Saturday, February 22, 2014

අපගේ බ්ලොග් පිටුව අයතා ලෙස පරිහරනය කරන්නන් ගැන අප වෙත දැනුම් දෙන්න.

මේ දැනුවත් කිරීම අප විසින් කරනු ලබන්නේ මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කරගනිමිනි. ඒ එකක්නම් අප විසින් බටහිර කාන්තා විමුක්තිවාදය දිගින් දිගටම විවේචනය කිරීම හරහා එය නොරිස්සූ මෙම මතවාදයේ මෙරට නියෝජිතයන් අප බ්ලොග් පිටුව හොර පාරෙන් ගොස් ඔවුන්ට සුපුරුදු වංචනික  ආකාරයට වාරනයට ලක්කිරීමට උත්සහ දැරීමයි. ඔවු එය කිරීමට උත්සහ දැරුවේ සෙසු ජනමාධ්‍ය ඔවුන්ට දක්වන පක්ෂපාතීත්වය අන්තර්ජාලය තුලද ඒ අයුරින් තිබියයුතු යැයි ඔවුන්ටම ආවේනික උද්දච්ච ස්වරූපයෙන් නිගමනය කරමිනි. එහිදී ඔවුන් අප කළ විවේචන දිරවාගත නොහැකිව අපට චෝදනා කළේ "කාමුක සල්ලාලයන්" කියමිනි. ඒ හැර ඔවුන්ට අප අපගේ බ්ලොග් අඩවියෙන් මතුකර තිබූ තර්ක වලට නිසි පිළිතුරු ලබා දීමට හැකියාවක් නොතිබිණි. ඒ වෙනුවට දක්නට ලැබුනේ "කාමුක සල්ලාලයා", දේශපාලන බත් බැලයා" ආදී ද්වේශ සහගත වචන ප්‍රහාර පමණක් විය.
                    මෙහිදී ඔවුන් තර්ජනාත්මකව අපගේ බ්ලොග් අඩවියට කමෙන්ට් දමමින් කියා සිටියේ නීතියේ ආරක්ෂාව ඔවුන් සතුවන බැවින් අප අනතුරට පත් කිරීමේ හැකියාව ඔවුන්ට ඇති බවයි. ඒ තවත් සිද්ධියකි. එතැනදිද නීතියේ ආරක්ෂාව ඔවුන් සතු යැයි කියමින් ඔවුන් අපට ඇඟවූයේ නීතිය ඔවුන්ට පක්ෂපාතීව හසුරුවාගත හැකි බව හා එමගින් අපට එරෙහිව ඔවුන්ගේ මතවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළහැකි බවකි. ඇත්තෙන්ම මෙහි ප්‍රායෝගික බවක් නැත. මේ තුල දක්නට ලැබුණේද සත්‍ය පිළිගැනීමටත් විවේචන භාරගැනීමටත් ඔවුන්ට තිබෙන නොහැකියාව හා සියල්ලට වඩා ඉහවහා ගිය උද්දච්චකමය. ඔවුන්ට එසේ කිරීමට ඇතැම් විට චන්ද්‍රිකා කුමාරතුන්ග යටතේ හෝ එක්සත් ජාතික පක්ෂය යටතේ ආණ්ඩුවක් තිබුණේනම් හැකිවීමට ඉඩ තිබුණි. ඒ දේශපාලන බලය නීතියටත් උඩින් ක්‍රියාත්මක කරමින් විජාතික බලවේග වලට ගැතිකම් කරමින්ය.
                 ඔවුන්ට අනුව බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදය කොන්දේසි විරහිතව පිළිගනිමින් සියලු දෙනා ඊට ගරු කළයුතු විනා එය විවේචනය කිරීම තහනම්ය. සේ එය විවේචනය කිරීම ඔවුන්ට අනුව දඬුවම් ලැබියහැකි වරදකි. ඒ බටහිර යුදෙවු කාන්තා විමුක්ති මතවාදී ආක්‍රමණිකයා උඩඟු කමෙන් උද්දාමයට පත් වී ඇති තරමයි. මේ පිරිස තව දුරටත් කියා සිටියේ අපට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවකි. මෙහි පදනම ඔවුන් කියන්නේද නැත. ඔවුන්ට අනුව බටහිර කාන්තා විමුක්තිවාදය අන්තර්ජාලය තුල විවේචනය කිරීම සයිබර් අපරාධයකි. ඔවුන් අපට තර්ජනය කිරීමේදී අප සයිබර් අපරාධකරුවන් හැටියට හැඳින්වීමට උත්සහයක්ද ගෙන ඇත. ඒ කාන්තා විමුක්තිය ගැන අප කළ විවේචන දිරවාගත නොහැකු වූ බැවිනි.
                      ඔවුන් මෙහිදී අබ බ්ලොග් පිටුව කෙසේ හෝ කෙනෙකුගේ චෝදනාවකට ලක්වන ආකාරයට එය අයතා ලෙස පරිහරනය කිරීමටද උත්සහ කර ඇත. ඒ අපගේ බ්ලොග් අඩවියේ නම භාවිතා කර වෙනත් බ්ලොග් වලට අශීලාචාර කමෙන්ට් දමමිනි. මෙය කෙසේ හෝ වැලැක්වියයුතුය. අපගේ බ්ලොග් ලිපිනය භාවිතා කරමින් වෙනත් කෙනෙකු අනුන්ගේ බ්ලොග් වලට අප ගැන වැරදි වැටහීමක් ඇතිවන ආකාරයට කමෙන්ට් දමයිනම් එයද බරපතල කාරනයකි. අපද කියන්නේ මේ අයුරින් අපගේ බ්ලොග් අඩවිය අයතා ලෙස පරිහරනය කරන්නට කවරෙකු හෝ උත්සහ කරන්නේනම් ඒ ගැන දන්නා අය අපට දැනුම් දියයුතු බවයි. අපගේ බ්ලොග් අඩවියට හා ඊ මේල් ගිනුමට මේ ව්‍යාධිජනක මානසිකත්වයකින් පෙලෙන පිරිස හොරෙන් ඇතුල් වීමට උත්සහ කර ඇත්ද යන්නත් අප සොයා බලන්නෙමු.
             තවත් එක් පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍යය. එනම් අපට අපගේ විරුද්ධවාදීන්ට තර්ජන ගර්ජන කිරීමට අවශ්‍ය නැත. අපට බටහිර යුදෙවු කාන්තා විමුක්තිවාදයේ අතාර්කික බවත් ප්‍රායෝඅගික නොවන බවත් එහි ඇති මුග්ධ බව හා අත්තනෝමතික බවත් ගැන තාර්කිකව හා විචාරශීලීව කරුනු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එමෙන්ම අප මේ බ්ලොග් පිටුව ආරම්භයේ සිට විචාරශීලීව මේ කාන්තා විමුක්තිවාදයේ නියම ස්වරූපය වගකීමෙන් යුතුව අප පාඨකයාට පෙන්වා දුන්නෙමු. අප මින් ඉදිරියටද එය ඒ ආකාරයෙන් කරන බව කීමට කැමතිය. අපට බටහිර කාන්තා විමුක්තියේ වසුරු ගිලින්නන් ගැන තැකීමක් කිරීමට අවශ්‍ය නැත. රටත් පොදූවේ අප සමාජයත් ලෙඩ කරමින් විෂ බීජයක් ලෙස පැතිරීමට උත්සහ දරන බටහිර කාන්තා විමුක්තිය ගැන කරුණු අනාවරනය කරමින් සියලු දෙනා දැනුවත් කිරීමේ වගකීම අප ඉටුකරන්නේ බටහිර කාන්තා විමුක්තියේ මෙරට නියෝජිතයන්ගේ පුස් වෙඩි ගනනකට නොගෙනය. අප නැවතත් කියන්නේ අපගේ බ්ලොග් ලිපිනය භාවිතා කරමින් වෙනත් බ්ලොග්කරුවෙකුට හෝ වෙබ් අඩවියකට අයතා කමෙන්ට් දැමීම් හෝ තර්ජනය කිරීම් සිදුවන්නේනම් ඒ ගැන පහත ඊ මේල් ලිපිනයෙන් අපට දැනුම් දෙන්න කියන කාරනයයි. එමෙන්ම මේ කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකින් අපේ ගමන නැවැත්වීමට විජාතික මතවාදී ආක්‍රමණිකයාට නොහැකි බවද අප තරයේ මතක්කර දෙන්නෙමු.


prathiwadhiya@gmail.com
 

No comments:

Post a Comment