුරුෂ ලිංගික අන්තර් ක්‍රියාවලිය වටා ගොඩනැගෙන ලිංගික ගැලපීම්ද ඇත. ඒ ලිංගික ගැලපීම් මිනිස් සමාජයක දිගුකාලීන යහ පැවැත්මට අනිවාර්‍යයෙන් තිබියයුතුය. එම කාරනය විවුර්ත ලෙස පිළිගැනීමට මැලිකමක් දැක්වීම කුහකත්වයක් මිස අන් කවරක්වත් නොවේ. ලිංගිකත්වයට අදාල සැබෑ සමාජමය වටිනාකම් හා බොරු වටිනාකම් වෙන්කරගත නොහැකි මට්ටමට අප මුලා කරන්නේත් මේ කුහකත්වයමයි. කාන්තාවන් යනු පිරිමින් නොවන බවත් කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන්නේ පිරිමි ලිංගිකත්වයට සමාන්තරගත ස්ත්‍රී ලිංගිකත්වය බවත් අප පිළිගතයුතුය. ස්ත්‍රීත්වය මනෝවිද්‍යාත්මකවද ගොඩනැගෙන්නේ පුරුෂ ලිංගිකත්වයට හා පුරුෂ මනෝමය සාධක වලට සමාන්තරගත ලෙස ස්ත්‍රී ලිංගිකත්වය නියෝජනය කිරීමටය. එහිදී පිරිමින් තමන් වෙත ලිංගිකව ආකර්ශනය කරගැනීමද කාන්තාවන් ගේ භූමිකාවටම අයත් දෙයක් බව පිළිගැනීමට හැකියාවක් කාටත් තියයුතු වේ. ලිංගිකත්වයේ ස්වභාවය පිළිනොගන්නා කුහකත්වයෙන් මුලාවට ගිය කළ කුහක පිරිමින් කාන්තාවන්ට කෙසේවෙතත් තම්න්ගේ ලිංගික ස්වභාවයටවත් ගරු කිරීමක් නොකරති. එය එසේ වූ කල පිරිමි ලිංගිකත්වයට සමාන්තරගත ස්ත්‍රී ලිංගිකත්වය සමාජයේ නියෝජනය කරන කාන්තාවන්ට ගරු කරයිද? ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තා සමාජයටම අපහාස කරන්නේත් ගරහන්නේත් විවිධ ආක්‍රෝෂ පරිභව කරමින් ස්ත්‍රී ලිංගික ස්වභාවයට පහර දෙන්නේත් කුහකත්වයෙන්ම අන්ධ වූ මේ පිරිසයි. කාන්තාවන් සැබවින්ම දැනගතයුතු කාරනය වන්නේ, කාන්තාවන්ද පිරිමින් කරන සියල්ල කළයුතුයැයි කියමින් ඊනියා කාන්තා විමුක්තියක් ගැන නන්දොඩවන්නේත් මේ කුහකයන් හා ස්ත්‍රී සිරුරක් තිබුනත් ස්ත්‍රී හැඟීම් දැනීම් නැති ව්‍යාධිජනක ගැහැනුන් පිරිස යන්න වේ.
                      
  කාන්තාවන්ට ඇති සැබෑ ප්‍රශ්න ජනනය වන්නේත් ඉහතින් විස්තර කළ කාරනා වලින්මය. ස්ත්‍රීත්වය බාල්දුකර තිබෙන්නේ කවුද යන්න කාටත් දැන්පැහැදිලි වියයුතුයි. මේ සිද්ධි සියල්ල සම්බන්ධයෙන් මෙරට කාන්තාවන් දැනගතයුතු අතිශය වැදගත් කාරනා කීපයක් ඇත. එක් ප්‍රධාන දෙයක් වන්නේ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අර්ථ ගැන්වී තිබෙන්නේත් කාන්තාවන් සම්බන්ධයෙන් සාධාරන ලෙස නොවන බව හා එම අර්ථගැන්වීම් තුලද ලිංගිකත්වයට අදාල සමාජීය කුහකත්වයන් ගැබ්වී ඇතිබවයි. තවත් එක් දෙයක් නම් කාන්තාවන්ට සිදුවන හින්සන හා පීඩාවන් වලදී කුහක පිරිමින් හා ඔවුන් සමග සිටින පුරුෂ අනුකරනයන් කරන කාන්තා කල්ලියම  ස්ත්‍රීත්වය හා මතෘත්වය අනුව සමාජීය හැඩගැසීමක් ඇති කාන්තාවන් හින්සනයට ලක්වනවාට කැමති බවයි. ඒ එම ප්‍රශ්න වලට වැරදි අර්ථකතන දෙමින් ඔවුන්ගේ ඊනියා කාන්තා විමුක්තියේ යටි අරමුනු වලට යෑමට පාරකපාගැනීමටය. මේ කුහක රැල කාන්තාවන්ට එතැනදීද ඒත්තුගන්වන්නේ ඔවුන් අනාරක්ෂිත වන්නේ ඔවුන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වයේ වරදකින් යන්නයි. ඔවුන්ට අනුව කාන්තාවක් පිරිමියෙකුගේ ලිංගික අතවරයකට ලක්වන්නේ ඇයට ස්වභාවයෙන් පිටා තිබූ ස්ත්‍රීත්වයත් ඇයට කාන්තාවක් ලෙස සමාජයේ තිබූ සුවිශේෂී මනෝවිද්‍යාත්මක හැඩගැස්මත් නිසාය. ඔවුන් එයට විසඳුම ලෙස ඉදිරිපත් කරන්නේ කාන්තාවන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව ඇති සියලු හැඩගැසීම් ඉවත් කර පිරිමිකම් ඇඟට ආරූඪ කරගැනීමයි. මෙරට කාන්තා සමාජයම් තේරුම්ගතයුතු වැදගත් දේයද එයයි. බටහිර යුදෙවු කාන්තා විමුක්තියේ මෙරට අනුගාමිකයින්ට ඇත්තේද බටහිර කාන්තා විමුක්තිවාදීන්ගේ න්‍යායපත්‍රයම වේ. ඔවුන්ට අවශ්‍ය කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න තව තවත් උග්‍ර අතට හරවමින් එම ප්‍රශ්න වලට වැරදි අර්ථකථන දී තම යටි අරමුනු කරා යෑමටය. අප මින් පෙරද පෙන්වා දුන් ආකාරයට කාන්තාවන්ට ඇති හැබෑ ප්‍රශ්නය ඔවුන්ට වැදගත් වන්නේ ඔවුන්ගේ යටි අරමුණ කරා යන ගමනේදී එහි දුෂ්ඨ බව වසාගනිමින් බොරු අහින්සකකමක් පෙන්වා අවශ්‍ය කඩඉම පැනීමට පමණි. ඔවුන්ගේ යටි අරමුණ වෙන යමක් නොව බටහිර මෙන් මෙරට ජන සමාජයද ලිංගිකත්වය අනුව දැඩි ව්‍යාකූලත්වයකට ඇදදමා සමලිංගික විකුර්ති කාමුකත්වයටද පිළිගැනීමක් අත්කර දීමයි. එයට ඇති ලොකුම බාධකයක් වන්නේ මෙරට කාන්තාවන් ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව දක්වන සමාජීය හැඩගැස්මයි. කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න හොරකම්කරගන්නා ඊනියා කාන්තා විමුක්තිවාදීන් ප්‍රශ්න වලට අවසන් විසඳුම ලෙස යෝජනා කරන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් නැති කිරීමත් ලිංගිකත්වය ව්‍යාකූල කර සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමත්ය.
                           මේ සියලු අභියෝග හමුවේ එකකට එකක් පටලවාගත් ගැටලු රාශියක්ට මුහුණ දෙන්නේ රටත් සමාජයත් පිරිමි ජනගහනයත් පමණක් නොවේ, ස්ත්‍රීත්වය හා මාතෘත්වය අනුව හැඩගැසුනු කාන්තා සමාජයත් ඒ ප්‍රශ්න වලින්ම පීඩාවට පත්වෙයි. මේ අභියෝග සියලු දෙනා එක්ව ජයගතයුතුවන්නේ විචාර බුද්ධියට ඉඩ දෙමිනි. එහිදී ලිංගිකත්වය මත පදනම්වන සමාජීය කුහකත්වය නම් ව්‍යාධිජනකයා පළමුව හඳුනාගතයුතු අතර එය නැතිකර දැමියයුතුය. මෙහිදී යුදෙවු කුහකත්වයන් මත පදනම් වන බටහිර කාන්තා විමුක්තිය වැනි විකුර්ති මතවාද අප විසින් පයින් ගසා ඉවතදැමියයුතුය. ඉන්පසුවට අප අපට ආවේනික මෙන්ම රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ටත් එම අදහස් හා මතවාද වලටත් මුල් තැනක් ලබාදියයුතුවේ. ඒ හා සමගාමීව කළයුතු තවත් දෙයක් වන්නේ මෙරට සමාජය තුලද තිබෙන ලිංගිකත්වයේ ස්වභාවයට ගරහමින් බොරු වැදගත් කමක් ආරූඪ කරගන්නා කුහක හා ව්‍යාජ ගුණයහපත්කම් ඉවත ලා ලිංගිකත්වය හා බැඳුනු අපට හුරු පුරුදු වූ සැබෑ වටිනාකම් ඉදිරියට ගතයුතුය.
                         කුහක බටහිර කාන්තා විමුක්තිය පළමුව ප්‍රතික්ෂේප කළයුත්තේ මෙරට ස්ත්‍රීත්වය හා මතෘත්වය අනුව හැඩගැසුනු බුද්ධිමත් කාන්තාවන්ය. ලංකාව යනු බෞද්ධ රටකි. බෞද්ධයන්ට ලොව සෙසු ජනකොටස් වලට සාපේක්ෂව සොබාදහමේ යහගුණයන් සමාජයට අවශෝෂනය කරගනිමින් යමක සැබෑ ස්වරූපය සමග එකට සිටීමේ හැකියාවක් තිබේ. බෞද්ධ ජනයාට ලිංගිකත්වය සම්බන්ධයෙන් වුවද එහි පවතින ස්වභාවය බලෙන් වෙනස් කිරීමට අවශ්‍ය නැත. බෞද්ධ සමාජය තුල ස්ත්‍රීත්වයටත් මාතෘත්වයටත් නිසි වටිනාකම ලැබී ඇත. කාන්තාවන් බලෙන් පුරුෂකරනය කරන බටහිරයුදෙවු කුහකත්වය්න්ගේ හා බොරු නූතනත්වයේ අනුගාමිකයන් වීමට අපට අවශ්‍ය නැත. අපේ අතීත සමාජයේ මවුපියන් දරුවන් හැදීමේදී ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුන් මනා හැඩගැස්වීමක් කළේ අහේතුවකට නොව මිනිස් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය ගැන සවිඥ්ඥානික බවක් තිබූ නිසයි. එකළ ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍රගත වන ලෙස හැඩගැස්වීම ගැටලුවක් නොවුනේ ස්ත්‍රීත්වය සමාජයේ අනිවාර්‍ය දෙයක් බව කවුරුත් විවුර්තව පිළිගෙන තිබූ බැවිනි. එකළ පියවරුන්ට තමන්ට පිරිමි දරුවන් නොසිටියත් ගැහැනු ළමුන් පිරිමි ආරයට හැඩීමේ අවශ්‍යතාවයක්ද නොතිබුණේ ලිංගිකත්වය අනුව සමාජයේ පැවතියයුතු සමබරතාවය කුමක්ද යන්නත් එය මිනිස් සංහතියේ පැවැත්මට කොපමණ වැදගත්ද යන්නත් ඔවුන් හොඳින් දැනසිටීම නිසාය. අපේ අතීත සමාජයේ තිබූ ලිංගිකත්වයට අදාල ඉතා නිවැරදි වටිනාකම් මේවායි. ස්ත්‍රී පුරුෂ කායික හා මනෝවිද්‍යාත්මක අනුවර්තනත් ලිංගික ගැලපීමුත් අදටත් අපට වටිනා දේ මිස ලිංග භේදය එපා යැයි කියමින් කරන විකාරත් සමලිංගිකත්වයත් අපට කොහෙත්ම වැදගත් නැත.
                              
  ලිංගිකත්වය මත පදනම් වන මෙකළ සමාජීය ගැටලු නිරාකරනය කිරීමේදී පළමුව බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයා හඳුනාගතයුතුය. රටේ බහුතර ජනකොටසට එරෙහිව සුලුතර ජනකොටස් මෙහෙයවන එමෙන්ම ජාතිකත්වයට එරෙහි විෂබීජ රටවැසියාගේ මනසට කාවද්දන, එකම පවුලේ සැමියාට එරෙහිව බිරිඳ මෙහෙයවන, මවුපියන්ට එරෙහිව දරුවන් මෙහෙයවන, සහෝදරයාට එරෙහිව සහෝදරිය මෙහෙයවන හා ස්ත්‍රී පුරුෂ වෛරය ගොඩනගා පවුල් අවුල් කරමින් සමාජයම ලෙඩ කරවන ව්‍යාධිජනක බලවේගය මෙයයි. කාන්තා විමුක්තිය නමින් සමාජ ප්‍රශ්න වලට මුවාවී බොරු අහින්සකකමක් පෙන්වමින් වැඩෙන්නේ නූතන යටත්විජිතවාදයේ ප්‍රධාන අංගයක් වන මේ බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණික බූවල්ලාගේම තවත් එක් අන්ඩකි මේ.
                
             මේ කුහක ව්‍යාධිජනක මතවාදය සැමවිට ලිංගිකත්වයේ සමාජීය කුහකත්වයන් තම රැකවරනය වෙනුවෙන් භාවිතා කරයි. බටහිර කාන්තා විමුක්තියේ අනුගාමිකයින් දැනුම තාක්ෂ්ණය ආදිය සමග ඔවුන්ගේ මේ විකුර්ති මතවාදය කලවම් කර සමාජගත කිරීමට උත්සහ දරන ආකාරයද අප දැක ඇත්තෙමු. ඔවුන් ලෝකයේ වෙනස් වීම හා දියුණුව මැනීමේ ප්‍රධාන මිනිම්දණ්ඩ බවට පත්කරගන්නේද මේ ව්‍යාධිජනක මතවාදයය මත පදනම් වන ආකල්පයි. මේ ව්‍යාජ ප්‍රතිරූපධාරීන්ට තවත් මේ රටත් සමාජයත් ඔවුන්ගේ කුහක මතවාද වලින් මුලා කිරීමට ඉඩ නොදියයුතුය. අනෙක ඔවුන්ගේ මෝඩ අදහස් වලට වැඳුම් පිදුම් කිරීමට අපද මෝඩයන් වියයුතු නැත. දැන්වත් අප කළයුත්තේ රටට ආවේනික මතවාද බලගන්වමින් මේ රටට ගැලපෙන අදහස් ඇත්තවුන්ට නිසි තැනක් ලබාදීමත්, ඒ ඔස්සේ අපට ආවේනින ඉදිරි ගමනක නිරතවීමත්ය. මේ වැඩපිළිවේලේදී ලිංගිකත්වයට අදාලවන මෙරට සමාජයේ නිවැරදි වටිනාකම් ඉදිරියට ගැනීමද අනිවාර්‍ය ලෙස වියයුත්තකි. මාතෘත්වය, පීතෘත්වය හා ඒ වටා පිහිටන ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ තිබෙන සියලු විශේෂනයන් හා හැඩගැසීම් ඇතුලු සොබාදහමට අනුකූල වන විශම ලිංගිකත්වය වටා ගොඩනැගී ඇති ලිංගික ජීවන රටාවක් පිළිගැනීම එහිදී ප්‍රධාන වේ. මේ සියල්ල කිරීමේදී ස්ත්‍රීත්වය හා මාතෘත්වය අගයන හා ඒ තුල නිසි හැඩගැස්මක් ඇතිව ජීවත් වන ස්වභාවික හැඟීම් දැනීම් හා සංවේදීතාවයන් ඇති කාන්තා සමාජයට කිරීමටද යම් වැඩ කොටසක් තිබේ. එහි පරධානම භාරදූර වගකීම වන්නේ කුහක බටහිර යුදෙවු කාන්තා විමුක්තිය සමාජයෙන් මුලිනුපුටා දමා රටත් ජාතියත් සුවපත් කිරීමයි. සමාජය මේ ලෙඩින් සුවය ලැබූ පසු අපට ආවේනික ඉදිරිගමන ගැනද කරදරයකින් තොරව සිතියහැක.

13 comments:

  1. නියම ලිපියක් .කාන්තා දිනය වෙනුවෙන් මමත් ලිපියක් පලකලා. ඔයාගෙ ඉමේජ් හරි අපූරුයි.මමත් එකක් ඔන්න හොරාගන්නවා.හෙහෙ හෙහෙ

    ඇත්තටම ස්ත්‍රීවාදී විශබීජවලින් ආරක්ෂා වීමට නම් අපේ කාන්තාවන් දනුවත් විය යුතුයි.ඔබේ වෙහෙස අගය කරනවා.

    ReplyDelete
  2. කාලෙකට පස්සේ කියවපු අනර්ඝ ලිපියක්. උඹට බොහොම ස්තුතියි මේක පලකළාට. ඔය කාන්තා විමුක්තිය පිටිපස්සේ ඉන්නේ ගොඩක් කාන්තාවන් නෙවෙයි පිරිමින්. උන්ගෙන් සමහරු කොලුකාරයෝ. මේ වගේ විකාර තමයි දකින්න තියෙන්නේ.

    ReplyDelete
  3. ගොඩක් දේවල් කියන්න යන්නේ නෑ ප්‍රතිවාදියා අයියේ. ලිපියනම් ඉතාම ඉහලයි මමත් මේ ගැන ලිපියක් දැම්මා ඒකත් බලන්න.කාන්තා දින සැමරීම මායාවක් විතරයි.

    ReplyDelete
  4. මේ ලිපිය පුරාවටම තියෙන්නේ කාන්තාවන් ගැන සම්ප්‍රදායික පිරිමින්ගේ බොල් මතය විතරයි. නූතන කාන්තාව කියන්නේ පුරුෂාධිපත්‍යයෙන් එල්ලවන අභියෝග පවා ජයගන්න පුලුවන් පිරිමින්ට යටත් නැති කෙනෙක්. ඒ අයට පිරිමින්ගේ කාම අවශ්‍යතා සන්තර්පනය කරමින් ළමයි වදනවට වඩා කරන්න බොහෝ දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට තියෙන මානසිකත්වය අප හඳුනාගත්තේ බොහෝ කළකට පෙරයි. ඔබ සම්ප්‍රදායික කියලා කියන්නේ ඔබට අවශ්‍ය දේට විතරයි. ඔබ සම්ප්‍රදායික කියන වචනේ භාවිතා කරන්නේත් අවස්තාවාදීව. ඔබේ අවස්ථාවාදී සම්ප්‍රදායික අර්ථ නිරූපනයට ස්ත්‍රී දූෂ්ණ වගේ සම්ප්‍රදායික වචන අයිති වෙන්නේ නෑ නේද? ඒ වගේ තැන්වලදී ඔබ වැනි අය ඒ වචන මත එල්බගෙන සම්ප්‍රදායිකකම ඇතුලටම බැහැලා එහි පතුලටම යන හැටිත් අපි දැකලා තියෙනවා. ඔබ මෙතන කියනවා අභියෝග ජයගතහැකි පිරිමින්ට යටත් නැති කාන්තාවන් ගැන . එහෙනම් ඒ අයට තනියම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න බැරි ඇයි. මොකද කාන්තාවන් පුරුෂධිපත්‍යට යටත් නැත්නම් හැම විට පුරුෂාධිපත්‍ය නීති වල පිහිට පතාගෙන එන්නේ යම් අපහසුතාවයකට පත්වෙනකොට.

      Delete
    2. ඔය පිරිමින්ට යටත් නැහැයි කියන අභියෝග ජයගන්නවයි කියන කාන්තාවන්ව ඒ විදිහට හසුරුවන්නේ තවත් පිරිමින් පිරිසක්ම නේද? එතකොට එතනදි ඔය අභියෝග් අ ජයගන්නවයි කියන ගෑනු ඒ ටික කරන්නෙත් පිරිමින් යටතේමනේද?

      Delete
  5. ඔබ ස්ත්‍රීත්වය හැටියට මෙතන හඳුන්වන්නේ පිරිමින්ගේ කාමුකත්වයට අනුබල දෙන ඒ වෙනුවෙන් ජීවිතය ගෙවන ළමයි වදන එකෙන් තොර ජීවිතයක් නැති සම්ප්‍රදායික මෝඩකම නේද? ඒවට අනාගතයේනම් ඉඩ නෑ. අප ජීවත් වන්නේ 21 වන සියවසේ. සම්ප්‍රදායික ගෘහණියන් පුරුෂාධිපත්‍ය තුල හිරවන මෝඩ ගෑනුන් ළමයි වදන එකෙන් එහාට යමක් හිතන්න බැරි මවුවරුන් ගැන බයිල ගහලා වැඩක් නෑ.නූතන කාන්තාවන්ට අද ලෝකේ මීට වඩා දේවල් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන බටහිර යුදෙවු නූතනත්වයේ බොරු බේගල් වලට වඩා සම්ප්‍රදායිකකම සොබාදහමට පවා හොඳින් ගැලපිලා තියෙනවා. සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඔබ වැනි 21 වැනි සියවසේ උද්දච්ච මෝඩ කාන්තාවිමුක්තිවාදීනට වඩා තමන්ගේ පැවැත්ම ගොඩනගාගන්නවා. ඒ අයට අභියෝග කරන්න බොරු 21 වන සියවසේ ලිංගික මනෝවිකාර වලින් නූතනත්වය දකින කාන්තා විමුක්තිවාදීන්ට බෑ.

      Delete
  6. noothana kanathawanta katin pada arinna puluwan

    ReplyDelete
  7. ඔබේ ලිපිය සම්පූර්නයෙන්ම කියෙව්වා.මට මේ සටයිල් එක තේරුම් ගන්න අමාරු වුනා. කොහොම වුනත් ලිපියෙ කියල තියන කතාව ඇත්ත. ඒත් දැන් මේක ආපහු හරවන්න පුළුවන් වෙයිද? රට විනාශ මුඛයට දාල මේ කාන්තා විමුක්තිකාරයො

    ReplyDelete
    Replies
    1. උන්ට ඉතිරි ටිකත් කරන්න ඉඩදීල බලාගෙන ඉන්නත් පුලුවන් කමක් නෑ.

      Delete
  8. me site eka karana ekata manasika ledak da? yako ganunta ganunge wadak kara ganna dila ubage wadak bala ganin uba.kaanthaawanta ayithiyak nadda nidahase jiwath wenna? thope thiyena manasika lede hoda kara ganin nikam anith minissunge kale nasthi nokara

    ReplyDelete
  9. මානසික ලෙඩ්ඩු අපි නෙවෙයි තමන්ගේ පයියවල් කෙලින් කරගන්න ඕන වෙනකොට ලස්සන ගෑනු ඕන වෙලා වැඩේ අහවර වෙලා බඩු ටික ගියාට පස්සේ පිරිමි වගේ යකඩ ගෑනුන්ගේ හපන්කම් ගැන කතා කරන උඹල වගේ කුහකයො. ගෑනුන්ට ගෑනු විදිහට ඉන්න දෙන්න කියල තමයි අපිත් කියන්නේ. ගෑනුන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙන්නේ තොපි වගේ පයිය කෙලින් කරගන්න ඕන වෙනකොට ස්ත්‍රීත්වය හොයන්නයි වැඩේ කරගෙන බඩු යවාගත්තට පස්සේ ගෑනුන්ට පිරිමිකමක් ආරෝපනය කරල බොරු කන්තාවිමුක්ති ප්‍රලාපයි දොඩවන මූසල මල පෙරේතයො නැති වෙච්ච දවසටයි. තොපි වගේ කුහක පිරිමින්ගෙන් මට ගෑනු ගැන ඉගෙනගන්න ඕන නෑ. මම ලිපියෙන් පෙන්වලදෙන කාරනා එකකටවත් උඹට හරි තර්කයක් ඉදිරිපත් කරන්න බෑ. උඹේ කතාවේ තියෙන්නේ තනිකර කුහකකමේ වෛරය පිරිච්ච තර්කයක් නැති බොල් වචන ටිකක් විතරයි. පුළුවන්නම් ලිපිය හරියට මුල ඉඳල අගට කියවලා තේරුම්ගනින් මොකද්ද මම පෙන්වල දීල තියෙන්නේ කියලා. එහෙම කරලා පුළුවන්නම් තාර්කික උත්තරයක් දීපන්. බැරිනම් දන්නේ නැති මගුල් කතා නොකර පලයන් යන්න පවු නොදී.

    ReplyDelete